ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

මොණරවිල වීර කැප්පෙටිපොල නිළමේතුමා



වීරයෝ අමරණීයයි. ඒ ඔවුන් මිය නොයන නිසා නොවේ. මිය ගියත් මරණයෙන් පසුව ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙන නිසාය. සමරු ඵලකවල සටහන් වන නිසාය. ශ්‍රී ලාංකීය ඉතිහාසය රණවිරුවන්ගේ, දේශ මාමකයින්ගෙන් පිරී තිබේ. ඒ අතර අද්විතීය නාමයකි මොණරවිල කැප්පෙටිපොල දිසාව. මේ අභීත රණවිරුවා දේශය වෙනුවෙන් දිවි පුදා නොවැම්බර් 26 දිනට අවුරුදු 192 කි.

සංරක්ෂණය වන කැප්පෙටිපොල වළව්ව

"කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි."

1818 ජාතික විමුක්ති අරගලයේ වීර සෙන්පතියා වූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව දැයෙන් සමුගෙන ලබන නොවැම්බර් මස 26 වැනි දිනට වසර 195ක් පිරේ. 1817-1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සහ කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස ගසා දැමූ මොහොත පිළිබඳ පුවත ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සිය අවසාන කාලයේ දී ජීවත්වූ දැනට මාතලේ හුලංගමුවේ පිහිටි ‘‘කැප්පෙටිපොළ මහා වලව්ව’’ පෞරාණිකත්වය සුරැකෙන අයුරින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ඓතිහාසික සිද්ධි රැසක ක්ෂේම භූමියක් වූ මාතලේ පුරවරයේ සෞන්දර්යාත්මක පරිසරයකින් යුතු හුලංගමුව ගම්මානයේ පිහිටි මේ මහ වලව්ව මොණරවිල කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරද්දි ඉදිකරන ලද්දකි.

හුලංගමුව ගමේ පර්චස් 120ක පමණ භූමිභාගයක ඉදිකර තිබෙන මෙම වලව්ව කාමර 16කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපැයුම් මෙහි දක්නට තිබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප‍්‍රදාය මෙහි පිළිඹිබු කරයි.

මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40 සහ 25 බැගින් වේ. බිත්තියක ඝණකම අගල් 16ක් පමණ වෙයි. සිමෙන්ති භාවිතයක් නොකර මැටි බදාම විශේෂයක් මගින් බිත්ති බැඳ තිබේ. වටිනා දැව යොදා වහලය සහ දොර ජනෙල් සාදා තිබේ. සුවිශේෂ ගෘහ නිර්මාණ රටාවකින් නිර්මාණය කර තිබෙන මේ වලව්ව දෙමහල් ගොඩනැගිල්ලකි.

වලව්වේ උඩුමහල සඳලූතල දෙකකින් සමන්විතය. උඩුමහලේ බිම දැවවලින් සාදා ඇත. එක සඳලූතලයක ආරක්ෂිත වැට නිර්මාණය කර ඇත්තේ වටිනා දැවවලිනි. ප‍්‍රධාන ගොඩනැගිල්ල දෙපසින් හා පිටු පසින් ඉහළ මහලයට පිවිසීමට පියගැට පෙළ දෙකකි. ඒවා ඉතාමත් සිත් ගාන්නා සුළුය. 

සංරක්ෂණය වන කැප්පෙටිපොල වළව්ව
2013 අගෝස්තු මස 24 00:15:27 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


කැප්පෙටිපොළ මහ වලව්ව

"කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි. "

1818 ජාතික විමුක්ති අරගලයේ වීර සෙන්පතියා වූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව දැයෙන් සමුගෙන ලබන නොවැම්බර් මස 26 වැනි දිනට වසර 195ක් පිරේ. 1817-1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සහ කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස ගසා දැමූ මොහොත පිළිබඳ පුවත ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සිය අවසාන කාලයේ දී ජීවත්වූ දැනට මාතලේ හුලංගමුවේ පිහිටි ‘‘කැප්පෙටිපොළ මහා වලව්ව’’ පෞරාණිකත්වය සුරැුකෙන අයුරින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ඓතිහාසික සිද්ධි රැසක ක්ෂේම භූමියක් වූ මාතලේ පුරවරයේ සෞන්දර්යාත්මක පරිසරයකින් යුතු හුලංගමුව ගම්මානයේ පිහිටි මේ මහ වලව්ව මොණරවිල වීර කැප්පෙටිපොළ මහ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරද්දි ඉදිකරන ලද්දකි.

හුලංගමුව ගමේ පර්චස් 120ක පමණ භූමිභාගයක ඉදිකර තිබෙන මෙම වලව්ව කාමර 16කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපැයුම් මෙහි දක්නට තිබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප‍්‍රදාය මෙහි පිළිඹිබු කරයි.

මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40 සහ 25 බැගින් වේ. බිත්තියක ඝණකම අගල් 16ක් පමණ වෙයි. සිමෙන්ති භාවිතයක් නොකර මැටි බදාම විශේෂයක් මගින් බිත්ති බැඳ තිබේ. වටිනා දැව යොදා වහලය සහ දොර ජනෙල් සාදා තිබේ. සුවිශේෂ ගෘහ නිර්මාණ රටාවකින් නිර්මාණය කර තිබෙන මේ වලව්ව දෙමහල් ගොඩනැගිල්ලකි.

වලව්වේ උඩුමහල සඳලූතල දෙකකින් සමන්විතය. උඩුමහලේ බිම දැවවලින් සාදා ඇත. එක සඳලූතලයක ආරක්ෂිත වැට නිර්මාණය කර ඇත්තේ වටිනා දැවවලිනි. ප‍්‍රධාන ගොඩනැගිල්ල දෙපසින් හා පිටු පසින් ඉහළ මහලයට පිවිසීමට පියගැට පෙළ දෙකකි. ඒවා ඉතාමත් සිත් ගාන්නා සුළුය.

මෙම ගොඩනැගිල්ලේ පිවිසුම අශ්වලාඩමක හැඩයෙන් සාදා නිමකළ ප‍්‍රධාන දොරටු දෙකකි. බරාදයෙන් විසිත්ත කාමරයට පිවිසීම සඳහා දැවයෙන් නිම කළ දෙපියන් දොරටු දෙකකි. විසිත්ත කාමරය දිගින් අඩි 40ක් සහ පළලින් අඩි 15ක් පමණය. මෙහි හරි මැදින් බිත්ති ආරුක්කුවක් නිර්මාණය කර තිබේ. ඒ අසල කෑම කාමරයක් වෙයි. දොරටු දෙකකින් කෑම කාමරයට ඇතුළු විය හැකිය. මේ කෑම කාමරේ දිග පළල විසිත්ත කාමරේ දිග පළලට සමානය.

කැප්පෙටිපොළ දිසාව මෙම කෑම කාමරේ දී අලි ඇතුන්ට ද ආහාර දී තිබේ. පළමු අදියරේ ගොඩනැගිල්ලේ දර්ශනීය වහල සහ මැද මිදුල නිසා කැප්පෙටිපොළ මහ වලව්වේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පිළිබිඹු කරයි.

මේ ඓතිහාසික වලව්වේ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ පරපුරේ 6 වැනි පරම්පරාව අදත් ජීවත් වෙයි. 6 වැනි පරපුරේ මිණිබිරියන් තිදෙනෙකි. සුජාතා වජිරා කුමාරි කැප්පෙටිපොළ මහත්මිය 1989 දී මියගොස් ය. මන්ත‍්‍රිනී මැණික් කුමාරි කැප්පෙටිපොළ (69) සහ ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ (68) යන අක්කා නගෝ දෙදෙනා ජීවතුන් අතර සිටිති.

ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ මහත්මිය සිය සැමියා වන වින්ඞ්සර් හුලංගමුව මහතා සමග මේ මහ වලව්වේ අද ජීවත්වෙති. මේ පරපුරෙන් බිහිවුණු ඥාතීහු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සහ විදේශගතව සිටිති. 
ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොළ මහදිසාව අනුරාධපුර පිහිටි බි‍්‍රතාන්‍යයන්ගේ යුද කඳවුරේ සිටි ලෙප්ටිනන්ට් විලියම් ඕනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම් පියසේ දී 1818 ඔක්තෝබර් මස 23 වැනිදා බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අත්අඩංගුවට පත්විය. නොවැම්බර් මස 26 වැනිදා කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ නිළමේ බෝගම්බර වැව අසල දී හිස ගසා මරා දැමීමට නියම විය. 
කැප්පෙටිපොළ දිසාව නිරතුරුව තම ඉණෙහි සඟවගෙන යන පුස්කොළ පොතක ලියන ලද කුඩා ධම්මපද ගාථාවක් භාවිත කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. නොවැම්බර් මස 26 වැනිදා උදෑසන කැප්පෙටිපොළ දිසාව දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය දළදා සමිඳුන්ට පූජා කළේය. කැප්පෙටිපොළ මහ දිසාව ධම්ම පදය අතට ගෙන එහි පේලි කීපයක් කියවා කඩුව අමෝරා ගෙන සිටි වධකයා දෙස බලා ‘‘බොල එක කඩු පහරින් මගේ ගෙළ සිඳ දමව’’ කියා ඉතිපිසෝ භගවා අරහං යන බුදුන් වැඳීමේ ගාථාව කියවූ බවත්, අරහං පදය ඔහුගේ මුවින් නිකුත්වත්ම කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස වධකයාගේ කඩු පහරින් වෙන් වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.

කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස් කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් 26 වැනිදා යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස තැන්පත් කර එහි ස්මාරකයක් ඉදිකර තිබේ.
කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි.

කැප්පෙටිපොළ පරපුරේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය ග‍්‍රන්ථයෙහි සඳහන් වන අන්දමට මොණරවිල වලව්ව ඉංග‍්‍රීසීන් රාජසන්තක කර තිබේ. පසුව ඉංග‍්‍රීසින්ගේ උදහසට ලක් වී කැප්පෙටිපොළ මහ දිසාවගේ දේපල විනාශ කර දමා තිබේ. මොණරවිල ග‍්‍රාමයේ ඒ මහා වලව්වේ ගල් කණු කීපයක් පමණක් අදත් දක්නට තිබේ.

