ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

සිංහලයේ අවසන් රජු සිරගතව සිටි කොටුවේ සිර ගෙය

අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය
කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප‍්‍රතිමාව
යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ඉන්දියාවට පිටමං කළ පසු ක‍්‍රි.ව. 1815 මාර්තු 02 වැනිදා ඉංග‍්‍රීසි ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් හා නිලධාරීනුත් සිංහල උඩරට ප‍්‍රධානීන් අතර මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමෙන් සිංහලය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතට පැවරිණි. එතැන් සිට 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබෙනතුරුම මෙරට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය විණි.
ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරව සිටි රොබට් බ‍්‍රවුන්රිග්ගේ ප‍්‍රධානත්වයෙන් කන්ද උඩරට ආක‍්‍රමණය කිරීමෙන් පසු ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඇතුළු පවුලේ අය අත්අඩංගුවට පත් විය. 1815 පෙබරවාරි 19 වැනිදා මෙසේ බි‍්‍රතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත් රජු කොළඹ කොටුවේ ගාල්ලට අවතීර්ණවන දොරටුව ආසන්නයේ කුඩා මැදිරියක තාවකාලිකව සිරකොට තබන ලදී.
එම සිර මැදිරිය සොයා පැරණි ”කොළඹට” පසුගියදා අපි ගියෙමු. ගාලූ මුවදොර අසළ සෙලින්කෝ මන්දිරය (Ceylinco House) භූමියේ රාජසිංහ සිරකුටිය පිහිටා තිබේ.
මෙය අඩි 10ක් තරම්වත් නැති කුඩා කාමරයකි. එහි තුන් පැත්තක්ම හරි හතරැස්ය. එක් පැත්තක්  ඕවලාකාරය. එම  ඕවලාකාර පැත්තෙන් කුටියට ඇතුළුවීමේ දොරටුව තිබේ. කුටිය තුළ වර්ග ඵලය අඩි 8-8 ක් පමණ තරම්ය. එසේම මෙය එතරම් උස නැති අතර වහළද ගෝලාකාර හැඩැතිය. වහළ බිත්ති ස්වරූපයෙන්ම විශේෂ සෙවිලි කිරීමක් නොමැතිව බිත්ති ආකාරයටම සකස් කර තිබේ.
රජුට වෙන්වූ මෙම කුඩා සිර කුටියේ එක් පැසක රාජකීය ඇඳුමින් සැරසී ඔටුනුපළන් රජුගේ ප‍්‍රතිමාව තනා ඇත. ඒ යටින් රජු සිරගත කිරීම පිළිබඳ සිද්ධිය විස්තර කොට දක්වා තිබේ. රජු සිරගතව සිටිද්දී කපිතාන්  ඕ’බ‍්‍රයන්ගේ සුපරීක්‍ෂාව යටතේ දැඩි ආරක්‍ෂක මුර කඳවුරු මධ්‍යයේ රඳවාගෙන සිට ඇත. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවේ තබාගෙන කෙටි කලක් ඇතුළත රටින් පිටුවහල් කිරීමට ඉංග‍්‍රීසිහු පියවර ගත්හ.
පුරාවිද්‍යා ගවේෂණ හා ලේඛනගත කිරීම් සහකාර අධ්‍යක්ෂ
ඒ.ඊ.එල්. තිලකවර්ධන
රජතුමාත්, රජ බිසව වූ වෙන්කත රෙන්ගමාල් බිසව හා පිරිවර කොළඹ වරායෙන් මදුරාසියේ වෙල්ලෝරයට පිටත් කෙරිණි. රජතුමා කොර්න්වෝල්ස් නම් බි‍්‍රතාන්‍ය නෞකාවෙන් වෙල්ලෝරයට පිටත් කළ අතර කොටුව සිර මැදිරියේ සිට නැව් තොටට රැුගෙන ආවේ ආණ්ඩුකාරයාගේ නිල රථයෙනි. ඒ මොහොතේ රජු ඉතා අලංකාර ලෙස හැඳ පැළඳ සිටි බවත්, සන්සුන්ව සිටි බවත්, රජුගේ පිටව යාම දකින්නට මහජනයා පොදිකමින් සිටි බවත් සඳහන් වේ. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු අවසන් හුස්ම හෙළුවේ ක‍්‍රි.ව. 1832 ජනවාරි 30 දා ඉන්දියාවේ වෙල්ලෝරයේදීය.
රජු සිරගත කර තැබූ සිර කුටියේ ඇතුළත පැරැණි සිතුවම් රාශියක් දැකිය හැකිය. එහි ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු, වෙන්කත රෙන්ගමාල් බිසව, පිළිමතලාවේ අදිකාරම්, රොබට් බ‍්‍රවුන්රිග්, නුවර රාජකීය කොඩිය, දළදා මාළිගාව, වෙල්ලෝරයේ රාජසිංහ ස්මාරකය, රජු වෙල්ලෝරයට පිටවූ නැව ආදී සිතුවම් දැකිය හැකිය.
මෙම සිරකුටිය සිර මැදිරියක් ආකාරයටම ඇතුළුවන දොරටු යකඩ කූරු සහිත දොරකින් වසා ඇත.
ක‍්‍රි.ව. 1875 දී මෙම සිර කුටිය තිබූ තැන සුවිසල් බැරැක්ක යොදා තිබූ බව ආර්.එල්. බ්‍රෝහියර් පෙන්වා දෙයි. දැනට ලංකාවේ ඇති පැරණි හා ඓතිහාසික ස්ථානයක් හැටියට රාජසිංහ සිර කුටිය හඳුනාගත හැකිය. හැකි අය දැක බලා ගැනීමද වටී.

(විශේෂ ස්තූතිය:- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ හා ලේඛනගත කිරීම් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඊ.එල්. තිලකවර්ධන මහතාට)

සටහන හා ඡායාරූප - අසංක ආටිගල

2013 ජනවාරි මස 21 13:15:20 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


සිර කුටිය තුළ ඇඳ ඇති සිතුවම්


රාජසිංහ කුටිය පිළිබඳ ස්මාරකයේ ඇති කෙටි විස්තරය

ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු තාවකාලිකව රඳවා සිටි සිර කුටිය

ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ

පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති.
එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං පිළිබඳ විවිධ කතිකාවන් පවතී. වඩාත් සුන්දර කතාව ඉතිහාසයට එක්වන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඌවපරණගම පිහිටි ස්ත‍්‍රීපුර කන්දේ උමග තුළ වූ අන්තඃපුරය පිළිබඳවය.රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ.
එය එසේ මෙසේ අන්තඃපුරයක් නොව කන්‍යා අන්තඃපුරයක් බව පැවසේ.
වළගම්බා රජුගේ අන්තඃපුරය මෙන්ම මානාභරණ රජුගේ කන්‍යා අන්තඃපුරයද මෙහි තිබූ බව ඌව වංශ කතාව නම්වූ ග‍්‍රන්ථයේ සඳහන්වේ.
මෙම උමග මානාඇල්ල නම්වූ සුන්දර දියඇල්ල දක්වාම විහිදී පැවති බවත් රජතුමා අන්තඃපුර ස්ත‍්‍රීන් සමග මෙම රහස් මගෙන් මානාඇල්ලට ගොස් දියකෙලියේ යෙදුන බවත් කියති.
ඌව ඉතිහාසය රචනා කළ නාවුලේ ධම්මානන්ද හිමියෝ සිය කෘතියේ සඳහන් කර ඇත්තේ රාවණා රජු සීතා දේවිය සඟවා තැබීමටද මෙම උමග ප‍්‍රයෝජනයට ගත් බවට ජන ප‍්‍රවාද ඇති බවයි.
අප එම අන්තඃපුරය සොයා ගිය ගමන විනෝද ජනකය. වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ ලූනුවත්ත දෙසට ගමන් කරනවිට අඩි හාරදහසක් පමණ උසැති ස්ත‍්‍රීපුර කන්ද නෙත ගැටිණ.
වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකෙන ගනේතැන්න රජමහා විහාරස්ථානය හා බුස්දුල්ල ගම්මානය පසුකළ අප බෝගහමඩිත්ත පාසල අසළට ළඟාවුනෙමු.
එලෙස වාහනයකින් ස්ත‍්‍රීපුර කන්ද පාමුලට පැමිණිය හැකි නමුදු ගමනේ ඉතිරි කොටස යායුත්තේ පාගමනිනි.
පයිනස් වගාව අතරින් තිරුවානා ගල් උඩින් ගමන් කළ යුතුය.
මෙම පොළොව තිරුවානා ගලින්ම නිර්මාණය වී ඇති නිසා ස්ත‍්‍රීපුර ආශ‍්‍රිත ගම්මානය එදා තිරුවානාගම වූයේලූ. එය අද කිරවනාගම ලෙසට ව්‍යාවහාරවේ.
පාගමනින් පසු පොළව යටට යාම සඳහා අඩි 3 ක් පමණ වූ කුහරයකින් උමගට ඇතුල්වූයේ ඉතා අසීරුවෙනි. අඩි 20 ක් පමණ ප‍්‍රපාතයට තිරුවාන ගල් වල එල්ලීමෙන් ගිය ගමන ත‍්‍රාසජනකය.

