ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

දෙමළ මහ සෑයේ රහස් වසර 1000 කට පසු

පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදිකැර ඇත්තේ මෙතෙක් සිතා සිටි ආකාරයට නොවන බවත් එය කිසිදු ඉදිකිරීමකට දෙවැනි නොවන විශ්මිත නිර්මාණයක් බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි.
11 වැනි හා 12 වැනි සියවස් වල දී සාදා ඇති දෙමළ මහා සෑයට ඒ නම ලැබී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ජයගෙන අල්ලාගෙන ආ දෙමළ වහලුන් 12,000 ක් යොදා ඉදිකරන ලද බැවින් යැයි ද එය දකුණු ඉන්දියාවට පෙනෙන උසකින් ඉදිකරන ලද බව ද වංශකතාවේ දැක්වේ. දාගැබේ වටප්‍රමාණය රියන් 1300ක් හා උස අඩි 1000ක් වූ බව ද පැවසේ. එය ගරාවැටී ඇති බැවින් නිශ්චිත මිනුම් දැනගත නොහැකියැයි පර්යේෂකයෝ කියති.
1984 දී සහ 1991 දී මෙහි කැණීම් සිදුකැර ඇති අතර කැණීමේ දී චෛත්‍ය මධ්‍යයෙන් බොරළු මතුවී ඇත. බොරළු ඇත්තේ පිහිටි පොළවේ යැයි තිබූ මතය හේතුවෙන් එකළ පුරාවිද්‍යාඥයන් නිගමනය කැර ඇත්තේ කන්දක් වටකැර ගඩොල් බැඳීමෙන් දාගැබ සාදා ඇති බවයි.
දැන් එහි කැණීම් සිදුකරන ආචාර්ය නිමල් පෙරේරා ඇතුළු පර්යේෂකයන් පවසන්නේ එම මතය ඉවත දැමීමට සිදුවන බවයි. අක්කර තුනහමාරක පමණ භූමියක පැතිර ඇති මේ දාගැබ කැණීමේ දි පෙනීගොස් ඇත්තේ දාගැබ තැනීමට කන්දක් වටකැර නැති බවයි. අඩි හැටක් පමණ උස එවැනිම පළලක් ඇති වෘත්තාකාර විශාල බැම්මක් බැඳ ඒ මැද පස්වලින් පුරවා මේ දාගැබ තනා ඇත.
ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ ගැන මෙසේ කියයි.
 ‘‘ කන්දක් වටකරලා ගඩොල් යොදා දාගැබක් හැදීම 12,000ක් වහළුන්ට පහසු දෙයක්. නමුත් මේ දාගැබ සාදා තිබෙන්නේ පිළිස්සූ මැටි ගඩොලින් ඉදිකර විශාල වෘත්තාකාර ප්‍රාකාරයක් මැදට පස් පිරවීමෙන්. දාගැබ සෑදීමට අපූරු තාක්ෂණයක් භාවිතා කර තිබෙනවා. දාගැබේ මධ්‍යය පිරවීමට පස්, බොරළු, කුඹුරු මැටි, වැව්වල රොන් මඩ ආදී බොහෝ ද්‍රව්‍ය භාවිතා කරලා තිබෙනවා. එහි ඇති විශේෂත්වය තමයි මේ දාගැබට අඩියක පමණ පස් හෝ මඩ තට්ටුවක් දාලා එයට ජලය යොදමින් අඩිය අඟලකට තළලා. ඇතැම් ස්තානවල බොරළු තට්ටුව සෙන්ටිමීටර පහක් පමණ ඝනකමට තිබෙනවා. මෙය ඉතා ශක්තිමත් දාගැබක්. විශාලත්වය අනුව සැළකූ විට මේ තාක්ෂණය ඒ සඳහා මනාව ගැලපෙනවා. දාගැබ මධ්‍යයේ කැණීම් කරන විට වළං කැබලි, පොළොන්නරුවේ ම ගොඩනැගිලි වලින් ඉවත් කළ කොටස් පවා තිබෙනවා. ඒ වගේ ම ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවන රතුවන් දුඹුරු පස් සහිත ප්‍රදේශයෙන් ද පස් ගෙනවිත් තිබෙනවා. මේ දාගැබේ තිබී ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් පවා අපට හමුවුණා.“
පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ අඩි හැටක් පමණ උසකින් සමතලා ආකාරයට ඉදිකරන ලද දාගැබ මධ්‍යෙය් හතරැස් මළුවක තවත් කුඩා දාගැබක් තිබෙන බැවින් මෙය දෙමහල් දාගැබක් බවයි.
කැණීම් ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස තිලක් දුනුවිල මහතා ද, ප්‍රධාන කැණීම් භාර නිලධාරී වරයා ලෙස ප්‍රියන්ත සිසිල් කුමාර මාරසිංහ මහතා ද ජ්‍යේෂ්ඨ කැණීම් භාර නිලධාරීවරයා ලෙස ඒ.වී.එල්. ද මෙල් මහතා හා ඒ.එම්.ඩී.කුමාරි අලහකෝන් මහත්මිය ද කරටුයුතු කරති.
පර්යේෂකයන් පවසන්නේ අහසින් වැටෙන එකම දියබිඳුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායන්නට ඉඩ දෙන්න එපා යැයි කියූ මහා පරාක්‍රමබාහු රජු එකම පස් පිඬක් හෝ අපතේ යැවීමට ඉඩ දී නොමැති බව දෙමළ මහා සෑයේ ඉදිකිරීම්වලින් පෙනෙන බවයි.










2014 අගෝස්තු මස 29 17:26:07 | වේරගොඩගේ සජිව විජේවීර

සපරගමු මහ සමන් දේවාල බිමේ පෘතුගීසි නිර්මාණ

සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ප්‍රධාන දේවාලය වශයෙන් සැළකෙන රත්නපුරයේ පිහිටි සපරගමු මහ සමන් දේවාලයේ ඉතිහාසය දඹදෙණිය රාජ සමය දක්‌වා දිවයයි. දඹදෙණියේ රාජ්‍ය කළ II පැරකුම්බා රජුගේ අණින් ආර්යකාමදේව නම් අමාත්‍යවරයා විසින් ඉදිකරවනු ලැබූ සපරගමු මහ සමන් දේවාලය එතැන් පටන් රාජානුග්‍රහය යටතේ තව තවත් දියුණුවට පත්විය. නමුත් සීතාවක රාජධානිය බි`ද වැටීමත් සම`ග සපරගමු මහ සමන් දේවාලයට උදාවූයේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකි. 

කෝට්‌ටේ රාජධානියේ අවසන් පාලකයා වූ ධර්මපාල රජු කතෝලික දහම වැළ`දගෙන දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර නමින් බෞතීස්‌ම වීමත් සම`ග ලංකාවේ රජු අනිවාර්යෙන්ම බෞද්ධයෙක්‌ විය යුතුය යන සම්ප්‍රදාය උල්ලංඝනය වුණු අතර රාජධානිය තුළ ඇතිවූයේ ව්‍යාකූල තත්ත්වයකි. ධර්මපාල රජු විසින් තමන්ට අනුප්‍රාප්තිකයෙක්‌ නොවන හෙයින් වර්ෂ 1580 අගෝස්‌තු 12 වනදා තෑගි ඔප්පුවක්‌ ම`ගින් කෝට්‌ටේ රාජධානිය පෘතුගාල රජුට පැවරීමටද කටයුතු කරන ලදී. අනතුරුව වර්ෂ 1597 මැයි 27 වනදා රජු මිය යාමත් සම`ග කෝට්‌ටේ රාජධානියේ උරුමකරුවා බවට පත්වුණු පෘතුගීසීන් විසින් හැකිතාක්‌ තම බලය අන් ප්‍රදේශවලට ව්‍යාප්ත කළා පමණක්‌ නොව කතෝලික දහමේ ව්‍යාප්තිය උදෙසාද කටයුතු කරන්නට යෙදුණි. 

වර්ෂ 1580 ට පෙර සිටම කතෝලික දහම ව්‍යාප්ත කිරීමේ අභිලාෂයෙන් පෘතුගීසීන් විසින් බෞද්ධ, හින්දු ආගමික ස්‌ථාන කඩා බි`ද දැමීම සිදුකළ නමුත් වර්ෂ 1580 න් පසු එය වඩාත් පු`ඵල්ව සිදු කිරීමේ හැකියාව ඔවුන්ට ධර්මපාල රජුගේ තෑගි ඔප්පුව ම`ගින් හිමිවුණි. සීතාවක රාජසිංහ රජුගේ වියෝවෙන් ඒ ප්‍රදේශයේද තම බලය ව්‍යාප්ත කළ පෘතුගීසීන් විසින් සපරගමු මහ සමන් දේවාලය බි`ද දමා ඒ ස්‌ථානයේ ඔවුන්ගේ බලකොටුවක්‌ සහ ශාන්ත සැල්වදෝර් (St Salvador) මුනිවරයාට කැපකළ දේවස්‌ථානයක්‌ ඉදි කිරීමටද කටයුතු කරන ලදී. ඒ අවස්‌ථාවේදී සපරගමු මහ සමන් දේවාලයේ තැන්පත් කර තිබූ දේවාභරණ බොල්තුඹේ සුමන සමන් දේවාලයේ තැන්පත් කිරීමට දේවාල භාරකරුවන් විසින් කටයුතු කළ අතර සීතාවක රාජසිංහ රජ සමයේදී බොල්තුඹේ සුමන සමන් දේවාලය ඉදිකරවනු ලැබුවේද සබරගමු මහ සමන් දේවාලයට එල්ලවන සතුරු උපද්‍රවයකදී දේවාභරණ තැන්පත් කරවීම ස`දහා යෑයි කියනු ලැබේ.

පසුව ෂෂ රාජසිංහ රජු විසින් දියත් කළ පෘතුගීසීන්ට එරෙහි සටන් මාලාවේ ප්‍රතිඵලයක්‌ ලෙස සපරගමු ප්‍රදේශය මුදාගැනුණු අතර පෘතුගීසී බලකොටුව සහ දේවස්‌ථානය බි`ද දමා නැවතත් රත්නපුර මහ සමන් දේවාලය ඉදි කරවන්නට රජු විසින් කටයුතු කරන ලදී. පෘතුගීසී නිර්මාණ බි`ද දැමීමට කටයුතු කෙරුණද වර්තමානය දක්‌වා සමන් දේවාල බිමේ පෘතුගීසී නිර්මාණ ද්විත්වයක්‌ සුරක්‌ෂිතව දැකගැනීමට හැකිවීම විශ්මය ජනයකය. ෂෂ රාජසිංහ රජු විසින් එම නිර්මාණ දේවාල බිමේ තිබෙන්නට ඉඩ හැරියා හෝ ඒවා පිළිබ`ද එතරම් අවධානයක්‌ යොමු නොකිරීම එලෙස එම නිර්මාණ සුරක්‌ෂිත වන්නට හේතුවූවා විය හැකිය. 