Ashan Shamika Bandaranayake

සීතාවක රජ මාලිගය හමුවේ

වර්ෂ 1819 ජුනි මාසයේ දී මහනුවර දක්වා වැටුණු මාර්ගයේ අවිස්සාවේල්ල අසලින්  ගමන් කරන විට, ස්වදේශිකයන් , වනයෙන් වැසුණු  පැරණි කොටුවක් වෙත මා කැඳවාගෙන යන ලදිමි. කුඩා ගැඹුරු දිය පාරක් ගඟට එක් වීමෙන්  සැදුණු උස්  තුඩුවක මෙය පිහිටියේය. මම ඔරුවකින්  ගඟ තරණය කර ගල්පඩි පෙළක් නැග එයට පිවිසුණෙමි. එකක් ඇතු‍ලේ  එකක් පිහිටි  පවුරු තුනකින්  යුත් එය මුළුමනින්ම පාහේ හරි හතරැස් විය.
පිට පවුර අඩි 8-10 තෙක් උස්ය. මේ පවුරේ  සිට ඊළඟ පවුරට දුර අඩි 24-30 පමණ වේ. මෙහි කොනක ගැඹුරු ළිඳකි.
ඉංගිරිසින් මෙරට යටත් කරගත් නොබෝ කලකින් සීතාවක කොටුවට ගොස් ලැබූ අත්දැකීම් මෙසේ  සටහන් කර ඇත්තේ ඉංගිරිසි නිලධාරියකු වූ ජෝන් ඩේව් ලංකාව ගැන ලියූ කෘතියෙහිය. 
(ඩේව් දුටු ලංකාව 309 පිට)
Sethawaka-rajadaniyaශ්‍රී ලංකාවේ රාජධානි අතර නොමැකෙන මතක සටහන් රැසක් තැබූ සීතාවක  රාජධානියේ ප්‍රධාන ස්මාරකය සීතාවක කොටුවයි.  මෙය පිහිටා ඇත්තේ අවිස්සාවේල්‍ලේ සිට කි.මී. 2 ක් දුරින් තල්දූවෙන් හැරී යන පනාවල පාරෙහි  බණ්ඩාරවත්ත ප්‍රදේශයේය. බටහිරින් හා නැගෙනහිරින්  සීතාවක නදියටද නිරිත දිගින් ගැට නැති ඔයටද මායිම් වූ මෙහි උතුරින් කුඩා  කඳුගැටයකි. ඊසාන දෙසින්  තැඹිලියාන කන්දයි. ජල දුර්ග හා ගිරිදුර්ග වලින් සුරක්ෂිත වූ  උස් බිම් කඩක පිහිටි මෙම කොටුව ප්‍රසිද්ධව තිබුණේ ඕලන්ද බලකොටුවක් ලෙසිනි. මෙම භූමියේ රජ මාලිගය පිහිටා තිබූ බවට ජනප්‍රවාද පැවතියද එය පුරා විද්‍යාත්මකව තහවුරු වී නොතිබුණි.
පසුගියදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමුව කාර්යාලය මගින් මෙහි කැණීම්  කටයුතු ආරම්භ කරන ලදී. එහිදී සීතාවක රජ මාලිගය මෙම භූමියේ පිහිටි බවට නිශ්චිත සාධක හමුවිය.
ඒ සමගම සීතාවක රාජධානියේ බලය තහවුරු කරගෙන සිටි මායාදුන්නේ සහ පළමුවැනි රාජසිංහ යන රජවරු යළිත් කරළියට පිවිස සිටිති. ක්‍රි.ව. 1521 දී කෝට්ටේ විජයබා කොල්ලයෙන් පසුව සිංහල රාජධානිය කොටස් තුනකට කැඩී ගියේය. ඒ කෝට්ටේ, සීතාවක හා රයිගම වශයෙනි. විජයබාහු රජුගේ බාල පුතා වූ මායාදුන්නේ කුමරුට හිමි වූයේ සීතාවකයි. වැඩිමහල් පුතා වූ බුවනෙකබාහුට කෝට්ටේද රයිගම් බණ්ඩාර කුමරුට රයිගමද හිමිවිය.
කෝට්ටේ රාජධානියක් ගොඩනංවා එහි මාලිගා පවුරු පදනම් ආදියත් ඉදිකළ බව සීතාවක  හටන නම් ප්‍රශස්ති කාව්‍යයේ සඳහන්ය. මේ එහි එක් කවකි.
සපිරි නිති රජ සිටින එමන්දිර
සුපිරි ලෙස කළ මඟුල් මඩුව පුර
සපිරි පුරා සොද සක්මං වඩු තුර
ළපිරි ලෙසට කළ සළු මණ්ඩප පෙර
මායාදුන්නේ  රජුගේ පුතා වූ ටිකිරි බණ්ඩාර කුමරු  රණශූරයෙක් විය. මායාදුන්නේ රජුට වයස අවුරුදු 80 ක් වූ විට රාජසිංහ නමින් රජ බවට පත් වූයේ ටිකිරි කුමරුය. ඔහු පෘතුගීසීන්ට එරෙහිව යුද්ධ රාශියක් කළ පාලකයෙක් බව ඉතිහාසයේ සඳහන් වේ. 1592 දී පළමු වැනි රාජසිංහ රජුගේ  හදිසි මරණයත් සමග සීතාවකට ලැබුවේ අඳුරු කලදසාවකි. 1594 දී පෘතුගීසීන් සීතාවක යටත් කර ගත්හ.
මායාදුන්නේ රජුගේ සීතාවක මාලිගා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ඉටු කරගෙන ඇත්තේ ආර්ය නම් ඇමැතිවරයා ලවා බව සීතාවක හටනේ දැක්වේ. රාජ සභා ශාලාව, සක්මන්  මණ්ඩපය, සළු මණ්ඩපය, උල්පැන්ගෙය, ආයුධ මණ්ඩපය , බිසෝ මාලිගා, ගබඩා ගෙවල්, මුළුතැන් ගෙවල්, ඇත්හල්, අස්හල් ආදියෙන් මාලිගා භූමිය සමන්විත වූ බව සීතාවක හටනේ දැක්වේ. සැවුල් සංදේශයද මෙම මාලිගය පිළිබඳ තොරතුරු දක්වන මූලාශ්‍රයකි. එයට අනුව බිමට ඔප දමන ලද ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කණු මත වහලය තනා රන්කොත්  පළඳවා බිත්ති සිතුවමින් අලංකාර කර තිබි ඇත. සැවුල් Sethawaka-rajadaniya1සංදේශ කතුවරයා පවසන්නේ මාලිගා සංකීර්ණය දෙව්පුරයක් මෙන් අලංකාර වූ බවයි.
පෘතුගීසීන් පලවා හැරි ලන්දේසීහු 1658 දී මෙරට මුහුදු බඩ පළාත් යටත් කර ගැනීමත් සමග උඩරට රාජධානියට එරෙහිව  සටන් කිරීමට බලකොටු කිහිපයක් ඉදිකළහ.  සීතාවක කොටුවද ඒ අතරින් එකකි. ක්‍රි.ව. 1675 දී රජ මාලිගා භූමියේම  සීතාවක  කොටුව ඉදිකර තිබේ. එය සිවුපසින් මුර අට්ටාල (බැස්ටියන්) හතරකින්  යුත් අඩි 200  ක් දිගින්ද අඩි 180 ක් පළලින්ද යුත් කොටුවක් විය. කොටු මැද තිබුණේ ආහාර පාන, ඖෂධ, අවි ආයුධ, වෙඩි බෙහෙත් සහිත ගබඩාවකි. මෙම කොටුව තැනීමට මාලිගාවේ තිබූ කළුගල් පුවරු, කබොක් ගල් ආදිය යොදාගෙන ඇති බව පුරාවිද්‍යා කැණීමේ දී 
හෙළිදරව් විය.
දීර්ඝ කාලයක් පස්වලට යටවී  ඒ මත ‍පොල් ගස් ඇතුළු ගස් වැල් වැවී, පැවති මාලිගා භූමියේ කැණීම් ආරම්භ කළේ 2012 අගෝස්තු මාසයේ දීය. එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ කැණීම්වල මුල් අදියර නිමාවට පත් විය. එහි දෙවන අදියර 2013 අප්‍රේල්වල ඇරඹිණි. 
ඒ පිළිබඳ අදහස්  පළ කරන පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (සබරගමුව) තිස්ස මදුරප්පෙරුම මහතා, 
සීතාවක රාජධානිය පිළිබඳ ඉතිහාසයේ සැඟවී තිබෙන කරුණු අනාවරණය  කර ගැනීමයි, කැණීම්වල අරමුණ වුණේ. මෙම භූමියේ  ඕලන්ද බලකොටුවේ  ශේෂ පැහැදිලිව දක්නට ලැබුණා. බලකොටුව මැද පිහිටි ගොඩැල්‍ලේ පස් ඉවත්  කළ විට කබොක් ගල්වලින්  කළ ප්‍රාකාරයක ශේෂ හමුවුණා. එහි හරස් කැණීමක් කර බලන විට කබොක්  ගල් බැමි හමුවුණා. එහි තවදුරටත් යටට කැණීම් කරන විට කළුගල් පදනමක් හමු වුණා. ගල් පඩි  තුනක් පමණ කොටසක් සහ කළු ගලින්  කළ ඇතිරුවක් දැක ගැනීමට ලැබුණා. 
මෙම කැණීම්  පිළිබඳව තවදුරටත් අපට කරුණු පැහැදිලි කළ  ප්‍රාදේශීය කැණීම් නිලධාරි  ජානකී බියන්විල,
අඩි 5 ක් පමණ උසට තිබූ පස් ගොඩැල්ල  කැණීමේදී ඕලන්ද බලකොටු ප්‍රාකාරයේ සාධක හමු වුණා. ඕලන්ද ප්‍රාකාරය ඉදිකර තිබෙන්නේ  කබොක් ගල්වලින් දෙපැත්ත බැඳ මැදට සක්කගල් හා කබොක් ගල් පිරවීමෙන්. මෙයට යොදාගෙන  තිබුණේ  රජ මාලිගයේ අවශේෂයි. එයට යටින් මතු වූයේ කළුගලින්  කළ ඉදිකිරීමක්. එය ඕලන්ද ඉදි කිරීම්වලදී වෙනස් වී නැති බව පෙනුණා. ඒ රජ මාලිගයේ ප්‍රවේශයක්.  එහි ගල් සියුම් අයුරින් වැද්දූ සලකුණු පවා තිබෙනවා.
ඕලන්ද පිඟන් කැබලි, දුම් පයිප්ප කැබලි, ඊයම් මූනිස්සම්, උළු කැබලි, මධ්‍ය කාලීන අවධියට අයත් කාසි, වළං කැබලි , කම්මල් ඇණ ආදී අවශේෂ මින් හමුවුණා.
සීතාවක රජ මාලිගය  මතු වූ බව ජනමාධ්‍ය මගින් දැනගත් පාසල් සිසුන් ප්‍රදේශවාසීන්  මෙන්ම දුර බැහැර  නරඹන්නෝ  පවා මේ වෙතට ඇදී එති. ඔවුන්ගේ අරමුණ එතෙක් සාහිත්‍ය මූලාශ්‍රවලින්  හා ජනකතාවලින් අසා තිබූ පෘතුගීසීන් බියපත් කළ සීතාවක රාජසිංහ රජු වාසය කළ මන්දිරය හැබැහින්  දැක ගැනීමය. ඓතිහාසික කතා පුවත්වලින් දැන සිටි රාජසිංහ චරිතය යම් පමණකට හෝ ස්පර්ශ කිරීමටය.
අප රජ මාලිගා ප්‍රවේශය අසල ගල්පුවරුවක හිඳගෙන සිටියෙමු. අප සිතට පිවිසියේ කඩුවක් අමෝරාගෙන පෘතුගීසීන්  පෙති ගැසීමට මුල්‍ලේරියා වෙළේ අසුපිටින් යන රාජසිංහ රුවයි. සබරගමුව පළාතේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සීතාවක මාලිගය කැණීම් නිමාකර සංරක්ෂණය කිරීම වැදගත්ය. ඒ සඳහා බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.
කුසුම්සිරි විජයවර්ධන 
ඡායාරූප : කුසුම්සිරි විජයවර්ධන,හාතාගොඩ ධර්මසේන

ලෝකයේ මුල්ම ඇස්‌ කණ්‌ණාඩි හැදූ

පරම්පරාවේ අන්තිමයා ගුණසෝම 
*ලෝකෙන්ම දියතරිප්පු කණ්‌ණාඩි හදන්නේ අපි
*ලෝකයේ මුල්ම චූඩා මාණික්‍යය හැදුවෙත් අපි
*මේ දියතිරිප්පු කණ්‌ණාඩි කලාවේ අවසාන පුරුකයි



රිවව්ල. දිගු ඉතිහාසයකට උරුමකම් කියන ගමකි. ඒ පාරම්පරික ගමේ පුංචි නිවසක දැන් මම සිටිමි. සරොමක්‌ සහ ටී ෂර්ටයක්‌ හැඳ ගත් කෙසඟ මිනිසෙක්‌ මා ඉදිරියේ අසුන් ගෙන සිටියි. ඔහු සේම ඒ පුංචි නිවස ද වැහැරී ගොස්‌ය. ඉරි තැලී ගිය බිත්ති, අවවර්ණ වූ සිමෙන්ති පොළව මේ මිනිසුන්ගේ ජීවිත ගලන රිද්මය මොනවාට පසක්‌ කර දෙන්නේය. මම ඒ වියපත් නිවස පුරා දෙනෙත් විහිදෙව්වෙමි. වහලේ තැනින් තැන දිරා ගිය රීප්ප ඔච්චමට මෙන් අප දෙස බලා සිටියි. පුපුරා ගිය උළු කැටයක්‌ අතරින් කාන්දු වන අව් රැල්ලක්‌ මත මගේ දෙනෙත් නතර විණි.

සිත මහා අමුතු දෙයකි. දිරා ගිය වහළ මත නතර වී තිබූ සිත ඇසිල්ලකින් නිදිගත සිදුවීම් පෙළක්‌ පෙළ ගස්‌වන්නට විය.

මේ පාරම්පරික ගම්මානයට එන්නට අපට පාර කියන්නේ පසුගියදා දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වූ 'පින්සර මිනිසකු තබා ගිය අමරණීය මතකයක අරුමය' මැයෙන් පළ වූ ලිපියයි. එම ලිපියේ සඳහන්ව තිබුණේ මෙරටේ ඇස්‌ කන්නාඩි ව්‍යාපාරයේ ආරම්භකයා වූ ඇල්බට්‌ එදිරිසිංහයන්ගේ ජීවිතයෙන් බිඳකි. ඒ කෙටි ජීවිත කතාව තුළ දිගු ඉතිහාස කතාවක්‌ සටහන්ව තිබිණි. අප මේ සොයා ආවේ ඒ සාඩම්බර ඉතිහාසයේ අනාගතයයි.

"මේ තියෙන්නේ මම හදපු කන්නාඩි කුට්‌ටමක්‌" ඒ හඬත් සමග මම පියවි සිහියට ආවෙමි.

ඔහු ගුණසෝමය... දියතරිප්පු පරම්පරාවේ අටවැනි නිර්මාණකරුවාය. වයස අවුරුදු පනස්‌ නවය පසු කරමින් යන ගුණසෝම පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ පියෙකි. ඔහුගේ ජීවන වෘත්තීය දියතරිප්පු කන්නාඩි නිෂ්පාදනය සහ චූඩා මාණික්‍යයන් නිෂ්පාදන කිරීමය.

ගුණසෝම දිගු කළ කන්නාඩි කුට්‌ටම මම අතට ගත්තෙමි. ප්‍රේම් එක නම් ප්ලාස්‌ටික්‌ය. ඒත් කාච දෙක ස්‌පර්ශ කරන විට අමුතුම සීතලකින් ඇඟිලි හිරි වැටී යයි.

මේ කන්නාඩි කුට්‌ටම නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? මම ගුණසෝමගෙන් විමසුවෙමි.

"මේ කාච දෙක හදලා තියෙන්නේ දියතරිප්පුවලින්. දියතරිප්පු කියන්නේ ගල් වර්ගයක්‌. පළිඟු කියළත් කියනවා. මේ පළිඟු කැට තියෙන්නේ රත්නපුරේ. ඉස්‌සර නම් අපේ සීයලා හරක්‌ අංවලින් තමයි කන්නාඩි රාමුව හදලා තියෙන්නේ. ඒත් දැන් නම් අපි පාවිච්චි කරන්නේ ප්ලාස්‌ටික්‌ රාමු.

අපි පළිඟු හොයාගෙන එන්නේ කුරුවිට ගම්වලට ගිහින්. එහෙම ගේන පළිඟු රිදී තිරිවාන ගලේ පැය තුනක්‌ විතර ගා ගන්න ඕනා. ඊට පස්‌සෙ මට්‌ටම් කර ගන්න ඕනා. අන්තිමේ මට්‌ටම් කරගත් පළිඟු කණ්‌ණාඩි රාමුව අනුව කපා හැඩ කර ගෙන පොලිෂ් කරගන්න ඕනා. ලේසි පහසු වැඩක්‌ නෙමෙයි. කාලය ගත වෙනවා.

මනුස්‌ස ජීවිතයේ ඇදිරි තුනක්‌ තියෙනවා. තිස්‌ ඇඳිරිය, හතළිස්‌ ඇඳිරිය, හැට ඇඳිරිය. ඒ ඇඳිරි අනුව අපිට පුළුවන් ඇස්‌ කණ්‌ණාඩි හදන්න. ඒ වගේම ඇස්‌වල සුද ආපු අය, එක ඇහැක්‌ අඩුවෙන් පේන අය. වැඩියෙන් පේන අය අපි ළඟට එනවා. ගොඩක්‌ම එන්නේ වෛද්‍ය වාර්තාවත් අරගෙන. එහෙම ආවම කණ්‌ණාඩි හදා දෙන්න පහසුයි. නැත්නම් අපි ළඟත් කණ්‌ණාඩි වර්ග තියෙනවා. ඇස්‌වලට ඒවා දාලා බැලුවහම අපිටත් ලෙඩේ අල්ල ගන්න පුළුවන්. ඕනෑම ඇස්‌ රෝගයකට කණ්‌ණාඩි හදන්න පුළුවන්. හැබැයි කාච දාපු ඇස්‌වලට නම් කණ්‌ණාඩි හදන්න බැහැ. සුද මතු වන ඇස්‌වලට දිය තරිප්පු කණ්‌aණාඩිය ඔසුවක්‌. ජීවතුන් අතර සිටින තාක්‌ කල් සුද එන්නෙ නැති වෙන්න කණ්‌ණාඩි හදා දෙන්නත් පුළුවන්. හැබැයි කාච දාන්න ඉස්‌සර වෙලා එන්න ඕනා.

දිය තරිප්පු ගල් හැදෙන්නේ වතුරෙන්. ඒ නිසා දිය තරිප්පු සීතලයි. ඇස්‌වල තියෙන්නේ කඳුළු. වතුරට වතුර එකතු වුණාම කිසිම ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. දිය තරිප්පු කණ්‌ණාඩි පාවිච්චි කරන අයට හිසේ කැක්‌කුම කඳුළු ගැලීම, ඇස්‌ කැක්‌කුම් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම ගැටලුවක්‌ නැතිව දිය තරිප්පු කණ්‌ණාඩි කුට්‌ටමක්‌ අවුරුදු විස්‌සක්‌ විතර පාවිච්චි කරන්නත් පුළුවන්. 

මුළු ලෝකයටම දිය තරිප්පු කන්නාඩි හදන අය ඉන්නේ අපි විතරයි. ඉස්‌සර පිටරටවල අයත් ඇවිත් අපෙන් කන්නාඩි හදාගෙන ගියා. සාප්පු කණ්‌aණාඩි ආවට පස්‌සේ අපිට බිස්‌නස්‌ අඩු වුණා. ඒත් මේ කණ්‌aණාඩිවල වටිනාකම දන්න අය අදටත් අපිව හොයාගෙන එනවා."

දිය තරිප්පු පරම්පරාව කණ්‌ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍යයන් නිර්මාණය කිරීමට ද සැබෑ දක්‍ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ දිය තරිප්පු පරම්පාරවය. ලංකාවේ බොහෝමයක්‌ ඓතිහාසික විහාරස්‌ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යයන් නිර්මාණය කර ඇත්තේ ද දිය තරිප්පු පරපුර බවට සැක නැත.