ඉක්බිති හමුවූයේ ඇවිද යා හැකි ඉසව්වකි. එතැන්සිට දිසා කීපයකට බෙදුනු උමංමග දිස්විය. බටහිර දෙසට විහිදුණු මගෙහි ගමන් කළෙමු. මුලදී හිටගෙන ගමන් කළ හැකි මේ මග ටිකෙන් ටික කුඩා වන බවක් පෙනුණි. දෙකට නැමී එකා පස්සේ ගමන් කළ පසු නැවතත් නිදහසේ හිටගෙන ගමන් කළ හැකි පෙදෙසක් හමුවිය.
එතැන ගල්පොත්ත දිගේ ගලායන සිසිල් දියදහරකි. දියෙන් එගොඩවීම වඩාත් පරෙස්සමෙන් සිදුකළේ ලිස්සන සුළු සෙවල තට්ටු තිරුවානා ගල මත තිබූ බැවිනි.
ඊට පසු එළැඹි බාධකය තරණය කිරීම සඳහා දිගාවී ගමන් කළ යුතුවිය.
කිලෝමීටර් එකහමාරක පමණ දුර අප මේ වන විටත් පැමිණ ඇත. ඒ සඳහා පැය 3 ක පමණ කාලයක් වැයකර තිබිණ. ඉන්පසු හමුවූයේ වවුල් රජ දහනකි.
අප දැල්වූ විදුලි පන්දම් එළියෙන් හා අපේ කටහඬින් කලබල වූ වවුලන් කෑගසමින් ඒ මේ අත ඉගිලෙන්නට වූයේ අප අන්ද මන්ද කරමිනි. වවුලන් ඉගිලී යනතෙක් දෑස වසාගෙන බිම ඉඳගතිමි. නඩයේ අනෙක් ඇත්තන්ද එලෙසම සිටි බව මා දැක්කේ වවුලන් ගේ ශබ්දය වියැකී ගිය සැනින් මා ඇස් ඇර බැලූ බැවිනි.

අපගෙන ගිය විදුලි පන්දම් වල එලිය ඉදිරියට යාම වළක්වමින් තිරුවානා ගල්තට්ටු කඩා වැටී උමං මාර්ගය අවහිර වී තිබිණ.
එතැනින් ඔබ්බට මග නොපෙනී ගියෙන් අපි ආපසු හැරුනෙමු. ඒ තවත් බලාපොරොත්තුවක් ඇතිවය. අන්තඃපුර ස්ත‍්‍රීන් දියකෙලියට ගිය දියඇල්ලට උමං මගෙන් යාම බැරි වුණත් වෙනත් මගකින් එතැනට යාම අපේ අධිෂ්ඨානය විය. ගිය මගෙන්ම උමගින් එළියට ආ අප එලිමහන් මගෙන් මෙම උමගට නුදුරින් ඇති මානාවෙල ඇල්ල සොයා ගියෙමු.

තේවත්තක් මැද පිහිටි මානාවෙල ඇල්ල එකල මහා වෙල්යායක් මැද තිබූ බව දැනගන්නට ලැබුණේ ගම්වැසියෙකුගෙනි.
මේ දියඇල්ල දියවර සපයන්නේ හාල් ඔයෙනි. මානා ඇළ කුඹුරුවලට ජලය ගෙනයන්නේය. අවසාන රජ දවස දක්වාම මෙම වාරික‍්‍රමය මානාව වගාවන්ට ජලය සැපයූ බව එම ස්ථානයේ ගල්පොත්තක කොටා ඇති ලිපියක සඳහන්වේ.
එහෙත් අද වගාකරන බිම් ප‍්‍රමාණය අඩුවී තිබේ. මානාඇල්ල ද්විත්ව ඇල්ලකි. හරියට නිවුන් ලඳුන් දෙදෙනෙක් මෙනි. දියඇල්ල ඇදහැලීමට කලින් ගලින්ම නිර්මාණය වූ ගල්තලාවේම කපා ඔපමට්ටම් කළ ගල් බේසම් දැකිය හැකිය.
අන්තඃපුර ලඳුන් දියනෑවේ මේ ගල්බේසම් වල ලූ.

එම ගල් බේසම් සමූහයට ජලය ගලා එන්නේ ගල් පීලි පද්ධතියකිනි. එම ජලයෙන් බේසම් පුරවා ඉතිරි ජලය පහළට ඇදී යන්නේ දියඇලි නිර්මාණය කරමිනි.
වැලිමඩ සානුවේ අවසාන භාගයෙන් බිමට පනින මේ නිවුන් දියඇලි කොමලියන්ගේ උස අඩි 67 කි. මෙහි ගලක සටහන්වූ දම්වැල් ලකුණු කීපයකි. රාවනා රජුගේ ඇතා බැඳි ස්ථානය එය බව කියති.