මින් එක්‌ නිර්මාණයක්‌ රත්නපුර මහ සමන් දේවාල බිමේ වාසල්කඩ දොරටුවේ සිට දකුණු දෙසට විහිදී යන කුර ගෙවල් හෙවත් නැරඹුම් ශාලාවක්‌ ලෙස භාවිතා කරන ගොඩනැ`ගිල්ලේ බිත්තියකට සවි කර තිබෙන, උසින් අඩි 4 ක්‌ පමණ සහ පළලින් අඩි 2_ ක්‌ පමණ වන ක`ඵ ගලින් නිමවූවකි. ඉහළින් ගල් කට්‌ටයක්‌ කපා නිර්මාණය ස`දහා පෘෂ්ඨය සුමට කර ගැනීම සහ නිර්මාණයේ ආරක්‌ෂා සලසා දුන් බවක්‌ පෙනෙන අතර පෘතුගීසි යුද හමුදා නිල ඇ`ඳුමින් සැරසුණු අයෙක්‌ අසිපතක්‌ හා පළිහක්‌ දරමින් සිටින ආකාරය සහ ඔහුගේ පයට පෑගී සිටින උඩුකය නිරුවත් යටිකයට ධෝතියක්‌ වැනි වස්‌ත්‍රයකින් සැරසී හිසේ ජටාවක්‌ වැනි යමක්‌ පැළ`දි අයෙක්‌ මෙම නිර්මාණයෙන් දැකගත හැකිය. බිම වැටී සිටින පුද්ගලයා සිය දකුණු අතින් පෘතුගීසි සොල්දාදුවාගෙන් එල්ලවන පහරක්‌ වළක්‌වන ආකාරයද, පසෙකින් ඔහුගේ අසිපත සහ පළිහ වැටී තිබෙන බවද පෙනේ.

මෙයින් නිරූපණය කෙරෙන්නේ කුමක්‌ද යන්න පිළිබඳ මත කිහිපයක්‌ පළවී තිබෙන අතර ඉන් එක්‌ මතයක්‌ වන්නේ මේ ස්‌ථානයේ ඉදිකර තිබූ පෘතුගීසී බලකොටුවට ඇතුල් වී පෘතුගීසීන් සිය ගණනක්‌ මරණයට පත් කළ සපරගමු මහ සමන් දේවාලයේ -රත්නායක (ස්‌වර්ණාභරණ ගබඩාව භාර නිලධාරියා) වූ රත්නැකරාළ හෙවත් රත්නායක මුදියන්සේ අවසානයේදී සයිමන් පිඤ්ඤොa අතින් පරාජයට පත්වූ බවත්, එවැනි අභීත සිංහලයෙක්‌ පරාජය කිරීම පිළිබඳ සතුටට පත්වූ පෘතුගීසීන් එම සිදුවීම මූර්තිමත් කොට තැබූ බවයි. 

මේ පිළිබඳ පවතින තවත් මතයක්‌ වන්නේ පෘතුගීසීන් භීතියට පත් කළ කුරුවිට රාළ නම් පුද්ගලයා පෘතුගීසීන් 50 ක්‌ පමණ මරා දැමීමෙන් අනතුරුව ගෝමස්‌ නම් පෘතුගීසී සොල්දාදුවා අතින් මරණයට පත්වූ අවස්‌ථාව මෙයින් නිරූපණය කෙරෙන බවයි. 

නමුත් රූ සටහනට පහළින් පෘතුගීසී බසින් දක්‌වා ඇති ලේඛනය ඉහත මත ද්විත්වයට හාත්පසින් වෙනස්‌ පුවතක්‌ ඉදිරිපත් කරයි. පහත දැක්‌වෙන්නේ එම පෘතුගීසී ලේඛනයයි. 

COM. ESTA. RENDI. ESTE. HA. 23. ANNOS. QVE
ANDO. NA. INDIA. E. HA. 15. QVE. SIRVO. DE
CA. PITA. E. TA.QVE. OS. REIS…DE…E.
O. REI. DE. JAFANAPATA. EV. SIMA. PINHA?
O VENCI

එහි සිංහල අර්ථය පහත පරිදි ගත හැකිය.

"මින් (මේ කඩුවෙන්) මම මොහුව මර්දනය කළෙමි. මා ඉන්දියාවට පැමිණ දැන් වසර 23 කි. ඉන් වසර 15 ක්‌ කපිතාන්වරයෙක්‌ ලෙස සේවය කළෙමි. නොබෝ කලකින් ......... පටුනේ රජතුමාය. සයිමන් පිඤ්ඤොa වන මම ඔහුව (යාපා පටුනේ රජුව) පරාජය කළෙමි,"

ඒ අනුව සයිමන් පිඤ්ඤොa නම් පෘතුගීසී කපිතාන්වරයා විසින් යාපනයේ රජු පරාජය කිරීමේ අවස්‌ථාව මෙයින් නිරූපණය කෙරෙන බව පැහැදිලිය. µර්නාඕ ද ක්‌වේරෝස්‌ විසින් රචිත Conquista Temporal e Espiritual de Ceila කෘතියේ දැක්‌වෙන සයිමන් පිඤ්ඤොa පිළිබ`ද හැ`දින්වීමේදී ඔහු පාංශු දේහධාරියක්‌ වන බවත්, දිගු යටි රැවුලක්‌ සහ විසල් උඩු රැවුලකින් සමන්විත බවත් දක්‌වා තිබෙන අතර මෙම නිර්මාණයේ දැක්‌වෙන පෘතුගීසී හමුදා නිල ඇඳුමින් සැරසී සිටින පුද්ගලයාගේද එම ලක්‌ෂණ දැකිය හැකි හෙයින් පෘතුගීසී ලේඛනය සත්‍යය යන සාධාරණ විනිශ්චයට එළඹිය හැකිය. 

මෙම නිර්මාණයේ නිරූපිත සිදුවීම ස`දහා පාදක වුණ කතා පුවත පිළිබ`ද අවධානය යොමු කිරීම වටී. 15 වන සියවසේ මැද භාගයේ පමණ පටන් "ආර්ය චක්‍රවර්තීන්" නමින් හැ`දින්වුණු පාලකයන් විසින් යාපනයේ ස්‌වාධීන පාලනයක්‌ පවත්වා ගෙන ගිය අතර මුල්කාලීනව පෘතුගීසීන්ගේ අවධානය ඒ ප්‍රදේශ කෙරෙහි යොමු නොවුණි. නමුත් 16 වන සියවසේ මුල් භාගයේදී පමණ පෘතුගීසී අවධානය යාපනය කෙරෙහි එල්ලවීමට ප්‍රධාන හේතුව වූයේ යාපන රාජධානියට අයත් වෙරළාසන්න ප්‍රදේශ ආසන්නයේ විනාශ වන පෘතුගීසී භාණ්‌ඩ රැගත් නෞකා අත්පත් කරගැනීමට යාපන පාලක සංකිලි රජු විසින් කටයුතු කිරීමත් සම`ගය.

සංකිළිගේ ක්‍රියාකලාපයට එරෙහිව මාර්ටින් අපොන්සු ද සූසා යටතේ යාපනය ආක්‍රමණය කිරීමට පෘතුගීසී බල ඇණියක්‌ වර්ෂ 1543 දී පිටත් කෙරුණු අතර පෘතුගීසී හමුදා බලය හමුවේ පරාජයට පත්වූ සංකිළි විසින් පෘතුගීසීන්ට කප්පම් ගෙවන පාලකයෙක්‌ බවට පත්වීමට පොරොන්දු වුණි. නමුත් වර්ෂ 1544 දී µ්‍ර්‍රeන්සිස්‌ ක්‌ෂේවියර් පියතුමා විසින් මන්නාරමේ ධීවරයන් පිරිසක්‌ බෞතිස්‌ම කොට කතෝලිකයන් බවට පත් කිරීමට එරෙහිව කටයුතු කළ සංකිළි රජු විසින් ඔවුන්ට නැවතත් හින්දු බවට පත්වීමට නියෝගයක්‌ නිකුත් කරන ලදී. මේ හේතුවෙන් නැවත වරක්‌ පෘතුගීසීන් සම`ග ගැටුමක්‌ ඇතිවීමට මුල පිරුණි. 

මෙවන් පසුබිමකදී සංකිළි ඇවෑමෙන් ඔහු පුත් පුවිරාජ පණ්‌ඩාරම් යාපන සිහසුනට පත්වූ අතර කාසි නයිනර් නම් තැනැත්තා ඊට එරෙහිව කැරැල්ලක්‌ ඇති කොට සිහසුන හිමිකර ගැනීමට සමත් වුණි. නමුත් ඔහු බලයෙන් පහ කොට පෘතුගීසීන්ගේ ආධාර යටතේ පෙරියපුල්ලේ නම් පුද්ගලයා විසින් චෙගරාජසේකරන් නමින් සිහසුනට පත්වීමට කටයුතු කරන ලදී. ඔහුගෙන් පසු නැවත වරක්‌ සිහසුන හිමිකරගැනීමට සමත් වූ පුවිරාජ පණ්‌ඩාරම් කැලිකට්‌ පාලක සැමොරින්ගේ ආධාරක සේනා ලබාගෙන මන්නාරමට පහරදී කතෝලික ජනතාවට වධහිංසා පැමිණවීමට කටයුතු කර තිබේ. මෙයින් කෝපයට පත් පෘතුගීසීන් විසින් වර්ෂ 1591 දී සයිමන් පිඤ්ඤොa නම් කපිතාන්වරයා යටතේ සේනා පිටත් කොට පුවිරාජ පණ්‌ඩාරම් මරා දමා යාපනය අල්ලා ගැනීමට සමත් වූ අතර නැවත වරක්‌ යාපනයේ පෘතුගීසී බලය ස්‌ථාපනය කිරීමටද කටයුතු කරන ලදී. නමුත් සෘජුව යාපනයේ පාලනය ලබා නොගත් පෘතුගීසීන් වඩා උපායශීලී වෙමින් මීට පෙර යාපන සිහසුන දැරූ පෙරියපුල්ලේ හෙවත් චෙගරාජසේකරන් රජුගේ පුත්‍රයා හෙන්දර්මනසිංහ නමින් රාජත්වයට පත්කොට තමන්ට පක්‌ෂ පාලනයක්‌ ඇති කිරීමට කටයුතු කර තිබේ.

වර්ෂ 1591 දී සිදු වූ යාපන ආක්‍රමණයේදී පෘතුගීසී කපිතාන් සයිමන් පිඤ්ඤොa විසින් යාපන රජු වූ පුවිරාජ පණ්‌ඩාරම් යටත් කරගැනීම සුවිශේෂ සිද්ධියක්‌ ලෙස සළකා එය ගල් කුළක කෙටවීමට කටයුතු කිරීමෙන් සපරගමු මහ සමන් දේවාල පරිශ්‍රයේ තිබෙන නිර්මාණය බිහිවී තිබේ. එය සයිමන් පිඤ්ඤොa විසින් හෝ පෘතුගීසී බලධාරීන් විසින් නිර්මාණය කරවා රත්නපුරයේ පිහිටි ඔවුන්ගේ දේවස්‌ථානයේ තැන්පත් කරවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. 