"චූඩා මාණික්‍යයන් හදන්න වෙනම පළිඟු තියෙනවා. ඒ පළිඟු කැටත් කණ්‌ණාඩි හදන්න වගේම මුලින්ම ගා ගන්න ඕනා. ඊට පස්‌සෙ තමයි මට්‌ටම් කරලා හැඩ කරලා පොලිෂ් කරන්නේ. චූඩා මාණික්‍යයන් හදන්න දැන් මිනිස්‌සු හොයන්නේ වතුර වගේ ගල්. ගල් හැදෙන්නේ පොළවේ. ඒ නිසා පළුදු නැති ගල් හොයන්න අමාරුයි."

පළුදු ගල්වලින් චූඩා මාණික්‍යයන් හදලා චෛත්‍යවලට පැළඳු විට පන්සලට ගමට අපලයි කියලා මතයක්‌ තියෙනවා.... මම ඔහුට නැවත පැනයක්‌ යොමු කළෙමි.

"අපේ සීයා ඉන්නකොට පළුදු ගල් විතරක්‌ නෙමෙයි පුපුරපු ගල්වලිනුත් චූඩා මාණික්‍යයන් කපලා තියෙනවා. ඒත් කිසිම අපලයක්‌ නම් ඵල දුන්නේ නැහැ." 

මහනුවර ගඩලාදෙණිය කිරිවව්ල චූඩාමාණි ගෙදර සියදෝරිස්‌හාමි ගුණසෝමගේ පියාය. ගුණසෝමගේ මව ඇන්. ජී. නෙත්තිහාමිය. ඇය අදටත් ගුණසෝම පවුලේ ඇප උපස්‌ථාන පිට සුව සේ ජීවත් වෙති. 

පළිඟු කැටයෙන් උපැස්‌ යුවළක්‌ සහ චූඩා මාණික්‍යයන් නිර්මාණය කරන සියදෝරිස්‌හාමි දෙස්‌ විදෙස්‌ විවිධ තාරාතිරම්වල මිනිසුන්ගේ නොමද අගැයීමට පාත්‍ර වී සිටින විශ්මිත කලාකරුවෙකි. කලෙක මෙරටට පැමිණ වේල්ස්‌ කුමාරයා නුවර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි අවස්‌ථාවක සියදෝරිස්‌හාමිගේ නිර්මාණ අගයමින් සම්මානයක්‌ ද පිරිනමා ඇත. වරක්‌ මාලදිවයින ජනාධිපති ලංකාවට පැමිණ පේරාදෙණිය සරසවිය සහ උද්භිද උද්‍යානය නැරඹීමට ගිය මොහොතක සියදෝරිස්‌හාමි කැරට්‌ පහළොවක්‌ වටිනා මැණික්‌ ගලක්‌ එතුමාට පරිත්‍යාග කළේය. ඒ පරිත්‍යාගය ඉතාම කෘතවේදීව පිළිගත් මාලදිවයින ජනාධිපතිතුමා සියදෝරිස්‌හාමිගේ දෑතින්ම එම මැණික්‌ ගල ජනාධිපතිතුමාගේ මුදුවට ඇතුළු කර ගත්තේය.

ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂ ටුකු සෝ මුන්ඩේ ලංකාවට පැමිණ චිත්‍රපටයක්‌ කිරීමට සුදුසු පරිසරයක්‌ සොයා යද්දී අහම්බෙන් මෙන් සියදෝරිස්‌හාමිව මුණගැසී ඇත. ඒ වන විටත් ටුකු සෝ ජාපනයේ ඉස්‌තරම්ම වර්ගයේ උපැස්‌ යුවළක්‌ පැළඳ සිටී. එහෙත් ටුකු සෝගේ දෑසට සියදෝරිස්‌හාමිගේ දියතරිප්පු උපැස්‌ යුවළ ලබා දුන් අසාමාන්‍ය සිසිල නිසා ටුකු සෝ එම උපැස්‌ යුවළට ඉහළ වටිනාකමක්‌ ලබාදී ජපානේ ඉස්‌තරම් උපැස්‌ යුවළ පසෙකට දැමුවේය. එසේ අමරණීය මතකයක්‌ ඉතිහාසයට එකතු කළ සියදෝරිහාමි 1991 මැයි 25 වැනිදා සදහටම දෑස්‌ පියා ගත්තේය. 

දියතරිප්පු පරම්පරාව පළිඟු කැටයෙන් කරන විස්‌කම් නිසාම සියදෝරිස්‌හාමි සේම ඔහුගේ මුතුන් මිත්තන් ද රජවරුන්ගේ නොමද නම්බු නාමයට පාත්‍රව ඇති බව ඉතිහාසයේ ලියෑවී ඇත.

"ලංකාතිලක විහාරය ස්‌ථාපනය කර ඇත්තේ ෂඪ වන බුවනෙකබාහු රජතුමාගේ අගමැතිව සිටි සේනාධිලංකාර සෙනවියාගේ මූලිකත්වයෙනි. එම විහාරයේ සියලු නිර්මාණ කටයුතු කර ඇත්තේ ස්‌ථාපතිරයාර් යන නිර්මාණකරුවාය. වැඩ අවසාන වූ ලංකාතිලක විහාරය විවෘත කිරීමට පැමිණ ඇත්තේ ෂඪ වන බුවනෙකබාහු රජතුමාය. එහෙත් රජතුමාගේ ඇස්‌ පෙනීමේ දුර්වලකම නිසා විහාරයේ සියුම් කැටයම් නැරඹීම අසීරු වී ඇත. ඒ අවාසනාවන්ත සිදුවීමෙන් විජයබාහු රජු දැඩි සේ කම්පාවට පත්ව ඇත. ඒ බව තේරුම් ගත් ස්‌ථාපතිරයාර් නිර්මාණකරුවා රජතුමාගේ දුර්වල ඇස්‌වලට පෙනීම ලබාදෙන බවට පොරොන්දු විය. එමෙන්ම උපැස්‌ යුවළක්‌ නිර්මාණය කර දීමට රජතුමාගේ ඇත්ත වයස සහ දවස්‌ දෙකක නිවාඩුවක්‌ ඉල්ලා ඇත. දින දෙකකට පසු නිර්මාණකරුවා දිය තරිප්පුවලින් කණ්‌ණාඩි කාච දෙකක්‌ නිර්මාණය කර, හරක්‌ අංවලින් රාමුවක්‌ සකස්‌ කර නූලක ආධාරයෙන් රජතුමාගේ දෑස්‌වලට සම්බන්ධ කර ඇත. ඒ සමග රජතුමාගේ දැස්‌වලට පූර්ණ පෙනීමක්‌ ලැබිණි. එයින් අතිශය සතුටට පත් රජතුමා ස්‌ථාපතිරයාර් නිර්මාණකරුවාට සන්තෝසමක්‌ ලෙස නුවර කිරිවව්ල ප්‍රදේශය සන්නසකින් පරිත්‍යාග කර ඇත. එමෙන්ම බුවනෙකබාහු රජතුමාගේ ඔටුන්නට මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම නිර්මාණකරුවා විසිනි. දියතරිප්පු පරම්පරාවේ මූල බීජය එතැනය.

"මේ කර්මාන්තය හැමෝටම පිහිටන්නේ නැහැ. අපේ තාත්තාගේ පවුලේ සහෝදරයෝ අට දෙනෙක්‌. ඒත් මේ කර්මාන්තය කළේ අපේ තාත්තා විතරයි. තාත්තගෙන් පස්‌සේ මම කරගෙන යනවා. මගෙන් පස්‌සේ මේ කර්මාන්තය ඉදිරියට කෙරෙයිද කියලා විශ්වාසයක්‌ නැහැ. මොකද දැන් කණ්‌ණාඩි හදලා ලොකු ආදායමක්‌ එන්නේ නැහැ. මාසයකට කාණ්‌ණාඩි කුට්‌ටමක්‌ වගේ තමයි දැන් යන්නේ. අපේ තාත්තල සීයලා කරන කාලේ එහෙම නෙමෙයි. හොඳට බිස්‌නස්‌ තිබුණා. වෙළෙඳපළට ප්ලාස්‌ටික්‌ කණ්‌ණාඩි ආවට පස්‌සේ තමයි අපිට බිස්‌නස්‌ නැතුව ගියයේ. ඒ කාලේ චූඩා මාණික්‍යයන් හොඳටම විකිණුනා. ඒත් දැන් මාණික්‍යයන් යන්නේ කලාතුරකින්. හැම තැනම පිත්තල බඩු කඩවල වීදුරුවලින් හදපු මාණික්‍යයන් තියෙනවා. ඒවා අපි හදන මාණික්‍යයන්වලට වඩා මිලෙනුත් අඩුයි.

"දැන් මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ. පළිඟු එකතු කරන්න රත්නපුරේ ගම්වල ඇවිදින්න ඕනා. අපි සල්ලි ටිකක්‌ යහමින් ගෙනියන බව දන්න මිනිස්‌සු අපේ පස්‌සේ එළවනවා. කුරුවිට සමහර ගම්වලදි අපිට එහෙම වෙලත් තියෙනවා. අනිත් එක මිනිස්‌සු පළිඟු දීලා කපුරු ගණන් ඉල්ලන්නේ. වැඩි මිලට හරි පළිඟු ගෙනත් බඩු හදන්න පුළුවන්. බිස්‌නස්‌ එකක්‌ නැති එකයි ප්‍රශ්නය. අපි හදන බඩු මිලට ගන්න රාජ්‍ය ආයතනයක්‌වත් තියෙනවා නම් හොඳයි. ඒත් එහෙම තැනක්‌ නැහැ. අපේ කණ්‌ණාඩි ගන්න තැනක්‌ කෙසේ වෙතත් අපි උන්නද මලාද කියලා බලන්නවත් කිසිම නිලධාරියෙක්‌ නැහැ. මට හිතෙන විදිහට දිය තරිප්පු නිර්මාණ කලාව මෙතනින් ඉවර වෙයි. අපේ රටේ අත්කම් කර්මාන්තය දියුණු කරන්න කිසිම ආයතනයක්‌ නැහැ. තියෙන ශිල්පෙත් බාල් නටනවා."

"ඉස්‌සර මම දිය තරිප්පු කර්මාන්තය ගැන ළමයින්ට පුහුණු කලා. ඒකට මට රජයෙන් පඩියක්‌ ගෙව්වා. පුහුණු වෙන ළමයින්ටත් සුළු ගානක්‌ ගෙව්වා. ඒත් දැන් ශිල්ප සභාව කියනවා ඔයාට රුපියල් 5000 ක්‌ දෙන්නම් ළමයින්ට ගෙවන්න බැහැ කියලා. මේ ගම්වලට දුප්පත් මිනිස්‌සු ඉන්නේ. ඒ පවුල්වල ළමයි තමයි මේ කර්මාන්ත ඉගෙන ගන්න එන්නේ. ඉතිං ඒ දරුවන්ට උදේට බනිස්‌ ගෙඩියක්‌ කන්න හරි කීයක්‌ හරි දෙන්න ඕනා. එහෙම වුණා නම් ළමයින් උනන්දුවෙන් මේ දේවල් ගැන ඉගෙන ගන්නවා. ඒත් එක වෙන්නේ නැහැ."

ඒ කතා කළේ දිය තරිප්පු පරම්පරාවේ අටවැනි නිර්මාණකරුවාය. කුණ්‌ඩසාලේ කලා ගමෙන් ඇසෙන මළ බෙර වාදනයම දිය තරිප්පු පරම්පරාවෙන්ද ඇසේ. දිය තරිප්පු කණ්‌ණාඩි කුට්‌ටම ද මිහිදන් වීමට සියල්ල සැකසී හමාරය. අවසානයේ හස්‌ත කර්මාන්තය මිනී පෙට්‌ටි කරන උන්ට නටඹුන් වන දිය තරිප්පු කණ්‌aණාඩි කුට්‌ටම ද වීදුරු පෙට්‌ටිය බහා ලෝකයාට ප්‍රදර්ශනය කළ හැකිය. ඒ දිනය වැඩි ඈත නොවේ. උරුමයට හෙන බිඳෙන රටක මේ ගැන තවත් කතා කළ ඵලක්‌ නැත.

තරංග රත්නවීර 
ඡායාරූප ප්‍රදීප් මහකුමාර
2013 සැප්තැම්බර් 01 ඉරිදා දිවයින

ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’

වීර මද්දුම බණ්ඩාරගේ පිය ගැටුණු මහ වලව්ව

වීර මද්දුම බණ්ඩාර ළදරුවා ඇහැලේපොල මහාදිකාරම් නිල මැදුර පුරා දිව ඇවිදිමින් කෙළි දෙළෙන් පසුවූ අයුරු සිහියට නගා ගැනීම ඇහැලේපොල මහාදිකාරම් වලව්වතුළ මොහොතක් සැරිසරන  ඕනෑම අයෙකුගේ සිතට නැගෙන සිතුවිල්ලකි.
වීර හෙළ කුලකතක් විසූ ඓතිහාසික කන්ද උඩරට ”ඇහැලේපොල වලව්ව” බොහෝ දෙනකුට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාවේ විසූ අන්තිම රජු වූ ශ්‍රී වික‍්‍රමරාජසිංහ නරපතිඳුන් සිදු කළ අමානුෂික සමූහ ඝාතනයය.

සිය දයාබර සැමියා වෙනුවෙන් සිය පතිදම් සුරකින්නට තම දරුවන්ගේද ජිවිත පූජා කළ ඇය පසුව බෝගම්බර වැවේ ගිල්වා මරා දමන ලද්දේ කෲර රජතෙමේගේ නොසන්සිඳුන රාගාධික ආශාවන් ඉටු කිරීමට ඇහැලේපොළ කුමාරිහාමි එකඟ නොවූ නිසා බව ඉතිහාසය පිළිබඳ පොත පතෙහි සඳහන් වෙයි.
ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන් මෙම ඓතිහාසික නිල මැදුරේ වටිනාකම පිළිබඳව තැකීමක් නොකරමින් හෙළ ඉතිහාසයට අවමන් කිරීමේ අදහසින් ඇහැලේපොළ වලව්ව ඔවුන්ගේ සිර කඳවුරක් බවට පත් කරමින්, මෙරට නිදහස පතා අධිරාජ්‍යවාදී ඉංග‍්‍රීසි පාලකයන්ගේ දුර්දාන්ත පාලනයට එරෙහිවූ හෙළ විරුවන් වධ බන්ධනයට ලක් කරවන ස්ථානයක් බවට පත්කරවා ගත්හ. වඩිග රජු ප‍්‍රථමයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා ඇගේ දරුවන් මෙහි සිර අඩස්සියේ තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
ඉන්පසුව ඉංග‍්‍රීසින්ට එරෙහිව නැගී සිටි වීර කැප්පෙටිපොළ නිළමේ තුමන් ඇතුළු විරුවන් 55 ක් මෙම ස්ථානයේ සිරකර තැබූ ඉංග‍්‍රීසි පාලකයෝ එතැන් පටන් මෙම ඓතිහාසික මැදුර සිපිරි ගෙයක් බවට පත්කළහ.
අදත් මෙම නිල මන්දිරය තුළ එදා මෙරට නිදහස පතා සටන් වැදුණු මේ පොළොවේ පසට යාවුණු විරුවන්ගේ සෝ සුසුම් මෙහි සිසාරා හමා ගොස් ඇතැයි පැවසීම පුදුමය දනවන කරුණක් නොවන බව පසක් කර ගත යුතුය.
කෙතරම් ප‍්‍රතාපවත් අභිමානයක් මෙම වලව්ව තුළ පැවතියේද යත් එහි විසූ ඇහැලේපොල මහාදිකාරම් තුමන්, ඇහැලේපොල කුමාරිහාමි, වීර මද්දුම බණ්ඩාර කුමරු සහ ඔහුගේ සොහොයුරා පිළිබඳව මෙනෙහි කරද්දී හෙළයන්ගේ සිතටද නැගෙන්නේ මහා අභිමානයකි.
වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමාද වී හෝ මෙම ඓතිහාසික මැදුර විනාශ වී යාමට ඉඩ නොතබා අනාගත පරපුර කෙරෙහි ඉතිහාසය පිළිබඳව දැනුමක් ලබාගැනීම් වස් රජය වෙත පවරා ගැනීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණක් බව ”මහනුවර” වැසියෝ පවසති. ඇහැලේපොල කුමාරිහාමිගේ සොහොයුරු විරකැප්පෙටිපොල නිළමේතුමන් ඉංග‍්‍රීසි පාලකයන් හා උරණව ඔවුනට එරෙහිව කැරැුල්ල මෙහෙයවීමේ චෝදනාව මත ඉංග‍්‍රීසින් කැප්පෙටිපොල සෙනවිතුමන් අල්ලා ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල මහාදිකාරම් නිල මැදුරේ රඳවා තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
අදත් ඉතා මනරම් සහ ප‍්‍රතාපවත් අයුරින් පවතින මෙම ගොඩනැගිල්ල සංස්කෘතිකමය අතින්ද, පුරා විද්‍යාත්මක අගයෙන්ද ඉන් උසස් අගයක් හිමිකර ගනියි.
ශ්‍රී වික‍්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජුගේ මාළිගයට ආසන්නව රජ වීදිය හා කල්‍යාණ වීදිය නමින් හඳුන්වන වීදියේ පිහිටි ඇහැලේපොල මහාදිකාරම් වලව්ව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන කාලය තුළ ඉදිවූවක් විය හැකි බව මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක (එජාප) ශ්‍රී දළදා මාළිගාවේ හිටලූ දියවඩන නිලමේ තැන්පත් නෙරංජන් ප‍්‍රියදර්ශන දුල්ලෑව විජේරත්න මහතා පවසයි.


