ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

ලෝක උරුම කඳුවැටිය සංචාරක හෝටල් පුරයක් වන ලකුණු....

දුම්බර බද්දට දී මුඩුබිමට දත නියවීම
අන්තර්ජාලයේ ගූගල් වෙබ් අඩවිය හරහා දුම්බර හෙවත් නකල්ස් වනාන්තරයේ හෝටල් පිළිබඳව තොරතුරු සෙවීමේ දී එම තොරතුරු සඳහන් වෙබ් අඩවි 258000ක් තිබෙන බව සඳහන් විණි. මේ අනුව පෙනෙන්නේ දුම්බර කඳුකරය සංචාරකයන් අතර කෙතරම් ජනප‍්‍රිය පාරිසරික සංචාරක ඉසව්වක් වී ඇත් ද යන්නය. ශ‍්‍රී ලංකිකයන් මෙන්ම විදේශීය සංචාරකයන් ද මේ සුන්දර පරිසරයේ පහස විඳ ගැනීමට ඉමහත් කැමැත්තක් දක්වති’ එහෙත් එ් කැමැත්තම මේ වටිනා වනාන්තරයේ අවසානය ළඟා කරවීමට සමත්ව ඇති බව පෙනේ. අප වසර කිහිපයකට පෙර මීමුරේට ගොස් නවාතැන් ගත්තේ එහි පාසල් ගොඩනැගිල්ලක හෝ විහාරයේ ය. එහෙත් අද මීමුරේත් සංචාරක නවාතැන්පලවල් තිබෙන බව අන්තර්ජාලයේ සඳහන්ය. මීමුරේට පමණක් නොව සංචාරක හෝටල් මේනියාව දුම්බර සෑම ප‍්‍රදේශයකටම පාහේ බලපා තිබේ. කලදුටු කල වළ ඉහ ගන්නා අපේ ඇත්තෝ සාක්කු තරකර ගැනීමට දුම්බර පරිසරය යකාට දමා හෝටල් හැදීමට මාන බලති’ මේ වනවිටත් හෝටල්  රැුසක් මෙහි සංවේදී පරිසර කලාපයේ ඉදිකර හමාර ය. එ්වා ඉදිකර ඇත්තේ පරිසර බලපෑම් පිළිබඳව සලකා නොවේ’ හුදෙක් ලාභය පිළිබඳව සැලකීමෙන් පමණි.

මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් වෙත ගිය අපට දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල වශයෙන් සැරිසරනු දක්නට ලැබුණි. මේ අතරින් බහුතරයක් දිනකින් පැමිණ දුම්බර සුන්දරත්වය විඳ යන්නෝ වෙති. එ් අතර සමහර සොබාදම් රසිකයෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉලූක්කුඹුර හෝ ඞීන්ස්ටන් සංචාරක මධ්‍යස්ථානවල නවාතැන් ගෙන මේ පරිසරය විඳ ගනිති. නැතහොත් කඳවුරු බිමක රාත‍්‍රිය ගතකරති. එයට අමතරව සංරක්ෂණ කලාපයට හානි නොවන කුඩා පරිමාණ හෝටල් කිහිපයක් ද මේ කඳුකරයේ දැකගත හැකි ය. මේ පරිසරය අනතුරට ලක්වන්නේ සංවේදී කලාපයේ ඉදිකර ඇති හෝටල රැුසක් නිසා ය. එ්වා වෙන්ව ඇත්තේ සාමාන්‍ය සංචාරකයන්ට නොව ඉහළ මිලක් ගෙවිය හැකි ධනපතියන්ට සහ විශේෂයෙන් විදේශිකයන්ට ය.

මෙම පරිසර පද්ධතියේ ප‍්‍රධාන බලධාරියා වශයෙන් සැලකෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පිටවල පතනේ තොරතුරු මධ්‍යස්ථානයක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරමින් තිබේ.  ඉතා සියුම් පරිසරයක් පවතින එම ස්ථානයටම පමණක් ආවේණික ජීවීන් වාසය කරන පිටවල පතනට මෙවැනි විශාල ඉදිකිරීම් හානිකර බව අමුතුවෙන් කිවයුතු නෙවේ.
මෙම වනාන්තරයේ     රැුකවරණයට සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ( නකල්ස් සංරක්ෂණ වනාන්තරයසහ මධ්‍යම පරිසර අධිකාරිය ( නකල්ස් පරිසර ආරක්ෂණ ප‍්‍රදේශය* මෙම හෝටල් ඉදිකිරීම ගැන මුනිවත රැුකීම ගැටලූසහගත ය. මෙසේ පරිසරයට අහිතකර බලපෑම් ඇතිවන ආකාරයට හෝටල් ඉදිවන ප‍්‍රදේශ ලෙස ගීරිස්වත්ත, කොස්ගොල්ලවත්ත, කෝබට් කපොල්ල ගෝනමඩවත්ත, පතන හා සුදුගල යන ප‍්‍රදේශ දැක්විය හැකි ය. මේවා නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීමට නියමිත ප‍්‍රදේශ ය. 
රත්තොට- ඉලූක්කුඹුර මාර්ගයෙන් හැරී කි.මී. 8ක් දුරින් වනගතව පිහිටා ඇති සුදුගල ප‍්‍රදේශයේ හෝටලයක් ඉදිකර ඇත්තේ හිටපු ගුවන් හමුදා ප‍්‍රධානියෙකි. මේ ඉඩම ද ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අනුව ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් විසින් පවරා ගැනීමට නියෝග නිකුත් කළ ඉඩමකි. මේ හෝටලයට ප‍්‍රවේශ වීමට වනාන්තරය හරහා මාර්ගයක් ද ඉදිකර තිබේ. 
පිටවල ගෝනමඩවත්තේ ඉදිකළ හෝටලයක් හා එ් අවට ඉඩම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීම අත්හිටුවීමට බලපෑම් කර ඇත. එයින් පෙනෙන්නේ මේවායේ හිමිකරුවන්ගේ දේශපාලන බලපුළුවන්කාරකමයි. හුන්නස්ගිරිය ප‍්‍රදේශයේ ගීරිස්වත්තේ තෙමහල් හෝටලයක් ඉදිකර ඇත්තේ විදේශිකයෙකි. ජාන මංකොල්ල කෑම පිළිබඳ සාක්ෂි නිතර අසන්නට ලැබෙන මෙවන් යුගයක විදේශිකයන් මේවායේ කුමන දේවල් කරනු ඇත්දැයි සැකසහිත ය. පිටවල ගෝනමඩවත්තේ පිහිටි තවත් හෝටලයක්ද නකල්ස් වනාන්තරයට හිසරදයක් වී ඇත.
මෙසේ සඳහන් කළේ දුම්බර නවාතැන්පළවල් කිහිපයක් පමණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ දේශපාලන බලපෑම් නිසා මේවාට සෘජුව එරෙහිවීමට අපහසු වන්නට ඇත. එහෙත් දේශපාලනයට රටේ අනාගතය බිල්ලට දියයුතු ද යන්න පැනයකි. මේ නිසා අනාගතයේ දී දුම්බර පාරිසරික උරුමයක් වෙනුවට සංචාරක හෝටල් පුරයක් වීමටද ඉඩ ඇත. හැබැයි එවිට නැරඹීමට දෙයක් නැති නිසා දුම්බරට සංචාරකයන් නම් නොඑනු ඇත.
දුම්බර වනාන්තරයේ දැැකගත හැක්කේ ඉතා සංවේදී පරිසර පද්ධතියකි. එය පරිසර විද්‍යාඥයන් හඳුන්වන්නේ අනෙක් පාරිසරික කලාපවලින් ස්වභාවිකව වෙන්වූ පරිසර ¥පතක් ලෙසිනි. මෙම කඳුවැටිය මධ්‍ය කඳුකරයේ  උතුරු ප‍්‍රදේශයේ පිහිටා තිබුණ ද ගැඹුරු මහවැලි නිම්නය නිසා අනෙක් ප‍්‍රදේශවලින් වෙන්ව පැවැතීම එයට හේතුවයි. මේ නිසා මෙහි සත්ව හා ශාක විශේෂ වසර ලක්ෂ ගණනාවක් තිස්සේ අනෙක් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වීමට නොහැකිව හුදෙකලාව පරිණාමය වී ඇත. මේ නිසා වනාන්තරයටම විශේෂ වූ ලක්ෂණ සහිත ශාක සහ සත්ව ප‍්‍රජාවක් බිහිවී තිබේ. මෙහි ආවේණික ශාක සහ සත්ව විශේෂ සංඛ්‍යාව ඉහළ යාමට ද එ් කරුණ බලපා ඇත.
දුම්බර කඳුවැටිය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක ස්වභාවික උරුමයක් ලෙස 2010 දී ප‍්‍රකාශයට පත් කෙරුණි’ ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්තවීම සහ ප‍්‍රදේශයටම ආවේණික දුලබ ශාක සහ සත්ව විශේෂ රැුසකට නිවහන වූ උණුසුම් ස්ථානයක් වීම එහිදී සලකා බලා ඇති අතර එ් සමගම දුම්බර කඳුවැටියේ පරිසරයට ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් ලැබෙන්නට පටන් ගෙන ඇත’ විදේශිකයන් වැඩිපුර එන්නට පටන් ගෙන ඇත. එයම දුම්බර විනාශයට වක‍්‍ර අයුරින් දායකවන්නේ නම් මහා ඛේදවාචකයක.
කඳුවැටියේ ආරක්ෂාව සඳහා මුලින්ම නීතිමය ප‍්‍රතිපාදන පැනවූයේ ඉංග‍්‍රීසි පාලන සමයේ දී. එනම් වර්ෂ 1873 දී ය. 1987 දී ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නකල්ස් කඳු ප‍්‍රදේශයේ සංරක්ෂණය ඉහළ නැවීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කෙරුණි. එම කටයුතු නිමවීමෙන් පසු වර්ෂ 2000 අපේ‍්‍රල්වලදී මෙහි ජෛව විවිධත්වයෙන් වඩාත් සංවේදී හෙක්ටයාර් 17500ක් පමණ සංරක්ෂණ වනාන්තරයක් බවට පත් කෙරිණි. එහි ස්වාරක්ෂක කලාපය වශයෙන් තවත් බිම් තීරුවක් වෙන් කෙරුණි. මෙම සංරක්ෂණ වනාන්තරය ප‍්‍රකාශ කෙරුණේ 1907 අංක 16 දරන කැලෑ ආඥ පනතට අනුව 1995 අංක 23 දරන සංශෝධිත පනතිි. එ් අනුව 2000 මැයි 5 දින අංක 1130/ 22 දරන ගැසට් නිවේදනය නිකුත් කෙරිණි’ 
මෙම සංරක්ෂණ වනාන්තරය තුළ පෞද්ගලික ඉඩම් සහ වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර් 2000ක් පමණ ද පවතී. එ්වා ක‍්‍රමයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සිදුවේ. එහෙත් රජයේ බොහෝ කටයුතු මෙන්ම මෙම පවරා ගැනීම් ද සිදුවන්නේ මන්දගාමීවය. වන්දි ගෙවීම් ද ප‍්‍රමාදය. මේ අර්බුදකාරි තත්ත්වය ද ඉහත සඳහන් පරිදි පවරා ගැනීමට යෝජිත ඉඩම්වල හෝටල ඉදිකිරීමට බලපා  තිබේ. 
දුම්බර කඳුකරය මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවලට අයත්ව හෙක්ටයාර් 21000  ක භූමි ප‍්‍රදේශයක පැතිර තිබේ. එහි විශාලත්වය වර්ග කි.මී.  180කි. මෙයින් 1/3ක් මාතලේ දිස්ත‍්‍රික්කයට ද 2/3ක් මහනුවර දිස්ත‍්‍රික්කයට ද අයත් වේ. මහනුවර දිස්ත‍්‍රික්කයේ උඩදුම්බර, පාතදුම්බර, මිනිපේ, පන්නල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතලේ දිස්ත‍්‍රික්යේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම, විල්ගමුව ප‍්‍රා. ලේ. කොට්ඨාසවලටයත් මෙම කඳුවැටිය අයත් ය. 
දුම්බර කඳුකරය මධ්‍ය කඳුකරයේ ඉහළ වර්ෂාපතනයක් ලැබෙන පෙදෙසකි. ලංකාවේ ඉහළම වැසි ලැබෙන වටවලට පසු වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ දුම්බර සෙන්ට් මාටින් වත්තෙනි. එය මි.මී. 4470කි. මහවැලියට දුම්බර කඳුවැටිය හරහා විශාල ජලස්කන්ධයක් එකතු වේ.  මේ අතරින් හුළු ගඟ සහ හීන් ගඟ වික්ටෝරියා ජලාශයට වැටී පසුව මහවැලියට එක්වේ. සුදු ගඟ, අඹන් ගඟ නිර්මාණය කර ඊට පසුව කාලිංග නුවර අසල දී මහවැලි නදියට එක්වේ’ මහවැලියේ දිගම අතු ගංගාව වන්නේ අඹන් ගඟයි. මෙම ගංගා පුරාණයේ පටන්ම ජල සම්පාදන ව්‍යාපාර සඳහා උපයෝගී කර ගැනුණි. මෑතක දී වික්ටෝරියා, රන්ටැඹේ සහ රන්දෙනිගල ව්‍යාපෘති සඳහා ද දුම්බරින් උපත ලබන ගංගා ජලය සපයයි. 

දුම්බරට පමණක් සීමා වූ සත්ව සහ ශාක විශේෂ

දුම්බර කඳුවැටිය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ දී සලකා බැලූ එක් කරුණක් වූයේ ලොව වෙනත් කිසිදු වනයක දැකගත නොහැකි එම වනයට පමණක් සීමා වූ ආවේණික සත්ව සහ ශාක විශේෂ සංඛ්‍යවයි. මෙම සත්ව සහ ශාක විශේෂ සියල්ලම ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ෂඹක්‍භ රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

දුම්බර පෙතියා              

ඔලිව් දුඹුරු පැහැති මෙම මත්ස්‍යයා දිගින් සෙ. මී. 13-15ක් පමණ වේ. වරල් සියල්ලම රතු පැහැයක් ගනී. වලිග නටුව අසල කළු පැහැති පැල්ලමකි. මුඛය ආශ‍්‍රිතව අංකුට යුගළ දෙකකි. දුම්බර කඳුවැටියේ සීමිත ප‍්‍රදේශයක ජීවත් වේ. වේගයෙන් ගලායන තරමක විශාල ගැඹුරු දිය පහරවල්වල දැකගත හැකි ය. නීතියෙන් ආරක්ෂිත ය. 

මල්පෙතියා (දංකුඩු පෙතියා)

රෝස දුඹුරු පැහැති සිරුරකින් යුක්ත ය. දිග සෙ.මී. 9-10ක් පමණ වේ. දේහයේ පාර්ශ්විකව කළු පැහැති ලප තුනක් පිහිටා ඇත. වරලේ පිටත දාරය කළු පැහැති ය. කුඩා මසුන්ගේ මෙම දාරය රන්වන් පැහැයක් ගනී. ඉතා සීමිත ව්‍යාප්තියක් පෙන්වන වඳවී යාමේ තර්ජනයට ලක්වූ ආවේණික මත්ස්‍යයෙකි. දුම්බර කඳුවැටියේ  කුඩා ප‍්‍රදේශයකට පමණක් සීමා වී ඇත. නීතියෙන් ආරක්ෂිත ය.

දුම්බර ගල් පාඩියා 

සෙ.මී. 9-10ක් දිගින් යුක්ත ය. ජල මාර්ගවල පතුළේ ඇති ගල් පර්වත ආසන්නව ජීවත්වන මත්ස්‍යයෙකි.  තෙලිගමු ඔය, හීන් ගඟ වැනි ජල මාර්ගවල ජිවත් වේ.

දුම්බර සාලයා 

උපරිම දිග සෙ.මී. 8කි. පැහැයෙන් සහ ප‍්‍රමාණයෙන් දම්කොළ සාලයාට සමාන ය. වර්ෂ 2006 දී රොහාන් පෙතියාගොඩ මෙම මත්ස්‍යයා ෘැඩ්රසද  ගණයට අයත් නව රටා සමයෙක් බව සඳහන් කළේ ය. පාර්ශ්විකව නිල් පැහැති සිරුරේ කහ පැහැති තිරස් හස සිරස් දාර කඩින්කඩ පිහිටා ඇත. දුම්බර කඳුකරයට සීමාවූ ආවේණික මත්ස්‍යයෙක් බවට සැක කෙරේ. 

දුම්බර ගල්පර මැඩියා    

ආවේණික භ්බදචයරහි මැඩි ගණයට අයත් වේ. ශ‍්‍රී ලංකාවේ වාසය කරන මේ ගණයට අයත් මැඩි විශේෂ ගණන 4කි. වර්ෂ 1946 දී පරාක‍්‍රම කීර්තිසිංහ සත්ව විද්‍යාඥයා විසින් ලෝකයට හඳුන්වාදෙන ලද නිසා කීර්තිසිංහගේ රළු ගල්පර මැඩියා ලෙස ද හැඳින්වේ. රතු දත්ත පොතට අනුව දැඩි තර්ජනයට ලක්වූ ජීවියෙකි.  දුම්බර කඳුකරයේ පිටවල පතනේ සීමිත ප‍්‍රදේශයක පමණක් ජීවත්වන ආවේණික මැඩියෙකි. 