බදුලූ දිසාවේ උමං අතරින් ඊළඟට මා සිත් ගත් උමග වූයේ ඇල්ල කරඳගොල්ල උමගයි. එහි ගිය පළමුවැනි මාධ්‍ය කණ්ඩායමද අප වූහ.
කිසිදු පොතක පතක සඳහන් නොවූ මෙම උමග පිළිබඳව අප දැනගත්තේ ගම්වැසියෙකුගෙනි. ඔහු අප සමග කතා කළේ රහසිගතවය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන්කර කරඳගොල්ලෙන් හැරී කරඳගොල්ල මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ගියපසු හමුවූ කුඩා කඳුගැටයක් නැග ඉන්පසු ගල් පර්වතයක් දිගේ ප‍්‍රපාතයක් දෙසට ගමන් කළෙමු.
කැලෑවෙන් වටවූ දෙබොක්කාවක උමං දොර දක්නට ලැබිණ. එම කුඩා දොරටුවෙන් ඇතුල්වීමට හිස පහත්කරගෙන දෙකට නැමී ගමන් කළ යුතුය. ඉන්පසු හමුවූයේ ගල් පඩිපෙළකි. එය බැස ගිය පසු ඇවිද යා හැකි කොටසකි. කිසිදු ස්වසන අපහසුතාවයකින් තොර මෙම උමං මග තුළ දැනෙන්නේ සිසිලසකි. ඇතැම් ස්ථානවල දැඩි අඳුරක් පවතී. අප රැගෙන ගිය විදුලි පන්දම් එළිය ගමනට ප‍්‍රමාණවත් විය.
යළි හමුවූ කුඩා කවුළුවකින් දිග ඇදී ඇතුල් වූ පසු හමුවූයේ විශාල ඉඩකඩක් සහිත ශාලාවකි. හැට දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටීමට එය ප‍්‍රමාණවත්ය.
ලනුවක ආධාරයෙන් බැසිය යුතු ස්ථානයන් මෙන්ම බඩගගා ඇතුල්විය යුතු දොරටු පසුකරමින් අප පැමිණ තිබුණේ මේ උමගේ සුන්දරතම ඉසව්ව ලෙස සැලකෙන නිල්පැහැති ජලය පිරුණු තටාකය ළඟටය. අධික ශීතලෙන් යුතු මේ ජලකඳ තටාකයට දියපුරවා යළි පහතට ඇදෙන හඬක් ඇසුනද ඉන් ඔබ්බට යාමට අප පින්කර තිබුණේ නැත. එතෙකින් සෑහීමට පත්වී ආපසු හැරුනෙමු.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යටින් විහිදී තිබුණ උමගක් 1997 දී නිරාවරණය විය. තොරතුරු කන වැකුණ සැනින් අපි එහි ගියෙමු. ගවයන් සොයා ගිය ගම්වැසියෙක් උමං කට මුලින්ම දැක තිබුණේය. උමංකට කුඩා වුවද එතුළින් පහසුවෙන් බසින්නට හැකිවිය. ඉක්බිති හමුවූයේ විශාල උමංගෙයකි. අපි කිලෝමීටරයක් පමණ දුර පහසුවෙන් ඇවිද ගියෙමු. ස්වසන අපහසුව මෙන්ම කීප අතකට විහිදුනු මං සලකුණු නිසා ආපසු හැරුනෙමු.ඉදල්ගස්හින්නේ ඩිංගිරි බණ්ඩා සීයා අපට කීවේ පෘතුගීසීන්ට එරෙහිව සිංහල හමුදාවේ ඒකරාශීවීමට මෙවැනි භූගත ස්ථාන යොදාගෙන තිබූ බවයි.
හාලිඇල බෝගොඩ රජ මහා විහාරස්ථානය ලොව පුරා ප‍්‍රචලිත වී ඇත්තේ එකම ගසක දැවයෙන් සෑදු විස්මිත හා කලාත්මක ලී පාලම රජ දවස මෙහි ඉදිකර තිබීම නිසාය.
එම පාලමට ඉදිරියෙන් ඇති ලෙන් විහාරය වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වේ. ලෙන් විහාරයට පිටුපසින් උමං දොරක් දැකිය හැකිය. එම උමංදොරින් ඇතුළු වීමට හැකිවුවත් ඉන් ඔබ්බට යන උමං මාර්ගය වැසී තිබේ.
විහාරාධිපති ඇටම්පිටියේ රාහුල හිමියෝ පැවසුවේ නාරංගල කන්දට, මහනුවරට හා බදුලූ කතරගම දේවාලයට යාම සඳහා මෙම උමං මාර්ගය යොදාගත් බවට ජනප‍්‍රවාදයන් පවතින බවයි.
ඇල්ල රාවනා ඇල්ලට ඉහළින් වළගම්බා රජු විසින් කරන ලදැයි සැලකෙන අපූරු ලෙන් විහාරයක් වෙයි. ඒ අසපුවේ හතරැස් අඩි 2000 ක පමණ වන ගල්ගෙයක් දැකිය හැකිය.
එය වළගම්බා රජුගේ වාසස්ථානයක් වූ බවද කියනු ලැබේ. මෙම ස්ථානයේ සිට දෝව රජමහා විහාරස්ථානයට උමං මගක් තිබූ බව කියති. එම ස්ථානයේ උමංකටක් දෝව රජමහා විහාරස්ථානයෙන්ද දැකිය හැකිය.
රාවණා ඇල්ල පිහිටා ඇත්තේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. රාවණා ඇල්ලට නුදුරින් ඇති උමග හඳුන්වන්නේ රාවනා ගුහාව නමිනි. රාම රාවණා මහා සංග‍්‍රාමයේදී රාවණා මෙම ගල්ගෙයි සැඟවී සිටි බවද ජනප‍්‍රවාදයකි.
එම උමගේ මීටර් භාගයක් පමණ ගමන් කළ හැකි නමුත් ඉන් ඔබ්බට යාම අපහසුය.
සොරණාතොට බුදුමුත්තාගල යැයි හඳුන්වනු ලබන පර්වතයේ විශාල ගල් ගෙයක්වෙයි. ඒ හා බැඳුණු උමග ඔස්සේ ගොස් බෝගොඩට මතුවිය හැකි උමං මගක් තිබූ බව කියති.
සොරණාතොට තල්දෙන සමීපයෙහි පිහිටි ගල් ලෙන් දෙකකි. අඩි සියයක් දිගින් හා අඩි 65 ක් පළලින් ඊටම යාබදව මැද මිදුලක් සහිත අඩි 81 දිගින් හා අඩි 12 ක් පළල අනෙක් ගල්ගේ පිහිටා තිබේ.
සීතාවක රාජසිංහ රජුගේ සංඝ සංහාරය සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙහි සැඟවී සිටි බවට ජනප‍්‍රවාදයකි.
පස්සර බුදම පාමුල පිහිටි බව කියන ඇකිරියේ උමග ඔස්සේ හාලිඇල ඉහළ දොම්පේ සිට හපුගහමුල්ල දක්වා විහිදී තිබේ.
මහියංගණය ගෝණගල කන්දේ උමග තුළ II වැනි රාජසිංහ රජු රහසිගතව වාසය කළ බව කියති.
මීගහකිවුල බිංගේලන්ද ගමේ පිහිටි උමග කුමාරදාස රජතුමා පරිහරණය කළ එකකි. තණමල්විල වල්ලිගුහාව කතරගම දක්වා විහිදෙන බව සැළයි.
පස්සර වැල්ගොල්ලේ උමග ලූනුගලකන්ද දක්වා විහිදෙයි.
හොරදොරෙව්වේ උමග වෙලන්හින්න කඳු බෑවුමේ සිට අලූත්වෙල දක්වා ගමන් ගනී.

ඌව පළාතේ හෙලිදරව් වී ඇති උමග රැසක් කාලයාගේ ඇවෑමයෙන් වැසී යමින් පවතී.

එහෙත් අනාවරණය නොවූ උමංද තිබෙන බවට විශ්වාසයක් පවතී. ඒවා බොහෝමයක් වනගතව ඇත. ඒවා ගවේෂණයකට ලක්වී නැත.

ඌමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති භූමියෙන් භූගත කටක් මතුවිය. එය කිසිසේත්ම ඓතිහාසික පුරාවෘත්ති වලට පසුබිමක් ඇති එකක් නොවන බව පුරාවිද්‍යා බලධාරීහු කියති. කෙසේ හෝ එතුලට යන්නට හෝ සොයා බලන්නට තහනම්ය.

සටහන හා ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ

2013 ජනවාරි මස 21 13:00:34 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 ස්ත‍්‍රීපුර උමග
 ස්ත‍්‍රීපුර උමග
 කරඳගොල්ල උමගේ නිල්දිය තටාකය
 ඉදල්ගස්හින්න උමග
 බෝගොඩ උමග
 බෝගොඩ උමග
කරඳගොල්ල උමගේ ඉහළින් පෙනෙන හුනුගල් තට්ටුව

ලෝකයේ මුල්ම මිනිස් පවුල ලංකාවෙන්?

ශ්‍රී ලංකාවේ ඇති වෙහෙර විහාර, දාගැබ්, පෙති පිළිම, සටන් බිමට හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය අවි, යුරෝපීයයන් පරදන ගිනි අවි, සාගර පරදන වැව් අමුණු පමණක් නොව සීගිරිය, යෝධ ඇළ, වැනි ලෝක උරුමයන් බවට පත් වූ නිර්මාණයන් තනා එකල මෙම හෙළ ඉංජිනේරුවෝ මහත් කීර්තියට හා අභිමානයට පත් වූහ. ‘‘ ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ නම් කෘතියේ සඳහන් මංජු ශ්‍රී බෝසතාණන් නමින් මතු බුදුවන රාවණ රජතුමාට හා එම පරපුරේ විශ්ව බ‍්‍රාහ්මණ, සූර්ය වංශ, විශ්මකර්ම, නවන්දන්නා නමින් හඳුන්වනු ලබන යක් හෙළ පරපුරට නිතැතින්ම මෙහි ගෞරවය හිමි විය යුතුය. එදා එම යක් හෙළයන් නොසිටියේ නම් අද ශ්‍රී ලංකාවේ මෙවැනි විස්මිත උරුමයක්, සංස්කෘතියක් කියා දෙයක් පෙන්වීමට නොහැකි තරම්ය. මේ ගැන ඉහත සඳහන් කෘතිය බැලීමෙන් තවදුරටත් පැහැදිලි කර ගත හැක.
අතුරලිය - විමලසුරෙන්ද්‍ර

මෙසේ දැනට වසර 7500කට පමණ පෙර රාවණ යුගයේ ලොව ඉතාම උසස් ශිෂ්ටාචාරයක් ගොඩනැගු ශ්‍රී ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයින් ඉන් නොනැවතී ලොව පුරා දස දෙස විවිධ රටවල සංචාරය කරමින් ඔවුන්ගේ විද්‍යාව හා තාක්ෂණය බෙදා දෙමින් රටවල් සොයා ගනිමින් ලොවට විශාල සේවයක් කර ඇති බව පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද, පර්යේෂවලින්ද සනාථ වී ඇත. මින් හෙළිවන කරුණු අනුව ලෝකයේ මුලින්ම රටවල් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේද බටහිර ජාතීන්ට නොව මෙම යක් හෙළ පරපුරටය.