කෝට්‌ටේ රාජධානියේ අවසාන කාල සීමාවේදී රාජකීය හමුදාවේ සේනාධිපති ධූරයද ධර්මපාල රජු විසින් සයිමන් පිඤ්ඤොa වෙත පවරා දී තිබූ අතර කෝට්‌ටේ රාජ සභාවේ උසස්‌ නිළයක්‌ දැරූ එකම පෘතුගීසී ජාතිකයා වූයේද ඔහු බව කියවේ. සයිමන් පිඤ්ඤොa සරණ පාවා ගෙන සිටි දෝන මරියා පෙරේරා සිංහල රජ කුමරියක්‌ වූ අතර ඇය සීතාවක රාජධානියේ අවසන් රජු වූ නිකපිටියේ බණ්‌ඩාරගේ සොයුරිය වූවාය. ඔවුන්ගේ මිත්තණියගේ සොයුරා වූයේ සීතාවක රාජසිංහ රජුයි. වර්ෂ 1611 දී කතෝලික පූජකවරයෙක්‌ ලෙස පෘතුගාලයේදී නිකපිටියේ බණ්‌ඩාර මියයාමත් සම`ග සීතාවක සිහසුනේ උරුමකාරිය බවට ද දෝන මරියා පෙරේරා පත්ව තිබුණි. මෙනිසා සයිමන් පිඤ්ඤොa හට සීතාවක සිහසුනට ද හිමිකමක්‌ වූ බව දැක්‌විය හැක. 

වර්ෂ 1603 දී සිදු වූ බලන සටන මෙන්ම උඩරට සහ පෘතුගීසීන් අතර සිදු වූ සටන් කිහිපයකටම සයිමන් පිඤ්ඤොaගේ දායකත්වය හිමිවූ අතර ඔහුගේ දක්‌ෂතාව පිළිබ`ද පැහැදුණු ෂ විමලධර්මසූරිය රජු විසින් පහතරට ප්‍රදේශවල රජකම ලබාදීමේ පොරොන්දුව මත සයිමන් පිඤ්ඤොa තමන්ට පක්‌ෂපාතී කරගැනීමේ අසාර්ථක උත්සහයක නියෑලුනු බවද ක්‌වේරෝස්‌ ස`දහන් කරයි. සයිමන් පිඤ්ඤොaගේ ගතිගුණ පිළිබ`ද අගය කිරීමක්‌ කරන ක්‌වේරෝස්‌ පහත කරුණු ද දක්‌වයි. 

".... මනා ශාරීරික ශක්‌තියකින් යුතු වූ ඔහු නිරතුරුවම අවදිව සටනට සූදානම්ව සිටියේය. කිසිම විටෙක පසුපසට නොගිය ඔහු දිවයිනේ වඩාත්ම ප්‍රචලිත සටන් ක්‍රමය වූ සැ`ගවී සිට පහර එල්ල කිරීමේ සහජ හැකියාවක්‌ ඇත්තෙක්‌ විය. ඔහු නිර්ලෝභීය. කතාබහ ඉතා අඩුය. කෝපාවිෂ්ඨ වූ විට රාක්‌ෂයෙකු බඳුය. තම ආගමට මහත් ලැදිය. එමෙන්ම ඔහුගේ විශේෂිත ලක්‌ෂණයක්‌ වූයේ ඔහු කාමුකයෙක්‌ නොවීමයි.....,"

මෙම නිර්මාණය හැරෙන්නට රත්නපුර මහ සමන් දේවාලයේ දක්‌නට ලැබෙන අනෙක්‌ පෘතුගීසී නිර්මාණය වනුයේ දැනට දේවාලයේ දිග්ගෙයි ආසන්නයේ ගොඩනැගිල්ලක තබා තිබෙන අඩි 2 ක්‌ පමණ දිග සහ අඩි 1 1/2 ක්‌ පමණ පළල පෘතුගීසී රාජකීය ලාංඡනය සහිත ගල් පුවරුවයි. කඩා වැටුණු ප්‍රාකාරයක අ`ඵත්වැඩියා කටයුත්තක්‌ අතරතුර උඩ ම`ඵවේ සිට අඩි 25 ක්‌ පමණ පහත වතුර ගලා බසිනා කාණුවකට සවිකර තිබූ මෙම ගල් පුවරුව සොයාගෙන තිබේ. 

පුවරුව වටා සරල මෝස්‌තරයක්‌ දක්‌වා තිබෙන අතර මධ්‍යය කොටස්‌ දෙකකට බෙදා ලාංඡන 2 ක්‌ දක්‌වා තිබෙන බව පෙනේ. ඉහළ කොටසේ පෘතුගීසී රාජකීය ලාංඡනය සහ දෙපසින් සුර දූතයන් යෑයි අනුමාන කළ හැකි රූ දෙකක්‌ දක්‌වා තිබේ. පෘතුගාල රාජකීය ලාංඡනයේ ප්‍රධාන පළිහට ඉහළින් පෘතුගාල රජුගේ කිරීටය ද ප්‍රධාන පළිහ අභ්‍යන්තරයේ ඇති කුඩා පළිහේ කුරුසයක හැඩයට තබා ඇති Quninas නමින් හැ`දින්වෙන පලිහ 5 ක්‌ දැකගත හැකි අතර Quninas පලිහ අභ්‍යන්තරයේ be"ants නමින් හැ`දින්වෙන රන් කාසි 5 බැගින් කතිර හැඩයට තබා තිබේ. පහළ කොටසේ මධ්‍යයේ පලිහක්‌ වැනි යමක්‌ද එය වටා ලියවැල් යොදා කළ සැරසිල්ලක්‌ද දැකගත හැකි අතර ඉහළ කොටසට සාපේක්‌ෂව පහළ කොටස සලකුණු මැකී ගොස්‌ ඇති බවක්‌ පෙනේ. 

මෙය වර්ෂ 1598 සිට 1612 දක්‌වා පෘතුගාලය පාලනය කළ ස්‌පාඤ්ඤයේ II පිලිප් රජුගේ රාජකීය වංශ ලාංඡනය ලෙස මතයක්‌ ඉදි§පත්ව තිබෙන නමුත් එය එසේ නොවන බව පෙනේ. මීට වඩා සංකීර්ණ සැරසිලි සහ මෙම රාජකීය ලාංඡනයට හාත්පසින්ම වෙනස්‌ රාජකීය ලාංඡනයක්‌ රජු භාවිත කොට තිබේ. එනිසා මෙම වංශ සළකුණ පෘතුගාල රාජකීය පවුලට සම්බන්ධ කිසියම් පුද්ගලයෙක්‌ට අයත් එකක්‌ ලෙස හෝ ලංකාවේ පෘතුගීසී යටත් විජිතය වෙනුවෙන් කිසියම් අවස්‌ථාවක පෘතුගාල රජු විසින් පිරිනමන ලද ලාංඡනයක්‌ බව නිගමනය කිරීම සාධාරණය.

සපරගමු මහ සමන් දේවාලය වෙත පැමිණෙන බොහෝ දෙනකුගේ අවධානය මෙම නිර්මාණ ද්විත්වය කෙරෙහි යොමු නොවීම කණගාටුවට කරුණකි. 

ලිපිය ලිවීම ස`දහා පෝල් ඊ. පීරිස්‌ගේ Ceylon:The
Portuguese Era ටිකිරි අබේසිංහගේ පරංගි කෝට්‌ටේ, පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ සපරගමුවේ පැරණි ලියවිලි සහ සපරගමු දර්ශන, ෙ-. පෙන්රි ලෙවිස්‌ගේ List ofInscriptions on Tombstones and Monuments in Ceylon එස්‌. ජී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය-පෘතුගීසී යුගය, එච්.ඩබ්ලිව්. කොඩ්රිංග්ටන්ගේ Short History of Ceylon", අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය-තුන්වන කොටස යන කෘති පාදක කොටගෙන තිබේ.
හසිත චාමිකර ගුණසිංහ - කැලණිය විශ්වවිද්‍යාලය

සිරි දළදා තේවාව

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික 
පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජ මහා විහාරාධිවාසී ශාස්ත්‍රපති 
වේඬරුවේ ශ්‍රී උපාලි 
තේවාව භාර නා හිමි

සෙංකඩගල පුරවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝවන අතර ඉතා විසිතුරු හා ප්‍රාතිහාර්ය කතාන්තර වලින් සමලංකෘතය.
අනුරාධපුර දළදා මාලිගාවේ පටන් සෙංකඩගල පුර ශ්‍රී දළදා මාලිගාව දක්වා සියලු රාජධානිවල සුවිශේෂයෙන් නිම වන ලද මාලිගා, මන්දිර , මණ්ඩප්වල වඩාහිඳුවා මහා සංඝරත්නය,රජමැති, අගමැතිවරුන්, සිටුවරුන්, මහජනතාව කළ පුද පූජා ,ආවතේව වන්දනාමාන වර්ණනා විෂය අතික්‍රාන්ත වන්නේය.
වර්තමාන ශ්‍රී දළදා මාලිගාවේ තේවාමුරය සිදුවන්නේ අස්ගිරි මල්වතු උභයමහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් පත්කරන මහා සංඝරත්නය විසිනි. ශි‍්‍ර දළදා තේවාව මහා භාරධූර කාර්යක් වන අතර එය ශ්‍රද්ධාවෙන්, බුද්ධියෙන්,දිරියෙන් කළ යුතු වන්නේය. මේ පිළිබඳව ප්‍රධාන කරුණු කීපයක් ඇත.
1. තේවාවේ නියුක්ත මහා සංඝරත්නය
2. රාජකාරි නිලධරයන්
3. සම්බන්ධ ස්ථාන
4. තේවාව කරන පිළිවෙළ
අස්ගිරි මල්වතු මහාවිහාරයේ මහා සංඝරත්නය වසරින් වසර තේවාමුරය බාරගෙන සිදුකිරීම රජ කල පටන් සිදුවන ඉතා උතුම් චාරිත්‍රයක් වන අතර ඇසළ පුර පසළොස්වක් පෝදින පෝයකොට පසුදින වස් විසීම සඳහා උභය විහාරයෙන් නියමිත විහාර පාර්ශ්වයේ ශී‍්‍රමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසරය පරිදි පත්කළ නායක හිමිනමක් ප්‍රධාන පස්නමක් ශ්‍රී දළදා මාලිගාවට වැඩමවා තේවාමුරයේ වැඩ බාරගනු ලැබේ. වර්ෂ 2014 ඇසළ පුරපසළොස්වක් පෝදිනට පසුදින මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට තේවාමුරය මාරු විය.
ශ්‍රී දළදා තේවාමුර මාරුවීමේදී පැරණි චාරිත්‍රානුකූලව විශාල කාර්ය භාරයක් සිදුකිරීමට ඇති බැවින් දින ගණනක් ඒ සඳහා කැප කිරීමට මෙන්ම බාහිර කාර්යන් සියල්ල අත්හළ යුතු වන්නේය. දළදා තේවාව බාරගත් දින සිට එම භික්ෂූන් වහන්සේලා දවසට තෙවරක් පිරිසුදුව තුන් සිවුරු හැඳපොරවා ඉතා ශ්‍රද්ධාවෙන් එම කාර්යන් නිසි වෙලාවට නිසි අයුරින් කළ යුතු වන්නේය.
1. සවස සොළොස් පූජා සහිත ගිලන්පස පූජා
2. උදෑසන පූජා තේවාව
3. දිවා භාගයේ සොළොස් පූජා සහිත බුද්ධ පූජාව
4. ජනතාව වැන්දවීම හෙවත් කාලවේලා අනුව අවකාශ ලබාදීම
මෙසේ සිදුකරන පූජාවන් සියල්ල නියමිත ගාථා කියමින් ශ්‍රද්ධාවෙන් සතිපට්ඨානයෙන්, කායික මානසික ධෛර්යයෙන්, චාරිත්‍රානුකූලව කරන බැවින් මෙම දළදා පූජා අසහාය වන්නේය.
මෙම වසරේ දළදා තේවාව භාරගෙන දළදා මන්දිරයේ වේඬරුවේ උපාලි අභිධාන අස්ගිරිමහා සංඝ සභාවේ කාරක සභික ධුරන්ධර පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අස්ගිරිමහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි මහා විහාර පරිවේණාධිපති නාරන්පනාවේ ආනන්ද නාහිමි, කාරක සංඝ සභික අරඹේගම සරණංකර නාහිමි. අස්ගිරි මහා විහාර පිරිවෙණේ ආචාර්ය ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද හිමි, කොලුගල සීලරතන යන මහා සංඝරත්නය වැඩ සිටිති.
අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපස්ථායක තනතුර සඳහා ආනන්ද හාමුදුරුවන් පත්කළ ආකාරය හා එම මහා භාග්‍ය ලබාගත්. උන්වහන්සේ දිවා රාත්‍රි බුද්ධ උපස්ථානයේ යෙදී සිටි ආකාරයත් ශාසන ඉතිහාසයේ ප්‍රකට වන්නේය. එම උපස්ථානයන් සිහියට නංවාගෙන ජීවමාන බුදුරදුන් සිතේ අරමුණු කරමින් මෙම මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේගේ සුවාසුදහසක් දම් කඳින් පහස ලද වම් සිරි දළදා වහන්සේට පුද පූජා පවත්වති. ආවතේවා කරති. ජනතාවට සිත් පරිදි වැඳුම් පිදුම් කරන්නට අවකාශ ලබාදෙති.