දුම්බර අං කටුස්සා / පත‍්‍ර අං කටුස්සා

දිගින් සෙ.මී. 185ක් පමණ වන මෙම කටුස්සා අලංකාර පෙනුමකින් යුක්ත ය. 
1861 දී ඇල්බර් ගර්නර් විසින් හඳුනාගෙන ඇත. මීටර් 700ට ඉහළ තෙත් ප‍්‍රදේශවල ජීවත් වන අතර අඳුරු තෙත පරිසරයට වැඩි ප‍්‍රියත්වයක් දක්වයි. අඟ ශාක පත‍්‍රයක හැඩය ගන්නා නිසා පත‍්‍ර අං කටුස්සා නමින් හැඳින්වේ’ 

දුම්බර කුරු කටුස්සා          

මෙම කටුස්සා මෑතක දී සොයාගත්තේ ප‍්‍රදීප් සමරවික‍්‍රම ඇතුළු කණ්ඩායමක් විසිනි. දුම්බර කඳුවැටියේ ඉහළ ප‍්‍රදේශවල දිවි ගෙවන වඳවීමේ තර්ජනයට ලක්වූ ආවේණික කටුස්සෙකි. ඉතා සෙමින් ගමන් කරන්නෙකි. එනසාල් වගාව මෙම කටුස්සාගේ ජීවිතයට තර්ජන එල්ල කර ඇත. 

දුම්බර වක් නිය හූනා        

ශ‍්‍රී ලංකාවට ආවේණික ය. ක්‍හරඑදා්ජඑහකමි ගණයට අයත් හූනන් විශේෂ 6ක් අප රටින් වාර්තා වී ඇති අතර උන් සියල්ලම ආවේණික ය. සුදේශ් බටුවිට සහ මොහොමඞ් බහීර් යන පර්යේෂකයන් 2005 දී සොයා ගන්නා ලද විශේෂයකි. ශරීරය දිගින් සෙ.මී. 18-20 පමණ වේ. වලිගය පමණක් සෙ.මී. 8-9ක දිගකින් යුක්ත ය. සිරුර කහ දුඹුරු පැහැයක් ගන්නා අතර තද දුඹුරු පටි ආකාරයක් පිහිටා තිබේ. ගාත‍්‍රාවල ඇති නිය වක්වී ඇත. දුම්බර වනයේ ගස් කඳන්වල වාසය කරයි. රාත‍්‍රි කාලයේ ක‍්‍රියාශීලී හැසිරීමක් දක්වයි. 

පතන් අල            

පිටවල පතන ප‍්‍රදේශයෙන් 1972 දී මෙම ශාකය මුල්වරට සොයා ගන්නා ලදී. ලා දම් පැහැයට හුරු පුෂ්පයක් හට ගනී. අලය සෙ.මී. 5ක විෂ්කම්භයකින් යුක්ත ය. ඉතා සීමිත බිම් පෙදෙසක පමණක් පැතිරී ඇත. (පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකරට අපගේ ස්තුතිය.)


2012 මැයි 27 වෙනි ඉරිදා, ලක්බිම 
කුසුම්සිරි විජයවර්ධන

ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු





වලපනේ දිසාවේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර නිදහස්‌ සටනේ පුරෝගාමියා හා සැබෑ නායකයා ද වේ. මෙතුමාගේ පරපුර සතුව තිබූ බලය හා උරුමය අද දක්‌වා ඉතා අප්‍රකටව පැවතීමේ හේතුව වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ඉතිහාස කතාව හිතාමතා යටපත් කළ බිමයි. පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේJද්‍රd මණික යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

උහුන් ජාත පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක
මන්ඨාචේන බලපති වී
උහුන් ජාත පුතුරාක
කේවේසස්‌ථ මණ්‌ඨක වායිමන
කේවේසස්‌ථ රක්‌ඛ පදියම බලපති වී
(උපුටාගැනීම - වරිග පූර්ණිකා පුස්‌කොල ග්‍රන්ථය)

විජයගේ පැමිණීමට පෙර කේවේසස්‌ථාන පරපුරේ පෙළපත වරිග පූර්ණිකාවට අනුව,

* කේවේසස්‌ථාන රජු
* සොලිස මණ්‌ඨක රජු
* සකුදල ගිරි රජු
* පඡ්ජල මූණ රජු
* කේසි කෙහෙළියපුර රජු
* විපුලත්තාන රජු
* සුගුලිත රජු

දකුණු ඉන්දියාවේ කොටස්‌ ද ඇතුළත්ව, රාජ්‍ය පාලනයේ යෙදුණු රාවණ පරපුර ක්‍රමයෙන් පරිහානියට පත්ව විජයගේ ආක්‍රමණයෙන් පසු රාජ්‍ය උරුමය අහිමි වීමකට ලක්‌විය. නමුත් මහ පැරකුම්බා යුගයේ ඉතා ප්‍රබල වංශවත් මෙම පරපුර රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමට ප්‍රබල දායකත්වයක්‌ ලබා දුන් අතර, මුළු මහත් ශ්‍රී ලංකාවම එක්‌සේසත් කළ මහ පැරකුම්බා රජුගේ අග්‍ර පුරෝහිතයා ලෙස කටයුතු කරන ලද්දේ කේවේසස්‌ථාන පරපුරෙන් පැවත ආ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා වන අතර, එතුමා කිවුලේගෙදර පරපුරේ වර්තමාන ආදිතමයා ලෙස සලකනු ලබයි. මහ පැරකුම්බා රජු පුලතිසි පුරය අගනුවර කර රාජ්‍ය විචාරන සමයේ ඉදිකළ යෝධ වාරි කර්මාන්තය වූ පරාක්‍රම සමුද්‍රය ඉදිකිරීමේ කර්තව්‍යය හා දිග්විජය කිරීමේ ප්‍රතිපත්තිය දක්‌වා රජුගේ චින්තනය ගොඩනංවන ලද්දේ අග්‍ර පුරෝහිත කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාය.



මෙතුමාගේ පුත්‍ර ලංකාපුර කුමරු පැරකුම්බා රජුගේ යුද හමුදාපති ලෙස කටයුතු කළ අතර, දකුණු ඉන්දියානු කුළශේඛර නම් සොලී රජු මධුරාපුර පරාක්‍රම පඬි රජු සමඟ යුද්ධයක පැටලී සිටියේය. පඬිරජ පරාක්‍රමබාහු රජතුමාගේ පිහිට පැතූ අතර, මෙහිදී පරාක්‍රමබාහු රජතුමා මහා බලවත් ලංකාපුර සෙන්පතියා යටතේ ලංකාපුරගේ පුතුන් වූ දේව ලංකාපුර, සෝණ, ලංකාගිරි, ගෝකරණ, දණ්‌ඩනායත, ලෝක කේෂධාතු, කීර්ති කේශධාතු යන සෙන්පතියන් සමඟ විශාල හමුදාවක්‌ කුලශේඛර රජු පලවා හැරීම පිණිස යෑවීය. කුලශේඛර පඬි රජු මරා පඬිරට අල්ලාගෙන තිබූ අතර, පඬි රජුගේ වීර පණ්‌ඩු නම් එක්‌ පුත්‍රයෙක්‌ ජීවිතය බේරාගෙන පලාගොස්‌ සිටියහ. ලංකා සේනාව කලදිල්ල නම් ස්‌ථානය පළමුව අල්ලා ගත්හ.
ඉන් පසු ලංකාපුර සෙන්පතියා තම පරපුරේ ආදි ඉතිහාසයේ රාවණා පරපුරට කළ විනාශයේ පලිය ගනිමින් සොලී සේනාව නසා රාමේෂ්වරම් අල්ලා ගත්හ. එය සිහිවීම පිණිස රාමේෂ්වරම් තුන්දුක්‌තාල නම් ස්‌ථානයේ පරාක්‍රමපුර නම් නගරයක්‌ ඉදි කළහ. ලංකාපුර සෙනෙවියා දකුණු ඉන්දියාවේ චාරුකොට්‌ට, මාරුළුප නම් පෙදෙස්‌ ඉන්පසු අල්ලා ගත් අතර, කඤ්චකුටිය, කොලුරා, වීරගංග ප්‍රදේශය ද ලංකාවේ යටත් විජිත ලෙස පවරා ගත්හ. මෙහිදී මේ අසහාය රාවණ පුත්‍රයා තමාගේ පරපුරේ නාමය සිහිවීමට ලංකාපුර නමින් නගරයක්‌ ඉදිකොට සොලී බලය නසා දමමින් තවදුරටත් ඉදිරියට ගිය අතර, දෙවියා පට්‌ටන, බුද්දකංචකුඩිඩක නම් කුලශේකර රජුගේ සොලී බලකොටුව අල්ලාගෙන අවට ගම් 24 ක්‌ ගිනි තබා දන්තික නම් ස්‌ථානයේ කඳවුරු බැඳ ගත්හ.
මෙම සටන්වලදී සොලී සෙන්පතියන් පූ පණ්‌ඩියාන්ඩර, චෝල කෝනාර, යාදවරායන, විල්ලවරායන, කාලිංගරායර්, පංඩියරාය තෝන්දිය ආදීන් මරා දැමූ අතර, පසුව මහපැරකුම්බා රජුගේ නියෝගය පරිදි වීරපණ්‌ඩු කුමරා බේරාගෙන ලංකාපුර, වීරපණ්‌ඩු කුමරා වෙත පිළිගන්වන ලදී. මෙම පඬි රජු ලංකාව දෙසට හැරී දොහොත් මුදුන් තබා වැඳ නමස්‌කාර කර තම රාජ්‍ය ලබාදුන් පරාක්‍රමබාහු රජතුමාට ගෞරව කළහ. ඉන් නොනැවතුන ලංකාපුර සෙනෙවියා තම පරපුරේ අභිමානය නැවත ඇති කිරීමට මධුරාපුරය, ප්‍රබල සටනක්‌ කර අල්ලා ගත් අතර, මෙම සටන්වලදී ඉන්දියාවේ ත්‍රිණවේලියද සිංහල සේනාව විසින් අල්ලා ගත් අතර, තිරුපුත්තුරුවේ පටන් අමරාවතිය දක්‌වා පැමිණි ගමනේදී තුන් ගව්වක්‌ සතුරු මළකඳන්වලින් ගොඩගසා අමරාවතිය අල්ලාගත් ලංකාපුර සෙනෙවි එදා රැගෙන ගිය හමුදා සේනාංකයේ විශාලත්වය සැතපුම් 16 කි. ලංකාපුර සෙනෙවි අවසානයේ පඬි රටද කුලශේකරගේ රට ද ඇතුළුව පරාක්‍රමබාහු රජතුමා වෙනුවෙන් මෙම ප්‍රදේශයේ පාලකයා බවට පත් විය.
මෙසේ යටත් කරගත් ප්‍රදේශයන්ගේ පරාක්‍රමබාහු රජුගේ ලාංඡනය සහිත කාසි ව්‍යවහාරයට යොදවනු ලැබීය. විශාල ප්‍රදේශයක්‌ පරාක්‍රමබාහු රජු වෙනුවෙන් පාලනය ගෙනගිය ලංකාපුර චෝලයන්ගෙන් කාලිංගයන්ගෙන් මෙරටට සිදු වූ අතීත අපරාධයන්ට පලිගත් අතර, පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු රටේ ඇති වූ අස්‌ථාවර දේශපාලන වටපිටාව මත ගොඩනැගුණු කාලිංග බලය මෙරට කාලිංග වංශයට ගැතිකම් කළ නිශ්ශංක මල්ල වැනි කාලිංගයන්ට ලබාදෙන ලදී. ඉන් හෙළ බලය මෙන්ම දේශීය චින්තනය ද සහමුලින්ම බිඳ වැටී අවසානයේ කාලිංඝ මාඝ නමැති දරුණු ආක්‍රමණිකයා අතීතයේ පැමිණි රාම සුශ්‍රීව ප්‍රමුඛ වානර සේනාව සේ මහාපුලතිසිපුර ගිනිතබා ජාතියේ අවසාන ලේඛනාගාරය වූ පොත්ගුල් විහාරය ද හෙල ග්‍රන්ථද කඳු ගසා ගිනි තබන ලදී.
මහා පැරකුම්බා රජුට මහා පරාක්‍රම සමුද්‍රය සැදීමට එදා පුලතිසි සෘෂිවරයාට අයත් ඔසු උයන කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිවරයා රජු වෙත පවරා දුන් අතර, නමුත් එයට ගෞරවයක්‌ ලෙස පුලතිසි ප්‍රතිමාවට පුද පූජා තබා පුලතිසි විහාරය ඉදිකර අසදෘස පිංකමක යෙදුණු මහපැරකුම්බා අධිරාජ්‍යයා කේවේසස්‌ථාන රාවණ පරපුරේ ජනප්‍රසාදය දිනාගන්නා ලදී. නමුත් මහ පැරකුම්බා රජුගෙන් පසු කේවේසස්‌ථාන පරපුර වෙත මෙරට ඇතැම් පාලකයන් දරුණු ව්‍යසනයක්‌ අත්කර දුන් අතර, කාලිංග මාඝ මෙම පරපුරට අයත් සියලු බලය අහෝසි කර දමන ලදී. රාවණ යුගයේ ලිපි ලේඛන, යක්‍ෂ වංශයේ ග්‍රන්ථ, බෞද්ධ හෙල අටුවා, ජ්‍යෙdතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, ග්‍රන්ථ මෙන්ම රාවණ රජුගේ අත් අකුරු සහිත වෙද පොත් ද ගිනිතබා විනාශ කළ කාලිංඝ මාඝ විජයගෙන් පසු මෙරට අවශේෂ යක්‍ෂ වංශය සංහාරයේ යෙදුණු අතර, කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිවරයාගේ පරපුර පසු කාලයේදී බණ්‌ඩාර වැද්දාගේ පරපුර ලෙස ප්‍රචලිත වීමට හේතු වූයේ මෙම දරුණු යක්‍ෂ සංහාරය විය. කන්ද උඩරට ස්‌වකීය අතීත නිජබිම වෙත පැමිණි මෙම පරපුරේ වර්තමාන ආදිතමයා කොනප්පු බණ්‌ඩාර රජුගේ සමයේදී නැවත රාජ්‍ය වරප්‍රසාදයට පාත්‍ර විය. එබැවින් මෙම පරපුර ඉන්පසු ඌවේ සියලු සටන්වලදී ප්‍රමුඛස්‌ථානය ගැනීමට සමත් විය.

කිවුලේගෙදර පරපුරට නොදෙවැනි ප්‍රබල ප්‍රභූ පවුල් සමඟ රටේ දේශපාලන කටයුතුවලදී ක්‍රියා කළ මෙම පරපුර සස රාජසිංහ රජුගේ යුගයේ දන්දෙනිවලවෙල සටනින් ලන්දේසීන් සමූහ ඝාතනය කළ දොන් කොස්‌මෝ විජේසේකර යුද මුදලිගේ පරපුර ඉමහත් ගෞරවයෙන් ඌවේ බදුල්ලේ රඳවා ගැනීමට කටයුතු කළ පරපුරකි.

ක්‍රි. ව. 1630 පැමිණි පරසතුරු උවදුරේ කොස්‌මෝ විඡේසේකර යුද මුදලි රජුට පක්‍ෂපාතී කරගත යුතු බවට යෝජනා කරන ලද්දේ කිව්ලේගෙදරය. රන්දෙනිවෙල සංග්‍රාමයේදී නොරොඤ්ඤගේ හිස කඳින් වෙන් කළ කොස්‌මෝ විෙ-සේකර යුද මුදලි එය රජුට තුටු පඬුරු ලෙස ලබා දී රාජ්‍ය වරප්‍රසාද ලබා ගන්නා ලදී. මෙම ප්‍රභූ රාවණ පරපුර ඌවේ රඳවා ගැනීමට කටයුතු කරන ලද්දේ බදුල්ලේ කටුගහ වලව්ව ඇතුළු නිරවුල් ගම්බිම් ප්‍රදානයට රජු පොළඹවන ලද්දේ ඌවේ කිවුලේගෙදරය.

රන්දෙනිවෙලේ සටන ගැන ඌවේ ජනකවි

කොස්‌මෝ විඡේසේකර මහ මුදලි තුමා

උඩරට සිංහළුන් එකමුතු කළ උතුමා

රන්දෙනිවෙලේ සතුරන් පෙති ගැසු කදිමා

රාවණ කොඩිය දස්‌කම් පෙන්වූ උතුමා

දොන් කොස්‌මෝ විඡේසේකර පරපුර හා කිවුලේගෙදර පරපුර 1818 සටනේදී කැප්පෙටිපොල නිලමේ හා ඇහැලේපොල නිලමේට සහයෝගය දීමට හේතුව දොන් කොස්‌මෝ විෙ-සේකර යුද මුදලිතුමාගේ යුගයේ සිට රාවණ ධජයට ගරු කළ පරපුරු අතර ඇති වූ ජාතික සමගියේ ප්‍රතිඵලයක්‌ ලෙසය.

පොලොන්නරුවෙන් පසු කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාගේ පරපුර නැවත මතුවන්නේ ඌව ප්‍රදේශයෙනි.