එවැනි විදෙස් නිමැවුම් අතර, සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලාංකීය ඉංජිනේරු යක්ෂයින් 5 දෙනෙක් ඉල්ලා ඇත. ඒ ගැන එරට ඉතිහාසයේ පවා සඳහන් වී ඇති බව 2011.11.14 වැනි දින දොරමඩලාව වැඩ සටහනේදී හෙළි විය. රාවණ රජතුමාගේ ඥාති දනුබ් කුමරු ‘‘රමණීය’’ (රොමානියා) රට ජනාවාස කර, එරට ‘‘දනුබ්’’ (ඩැනියුබ්) ගඟ හරහා අමුණු බැඳ ඇත. මේ ගැන ස්කන්ධ පුරාණයෙහි සඳහන් වේ. මෙරට වාරිමාර්ග පද්ධති පිළිබඳ හෙන්රි පාකර් මහතා සිය කෘතියෙහි සඳහන් කිරීමේදී ඉන්දියාවේ කාශ්මීරයේ රජු කි‍්‍ර.ව 8 වැනි සියවසේදී ලංකාවේ වාරි ඉංජිනේරුවන්ගේ සහාය ලත් බවත්, අපේ ශිල්පීන් එහි ගිය බවත් සඳහන් කර ඇත. බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩ නැගීමට උපදෙස් දී ඇත්තේ ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියවෙන මැටි පුවරු 1996 අපේ‍්‍රල් මස එහිදී සොයාගෙන ඇත. සිංහ මිනිසුන් එය ගොඩනැගූ ආකාරය ‘‘ඉතිහාසය චැනලය’’ නමැති ඇමෙරික් රූපවාහිනිය විසින් 1998 මැයි මාසයේ විකාශනය කර ඇත. මේ අනුව ලොව පළමු ගුවන් යානයක් නිපදවීමේ හා ගුවනින් යාමේ ගෞරවයද හිමි විය යුත්තේ මෙම යක් හෙළයන්ටය. බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන ‘‘එල්ලෙන උයන් වතු’’ අපේ රටේ සීගිරි මුදුනේ කෘත‍්‍රිම උයන් සෑදු උයන් බවත් හෙළි වේ. කුවේර ඇතුළු යක් හෙළයන් ඇමෙරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත. මේ බව ග‍්‍රීක ඉතිහාස ග‍්‍රන්ථවලද සඳහන් වේ. එම රටේ ඇති බහිරව රූපවලින් හා මාදුරු ඔයට සමාන ලාහුගල හැඩයේ තිබී හමුවූ ගල් අමුණට සමාන අමුණක් මේ ශිෂ්ටාචාරයෙන් හමුවීමෙන් ඒ බව සනාථ වේ. ඇමෙරිකාවේ දෙවියන් ලෙස සැලකුම් ලබන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයකි.

මෙම යක් හෙළ පරපුර විජය පරම්පරාවේ අය නොවේ. විජය පැමිණීමට පෙර මෙහි සිටි මහා සම්මත පරම්පරාවෙන් එන ලෝකයේ මුල්ම මිනිසුන්ය. ඇලෙක්සෙන්ඩර් කියන පඬිවරයා මේ බව සඳහන් කර ඇත. ලොව පුරා මානවයා ව්‍යාප්ත වූයේ මැඩගස්කරයෙන් බව එක්තරා ලිපියක සඳහන් වේ. මහා පඬිරුවනක් වූ අරිසෙන් අහුබුදු තුමාද මේ බව සනාථ කර ඇත. ”විශ්ව බ‍්‍රාහ්මණ වංශ විනිශචය’’ කෘතිය පවසන්නේ මෙම පරපුරේ මව්බිම කාශ්මීර ප‍්‍රදේශය හා ඒ අවට බවයි. පසුව ඔවුන් ලොව සෑම පළාතකම විසිර ගොස් ස්ථිර නිවාස ඇති කරගත් බැවින් විවිධ භාෂා, වර්ණ ඇති වූ බවයි. මේ පරපුරට විශ්ව බ‍්‍රාහ්මණ යන නම ව්‍යවහාර විය. කාශ්මීර රට බ‍්‍රහ්ම වර්ත යනුවෙන්ද ව්‍යවහාර කරන අතර, පුරාණ බ‍්‍රාහ්මණයන් පමණක් මෙහි විසූහ. රාවණ රජතුමා කාශ්මීරයේ යක් පරපුර දැනුවත් කළ බව අරිසෙන් අහුබුදු තුමා විසින්ද ‘‘විජයාවතරණ සමයේදී මේ රට කළේ මහා කාලසේනය’’ යනුවෙන් ශ්‍රී ලංකා ශිෂ්‍යොපකාර සමිතියේ 2006 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලද සංවත්සර උත්සවයේ කරන ලද දේශනයේදී හෙළි කරන ලදී. මැඩගස්කරය, කාශ්මීරය, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වීමට පෙර ශ්‍රී ලංකාවට අයත්ව තිබූ ප‍්‍රදේශ වේ. ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවෙන් වියු යුතු බවට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාද පවසයි. රාවණ පරපුර ලංකාවේ පමණක් නොව මුළු මහා භාරතයේද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ‍්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත‍්‍ර නම් ශ්‍රී ලංකාවේ, මහා භාරතයේ, ගී‍්‍රසියේද ඇත. රවුළුගේ, හේවා රවුළුගේ, රවුළු හේවාගේ, රාවණගේ ආදී නම්, වාසගම් දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේද දැකිය හැකිය.

‘‘යක් හෙළ ශිල්පීන්ගේ
පෙළපත් නම් ආදිය අනුවද,
ඉන්දියාවෙන් පැමිණි පමණින්ද,
දැන හෝ නොදැන වගකීමෙන් තොරව
ඔවුන් ද්‍රවිඩ සම්භවයක් ඇති
අයවලූන් ලෙස හංවඩු ගැසීමත්,
එසේ ලේඛණ ගත කිරීමත්
වැරදි සහගතය’’