ඇහැලේපොල වලව්වේ අයිතිය බන්ධනාගාර ඇමති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් සන්නසක් මගින් ජනපතිට භාරදීම

මෙරට පාලනය කළ වඩිග රජුවන ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුට තම ආත්මය පාවා නොදුන්  දයාබර සැමියා වෙනුවෙන් දරුවන්ගේ ජීවිතය හා තම ජීවිතය පරිත්‍යාග කළ ඇහැලේපොල කුමාරිහාමි ලංකාවේ කතුන්ට ගෞරවයක් හා ආදර්ශයක් දුන් කාන්තාවක් ලෙසින් එදා සිට මේ දක්වා හඳුන්වති.
කෲර රජු විසින් රාජ අණින් ඇහැලේපොල කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත්කිරීමෙන් පසු මහනුවර පුරවරයේ. නිවාසවල විසූ කුල කතුන් තම නිවසෙහි සතියක් පමණ කාලයක් ලිප් ගිනි දල්වා නැතැයි ඉතිහාසයේ සඳහන් වෙයි. ඉංග‍්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ ඇහැලේපොල කුමාරිහාමිගේ දයාබර සැමියා වූ ඇහැලේපොල මහාදිකාරම්තුමා මුරිසි දිවයිනට පිටමං කරන තෙක්ම නිවාස අඩස්සියේ රඳවා තබාගනු ලැබුවේද ඔහුසතු මෙම වලව්වේය.
ශ්‍රී වික‍්‍රම රාජසිංහ මහ රජතුමා හා ඇහැලේපොල කුමාරිහාමි සම්බන්ධ කරමින් විවිධ ජනප‍්‍රවාද පැවතියද එදා වඩුග රජුගේ අදහසකට එකඟත්වය පළනොකිරීම හේතුවෙන්, තම දරුවා වංගෙඩියේ දමා කොටා මරා දමන්නට රජ අණ නිකුත් කරද්දී එම කාර්ය ඉටු කිරීමට නොහැකිව ඇහැලේපොල කුමාරිහාමි සිහිසුන්ව ඇද වැටුණු පුවත හා ඇයට බෝගම්බර වැවේ ගිලී මියයන්නට සිදුවූ පුවත තුළින්ම වටහා ගත හැකි වන්නේ ඇහැලේපොල කුමාරිහාමි මෙරට විසූ ශ්‍රේෂ්ඨ තුළ කාන්තාවක් බවය.

එවන් ශ්‍රේෂ්ඨ කුල කතක් විසූ නිල මැදුර යම් තරමකට හෝ රාජ්‍ය නායකයාගේ අවධානයට ලක්ව, ඔහුගේ මුවින්ම ප‍්‍රකාශ කළ පරිදි ”මෙවන්වූ පෞඪ ඉතිහාසයක් තිබෙන ඉපැරණි ශ්‍රේෂ්ඨ ස්ථානයක් අනාගත පරපුරට, මෙරට පෞඪ ඉතිහාසය පිළිබඳව දැණුම ලබාගත හැකි පරිදි සුරක්‍ෂිත කළ යුතුය” යන්න බොහෝ දෙනෙකුගේ ප‍්‍රසංසාවට ලක්විය යුතු කරුණකි.

ඇහැලේපොල වලව්වේ මැද මිදුල

වලව්වේ ඇතුළත

ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයට යන තරප්පු පෙළ

මුළුතැන්ගෙය පෙදෙස

අද දක්වාම පවතින ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයේ ලී තරප්පු මන්දිරය ඇතුළත දොර උළු වහු අවට අනෙකුත් ඉපැරණි කාමර සෙවිලි රට උළු වහල, එකල මෙරට පැවැති ගෘහ නිර්මාණ ශිල්පයේ හැකියාවන් විදහා දක්වයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ පැවැති නිසාම මෙම ඓතිහාසික මන්දිරය සුරක්‍ෂිතව යළීත් රජයට බාර ගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් එහි නිල ධාරීන්ටත්, අදාළ දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය, චන්ද්‍රසිරි ගජධීර මහතාටත් ස්තුතිය පුද කළේය.
එහෙත් මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සිංහල ජාතියේ පෞඪත්වය ලොවට කියාපාන තත්ත්වයකට එය සුරක්‍ෂිත කිරීමට එදා මෙදා තුර මෙම ගොඩනැගිල්ල භාරව සිටි සැවොම ක‍්‍රියාකර තිබීම මැනවින් දැකගත හැකිවන්නේ පසුගියදා එම ගොඩනැගිල්ලට ගොස් එහි යථා තත්ත්වය දැක බලාගත් අවස්ථාවේදීය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ දැනට ස්ථාපිත කර තිබෙන වීරමද්දුම බණ්ඩාර පිළිරුව දුටුවිට එදා ගහලයාගේ කඩු තුඩට අභීතව ගෙලදුන් මද්දුම බණ්ඩාර දරුවා කෙළිදෙළෙන් දුව පැන ඇවිද්ද මේ මහා මන්දිරය කෙතරම් සුන්දර ස්ථානයක් ලෙස පවතින්නට ඇද්දැයි සිතා බැලිය යුතුය.
මහනුවර පැවැති ඉපැරණි ”වලව්” රැසක් මේ වන විට විවිධ ආයතනවලට හා විවිධ පුද්ගලයන්ට හිමිවී මේ වන විට එම වලව් ඉපැරණි තත්ත්වයෙන් ඉවත්කර නවීකරණයට ලක්කර තිබේ. මහනුවර යුගයේ නායක්කර් යුගය ලෙස සලකනු ලබන ශ්‍රී ලංකාවේ අන්තිම රජවූ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (1815) රජ සමයේ මහනුවර නගරය තුළ වලව් 18 ක් තිබී ඇති බව මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ 1818.03.27 දින සිතියම අනුව අනුමාන කළ හැකිය. එම යුගයේ රජුගේ අමාත්‍ය මණ්ඩලයට අයත් දිසාවේ, අදිකාරම්, මහ අදිකාරම් ආදී නිලධාරීන්ට ලබාදී ඇති රාජ්‍ය නිල නිවාස ඒ වලව් 18 බැව් පැරණි ග‍්‍රන්ථවලින් සනාථ වෙයි.
ඇහැලේපොල වලව්ව, ඇල්ලේපොල වලව්ව, දුනුවිල වලව්ව මොලදණ්ඩ වලව්ව, නුගවෙල වලව්ව. මුල්ලේගම වලව්ව කපුවත්තෙ වලව්ව. වෑගොඩපොල වලව්ව, පිළිමතලාව වලව්ව, එරමුදුලියද්දේ වලව්ව, දෙහිගම වලව්ව, මීගස්තැන්න වලව්ව, මාම්පිටිය වලව්ව, ඇරැව්වාවල වලව්ව, ඇරෑපොල වලව්ව, මොල්ලිගොඩ වලව්ව, දුල්ලෑව වලව්ව, රත්වත්තේ වලව්ව අවසන් රජු යටතේ සේවය කළ ප‍්‍රභූන්ගේ නිල නිවාස බව පැරණි පොත පතෙහි සඳහන්ය.

අද වනවිට මෙම වලව් අතරින් ඉතිරිවී ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල, මහනුවර මහනගර සභාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා රජවීදිය රිමාන්ඞ් බන්ධනාගාරය පවත්වාගෙන  යන ඇහැලේපොල නිලමේ තුමාගේ පැරණි වලව්වය.
මහනුවර ජනාධිපති මන්දිරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල. අතීතයේ පිළිමතලාව වලව්ව වන අතර පසු කලෙක ඉංග‍්‍රිසි පාලනය පැවැති අවදියේ එම ගොඩනැගිල්ල ඉංග‍්‍රීසි පාලකයන් විසින් විවිධ වෙනස් කිරීම් වලට ලක්කර තිබේ.
මහනුවර ක්වින්ස් හෝටල් ගොඩනැගිල්ල රජ සමයේ දුල්ලෑව වලව්ව වශයෙන් පැවැති අතර ඉංග‍්‍රිසින් මහනුවර, අත්පත් කරගත් පසු දුල්ලෑව වලව්ව විවිධ වෙනස් කිරීම් වලට ලක්කොට ඉංග‍්‍රීසින්ගේ නවාතැනක් ලෙසට භාවිත කර පසුව එය ක්වින්ස් හෝටල් ගොඩනැගිල්ල බවට පරිවර්තනය වී තිබේ.
ඉංග‍්‍රීසි පාලකයන් සමයේ දුල්ලෑව වලව්ව ක්වින්ස් හෝටලය බවට පත් කිරීමෙන් පසුව එහි ගොඩනැගිලි මුදුනේ ඉංග‍්‍රිසි හමුදාවේ නිල හිස්වැසුම සහිත දැවැන්ත ලාංඡුනයක් ඉදි කර ඇති ඔවුන් එය ශ්‍රී දළදා මාළිගාවට මුහුණලා මැනවින් දර්ශණය වන ආකාරයෙන් නිර්මාණයකර තිබී ඇත.
මහනුවර ඇහැලේපොල වලව්වේ ඉපැරණි ඉදිකිරීම් සඳහා ඉපැරණි ගඩොල් යොදා ගෙන තිබේ. මෙහි කුලූනු තනා ඇත්තේ මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය ක‍්‍රම උපයෝගී කරගනිමිනි. ආරුක්කු සහිත ඇතුළුවීමේ ද්වාර කීපයක්ද ඇහැලේපොළ වලව්ව ඇතුළත දක්නා ලබේ.
දුනුවිලදිසාවට අයත්ව තිබූ දුනුවිල වලව්ව අද වනවිට මහනුවර මහ නගර සභා ගොඩනැගිල්ල ලෙස පවත්වාගෙන යයි. එම ගොඩනැගිල්ලේ ඉපැරණි ඉදිකිරීම් අදද දක්නා ලැබේ. එදා තිබූ ඉපැරණි දොර උලූවහු අදද ඉතා ශක්තිමත්ය.

ජේ.ඒ.එල්. ජයසිංහ

2013 ජූලි මස 21| ලංකාදීප කර්තෘ මණ්ඩලය

දඹදෙණියේ සිට ලක්දිව එක්සේසත් කළ රජතුමාගේ පුරාවෘත්තය

වයඹ පළාතේ සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන දඹදෙණිය සොබාසිරියෙන්ද සම්ප‍්‍රදායික ගැමි ජීවන රටාවෙන්ද යුතු ගම්මානයකට නිදර්ශනයකි. දඹදෙණිය නගරය මැදින් ගමන් ගන්නා  ඕනෑම අයෙකුට තම වම්පසින්ද දකුණු පසින්ද සුවිශාල පර්වත දෙකක් දැකගත හැකිය. මෙම ප‍්‍රදේශයේ ඇති උසම ස්ථාන වන්නේද මෙම පර්වත දෙකයි. එතෙර ආක‍්‍රමණ දෙකකින් රට ගලවාගෙන එක් ධජයක් යටතට ගෙන ආ නරේන්ද්‍රයාගේ ජයභූමිය පිහිටියේ මෙම පර්වත දෙක අතරය.