වර්තමාන වියළුව කන්ද කැටිය ප්‍රදේශය ආශ්‍රිතව තම නවාතැන තෝරාගත් අතර, එම ප්‍රදේශය අද දක්‌වා කිවුලේගෙදර ග්‍රාමය ලෙස ප්‍රචලිත විය. මෙතුමා අදත් වෙල්ලස්‌සේ කිවුලේගෙදර ග්‍රාමයේ දේවත්වයට පත්වූ කිවුලේගෙදර ඉහළ වලව්වේ දෙවියෝ ලෙස ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට පත් වේ. අති ප්‍රබල රහස්‌ යන්ත්‍ර මන්ත්‍ර හා පරපුරෙන් පැමිණි සටන් ක්‍රමවේද පිළිබඳව මනා දැනුමකින් හෙබි මෙතුමාගේ සහාය ලබාගත් කොනප්පු බණ්‌ඩාර පසුව 1 විමලධර්මසූරිය ලෙස රජ භාවයට පත්වූයේ ඌවේ ජනාවාස ඇති කිරීමට පුරෝගාමී වූ කිවුලේගෙදර පරපුරේ සහයෝගයෙනි. පසුව ඉපැරැණි වාරි තාක්‍ෂණයෙන් හා විශ්මිත ජ්‍යෙdතිෂය මූලධර්ම සිද්ධාන්තයන්ගේ (චJද්‍ර සූර්ය සිද්ධාන්ත) භාවිතයෙන් මුළු මහත් ඌව දිස්‌ත්‍රික්‌කයම සාරවත් භූමියක්‌ බවට පත් කර ගත් හෙළයන් වෙල්ලස්‌ස හෙවත් වෙල් ලක්‍ෂයකින් සෑදී සරුසාර භූමිය රටේ ආර්ථික, දේශපාලන, සමාජීය, ආගමික කේන්ද්‍රස්‌ථානය බවට පත් කිරීමේ පුරෝගාමීන් බවට කිවුලේගෙදර පරපුර පත්විය. එබැවින් ලංකාවේ පෙර නොවූ විරූ ලෙස ඌව කරා පැමිණි රදල පවුල් ඌව වෙල්ලස්‌ස ස්‌වකීය නිජබිම බවට පත් කර ගන්නා ලදී.
1 වන විමලධර්ම රජුගේ පූර්ණ සහයෝගය මෙම පරපුර වෙත ලැබූ අතර, ඉන්පසු යුගයේ රටේ දේශපාලන යාන්ත්‍රණය හැසිරවීමේ බලය ඌවේ වැසියන් වෙත ලබා ගන්නා ලදී. එබැවින් පසු කාලීනව කන්ද උඩරට රාජ්‍යත්වයට පත් සියලු රජුන් ඌවේ කිවුලේගෙදර පරපුරේ සහයෝගය ලබා ගන්නා ලදී. එබැවින් කිවුලේගෙදර මහ දෙවියෝ කිවුලේගෙදර ඉහළ වලව්වේ දෙවියෝ. පහළ වලව්වේ දෙවියෝ, කිවුලේ දිසා බණ්‌ඩාර දෙවියෝ, කිවුලේගෙදර අප්පුහාමි දෙවියෝ, කඩවත් දෙවියෝa, අලුත් දෙවියෝ දේවත්වයට පත්ව අද දක්‌වා මහජන ගෞරවයට පත් කිවුලේගෙදර පරපුර ඌවේ ධජය ලෙස මයුරා යොදා ගන්නා ලදී. රාවණ රජුගේ රණ මයුර සංකේතය වලපනේ ධජය ලෙස අද දක්‌වා නොනැසී පවතී. එමෙන්ම කිවුලේගෙදර පරපුර මෙන් ඌවේ ව්‍යාප්ත වූ රාවණ රජුගේ ප්‍රබල යක්‌ ප්‍රජාව හේවාහැට කොත්මලෙ, වලපනේ යන දිස්‌ත්‍රික්‌කයන්ගේ ධජය ලෙස භාවිත කරන ලද්දේ ද රාවණ ධජය වීම මෙහි ඇති සුවිශේෂත්වයකි.

ඌවේ ජන කවි

සක්‌ දෙවිඳුයි සඳ මත හා රුව ඇන්දේ

සමන් දෙවිඳු බැබලේ සමනල කන්දේ

ගැමුණු රජුයි සතුරනගේ බල බින්දේ

රාවණ කොඩිය බැබලේ තලගල කන්දේ

රාවණ කොඩිය හෙළදිව ජාතික කොඩිය

සිව් හෙලයින් දස්‌කම් පෙන්වූ කොඩිය

උඩරට රදල වරු පණසේ රැකි කොඩිය

පෙරමුණු රැගෙන යමු රාවණ කොඩිය

උපුටා ගැනීමගැනීම - ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

ඉතා ප්‍රබල පරපුරක්‌ ලෙස පැවැති මෙම පරපුරේ මීළඟ යුග පුරුෂයා බවට පත්වූයේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර හෙවත් කිවුලේගෙදර මොහොට්‌ටාල වන අතර, රටේ බලගතුම රජුගේ රහස්‌ සේනාංකය වූ බිහිසුණු දරුණු වැදි හමුදාව මෙන්ම දක්‍ෂම රණකාමී සෙන්පතීන්ගේ නායකයා ද විය. වීර බූටාවේ රටේ රාල, කොහු කුඹුරේ රටේ රාල, ආදාවල මොහොට්‌ටාලය. අරුමා වැදි නායක මෙතුමාගේ අතිජාත මිත්‍රයෙක්‌ විය. ඉතා ධනවත්, බලවත් යුද ශිල්පයේ කෙල පැමිණි ඌවේ වීරයන්, රටේ බලයට පැමිණි ඕනෑම රජයක්‌ වෙත තම පක්‍ෂපාතී බව පළකළහ. එය ස්‌වකීය වංශයේ පැවැත්ම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය වූ අතර, අවාසනාවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු යුගය ද්‍රවිඩ සම්භවය ඇති හින්දු මතවාද කරපින්නාගත් හින්දු අන්තවාදය රටපුරා ව්‍යාප්ත කර වූ රජවරුන්ගේ කාල වකවානුවක්‌ විය. ඉතා ප්‍රබල ලෙස පෙර කිසි කලෙකත් නොවූ විරූ ලෙස හින්දු දේව සංකල්පය මෙරට මුල් බැසගත් මේ යුගය ජාතික වීරයන් පරපුරට ජාතියට අද්විතීය සේවයක්‌ කළවුන් පිදීමේ ඉපැරැණි හෙළ සභ්‍යත්වයෙන් බැහැරව (උදා - වැදි ජනයාගේ මළවුන් පිදීමේ චාරිත්‍රය) යක්‍ෂ ගෝත්‍රයේ නෑ යකුන් පිදීම හෙවත් ප්‍රදේශ භාර අසහාය යුග පුරුෂයන් දේවත්වයෙන් වන්දනා කිරීමේ චාරිත්‍රයෙන් බැහැර වී මිත්‍යාදෘෂ්ථික දේව සංකල්පයෙන් සමාජය වෙලා ගන්නක්‌ බවට පත්වී තිබිණි.
නමුත් අද දක්‌වා ඌවේ මහජන වන්දනාවට පත්වන්නේ ප්‍රදේශවාසී ආදි යුග පුරුෂයන් වීම ජාතියේ වාසනාවකි. (උදා කීර්ති බණ්‌ඩාර, ර-ජු බණ්‌ඩාර, කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර. කිවුලේ ගෙදර අප්පුහාමි බණ්‌ඩාර) මුළු මහත් රාජ්‍ය තන්ත්‍රයම හින්දු දේව වාදය කරපින්නා ගැනීමත් සමගම බෞද්ධයන්ට මෙන්ම මෙරට රාවණා පරපුරට ඇති බලතල අහෝසි වීම තුළ රජු හා උඩරට රදලයන් අතර දැවැන්ත දේශපාලන අස්‌ථාවරභාවයක්‌ ඇති වීමට සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රියා කලාපය ඉවහල් විය. මින් ලංකාවේ කන්ද උඩරට රාජ්‍ය යාන්ත්‍රණය කොටස්‌ ගණනාවකට බෙදී ගියහ.

මෙම අසමගියේ ප්‍රතිඵල ඉංග්‍රීසීන් විසින් ජෝන් ඩොයිල් නම් රහස්‌ ඔත්තුකරු මගින් වඩා නිවැරැදිව ලබාගෙන එංගලන්ත අධිරාජ්‍ය 1803 දී ලැබූ දරුණු පරාජයේ පිළිගැනීම උඩරට රාජ්‍යයේ සිංහල බෞද්ධ ප්‍රධානීන්ගේ සහයෝගයෙන් 1815 ලක්‌දිව ගිවිසුමකින් පවරා ගන්නා ලදී. මේ සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධකය වූයේ අතිදක්‍ෂ හමුදා ප්‍රධානියා වූ ලෙව්කේ දිසාවේ ඉතාමත්

අත්තනෝමතික ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මරා දැමීම නිසා පිළිමතලාවේ, ඇහැලේපොල, කැප්පෙටිපොල වැනි උඩරට රදළ ප්‍රධානීන්ගේ බලවත් විරෝධය මතුවීම තුළිනි. නමුත් මේ සියල්ල දෙස උපේක්‍ෂා සහගතව අසරණව බලා සිටි මේ රටේ දේශපාලනය ආර්ථික බලවේගය මෙහෙය වූ ඌවේ ජන ප්‍රධානීන් දෙවන පෙළ නායකත්වය රටේත්, ජාතියේත් අනාගත විනාශය මනා ලෙස අවබෝධ කර ගත්තද, කිව්ලේගෙදර මොහොට්‌ටාල දේශපාලන අධිකාරිය තමා වටා ගොඩනගා ගැනීමට සමත් විය. රාවණ රජුගේ වාත රිය නැවතූ වාරියපොල විහාරයෙන් (වර්තමාන ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරය) බිහි වූ සංඝ පීතෲවරයකු වූ යක්‍ෂ ලේ ඇති වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් පරපුරේද, ජාතියේද ගෞරවය වෙනුවෙන් ඉංගී්‍රසි ධජය බිඳ දමා සිංහල ධජය එසවීමෙන් ඉංග්‍රීසීන් වෙත පළමු වෙඩි මුරය හෙවත් රතු එළිය දල්වනලදී. ඉතා සූක්‌ෂම ලෙස සිංහල රදළ ප්‍රධානීන්ගේ සහයෝගය ලබාගත් කිවුලේගෙදර මොහොට්‌ටාලයට මුල් අවස්‌ථාවේම මොල්ලිගොඩ වැනි ප්‍රභූවරු ඉංග්‍රීසින් දැනුවත් කිරීම නිසා ඉංග්‍රීසි ඔත්තුකරුවෙකු වූ කන්ද කැපුගම උන්නැහේ නමැත්තෙකු ගේ ඝාතනයට වග උත්තරකරු කර, අත්අඩංගුවට පත් කරන ලදී. මහනුවර මඟුල් මඩුවේ විභාගයට ප්‍රථම උඩරට රදළ ප්‍රධානීන්ගේ අනුග්‍රහය මත සිරගෙය බිඳ දමාගෙන කිවුලෙ ගෙදර මොහොට්‌ටාල පලායන ලදී. අවසානයේ මොණරාගල මාරගල රහස්‌ ගුහාවේ රාවණ දේවාලය වෙත පැමිණි මෙම අභීත රණවිරුවා තම පුරපුරේ අය පමණක්‌ වන්දනාමාන කරන වීර රාවණ අවතාර පූජාව නම් පූජාවක්‌ සිදුකොට ඇත.. (මේ සඳහා භාවිත කළ තල්පත පුස්‌කොළ ශ්ලෝක අද දක්‌වා නොනැසී පවතී.)

ඔං රාවණ සිද්ධිං සිද්ධි බල වරම්, ඕං සූර්යය පුත්‍රය නම ම්

ශිවා ලිත පුස්‌ථකය (අමරකෝන් බස්‌නායක මුදියන්සේලාගේ ජයසේකර බණ්‌ඩාරගේ අත් පිටපත)

බුටාවේ රටේ රාල හා කිවුල්ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර පමණක්‌ මෙම පූජාවම භාවිත කළ ඉපැරැණි රාවණ ප්‍රතිමාව කාලීනව ජෝන් ඩොයිල් විසින් පැහැරගෙන එංගලන්තයට භාරදුන් බව පැවැසේ. අපගේ පර්යේෂණ තුළින්ද මෙම රාවණ ප්‍රතිමාව දැනට එංගලන්තයේ බැලංකැස්‌ටර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි සබරගමුවේ වෙස්‌ ඇඳුම පැහැදිලිව හඳුනාගත හැක. (වගකිය යුත්තෝ මෙහි අපට ඇති අයිතියේ අනන්‍යතාව සහතික කර ලංකාවට ගෙන ඒමට කටයුතු කළ යුතුය,)

මාරගල රාවණ පූජාවෙන් පසු කිව්ලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර හා බූටාවේ රටේ රාලගේ ප්‍රධානත්වයෙන් ඉපැරැණි යක්‌ෂ වංශයේ ජනපදයක්‌ වූ විල්බාව ග්‍රාමයේ වර්තමාන විල්බාව රජමහා විහාර භූමියේ පැවිදි වෙස්‌ දැරූ විල්බාව මුදියන්සේ භික්‍ෂු වෙස්‌ ගන්වා රුහුණු මහ කතරගම දේවාලයට කැඳවා පැවිදි වෙස්‌ හරවා කතරගම හා සියඹලා දේවාලයන්හි කතරගම දෙවියන් වෙත බාරවී කතරගම දිය බෙත්මේගේද සහයෝගයෙන් රහස්‌ රාජාභිෂේකයක්‌ සිදුකරන ලදී. 1818 දක්‌වා කතරගම දේවාලයේ පරිපාලනය සිංහලයන් සතු වූ අතර, ඉංග්‍රීසීන් 1818 න් පසු මෙහි පාලනය ද්‍රවිඩයන් සතු කරන ලදී. අනතුරුව අරුමා වැදි රජුගේ 4000 ක පමණ වැදි හමුදාවක්‌ සමග වෙල්ලස්‌ස කරා පැමිණි කිව්ලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර බ්‍රිතාන්‍ය හිරු නොබසිනා අධිරාජ්‍යට විරුද්ධව යුද ප්‍රකාශ කළහ. (බිබිලේ වැදි හමුදාව එකල ලොව සිටි ප්‍රබලම ගරිල්ලා භටයන් වූ අතර, ස්‌ථිර වාසස්‌ථාන නොපැවතී ඔවුන් වනාන්තර සටන් වලදී හා උපක්‍රමශීලී ගරිල්ලා ප්‍රහාරයන් හි ලොව සිටි අති දක්‍ෂයන් බව නොරහසකි.) මේ දක්‌වා විල්බාවේ මුදියන්සේගේ සත්‍ය ඉතිහාසය හෙළිවී නොමැත. මන්ද යත් ඉංග්‍රීසින් සතු ලේඛන පමණක්‌ පරිශීලනය කර ඉතිහාසය රචනා කර ඇති බැවිනි.

බූටාවේ රටේ රාළ යනු ලංකා හමුදාවේ අද්විතීය රණශූරයා වූ අතර, මෙතුමා භාවිත කළ පැරණි දුන්නට අදටද 05 දෙනකුටවත් දුනුදිය දැමිය නොහැක. මෙයද අද දක්‌වා නොනැවසී පවතී. මෙලෙස ආරම්භ වූ සිංහලේ නිදහස්‌ සටන මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසින් කිවුලේ ගෙදර පරපුර සමග අමනාපව පරගම්මන ගම්මානයේ මුස්‌ලිම් වැසියන්ගේ සහයෝගය ලබා ගැනීමට අදහස්‌ කළ බව වෙල්ලස්‌සේ සුදු හරක්‌ගාලේ මුහන්දිරම්කම හඡ්ජි මරික්‌කාර් නම් මුස්‌ලිම් ජාතිකයෙකුට දීමෙන් තහවුරු වේ. විජාතික මුස්‌ලිම් ගම්මානයක්‌ වූ පරගම්මන කිවුලේගෙදර පරපුරේ අප්පුහාමි බණ්‌ඩාර නම් ප්‍රධානියා මුස්‌ලිම් කන්‍යාවක්‌ විවාහ කර ගැනීමට දැරූ උත්සාහයේදී වස දී මරා දමන ලදී. ඉන් ඌවේ සිංහලයන් හා මුස්‌ලිම් ජාතිකයන් අතර බලවත් විරෝධයක්‌ ඇති වී තිබූ අතර, අදත් මුස්‌ලිම් ජාතිකයන් කිවුලේගෙදර අප්පුහාමි බණ්‌ඩාර සොහොනට වන්දනා මාන කරනු ලබන අතර, කන්දකැටියේ සිංහලයන් එතුමා දේවත්වයෙන් වන්දනාමානයට පාත්‍ර කරයි. (මේ සඳහා ඉදිකළ ගම්භාර දේවාලයක්‌ පවතී.) නව තනතුරෙන් උද්දාමයට පත් හඡ්ජි මරික්‌කාර් ප්‍රමුඛ මුස්‌ලිම් ජාතිකයන් වෙල්ලස්‌සට පැමිණි විගස කිවුලේගෙදර මොහොට්‌ටාලගේ අත්අඩංගුවට පත්විය.
ඉතා කෲර වද හිංසාවට ලක්‌ කිරීමෙන් පසු ඉංග්‍රීසීන් වෙනුවෙන් පෙනී සිටි හඡ්ජි මරික්‌කාර් කිවුලේ ගෙදර දිසාවේ විසින්ම කුළුගෙඩි පහරින් මරා දැමූ අතර, ඉන් බදුල්ලේ ඒජන්ත ලෙස කටයුතු කළ ඉංග්‍රීසි ජාතික විල්සන් බලවත් කෝපයට පත් විය. ඉංග්‍රීසි භටයන් පිරිවරා ගත් විල්සන්ද බදුල්ලේ සිට වෙල්ලස්‌ස බලා පැමිණි ගමනේදී කිවුලේගෙදර දිසාවේගේ සෙබළුන් හා බූටාවේ රටේ රාළගේ ප්‍රහාරයෙන් පුරාණ ඊතණවත්ත දේවාලය අසලදී මීටර් 1000 දුර සිට එල්ල කරන ලද හී පහරින් මැරී වැටුණුq විල්සන්ගේ හිස කඳින් ඉවත් කර වැදි නායක අරුමා ඇතුළු පිරිසට ලබාදෙන ලදී. විල්සන් මැරී වැටුqනු ස්‌ථානයේ බදුල්ල මාර්ගයේ ඉංග්‍රීසි ජාතිකයන් 1918 දී ස්‌මාරකයක්‌ ඉදිකළ අතර එය අද දක්‌වා පවතී. කිවුලේ ගෙදර, විල්සන් ගේ හිස ඉවත්කළ කිරිච්චියද, ඉංග්‍රීසි හමුදා භටයන් 197 කගේ හිස ඉවත් කළ කිරිච්චියද අද දක්‌වා පවතී. (නැලිගම ශෛලාශනාරාමය - රාගම)