එපමණක් නොව මෑත භාගයේදීද එනම් 1934 දී ශ්‍රී ලංකාව පාලනය කළ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත දියමන්තියේ බි‍්‍රතාන්‍ය ලාංඡුනය කොටා කළ හපන්කම එවකට ලොව පාලනය කළ වික්ටෝරියා මහ රැජිනගේ විමතියට පවා ලක් විය. එවැනි ශිල්පීය ඥානය බි‍්‍රතාන්‍ය රජයේ ස්වර්ණාභරණකරුවන්ට ලන්ඩනයේදී පේ‍්‍රක්ෂණය කිරීමට රජ අණ විය. ඒ අනුව ඉහත හපන්කම කළ යක් ශෙල පරපුරේ විමලසුරේන්ද්‍ර හා අතුරලිය යන දෙදෙනා ඒ සඳහා එහි යන ලදී. තාක්ෂණය පේ‍්‍රක්ෂණයට ගියේ කැමැත්තෙන් නොවේ. රජ අණ නිසා විය හැක. ඉන්දියානුවන් 40 දෙනෙකුට හා ලංකාවේ මේ දෙදෙනාට රැුජින බැහැ දැකීමට අවස්ථාව ලැබුණි. රැුජින ඉදිරියේ එම ඉන්දියානුවන් බිම දිගා වී වැඳ වැටී යද්දී මේ අභීත තාක්ෂණිකයන් දෙදෙනා වැඳවැටුනේ නැත. තාක්ෂණය දත් අය බිම වැටෙන්නට වුවමනා නැති බව ලොවට කියා දෙමින් ඔවුන් හිටගෙනම රැුජිනට ගෙන ගිය යතුරක් කැරකැවීමෙන් විසිරී යන හා කොපුව තුළට නැවත එන ආකාරයේ ඇත්දත්වලින් නිම වූ පොල් මලක් හා මිනිරන් කපුටෙක් තෑගි කළේය. මේ දෙදෙනාගේ තාක්ෂණයේ ප්‍රෞඩත්වය වික්ටෝරියා රැජිනගේ දින පොතේ පවා අපූරුවට සඳහන් කර ඇතිවා පමණක් නොව ඒ අනුව මේ දෙදෙනා වෙනුවෙන් භෝජන සංග‍්‍රහයක් පවා පවත්වා ඇත. තවද ඔවුන්ගේ පරම්පරා හතකට රැුජිනගේ  ඕනෑම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටකින් රැුකියාවක් ලබා ගැනීමට එම වකවානුවේ තිබූ උසස්ම වරමක් දීමෙනුත් ඔවුන්ට බුහුමන් දක්වා ඇත. එමෙන් තවත් අපේ විද්වතෙක් බි‍්‍රතාන්‍යයේදී දුම්රිය සර්වෝරෝධක ක‍්‍රමය සොයා දී ඇත. එයට ගෞරවයක් වශයෙන් අදද භාවිත කරන දුම්රිය බ්‍රේක් පළුවලට ‘‘ක්ලේටන් දේවේන්ද්‍ර සදර්වෝ සිස්ටම්’’ යනුවෙන් හඳුන්වනු ලබයි. මේ එවැනි අපේ ශිල්පීන් මෑත භාගයේදීද ජාතියට ආඩම්බරයක්, ගෞරවයක් ලබා දෙමින් රජ අනින් බි‍්‍රතාන්‍යයට ගොස් ඞී.ජේ. විමලසුරේන්ද්‍ර තුමා මෙන් සුද්දන්ට පාඩම් ඉගැන්වූ හැටි මෙහිදී නොකියාම බැරිය.

මේ අනුව එදා ශ්‍රී ලංකාවේ විසූ සමෘද්ධිමත් යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇති බව මැනවින් පැහැදිලි වේ. එවැනි අපි ලෝකයේ පළමු ශිෂ්ට සම්පන්න ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය කොටසක් බව අපේ අනාගත පරපුරට දෙපයින් සිටගෙන ලෝකයා හමුවේ ආඩම්බරයෙන් කියා පෑමට හැකිවීම ගැන මුළු මහත් ජාතියම රාවණ රජතුමා ඇතුළු එම පරපුරට සදා ණය ගැතිය.


ඇත් දත් පොල් මල

රාවණ රජතුමාට රටවල් 10ක් අයත්ව තිබී ඇත. එම නිසා දශ ශීර්ෂ යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඉන්දියාවේ දණ්ඩකාරාණ්‍ය යද එතුමාට අයත්ව තිබී ඇත. එහි ශාක පමණක් බුදින යක් හෙළ ජනතාවක් විසූ බව මහාවංශයට පෙර රචිත රාමායනය පැවසීමෙන්ද, මුහුදු ගැලීමෙන් ලංකාව ඉන්දියාව වෙන්වන අවස්ථාවේ මෙම දණ්ඩකාරණ්‍යයෙහි අගනුවර වන දනස්ථානය (දනව්ව) ද ගිලී යන ලදී. එය 2002 දී මුහුදු පත්ලේ තිබී සොයා ගැනීමෙන්ද ඒ බව තවදුරටත් සනාථ වේ. ඉන් රාවණ රජතුමාගේ කාලය අවුරුදු දසදහසක් පැරණි බවටද ඔප්පුවේ. මේ අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ක‍්‍රි.පු. 1500 බව කියන මැක්සි මුලර්ගේ ආර්ය න්‍යායද පුස්සක් බවට පත්වනු ඇත. රාවණ රජතුමාගේ කාලයත්, බලන්ගොඩ මානවයාගේ හා ඒ එම මානවයා සොයා ගත් කලාපයේ අදටත් මතුවන ඓතිහාසික සාක්ෂිවල කාල නිර්ණයන් ගත් විට ලොව ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ශ්‍රී ලංකාවෙන් බවට එකඟ විය හැක. රාවණ රජතුමාට ඉන්දියාවේ අයත්ව තිබූ මෙවැනි බොහෝ ප‍්‍රදේශවලත්, යටත් රටවලත් මෙම යක් හෙළයෝ සිටි බවට මෙවැනි තොරතුරු තවත් බොහෝ වෙති. රාවණ යුගයේ අවසන් භාගයේදී මුහුදු ගැලීමෙන් මේ අයත් සමඟ ඉන්දියාව ලංකාව වෙන් විය.
තවද විදෙස් රටවලට මෙම යක් හෙළ ශිල්පීන් බලහත්කාරයෙන් පවා ගෙන ගොස් ඇති අතර, ඉන්දියාවේ අදටත් එවැනි අය සිටින බව දැන ගන්නට ඇත. මෙම අය මෙන්ම අනෙක් රටවල සංවර්ධන කටයුතුවලට ගිය අය කාලයක් එහි පදිංචිව සිටීමේදී එම දිවයින්වලින් භාෂාවන් හා පෙළපත් නම්වලට නම් එකතුවීමක්ද දක්නට ලැබේ. ඉන්දියාව ළඟම පිහිටි රට බවට පත් වූ නිසා විශේෂයෙන් එම අය වරින් වර ආපසු මෙහි පැමිණි බවත්, රජවරුන් විසින් ගෙන්වා ගත් බවත්, වංශ කථාවල සඳහන් වේ. මහින්දාගමනයත් සමඟ පැමිණි කුල 18කට අයත් බව කියන අයවලූන් ශුද්‍ර ගණයට අයත් වන බව පැහැදිලිවේ. ශුද්‍ර යනු උසස් කියන වංශයට අයත් නොවන කුල හීනයන් වේ. මෙම යක් හෙළයන් එම කුල හීනයන්ට අයත් නොවන නිසා යක් හෙළයන් ඒ සමඟ පැමිණි කුලයක් බවට ගණනය කළ නොහැක.
පසු කාලීනව අප රටේ සිටි රජවරු මෙන්ම ද්‍රවිඩ සම්භවයක් ඇතිව සිටි රජවරු විසින්ද මෙම යක් හෙළ ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් රාවණ යුගයේ නාමයන්, නාරායන, දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර (දෙවියන්ගෙත් දෙවියන්) ආදී දෙවියන්ට අයත් හා පරාක‍්‍රම, වීර පරාක‍්‍රම ආදී රජවරුන්ගේ නාමයන්ගෙන්ද පුදනු ලැබු බවක් පෙනේ. මෑත භාගයේ සිටි හැමෝම නොව සුදු නිලධාරීන් කීපදෙනෙක්ද මෙම ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් ඩයස්, සිංඤ්ඤෝ, කොස්තා, සිල්වා, සම්පායෝ, මොරායස්, දොන්, පෙරේරා, බර්තොලමියුස්, රබෙල් වැනි ඔවුන්ගේ නාමයන් පවා භාවිතා කර ඇති බවක්ද දක්නට ඇත. පෙර සඳහන් කළ පරිදි නැවත ඉන්දියාවේ සිට මෙහි පැමිණි ශිල්පියෙකු ගොඩ බට බවට ඇසූ එකල කෝට්ටේ රජකළ බුවනෙකබාහු (Vස) රජතුමා විසින් ඔහු ඇතු පිටින් රජ වාසලට ගෙනවුත් ගෞරව කර මංගල ගම පවරා මණ්ඩල වල්ලි නයිදේ නම් ගරු නාමයද ප‍්‍රදානය කළ බව ‘‘මධ්‍යකාලීන සිංහල කලා’’ ග‍්‍රන්ථයේම සඳහන් වේ.