මාලිගාව පිහිටි පර්වතය

දඹදෙණිය තම ප්‍රෞඩ උරුමය අදටද මහීකාන්තාවගේ ඇකයේ සැඟවෙන්නට ඉඩදී නිහඬව බලා සිටියි. අප්පුවා ලෙස ජනවහරට එකතුවූ දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා මේ බිම තම විජිතය කරගෙන ලංකා රාජ්‍ය පාලනය ඇරඹුවේ ක‍්‍රිස්තු වර්ෂ 1236 දීය. එවකට තිබූ පොලොන්නරු රාජධානිය 1215 දී කාලිංග මාඝගේ මෘග ප‍්‍රහාරයට ලක්වූ පසු  දඹදෙණිය මාළිගාගල තරම්මවූ හුදකලා බෙලිගල නමැති ගල් පර්වතයක රාජ්‍යයක් පැන නැගුණේය. මෙම ප‍්‍රදේශය ප‍්‍රාදේශීය පාලනයකට අයත් වූයේය. එවක සිරිලක පරිපාලන යාන්ත‍්‍රණය සකස් වී තිබුණේ මෙවැනි කුඩා ප‍්‍රාදේශීය රාජ්‍ය කිහිපයකිනි. බෙලිගලට සමාන්තරව නූතන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ යාපහුවේ පිහිටි සුහගිරි පව්වද ප‍්‍රාදේශීය පාලකයකුට වාසභූමිය විය. ඔවුහු පොලොන්නරු මහ වාසලට කප්පම් ගෙවමින් ප‍්‍රදේශය පාලනය කළහ.
මෙකී පැරණි බෙලිගල රාජධානිය අද පොල්ගහවෙල සිට සැතපුම් දහයක් පමණද අලව්වේ සිට සැතපුම් 8 ක් පමණද දුරින් කෑගල්ල දිස්ත‍්‍රික්කය තුළ පිහිටියේය.
ක‍්‍රිස්තු වර්ෂ 1215 දී කාලිංග මාඝ මහා බල සෙනඟක් ගෙන පොලොන්නරුවට කඩා වැදුණේය. ඔහුගේ හමුදාව නූතනයේ ඇෆ්ගනිස්ථානයට කඩාවැදුණු ඇමෙරිකාව ප‍්‍රමුඛ සන්ධාන හමුදාවට සමකළ හැක්කේ ඔවුන් සතුව තිබූ කෲරත්වය නිසාය. තමාද බෞද්ධයකු බවත් තම ඥාතීන්ගේ උරුමය සොයා පැමිණි බවත් කී කාලිංග මාඝ පොලොන්නරුව රාජධානිය වැරහැලි බවට පත් කළේය. එවකට එහි රජකළ පරාක‍්‍රම පාණ්ඩ්‍ය රජතුමා අල්ලා ඔහුගේ දෑසම අන්ධ කළ කාලිංග මාඝ පොලොන්නරුවේ සිට වසර හතළිහක් පමණ රාජ්‍ය පාලනය කළේ කොල්ලකෑමෙන්, ස්ත‍්‍රී දුෂණයෙන් හා කඩුවෙනි.
කාලිංග මාඝ සැලකිය යුතු බල සෙනඟක් ගෙන පොලොන්නරුවට කඩාවදින විට මහා පරාක‍්‍රමබාහු හා මහා විජයබාහු යටතේ වසර දෙසීයකට ආසන්න කාලයක් විටින් විට බුරුමය හා මැලේසියාව තෙක්ම ඉන්දියානු සාගරයේ තම බලය පැතිරූ ලක්දිව නාවික හමුදාව අකර්මණ්‍ය වෙමින් පැවතිණ. මහා රජවරුන් දෙදෙනෙකුගෙන් පසු බේද භින්න වෙමින් තිබූ පොලොන්නරු රාජධානියට මාඝ කඩා වැදුණේ ඉන්දියාවේ උතුරේ සිට දකුණ දක්වා විවිධ ප‍්‍රාන්ත වලින් සොයාගත් දාමරිකයන් දහස් ගණනක් රැගෙනය.
බෙලිගල රාජධානිය මතුවන්නේ මෙහිදීය. මාපා නමින් හැඳින්වූ තුන්වැනි විජයබාහු හැර  රජ පවුලට උරුමකම් කී කිසිදු කුමාරයකු මේ වන විට ලක්දිව නොසිටින්නට ඇත. බෙලිගල ලංකා රාජ්‍යයට අලූත් රාජ වංශයක් ඇරඹීය. වසර ගණනාවක් බෙලිගල රජකළ තුන්වැනි විජයබාහු රජතුමා මෙයටත් වඩා තැනිතලාවක පිහිටි ජම්බුද්දෝණිය කරා පියමං කළේය. එය අද හැඳින්වෙන්නේ දඹදෙණිය නමිනි.
දඹදෙණිය ලංකා ඉතිහාසයේ අමරණීය තැනකට ගෙන ආවේ ඔහුගේ පුත් දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා විසිනි. මහා විජයබාහු රජතුමා ගමෙන් ගම වීදියෙන් වීදිය බළකොටුවෙන් බළකොටුව මුදාගෙන ඈත රුහුණේ සිට පොලොන්නරුව කරා සතුරු කඳවුරු බිඳලූ අයුරින්ම දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා පොලොන්නරුව දක්වා ගමෙන් ගම වීදියෙන් වීදිය මුදා ගත්තේය. ඔහු මේ සටන කළේ තම ආදි මුත්තනුවන් වන මහා විජයබාහු නර දේවයාණන් ගේ සංග‍්‍රාමෝපාය ආදර්ශයට ගනිමිනි. ඔහුට කුඩා කල සිටම තිබූ ඥාති කරදර මැද මේ සංග‍්‍රාමය සඳහා මග සොයා ගන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.
දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා කුඩා කල ගෙවූයේ තම පියාණන්ගේ මුල්ගම යැයි සැලකෙන නැම්බඹරයේය. මෙම නැම්බඹරය අද නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරම්මල නගරයේ සිට සැතපුම් හතරක් පමණ දුරින් ඇති කළුන්දාව නමැති සුන්දර ගම්මානයේ පිහිටි වෙල්යායකි. එම නමින්ම යුතු ගල් තලාවක්ද එහි වේ.

දඹදෙණි රාජධානිය උදාවෙමින් පවතිද්දී පොලොන්නරුව මිහිපිට අපායක්ව පැවතිණ. කුලීනයන් හා කුලහීනයන් අතර බලහත්කාරයෙන් විවාහ කරවූ මාඝ තම කුලී සොල්දාදුවන්ට කුලීන සිංහල කතුන් බලහත්කාරයෙන්ම විවාහ කරදුන්නේය. ප‍්‍රතිමා විනාශ කර විහාරස්ථානවල හමුදා කඳවුරු ඇති කළේය. ඉතිහාසය ඔහු ගැන තවත් බොහෝ දෑ කියයි.
තුන්වැනි විජයබාහු රජතුමාට විවිධ බිසවුන්ට දාව දරුවන් කීපදෙනෙකු සිටින්නට ඇත. කිරීටයට නිත්‍යානුකූල උරුමය හිමිවූ දරු දෙදෙනා වූයේ පරාක‍්‍රමබාහු හා බුවනෙකබාහුය. පසුව පරාක‍්‍රමබාහු දඹදෙණියේද බුවනෙකබාහු කුරුණෑගල ද රජවූහ. පියාගේ අන්‍ය බිසවකගේ කුස උපන් වත්හිමි ගෙන් මේ දරු දෙදෙනාට කරදර ඇති විය. වත්හිමි වූ කලී මුස්ලිම් බිසවකගේ පුතකු යැයි සමහර ජනකතාවල සඳහන් වේ.
පරාක‍්‍රමබාහු කුමාරයාගේ ළමා කාලය ගෙවූ නැම්බඹරය ඔහුට බලවත් ඥාති පිරිසකගේ රැුකවරණය ලබාදෙන්නට ඇත. ඔහු එහි හැදුණේ ගම්පතිගේ නිවසේ දාසයකු ලෙස බව ඉතිහාස ග‍්‍රන්ථවල සඳහන් වෙතත් එය දුටුගැමුණු කුමරු කොත්මලයට පළාගොස් ගමගෙදර ජීවත්වූ කතාවට ඉතාම සමානය. ඔහු ගම ගෙදර වැඩිමහල් දියණියවූ කළු එතනාට පෙම් කරන්නට උත්සාහ කළත් ආඩම්බරවූ ඇය ඉබේ කඩාපාත්වූවකු ලෙස සැලකූ අප්පුවාට පෙම් කරන්නට උත්සාහ නොකළාය. කුමරුට අනුකම්පා කළේ බාල දැරියවූ හිරිමල් එතනායි. අවසානයේ විජයබාහු රජතුමා පරලෝ සැපත්වූ පසු මගුලැතු සරසවා වීදි සංචාරය කරවූ අවස්ථාවේ මගුලැතු කුමරු සොයා ආවේය. කුමරා හිරිමල් එතනා සමග රජවාසලට යාමට ඇතුපිට නැංගේ මන්ද කළු පින් නොකළේ යි කළු එතනාට කියමිනි. මන්ද කළු පින් නොකළේ යන කියමන පසුකාලීනව කළුන්දාව පින්න පොලේ වූ බව ජනවහරයි. කළුන්දාවට ළඟම ගම පින්නපොල නමින් අදද එහි වෙයි.
දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා නොසිටින්නට සිංහල ජාතිය අතිමහත් විපතකට මුහුණපානු ඇත. මාඝගේ බළකොටු රුහුණු පුරවරය ළඟටම විහිදී පැවතියේ ඔහුගේ වසර හතළිස් ගණනක පාලන සමය අතරතුරය. දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා නොවන්නට මෙම ව්‍යාප්තිය ත‍්‍රිසිංහලය පුරාම පැතිරයාම සිදුවන්නට ඉඩ තිබිණ.

දඹදෙණියේ රජකම් කරමින් සිහල රාජ්‍යයේ ඒකීය භාවය රැුකදුන් පරාක‍්‍රමබාහු කුමාරයාගේ බාල කාලයට සමරූප කතා අදටත් කළුන්දාව ගමේ පැරැුන්නන් තුළ ඇත. ඒ කතාවක් සිරිපැරකුම් නමින් චිත‍්‍රපටයකට නගා ජාත්‍යන්තරයට ගෙනයාමෙන් සෝමරත්න දිසානායක මහතා කර ඇත්තේ අගනා සේවයකි. ඔහු කුඩා කලසිටම උදේ සවස දකින දඹදෙණි පර්වතයත් ඒ හා බැඳී ඇති අප‍්‍රමාණ වූ ජනප‍්‍රවාදත් සිරි පැරකුම් චිත‍්‍රපටයට උපත දෙන්නට ඇත. වසර පනහකට ආසන්න රාජ්‍ය කාලයේ හා එයට වඩා බොහෝ පැරණි ප‍්‍රාදේශීය රාජධානි යුගයේ සිටම සිංහල රජවරුන්ගේ සන්නාහ සන්නද්ධ සේනා රැස්කරවූ දඹදෙණි රාජ අංගනය අද දැකිය හැක්කේ පරක් තෙරක් නොපෙනෙන වෙල් යායක් ලෙසය. මේ වෙල්යාය මැදින් නුදුරේදීම කටුනායක යාපනය අධිවේගී මාර්ගය ගමන් කිරීමට නියමිතය. පැරණි රාජධානිය දෙකඩ කරමින් වැටී ඇති මහ මාවත දිගේ ගමන් ගන්නා සැමවිටම සිංහලය එක්සේසත් කළ දඹදෙණි රජු වෙනුවෙන් ඔබගේ හිසද නැවෙන්නේ නම් එය ඔබට කළ හැකි උපරිම ආචාරය වේ.
 පේ‍්‍රමකීර්ති රණතුංග
2013 ජූලි මස 07  | ලංකාදීප කර්තෘ මණ්ඩලය