කඳින් වෙන්කළ හිස ඊතණවත්ත පත්තිනි දේවාලයේ ගසක එල්ලා වැදි භටයින් විසින් එයට හී පහරවල් එල්ල කර රිටක ගසන ලද අතර, වැද්දන්ගේ මෙම ක්‍රියාව දේව කෝපයක්‌ ලෙසත්, ඉන් ඌව විනාශ වූ බවත් ඇතැම් ඌවේ පැරැන්නන් විශ්වාස කරයි. ඌවේ පාලකයා ලෙස කටයුතු කළ විල්සන්ගේ ඇද වැටීමෙන් ඉමහත් බියට පත් බ්‍රවුනින් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිදහස්‌ සටන අඩපණ කිරීමේ අරමුණින් කැප්පෙටිපොල දිසාවේ ඌවේ දිසාවේ ලෙස පත්කර සිංහල හමුදාවත් සමග එවන ලදී. නමුත් අලුපතදී අභීත ඌවේ කිවුලේගෙදරගේ හමුදාවට එකතු වූ කැප්පෙටිපොල නිලමේ අවසානයේ කිවුලේගෙදරගේ මග පෙන්වීමෙන් සිංහලේ නිදහස්‌ සටනේ හමුදාපති ධුරයට පත් කර ගන්නා ලදී. ඉන් ඉමහත් උද්දාමයට පත් ඌව වෙල්ලස්‌ස ජනයා දහස්‌ ගණනින් අභීතව ලක්‌දිව රජුගේ පක්‍ෂයට එකතු වූ අතර, උඩරට රදලයින් වැල නොකැඩී ඉංග්‍රීසි විරෝධී ප්‍රතිපත්තියට සහයෝගය දක්‌වන්නට විය.
මොල්ලිගොඩ හා එක්‌නැලිගොඩ හැර සෙසු ප්‍රධාන පෙළේ රදලයන්ගේ සහාය නිසා බ්‍රිතාන්‍ය හමුදාව උඩරටින් ප්‍රබල ලෙස පසු බසින්නට විය. මෙහිදී වාරියපොළ සුමංගල හිමි නැවත වරක්‌ තම පරපුරේ නිදහස වෙනුවෙන් රාජ්‍ය සංකේතය වූ දළඳා වහන්සේ මහනුවර රජ මාළිගයෙන් රැගෙන කැප්පෙටිපොල නිළමේ වෙත ලබා දෙන ලදී. ඉන් ඉමහත් ප්‍රමෝදයට පත් ලක්‌වාසීන් දහස ගණනක්‌ නැවත සිංහලයන් හා එකතු වූ අතර, සිංහලේ නිදහස්‌ සටන වඩාත් තියුණු මුහුණුවරක්‌ ගත් අතර, හඟුරංකෙත විහාරයේ දළදා ප්‍රදර්ශනයක්‌ පවත්වා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සතුව පැවැති වස්‌තුව 1848 සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායකයා වූ වීදිය පැලැන්නේ හඟුරන්කෙත ඩිංගිරාලගේ වැඩිමහල් සොහොයුරා වූ මැණික්‌රාල විසින් කිවුලේගෙදර ප්‍රධාන කැප්පෙටිපොල වෙත ප්‍රදානය කරන ලදී. මෙම යුගයේ හඟුරන්කෙත ඩිංගිරාල ලාබාලවියේ පසුවූහ. කන්ද උඩරට අප්‍රකට රණවිරු පවුලක්‌ වූ ඩිංගිරාල පරපුරේ සොහොයුරන් 3 ක්‌ වූ අතර වැඩිමහල් සොයුරු පුංචිරාල 1805 ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඉංග්‍රීසීන්ට විරුද්ධව මෙහෙයවූ සටනින් දිවි පිදූහ. දෙවැන්නා 1818 මැණික්‌රාල දිවිපිදූ අතර, ඩිංගිරාල 1848 දිවි පිදූහ.

කන්ද උඩරට පුරා ව්‍යාප්ත වූ 1818 නිදහස්‌ සටන ජයග්‍රහණයේ අභිමුව පසුබිමේදී ඉංග්‍රීසින් විසින් එක්‌නැලිගොඩගේ හා මොල්ලිගොඩගේ උපදෙස්‌ පිට ඉතා රහසිගත ලෙස ජෝන් ඩොයිල් පොළඹවා ඌවේ අධ්‍යාත්මික ශක්‌තිය පැවැති රාවණ දෙවොලේ රාවණ ප්‍රතිමාව ලබා ගැනීමට සේනාව මෙහෙයවූහ. මෙහිදී මොල්ලිගොඩ නිලමේ අලුත්නුවර දැඩිමුණ්‌ඩ දේවාලය වෙත භාරවී පුරාණ රාවණ ප්‍රතිමාව සබරගමුව මහා සමන් දේවාලයට රැගෙන ඒමට අදහස්‌ කළ අතර, හින්දු දේව වාදය ඉවතලා රාවණ ධජය පෙරටුq කිරීමට අදහස්‌ කළහ. අවසානයේ මාරගල කන්දේ රාවණ ප්‍රතිමාව ලබාගත් ඉංග්‍රීසින් එය මොල්ලිගොඩ නිලමේටද ලබානොදී එංගලන්තය බලා රැගෙන ගිය අතර, මුළු මහත් ඌව වෙල්ලස්‌සම සහමුලින්ම විනාශ කරන ලදී.

නමුත් කැප්පෙටිපොල නිලමේ, මඩුගල්ල, පිළිමතලාවේ නිලමේ අතර ඇතිවූ බල අරගලයේ ප්‍රතිඵලයක්‌ ලෙස කිවුලේගෙදර දිසාව පත්කළ විල්බාවේ රජුq පිළිගැනීමට අකමැති වූ ඇතැම් රදළ නායකයන් වෙනත් රජෙකු පත්කරගෙන කැප්පෙටිපොළ, කිවුලේගෙදර, විරෝධී ප්‍රතිපත්තියකට එළඹීය. කැප්පෙටිපොල නිළමේ දළදාවේ භාරකාරිත්වය වලපනේ දිසාවේ කිවුලේගෙදර වෙත පවරා තිබූ අතර, එතුමා කිවුලේගෙදර ග්‍රාමයේ දළදා පූජාවක්‌ හා පෙරහැරක්‌ද පවත්වන ලදී. මෙය ලක්‌දිව ඉංග්‍රීසි ආධිපත්‍යයට පෙර සිංහලයන් පැවැත්වූ අවසාන දළදා පූජාව වේ. ඉන් බියට පත් උඩරට රදළ ප්‍රධානීන් කැප්පෙටිපොල හා අභීතව රජු සිරභාරයට පත්කර වෙනත් අයෙකු රාජ්‍යත්වයට පත්කර ගන්නා ලදී. ඉන් ඉමහත් ප්‍රමෝදයට පත් බ්‍රවුනින්, ජෝන් ඩොයිල් ඇතුළු ඉංග්‍රීසි ප්‍රධානීන් සිංහල සටන් පෙරමුණේ චිත්ත ධෛර්යය බිඳදමා මහනුවර දළදා කරඬුව පමණක්‌ දළඳා වහන්සේ වැඩි සිටින සේ දළදා ප්‍රදර්ශනයක්‌ පවත්වා සිංහලයන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමන ලදී. ඇති වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵල මනාලෙස නෙළාගත් ඉංග්‍රීසීන් ඉන්දියානු යටත් විජිතයෙන් ලබාගත් සහයෝගයෙන්ද, සුළු ජාතික මුස්‌ලිම් ජනතාවගේ ආශීර්වාදයෙන්ද මුළු මහත් ඌව වෙල්ලස්‌සම ගිනි තබන ලදී.
මෙහි පළමු ප්‍රහාරය ඌවේ අභීත නායක කිවුලේගෙදර දිසාවේගේ නිවසට එල්ල වූ අතර, කිවුලේගෙදර දිසාවේගේ දයාබර බිරිඳ නිවස ඉදිරියට ගෙන විත් වෙඩි තබා මරා පුළුස්‌සා දමන ලදී. මැක්‌ඩොනල්ඩ් නම් දාමරිකයා මෙහෙය වූ මේ ම්ලේච්ඡ හමුදාව වයස 18 ට වැඩි සියලු පිරිමින් මරා දමා ඌවේ ස්‌ත්‍රීන් දූෂණය කරන ලදී. කිවුලේගෙදර මොහොට්‌ටාලගේ දියණිය අරුමා වැදි නායකයාගේ මූලිකත්වයෙන් මෙහෙය වූ අති දක්‌ෂ සිංහල සටන්කරුවන් විසින් බේරාගෙන පැමිණියද, අතරමැද දී ඇති වූ සටනකදී ස්‌වකීය පතිවාත්තාව ආරක්‌ෂා කර ගැනීම සඳහා කඳු මුදුනින් පැන සිය දිවි නසාගත් බව පැවසුවත්, ඇය රන්මැණිකා නමින් තම පෙළපත රැකගෙන ජීවත් වීමට භාග්‍යවන්ත විය. නමුත් කිවුලේගෙදර දිසාවගේ දයාබර දියණිය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ අරුමා නම් වැදි හමුදාවේ ප්‍රධානියා ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඉංග්‍රීසීන් ඔහුට දෙතිස්‌ වද බන්ධන දී මඩුල්ල නම් ස්‌ථානයේදී එල්ලා මරා දමන ලදී.

අතීතයේදී ඉපැරණි යක්‌ ජනාවාසයක්‌ වූ කලාඔයෙන් පෝෂිත ගිරිබාව, රිටිගල, නීලගිරිය ප්‍රධාන ජනපදය, හෙළ ලෙයින් ජනිත වූ උදාර සිංහලයන් විසූ යක්‌ ජනපදයක්‌ වූ අතර, කැප්පෙටිපොල පුංචි නිලමේ සේනා සංවිධානයට මෙම ප්‍රදේශයට පසු බැස පලාගිය අතර, අවාසනාවකට පරවාහැර ගම්වාසී මුස්‌ලිම්වරුන් ලබාදුන් ඔත්තුවක්‌ මගින් එතුමා සතුරන් අතට පත් වී නොවැම්බර් 17 වැනිදා හිස්‌ ගැසුම් කන ලදී. වීර බූටාවේ රටේ රාළ, කොහු කුඹුරේ රටේ රාළගේ පුත්‍රයා විසින් පාවාදුන් අතර, ලංකා සේනාවේ මේ අභීත ශූරයා මුස්‌ලිම් ජාතිකයන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඉංග්‍රීසීන් විසින් එල්ලා මරා දමන ලදී. නමුත් පරපුරේ ජනප්‍රවාද අනුව මේජර් මැක්‌ඩොනල්ඩ් වෙත කිවුලේගෙදර දිසාවේ මරණයට පෙර ඌවේ ඉපැරණි පංචකර්ම යම කාලයට අනුව හූනියමක්‌ සිදුකළ බව සඳහන් වේ. ඉන් මැක්‌ඩොනල්ඩ් පසුකාලීනව එංගලන්තයේදී පිස්‌සු හැදී මිය ගොස්‌ ඇත. (මැක්‌ඩොනල්ඩ් අවසාන කාලය සිහි විකල්ව සිට මියගිය බව තහවුරු වී ඇත.)

1818 නිදහස්‌ සටන මෙහෙයවූ සියලු රණවිරුවන් මරා දැමුවත්, කිවුලේ ගෙදර මොහොට්‌ටාල අල්ලා ගැනීමට ඉංග්‍රීසීන්ට නොහැකි වූ අතර, බිබිල වෙත පසු බැසි මෙම අසහාය සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායකයා, ඉතිරි වූ ඌවේ සිංහලයන් වෙත අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පානම් පත්තුව වෙත පලායන ලෙස සැල කරන ලදී. අවසානයේ බිබිලේ ගල්තලාවක්‌ මතදී සතුරන් අතට පත් නොවූ මෙම අසහාය රණශූරයා ස්‌වකීය දැතින්ම නිල තෙරපුමක්‌ මගින් ජීවිතයෙන් සමුගත් අතර, එතුමා ලංකා ඉතිහාසය වෙත ඉතිරි කරන ලද්දේ ඉන රැඳි කිරිච්චියත්, රාවණ මුහුර්තිය ඇතුළත් ශිවා ලිත පුස්‌කොල ග්‍රන්ථයත්, සුබැසි ගී රචිත පත්ඉරු කිහිපයක්‌ හා මන්ත්‍ර පොතක්‌, ස්‌වකීය නිවස ගිනි තැබීමේදී ඉතිරි වූ එතුමාගේ නිවසේ උළුවහු සතරත්, තමා පණ මෙන් සුරැකි තම ගමන් මල්ලේ රඳවාගත් රාවණ ප්‍රතිමාව හා බුද්ධ ප්‍රතිමාවකුත් පමණි.
ඌවේ දිසාවේ වලපනේ මයුරා ධජය රැගත් රණශූර කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර දෙවි ලෙස සිංහල වීරයන් වැඳුම් පිදුම් කළ මෙතුමාගේ රුව ළිඳමුල්ල පත්තිනි දේවාලයේ විනාශ වෙමින් පවතින බිත්තියක දක්‌නට ඇති අතර, ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු රාවණ පුලතිසි වෙසමුණි පරපුරට මෙන්ම වසර 190 කට පෙර රාවණ ධජය පෙරටුකොට සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායක වලපනේ දිසාවේ කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර ඉතිහාසයේ කුණු කූඩයට දමා අවසානය. නමුත් පුරා විදුවන් හෝ ඉතිහාසඥයන්, දේශප්‍රේමීන්ද මෙතුමාගේ යටත් විජිතවාදයෙන් පසුවද සත්‍ය ඉතිහාසය මතුකරගෙන නොමැත. නමුත් අසරණ සැබෑ සිංහල හෙළයින් මෙතුමාගේ වටිනාකම රැක ගැනීමට යම් උත්සාහයක යෙදී ඇත.නමුත් ඌවේ අසහාය කිවුලේගෙදර මොහොට්‌ටාල වෙනුවෙන් කපුටන්ට අසූචි තැවරීමට, බල්ලන්ට ලැග සිටීමට අව්වට හා වැස්‌සට තෙමි තෙමී දුක්‌ විඳීමට, දූවිලි පිරි පාරක්‌ අසල පිළිමයක්‌ තැනීමෙන් නොනැවතුණු ඌවේ අතීත සිංහලයන් තම පරපුරේ නෑ යකුන් පිදීමේ පිළිවෙත සුරකිමින් දේවාලයක්‌ ඉදිකර අතීත, අනාගත පරපුරට වැඳ නමස්‌කාර කර ඉතිහාසයේ පුරාවිද්‍යා සාධක තබා, නැලිගම ශ්‍රී ශෛල්‍යාසනාරාමයේ ඉදි වූ ඓතිහාසික කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර දේවාලයේ මහා සංඝයා විෂයෙහි දන් දී පින් අනුමෝදන් කිරීම සදා අනුස්‌මරණ කළගුණ සැලකීමකි. එබැවින් ඉදිවූ දෙවොල අනාගත පරපුර වෙත ආරක්‌ෂා කිරීම විහාරාධිපති, වාරියපොල ශ්‍රී සුමංගල හිමි වැනි භික්‌ෂු පරපුරක ආදර්ශය ගෙන ආරක්‌ෂා කිරීම යුතුකමක්‌ද වන්නේය.

කිවුලේගෙදර මොහොට්‌ටාලගේ වටිනාකම වනුයේ, එතුමා ඌවේ අවසාන යුග පුරුෂයා වීමය.

වලපනේ මයුරා ධජයට හිමිකම ලැබූ අවසාන වලපනේ දිසාව වීම.

එංගලන්තයේ තැන්පත් කර ඇති රාවණ ප්‍රතිමාවේ උරුමකරු වීම.

රාවණ ඇදහීමේ ගුප්ත විද්‍යාව දත් අන්තිම දිසාවේ වීම

රාවණ රජු පිළිබඳව තල්පතක ලියූ අවසන් වීරෝදාර සටන් නියමුවාණන් වීම

වෙල්ලස්‌සේ අභීත සිංහලයා දේවත්වයෙන් අදහන සැබෑ ජනහිතකාමී නායකයා වීම.

එබැවින් ඉංග්‍රීසීන් විසින් මතු පරපුරට උරුම නොකොට මළ සිරුරට පවා වධ බන්ධන සිදුකර මානව හිමිකම් උල්ලංඝනය කර, ඉතා රහසිගතව එනම්, බදුල්ලේ කච්චේරිය පිටුපස ඇති මුස්‌ලිම් පල්ලියේ වළ දමා ඇති කිවුලේගෙදර මොහොට්‌ටාල නම් අභීත රණශූර දෙවියාට පින් අනුමෝදන් කිරීම හා ඉතිහාසයේ රන් අකුරින් මෙතුමාගේ නාමයද සටහන් කීරීම යුග මෙහෙවර වන්නේය.

වසර 190 න් පසු එතුමා පැතූ නිවහල් නිදහස්‌ දේශයක අද අපි ලෙයින් කඳුළින් ලියවූ ඉතිහාසයක්‌ සටහන් කර තබන්නෙමු.

වෙල්ලස්‌සේ නිදහස්‌ සටනේ ආරම්භකයා වලපනේ දිසාවේ බවට පහත සාධක ඉදිරිපත් කළ හැක.

උපුටාගැනීම උඩරට මහා කැරැල්ල - තෙන්නකෝන් විමලානන්ද

1819 මැයි 1 දා බදුල්ලේදී හිටපු කතරගම මහබෙත්මේගේ කට උත්තරය.

ප්‍රශ්නය - විල්සන් මහතා තෝල්ක හඡ්ජි මුහම්දිරම් මැරුමේ කවුද ?

පිළිතුර - බූටාවේ රටේ රාළ, කිවුලේගෙදර දිසාවේ, කුඩා බදුදුගුගම රටේ රාළ,

හඡ්ජි මුහන්දිරම් මැරුවේ කිවුලේගෙදර දිසාවේගේ කීම පිට ඔහු ඉදිරිපිටදී.

ප්‍ර - මේ සඳහා ද්‍රවිඩ ජාතිකයන් රැගෙන ආවාද?

පි - කැරැල්ල පැවතුන කාලේ මා දුටු එකම ද්‍රවිඩයා රාමිස්‌සාමියි.