ඉහත සඳහන් ‘‘ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ කෘතියට සම්බන්ධ අලදෙණියේ අලගේශ්වර වත්තු නයිදේ මූලාචාරීන් ගේ අලගේශ්වර ඩිංගිත්තා අප්පු නම් මහනුවර දළදා මැදුරේ පත්තිරිප්පුව, දිය අගල, වලාකුළු බැම්ම, නුවර වැව හා නගර නිර්මාණය කර මහනුවර එදා මෙදා තුර බැතිමතුන්ගේ නෙතට රසඳුනක් කළ දීප්තිමත් අද්විතීය සැලසුම්කරු හා නිර්මාණ ශිල්පියාට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ‘‘දේවේන්ද්‍ර’’ යන නාමය ඇතුළු තඹ සන්නසක් ප‍්‍රදානය කර ඇත. තවද ගෞරවයක් වශයෙන් රජතුමා විසින්ම රන් නළල් පටියක් බැඳ එම මූලාචාරී ධුරයට පත් කර ඇත. ඒ නැතත් රාවණ රජතුමාගේ පුත් ඉන්ද්‍රජිත්ගේ ඉන්ද්‍ර පරපුරෙන් පැවත එන දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, මනමේන්ද්‍ර වැනි එම ‘‘ඉන්ද්‍ර’’ නාමයන් පමණක් නොව එවැනි යක් හෙළ නාමයන් මෙම පරපුරටම නිරන්තරයෙන් ලැබෙන්නකි.

අපේ රටේ රජ කළ දුෂ්ඨ පාලකයෙකුගේ කාලයේ දන්ත ධාතූන් වහන්සේ අහසට නැගි වේලාවේ එය ආපසු පොළවට ගැනීමට අධිෂ්ඨාන භාවනාවක් කර ඇත්තේද මෙම පරපුරේ අයෙකු බැවින් ඔවුන්ට ‘‘දන්ත නාරායන’’ යන පෙළපත් නාමය පුදනු ලැබූවකි. මේ රජවරුන් විසින් පිරිනමන ලද නාමයන්ගෙන් කීපයකි.

ඉහත සඳහන් කරුණු කාරණා අනුව මෙම යක් හෙළ ශිල්පීන්ගේ පෙළපත් නම් ආදිය අනුවද ඉන්දියාවෙන් පැමිණි පමණින්ද, දැන හෝ නොදැන වගකීමෙන් තොරව ඔවුන් ද්‍රවිඩ හා වෙනත් සම්භවයක් ඇති අයවලූන් ලෙස හන්වඩු ගැනීමත්, එසේ ලේඛන ගත කිරීමත් වැරදි සහගතය. එසේ මුද්‍රණද්වාරයෙන් බිහිවන ග‍්‍රන්ථයක් හෝ ලිපියක් මතු අනාගතයේදී පර්යේශකයන්ට මූලාශ‍්‍රයක් ලෙස යොදා ගත හැකි හෙයින් ග‍්‍රන්ථයක ඇතුළත් තොරතුරුවල නිරවද්‍යතාව ගැඹුරින්
අධ්‍යයනය කොට හේතු සාධක සහිතව සඳහන් කිරීම විද්වත් සම්ප‍්‍රදායද වේ. මෙවැනි සොඳුරු මිනිසුන් ගැන ඉහත සඳහන් ‘‘ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ ග‍්‍රන්ථයේම මොනවට පැහැදිලි වේ. ඔවුන් මගේ රට තව තවත් ලස්සන කළා පමණක් නොව ගිනස් වාර්තා තබමින් රටට කීර්තියක් ලබා දෙන එම පරපුරේ අය අදටත් නැත්තේ නොවේ. එමනිසා නිර්මාණවලත්, කලාවේත් අභිවෘද්ධිය තකා එවැනි වැරදි ප‍්‍රවණතා වලින් වැලකී සිටීමට අපි වග බලා ගනිමු.


එම්.ඒ. කරුණාරත්න, 
ගිරිතලාන දකුණ, හෙට්ටිපොල
2013 ජනවාරි මස 27 13:46:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
wkqrdOmqr hq.hg wh;a 
w,xldr i|lvmyK
remsh,a fldaáhlg
,kavkfha fjkafoaisfha

ñ, l< fkdyels mqrdúoHd;aul jákdlulska hq;a ,xldfõ wkqrdOmqr hq.hg wh;a jákd ffY,uh i|lvmyKla tx.,ka;fha ,kavka kqjr§ ,nk wfm%a,a ui fjkafoais lrkakg kshñ;j we;ehs trg fâ,s fï,a mqj;am; u.ska m%isoaO lr ;sfnkjd'
jir tlaoyia ;=kaishhla muK merKs njg ñkqï lr we;s fuu i|lvmyK bx.%Sis hq.fha ,xldfõ fiajh l< iqÿ cd;sl j;= wêldrjrfhl= úiska 1950 § muK ,xldfjka tx.,ka;hg /f.k .sh tlla nj fidhd f.k we;' Tyq jdih l< ifilaia m%dka;fha ksjfia miqmi fodr wi< w,xldr f,i fuh msysgqjd ;sî we;' fuh fgdka tlla muK nr nj;a w`.,a 6 la muK >klulska hq;a nj;a mejiqKd'
j;=wêldrjrhdf.a wejEfuka ksjfia whs;sh ysñjQ Tyqf.a ÈhKsh fuu i|lvmyK mqrdúoHd;aul jákdlula we;s fohla f,i f,i ;elSula fkdlr ;snqK w;r miq.sh Èfkl weh tu ksji yd bvu úlsKSfuka miq th ñ,g .;a ;reK hqj<la tys we;s jákdlu y÷kdf.k ;sfnkjd'
Tjqka fuu i|lvmyK úl=Kkakg l,amkd lr we;af;a bka miqjh' tx.,ka;fha iqm%isoaO fjkafoais iud.ula jk fndkayeïia fuu i|lvmyK úl=Kkakg fmr th ;lafiare lrk ,o w;r Tjqka mjikafka iag¾,ska mjqï 50000 lg ^remsh,a fldaáhlg muK& th úl=Kkakg yelshdj we;s njhs' fuu j;af;a fmr ysñldßhf.ka fï .ek úuiSfï§ weh lshd we;af;a ;udf.a mshd 1950§ muK fuu i|lvmyK ksjig /f.k wd kuq;a th ,xldfõ tlla hhs ±k fkdisá nj;ah' w,xldr f,i yev jev ±uQ i;aj rEm n,ñka tajd md.ñka ;uka fi,a,ï l< yeá u;la fjk nj lshk weh ;u ksjfia miqmi fldkal%SÜ mdrla wjika fjk ;ek th msysgqjd ;snqK nj;a yevjev lrk ,o lsishï fndr¿ .,la f,i ta .ek l,amKdjla ;snqK nj;ah'
ksji ñ,g .;a kj ysñlrejka th úl=Kkakg hk nj ie,ùfuka miq weh lshd we;af;a zwmrdfo ux ´l ják tlla nj ±kx ysáfha kE'ke;akï ux biair fjkjdZ f,isks'
,nk wfm%a,a ui 23 jkod ,kavka kqjr§ fuu jákd w,xldr i|lvmyK ;j;a iqoafol=g fjkafoais lrkakg kshñ;h' ^fï iu. we;s PdhdrEm j, ±lafjkafka tu i|lvmyKhs&
fujeks jákd jia;+ka ta ld,fha iqoaokag meyer.kakg yelshdj ,eî ;sfnk w;r ;j;a ´kE;rï foa Tjqka furáka tl, /f.k hkakg we;ehs Wml,amKh l< yelsh',xldfõ wkqrdOmqr mQcdN+ñh hqfkiafldaj u.ska f,dal Wreuhla f,i kï lrk ,oafoa miqld,Skjh'


 

Link

බටතොට ලෙන වසර 712 ක්‌ සඟවා තැබුවේ

ඛණ්‌ඨමාරිගේ භූත ආත්මයද?