ශ්‍රී දළදා මාලිගාවේ නිලධරයන්
1.ගරු දියවඩන නිලමේ 2.කාරිය කෝරාළ 3.වට්ටෝරුරාළ 4.ගෙපරාළ 5. කත්තියරාළ 6.හක්ගෙඩිරාළ 7.පල්ලේමාලේ රාළ 8.ආරච්චිරාළලා 2 9.මුලුතැන් රාළ 2 10.ආලත්ති අම්මලා 11. මොහොට්ටාල 12. නැකැත් රාළ 13.පණික්කයෝ 14.කවිකාර 15.පන්දම්කාර 16.මුරකාර

මෙම රාජකාරි නිලධරයන් පත්කිරීම පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝ වන අතර මහනුවර රාජධානි සමයේ රජගෙදර නිලතල දැරුවන් රජදරුවන් විසින් දළදා මාලිගාවේ පුද පුජාවන්ට අනුයුක්ත කරන ලද්දේ විය.කෝට්ටේ රාජධානි සමයේ පටන් දළදා වහන්සේ ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රධාන වගකීමක් දියවඩන නිලමේ තුමන්ලාට පැවරී ඇත. මේ නිසා ශි‍්‍ර දළදා මාලිගාවේ පාලනය පිළිබඳ නීතිමය වශයෙන්ද චාරිත්‍රමය වශයෙන්ද දියවඩන නිලමේතුමන්ලාට ඇති බව ප්‍රකට වන්නේය.
කුරුණෑගල යුගයේ ලියනලද දළදා සිරිත නම් ග්‍රන්ථයේ සඳහන් නීතිරීති අනුව ඉතා විශිෂ්ට පුද පූජා ආවතේව පිළිබඳ චාරිත්‍ර ක්‍රමයක් තිබුණ නමුත් රජතුමන් ඇරුණ කොට පාලක නිලධාරියෙක් පත්කොට නැත. දළදා වහන්සේගේ ආරක්ෂාවට හේවායන් යෙදූ බවට ඓතිහාසික කරුණු දක්නට ඇත.
දළදා මාලිගාවේ සියලු ගොඩනැගිලි වෙන්වන්නේ දළදා තේවාව ප්‍රධාන කරගත් සිරිත්විරිත් සඳහාමය.
1.ගඳකිළිය උඩමාලය 2.පල්ලේමාලය 3.ගෙපලුම්බරාඳ 4.කත්තියනබරාඳ 5.හඳුන්මණ්ඩපය 6.සළු මණ්ඩපය 7.කවිකාර මඩුව 8.හේවිසි මඩුව 9.මුර ගෙවල් 10.මුළුතැන්ගේ 11.දර්ශන මණ්ඩපය
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි මන්දිරය ගඳකිළිය හෙවත් සුගන්ධ වාසිත කුටිය නමින් හැඳින්වූ අතර ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව තැන්පත් කළ කුටියද ගඳකිළිය වශයෙන් ප්‍රකටව ව්‍යවහාර වන්නේය. බුද්ධ පූජා, ගිලන්පස පූජා, මල් පූජා, දැහැත් පූජා, දැහැටි පූජා, ආදී සොළොස් පූජා විධි පවත්වන්නේද මෙම ගඳකිළිය තුළදීමය. දළදා තේවාවේ නියුක්ත භික්ෂූන් වහන්සේලා හැර වෙනත් කිසිම කෙනෙකුට එම ගඳකිළියේ රැඳීමට අවසර නැත. සියලු භික්ෂූන් වහන්සේලා එම භික්ෂූන්ගේ අවසරය පරිදි සඟ සිවුරු පොරවා පටිබැඳ මල් ඉල්ලා ගෙන පූජාකොට පිටවිය යුතුය.
රන්පිළිම, මැණික්, පිළිම වැඩ සිටින පල්ලේමාලේද තේවාවන් කරන වෙලාවන්ට පමණක් විවෘත කරන අතර ඒ කාලය තුළ ජනතාවට වන්දනාමාන කළ හැකි වන්නේය. දළදා මාලිගාවේ ලොකු කුඩා කාමර මණ්ඩප වෙන් කර ඇත්තේ එහි සිදු කරන පුද පූජාවන් සඳහා මෙන්ම නියමිත භාණ්ඩ තැන්පත් කිරීම පිණිසය. හේමකඳ හෙවත් බුද්ධ පූජා තැන්පත් කර ගෙන වැඩමවන කඳ කියන මණ්ඩපය කත්කියන බරාඳ නමින්ද හඳුන් තබන තැන හඳුන් මණ්ඩපය නමින්ද ව්‍යවහාර වන්නේය.
දළදා මාලිගාවේ ව්‍යවහාර කරන සිංහල භාෂාවේද සුවිශේෂ බවක් ඇති අතර එම භාෂාව ව්‍යවහාරයෙන් ආගමික ශ්‍රද්ධාව මෙන්ම රාජකීයත්වයක්ද සංඥාපනය වන්නේය.
1.පයිණ්ඩ කිරීම 
2.මල් බැහැ ගැනීම 
3.ආලත්ති බෑම
4.කණ්ඨස්නානය 
5.සතර මංගල්‍යය
මේ වැඩීම ආදි වචන දළදා තේවාවන් හා සංයුක්ත වන්නේය.
ආතත, විතත, විතතාතත, ඝන සුසිර, යන පංච තූර්යනාද පූජාව හේවිසි මණ්ඩප දෙසින්, ඇසෙන විට යතුරු පයිඬකරන වට්ටෝරුරාළ පෙරටුකරගත් තේවාභාර නාහිමියන් ප්‍රධාන කරගත් මහාසංඝරත්නය සංවර ඉරියව්වෙන් ශ්‍රද්ධාදී චේතනාවෙන් නේවාසික ආරාමයෙන් පිටත්ව පැන්සැලින් පා සෝදා ක්‍රමයෙන් දොරවල් විවරකොට තේවාවට සූදානම් වෙති. තිරවසා සෝරස විඳ පූජා පවත්වා දොරටුව විවෘත කොට බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවකාශ ලබාදෙති. මේ අයුරින් දවසට තෙවරක් පූජා පවත්වන විට ඇතිවන ශ්‍රද්ධා භක්තිය නිසා මහා කුසලයක් සිදු වන්නේය.
ඓතිහාසික ගෙඩිගේ රාජමහ විහාරයත්, ශි‍්‍ර දළදා මාලිගාව ප්‍රධාන සිව් දේවාල ඇසළ පෙරහර මංගල්‍යයත් අතර පවතින්නේ ශාසනික සම්බන්ධතාවයකි. දළදා වහන්සේ ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරයේ වැඩ සිටි බව සිහිපත් කරනුවස් වර්තමානයේද ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් දින රාත්‍රි මහා පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයට වැඩමකර, පසුදින දවල් පෙරහරෙන් කරඬුව නැවත ශ්‍රී දළදා මාලිගාවට වැඩමවන තෙක් ගෙඩිගේ රාජ මහා විහාරයේ තැන්පත් කොට එහි වගකීම් හා භාරකාරත්වය අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත පැවරේ. පෙරහර කරඬුවේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සපයන අතර දියවඩන නිළමේ ගේ සහ ශී‍්‍ර විෂ්ණු මහ දේවාලයේ බස්නායක නිළමේ නිර්දේශයෙන් කරඬුවේ ආරක්ෂාව වෙනුවෙන් බස්නායක නිළමේ කෙනෙකුද පත් කෙරේ. සංඝයා වහන්සේ විසින් සිදුකරනු ලබන තේවා කටයුතු සහයට ශ්‍රී දළදා මාළිගාවේ පල්ලේමාලේ රාල පත් කරයි. තුන්තිස් පැයේ ශබ්ද පූජාවන් අඛණ්ඩව පැවැත්වීමට කවිකාර මඩුව සහ හේවිසි වාදකරුවන් පත් කෙරේ. ශී‍්‍ර දළදා සමිඳු උදෙසා ශී‍්‍ර දළදා මාලිගාවේදී සිදුකරන සියලු හේවිසි ශබ්ද පූජාවන්, මාලිගාවේ රාජකාරිය සිදු කරන අතර මුළුතැන් පූජා ශ්‍රී දළදා මාලිගාවේ සිට පංචතූර්ය නාද හේවිසියෙන්,ගෙඩිගේ විහාරයට රැගෙන එවූ ලබන්නේය.දවසේ සියලු රාජකාරියන් බුද්ධ පූජාවන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක මා හිමි ප්‍රධාන ගෙඩිගේ විහාරයේ නායක හිමි ඇතුළු අස්ගිරි මහා විහාරයෙ මහා සංඝරත්නය විසින් ඉටුකරති. ශ්‍රී දළදා සමිඳු උදෙසා සිදුකෙරෙන සියලු පුදසිරිත් චාරිත්‍ර සියල්ල මෙදින ඉටුකරනුයේ ශ්‍රී දළදා මාලිගාව හැර මෙම ගෙඩිගේ රජමහා විහාරයේ පමණි. දළදා පෙරහර ගමන් කරන මෙරට එකම සිද්ධස්ථානයද ගෙඩිගේ රාජමහ විහාරයයි. ශී‍්‍ර දළදා මාලිගාවට වන්දනා මාන කිරීමට ඇසළ පෙරහර සමයේ පැමිණෙන සැදැහැවතුන් ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරය වැඳ පුදාගෙන සිදුකරනු ලබන දළදා සමිඳු තේවා චාරිත්‍ර දැක බලා ආසිරිවාදයත් මෙන්ම අවබෝධයක් ලබා ගනිති. ඈත අතීතයේ සිට පවත්වාගෙන එනු ලබන මෙම පුද චාරිත්‍ර අඛණ්ඩව අද දක්නට ලැබෙන්නේද මෙම සිද්ධස්ථානයේ පමණි.
සටහන 
කේ.බණ්ඩාරනායක