1818 දෙසැම්බර් 11 වන දින රොබට්‌ බ්‍රවුන්රිග්ගේ ලිපියෙන් කිවුලේගෙදර මෙහොට්‌ටාල ඒ දිනය දක්‌වා අල්ලාගෙන නොසිටි බව තහවුරු වේ.

උපුටා ගැනීමගැනීම - උඩරට මහ කැරැල්ල තෙන්නකෝන් විමලානන්ද

(ප්‍රධාන කැරලි නායක පිළිමතලාවේ සහ කැප්පෙටිපොල අල්ලා ගැනීමේ භාග්‍ය ද බුදුන්ගේ දන්ත ධාතුව ආපසු ලබා ගැනීමටද සඳහන් වේ. අල්ලා නොගෙන ඉතිරිව ඇත්තේ තරමක්‌ බලවත් බුද්ධි සම්පන්න වලපනේ දිසාවේ කිවුලේගෙදර එකම එක පුද්ගලයා නිසාද, කැරැල්ල, මැඩ පැවැත්වීම සම්පූර්ණ විය.) ඒ අනුව, රාවණ ඉතිහාසයද, ඌවේ ඉතිහාසයද, ඉතිහාසයේ වටිනාකමක්‌ නොහඳුනන, ජාතියේ හා දෙAශයේ අගය නෙහඳුනන උගතුන් යෑයි කියා ගන්නා කිසිවෙකුටවත් ඌවේ මානව හිමිකම් කිසිදා වළ දැමීමක්‌ කළ නොහැකිය. එමෙන්ම ඌවේ වැසියන් වෙනුවෙන් ඉංග්‍රීසීන්ට මතු කලෙක නීත්‍යානුකූලව වන්දි ගෙවීමට සිදු වනුද නොඅනුමානය. ලංකා ඉතිහාසයේ කිසිදා උඩරට මහ කැරැල්ලක්‌ සිදු නොවූ අතර, පෙරදිග රටවල් ආක්‍රමණය කළ මානව හිමිකම් උල්ලංඝනය කළ ප්‍රබල මිලේච්ඡ ජාතියකට එරෙහිව ලොව පැරණිම ශිෂ්ටාචාරය හා නීත්‍යානුකූලව ලෝක සිතියමට හිමිකම් ඇති ශ්‍රී ලංකා පොලොවේ ජනිත මිනිසුන් වීරත්වයේ නාමයෙන් 1818 මහා නිදහස්‌ සටනක්‌ පමණක්‌ සිදුකර ඇත.

ජලිත අමරසිංහ

දිගාමඩුල්ලේ වනගත උරුමය හා බින්තැන්නේ ඓතිහාසික ස්‌ථාන


දිගාමඩුලු රජ දහනෙහි අතීත තොරතුරු හොයා යන කවරෙකු වුවද වනගත ව පවතින ඓතිහාසික ස්‌ථාන, විහාර පුද බිම් හා වාරි නටබුන් ඇති තැන් දැන හැඳින ඒවා දැක බලා ගනිමින් හැදෑරිය යුතු වේ.

වියළි කාලයේ වතුර පොදක්‌ නොමැති ව කරාගැටිවන වියළි වන බිම් ලඳු ගහන ඔස්‌සේ ගොස්‌ දිගාමඩුලු ඉතිහාසයේ අතීත පියසටහන් කියවීමට කැමැති ඇත්තන් අද විරලය. එහෙත් ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන ලාංකික ජන සංස්‌කෘතියේ ප්‍රාග්ධනය වැළලී ඇති පුරාණ රෝහණ දේශයේ නැගෙනහිර මායිමේ කැලෑව තුළ සැඟවී ගත් මේ සංස්‌කෘතික ප්‍රාග්ධන මූලයන් හාරා අවුස්‌සා ඒවා පිළිබඳ යම් අධ්‍යයනයක්‌ කර තැබීම අනාගත පරපුරට අප විසින් පවරා දිය යුතු දායාදයක්‌ සේ සලකා දිගාමඩුලු ඉතිහාසයේ ඉතා සුළු අංශු මාත්‍රයක්‌ මෙසේ හෙළි කර තබමි.

අපගේ අවධානයට ලක්‌වන්නේ දිගාමඩුලු බින්තැන්නට අයත් රෝහණ දේශයේ බිම් කඩෙන් අංශු මාත්‍රයක පිහිටි ඓතිහාසික තොරතුරුවලින් බිඳකි. දිගාමඩුල්ල පුරා ගමින් ගමට දක්‌නට ලැබෙන නටබුන්ව ගිය වැව් කණ්‌ඩි දස දහස්‌ ගණනක්‌ ඇසුරු කරගෙන නිර්මිත ව තිබූ ජනාවාස කොතෙක්‌ ද ඒ හැම ගම්මණ්‌ඩියකම එළි පෙහෙළි කළ විහාරස්‌ථානයක්‌ හෝ පුද බිමක්‌ තිබිණි.

දිගාමඩුලු බින්තැන්නේ දක්‌නට ලැබෙන නටබුන්ව ගිය වැව් කණ්‌ඩි හෙවත් වැව් කොටු අසල හෝ ඒවාට සමීපව හෝ ගරාවැටුණු ස්‌ථූපයක හෝ විහාරස්‌ථානයක හෝ නටබුන් දැක ගත හැකි වේ.

ඇතැම් විටක ගම්මානයක විහාරාරාම දෙක තුනක නටඹුන් හමු වේ. එහෙත් ඒවා එක ම කාලවකවානුවක ඉදි කළා නොවන්නට පුළුවන. දිගාමඩුලු බින්තැන්න කලාපය තුළ තැනින් තැන පැතිරී තිබෙන ශේෂ කඳු වැටී හා උස්‌ ගොඩැලි සහිත පර්වත මේ ප්‍රදේශගතව දක්‌නට ලැබෙන භූ විෂමතාවයේ සුවිශේෂ ලක්‍ෂණයකි. මේ උස්‌ නොවූ ශේෂ කඳු පර්වතවලත්, ගොඩැලි පර්වතවලත් නිසැක ව ම පැරණි විහාරස්‌ථානයක නටබුන් හෝ ස්‌ථූපයක ගරාවැටුණු අවශේෂයන් දැකිය හැකි වේ. එසේත් නොමැති නම් විචිත්‍රත්වයෙන් තොර ශිලා ස්‌ථම්භ සිරිපාද ලාංඡනය සහිත ගල් පුවරු ආදිය හා පාදක්‌මත නටබුන් දැකිය හැකි වේ.

මේ නටබුන් අතර බෞද්ධ වෙහෙර විහාර පමණක්‌ නොව දෙවි දේවතාවුන් ඇදහීම සඳහා වූ දේවාල, සංහිද ගල් පුවරු පුල්ලෙයාර් වැනි දේව ප්‍රතිමා ආදිය ද දක්‌නට ඇත. හින්දු ආගමික බලපෑමෙන් පසුකාලීන ව ඇති වූ ඇදහීම් රටාවේ ලක්‍ෂණ දක්‌වන දේව ප්‍රතිමා පොළොන්නරු යුගයේ දී ඇති වූ බලපෑම් හේතුවෙන් යාබද ව පිහිටි බින්තැන්න කලාපය වෙත ද පැමිණ ඇත.

දිගාමඩුලු බින්තැන්නේ දක්‌නට ඇති තරමක්‌ උසින් පිහිටි ශේෂ කඳුවැටි කිහිපය ආශ්‍රිත ව බලකොටු හෝ ප්‍රාදේaaශීය රාජධානි පැවති බවට එකී ගිරිමුදුන්වල තිබෙන පවුරු පදනම් දිය තටාක ආදියෙන් තහවුරු වේ. ගිරි මුදුන් කිහිපයක පිහිටි ගල්ලෙන්වල කටාරන් මෙන් ම ලෙන් ලිපි දක්‌නට ඇත. මේවා ක්‍රි. පූ. යුගයේ ඒවා බව නිගමනය කළ හැකි වේ. බ්‍රාහ්මී අක්‍ෂර සටහන්වලින් යුක්‌ත මෙබඳු ගිරි ලිපි හා ලෙන් ලිපි පිළිබඳ මෙතෙක්‌ ගවේෂණාත්මක අධ්‍යයනයක්‌ කර නැතත් ඉන් කිහිපයක්‌ සටහන් කරගත් පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ඒ පිළිබඳ විග්‍රහයක්‌ කර ඇත. (උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ග්‍රන්ථය)

බින්තැන්නේ ස්‌ථාන කිහිපයක දක්‌නට ඇති මෙම සෙල්ලිපිවලින් දිගාමඩුලු බින්තැන්නේ වනගත උරුමය මැනවින් කියාපායි. මේ සෙල්ලිපි මැනවින් අධ්‍යයනය කිරීමෙන් ප්‍රදේශයේ පැරණි ස්‌ථාන නාම මෙන්ම, වාරි මාර්ග පිළිබඳ තොරතුරු රැසක්‌ හෙළිකරගත හැකි වේ.

දිගාමඩුලු ඉතිහාසය හැදෑරීමේ දී බින්තැන්න වෙල්ලස්‌ස එක්‌ කලාපයක්‌ වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම කිසිසේත් විදුහුරු නොවේ. දිගාමඩුලු බින්තැන්නත්, ඌව වෙල්ලස්‌සත් රෝහණට අයත් කලාපයක්‌ ලෙස එක ම ඈඳුත්තක බැඳී තිබුණු හෙයින් ලංකාවේ සංස්‌කෘතික ප්‍රාග්ධනය නිශ්චිතව ම රැඳී පැවැති රුහුණේ යටගියාව ද සමග ගෙන බින්තැන්න යටගියාව හැදෑරිය යුතු වේ. 

පළමු ලිපි කිහිපයක්‌ මගින් රෝහණ දේශයේ පුරාණය ගැන අප කරුණු දක්‌වා ඇත්තේ එහෙයිනි. එහෙත් රුහුණේ ඉතිහාසය අප වැන්නකුට එහෙත් මෙහෙන් අත ගා හැදෑරීමට තරම් ශක්‌තියක්‌ නැත. රුහුණේ ඉතිහාසය පිළිබඳ මෙතෙක්‌ පුරා විද්‍යාත්මක හැදෑරීමක්‌ කර නැතිවාක්‌ මෙන් ම ඒ පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණයක්‌ ද කර නැත. එවැනි භාරධූර කාර්යයකට අත ගැසිය යුත්තේ විශ්වවිද්‍යාලයක්‌ වැනි විද්‍යාර්ථින්ගෙන් සැදුම්ලත් ආයතනයකින් ය.

එබැවින් දිගාමඩුලු බින්තැන්නේ ඉතිහාසය පිළිබඳ පමණක්‌ අපගේ අවධානය යොමු කෙරේ. කවදා කව්රුන් විසින් කළයුතු දෙයකට මග පාදා තැබීම අරමුණු කරගත් අපගේ මේ උත්සාහයේ දී ආර්යන්ගේ පැමිණීමේ සිට බුදු දහමේ සම්ප්‍රාප්තියත්, රෝහණයේ නැගීසිටීමේ සිට අනුරාධපුර යුගයේ ප්‍රබෝධය දක්‌වා වූත් කාල සීමාවන් කෙරෙහි ද ඉංග්‍රීසින්ගේ ආක්‍රමණයෙන් පසු ඇති වූ සමාජ විපර්යාසයන් ඇතිවූ කාලය පිළිබඳව ද අපගේ සැලකිල්ල යොමු වේ.

වසර දෙදහස්‌ පන්සීයකටත් වැඩි සංස්‌කෘතික උරුමයක්‌ හිමි ශ්‍රෙෂ්ඨ ඉතිහාසයක්‌ තිබෙන අපට නොයෙක්‌ අවස්‌ථාවන්හිදී ඓතිහාසික විපර්යාසයන්ට මුහුණ පෑමට සිදුවුවද ලක්‌වැසියන්ගෙන් 70% ක්‌ පමණ තවමත් ව්‍යවහාර කරන්නේ පුරාණයේ සිට පැවත ආ සිංහල බසය.

ඒ අනුව මෙරට විසූ ජනයා වසර 3200 ක්‌ පමණ කාලයක්‌ භාවිත කර ඇත්තේ සිංහල භාෂාව බව ක්‍රි.පු. තුන්වන සියවසේ සිට මෙහි පිහිටුවා ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වේ.

ආදිම සිංහලයන් ලංකාවට පැමිණියේ දඹදිව සිංහ පුරයෙන් යෑයි පැවසේ. සිංහපුරය ලාට නම් රටෙහි පිහිටි බව මහාවංශයේ සඳහන් වෙයි. එම සඳහන අනුව ක්‍රි. පූ. 543 දී විජය ඇතුළු ආර්යන් පැමිණීමට පෙර ද මෙරට ජනාවාස පැවති බවට සාධක ඇත. ලිත ඉතිහාසයේ සඳහන් නොවෙතත් ඊට බොහෝ කාලයකට පෙර සිට මෙරට ශිෂ්ටාචාර ජනකොටස්‌ විසූ බවට සාධක තත් ඉතිහාස වෘතාන්තයෙන් ම ගෙනහැර දැක්‌වේ.

කුවේණි නම් තැනැත්තියක්‌ කපු කටිමින් සිටි බව මහාවංශයෙන් කියෑවෙන පුවත ඉතිහාසය යාවත්කාලින කරවීමට ඇති ප්‍රබල සාධකයක්‌ වේ.

දියුණු ජන මූලයක නායිකාව වූ කාලවර්ණී හෙවත් කුවේණි මෙරට විසූ ස්‌වදේශීය ජන නායිකාවකි. ඇයගේ අනුග්‍රහය නොලැබෙන්නට විජය ඇතුළු පිරිසට මෙරට තම බලය තහවුරු කර ගත නොහැකි වේ.

මහාවංශකරුවා දක්‌වන විජයගේ පැමිණීමේ සිද්ධියට වඩා විස්‌තරයක්‌ රාජාවලියේ සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට විජය මෙරටට පැමිණෙන අවධියේ දී ලංකාවේ ප්‍රධානීන් තිදෙනකු යටතේ ගෝත්‍රික ජන කොටස්‌ තුනක්‌ ව්‍යාප්ත ව සිටිය හ. උත්තර දේශයේ කොණ්‌ඩවාන නම් යක්‍ෂ ගෝත්‍රික නායකයා ප්‍රමුඛ ගෝත්‍රික ජන කොටසක්‌ වාසය කළහ. පසු කාලීනව වැදී ගෝත්‍රිකයන් වූයේ ඔවුන්ගෙන් පැවත එන්නන් යෑයි පැවසේ. 

මධ්‍යම දේශයේ කාලසේනගේ නායකත්වයෙන් යුක්‌ත ගෝත්‍රික ජන සමූහයකුත් දක්‌ණ දේහයේ චූලෝධර මහෝධර දෙදෙනාගේ නායකත්වයෙන් යුක්‌ත ජන කොටසක්‌ විසූහ.

මෙවන් ලිත ඉතිහාස තොරතුරු අනුවත්, මානව විද්‍යාත්මක ගවේෂණවලිනුත් ආර්යන්ගේ පැමිණීමට පෙර සිට මෙරට මිනිස්‌ ජනාවාස තිබූ බවට නිගමනය කළ හැකි වේ.

විජයගේ පැමිණීම සිදුවීමට පෙර සිට ම ලංකාවේ ස්‌වදේශීය ජනවර්ගයන් කිහිපයක්‌ ජීවත්වන්නට ඇතැයි නිසැකවම නිගමනය කළ හැකි වේ. බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදු වූ අවස්‌ථාවේ මහියංගනයේ දී සිදු කෙරුණු යක්‍ෂ ගෝත්‍රික දමනය ආදී සිද්ධීන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. විජයගේ ආගමනයෙන් පසුව එකී ආර්යයන් හා මෙරට විසූ ස්‌වදේශීය ජනයාත් අතර ඇති වූ සම්මිශ්‍රණය ලංකාවට පමණක්‌ සීමිත වූ සිංහල ජන කොටස බිහි කිරීමට හේතු කාරක විය. විජය පැමිණියා යෑයි සැලකෙන ලාට රට සිංහපුරයෙහිවත් නොමැති සිංහල ජන වර්ගය ලංකා භුමි තලයේ නිර්මිත වූයේ විජයගේ පැමිණීමෙන් පසු ව පැමිණි ආර්ය ජන කණ්‌ඩායම් හා දේශීය ජන වර්ගයන්ගේ එක්‌වීමෙනැයි කිව හැකි කරුණු අතර, ප්‍රධාන තැනක්‌ ගන්නේ අප මෙහි මුල් පරිච්ඡේදයක දක්‌වා ඇති පරිදි පන්ඩුවාස දේවයන්ගේ දුහිතෘ උන්මාද චිත්‍රාවන් කුසින් උපන් පණ්‌ඩුකාභය කුමරුන් පිළිබඳ වූ ඓතිහාසික වෘතාන්තයයි.

ඒ කෙසේ වෙතදු ලක්‌දිව පැරණි බෙදීම් අනුව උත්තර දේශය, මධ්‍යම දේශය හා දක්‌ණ දේශයන් හි ස්‌වදේශීය ජන කොටස්‌ සිය බලය තහවුරු කරගෙන සිටි සමයේ මෙරටට පැමිණි පිරිසේ සිටි ප්‍රධානියා වූ විජය තම්බපන්ණි නගරය ඉදි කළ අතර, අනුරාධ අමාත්‍යවරයා අනුරාධගාමය ඉදි කළ බවත්, එයට උතුරු දෙසින් ගම්භීර නදී තෙර උපතිස්‌ස ඇමැති විසින් උපතිස්‌ස ගාමය ඉදි කළ බවත්, පවසන වංශ කතාකරුවන් අනෙක්‌ ඇමැතිවරුන් උඡ්ඡේනි, උරුවෙල සහ විජිත ගාම ඉදි කළ බව ද සඳහන් කරයි.