බුද්ධ භෝගය සොයා ගතිමි

සිංහලයෝ ගොවීහුය. 
ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි. 
මහ පොළව, ගස්වැල්, සතා සීපාවා, තරහ නොකරගෙන ඒ සමග යාප්පුවෙන් ගොවිතැන් කිරීමට සිංහලයෝ දැන සිටියහ. රට පුරා අදටත් දැකගත හැකි වැව් අමුණු, ඇළ වේලි මගින් දැක්වෙන්නේ ඒ සහජීවනයයි. ලෝකය තමා වෙනුවෙන් මැවී ඇති බවත්, ලෝකය තමාට හැකි උපරිමයෙන් වෙනස් කර සිය සුඛ විහරණය උදෙසා යොදා ගත යුතු යැයි අදහන, දැක්වෙන සිතුවිලි ඇති කරවන චින්තනයක් තුළින් ජනිත වූ ගොවිතැනක සිංහල ගොවිතැනේ වූ සහජීවනය දක්නට නැත. අවාසනාවකට අද අප මේ රට ගොවිතැන් කරන්නේ සිංහල ක‍්‍රමයට නොව දෙවනුව කී බටහිර ක‍්‍රමයටයි. එය අප මත බලෙන් පැටවූවක් වෙයි. එසේ වූවත් ඒ පීඩාකාරී, විෂම ගොවිතැන කර තබා යෑමට පොර කකා ඉදිරිපත් වූ පිරිසක් ද මේ රටේම වෙසෙති. 
බටහිර ගොවිතැන සමග තව දුරටත් අපට ඉදිරියට යෑමට නොහැකි බව අවබෝධ කර ගැනීමට රජරට වකුගඩු රෝගයම ප‍්‍රමාණවත් ය. යමකුට එසේ අවබෝධ නොවන්නේ නම් ඒ ඔහුගේ නොදැනුවත්කම හෝ කුහකකමයි. නිසි දැනුම්වත් වීමෙන් පළමුවැන්න මග හරවා ගත හැකි වුවද දෙවැන්නට දිය යුතු පිළියම බොහෝ අසීරු එකකි. නිදා සිටියවුන් ඇහැරවිය හැකි වුව ද හොරට නිදා සිටින්නන් ඇහැරවීම බොහෝ අපහසුය. මේ බාධක හමුවේ වුවද ”රජරට වකුගඩු රෝගය සහ ආසනික්” තුළින් රටේ ඇති වූ සංවාදය ඵලදායී මගකට යොමු කර ගැනීමට අපට හැකි විය. විශේෂයෙන් සිංහල තාක්‍ෂණික ක‍්‍රමවේදයක් අනුව (හෙළ ගොවිතැන) පැරණි වී වර්ග රට පුරා වගා කිරීමට ප‍්‍රචලිත වෙමින් ඇත. 
මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සඳහා කුරුණෑගල, කුඹුක්ගැටේ, කසාගල රජමහා විහාරයේ පැවති රැස්වීමක දී විහාරධිපති මැල්සිරිපුර විමලරතන හිමියෝ වී යනු ”බුද්ධ භෝගය” බව පවසා ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් දැක්වූහ. උන්වහන්සේගේ අදහස් දැක්වීම සමග ”බුද්ධ භෝගය” ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට කැමැත්තක් ඇති වුවද විවිධ හේතු නිසා එය යටපත් විය. මෑතක දී කොළඹට ආසන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ”හෙළ ගොවිතැන” ගැන පැවති රැස්වීමක ප‍්‍රධාන ආරාධිතයා වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතාය. එතැන දී නැවත ”බුද්ධ භෝගය” ගැන කතා බහක් ඇති විය. ඒ සකලසූරිය මහතා අතිනි. හෙතෙම සුන්දර මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල ගැමියෙකි. ලේකම්තුමා ලෙස කතාව ඇරඹුව ද විනාඩි කිහිපයක් ගතවන විට ඔහුගේ ලේකම්කම අමතක වී ගැමිකම ඉස්මතු වී එයි. 
 ”අපි ඉතින් කන්තලේ ඈත ගම්මානවල මිනිස්සුනේ. මේ හෙළ ගොවිතැන මට අරුම දෙයක් නෙමේ. අපේ අත්තල, තාත්තල මේක තමයි කළේ. කොටින්ම අපි පොඩි කාලෙ මට මතකයි මයේ අප්පොච්ච බත්පත අතට ගත්තම ඒකට වැඳල තමයි කන්නෙ. බුද්ධ භෝගෙ කියලනේ කිව්වෙ. අපටත් පුරුදු කළේ එහෙම තමයි.” 
මෙවර නම් බුද්ධ භෝගය ගැන තොරතුරු සොයා ගනිමියි මම එතැනදීම අදිටන් කළෙමි. බුද්ධ භෝගය කීවේ වීවලට ද? නැතිනම් විශේෂ වී වර්ගයකටද? එසේ අපේ පැරැන්නන් යෙදුවේ ඇයි? මම පසුගිය කාලයේ බොහෝ පොත පත කියවා බැලූයෙමි. බොහෝ දෙනකු සමග සාකච්ඡ කළෙමි. එහෙත් ප‍්‍රමාණවත් සංගත පිළිතුරක් ලබා ගත නොහැකි විය. එහෙත් පැරණි වී වර්ග ගැනත්, ඒවා වගා කළ ක‍්‍රම ගැනත්, ඒවායේ ගුණ අගුණ ගැනත් බොහෝ තොරතුරු සොයා ගත හැකි විය. අවාසනාවකට කෘෂිකර්ම අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුවේ මේ ගැන නිසි තොරතුරක් තබා අවම වශයෙන් සිංහල ගොවිතැන ගැන හෝ දැනුමක් ඇති අයකු සොයා ගැනීමට නොහැකි විය. ඒ ගැන යමක් දැන සිටියානම් ඒ උපාධියට කෘෂිකර්මය නොහැදෑරූ ලේකම්තුමා පමණි. අප හිතවත් මතුගම සෙනෙවිරුවන් මහතා, දේශීය බීජ සුරැකීමේ ව්‍යාපාරයේ ගුරුසිංහ මහතා වැන්නවූන් ස්වෝත්සහායෙන් පැරණි වී වර්ග රැසක් සංරක්‍ෂණය කිරීමට පියවර ගෙන තිබිණි. 
බුද්ධ භෝගය කුමක්දැයි මට සතුටුදායක ලෙස පැහැදිලි නොවූ හෙයින් ඒ සඳහා ආසනික් ගැන කියූ ප‍්‍රියන්තා සේනානායක මහත්මියගේ උපකාරය ලබා ගැනීමට මම තීරණය කළෙමි. ඒ මහත්මිය බෞද්ධ භාවනා ක‍්‍රම ප‍්‍රගුණ කරන කෙනෙකි. මිනිස් ඉන්ද්‍රියන්ට පහසුවෙන් ගෝචර නොවන මනුෂ්‍ය නොවන ජීව කෝට්ඨාශ සමග සන්නිවේදනය කිරීමේ අපූර්ව හැකියාවක් ඇයට ඇත. කෙසේ වෙතත් ඇයට තොරතුරු ලබා දෙන විපස්සක දෙවියෝ ලෙහෙසියෙන් දැනුමක් මනුෂ්‍යයකුට ලබා නොදෙතිි. ලබා දුන්නද ඒ බොහෝ කොන්දේසිවලට යටත්ව ය. අප තොරතුරු රැසක් සොයාගෙන යම් තැනක සිරවී එතැනින් ඉදිරියට යාගත නොහැකිව සිටියදී පමණක් උපකාර කරයි. ”ආසනික් පිළිබඳ කාරණයේදී මා කටයුතු කළ ආකාරය පිළිබඳ ඒ ඇත්තන් සෑහීමකට පත්වී තිබූ හෙයින් දෝ බුද්ධ භෝගය ගැන දැනුම මට හිමි විය. ඒ දැනුම ලබාගත් ආකාරය ගැන හෝ ඒ හා බැඳුනු අනෙක් කාරණා ගැන හෝ කෙනෙකු එකඟ නොවූව ද, අසතුටට පත් වූව ද ලබාගත් දැනුම වැදගත් නිසා එය රටට ලබා දිය යුතු බව මම තීරණය කළෙමි. 
බුද්ධ භෝගය යන්න පොදුවේ වීවලට යෙදු නමක් වුවද, එය විශේෂයෙන් එක් වී වර්ගයක් හැඳින්වීමට යොදා ඇත. ඒ වී වර්ගය ”සියපත් ඇල්” නමින් හඳුන්වයි. බුද්ධෝත්පාද කාලයට පෙර ප‍්‍රචලිතව තිබූ වී වර්ග ස්වංජාත වී ලෙස හඳුන්වා ඇත. ඒවා ප‍්‍රමාණයෙන් විශාල වී ශාක වන අතර වී ඇටයේ පොත්ත අද දක්නට ඇති මෙන් වර්ධනය වී නොතිබිණි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපතත් සමග උන්වහන්සේගේ පාරමී ශක්තිය හේතුවෙන් වැඩි දියුණු වූ වී වර්ග ඇති විය. ඒවා ”ඇල්” වී නමින් හඳුන්වනු ලැබීය. කල්ගත වන විට ඇල් වී විවිධ විභේදනයන්ට ලක් වෙමින් නව ප‍්‍රභේද ගණනාවක් බිහි විය. නවපත් ඇල්, ඉදිපත් ඇල්, කවුඩු ඇල්, කුරුලූ ඇල්, ආදී නම්වලින් ඒවා හඳුන්වයි. සියපත් ඇල් යනු ඇල් වී වර්ග අතුරෙන් විශේෂ එකකි. වී පත‍්‍ර සියයක නිපදවන ශක්තිය තරම් ශක්තියක් වී ඇටයක ගබඩා කළ හැකි වූ හෙයින් එය ”සියපත් ඇල්” නමින් හැඳින්වීලූ. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළියෙල කිරීමට ”සියපත් ඇල්” යොදා ගත් හෙයින් එය ”බුද්ධ භෝගය” නම් විය. ඇල් වී වර්ග තව දුරටත් විභේදනය වී ”දැල්” වී වර්ග ඇති විය. සියුම් දැලක් වැනි ව්‍යුහයක් සහල් ඇටය වටා පැවතීම නිසාත්, සියුම් දැලකින් වුවත් රිංගා යන හැකි පරිදි ප‍්‍රමාණයෙන් කුඩා වී ඇට පැවතීම නිසාත් මේ නම ලැබී ඇත. රත්ඇල්, සුවඳැල් මේ වර්ගයට අයත් ය. ඇල් සහ දැල් වී යල කන්නය වැපිරීමට යොදා ගනී. සාමාන්‍යයෙන් මේවා තුන්මාසයේ වී ය. ගොඩ වගාව සදහාද යොදා ගෙන ඇත්තේ ද ඇල් වී වර්ගය. ප‍්‍රධාන වී වගා කන්නය හඳුන්වන්නේ මහා සස්ස/මාස්/මහ කන්නය ලෙසයි. සාමාන්‍යයෙන් වප් මාසයේ මහට වැපිරීම සිදු කරයි. මහ කන්නයට වගා කරන්නේ වැඩිමහල් වී වර්ගය. එනම් මාස 4 – 4 1/2 ක් අස්වැන්න ලබා දෙන හීනටි වී ය. මේවා ඖෂධීය ගුණයෙන් අනූන අතර කල් තබා ගැනීමේ හැකියාව ද වැඩි ය. කළුහීනටි, වෙද හීනටි, ගම්බොඩහීනටි, බඩ හීනටි, සුදු හීනටි යනු හීනටි වි වර්ගය කිහිපයකි. සිහින් දිගටි හැඩය නිසා මේ නම ලැබී ඇත. 
ඇල් වී, දැල් වී සහ හීනටි වී හැරුණු කළ තවත් වී වර්ග 2 ක් අප සතුට. එනම් මා වී නමින් හඳුන්වන ජලය අධිකව රුඳී ඇති වගුරු බිම්, අමුණු ආශ‍්‍රිත ප‍්‍රදේශවල වගා කළ වී වර්ගත්, බාල වී නමින් හඳුන්වන තුන් මාසයකට අඩු කාලයක දී අස්වැන්න ලබා දෙන වී වර්ගත්ය. හැට දා වී යනු ඒ ආකාරයේ බාල වී වර්ගයකි. බාල වී අඩු වතුර තත්ව යටතේ වුව ද වගා කළ හැකිය. කෙසේ වෙතත් මහා සංඝරත්නයට දානය පිළියෙල කිරීමට බාල වී යොදා නොගනී. බොහෝ විට රස කැවිලි තැනීමට සහල් පිටි ලබාගෙන ඇත්තේ බාල වීවලිනි. අතීතයේ අපේ රටේ මෙන්ම දඹදිව ද වසරකට කන්න 3 ක් වගා කර ඇත. විනය පිටකයේ එක් තැනක දැක්වෙන්නේ දඹදිව කීටාගිරි නුවර කුඹුරු තෙවරක් වපුරන බවයි. මහ කන්නය සහ යල කන්නය අතර කාලයේ බාල වී වපුරයි. 
බුදු රජාණන්වහන්සේට දානය පිළියෙල කිරීමට යොද ගත් හෙයින් බුද්ධ භෝගය වූ ”සියපත් ඇල්” අද සොයා ගත හැකි දැයි මට දැනගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ඉඟියක්ද මට ලැබිණි. එනම් බුද්ධ භෝගයේ වී ඇටයේ පැහැය බුදුරජාණන් වහන්සේගේ ඡුවි වර්ණයට කිට්ටු පැහැයකින් වූ බවයි. ඒ තොරතුරත් සමග පැරණි වී වර්ග සොයා ගිය මට එදා සියපත් ඇල් නමින් හැඳින්වූ වී වර්ගය වෙනත් නමකින් හමුවිය. අද ”පච්චපෙරුමාල්” නමින් හඳුන්වන්නේ සියපත් ඇල්ය. පිරිසිදු පච්චපෙරුමාල් වී සැබැවින්ම රන්වන් කහ පැහැයකින් යුක්තය. සියපත් ඇල් පච්චපෙරුමාල් වූ ආකාරය ද අපූරුය. 

ඉංග‍්‍රීසි පාලකයන් සිය විශ්වාසවන්ත සේවකයන් ලෙස බඳවා ගත්තේ යාපනයේ දෙමළ ජනතාවය. ලංකාවේ පිහිට වූ පැරණිතම දෙපාර්තමේන්තු දෙකක්වනුයේ මිනින්දෝරු හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුයි. ලංකාවේ සිතියම් සකස් කරද්දී ගම්බිම්, වැව් ඇල වේලි සඳහා නම් ලබා දුන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දෙමළ සේවකයන්්ය. අදටත් අනුරාධපුරයේ සහ පොළාන්නරුවේ පවා ස්ථාන නාම, වැව් නාම දෙමළ බසෙන් යෙදෙන අවස්ථා ගණනාවකි. කොටින්ම සිංහලයේ පළමු රජතුමා වූ පණ්ඩුකාභය රජු තැන වූ අභය වැව අද සිතියම්වල දැක්වෙන්නේ ”බසවක්කුලම” කියාය. මිහින්තලේට නුදුරු පනාවැව ප‍්‍රදේශය සිතියම් ගත කරද්දී දෙමළ සේවකයෝ ඒ ප‍්‍රදේශවල සිටි ගැමියන්ගෙන් ප‍්‍රදේශයේ/වැවේ නම ඇසූහ. එය පනාවැව යැයි ගැමියන් පැවසූ කල දෙමළ සහායකයා සිය ඉංග‍්‍රීසි නිළධාරියාට ”සීප්පුකුලම” ලෙස පැවසීලූ. එතැන් සිට සිංහලේ පනාවැව සීප්පුකුලම විය. මිහින්තලේ ගම් උදා වැඩ බිම විවෘත කිරීමට පැමිණි එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සීප්පුකුලම නමින් සටහන් කළ සමරු ඵලයක් දැක මිහින්තලේ සීප්පුකුලම් තිබෙන්නේ කොහොමදැයි අසා කතන්දරය දැන එවලේම සීප්පුකුලම ”පනාවැව” ලෙස නම් කළ බවත් එසේ නිවැරදි නම යෙදු පසු පමණක් ඵලකය විවෘත කළ බවත් කියැවේ. එම ඵලකය අදටත් මිහින්තලයේ සිට කටහගස්දිගිලිය දෙසට යන මාර්ගයේ දැකිය හැකිය. සියපත් ඇල් පච්චපෙරුමාල් වී ඇත්තේද ඒ ආකාරයටය. එපමණක් නොව පැරණි සිංහල වී වර්ග බොහොමයකට ඇත්තේ දෙමළ නම්ය. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ සේවකයන් ඉංග‍්‍රීසි නිලධාරීන්ට ලේඛණගත කිරීම්වල දී ලබා දුන් නම්ය. පච්චපෙරුමාල් සෘජු පරිවර්තනයට ලක්කල හොත් පච්ච යනු කොළ පැහැයයි. ඇතැම් විට ”අමු” යන තේරුම ද ඇත. පෙරුමාල් යනු කුමාරයා හෝ දෙවියන් යන අරුතයි. නමුත් පච්චපෙරුමල් එකට යෙ¥ විට එහි අර්ථය බුදුන්ගේ හෝ දෙවියන්ගේ පැහැය යන්නයි. පත‍්‍ර බොහොමයකින් (සියපත්* සමන්විතව අන් වී වර්ග අතර කුමාරයකු ලෙස වැජඹුණු නිසා පච්ච පෙරුමාලේ ලෙස යෙදෙන බවට ද අදහසක් ඇත. 
පච්චපෙරුමාල් වී වර්ගයේ සිංහල නම කුමක්දැයි ආයුර්වේද වෛද්‍ය ජයනාත් අබේවික‍්‍රම මහතාද ගවේෂණය කර ඇත. ඔහු මට පැවසූයේ බොහෝ වෙහෙස වී තොරතුරු සෙවුව ද එවැන්නක් සොයා ගත නොහැකි වූ බවත් මේ ගැන අරිසෙන් අහුබුදු ශූරින්ට පැවසීමෙන් පසු ”නිල් කඳ” ලෙසින් අළුත් නමක් ලබා දුන් බවත්ය. ”සියපත් ඇල් ” වී ශාකයේ කඳ තුරුණු කාලයේ නිල් / දම් පැහැයක් ගන්නා හෙයින් අහුබුදු මහතා ඒ නම ලබා දී ඇත. රත්කඳ නමින් හඳුන්වන වී වර්ගයක් ද අප සතුය. ඒ නමින් හඳුන්වන වී පැලෑටියේ කඳ රත්පැහැයක් ගනී. 
මැදවච්චිය, හොරව්පතාන, ගලෙන්බිඳුණුවැව වැනි ප‍්‍රදේශවල වන්නියෙ ගම් ලෙස හඳුන්වන පුරාණ සිංහල ගම් ගණනාවක් ඇත. ඒ ඇතැම් ගම්මානවල අදටත් පච්චපෙරුමාල් ලෙස අප හඳුනාගන්නා වී වර්ගය වගා කරයි. ඇතැම් විට එයට කහවණු ලෙස ද විටෙක මසුරං ලෙස ද තවත් විටෙක තවත් නමක්ද භාවිතා කරයි. මේ කුමන නමින් හැඳින්වූවද රූපියව බොහෝ් දුරට මේ වී වර්ග සමානය. වැදගත් කරුණු එය නොව පත්තිනි මෑනියන්ට, අයියනායක දෙවියන්ට සහ ගණ/පුල්ලෙයාර් දෙවියන්ට දේව පූජා සකස් කිරීමට වන්නියේ ගම්වල මිනිසුන් යොදා ගන්නේ අප මේ කතාබහ කරන වී වර්ගය වීමයි. එනම් දෙයියන්ගේ හාල් ය. දේව පූජා පැවැත්වීමට (මුරුතැන්ගෙයි බත් පිසීමට) වී ලබා ගැනීම උදෙසාම මුරුතැන්ගේ යාය නමින් කුඹුරු යායක්ද මේ ගම්මානවල තිබී ඇත. ඇතැම් ස්ථානවල අදටත් ඇත. මේ කන්නයේ සියපත් ඇල් වගාව ප‍්‍රචලිත කිරීමට අපට බොහෝ උපකාර කළ අයෙක් නම් වයඹ කෘෂිකර්ම අමාත්‍ය ඞී.බී හේරත් මහතාය. මේ කතාව මා ඒ මහතාට පැවසූ විට ඔහු කීවේ මුරුතන්ගේ යාය නමින් හඳුන්වන පුරාණ කුඹුරු යායක් කුලියාපිටියේ ඇති බවත් පොළොන්නරුවේ පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ සිට අද දක්වාම එහි ”පච්චපෙරුමාල්” වගා කරන බවත්ය. 
සිංහල වී වර්ග පෝෂ්‍ය ගුණයෙන් අනූනය. පළාත අනුව, වයස අනුව, ශරීරයේ තත්වය අනුව අනුභවයට සුදුසු වී වර්ග ගණනාවක් අප සතු විය. අද ඒ දැනුම අප සතුව නැත. ඒ වෙනුවට බටහිර ක‍්‍රමයට වැඩි දියුණු කළ මතුපිට දිලිසෙන හාල් වර්ග කිහිපයක් පමණක් අපට ලබා දී ඇත බුද්ධ භෝගය වගා කළ, එය ආහාරයට ගත් බුද්ධවචනය පිළගත් ඒ අනුව ජීවත් වූ බුදුමග ගමන් කල ජාතියේ ආධ්‍යත්මය පිරිහීම සමග බුද්ධභෝගය ද යටපත්ව යෑම අරුමයක්් නොවේ. යටපත්ව ගියද එය තවම අතුරුදහන්ව නැත. මිනිසුන්ට පමණක් නොහැකි නම් ධාර්මික දෙවියන්ගේ ද සහාය ඇතිව ඒ මග අප සොයා ගත යුතුය. එහි ගමන් කළ යුතුය. ”බුද්ධ භෝගය” යලි සොයා ගැනීමෙන් ලැබෙන පණිවිඩය එයයි. 