අසිරිමත් සිද්ධීන්ගෙන් සමන්විත ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහා පෙරහර මංගල්‍යය

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, 
ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති, 
පේරාදෙණිය, විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ විශ්‍රාමික කථිකාචාර්ය හා 
වැඩ බැලූ අංශාධිපති 
පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි


සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරානුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේදී අකු ධාතුන් වහන්සේ දෙනමත්, ලලාට ධාතුන් වහන්සේ , ගී‍්‍රවා ධාතුන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතුන් වහන්සේලා අබ පියල් මුන් පියල් ප්‍රමාණයට ඉතිරිවූ බව මහා පරිනිබ්බාණ සූත්‍රය ආදි ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ. එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොවද, එකනමක් නාගපුරයෙහි (නාග ලෝකය හෝ වර්තමාන නාග්පූර්) එකනමක් ගන්ධාර දේශයේද, එකනමක් කලිඟු රටේ ද වැඩ වසති. මේ අනුව නාගපුරයෙහි වැඩ විසූ ශ්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ සෝමවතී චෛත්‍යය රාජයා තුළද එක නමක් වර්තමාන පකිස්තානයේ කෞතුකාගාරයක සුරක්ෂිතව වැඩ වෙසෙති. වාම ශ්‍රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතුමැණික් වලින් සමන්විතව සියැසින් දැක බලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන සේක.
අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ, ඛේම නම් මහරහතන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජුට භාරදීමෙන් පසුව දන්තපුරයෙහි ගුහසීව රජුගේ භාරකාරත්වයට පත්වීමෙන් පසු පඬුවස්නම් රජ මෙම දළදා වහන්සේ විනාශ කිරීමට ගින්නට දැමීය. ඉන් අනතුරුව දළදා වහන්සේ කිණිහිරක් මත තබා කුළුගෙඩියකින් තැලීය. ගැඹුරු වළකට දමා පස් පුරවා ඇතුන් ලවා පෑගවිය. කුණු කසලින් පිරිනු වළකට දැමීය. ඒ සෑම අවස්ථාවකම දළදා වහන්සේ අහසට පැන නැගී නෙළුම් මලක් මත චන්ද්‍ර රේඛාවක් හෙවත් අඩසඳ සේ දිස් වූ ආකාරය දාඨා වංශය ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ. එයින් ද සතුටට පත් නොවූ පඬුවස් රජුට ජලය මතට දැමූ දළදා වහන්සේ රන්වන් හංසයෙකු සේ දියමත පීනන්නට විය. පොළොව පළා මතුවූ විශාල පියුමක් මත වැඩහුන් දළදා වහන්සේගේ මෙවන් ආශ්චර්යයමත් සිද්ධීන් දැක අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත් වූ පඬුවස් රජු දළදා වහන්සේට නිති දිනපතා තුන්වේලේ පුද පූජා පැවැත්වීය. ඛීරධාර රජ දළදා වහන්සේ ලබා ගැනීමේ අරමුණින් යුද්ධ කළේ නමුත් ගුහසීහ රජු වෙත දළදා වහන්සේ භාර කළේය. ඛීරධාර රජුගේ බෑණාවරු දෙදෙනෙක් දළදා වහන්සේ ලබා ගැනීමට දන්ත පුරයට පැමිණි මොහොතේ ගුහසීව රජ බෑණා වන දන්ත කුමරු හා හේමමාලා දියණිය කැඳවා තමන් පරාද වුවහොත් මෙම දළදා වහන්සේ ලක්දිවට ගෙන ගොස් මහසෙන් රජුට භාරදෙන ලෙස දැන්වීය.
එහිදී ගුහසීව රජු මරණයට පත්වීය. දළදා වහන්සේ නොයෙක් උවදුරු මධ්‍යයේ ලංකාවට වැඩමවා රා.ව. 301 දී කිත්සිරිමෙවන් රජුට දළදා වහන්සේ භාරදීමෙන් අනතුරුව රජතුමාට ඇතිවූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත් රජතුමා දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා නොයෙක් පුද පෙරහර පවත්වමින් මුළු ලක්දිවම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදි ග්‍රන්ථයන් හි සඳහන් වේ.
එතැන් පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට පත් කොට සෑම රජ කෙනෙක්ම ස්වකීය මාලිගාවේම තබමින් පුද පූජා පවත්වනුයේ බුද්ධෝපස්ථානය කළ ආකාරය සඳහන් වේ. අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේද විජයබා, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදි රජවරුද ඒ ආකාරයෙන්ම දළදා වහන්සේ සඳහා පුද පෙරහර පැවැත්වීය. කාලිංග මාඝ චන්ද්‍රභාණු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙන ගිය අතර භික්ෂූන් වහන්සේ ද දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපුගහක සගවා බුරුමයට පැන ගියේය. 2. වන පරාක්‍රමබාහු රජතුමා ස්වකීය මාලිගාව සමීපයෙහිම දළදා මාලිගාවක් සාදා නොයෙක් පුද පූජා පැවැත් වූ අතර, පරසතුරු, ආක්‍රමණ හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසාත් දළදා වහන්සේ රැගෙන ගම්පොලට ද එයින් කෝට්ටේටද ගෙන ගිය අතර, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වන විට දළදා වහන්සේ රත්නපුරය කුරුවිට දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන් ගලයට සඟවා තබමින් රහසිගතව පුද පූජා පැවැත්වීය.
පළමු රාජසිංහයන් නිසා ඇතිවූ සම්බුද්ධ ශාසනයේ විනාශයත් එකදු උපසම්පදා භික්ෂුවක්වත් නැති වූ අතර ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථද විනාශයට පත්විය. නැවත රා.ව. 1542 දී වික්‍රමබාහු රජතුමා කන්ද උඩරට සෙන්කඩගල රාජධානිය පිහිටුවාගෙන රජුගේ සමීපයෙහි දෙමහල් පෝය ගෙයක් බඳවා, ඒ සමීපයෙහි දාගැබෙහි පාත්‍රා ධාතුන් වහන්සේ නිදන්කොට පෝයමළු විහාරය නමින් නම් තබා ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්ෂූන් වහන්සේ 355 නමක් ඇති කොට ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ ශාසනයෙහි කටයුතු සැලැස්වූ ආකාරය මහා වංශයේ 92 පරිච්ඡේදයෙහි දැක්වේ.
පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේදී දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවා මාලිගාවක් සාදවා එහි තැන්පත් කොට පෝයමළු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්ෂූන් වැඩමවා පුද පූජා පැවැත්වූ ආකාරයද මැනවින් සඳහන් වේ.
මේ අයුරින් දළදා වහන්සේට පුදපූජාවන් පවත්වන අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය වන විට එකඳු උපසම්පදා භික්ෂුවක්වත් නැතිව සම්බුද්ධ ශාසනයත්, ධර්ම ශාස්ත්‍රයත් අන්ත පරිහානියට පත්වූ වකවානුව වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේගේ හා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ ශ්‍රද්ධාවත්, අනුග්‍රහයත්, බලවත් උත්සාහයත් නිසාම ලක්දිවින් කෝට්ටේ යුගයේදි සියම්රටට රැගෙන ගිය උපසම්පදාවත් බුදුපිළිමයත්, බෝධින් වහන්සේත්, ත්‍රිපිටකයත් වැඩ වසන බව දැනගෙන නැවතත් සියම්රටෙන් උපාලි හිමියන් ඇතුළු පිරිස ගෙන්වා රාජ්‍ය වර්ෂ 1753 ජූලි 15 වන දින ඇසළ පොහෝදා රජතුමාගේ මල්වත්ත පූජා කොට එහි ඉදිරිකරවන ලද රජතුමාගේ රාජස්ථාන ශාලාවම විසුංගාම පෝයසීමාව බවට පත් කොට පළමු වරට කොබ්බෑකඩුවේ, වැලිවිට, තිබ්බටුවාවේ යන හිමිවරු ඇතුළු පෝයමළු විහාරයෙන් පස් නමක්ද අස්ගිරි විහාරයෙන් නාවින්නේ හිමියන් ද යන සය නම උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනය ආරම්භ කළ අතර, එතැන් පටන් ලක්දිව නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණි සාමණේරයන් වහන්සේලා මල්වතු විහාර උපෝෂථාගාරයේද ඉන් අනතුරුව 1762 සිට අස්ගිරි විහාර උපෝෂථාගාරයේද උපසම්පදා කරමින් අද දක්වාම සම්බුද්ධ ශාසනය පැවැත්වීමට කටයුතු සැලැස්වීය.
ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය වැඩිදියුණු කළ වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා විහාරයීය භික්ෂූන් වහන්සේ සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේත් සතර දේවාල පෙරහර බලන අවස්ථාවේදී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි කරණ ලද යෝජනා හා අදහස්, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස්වීය.
දළදා වහන්සේ උදෙසා මෙවන් පෙරහරක් ක්‍රි.ව. 112 දී ගජබා රජතුමා සොලීන් විසින් පැහැරගෙන ගිය පාත්‍රා ධාතුන් වහන්සේ හා දේවාභරණත් සිංහලයන් 12000 ක් හා මැරූ අය වෙනුවට ගෙනා සොලීන් 12000 යන 24000 ක් ගෙනවුත් පුද පෙරහර පැවැත් වූ ආකාරය පූජාවලිය, රාජාවලිය, හා පැරකුම්බා සිරිතේ සඳහන් වන අතරම එකී ගජබා රජතුමා විසින් ක්‍රි.ව. 112 දී සෝමවතියේ පිහිටුවා ඇති සෙල්ලිපියේ සඳහන් අයුරින් එම විජයග්‍රහණයෙන් සතුටු වූ භික්ෂූන් වහන්සේ “යුද්ධ ජයග්‍රාහක” යන ගෞරව නාමය එකී රජතුමාට පිරිනැමූ ආකාරය එම සෙල්ලිපියේ සඳහන් වන අතර, රජතුමා රාජකීය ඇළක් කප්පවා එම ප්‍රදේශය මණිඅගිය හෙවත් සෝමවතී විහාරයට පිදු බව සඳහන් වේ.
මේ අයුරින් වර්ෂ 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන ආ මෙම පෙරහර බ්‍රිතාන්‍ය පාලකයන් නැවැත්විය. එකල දැඩි නියගයක් ඇති විය. මෙයට හේතුව පෙරහර නොපැවැත්වීම නිසා යැයි භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව ප්‍රකාශ කළ බවත් එසේ නම් පෙරහර පවත්වා වැසිවස්සන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේය. මල්වතු අස්ගිරි විහාරයීය භික්ෂූන් වහන්සේත් බෞද්ධ පිරිසත් එකතුවී චාරිත්‍රානුකූලව පෙරහර පටන් ගෙන දෙවන දිනයේම දැඩි නියඟය අවසන් කරමින් මහා වැසි ඇද හැලී මහා ගංවතුරක් ඇතිවූ ආකාරය දළදා වතුර නම් ග්‍රන්ථයේ මේ අයුරින් සඳහන් වේ.
“මුනිසඳ එදිනේ වැඩමවන දිනේ මාළිගය තුළිනේ දොරටුව ලෙසිනේ 
ගඟනයනේ මල්වැසි වසිනේ පුදකරණ මෙනේ සුරදෙව් විසිනේ 
මෙනෙග ගෙනේ කුඩ කොඩි එදිනේ අල්වා සිටිනේ දළ ඇතු පිටිනේ 
නුවර සැනේ පෙරහැර වඩිනේ මුණි සුරිඳු මෙනේ ගිජිදුන් පිටිනේ (දළදා වතුර 3)
මෙසේ මල්වැස්සක් මෙන් පටන් ගත් වැස්ස මහා ධාරානිපාත වැස්සක් බවට පත්විය.එමෙන්ම දළදාවලිය නම් කාව්‍යයේද දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ගණනාවක්ම සඳහන් වේ. දඹදෙණි යුගයේ විජයබාහු රජතුමාට මල් සොයා ගැනීමට නොහැකිවූ අවස්ථාවක ගලක් පිපිරී අරුම පුදුම ගල්මලක් මතු විය. එම රජතුමා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට පුසුල්පිටිය නම් ස්ථානයෙන් කරඬුව රැගෙන යන විට දළදා වහන්සේ අහසට පැන නැගි ආකාරයත් සඳහන් වේ.
මල්වතු මහා විහාරයේ වැඩ විසූ වැලිවිට ශී‍්‍ර සරණංකර මහ නාහිමියන් දළදා වහන්සේ තැන්පත් කොට ඇති කරඬුවෙන් රන් රිදී කෙදි හා සමානව බුද්ධ රශ්මි ධාරාවක් මාලිගාවේ රන්කොත සමීපයෙහි අහසට පැන නැගී අහස්කුස බබුලවමින් වැඩ සිටිය ආකාරය සඳහන් කිරීමත් මේ අයුරින් දළදා වහන්සේගේ ආශ්චර්යයමත් සිද්ධීන් සියැසින් දැක ගැනීමට හැකිවූ අවස්ථා සඳහන් වේ.