ඉක්‌බිති විජය රජු සිය අභිෂේක මංගල්‍යය සඳහා මෙහෙසියක ගෙන්වා කුවේණිය පිටුවහල් කොට රාජ්‍ය විචාළේය. එහෙත් අභාග්‍යයකට මෙන් මධුරා පුරයෙන් ගෙන ආ මෙහෙසිය ගෙන් විජයට දාව දරුවන් නොලැබුණෙන් විජයගෙන් පසු ව ලංකා රාජ්‍ය විචාරීම සඳහා තම සොයුරු සුමිත්තගේ පුත් පණ්‌ඩුවාස දේව කුමාරයා ගෙන්වා ගැනීමට සිදු වේ. පණ්‌ඩුවාස දේවයන්ගේ මෙහෙසිය බවට පත් වූ භද්දකච්චානා කුමරිය ගෝණගාමක තොටින් ලක්‌දිවට ගොඩබටුයේ තම සොහොයුරන් ද සමගය. එයින් එක්‌ කුමරෙක්‌ වූයේ රෝහණ කුමරු ය. අනෙක්‌ කුමරුවෙකු වූ දීඝායු දීඝ ජනපදය පිහිටුවා ගත්තේය.

රෝහණ කුමරුන් පිහිටු වූ රෝහණ දේශයට අයත් වූ දීඝවාපිය හෙවත් දිගාමඩල් ප්‍රදේශය ද මේ අනුව මෙරට බිහි වූ සංවිධානාත්මක පැරණිම ජනාවාසයක්‌ බව තහවුරු වේ. ලංකාවේ මුලින් ම පිහිටු වූ සංවිධානාත්මක ජනාවාස අතරින් පසුකාලීන ව බලවත් ව ස්‌ථාවර තත්ත්වයට පත්වූයේ අනුරාධ ගාම, රෝහණ ගාම හෙවත් රෝහණය හා දීඝායුගාම හෙවත් දීඝ ජනපදයයි. දීඝ ජනපදය යනු දිගාමඩුල්ල ය.

මේ කරුණු අතර දිගාමඩුලු බින්තැන්න වඩාත් වැදගත් වන්නේ දිගාමඩුල්ලේ අනෙකුත් පෙදෙස්‌වලටත් වඩා ඉපැරණි ජනමූල අයිතියක්‌ හා සිංහල ජාතියේ ආරම්භයටත් පෙර සිට පැවත එන දේශීය වූ අනන්‍යතාවක උරුමය කියාපාන හෙයිනි.

මෙරට ආදිකාලීන ජනාවාස ඇතිවූ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාස පැවති දේශයක්‌ වශයෙන් මෙන් ම ඉන් පසු කාලයේ දී එම ආදි කාලින මානවයන්ගෙන් පැවත ආ වනගත ව විසූ ව්‍යාධ හෙවත් විඳින්නන්ගේ ජනාවාස පැවති පෙදෙසක්‌ වශයෙන් ද බින්තැන්නට ඇති අයිතිය හා ජන උරුමය ද බින්තැන්න සතුව පවතින සංස්‌කෘතික උරුමය ද ශ්‍රී ලංකාවේ වෙනත් කුමන හෝ දේශයක දක්‌නට නොමැති බව මෙහි ඇති සුවිශේෂත්වයයි. 

එවැනි පුරාතන යුගයක වනගත හෙළ උරුමයක්‌ දායාද කරගත් පෙදෙසක තිබෙන ඓතිහාසික ස්‌ථාන හා වාරි නටබුන් පමණක්‌ නොව ජන සංස්‌කෘතීන් ද එකින් එක තෝරා බේරා මැනවින් හැදෑරිය යුතුවේ. එම කාර්යෙහිදී බින්තැන්න පුරා පැතිරී ඇති නටබුන් වෙහෙර විහාර පමණක්‌ නොව අතීතයේ ගල් ලෙන් තුළ විසූවන් සත්ත්ව ලෙයින් හා අළුවලින් ගල් තුළ ඇඳි රූ සටහන් පවා අපට ඉතා වැදගත් වේ.

ආර්යන්ගේ පැමිණීමෙන් පසු මෙරට සිදු වූ ඓතිහාසික හා සංස්‌කෘතික විප්ලවයට මුල් වූයේ බුදු දහමේ සම්ප්‍රාප්තියයි. ක්‍රි. පූර්ව තුන්වන සියවසේ මෙරටට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ මිහින්තලය ප්‍රමුඛ අනුරාධපුර පෙදෙස බෞද්ධ සංස්‌කෘතියෙන් පෝෂණය වූ මෙරට මුල්ම කලාපය වශයෙන් යම් සේ වැදගත් වේද, මිහිඳු හිමියන් හා ඒ සමග මෙරටට වැඩම කළ ඉත්ථිය තෙරුන් වහන්සේ කලක්‌ ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් වැඩ විසූ දිගාමඩුල්ලද වැදගත් වේ.

මහින්දාගමනය සනාථ කරන ප්‍රධානතම සාධකය වන්නේ දිගාමඩුල්ලට අයත් රජගල ඇති සෙල්ලිපිය යි. එම සෙල්ලිපිය ලාංකික බෞද්ධයන්ගේ ඉතිහාසය සනිටුහන් කරන සාධකයක්‌ පමණක්‌ නොව රෝහණයට අයත් දිගාමඩුල්ලේ ඇති වැදගත්කමද සනිටුහන් කරයි.

දේවානම් පියතිස්‌ස නිරිඳුන්ගේ සමය වන විට ද රෝහණ දේශය දියුණුවට තිබුණ බවත්, දිගාමඩුල්ල එහි ප්‍රධාන ජනාවාසයක්‌ බවට පත්ව තිබුණ බවත් රජගල සෙල් ලිපියෙන් හා එහි ඉතිහාසයෙන් කියෑවේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන ගැන සඳහන් එකම සෙල් ලිපිය දිගාමඩුල්ලේ සටහන් කිරීමට තරම් දියුණු තත්ත්වයක මේ ප්‍රදේශය පැවැති බව ඒ අනුව සිතාගත හැකිය. දිගාමඩුල්ල අතීතයේ සංවර්ධනය වූ ආශ්චර්යවත් ප්‍රදේශයක්‌ ව පැවැති බව බින්තැන්න පුරා දක්‌නට ඇති වාරිමාර්ග හා පුදබිම්වල නටබුන්වලින් පැහැදිලි වේ.

උත්තිය රජු විසින් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු අනෙකුත් රහතන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසු, එම ධාතුන් නිධන් කොට මෙහි ස්‌ථූපයක්‌ කළ බව රජගල ලෙන් ලිපියේ සඳහන් වේ. මෙයින් පැහැදිලි වන කරුණක්‌ වන්නේ මිහිඳු මහ රහතන් ඇතුළු පළමු ධර්මදූත කණ්‌ඩායම සිය මෙහෙවර ඉටු කරමින් රජගල ආශ්‍රිත වද විසූ බවය. ලක්‌දිව බුදු දහම ප්‍රචලිත කිරීමේ මුල් අදියර රජරට අනුරා පුරයත් රෝහණයේ දිගාමඩුල්ලත් මධ්‍යස්‌ථාන කරගෙන සිදු නොකරන්නට ඇතැයි මෙම කරුණු අනුව නිගමනය කළ හැකි වේ. රජරට පෙදෙසේ මෙන්ම පැරණි යුගයේ බෞද්ධ විහාරස්‌ථානවල හා ඉපැරණි සඳකඩ පහන් ගල් කුළුණු ආදියේ නටබුන් රැසක්‌ දිගාමඩුල්ලේ දී දක්‌නට ලැබෙන්නේ මේ හේතුවෙන් බව ඉහත දැක්‌වූ ඓතිහාසික සංසිද්ධීන්ගෙන් සනාථ වේ.

දිගාමඩුල්ලේ දක්‌නට ලැබෙන ඉතා වැදගත් ඓතිහාසික ස්‌ථාන අතරින් දීඝවාපිය, රජගල, සමන්ගල, සමනබැද්ද, මඟුල්මහ විහාරය, කුඩුම්ඹිගල, නීලගිරිය, මුහුදු මහා විහාරය, ශාස්‌ත්‍රවෙල, කොටවෙහෙර, ඔවාගිරිය, උදයගිරිය, බුද්ධංගල ආදී ස්‌ථාන සුවිශේෂී ඒවා ය.

එමෙන් ම දිගාමඩුලු බින්තැන්නේ ද වැදගත් ඓතිහාසික ස්‌ථාන රැසක්‌ දක්‌නට ඇති අතර මෙතෙක්‌ අනාවරණය නොවූ පැරණි නටබුන් සහිත ඓතිහාසික ස්‌ථාන රැසක්‌ තිබිය හැකි බව අපගේ හැඟීමයි. දැනට සොයා දැන හැඳින ඇත්තේ පුළුකුණාව, බොල්ලෑගම, වෙහෙරගල, රතුපස්‌ උහන, ඔමුණේගල, නුවරගල, මල්ගහඋස්‌ස, ගල්පෝරුයාය, ටැම්පිටිය, නියදවරාගල, ටැම්බිත්තිය, කොල්ලෑගම, බොල්ලෑගම, කුඩාහරස්‌ගල, හරස්‌ගල ගල්ලෙන් විහාරය, සේරන්කඩ, නාවින්න, පදීදොර, කොකාගල, කෙහෙල්උලුව, දන්කුඹුර, දියමල්කන්ද, ඇල්ලේගොඩ, හෙනන්නේගල, කොට්‌ඨාශ ආදී ස්‌ථානයන් කිහිපය පමණකි.

සඳරුවන් ලොකුහේවා
2010 ජුනි 06 ඉරිදා දිවයින

සිංහලේ රාජ උරුමයේ අවසානය

දෙවැනි රාජසිංහගේ එකම පුත් දෙවැනි විමලධර්මසූරියගේද එකම පුතා වූයේද වීරපරාක‍්‍රම නරේන්ද්‍රිසිංහයි. මේ කුමරු රාජකීය පරම්පරාවකට සම්බන්‍ධ නොවූ දෝලියකට දාව රජුට ජාතක වූ දරුවෙකි. ඔහු හැදී වැඩුණේ රජ මාලිගාව තුළ නොව උඩිස්පත්තුවේ පොද්දල්ගොඩ ප‍්‍රදේශයේ ගල් ගුහාවක් තුළ රහසිගතවය. එබැවින් ඔහු හැඳින්වූයේ ‘‘කඩතුරා ගල්ලෑනේ කුමාරය’’ යන හුරතල් නාමයෙනි. දෙවැනි විමලධර්මසූරිය රජු 1706 ජූනි 06 දින හදිසියේම මියගියෙන් රජකමට සුදුස්සෙකු තෝරා ගැනීම පිළිබඳව මතභේදයක් රාජ සභාවේ පැණ නැගුණි.
දෙනුවර ප‍්‍රධානීන්ගේ මතය වූයේ මාලිගය තුළම හැදී වැඩුණ රජුගේ තවත් දෝලියකගේ පුතෙකු වූ මාම්පිටිය බණ්ඩාර රජකමට සුදුසුබවය. ඔවුන් එසේ යෝජනාකළත් සම්ප‍්‍රදාය අනුව රජකෙනෙකු තෝරා ගැනීමේ බලය තිබුණේ දුම්බර ප‍්‍රධානීන්ටය. දෙදුම්බරම ප‍්‍රධානීන් වැඩි පිරිසක් මේ කඩතුරා ගල්ලෑනේ කුමාරයාට පක්‍ෂ වීමෙන් ඔහු වැඩි කැමැත්තෙන් රජකමට තෝරා ගනු ලැබීය.
වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නමින් දහඅට වැනි වියේදී රජවී තිස්තුන් අවුරුද්දක් (1706-1739) රජකළේ මේ කුමාරයාය. ඔහු සියලූ රාජ්‍ය පාලන කටයුතු සෙංකඩගල නුවර සිට මෙහෙයවූවත් පදිංචිය සඳහා මාලිගාවක් කුණ්ඩසාලේ උඩමලූව ප‍්‍රදේශයේ ඉදිකරවා එහි පදිංචි වූයේය. එහි විහාරයක්ද තනවා කලෙක ආරක්‍ෂාව සඳහා දළදාවද තබා ඇත. ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහාරාමය නමින් එය අදටත් දැකිය හැක. මාලිගයෙහි නටඹුන්ද මීට වසර තිහකට පමණ ඉහතදී දැක ගැනීමට ලැබුණත් අද වන විට ඒවා තවත් දිරාපත්ව ඇත. රජතුමා සෙල්ලම්කාර ජීවිතයක් ගත කළ බැවින් සෙල්ලම් රජ්ජුරුවෝ නමින්ද ජනතාව අතර හැඳින්විණ.
රජතුමා ලන්දේසින් සමඟද වෙළඳ සබඳතා ගොඩනඟා ගත්තේය. ගම්සභා අධිකරණ, රට සභා අධිකරණ හා සිංහල ශ්‍රේෂ්ඨාධිකරණ පද්ධතිය ඇතිවූයේද මේ රජතුමා සමයෙහිදීය. රජතුමා දුම්බර බණ්ඩාර ඇළ, පිලවල වැව, දම්බරාව වැව ආදිය ඉදිකිරීමෙන් ගොවිතැනටද විශාල සේවාවක් ඉටු කළේය. රජතුමාගේ පාරම්පරික ආරය නිසාදෝ ඔහුටත් සිංහල බිසවුන්ට දාව දරුවන් නොවීය. උඩිස්පත්තුවේ කුරුකොහුගම යුවතියක්ද මාලිගාවට බිසෝ තනතුර සඳහා කැන්දන් ආ නමුත් ඇය අතර මඟදී දිව ඇද විකාගෙන ජීවිතය හානි කර ගත්තාය. ඇය ආදාහනය කළ කඳු ගැටය අදත් ආදාහන ගල නමින් දැකිය හැක.
රජතුමාගේ පාලන සමය නොරිස්සූ රාජසභාවේම පිරිසක් ඔහු මැරවීම සඳහා උපක‍්‍රමයක් යෙදවීය. රජතුමා දිය නෑමට ගොස් දියේ පැය ගණන් කරණම් ගැසීමට පුරුදුව සිටියේය. මෙසේ ජල ක‍්‍රීඩා කරන අවස්ථාවක රජතුමා මැරවීම සඳහා උල්කළ යකඩ කූරු ගඟ පතුලේ සිටුවා තැබීය. පිණුම් ගසන විට ඒවා ඇණී රජතුමා මරණයට පත් කිරීම අරමුණ විය. රජතුමා දිනක ජලයට පැනීමට පෙර බත්කූරෙකු ජලය මත සිටිනු දැක මෙය විය නොහැකි දෙයක් යැයි සිතා පරීක්‍ෂා කර බලන විට කාරණය අවබෝධ කොට ගත්තේය. කරුණු විමසා බලා මෙම සිද්ධියට වගකිව යුතු තම මහ අධිකාරම් වූ (අග‍්‍රාමාත්‍ය) රම්මලක දිසාව මරවා දැමීය.
දුම්බර රදලයන්ට හිමිව තිබූ මහ අධිකාරම් ධූරය ඔවුන්ට අහිමිකොට ඇහැලේපොල මහ අධිකාරම් ධූරයට පත් කළේය. මෙම සිද්ධියට සම්බන්ධවූ දෙගල්දොරුවේ කහඳ සුමිත‍්‍ර පරපුරට අයත් වූ බණ්ඩාර නමැත්තාද මරා දැමුවේය. මෙම සිද්ධියෙන් පසුව ජනතාවද රජු කෙරෙහි කලකිරීමෙන් රජුගේ අවසානයද ළඟාවිය. බලවත්සේ අසනීප වූ රජුට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වෙදකම්ද, වෛද්‍ය ඩැනියල් නම්  ඕලන්ද වෛද්‍යවරයකු විසින් ලබාදෙනලද බටහිර ප‍්‍රතිකාර වලින්ද රෝගය සුව නොවී රජතුමා 1739 මැයි 13 බදාදා දින අභාවප‍්‍රාප්ත විය.
නරේන්ද්‍රසිංහ රජු මදුරාපුර ආර්ය චක‍්‍රවර්තී පඬු රජුගේ දියණියක් සරණය සඳහා ඉල්ලාද ඇමතිකමට කුමාරවරු දෙදෙනෙක් ඉල්ලාද පඬරු යැවීය. පඬු රජු තම දුව සුමිත්තා හා තම සහෝදර බණ්ඩාර චක‍්‍රවර්තීගේ පුතණුවන් දෙදෙනකු වූ ස්වාමිනාත හා හේමනාත ද සමඟ තවත් දැසි දසු පිරිසක්ද රජතුමා වෙත එවීය. නරේන්ද්‍රසිංහ සුමිත්තාට අග මෙහෙසුන් ලෙස තබා ස්වාමිනාථ අගමැති තනතුරේද හේමනාථ යුව අගමැති තනතුරේද තබා ගෙන රට පාලනය කළේය. මේ පඬුරට නම් නූතන අන්ද්‍රා ප‍්‍රදේශයයි. මෙසේ සිටින අතර සුමිත්තාද දරුපල නොලැබුවාය.
රජතුමා නැවතත් තෙළිඟු රටේ රජුගේ දියණිය වූ කෛයිකේශි නම් කුමරියද ගෙන්වාගෙන බිසෝ තනතුරෙහි තබා ගත්තේය. ඇය තෙළිඟු  භාෂාව කථා කරන නූතන ඔරිස්සා ප‍්‍රාන්තයට අයත්වූ ප‍්‍රදේශයෙනි. මේ වනවිට බණ්ඩාර චක‍්‍රවර්තීගේ අගබිසවගෙන් උපන් සුමේධ නම් කුමාරයා සිය පියා සමඟ ඇතිවූ මතභේදයක් නිසා තම නැගණිවරුන්වූ කෞශල්‍යා හා සුපර්නා යන කුමරියන් දෙදෙනා සමඟ අනුරාධපුරයට පැන ආවෝය. මේ පිරිස අනුරාධපුරයෙහි නුවර වැව වලව්වට ගොස් වතගොත එළිිකර මීට පෙර සිරිමා බෝධිය හා දන්තධාතුව ගෙන ආ පිරිස් සමඟද තමාගේ ඥාති සම්බන්ධය එළිකළ බැවින් එහිම නතර වීමටද අවස්ථාව උදාරකර ගත්හ.
මෙසේ ටික කලක් ගතවූ අතර කෞශල්‍යා එම වලව්වෙහිම උන් ටිකිරි බණ්ඩාර කෙනකුට දාව ගැබ් ගත්තාය. පසුව ඇය එහිදී විවාහ කොට දී සුමේධ කුමරු සිය බාල නැගණිය වූ සුපුණ්ණා සමඟ අනුරාධපුරයෙන් පිටව සෙංකඩගලට පැමිණ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු හමුවූහ. රජතුමාට ඇති සිය ඥාතීත්වය තහවුරු කරගත් රජතුමා ඔවුන්ට නතරවීමට සුදුසු නිවසක් අලකොලඅංග ගමේ ඉදිකරවා එයට ස්වකීය බිසෝ පරපුරේ නමවූ මදුරාව නමද යොදා මදුරාවේ වලව්ව යැයි නම් තැබීය.
දඹදෙණිය, සුඹුලූව, මඩවල ආදී විහාරවල අලූත්වැඩියා කළේය. නරේන්ද්‍රසිංහ රජතුමාගේ සමයෙහි තවත් බණ්ඩාරවරු පැමිණ උඩරට රාජධානියේ තැන් තැන් වල පදිංචි වූහ. අලූදෙණිය, කෙම්පිටිය, කැබැල්ලවිට ආදී ස්ථාන මෙයින් ප‍්‍රධානය. ගබඩා නිලමේ වූ මදුරාවේ බණ්ඩාර දූල්ලෑව ගබඩා නිලමේ කෙනකුගේ දියණියවූ අනුහස්සාමි විවාහ කර ගත්තේය. එම විවාහයෙන් ඔවුන්ට පුතකු හා දූවරුන් හය දෙනකු ලැබුණි. පුතා මායා දුන්නේගේ දුව විවාහකර ගත්තේය. එක් දුවක් ලෙව්කේ බණ්ඩාරගේ පුතාද, එක් දුවක් උරුලෑවත්තේ බණ්ඩාර කෙනකුද, තවත් දුවක් කෙම්පිටියේ බණ්ඩාරගේ පුතාද, තවත් දුවක් උනම්බුවේ බණ්ඩාරද, තවත් දුවක් රත්වත්තේ බණ්ඩාරද, අනෙක් දුව කැප්පෙටිපොල බණ්ඩාරටද විවාහ කර දෙන ලදී.
මෙම සම්භවය විජය රාජසිංහගෙන් පසුව සෙංකඩගල රජවූ කීර්ති ශ්‍රී රාජසිංහයන්ටද උරුමය. ඔහු තෙළිඟු බස කතා කළ අන්ද්‍රා දේශයේ බිසවගේ සහෝදරයාය. කීර්ති ශ්‍රී රාජසිංහද වඩුග කුමාරිකාවන් හතර දෙනකුම ගෙන්වාගෙන බිසෝ තනතුරෙහි තබාගෙන සිටියත් ඉන් එකද බිසවකට හෝ දරුවන් නොලැබුණි. ඊට පසු ඔහුගේ සහෝදර සෙනෙවියකු රාජාධිරාජසිංහ නමින් රජවිය. මේ වන විට ලන්දේසීන් පලවා හැරීමට ඉංග‍්‍රීසින් රජුට උදව් කිරීමට පොරොන්දු වූ නමුත් ඇත්ත වශයෙන්ම එම පොරොන්දු ඉටුකළේ නැත. ලන්දේසීන් සෙංකඩගල නුවර ආක‍්‍රමණය කළවිට සිංහල සේනාව කුණ්ඩසාලය දක්වා පසු බැස්සේය.
මදුරාවේ බණ්ඩාර, අරාවේ බණ්ඩාර, කපුවත්තේ බණ්ඩාර, මඩුගල්ලේ කලූ අදිකාරම්ගේ පුත් මඩුගල්ලේ බණ්ඩාර ආදීන් එක්වී සෙනඟ රැුස් කරවා ලන්දේසි හමුදා මරා දැමුවෝය. ඉන්පසුව ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ජොවාන් ගැරාර්ක් එන්ජලිබැක් සිය හමුදාවද රැගෙන කොළඹට පලා ගියේය. රාජාධිරාජසිංහගේ රන් දෝලියට සහෝදරයෝ හයක්ද සහෝදරියක්ද සිටියහ. මුත්තුසාමි, බංගුසාමි, කන්නසාමි, අප්පාසාමි, අයියසාමි, හා බුද්ධසාමි සහෝදරයන් වූ අතර සහෝදරිය වූයේ රංගම්මාය. රන්දෝලියේ බිසවගේ සුලූ මවුද මාලිඟය තුළම විසුවාය. ඇයගේ දූවරුන් වූ සිරියම්මා හා උපේන්ද්‍රා ද ඒ අතර වූහ. සුලූ මව හා ඇගේ දරුවන් පසුව මල්වත්තේ පදිංචිව සිටියාය. මේ අය බැලීමට රජු මල්වත්තට ගිය අතර එම ප‍්‍රදේශය පිළිමතලාවේ අධිකාරම්ට අයත් වූ බල ප‍්‍රදේශය විය.
සිරියම්මා හා පිළිමතලාව අතර රහස් සම්බන්ධයක් තිබූ බව රජුට අවබෝධ වූයේ ඉන් පසුවය. ඒ පිළිමතලාවගේ සැරයටිය එහි අමතකව දමා ගොස් තිබූ  බැවිනි. ඒ වන විටත් ඇය ගැබිනියක්ව සිටියාය. පසුව ශ්‍රී වික‍්‍රම රාජසිංහ නමින් (1798-1819) අවුරුදු දහ අටේ දී රජවූයේ ඇයට උපන් පුත් කුමාරයාය. මේ වන විට වඩුග බලය තවත් ව්‍යාප්තව මහනුවර මලබාර් වීදිය ඔවුන්ගේ වාසස්ථාන තිබූ ප‍්‍රදේශය විය. රන් ආභරණ ව්‍යාපාරය ඔවුන් සතු විය. 1815 පෙබරවාරි 18 වැනිදා ඉරිදා දින රජු ඉංග‍්‍රීසින්ගේ හිරකරුවකු බවට පත්වන තුරුම සිටි සෙංකඩගල රාජ්‍යයේ අන්තිම රජුද ඔහු විය.
(පුරාවිද්‍යා භූෂණ ඒ.ජේ.ඩබ්ලිව්. මාරඹේ රටේ මහත්මයාගේ ත‍්‍රී සිංහලේ කඩයිම් හා විත්ති පොත හා තවත් ඓතිහාසික ලියවිලි ආශ‍්‍රයෙනි)
ඇස්.බී. කරල්ලියද්ද
2012 මැයි මස 13  | ලංකාදීප කර්තෘ මණ්ඩලය