සම්මා සම්බුද්ධත්වයෙන් නවවන වසරේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ අවස්‌ථාවේ සමන්ගිර ඇසුරු කරමින් වාසය කළ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතුන් වහන්සේ සමග ගුවනින් සමන්තකූඨ පර්වත මුදුනට වැඩම කර දහසක්‌ නිම් වළලුවලින් යුත් ශ්‍රී පාද පත්මය පිහිටුවා දිවා විහරන සඳහා දිවා ගුහාවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

ගුහාවක්‌ යනු නිරන්තරයෙන්ම අඳුරක්‌ පවතින තැනක්‌ බව කිව හැකිය. එහෙත් ඉර පායා බැස යනතුරුම දිවාකාලය පුරාම ඉතාම හොඳින් හිරු එළිය පතිත වන ලෙන (දිවාකර හිරුට කියන තවත් නමක්‌) දිවාගුහාව යනුවෙන් පටබැඳුන බව සිතිය හැකිය. එසේ නම් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතන් වහන්සේලා සමග දිවා විහරණය වැඩි ලෙන දිවාගුහාව වුණාද? නැතිනම් දිවාගුහාවට බුදුන් වහන්සේ වැඩම කිරීමෙන් පසු දිවා ගුහාව නැතහොත් භාග්‍යාලෙන වශයෙන් පැවතියේ ද යන්න සිතා බැලිය යුතුය.

දිවාගුහාවට මිනිසුන්ට යා නොහැකි බවත් දිවාගුහාව සොයාගෙන ගිය එකම පුද්ගලයා වන සුළුගුළු උපාසකතුමාට සිදුවූයේ කුමක්‌ද? දිවාගුහාව වන්දනා කරන්නේ දේව, යක්‍ෂ, භූත යන කොටස්‌වලට පමණක්‌ යෑයි මතයක්‌ ඇතිවීමට ඉවහල් වූ හේතු සාධක මොනවාද යන්න සොයා බැලිය යුතුය.

දිවාගුහාවත් නොතිබුණා නම් හෝ ලංකාවේ බෞද්ධ ජනතාව එය නොදැන සිටියා නම් හෝ සොළොස්‌මස්‌ථාන වන්දනා ගාථාවේ (මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංචනං දිවාගුහං දීඝවාපී) ගාථාවේ පස්‌ වැනි තැනට මෙසේ සඳහන් වූයේ කෙසේද යන්නත් බුද්ධිගෝචරව සිතා බැලිය යුතුව ඇත.

"නා සවෙහි සහ පඤaච සතෙහි ගනත්වා

යස්‌මිං අකාසි භගවා සදිවා විහාරං

සංඵුල්ල සාල සුමණාචලපාද දේසේ

වෙJද සුසීතල මහං භගවා ගුහංතං"

දිවාගුහාව වන්දනාමාන කිරීමට ඉහත ගාථාව දක්‌වා ඇති අතර එහි පිහිටීම, පරිසරය ආදී සියලු ගුණාංග ඇතුළත් ගාථාවන් බෞද්ධයින් ඈත අතීතයේ සිට භාවිත කළේ කෙසේද? යටාලතිස්‌ස රජ සමයේ ආරම්භ කළ බවට පූජාවලියේ සඳහන් වන කැලණි රජමහා විහාරයේ බිතුසිතුවම් කර ඇති සොළොස්‌මස්‌ථාන අතරට දිවාගුහාව චිත්‍රයට නැගුවේ කෙසේද? එම චිත්‍රයට පසුබිම් වී තිබෙන්නේ බටතොට ලෙන බව අනුමාන කළ හැක. මෙම කරුණු සොයා බලා තීරණයක්‌ ගැනීම බුද්ධිමත් පාඨකයන්ට භාර කරමි.

පුරාණ බටතොට ලෙන අප්‍රසිද්ධියේ සහ අද්භූත සිදුවීම් තුළින් ජනතාව භීතියට පත් කරමින් වසර 712 ක්‌ බොදු ජනතාවගේ වන්දනා මානයට ලක්‌ නොවූයේ "ඛණ්‌ඨමාරි" භූත බලවේගය නිසාද?

මේ වන විට සොයාගෙන ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා ජනප්‍රවාද අනුව බටතොට ලෙන හෙවත් දිවාගුහාව තුළ විහාර කර්මාන්තය මුලින්ම ආරම්භ කර ඇත්තේ නිශ්ශංකමල්ල රජ සමයේය. ඒ බවට හේතු සාධක බොහොමයක්‌ මෙම ලෙන තුළින් සොයාගත හැක.

වර්ෂ 1178 සිට 1207 දක්‌වා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් නිශ්ශංකමල්ල ශ්‍රී පාදය සොයා සමන්තකූඨ පර්වතයට යන ගමනේදී බටතොට පිහිටි ගල්ලෙනේ දින කිහිපයක්‌ම ගත කළ බවට ජනප්‍රවාද පවතියි. මෙම ලෙනේ සිට බැලූ කල ශ්‍රී පාදස්‌ථානය මනාව දිස්‌වන හෙයින් මෙය දිවාගුහාව යෑයි තීරණය කළ රජතුමා දිවා විහරණ සිද්ධියටම අදාළ වන සේ විහාර කර්මාන්තය කිරීමට තීරණය කර ඒ සඳහා ඔහුගේ ඥතිවරයකු සමග අවශ්‍ය පිරිස ඒ සඳහා පිටත් කර එවා ඇත.

විහාර කර්මාන්තය සිදු කරමින් යන කාලය තුළ දිනෙක එම රාජකීයයා විසින් අන්තඃපුර කුමාරිකාවක්‌ දූෂණය කර ඇයව ජීවිතක්‍ෂයට පත් කර ඇත. මෙම සිදුවීමෙන් බද්ධ වෛරයෙන් මරණයට පත් රත්නමාලි නම් වූ කුමරිය "ඛණ්‌ඨමාරි" නමින් යක්‍ෂණියක්‌ව ඉපිද අවුරුදු 712 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ මෙම බටතොට ලෙනට අරක්‌ගෙන සිට එහි පැමිණෙන ගිහි පැවිදි සියලු දෙනා ගොදුරුකර ගනිමින් වසර 712 ක්‌ මෙම ලෙන හුදකලා පාළු ස්‌ථානයක්‌ බවට පත් කළ බව එම ස්‌ථානයට වර්තමානයේ පැමිණි ඇතැම් අයගේ ශරීරවලට ආවේශ වුණු භූත ආත්මවලින් හෙළි විය.

1999 වසරේ සංවර්ධන කටයුතුවලින් පසු එම වසරේ වෙසක්‌ මාසයේ සිට මෙම ස්‌ථානය මහජනයාගේ වැඳුම් පිදුම්වලට ඉඩ සලසාදීමෙන් අනතුරුව දිනකට විශාල පිරිසක්‌ මෙම දිවාගුහාව දැක බලා වන්දනාමාන කිරීම සඳහා පැමිණි අතර ඉන් දිනකට රූමත් කාන්තාවන් දෙතුන් දෙනෙක්‌ වත් භූත ආවේශයෙන් වියරු වැටී විවිධාකාර ස්‌වරූපයන්ගෙන් හැසිරීමට පටන්ගෙන ඇත.

මෙසේ සිදුවෙමින් පවතින අතරතුර 1999 ඇසල මාසයේ පසලොස්‌වක පොහොය දිනක දිවාගුහාවේ වස්‌ විසීමට වලල්ලාවිට සිට නිවුන්හැල්ලේ ධම්මරක්‌ත හිමියෝ වැඩම කළහ. උන්වහන්සේ භාරදී යැමට පැමිණි පිරිස අතර පොල්ගම්පල හරන්කහපොත විහාරවාසී සීවලී හිමියන් ද සිට ඇත. උන්වහන්සේ පිටත්ව යැමට පෙර බුදුකුටිය තුළට ගොස්‌ සර්වඥධාතූන් නිධන් කළ පිළිම වහන්සේට අත තබා වඳිනවාත් සමගම උන්වහන්සේ "මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා. මෙතැන සිට සියල්ල කියන්න බැහැ. සියල්ල දැනගන්න මගේ තැනට වර" කියා නික්‌ම ගියහ.