හෙළයේ අභිමානය ලොවට කියාපාන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත්, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමහාදෙවියන්ට බැතිපුද පිණිසත්, කලට වැසි ලැබ කෙත්වතු අස්වැන්නෙන් සරුසාර වීම පිණිසත්, හෙළයේ සංස්කෘතික අභිමානය ලොවට විදහා දැක්වීම පිණිසත් වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය හෙළයේ ශාසනික හා සංස්කෘතික අභිමානය ලොවට විදහා දක්වන මහා සංස්කෘතික මංගලෝස්තවයක් වන්නේ ය. බුදුදහම තුළින් උරුම වූ හැදියාව, සාරධර්ම, හැඩගැස්ම, ඥානය කලාශිල්ප, සදාචාරය, ගුණධර්ම, සිරිත් විරිත්, නීතිරීති හා නිර්මාණ ආදියෙහි ශ්‍රී ශෝභාවය දෙස් විදෙස් හැමදෙනා හමුවෙහි ප්‍රදර්ශනය කරනුයේ ව්‍යවහාර වර්ෂයෙන් 310 වැන්නේ සිට අද වන තුරු චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් නොකඩ කොට පවත්වන වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය තුළිනි. අටලෝ දහමට අනුව තම ජීවිත දැක්ම හැඩගසා ගත් හෙළ කලාකරුවා ස්වකීය කලාකාමීත්වය හා නිර්මාණ කුසලතාවය ආත්මාර්ථයෙන් තොරව සමාජයේ හා දහමේ ප්‍රගමණය පිණිසත්, බුද්ධාලම්භන පී‍්‍රතිිය හා ආගම දහම කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීම පිණිසත්, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ලෝකයා හමුවෙහි ඉස්මතු කොට දක්වනුයේ සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය තම එකම වේදිකාව කොටගෙනයි.
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නේ දී සිදුවූ මහින්දාගමනය නිසා ප්‍රතිෂ්ඨාපනය වූ සම්බුදු සසුන සමඟ, විහාරාරාම, දාගැබ්, ප්‍රතිමා, සිතුවම්, නැටුම්, ගැයුම්, වැයුම් ආදී සියල්ල බෞද්ධ මුහුණුවරකින් සිරිලක තහවුරු විය. ශ්‍රී මහාබෝධියෙහි දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම වූ සඟමිත් මහතෙරණියගේ ආගමනයෙන් ඇරඹුණු පෙරහර සංස්කෘතිය දළදා වහන්සේ වැඩමවීමෙන් අනතුරුව වඩාත් ශෝභාමත් විය.

දළදා පෙරහරේ උපත

කිත්සිරිමෙවන් මහරජුගේ අභිෂේකයෙන් නමවැන්නේ දී හේමමාලා, දන්තකුමරු විසින් ලක්දිවට වැඩම වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රුවන්මය කරඩුවක වඩාහිඳුවා, තම හිසමතින් මේඝගිරි මහාවිහාරයේ සිට ඇතුළු නුවරට වැඩමවූයේ මහපෙරහරින් බව දාඨාවංශයෙන් හෙළි වේ. දළදා වහන්සේ ලැබීමෙන් සක්විති රජය ලැබුණාක් මෙන් මහත් බුද්ධාලම්භන පී‍්‍රතියට පත් කිත්සිරිමෙවන් මහරජතුමා ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ දී මුල්ම දළදා පෙරහර ආරම්භ කළේ ය. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නවලක්ෂයක් දන විසඳා, දළදා වහන්සේ වැඩසිටි මුල් දළදා මාලිගාව වූ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය වෙත අලංකාර විසිතුරු පෙරහරකින් දළදා වහන්සේ වැඩමවා, අනූ දිනක් තිස්සේ ප්‍රදර්ශනය කරවා, මතු රජවන රජුන් විසින් ද මෙම පූජා චාරිත්‍රය පැවැත්විය යුතු බවට චාරිත්ත ලේඛනයක් ලියවූ බව මහාවංශයෙන් හා දාඨාවංශයෙන් හෙළි වේ.
පස්වන සියවසේ ලක්දිවට පැමිණි පාහියංගේ දේශාටන වාර්තාවෙහි “චන්ද්‍රමාස ක්‍රමයෙන් තුන් වන මස මැදදී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙරහරින් වැඩමවා ප්‍රදර්ශනය කිරීමට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හූ පිට නඟවා, නුවර ඇවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. ‘බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා, කොවේ, මහවේ සරසත්වා, පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා” යනුවෙන් සන්නිවේදනය කෙරුණුු බව විස්තර වේ. මෙම විස්තරයට අනුව එදා ඇසළ පෙරහර සංස්කෘතියෙහි ගැබ්ව තිබූ මූලික හරපද්ධතිය මිනිසුන්ගේ ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීමේ ආගමික උත්සව සංකල්පය මුල්කොට ගොඩනැගුණු බව අනාවරණය වේ.

අතුල් තලයක් සෙයින් මග සමතලා කරවා මගතොට සරසා පෙරහර පැවැත්වූ වග

පොළොන්නරු රාජ්‍ය සමයෙහි මහා පරාක්‍රමබාහු (රා.ව. 1158 – 1186) රජතුමා “ රජ ගෙදර පටන් දළදාගෙය දක්වා යොදුනක් පමණ තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇලුණේ හැම තැන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වූ තොරණ කරවා තොරණ යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරණ ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍ර චාමර පන්තීන් හා නානා පුෂ්ප ද, විසිතුරු කොඩියෙන් ද, පූජාවට සුදුසු අන්‍යවූ දෙයින් ද, සරසා මඟ දෙපස පොල්, පුවක්, කෙසෙල් ගසින් සැරසීය. දළදා මළුව වෙසමුණිපුරය මෙන් සරසවා තිබිණ. සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයෝ මහත් රූප ශෝභාවෙන් යුතුව නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, පෙරහරෙහි ගමන් ගත්හ. ඡත්‍ර, චාමර, ධජ පතකාදිය රැගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝ ය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේ ය. පෙරහර මඟ ගමන් ගන්නා විට මහවැසි ඇදහැළී පෙරහර යන මග ඇරුණුකොට අන් සියලු තැන්හි වැව් අමුණූ පිරී ඉතිරී ගොස් ගංවතුර ගැලීය” මෙම විස්තරයෙන් එදා පෙරහර පැවැත්වීමෙන් නියඟය කෙළවර කොට වැසි වසින බවට පැවති විශ්වාසය තහවුරු වූ බවක් පෙනී යයි.
දඹදෙණියේ දී පෙරහර යන මග බෙර ඇසක් සේ සමතලා කොට විසිතුරු කළහ. දඹදෙණි රාජධානි සමයෙහි දෙවන පරාක්‍රමබාහු රජතුමා “දඹදෙණි රාජධානියේ සිට සිරිවර්ධනපුරය දක්වා මහාමාර්ගය බෙර ඇසක් සේ සමතලාකොට, සුදු වැලි අතුරා, ධජ පතාකාදියෙන් අලංකාර කරවා, මගදෙපස මාරුක්, තැඹිලි, බෝධිලි, නවසි, තල්, කිතුල්, කඳලි ආදිය සිටවූයේ ය. මනහර සිතුවමින් හා මලින් පිරි පුන්කළසින් මගදෙපස සැරසීය. විසිතුරු සිතුවමින් නිමවන ලද බුද්ධ ප්‍රතිමාවන්ගෙන් සැදුම්ලත් තෙමහල් ප්‍රාසාද කරවීය. විවිධ පූජා වස්තූන් රැගත් ආවතේවාකාරයෝ පිළිවෙලින් ගමන්ගත්හ. අනතුරුව රජතුමා ද පෙරහරේ ගමන්ගත්තේ ය. නෘත්‍ය, ගීත, වාදන දක්වන්නෝ ඔහු පිරිවරා ගමන්ගත්හ. දඹදෙණි දළදා පෙරහරට දේවාල පෙරහර සම්බන්ධ වූ බව, “සතර දේවාලයෙහි නටන, ගයන ධුරවල අයත්, තුන්රජයේ නටන, ගයන, පිඹින අයත් ගෙන්වමින් මහාපූජාව මහෝත්සවයෙන් ආරම්භ කළ බව“ දඹදෙණි අස්නෙන් හෙළි වේ.
කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස නගරය “දෙවිපුරයක් සේ සරසා උතුරුථමුඵ අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සමඟ වැඩහුන් කරඬුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කර¾ඩුව වඩා යන ලෙස රථයට නැගෙනුව ඉසා යනුවෙන් ද, සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමුකොට සුපිළිපන් මහ සඟන පිළිවෙළින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වඩනාව ඉසා යනුවෙන් ද, දොරණා වැසි කුලයෙන් නිසි එකතු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්වනුව ඉසා යනුවෙන් ද, රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරනුව ඉසා යනුවෙන් ද, දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් යනුව ඉසා” යනුවෙන් ද දළදා සිරිතෙහි දැක්වෙන ව්‍යවස්ථාවන්ගෙන් එදා පැවති දළදා පෙරහරෙහි සංස්කෘතික ගති ස්වභාවය අපට ඉස්මතු කොට දක්වයි.