ආසනික් සංවාදය තමව අවසන් නැත. රජරට වකුගඩු රෝගයට ආසනික් හේතු නොවන්නේ යැයි පැවසීමට කිහිප දෙනෙකු අප‍්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනු පෙනේ. ඔවුහු ඒ සඳහා දිවා ? වෙහෙසෙති. විදේශිකයන්ගේ ද සහාය ගෙන පර්යේෂණ කරති. එහෙත් අරුමයකට පර්යේෂණ කරන්නට කරන්නට ”ආසනික්” රජරට වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුවක් බව තහවුරු වන සාධකම ඔවුන්ට ලැබේ. නමුත් ඒ වසන් කිරීමට ද රට නොමග යැවීමට ද ඔවුහු නොපැකිලෙති. මේ නම් කවර පාපයක්ද? ආසනික් බැහැර කිරීමට කිසිම ජගතකුට නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මේ අයටම ”ආසනික්” බාර දී දැන් අපි වෙනත් කටයුත්තකට වෙහෙස වෙමු. එය ”ආසනික්”වලට වඩා බොහෝ දුෂ්කර වුව ද වෙහෙසකර වූ ද කටයුත්තක් බව අපි හොඳින්ම දනිමු. දැන් අපි බුද්ධ භෝගය රට පුරා වගා කරන්නෙමු.

චන්න සුදත් ජයසුමන / jayasumanalk@yahoo.com
June 12, 2013 at 12:01 am | lanka C news 

එදා කොළඹ ට‍්‍රෑම් කාර්


කොළඹ  ඕල්කට් මාවතේ පසුගිය කාලයේ හදිසි ගිලා බැසීමක් සිදුවූ අතර ඒ පුවත අසා නගරවාසීහු පමණක් නොව ඒ අවස්ථාවේ නගරයට පැමිණ සිටි ජනතාවද බියට හා සංත‍්‍රාසයට පත්වූහ.
 ඕල්කට් මාවතේ සිදුවූ හදිසි ගිලා බැසීමෙන් දශක ගණනාවක සොඳුරු හා චමත්කාරජනක ඉතිහාසයක්ද මතුවිය. එපමණක් නොව කඳුළින් හා සුසුමින් පිරි ඉතිහාසයක්ද ඒ හරහා මතුවූවායැයි කීම අතිශයෝක්තියක් නොවෙති.
එහෙත් මතුවූ ඒ ඉතිහාසය වර්තමාන පරපුර දන්නා නැති තරම්ය.


මේ ඒ සොදුරු චමත්කාරජනක මෙන්ම කඳුළින් හා සුසුමින්ද පිරි කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් එදා කි‍්‍රයාත්මක වූ ට‍්‍රෑම් රථ සේවාවේ තොරතුරු සොයා ගිය කතාන්දරයි.
 ඕල්කට් මාවතේ ලොකු ගිලා බැසීමක් වෙලා මිනිස්සු බය වෙලා ඉන්නේ. කොළඹ මේ වගේ දෙයක් සිදුවීම හිතා ගන්නවත් බැහැ. අපේ කණ්ඩායමකුත් මේ ගැන හොයා බලන්න යැව්වා යැයි හමුදාවේ මගේ හිතවත් නිලධාරියෙක් දුරකථනයෙන් කතා කර දැනුම් දුන්නේ මේ ගැන සොයා බලන ලෙසද පවසමිනි.
 ගිලා බැස තිබූ ස්ථානයෙන් මතුවී තිබුණේ ට‍්‍රෑම් රථ මාර්ගයක් බව එහි ගිය කොයිකාටත් දැක ගැනීමට හැකිවිණි. කොළඹ මහ නගර සභාව ට‍්‍රෑම් රථ මාර්ග තැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්තේ 1892 වසරේදීයි.

 ට‍්‍රෑම් රථ ධාවනය කිරීම සඳහා මාර්ග සකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාර ගෙන ඇත්තේ බවුස්ටඞ් නැමැති සමාගමකි.
මුල්ම ට‍්‍රෑම් රථ ගමන උත්සවශ්‍රීයෙන් ආරම්භ කර ඇත්තේ 1899 සැප්තැම්බර් මස 12 වැනිදාය.
මෙය දකුණු ආසියාවේ ප‍්‍රථම ට‍්‍රෑම් රථ සේවාව වූ අතර ට‍්‍රෑම් රථ මංගල ගමන ආරම්භ වූයේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ආසන්නයේ සිට තොටළඟ දක්වායි.
 ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ළඟ සිට තොටළඟට ට‍්‍රෑම් රථයක් ගමන් කිරීමට ගතවී ඇති කාලය පැය කාලකි.

 ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රය වීමත් සමගම ග‍්‍රෑන්ඞ්පාස් මරදාන මාර්ගය ඇතුළු කොළඹ නගරය පුරාවටම ට‍්‍රෑම් රථ මාර්ග සාදා ඇත.
ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රයවීමත් සමගම කොළඹ නගරය පුරා එතෙක් කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්තකරුවන්ට උදා වූයේ නරක කාලයකි.
 රික්ෂෝකරුවන් හා කරත්තකරුවන්ට  ඔවුන්ගේ එතෙක් කරගෙන ආ ජීවනෝපාය අහිමිවීමෙන් දරු පවුල් නඩත්තු කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට පත්වී තිබේ.

 කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවීම නිසා කෝපයට පත්ව තැන තැන සැඟවී සිට ධාවනය වන ට‍්‍රෑම් රථවලට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර ඇත.
 මේ නිසා සමහරු ට‍්‍රෑම් රථවල ගමන් කිරීමට බියක් දක්වා ඇත. එහෙත් ට‍්‍රෑම් රථවලට සැඟවී සිට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට පටන් ගැනීමත් සමගම ගල් මුල් ගැසීම ටික දිනකින්ම නතර විය. ඊට පසු බාධාවකින් තොරව ට‍්‍රෑම් රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවූ අතර ජනතාවට ට‍්‍රෑම් රථ වලින් ගමන් කිරීමට තිබූ බියද පහව ගොස් තිබේ.
කොළඹ නගරයේ කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්ත යුගය හමාරකරමින් ආරම්භ වූ ට‍්‍රෑම් රථ සේවාවේ නියුතු රියදුරන් ඇතුළු සේවකයන් ගෙවන වැටුප් ජීවත්වීමට  කිසිසේත්ම සෑහෙන්නේ නොමැති බව පවසමින් මහා වැඩ වර්ජනයක්ද ආරම්භ කර ඇත. ඒ 1929 වසරේදීය.
 ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයන් කොළඹ නගරයේ ලොකු අරගලයක් කර ඇති අතර මෙහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල පවා සිදුවී ඇත.
 පොලිසිය ඉවත් බවක් නොමැතිව වෙඩි තැබීම නිසා වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ පස් දෙනකු මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත්තේ කොළඹ නගරය රක්ථවර්ණ ලෙයින් තෙත් කරවමිනි.

 වැඩි පඩි ඉල්ලා ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයින් කළ උද්ඝෝෂණය එයින්ම නිමාවට පත්ව ඇත. කොළඹ නගර සභාව ට‍්‍රෑම් රථ සේවාව ඔවුන්ගේ පාලනය  යටතට ගෙන ඇත්තේ 1944 වසරේ සැප්තැම්බර් මස 1 වැනිදාය. ඒ බවුස්ටඞ් සමාගමට රු. ලක්ෂ 36 ක පමණ මුදලක් ගෙවීමෙනි.
 ට්‍රොලි රථ සේවාවක් ආරම්භ වීමත් සමගම රික්ෂෝකරුවන්ට කරත්තකරුවන්ට සිදුවූ සන්තෑසියම ට‍්‍රෑම්රථ රියදුරන්ට හා සේවකයින්ටද සිදුවී ඇත.
 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ට්‍රොලි බස් සේවයක් ආරම්භ වූයේ 1950 වසරේ සිටය.

ට‍්‍රෑම් රථ සේවය අපේ රටෙන් සම්පූර්ණයෙන්ම් නවතා දමනු ලැබුවත් වර්තමානයේ ස්විස්ටර්ලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, පින්ලන්තය සහ බල්ගේරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක ට‍්‍රෑම් රථ සේවය කෙටි දුර ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගනු ලැබේ. මාතලේ සිට කොළඹට අප්පච්චිද සමග අතේ එල්ලී පැමිණ ට‍්‍රෑම් රථයෙන් එදා කොළඹ නගරයේ රවුම් ගැසූ විමල් තෙන්නකෝන් මහතා ඒ සොදුරු අතීතය මා සමග තොරතුරු හෙළි කිරීමට එක්විය.
 මාතලේ රත්තොට මධ්‍යම පන්ති නිවාස යෝජනා ක‍්‍රමයේ පදිංචිව සිටින විමල් තෙන්නකෝන් මහතා සමුපකාර දෙපාර්තමේන්තුවේ සේවය කර විශ‍්‍රාම සුවය ලබමින් සිටින 65 හැවිරිදි වියේ පසුවන අයෙකි.

ගුණරත්න තෙන්නකෝන්් මහතා වන ඔහුගේ අප්පච්චී ව්‍යාපාරයෙකි. ව්‍යාපාරික කටයුතු සඳහා රත්තොට සිට කොළඹට පැමිණීමට නිතර සිදුවී ඇත. එසේ පැමිණි සමහර අවස්ථාවල විමල් තෙන්නකෝන් දරුවාද අප්පච්චීගේ අතේ එල්ලී කොළඹට පැමිණීමට දක්වා ඇත්තේ දැඩි රුචිකත්වයකි.
කොළඹ ට‍්‍රෑම් රථ යුගය කාලයේ මම අවුරුදු 6 ක විතර කොලූ  ගැටයෙක්. මට අද වගේ මතකයි අප්පච්චීත් එක්ක කොළඹ ආපු හැටි. එදා රත්තොට ඉඳලා කොළඹට කෙළින්ම එන්න බස් තිබුණේ නැහැ. නුවරට ඇවිල්ලයි කොළඹට එන්න  ඕනෑ. නුවර ඉඳලා කොළඹට එන්න එදා බස් ගාස්තුව විදිහට අය කළේ රුපියල් එකයි ශත අනූවක පමණ මුදලකි.

 මුලින්ම ට‍්‍රෑම් රථයක ගිය දවස ගැන කියන්න මට මතකයක් නැහැ. කොළඹ දෙවැනි හරස් වීදියෙන් ට‍්‍රෑම් රථයට ගොඩවෙලා බොරැුල්ලට ආපු බව නම් මට හොඳට මතකයි. ට‍්‍රෑම් රථයට නගින්න බය වෙලා මම හොඳටම අඬලා තියෙනවා. පස්සේ අප්පච්චි මාව වඩාගෙන තමා ට‍්‍රෑම් රථයට ගොඩකරලා තියෙන්නේ. ඊට පස්සෙ නම් ට‍්‍රෑම් රථවල යන්න මා බයවෙලා නැහැ. ඉස්කෝලේ නිවාඩු දවස්වලට මම අප්පච්චි කොළඹ යද්දී නොවරදවාම යනවා. කොළඹට ඇවිත් අප්පච්චිගේ වැඩවලට යන්නේ ට‍්‍රෑම් රථයෙන්. දෙවැනි හරස් වීදියේ ඉඳලා බොරැුල්ලට ට‍්‍රෑම් රථයේ ගාස්තුව ශත පහයි. ට‍්‍රෑම් රථවල සැප පහසුකම් ඇති ආසන සවිකර තිබුණා.


ට‍්‍රෑම් රථවල ටිකට් නොගෙන හොරෙන්් ගොස් අසුවුන අය ගැනත් ධාවනය වෙමින් තිබෙන ට‍්‍රෑම් රථවලට පැන සියදිවි නසා ගත් අය ගැනත් අප්පච්චි මට පස්සේ කාලයෙකදි කියා තිබුණා. ඒ කාලෙත් ගැට කපන්නන් ට‍්‍රෑම් රථවල ගමන් කර තිබුණ බව මා දැනගත්තේ අප්පච්චිගෙන්.
අප්පච්චි මෝටර් රථයක් ගන්න කොළඹ ගියා. ඒ ගමනත් අප්පච්චිත් එක්ක මමත් ගියා. කොළඹ ඉඳලා මෝටර් රථය ගන්න තැනට ගියෙත් ට‍්‍රෑම් රථයෙන්. ඒ 30 වර්ගයේ මෝටර් රථයක් තමා අප්පච්චි සල්ලිවලට ගත්තේ. රුපියල් 8000 ක මුදලකට තමා ඒ මෝටර් රථය මිලදී ගත්තේ. ඒ මෝටර් රථය ගත්තු බිල තවමත් අපි සතුව තිබෙනවා යැයි තෙන්නකෝන් මහතා ට‍්‍රෑම් රථ ගමන් ගැනත් අනිත් තොරතුරු හෙළි කරමින් අවසාන වශයෙන් පැවසීය.
ට‍්‍රෑම් රථ සේවාව ආරම්භ කළ මුල් කාලයේ සතියකට එම ට‍්‍රෑම් රථවල ගමන්ගත් මගීන් සංඛ්‍යාව 20,000 ක් පමණ වූ අතර මෙම සේවාව මගීන් අතර කොතරම් ජනපි‍්‍රයවීදයත් පසුකාලීනව දිනකට මගීන් 15,000 පමණ ගමන් කර ඇත.

පිටකොටුව ප‍්‍රදේශයේ පා ගමනින් ගමන් කරන විට එදා ට‍්‍රෑම් රථයේ ධාවනය කිරීමට ඉදිකරන ලද පීලිවල නෂ්ඨාවශේෂ දැක ගැනීමට පුළුවන.
 ඔබේ දෙපයට අද පෑගෙන ඒ ට‍්‍රෑම් රථ පීලි එදා කොළඹ නගරයට පැමිණි ජනතාවට ඉමහත් සේවයක් කිරීමට ආධාර වූ ඒවාය.

සටහන : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
2013 අපේ‍්‍රල් මස 21 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

දුන්නේ යකුළු පහරකි පිළිම සිරසට

වැටුණේ වෙන්ව එසැණින් අයියෝ බිමට!

වන වදුලෙක හෝ හුදෙකලාව පිහිටි බිමක නොව දිනපතාම පාහේ දෙනෝ දාහක්‌ ජනයාගේ නෙතු ගැටෙන තැන්වල ද පුරාවස්‌තු සංහාරයන් අපමණව සිදු කෙරෙති. ආසන්නම දිනවලදී දෑහින් දුටු විනාශයන් දෙකක පළමුවැන්න පොලොන්නරුවේ දීර්ඝ කාලයක්‌ රජකම් කළ ශේ්‍රෂ්ඨ නරපතියකු ලෙස ඉතිහාසයේ කියෑවෙන මහා පරාක්‍රමබාහු රජුගේ රාජධානියේ ඉපැරැණි නගර ආරක්‍ෂක කොටුපවුර හෙවත් නගර බැම්ම සමූලඝාතනය කිරීමේ අවසන් අදියරයි. 


අප රටේ ඇති පුරාවිදු උරුමයන් නරුම ලෙස වනසන අසුබ , අමිහිරි ආරංචි දිනපතාම පාහේ නොඅඩුව ඇසේ.