අනතුරුව සීවලී හිමියන්ගේ ලිපිනය ධම්මරක්‌ත හිමියන්ගෙන් ලබාගෙන උන්වහන්සේ වැඩ සිටි හරන්කහපොත විහාරස්‌ථානය වජිර කිත්සිරි වැලිකල, කලාශූරි ඩී. පී. ඡේ. ජයදේව මහතා ඇතුළු පිරිසක්‌ ගොස්‌ භූතාත්මයකින් ආවේශ වී සිටි සීවලී හිමියන්ගෙ අසලට යත්ම "මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා ඈ දෙවරක්‌ තෝ මරන්න හදලා තියෙවා. බුදුගුණ නිසා තෝ මරන්න බැරි වුණා. ඇය තොගෙ පස්‌සෙන් එනවා. ජීවිතයට ආස නම් තෝ.... ඔය ගෙන්න ගත්ත හාමුදුරුවොයි ගෙනාපු ධාතූන් වහන්සේලායි අරගෙන පල... එම නියෝගයෙන් බියට පත් පිරිස යක්‍ෂ බලවේගය එතැනින් ඉවත් කර දිය නොහැකිදැයි විමසූ විට "මම ඒවා කරන්නෙ නැහැ. තොට ඕනෑ තැනකට ගොස්‌ කරගනින්" දැන් ඉතින් පල කියා ගිගුරා පලවා හැර ඇත.

ඉන් පසු 1977 වසරේ දිනෙක කිරිවෙහෙරේදී මුණගැසී දිවාගුහාව ප්‍රතිසංස්‌කරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවන් ගැන අවවාදයක්‌ දුන් කිරිඇල්ලේ චන්ද්‍රකාන්ති තරුණිය සොයාගෙන ගිය පිරිසට එහිදී "තෝ මෙහෙටත් ආවද? මම තොගෙ හතර වරිගෙම කනවා. තෝ සර්වඥ ධාතු ගෙනැත් තියලා මම අවුරුදු 712 ක්‌ හිටපු තැන මට නැති කළා" යනුවෙන් ගුගුරණවාත් සමගම බියෙන් තැතිගත් වැලිකල මහතා මෙසේ විමසා ඇත. බලංගොඩ නාහිමියන් දිවාගුහාව යෑයි ප්‍රකාශ කළ ස්‌ථානය මිනිසුන්ට මෙන්ම දෙවියන්ට, භූතයන්ට වන්දනාමාන කර පිංසිදු කර ගැනීමට දියුණු කළාට ද මගෙන් පලිගන්නවා දැයි විමසූ විට යළිත් භූතාත්මය "විහාරය හදන්න ඇවිත් තමයි උන් මාව මේ තත්ත්වයට ඇද දැමුවේ" ඇය පෙර භවයේ සිදුවීම මෙලෙස විස්‌තර කර ඇත.

පෙර ආත්මයේ කේරළයේ සිට ලංකාවට ගෙන ආ රත්නමාලි නම් කුමරියක්‌ බවත් විහාර තැනීමට පැමිණි රාජකීය පුද්ගලයා අතින් දූෂණයට ලක්‌ව මරණයෙන් පසු එතැන් සිට ඛණ්‌ඨමාරි නමින් අවුරුදු 712 ක්‌ ගල්ලෙනට අරක්‌ගෙන සිටිය බවත් පැහැදිලි කර ඇත.

අවුරුදු 712 ක්‌ ගෙවුණ මෙම ආත්මයෙන් මිදී සුගතිගාමී වීමට නම් ලෙනට අඩි 40 ක සීමාව තුළ තමන්ට වාසස්‌ථානයක්‌ වෙන්කර දෙන ලෙස ඉල්ලා ඇත.

1999 වසරේ අගෝස්‌තු මාසයේ පුන් පොහෝ දින ඛණ්‌ඨමාරි භූමාටු ආත්මයට පිංදීම සඳහා ලෙන් විහාරයේ අඩි 40 සීමාව තුළ කිරිනුග පැළයක්‌ සිටුවා එය දසසිල් මාතාවන් 15 කට වැඩි පිරිසකට කිරිපිඬු දානයක්‌ පිරිනමා ඔවුන් සමග සුදු මල් හා හේවිසි සහිත පෙරහැරකින් ගෙන ගොස්‌ අටපිරිකරක්‌ ඇයට කැප කරවා එම නුගය මුල තබා ඉන් පසු නැවත පෙරහැරකින් එය බුදුලෙනට වැඩම කරවා සැතපෙන පිළිම වහන්සේගේ සිරිපතුල පාමුල ඇය වෙනුවෙන් තබා පිං අනුමෝදන් කිරීමෙන් පසු වසර ගණනක්‌ පැවැති මෙම භයානක උවදුරෙන් මිදී සියලුම බැතිමතුන්ට මෙම පිං බිමේ දැකබලා වැඳ පුදා ගැනීමට හැකියාව ලැබුණු බව කියවෙන අතර මේ වන විට දහස්‌ ගණනින් මෙම ස්‌ථානයට පැමිණෙති.

දිවාගුහා ලෙන තුළ බුදු කුටියට පිටින් අරුම පුදුම විෂ්ණු දේවාලයක්‌ ඉදිකර ඇත. එහි ඇති චිත්‍ර හා මූර්ති අනුව රත්නමාලි කුමරිය සිදුවූ සිද්ධිය දනවන කරුණු රාශියක්‌ වටහා ගැනීමට හැකිය. දේවාලයේ ඉදිරිපස දොරටුපාල රූපයෙන් හින්දු ආභාෂය පිළිබිඹු වේ. දොරටුව ඉහළින් දැක්‌වෙන බ්‍රිතාන්‍ය යුගයේ ඔරලෝසුවක එය ඉදිකරන ලද වර්ෂය 1908 යනුවෙන් සඳහන්ව ඇත.

කුරුවිට කෝරළයේ වෙහෙර විහාර 14 ක්‌ ඉදිකිරීමට මූලිකත්වය දැරුවා වූ අමරපුර සිරිධම්මවංශ මහා නිකායේ එක්‌නැලිගොඩ පාර්ශ්වයේ මූලික නාහිමියන් ලෙස සැලකෙන බටතොට ශ්‍රී සුභූති නාහිමියන් යම්කිසි අද්භූත සිද්ධියක්‌ මුල්කර ගනිමින් එය මගහැරීමට මෙම දේවාලය ඉදිකරන ලදැයි එකල ජීවත් වූ වැඩිහිටියන් පිළිගත් මතයකි.

එවැනි ඉතිහාසයක්‌ ඇති මෙම දේවාලය තුළ නිර්මාණය කර ඇති චිත්‍ර මූර්ති තුළින් අපට යම් අවබෝධයක්‌ ලබාගැනීමට හැකිය.

විෂ්ණු දෙවියන් යම්කිසි දේව සභාවක විනිශ්චයක්‌ ප්‍රකාශ කරන දර්ශනයක්‌ එහි දැක්‌වේ. විෂ්ණු දේවරූපයේ දකුණු පස බිත්තියේ, ගම්භාර, කතරගම, කළුකුමාර, පත්තිනි ඇතුළු දේවරූප හතක්‌ සටහන් වී තිබේ. මෙය අද සමාජයේ ශේ්‍රෂ්ඨාධිකරණ ජුරි සභාවක්‌ ඉදිරියේ විභාග කරන නඩු විභාගයකට සමාන දර්ශනයකි.

විෂ්ණු රූපයේ වම් අත අසලින් ඉතා රූමත් තරුණියකගේ උඩුකය අඩ නිරුවත් චිත්‍රයක්‌ තිබේ. මෙය කාමුක හැඟීම් දනවන අන්තඃපුර කාන්තාවකගේය යන්න අනුමාන කළ හැක.

ඊට යාබදට වැඩි රාජකීය පුද්ගලයකුගේ යෑයි සිතිය හැකි පිළිරුවකි. එය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අයකුගේ යෑයි සිතිය හැක. ඒ අසලම ඇත්තේ එම අංශයේම තරුණ කුමාරයකුගේ පිළිරුවකි.

මෙම ස්‌ථානයට ගොස්‌ දැක බලාගැනීමෙන් ඉහත සඳහන් පුවත පිළිගැනීම හෝ බැහැර කිරීම පාඨක ඔබ සතුය.

සෝමචන්ද්‍ර යකන්දාවල
2013 ජනවාරි 13 ඉරිදා දිවයින