වර්තමානයට උරුම වූ ඇසළ පෙරහර

මෙසේ රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම අසිරිමත් ඇසළ පෙරහර මංගල්ල්‍ය රාජ්‍ය වර්ෂ 1592 වැන්නේ සිට අද දක්වා ගුණාත්මක හා සංඛ්‍යාත්මක වශයෙන් අභිවර්ධනය වෙමින් ජාතියට දායාද වී තිබීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මහත් අමන්දානන්දයට හේතුවනු නිසැකය. වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය, මෙම විශිෂ්ට කලා සංස්කෘතියේ අභිමානය දෙස් විදෙස් නරඹන්නන් ඉදිරියේ දිගහැරෙන විචිත්‍රවත් වේදිකාවක් බඳුය. ඒ තුළින් බෞද්ධ ආගමික වතාවත් හා රාජ්‍යත්වය සමඟ බැඳී වර්ධනය වූ වතාවත්, පිළිවෙත් සමඟ එක්ව ලෞකික වින්දනය පමණක් නොව ආධ්‍යාත්මික සුවය ද ලබා දෙයි. ඇසළ පෙරහර මංගල්‍යය යනු හුදු විනෝදය පිණිස පවත්වන්නක් නොවේ. මෙම පූජෝත්සවය උත්තම දළදා වහන්සේ විෂයෙහි කෙරෙන පූජෝපහාරයක් වශයෙන් ද, සිවුමහාදේවාලයන්හි වැඩ සිටින්නා වූ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන් විෂයෙහි සිදුකරනු ලබන්නා වූ භක්ති ප්‍රණාම පූජාවක් වශයෙන් ද, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිකරගනු පිණිස ද, පැවැත්වෙන ආගමික පූජෝත්සව මංගල්‍යයක් මෙන්ම හෙළ කලාවේ උදාරත්වය කියාපාන උඩරට නැටුම්, වැයුම්, ගැයුම් කලා ශිල්පීන්ගේ ආදීන කලා කුසලතාවය ද ලොවට ප්‍රදර්ශනය කරනු ලබන්නක් වේ.
වර්තමාන ඇසළ පෙරහර මංගල්ල්‍ය සංවිධානය කෙරෙනුයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙසින් ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල ලවා සකසනු ලබන සුබ නැකැත්පත්‍රයකට අනුවය. ඉන් අනතුරුව පළමුව සිරිත් පරිදි සුබ නැකතින් පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව්මහාදේවාලයන් ප්‍රධානකෙට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප්සිටුවීමෙන් පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අභ්‍යන්තර පෙරහර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, දියකැපුම් පෙරහරක් ද, දහවල් පෙරහරක් ද, වළියක් නැටුම ද පැවැත්වීමෙන් පෙරහර සමාප්ත වේ.

ඇසළ පෙරහර හැඩවැඩ කරන නර්තන වාදන කලාකරුවෝ

ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළින් පිළිබිඹු වන උත්සව අවස්ථාවලට පෙර බෙර හැසිරවීම, පුණ්‍යකර්මය අවස්ථාවල විවිධ තූර්ය භාණ්ඩ වාදනය කිරීම අතීතයේ සිට පැවත එන සිරිතෙකි. වර්තමාන ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය තුළින් පමණක් නොව දෛනික, සතිපතා, වාර්ෂික පූජෝත්සවවලදී ද, අනෙකුත් වාර්ෂික මංගලෝත්සවවලදී ද, මෙම හෙළ සංස්කෘතික දායාදය පෝෂණය කරනු ලබයි.
ඇසළ පෙරහර මංගල්ලයේ පූජා සංස්කෘතිය ලොවට කියාපාන හේවිසි වාදනය ගොඩනැගී ඇත්තේ ඊටම ආවේණික වූ පූජා චාරිත්‍රයන්ට ද, සෞන්දර්යාත්මක නිර්මාණයන්ට ද අනුකූල වන පරිදිය. පෙරහර මංගල්‍යයේ පූජනීය වූත්, වටිනාම වූත් හේවිසි වාදනයේ දී කිසියම් රටාවකට එම වාදන ශිල්පය සකස් වී ඇති අයුරු දක්නා ලැබේ.
ඇසළ පෙරහරේ ප්‍රමුඛතම සංස්කෘතිකාංගයක් වූ හේවිසි පූජාවේ දී, පළමු හේවිසි පුරා ගමන් හේවිසියෙන් පෙරහර කරඬුව දළදා තේවාව භාර නාහිමිපාණන් වහන්සේගේ සුරතින් දියවඩන නිලමේතුමන්ගේ දෑතෙහි තැන්පත් කොට වැඩමවා හා රන්සිවිගේ කරඩුව තැන්පත් කරනතුරු තේවා හේවිසි වාදනය කිරීම සිදුවේ. ඉන් අනතුරුව සඳගල මතදී බහිරව වළිනඩය වාදනය කර පෙරහර ඉදිරියට ගමන් කරමින් මහමගට පිවිසේ. එතැන් සිට වළිනඩය හා එක් එක් ගමන් මාත්‍රා වලින් වීදි සංචාරය අරඹයි. රජගෙදර ගේට්ටුව අසළට පැමිණි පසු හේවිසි පහේ හේවිසි වාදනයෙන් දළදා මාළිගාව තුළට පැමිණ ඇතා පිටින් පෙරහර කරඬුව තේවා භාර නාහිමිගේ දෑතට වැඩමවනතුරු හේවිසි වාදකයින් වාද හේවිසිය වාදනය කරමින් ඉන් පසු ගෙවැද්දුම් හේවිසියෙන් පෙරහර කරඬුව උඩමාලයට වඩමවා තැන්පත් කළාට පසු ආලත්ති බෑමෙන් පෙරහර හේවිසි වාදනය නිමාකරනු ලබයි.
වත්මන් ඇසළ පෙරහරේ සියලු සංස්කෘතිකාංග පෙළගැස්ම තුළින් අතීතයේ සිට එහි පැවති ආගමික චාරිත්‍ර හා රාජකීය පිළිවෙත් පිළිබිඹු කරයි. පෙරහරේ පළමුවෙන් ගමන් කරනුයේ කසකරුවෝ ය. මෙම සිරිත මුලින් පැවතියේ රජුන් කෙරෙහිය. කසකරුවන්ට අනතුරුව ගිනිබෝලකරුවන්, බෞද්ධ කොඩි රැගත් අය, දිසාකොඩි රැගත් අය, කඩු ගෙනයන්නෝ,පෙරමුණේ රාළ, හේවිසිකරුවෝ, ගජනායක නිලමේ, හොරණෑ වාදකයෝ, චාමර නැටුම, ලීකෙළිකරුවෝ, පන්තේරු නැටුම, තාලම්, හවඩිදඟය, නෛයියන්ඩි කණ්ඩායම, අත්රබන් කණ්ඩායම, වේවැල් නැටුම, උඩැක්කි නැටුම, තම්මැට්ටම් වාදකයෝ හා පතුරු නැටුම් කණ්ඩායම, වෙස් නැට්ටුවෝ, කාරියකරවන කෝරාළ, නාගසිංහම් වයන්නෝ, උඩුවියන් සහිතව පාවාඩ මතින් කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා, දෑලේ ඇතුන්, බෞද්ධ කොඩි, කවිකාරමඩුව, මල් පහන් ගෙනයන්නෝ, දියවඩන නිලමේතුමා පිරිවරාගත් විදානේවරුන් ආදී කලාකරුවෝ හා රාජකාරීකරුවෝ මාළිගාවේ පෙරහරෙහි ගමන් කරති. අලි ඇතුන්, කොඩි චාමර ගත්තවුන්, පන්දම්කරුවන් හා කඩුගත්තවුන් මෙම පෙරහරේ ගමන් කිරීම සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයකි. මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිවුමහා දේවාල පෙරහර අනුපිළිවෙලින් ගමන් කිරීම සිදුවේ.
මෙම ඇසළ පෙරහරේ පෙළගැස්ම තුළින් එදා රජදවස සිට පැවති සාමාජික හා රාජකාරී රටාව ද සමඟ බෞද්ධාගමික මෙන්ම රාජකීය උත්සවයන්හි පැවති සංස්කෘතිකාංග මැනවින් විදහා දක්වයි. අතීතයේ පටන් වර්තමානය දක්වා විදේශීය නරඹන්නන් මෙම පෙරහර මගල්‍යය නැරඹීමට පැමිණෙනුයේ චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එන ලොව ඇති එකම ආගමික සංස්කෘතික මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වන නිසා ය. එකී චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රවිධි සුරක්ෂිත වන සේ ඇසළ පෙරහර සංස්කෘතිය නොකඩ කොට පවත්වාගෙන යෑම ජාතියේ මහත් අභිමානයට හේතුවනවා නොඅනුමානය.
ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාශයේ ලේකම්
කේ.මීගහකුඹුර

විමලධර්මසූරිය රජුගේ දරුවෝ

කන්ද උඩරට ස්‌ථාවර රාජධානියක්‌ බවට පත් කරමින් එවකට ලංකාවේ පැවති අරාජික තත්ත්වය පහ කර බෞද්ධ ජනතාවට සහනයක්‌ සලසමින් රාජ්‍යත්වයට පත්වූයේ උඩරට ප්‍රාදේශීය අධිපතියෙක්‌ වූ වීරසුන්දර බණ්‌ඩාරගේ පුත් කොනප්පු බණ්‌ඩාර ය. රාජ්‍යත්වයට පත්වීමත් සම`ග i විමලධර්මසූරිය නමින් හැඳින්වුණු මෙම රජතුමා පෘතුගීසීන් සම`ග 1594 දන්තුරේදී සිදු කළ සටනින් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගත් අතර ඒ සම`ග ම උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල හිමිකාරිය වූ දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය සරණ පාවා ගෙන රාජ්‍ය බලය තහවුරු කරගැනීමට කටයුතු කළේ ය.