වඩුගරාජ පරම්පරාවේ අවසන් රජුවූ ශ්‍රීවික‍්‍රම රාජසිංහ

රෝහණ රාජධානියේ අක්මුල් ලොවට හෙළි කිරීමට පේවෙන නීලගිරි සෑය

නීලගිරි සෑය කැණීම් භූමිය හුදෙකලා මහ වනමැද පිහිටියද මහා වැඩ කඳවුරක සිරි ගත්තේය. මේ දිනවල එහි කෙරෙන්නේ දාගැබෙහි පාදම මෙන්ම ඉපැරණි පේසා වළලුද, අවසාන වරට කෙරුණ ප්‍රතිසංස්කරණ අවධියද හඳුනා ගැනීමේ පර්යේෂණ කැණීමය.
පුරාවිද්‍යාඥයන් කියන හැටියට පැරණි දාගැබ් හෝ ස්ථූප සංරක්ෂණය කිරීම, ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. එය සම්පූර්ණයෙන්ම විද්‍යානුකූලව කළ යුත්තක් බව පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා නීලගිරි සෑය අබියසදී අපට කීවේය.
විශාලත්වයෙන් වැඩි පැරණි දාගැබ් සංරක්ෂණය කිරීම බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒක උන්හිටි ගමන් කරන්න බෑ. දැනට ක්‍රියාත්මක වන පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියේ හැටියට කිසිම පැරණි දාගැබක මුල් සැලැස්මත්, විශේෂයෙන්ම අවසන් ප්‍රතිසංස්කරණ අවධියත්, පැරණි පේසා වළලුත් අධ්‍යයනය කරන්නේ නැතිව ඒවා ප්‍රතිසංස්කරණයට අත ගහන්න බෑ. ආවාට ගියාට වැඩ කළොත් ඒ දාගැබ් කඩා වැටෙන්න පුළුවන්. දැන් නීලගිරියේ අපි කරගෙන යන්නේ එහි පාදමත් මුල් පේසාවත්, අවසාන ප්‍රතිසංස්කරණ අවධියත් සොයා ගැනීමේ කටයුත්තයි. ඒ සඳහා අපි 
පර්යේෂණ කැණීමක් කරගෙන යනවා” ඔහු පැහැදිලි කළේය.
නීලගිරි සෑය දුටුමතින්ම අනුරාධපුරයේ ඇති වන්දනීය මහා දාගැබ් සිහිපත් කරවන සුළු බව ඉකුත් සතියේද කීවෙමු. එසේම එය රුහුණේ ඇති තිස්සමහාරාම මහාරාම දාගැබ, යඨාල වෙහෙර, සඳගිරි දාගැබ සහ අම්පාරේ දීඝවාපී දාගැබද, බැති සිත් ඇතිව අපට සිහිපත් කරවන්නේද වෙයි. කිහිප ‍පොළකින්ම ගරා වැටී මුදුන් කොටසෙහි කැලෑ ගස් ගොමුවක්ම වැවුණු නීලගිරි සෑය අද දිස්වන්නේ අනුරාධපුරයේදී ඇස ගැටෙන ජේතවනය හෝ අභයගිරිය වැනි මහ දාගැබක් පරිද්දෙනි. සෑය බඳේ ගඩොළු බැම්මේ සෑහෙන කොටසක් කාලයේ සැඩ ප්‍රවාහයට හසුනොවී සුරැකී සිටින්නට වෙර දරනු වැන්න. අපි සෑරදුන් පැදකුණු කළෙමු. ගල්කණු, ගලින් කළ මල් ආසන සහ තවත් බොහෝ නටබුන් මළුව ආශ්‍රිතව විසිර ඇති සැටි දුටුවෙමු. අතරමග හමුවන ෙශෙලමය සඳකඩ පහනක හෝ පියගැටයක ගෙවී ගිය දාරයක්, වසර දෙදහසක් පමණ මුළුල්‍ලේ එහි ආ ගිය බැතිමත් බොදුනුවන් පිළිබඳව නිහඬව සාක්ෂි දරනු වැන්න.
නීලගිරි සෑයෙහි වපසරිය වට අඩි 628කි. ගරා වැටුණු තත්ත්වයෙන් පෙන්නුම් කෙරෙන උස අඩි 72කි. මේ වන්දනීය ජාතික ස්මාරකය අද ඈතට දිස්වන්නේ වන ගොමුවෙන් සුසැදි කුඩා කඳු ගැටයක් පරිද්දෙනි. දාගැබත්, ඒ ආශ්‍රිත වන භූමියත්, හැඩ ඔය නිම්නයෙන් පිබිදුණු ඉපැරණි රෝහණ රාජධානියේ අක්මුල් ලොවට හෙළිදරව් කරන්නට පේවී සිටිනු දැනෙයි.
අවිධිමත් ලෙස කෙරුණු ප්‍රතිසංස්කරණ නිසා ඉකුත් සමයෙහි ලංකාවේ මහා දාගැබ් දෙක තුනක්ම කඩා වැටුණි. අනුරාධපුරයේ මිරිසවැටිය සහ තිස්සමහාරාමයේ සඳගිරි යන දාගැබ්, ඒ සඳහා ප්‍රකට උදාහරණය. එබැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාරේ දීඝවාපි මහා දාගැබත්, ලාහුගල නීලගිරි සෑයත් සංරක්ෂණය කරන්නේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ එන කොන්දේසිවලට අනුකූලව බොහොම පරිස්සමිනි. නීලගිරි සෑය, 1976 වසරේදී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කරන්නට ගියේය. එහෙත් එය ඉදිරියට ගෙන යාමට හැකි නොවීය. ‘ඒ කා‍ලේ මේ වාගේ කැණීමක් කරලා දාගැබ අධ්‍යයනය කරලා. ඊට පස්සේ සංරක්ෂණය කරන ක්‍රමයක් තිබුණේ නෑ. දැන් අපි නිවැරදිව වැඩ කරගෙන යනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා කොළඹදී පවසා තිබිණි.
ඒ.එම්. හෝකාට් මහතාගේ (1928) ගමනින් පසුව නීලගිරි සෑය අරභයා සවිස්තරාත්මක සටහනක් තබන්නේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ය. ඒ 1965 වසරේ දෙසැම්බරයේදී කළ ගවේෂණයෙන් පසුවය. 1992 වසරේදී පළ කළ ‘උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය’ කෘතියෙහි උන්වහන්සේ මෙසේ සඳහන් කරති.
ගරා වැටී මුළුමනින්ම රූස්ස ගසින් හා ලඳු කැලයෙන් වැසී කඳු ගැටයක් සේ පෙනෙන මෙහි ප්‍රමාණය නිර්මාණය කිරීම අපහසුය. ඉතා අපහසුවෙන් යටි වැවිල්ල මඩිමින් එය මුදුනට ගොස් නැවත වටා ගොස් පරීක්ෂා කර බැලුවෙමි. මට පෙනුණු හැටියට සෑ ගොඩැල්ල අඩි එකසිය තිහක් පමණ උස් වෙයි. එහි ගර්භයෙන් ඉහළ කොටස පහතට ගරා වැටී ගර්භයටද හානි සිදුවී තිබේ. ගර්භය නිදන් හොරුන් හාරා සම්පූර්ණයෙන් ‘පරීක්ෂා’ කර තිබේ. මේ නිසා ස්ථූපයේ ගර්භයට මහත් හානි සිදුවී ඇත. එහි ගල් පලු ඒ මේ අත දමා තිබේ. ගර්භය වසන සෙල් පුවරුව සුන්බුන් අතුරින් මඳක් ඉදිරියට නෙරා ස්ථූපය මත මතු වී තිබේ. කටු පඳුරු කැලය වැවී මේවා වසා ගත් බැවින් නියම පරීක්ෂණයක් කළ නොහැකි විය. පැරණි යුප කණුවේ කොටසක්ද ඒ මත පෙරැළී ඇත. ඡත්‍රග‍ලේ ඇතැම් කැබලි සෑය මතත් විශාල කොටසක් මදක් පහතටත් පෙරැළී රැඳී තිබෙනුත් දක්නට ලැබිණි. ස්තූපයේ ගඩොල් බැම්ම තැන තැන මුල් ස්වරූපයෙන්ම ශේෂ වී තිබේ. මේ ගඩොළක් දළ වශයෙන් අඩියක් පමණ දිගය. ලාහුගල ප්‍රදේශයේ ඉතා පැරණි ස්ථූපවල දක්නට ලැබෙන ගඩොල් මේ හා සමාන වේ. මෙය දැනට පවතින ස්වරූපයට වටා ප්‍රමාණය අඩි දහසක් පමණ වෙයි. ගරා වැටුණු ගඩොලින් හා පසින් පාදම වැසී ඒ මත ගස් වැල් වැවී තිබේ. ස්ථූපය මත වැඩී ඇති විශාල ගස් නිසා ගරා වැටීම නැවතුනා විය යුතුය. ශාස්ත්‍රවෙලද විශාල ස්ථූප දෙකක් රූස්ස ගස් වැවී ඇති නිසා සුරැකී තිබේ. නීලගිරිය රැකගෙන ඇත්තේ වනයම විසිනැයි සිතේ. සමස්තයක් ලෙස ගෙන සලකන විට මේ ස්ථූපය කොටස් දෙකකින් නිම වූවක් බව පෙනී යයි. ස්ථූපය වටා ප්‍රාකාරයක්ද තිබූ බවට එහි බිම විසිරී ඇති ශේෂවලින් පැහැදිලි කෙරේ. ඒ වටා ස්ථාන කීපයක නටබුන් ගොඩැලි වශයෙන් තිබේ. මේවායේ සමහරක පරණිම යුගයට වැටෙන චාම් නිමාවෙන් යුත් ගල් කණු තිබේ. ඇතැම් විට මේවා කිසියම් ගොඩනැගිලිවලට අයත් වූ ඒවා විය හැකිය. මෙවන් විශාල පුරාවස්තුවක් වුවද මේ ගැන හෝකාට් මහතාගේ ගවේෂණය හැර කිසිදු පරීක්ෂණයක් මේ තාක් කර නැත.
පසුව 2011 වසරේ සිට හැඩඔය නිම්නයට යන මහාචාර්ය රාජ් සෝමදේවයන්ටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පත් ගුරුසිංහ, පාලිත අත්තනායක ඇතුළු කැණීම් කණ්ඩායමටත් මුණගැසෙන්නේ ඊටත් වඩා විනාශයට ලක්වූ නටබුන් සමූහයකි. 
‘යුප කණුවේ’ (කොත් කැරැල්ල පිණිස භාවිතා කරන ෙශෙලමය නිර්මාණය) කොටස් ගරා වැටුණු සුන්බුන් අතර තිබිලා අපිට හමුවුණා” සම්පත් සහ පාලිත දුක්මුසුව කීවෝය.
පුරාවිද්‍යා නිලධාරීන් සිය කැණීම් ආරම්භ කරනු ලැබුවේ සෑයෙහි ගර්භය ගරා වැටීමෙන් රූටා ගිය පස් රැඳුණු ස්ථානයෙනි. එහිදී ඔවුන්ට සධාතුක රන් කරඬු දෙකක්ද පළිඟු කරඬු දහයක්ද හමුවිය. දැන් ඔවුන් කැණීම් කරන්නේ දාගැබෙහි පාදම සහ මුල් පේසාවන් හඳුනා ගැනීම පිණිස එහි සිරස කැපුමක ආකාරයෙනි. එහිදී ඔවුන්ට ගලින් නිමකළ ඉපැරණි පේසා වළලු සහිත ස්ථරයක් හමුවී තිබේ.
“ගරා වැටිලා තියෙන්නේ අවසන් වරට පිළිසකර කෙරුණ වැඩිදියුණු කෙරුණු නිමැවුම කියලයි අපට හිතෙන්නේ. මේ ගල් පේසාවන් ඊටත් වඩා පැරණි අවධියක් පෙන්නුම් කරන බව පේනවා” යැයි සම්පත් ගුරුසිංහ මහතා කීවේය.
2012 මැයි 14 වෙනි සදුදා, ලක්බිම 
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර, ඡායාරූප - ෆ්‍රෑන්ක් ද සොයිසා

රාවණා රාජ සංකල්පය බැහැර කළ නොහැකි යථාර්ථයකි

April 24, 2012 at 6:59 pm | Lanka C News.