ඉකිබිඳුමක්‌ නොව මහා විලාපයක්‌ ලෙස නැඟුණ ද, එම හඬට මහ උන්ගේ දෙසවන් විවර නොවීමේ කරුමය නිසා ඒවා වනසන නරුමයන්ට ලැබී ඇත්තේ නව ජවයකි.

පරසතුරන් විසින් පෙති පිළිම, දාගැබ් යකුළින්, මිටි පහරින් සුණුවිසුණු කළ කෲරතර අතීතය වර්තමානයට යාකරන කාලිංග මාඝලා නූතනයේද අපමණව සිsටිති. උන්ගේ සැහැසිකම් පිළිබඳව නවමු දුක්‌මුසු පුවත සැළවන්නේ පොළොන්නරු පුරා විදු පෙදෙසකිනි. එය අනුරාධපුර යුගයට අයත් බෞද්ධ ආගමික ගොඩනැඟිලි සංකීර්ණයක අවශේෂයන්ය. පිහිටා තිබෙනුයේ පොලොන්නරුව කලහගල ප්‍රදේශයේ අඹන්ගඟ නිම්නයේය. විහාර ආරාම සංකීර්ණයෙහි ඉපැරැණි ගොඩනැඟිලි පාදම්, ගල්කණු ආදිය සහිත පුරාවිදු බිමේ සමාධි මුද්‍රාවෙන් තැනුණු සෙල්මුවා බුදු පිළිමය ඇතුළු පුරාවස්‌තු මෙම හුදෙකලා වනගත බිමේ මේවනතුරු නිරුපද්‍රිතව පැවැතීම විශේෂත්වයකි. එහෙත් පසුගිය දිනෙක මෙම පුරාවිද්‍යා බිමට රාත්‍රි කාලයේ ඇතුළු වූ නිධන් හොරුන් පළමුව සමාධි බුදු පිළිමයෙහි සිරස්‌පත යකුළු පහරින් බිම හෙළා සුණු විසුණු කොට ඉන් අනතුරුව එම බිමේ කැණීම් කටයුතු සිදු කළහ. ඒ සඳහා ඉපැරැණි ගල්කණු, පෙරළා දමා පැරැණි ගොඩනැඟිලි පාදම් ද හිත් පිත් නොමැතිව වනසා දැමූහ. පැය කිහිපයක්‌ දින ගණනාවක්‌ තිස්‌සේ වෙහෙසී සිදු කොට ඇති බවට සැක කෙරෙන මෙම අපරාධය පිළිබඳව දැනගෙන පොලිසිය එම ස්‌ථානය වටලද්දී සැක කටයුතු= පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මල්, බුලත්, පූජාවට්‌ටි ආදිය තබාගෙන මන්තර ජප කරමින් සිටි බව කියන කට්‌ටඬියකු ද පොලිසියට කොටු වූ පිරිස අතර විය. උදලු, අලවංගු, යකඩකූරු ආදී නිධන් හෑරීම සඳහා උපයෝගී කරගත් උපකරණ ද මොවුන් සන්තකයේ තිබී අත් අඩංගුවට ගැනුණු අතර එහි ඒ වනවිට සිදු කර තිබූ විනාශය අපමණය.

ගලින් තැනුණු ඉපැරැණි පාදමක්‌ද වනසා ඒ අවට හාරා තිබිණි. විශාල වල දිගින් අඩි 06 ක්‌ හා පළලින් අඩි 04 ක්‌ පමණ වූ අතර එහි ගැඹුර අඩි 12 ක්‌ පමණ ය. කෙසේ නමුදු පොලිසියට කොටු වූ පුද්ගලයන් හැර තවත් බොහෝ දෙනකු මෙම අපරාධයෙහි පිටුපස සිටිනු නොඅනුමානය.

වන වදුලෙක හෝ හුදෙකලාව පිහිටි බිමක නොව දිනපතාම පාහේ දෙනෝ දාහක්‌ ජනයාගේ නෙතු ගැටෙන තැන්වල ද පුරාවස්‌තු සංහාරයන් අපමණව සිදු කෙරෙති. ආසන්නම දිනවලදී දෑහින් දුටු විනාශයන් දෙකක පළමුවැන්න පොලොන්නරුවේ දීර්ඝ කාලයක්‌ රජකම් කළ ශේ්‍රෂ්ඨ නරපතියකු ලෙස ඉතිහාසයේ කියෑවෙන මහා පරාක්‍රමබාහු රජුගේ රාජධානියේ ඉපැරැණි නගර ආරක්‍ෂක කොටුපවුර හෙවත් නගර බැම්ම සමූලඝාතනය කිරීමේ අවසන් අදියරයි. එය අවසන් අදියර ලෙස හැඳින්වූයේ මීට පෙර ද අවස්‌ථා කිහිපයකම අපරාධකරුවන් රැසක්‌ එම විනාශයම සිදු කර තිබෙන හෙයිනි. එය සැකෙවින් මතකයට නඟතහොත් නූතනයේ ඉපැරැණි පුරාවිද්‍යා මායිම් සිතියමෙන් බැහැරවී මෑත කාලයේ ලකුණු කළ කෘත්‍රිම මායිම් තුළ ජනාවාස ඇතිවීම හේතුවෙන් ඉපැරැණි රාජධානියේ නගර බැම්ම අගු කොනකට තල්ලුවී තිබේ. මෙයට දෙවසරකට පමණ පෙර බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ශේෂව පැවැති මෙම මහා ජාතික උරුමයේ ගඩොල් බැමි, පාදම සුණු විසුණු වූයේ පුරාවිද්‍යා නිලධාරීන්ගේ ද නෙත ගැටෙන මහ දවල්ය. නගර බැම්ම මතින් ජල නල එළීSමේ සංවර්ධන කාර්යයන් සඳහා එම විනාශය සිදුවූ අතර අප මේ පිළිබඳව කොතෙකුත් සටහන් තැබුවද පුරාවිද්‍යා බලධරයන් ද මර නින්දට යවා අපරාධය ලඝූ කෙරිණි. අදටද ඒ වෙනුවෙන් කිසිදු වගවිභාගයක්‌ නැත.

අප්‍රමාණ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පොලොන්නරුවේ ඉපැරණි නගර ප්‍රාකාරයට සිදු කළ මහා විනාශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමන් වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරව ක්‍රියා නොකිරීමේ වැරැදි පූර්වාදර්ශය හේතුවෙන් අදට ද එම වරද කරන්නට අපරාධකරුවන්ට නිදහසේ මං පෙත් විවරව තිබෙන බැව් කනගාටුවෙන් යුතුව වුවද පෙන්වා දිය යුතුය. යළිත් වරක්‌ නගර බැම්මේ ගඩොලු බැමි, ඉපැරණි පාදම් මතුකොට සිදු කළ මහා විනාශයක්‌ පුරාවිද්‍යා නිලධාරීන් විසින් අතටම කොටු කර ගනු ලබන්නේ මීට සති කිහිපයකට ඉහතදීය. තම නිවෙසට යාබදව වැසිකිළියක්‌ ඉදිකිරීම සඳහා නගර බැම්ම සමතලා කොට ගෙපැලක්‌ කැපීමේ කාරියකි. ඊට සම්බන්ධ එක්‌ පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණු නමුදු වැනසූ පුරා උරුමය සංරක්‍ෂණය කිරීමට කිසිදු පියවරක්‌ නොගැනුණි.

රාජධානියේ ඇතුළු නුවරෙහි ආරක්‍ෂාව සඳහා තැනුණු ආරක්‍ෂක පවුර බැකෝ, බුල්ඩෝසර් යොදාගෙන මහ දවල් වනසා, සුණු විසුණු කළ බිමේ ඇතුළු නුවර පුරාවිද්‍යා ස්‌මාරක තවදුරටත් රැකේද යන්න සැක උපදවන කාරණයකි. එහෙත් නුවරෙහි ඇතුළත් පිටත් එකසේ සලකා පුරාවස්‌තු වනසන්නන් මේ බිමේ රැය, දහවල් දෙකෙහිම හිටි පිනුම් ගසන බව නම් නොරහසකි.

පුරා උරුමයන්ට ආදරය කරන ඕනෑම අයකුගේ හද සසල කරවන අලුත්ම මූසල ආරංචියේ පරම අයිතිය හිමිවනුයේ ද පොළොන්නරු පුරාවිද්‍යා භූමියටමය. එනම් මහ පැරකුම්බාවන්ගේ රාජ මාළිගය හෙවත් වෛජයන්ති ප්‍රාසාදය හා කාලිංග මාඝ විනාශයෙන් පසුව එම මගෙහි යමින් නැවත වනසන්නට වෙර දරණ ජඩ පවිෂ්ටයන්ගේ පා පහස රැඳුණු බිම මෙය බවට ඉතිහාසයට එක්‌වීම නොවැළැක්‌විය හැකිය. පුරාවිද්‍යා බිමකට, ඉපැරැණි ස්‌මාරක අහලකට තබා මහජන වැසිකිළියක අගුපිලකට හෝ වද්දා නොගත යුතු අමනයන් පිරිසක්‌ පසුගිය දිනෙක මෙම ඉපැරැණි රාජ මාළිගයෙහි අමිල පුරාවිද්‍යා අවශේෂයන් කිළිටි කොට තිබුණේ ගල් පතුරු ගඩොල් කැට හෝ වෙනත් රළු දෙයක්‌ උපයෝගී කොට ගෙන එය ඉංගී්‍රසි, සිංහල ආදී අකුරු ලියා කුරුටුගෑම් කරමිනි.

මාළිගයෙහි ඇතුළත මෑත කාලයේ සංරක්‍ෂණය කරන ලද බිත්ති මත සහ ඉපැරැණි බදාමයන් ගෙන් යුත් බිත්ති මත මෙවැනි අවරගනයේ කුරුටුගෑම්, විකාරයන් කරන්නට එක්‌ අයකු දෙන්නෙකු නොව කිහිපදෙනකු නැතහොත් කණ්‌ඩායමක්‌ අවස්‌ථා කිහිපයකම පෙර සූදානමකින් පැමිණ ඇති බව මනාව පැහැදිලිය.

මහ පැරකුම්බාවන්ගේ රාජ මාළිගය වූ කලී අපට වැදගත් වනුයේ ලංකාවේ දෙවැනි අගනුවර වූ පොළොන්නරුව රාජධානියේ රජකම් කළ ශේ්‍රෂ්ඨ නරපතියකුගේ මාළිගය ලෙසින් පමණක්‌ නොවේ.

අපට උරුම ප්‍රෙෘඪ ඉතිහාසය පිළිබඳව ස්‌පර්ශ කළ හැකි ජීවමාන සාධක අතුරින් ඉතා විශිෂ්ට ස්‌ථානයක්‌ මෙම අමිල පුරාවිද්‍යා ස්‌මාරකයට ද හිමිවන හෙයිනි.

පොලොන්නරු පුරා විදු පරිසරයට පිවිසෙන ඕනෑම දෙස්‌ විදෙස්‌ සංචාරකයකු මහ පැරකුම් රජුගේ ප්‍රතාපවත් රාජ මාළිගයෙහි අවසෙස්‌ මහත් ඕනෑකමකින් නරඹනු, අධ්‍යයනය කරනු අපි දකින්නෙමු. විශිෂ්ට ගෘහ නිර්මාණ කලාවක, දියුණු ශිෂ්ටාචාරයක, සංස්‌කෘතියක උරුමය අප සතුව පැවැති බවට වෙනත් සාධක උවමනා නැති තරමට රාජ මාළිගය දෙස්‌ දෙන බව නොරහසකි. මහල් සතකින් නිර්මාණය වූ අති රමණීය රාජ මාළිගය කාමර දහසකින් සමන්විත යෑයි වංස කතාවල සඳහන් තොරතුරු නිබොරු යෑයි පසක්‌ කරගන්නට එතරම් වෙහෙස විය යුතු නැති තරම් ය. රාජ මාළිගයෙහි අදටද මහල් තුනක නිර්මිත ශේෂව තිබෙනු පැහැදිලිව දැකිය හැක.

පොලොන්නරුවේ රජකම් කළ ශේ්‍රෂ්ඨ නරපතියකු ලෙස අදට ද ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කෙරෙන මහ පැරකුම්බාවන්ගේ රාජ මාළිගය බිත්ති මත කුරුටු හා කෙළෙසූ අපරාධයේ සුලමුන සොයා ගිය ගමනේදී අපට දැක ගන්නට ලැබුණේ පොලොන්නරුවේ බොහෝ පුරාවිදු ස්‌මාරක, බෞද්ධ ස්‌මාරක ලෙස පැරකුම් රාජමාළිගය ද ඈලියාවට ඇර තිබෙන බවකි. රැක්‌මට, බැලීමට කිසිවකුත් නොමැතිබිමේ අයාලේ යන අමන ජඩයන්ට ඉපැරැණි බිත්ති මත බහුරු කෝලම් කුරුටුගාන්නට පමණක්‌ නොව තවත් ඕනෑම දෙයක්‌ රිසි ලෙස එහි කරන්නට අවකාශ තිබෙන බව පැහැදිලි විය.

පැරකුම් රාජ මාළිගය පුරාවිද්‍යා උරුමයක්‌ වුවද මේ වනවිට එම විශිෂ්ට ස්‌මාරකයේ නිත්‍ය රැකවල්කරු ලෙස ක්‍රියා කරනුයේ යුනෙස්‌කෝ - ශ්‍රී ලංකා මධ්‍යම සංස්‌කෘතික අරමුදලයි. එහි පොලොන්නරුව කාර්යාලයේ නිලධාරියකුගෙන් මෙම විනාශය පිළිබඳව විමසා සිටි අවස්‌ථාවේ ඔහු දුන් පිළිතුර වූයේ අධ්‍යාපන චාරිකා සඳහා පොලොන්නරුවට පැමිණෙන ළමයින් පිරිසක්‌ විසින් මෙය ලියන්නට ඇතැයි අනුමාන කරන බවයි. මෙම ස්‌ථානය රැක බලා ගැනීම සඳහා කෙනෙකු රඳවා සිටින්නේ නම් මෙවැනි විනාශයන් කිරීමට හැකි ඉඩකඩ අඩු නොවේ දැයි යනුවෙන් විමසූ විට එම නිලධාරීන් ප්‍රකාශ කළේ තම ආයතනය මගින් එම ස්‌ථානයේ ඒ සඳහා කෙනෙකු යොදවා සිටින බවකි. එහෙත් තතු දත් මහජනතාව ප්‍රකාශ කළේ නිසි රැක බලා ගැනීමකට රාජ මාළිගය පමණක්‌ නොව බොහෝ ස්‌මාරක ලක්‌ නොවී තිබෙන බවයි. එමෙන්ම නාමික වශයෙන් ස්‌මාරක රැකීම සඳහා පිරිස්‌ වෙන්වී සිටියද ඔවුන් කටයුතු කරනුයේ පුරාවිද්‍යා ස්‌මාරක ආරක්‍ෂා කරන්නට නොව සංචාරකයන්ට මග පෙන්වන ගයිඩ්ලා ලෙස සහ සංචාරකයන්ට හිතවන්තයන් ලෙසිනි. කොහොමටත් බලධාරින්ට මෙන්ම මේ ගයිඩ්ලාටද අපේ උරුමයන් පිළිබඳ තඹ පිච්චියක වටිනාකමක්‌ද නැත.

කරුණාරත්න ගමගේ
2013 අප්‍රේල් 14 ඉරිදා දිවයින