රාවණා ලංකා පුරය දඬුමොනරය ආදී වශයෙන් වර්ණිත දසිස්‌ සහිත රාවණාගේ බලපරාක්‍රමය ශ්‍රී ලාංකේය සිංහල ජනයා අතර ජනප්‍රවාදගත පුරාවෘත්ත රැසකට මුල් වූ වීර චරිතයකි. එහෙත් ඉන් ඔබ්බට ගොස්‌ රාවණා පුරාවෘත්තය පිළිබඳ විවිධ සංවාද වරින් වර ඉස්‌මතුව එයි.
බටහිර වෛද්‍යවරයෙක්‌ ලෙස වෘත්තියෙන් පැවතියද, වෛද්‍ය සුසිත රුවන් සිය සීයාගෙන් පුරාවෘත්ත අසා ඉන් ප්‍රමුදිතව, “රාවණා මෙහෙයුම” නමින් නවකතාවක්‌ එළිදක්‌වා තිබේ.
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධාරී කේ. එම්. චාමින්ද බණ්‌ඩාර ඊට ඌන පූරණයක්‌ ඉතිහාසඥයෙක්‌ ලෙස මතු කරයි. ඒ සංකල්පය ද මේ ඔස්‌සේ අවධානයට ලක්‌කරමු.
රාවණා රාජ සංකල්පය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය විද්වතුන් තුළ පවතින්නේ එකිනෙකට පරස්‌පර අදහස්‌ය. එක්‌ අතකින් බලන විට රාවණා කතා පුවත එලෙස පරස්‌පර වීම සාධාරණය. එයට හේතුව ඒ තරමටම ශ්‍රී ලාංකේය ජන විඥනය තුළට එකී කතා පුවත කිඳාබැස තිබීමය.
රාවණා කතා පුවත හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට පෙර අපට ශ්‍රී ලාංකේය පාඨක සහෘදයන්ට මතකයට නගාගැනීමට අවශ්‍ය කාරණාවක්‌ පළමු කොටම ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එනම්, ශ්‍රී ලාංකේය ඉතිහාසකරණයේ අග්‍රගණ්‍ය ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන දීපවංශයේ හා මහාවංශයේ සඳහන් වන කතා පුවතකි. ඒ විජය කතා පුවතයි. විජය කතා පුවත යනු ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළින් ඉවත් කළ නොහැකි කතා පුවතකි. අප එසේ කියනුයේ විජය කතා පුවත දීපවංශය හා මහාවංශය නමැති ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් කර තිබීම නිසා පමණක්‌ නොව එකී කතා පුවත වටා අපගේ ඉතිහාසයම ගොඩනැගී ඇති බැවිනි.
“හුදී ජන පහන් සංවේගය උදෙසා” රචනා කරන ලද මහාවංශයේ සඳහන් විජය කතා පුවත පදනම් කොටගෙන ශ්‍රී ලාංකේය විද්වතුන් හා අප සියලු දෙනාම සිංහල ජාතිය විජයගෙන් පැවත එන බව පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. එම අදහස පිළිගන්නා වූ අප ඉන්දියාවේ ජනතාවගෙන් පහර කෑ හිස මුඩු කොට එළවා දමන ලද, ශ්‍රී ලාංකේය ව්‍යවහාරයෙන් සඳහන් කරතොත් “පාදඩයකු” (Vagabond) ගෙන් සිංහල ජාතිය පැවත එන බව ද මැලි නොවී විශ්වාස කරමු. එසේ පමණක්‌ නොව එය අපගේ අනාගත පරපුරට ද ලබාදීමට ද අප්‍රමාණ වෙහෙසක්‌ දරන්නෙමු. ඒ අතරතුර කිසිදු වගවිභාගයකින් තොරව සිංහයකු හා මනුෂ්‍යයකු අතර සංවාසයක්‌ ඇතිවීමත් එයින් මනුෂ්‍යයකු ජාතක වූ බව ද විශ්වාස කරන්නෙමු.
අප එය එසේ කරන්නේ ඇයි? යන්න ගැටලු සහගතය. අප එයට ප්‍රධාන වශයෙන් හේතු වශයෙන් දකින්නේ අපගේ අග්‍රගණ්‍ය ඓතිහාසික කෘතීන් තුළ එකී පුවත සවිස්‌තරාත්මකව සඳහන්වීම මතය. (විශේෂයෙන් දීපවංශයේ හා මහාවංශයේ එය මැනවින් විග්‍රහ වේ.)
එසේ වුව අප විසින් තවදුරටත් එකී කතා පුවත කෙරෙහි යථාර්ථවාදීව කල්පනා කර බැලිය යුතු තත්ත්වයක්‌ පවතින බව කාටත් නොපෙනේ. එම තත්ත්වය නම් විජය සම්බන්ධයෙන් ද ශ්‍රී ලාංකේය ජන විඥනය තුළ ශේෂව පවතින්නේ කවරක්‌ද? යන්නයි. එසේ යථාර්ථවාදීව ගවේෂණයේ යෙදෙන්නෙකුට අවසාන වශයෙන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ දීපවංශයේ හෝ මහාවංශයේදී ගොඩනගා ඇති කතා පුවතින් ඔබ්බට යමක්‌ ජන විඥනය තුළ නොමැති බවයි. ඉන් ඔබ්බට යමක්‌ හඳුනාගන්නට ඇති නම් ඒ කුවේණි හා සම්බන්ධ පුවත් හා ඇයගේ දරුවන් වූ ජීවහත්ත හා දිසාල කුමාරවරුන් වටා පවතින ජනප්‍රවාද පමණි. එලෙස විජය කතා පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ජන විඥනය තුළ ජනප්‍රවාදගත තොරතුරු ගොඩනැගී නැත්තේ ඇයිද යන්න අප මෙතෙක්‌ යථාර්ථවාදීව කල්පනා කර බලා ඇත්ද? ඒ සම්බන්ධයෙන් අපගේ නිගමනයන් ඉදිරියේදී දක්‌වමු. එතෙක්‌ ඔබ ද මඳක්‌ ඒ ගැන කල්පනා කර බැලීම වටී.
යළි රාවණා කතා පුවත වෙත ඔබ ගෙන යමු. රාවණා කතා පුවත අපට හමුවන්නේ විජය කතා පුවත වංශ කතාවල හඳුනාගත් ආකාරයටමය. රාවණා කතා පුවත එන්නේ රාමායණය නමැති භාරතයේ ප්‍රකට ඓතිහාසික මූලාශ්‍රයකය. එසේම රාවණා රජ පුවත වාල්මිකී විසින් රචනා කරන ලද රාමායණය තුළින් රාම දෙවියන් වීරත්වයට පත්කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙනි. වාල්මිකී අතින් මෙහිදී දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පරස්‌පරයක්‌ සිදුව ඇති බව භාරතීයයන් විශ්වාස කරනවා නොඅනුමානය. එනම් රාමකුමරුගේ වීරත්වය හුවාදක්‌වන අතරතුර ශ්‍රී ලංකාවේ ද ශ්‍රේෂ්ඨ පාලකයෙක්‌ සිටි බව සඳහන් කිරීමය. එයින් ද වාල්මිකී සිදුකරන ලද බරපතළම පරස්‌පර සඳහන වූයේ එම පාලකයා සතුව මහ සංස්‌කෘතියක්‌ (නිද – අහස්‌ යන්ත්‍රයක්‌ – දඬු මොණරය ආදී) පැවැති බව සඳහන් කිරීමය. දඬු මොනරය සම්බන්ධයෙන් අපට සංවාද කළ හැකි කාරණා බොහොමයක්‌ පවතී. එහෙත් පොදුවේ එම වාර්තාව තුළ භාරතීන්ගේ සංස්‌කෘතියට වඩා රාවණා ප්‍රමුඛ ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය නිරායාසයෙන් කැපී පෙනෙන ආකාරයට ඉදිරියට පැමිණ ඇති බව නම් පැහැදිලිය.
කෙසේ වෙතත් රාමායණයේ සඳහන් මෙම රාවණා කතා පුවත ශ්‍රී ලාංකේය ජන විඥනය තුළ පුළුල් පරාසයක්‌ පුරා නිධන්ගතව පවතින බව සත්‍ය කරුණකි. නමුත් ශ්‍රී ලාංකේය ඉතිහාසකරණය තුළ විශේෂයෙන් වංශ කතා තුළ රාවණා කතා පුවත ගැන වැරදීමකින් හෝ සඳහනක්‌ නොවීමත් ඊට ආසන්න කාලයක ශ්‍රී ලංකාවේ සිටි රාවණා හා සමාන පාලකයෙක්‌ පිළිබඳව හෝ එකී වංශ කතාවේ සඳහන්ව නොමැත්තේය.
එසේ කිසිදු දේශීය මූලාශ්‍රයක සඳහන් නොවන රාවණා රාජ සංකල්පය හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම ව්‍යාප්තව පවතී. මේ ආකාරයට වංශකතාවල සඳහන් විජය කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනප්‍රවාදගතව විකාශනය නොවීමටත්, වංශකතාවල සඳහන් නොවන රාවණා පිළිබඳ කතා පුවත පිළිබඳ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැවතීමටත් හේතු මොනවාද?
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන උගතුන් සිංහයකුගෙන්, පාදඩයකුගෙන් සිංහල ජාතිය පැවත එනවා යෑයි විශ්වාස කළත් ශ්‍රී ලංකාවේ රාවණා නම් පාලකයකු සිටි බව ප්‍රකාශ කිරීමටත් මැලි බවක්‌ දක්‌වති. එයට හේතුව ශ්‍රී ලාංකේය ඉතිහාසකරණය තුළ රාවණා පිළිබඳ සඳහන් නොවීමම ද යන්න ගැටලු සහගතය. කෙසේ වෙතත් මෙම කතා පුවත් දෙක පිළිබඳව අප තවදුරටත් යථාර්ථවාදීව කල්පනා කර බැලිය යුතු බවට පොළඹවන ආකාරයේ නිගමනයක්‌ හා තොරතුරු කිහිපයක්‌ අවසාන වශයෙන් ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
රාවණා කතා පුවත හුදු ජනප්‍රවාදයක්‌ම බවට බොහෝ උගතුන්ගේ තර්කයයි. අප ද එයට එකඟ වන්නෙමු. එහෙත් එකී කාරණය මත අපට එය සහමුලින්ම බැහැර කරලිය හැකිද? උගතුන්ගේ තර්කයට අප තුළ ඇත්තේ ඉතාමත් සරල පිළිතුරකි. විජය කතා පුවත අප පිළිගන්නේ පුරාවිද්‍යාත්මක හෝ වෙනත් තහවුරු කරගත හැකි මූලාශ්‍ර පදනම් කරගෙනද? නැත. එසේ නම් අප එය පිළිගන්නේ ලිත මූලාශ්‍රයක සඳහන් වීම නිසාය. අප කියනුයේ රාවණා කතා පුවතද හුදෙක්‌ ජනප්‍රවාදයක්‌ නොව ලිත මූලාශ්‍රයක සඳහන් වන කතා පුවතක්‌ බවයි. එය සඳහන් වන්නේ භාරතයේ සිටි චාල්මිකී විසින් රචනා කරන ලද රාමායණය නම් ඓතිහාසික ග්‍රන්ථයේය. එහෙත් මෙම කතා පුවත් දෙකේ වෙනසක්‌ පවතී. එනම් විජය කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගත ව නොපැවතීමත්, රාවණා කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගතව පැවතීමත්ය. අපගේ විශ්වාසය නම් එසේ වන්නට ඇත්තේ, වංශකතාකරුවන් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළට විජය කතා පුවත බලෙන් ආරෝපණය කර ඇති නිසා, එම කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද සමාජය තුළ ගොඩනොනැගුණ බවය. (මෙහිදී බුද්ධිමත් පාඨක සහෘද ඔබ අප දීපවංශය හෝ මහා වංශය රාමායනයට සමාන කිරීමකට ගියා යෑයි වැරදි ආකල්පයකට නොඑළඹෙන බවට හුදෙක්‌ම විශ්වාස කරමු.)
මේ අනුව වංශකතාකරුවන් මෙම කතා පුවත් දෙකට දක්‌වා ඇති අඩු වැඩි සැලකිල්ල අනුව අපට පෙනෙන්නේ සැබවින්ම වංශකතාකරුවා ශ්‍රී ලංකාවේ ඉතිහාස කතාව රචනා කරන විට රාවණා කතා පුවත හිතාමතාම ඉවත් කොට ඇති බවකි. විශේෂයෙන් විජය කතා පුවත ඉදිරිපත් කිරීමේදී භාරත සංස්‌කෘතිය හා ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය අතර ගැටීමක්‌ ඇති නොවන ආකාරයටත්, ශ්‍රී ලාංකීය සංස්‌කෘතිය ඉන්දියානු සංස්‌කෘතිය තුළින් පෝෂණය වූ බව පෙන්වීමටත් වංශකතාකරුවා ගත් උත්සාහය නිසා එසේ වන්නට ඇති බව අපගේ විශ්වාසයයි. වංශකතාකරුවන් මෙලෙස යම් යම් ඓතිහාසික තොරතුරු ඔවුන්ගේ අවශ්‍යතා පරිදි වෙනස්‌ කර ඉදිරිපත් කළ අවස්‌ථා වංශකතා පුරා සුලබව සොයාගත හැකි නිසා එය අපට තදින්ම විශ්වාස කළ හැකිය.
එසේ නොමැතිව වංශ කතාකරු අතින් මෙම කරුණු මඟහැරී යන්නට ඇති බවට ද අයකුට තර්ක කළ හැකිය. විජය කතා පුවත ඇතුළු තවත් විශාල ප්‍රමාණයක්‌ වූ ජනප්‍රවාද ගොන්නක්‌ සහිතව දීපවංශය හා මහාවංශය රචනා කරද්දී, රාවණා කතා පුවත පමණක්‌ මඟහැරුණා නම් එය ද ගැටලු සහගත තත්ත්වයකි. ඒ පිළිබඳව ද තවදුරටත් කරුණු අධ්‍යයනය කළ යුතුය. එය පර්යේෂකයන්ට භාර කටයුත්තකි.
කෙසේ හෝ වේවා මෙම අතපසුවීම තුළ ශ්‍රී ලාංකේය තථ්‍ය ඉතිහාස කතන්දරයේ යම් කොටසක්‌ මඟහැරී ඇති බව නම් අප කාටත් පැහැදිලි වන කරුණකි. ඒ අනුව අවසාන වශයෙන් අපගේ නිගමනය වනුයේ ශ්‍රී ලංකාවේ වංශකතාවලින් පමණක්‌ ඉතිහාසය ගොඩනගන්නට බැරි බවය. එසේ උත්සාහ කරතොත් එය මහත් අඥන ක්‍රියාවකි. නිවැරැදි ඉතිහාසය ගොඩනගන්නට නම් ජනප්‍රවාද ද අනිවාර්යයෙන්ම උපයෝගි කොට ගත යුතුමය. මන්ද වාචික ඉතිහාසය (Oral History) යනු ප්‍රබල ඓතිහාසික මූලාශ්‍ර සපයන කොටසක්‌ වීම නිසාය. සාමාන්‍යයෙන් ජනප්‍රවාදයක්‌ ගොඩනැගෙන්නේ එක්‌ සත්‍ය සිදුවීමක්‌ පසුබිමක්‌ කරගෙනය. ජනප්‍රවාද අධ්‍යයනය කරන විට පැහැදිලිව අවබෝධ වන්නේ කොතැනක හෝ ඒ ජනප්‍රවාදයට සම්බන්ධ සිදුවීමක්‌ සිදුවී ඇති බවත්ය. වෙනත් ලෙසකින් කියතොත් ගින්නක්‌ නැතුව දුමක්‌ නැති නොවන්නා සේය.
සියලු කරුණු සම්පිණ්‌ඩනය කර අවසාන වශයෙන් අප කිසිදු අවස්‌ථාවක රාවණා කතා පුවත ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවට හෝ එය ඒ ආකාරයෙන් පිළිගන්නා ලෙස හෝ ප්‍රකාශ නොකරමු. එසේම එය සිදු නොවූවා යෑයි සිතා බැහැර කරන ලෙස ද ප්‍රකාශ නොකරමු. එහෙත් රාවණා කතා පුවත ශ්‍රී ලාංකේය ජන විඥනය තුළින් කිසි දින ඉවත් කළ නොහැකි යථාර්ථයක්‌ බව නම් ප්‍රකාශ කරමු. ශ්‍රී ලාංකේය උගතුන්, විද්වතුන් කවදා හෝ තථ්‍ය ඉතිහාසය මතුකර ගන්නා තාක්‌ රාවණා කතා පුවත ජන විඥනය තුළ පවතින බවත් ඒ දිනය උදාවනතෙක්‌ උපේක්‍ෂා සහගතව බලා සිටින ලෙස පමණක්‌ අවසාන වශයෙන් අවධාරණය කරමු.
- කේ. එම්. චාමින්ද බණ්‌ඩාර / රුහුණ විශ්වවිද්‍යාලය