උඩරට රාජධානියේ ආරක්‌ෂක සංවිධාන තර කිරීම, ආර්ථික අංශය වර්ධනය කිරීම මෙන් ම දළදාව අගනුවරට වැඩම කරවා දළදා මාළිගයක්‌ නිමවා තැන්පත් කරවීම ආදී වශයෙන් දේශපාලනික, ආර්ථික සහ ආගමික අංශ ස`දහා i විමලධර්මසූරිය රජතුමා සුවිශාල දායකත්වයක්‌ දක්‌වන ලදී.

i විමලධර්මසූරිය රජතුමාගේ දරුවන් පිළිබඳ කරුණු සොයා බැලීමේදී එතුමා රාජ්‍යත්වයට පත්වීමට පෙර පැවති සබඳතා නිසා මෙන් ම අග බිසව වූ කුසුමාසන දේවියට දාව ද දරුවන් සිටි බව පෙනේ.

සීතාවක රාජසිංහ රජතුමා තම පියා වූ වීරසුන්දර බණ්‌ඩාරව බොරු වළක දමා මරා දැමීමෙන් පසු ව තම ආරක්‌ෂාව පතා කෝට්‌ටේ රාජධානියට පලා ආ කොනප්පු බණ්‌ඩාර තරුණයා එවකට කෝට්‌ටේ රාජධානියේ ප්‍රධාන අමාත්‍යවරයා වූ තම්මිට බණ්‌ඩාරගේ දියණිය සරණ පාවා ගත්තේ ය. පසු ව කොනප්පු බණ්‌ඩාරට දාව තම්මිට කුමරිය පුත්‍රයෙක්‌ බිහි කළ අතර එම පුත්‍රයා සහ තම්මිට කුමරිය කොනප්පු බණ්‌ඩාර උඩරට රාජධානිය පිහිටුවන කාලය වන විටත් පෘතුගීසීන් භාරයේ සිටි බව ද µර්නාඕ ද ක්‌වේරෝස්‌ තම Conquista Temporale Espiritual da Ceylao කෘතියේ දක්‌වයි.

i විමලධර්මසූරිය රජතුමා කීප වරක්‌ ම තම්මිට කුමරිය සහ පුත්‍රයා තමාට භාර කරන ලෙස ඉල්ලීම් කළ ද ඒවා පෘතුගීසීන් විසින් ප්‍රතික්‌ෂේප කළ හෙයින් තම්මිට කුමරිය කොළඹ කොටුවේ විසූ දොන් µ්‍රeන්සිස්‌ නම් පෘතුගීසි ජාතිකයා සම`ග විවාහ වුණු අතර පෘතුගීසීන් විසින් ඇගේ පුත්‍රයාව උසස්‌ අධ්‍යාපනය ස`දහා ගෝවේහි පිහිටි King’s College වෙත පිටත් කර හරින ලද බව එහි ස`දහන් වේ.

1604 වර්ෂයේදී i විමලධර්මසූරිය රජු විසින් මරණාසන්න ව සිටියදී තමාට දාව තම්මිට කුමරිය ලද පුත්‍රයා ඊළ`ග උරුමක්‌කරු ලෙස නම් කර රාජ්‍යය ලබාදීමට උත්සාහ කළ ද ගෝවේහි අධ්‍යාපන කටයුතුවල නියෑලෙමින් සිටි එම පුත්‍රයා උඩරටට පිටත් කිරීම පෘතුගීසීන් විසින් නැවතත් ප්‍රතික්‌ෂේප කොට තිබේ. කෙසේ වෙතත් තම්මිට කුමරියට උපන් පුත්‍රයාගේ අවසානය පිළිබ`ද පැහැදිලි තොරතුරක්‌ සාහිත්‍ය මූලාශ්‍රය තුළින් දැකගත නො හැක.

මේ හැර කෝට්‌ටේ රාජධානියට පලා ආ කොනප්පු බණ්‌ඩාර විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක්‌ හේතු කොටගෙන ඔහු ගෝවේ බලා පිටත් කළ අතර එහි වාසය කරන සමයේදී දාමරිකයෙක්‌ මෙල්ල කිරීමත් සම`ග කොනප්පු බණ්‌ඩාර ගෝවේ ජනප්‍රිය පුද්ගලයෙක්‌ බවට පත්වුණි. 

එනිසා ම ඔහුට ආකර්ෂණය වූ ගෝවේහි විසූ පෘතුගීසි කාන්තාවක්‌ව ද කොනප්පු බණ්‌ඩාර විසින් විවාහ කරගත් අතර ඇය ද කොනප්පු බණ්‌ඩාරට දාව පුත්‍රයෙක්‌ බිහි කළා ය. ඒ පුත්‍රයා ද 1604 දී i විමලධර්මසූරිය රජු මරණයට පත්වූ පසුව ද දිගු කලක්‌ ගෝවේහි වාසය කළ බවට තොරතුරු පෘතුගීසී ලේඛනවල දක්‌වා තිබේ. පෘතුගීසී කාන්තාවට උපන් මේ පුත්‍රයාගේ අවසානය පිළිබඳව ද පැහැදිලි තොරතුරක්‌ සාහිත්‍ය මූලාශ්‍රය තුළින් දැකගත නො හැක.

i විමලධර්මසූරිය රජුගේ දරුවන් පිළිබ`ද 1602 නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස්‌ වාන් ස්‌පිල්බර්ජන් දක්‌වන විස්‌තරයට අනුව රජුට වයස අවුරුදු 6 ක්‌ පමණ වූ දූ කුමරියක්‌ සහ අවුරුදු 3 ක්‌ පමණ වූ පුත් කුමරෙක්‌ සිටි බව දැක්‌වේ.

කෙසේ නමුත් දේශීය මූලාශ්‍රයක්‌ වන රාජාවලිය දක්‌වන්නේ i විමලධර්මසූරිය රජතුමාට දාව කුසුමාසන දේවියට එක්‌ දූ කුමරියක්‌ සහ පුත් කුමරුන් සතර දෙනෙක්‌ සිටි බවයි. ඔවුන් රාජසූරිය අස්‌ථාන, උඩුමාලේ අස්‌ථාන, කුමාරසිංහ අස්‌ථාන, විජයපාල අස්‌ථාන නම් වූ අතර එහි දූ කුමරියගේ නම ස`දහන් කර නොමැත.

i විමලධර්මසූරියගෙන් පසු රාජ්‍යය භාරගත් රජුගේ ඥාති සොයුරු සෙනරත් රජු කුසුමාසන දේවිය සහ i විමලධර්මසූරිය රජුගේ දරුවන්ව ද භාර ගත් අතර පසු ව සෙනරත් රජුට දාව කුසුමාසන දේවිය විසින් දේවරාජසිංහ අස්‌ථාන (පසුව ii රාජසිංහ නමින් ප්‍රකට වූ රජු) කුමරු බිහිකළා ය.

සෙනරත් රජු තමාගෙන් පසු ව උඩරට රාජ්‍යය තම පුතුන්ට පවරා දීමේදී කුමාරසිංහ, විජයපාල සහ දේවරාජසිංහ කුමරුන් අතරේ රාජ්‍යය බෙදා දුන් බව එවකට උඩරට සිරකරුවෙක්‌ ව සිටි ඉංගී්‍රසි ජාතික රොබට්‌ නොක්‌ස්‌ දක්‌වන අතර i විමලධර්මසූරිය රජුගේ පුත්‍රයන් සිව් දෙනාගෙන් රාජසූරිය අස්‌ථාන සහ උඩුමාලේ අස්‌ථාන කුමාරවරුන් පිළිබඳ සඳහනක්‌ නො වීම ගැටලු සහගත ය.

රාජාවලිය දක්‌වන පරිදි මහවැලි ගඟේ දිය කෙළියට පිටත් වූ i විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත්‍ර රාජසූරිය අස්‌ථාන කුමරු සෙනරත් රජුගේ අණින් දියේ ගිල්වා මරා දමා ඇති අතර උඩුමාලේ අස්‌ථාන කුමරුට සිදුවූයේ කුමක්‌ ද යන්න පිළිබඳ මූලාශ්‍රය නිහඬ නමුත් ඒ කුමරුට ද සොයුරාට මෙන් ම ෙ€දනීය මරණයක්‌ අත්වූවා විය හැකිය.

පසු කලෙක ඌවේ රජු වූ කුමාරසිංහ රෝග ව ඌවේ රජ කන්දේදී මිය ගිය අතර මාතලේ රජු වූ විජයපාල සිංහාසනයෙන් පහ කිරීම හේතුවෙන් පෘතුගීසීන් සමීපයේ වාසය කොට අවසානයේ ගෝවේදී මරණයට පත් ව තිබේ.

සෙනරත් රජු රාජ්‍යය පවරාදීමේදී තම පුත්‍ර දේවරාජසිංහට රාජධානියේ අනර්ඝත ම කොටස වූ සෙංකඩගල ලබා දෙමින් කළ විශේෂත්වය නිසා මෙන් ම ඊට පෙර සිදුවූ තම පුතුන්ගේ අකල් මරණ ද හේතු කොටගෙන දැඩි කම්පාවකට පත් ව සිටි කුසුමාසන දේවිය ඒ වනවිට ජීවත් ව සිටි තමන්ගේ දරුවන් ද කැටුව පෘතුගීසීන් වෙත පලා ඒමට තැත් කළ ද ඒ උත්සාහය අසාර්ථක විය. 

මෙනිසා තවත් දැඩි සිත් තැවුලකට පත්වූ කුසුමාසන දේවිය 1613 ජූලි 20 වනදා මියගිය අතර ඒ වනවිට ඇයට වයස අවුරුදු 35 ක්‌ පමණ විය. ඇයගේ මරණයත් සම`ග සෙනරත් රජු ද කම්පනයට පත් ව ගිලන් වී මරණාසන්න වූ අතර එවකට පැවති වියවුල් සහගත තත්වය ප්‍රයෝජනයට ගෙන i විමලධර්මසූරිය රජුගේ දියණිය සහ ඇයගේ ස්‌වාමිපුරුෂයා පෘතුගීසීන් වෙතට පලා යාමට තැත් කළ ද පලා යැමට හැකිවූයේ ස්‌වාමිපුරුෂයාට පමණි. පසුව i විමලධර්මසූරිය රජුගේ දියණිය ද සෙනරත් රජුගේ බිසවක්‌ වූ බව කියවේ.

කෙසේ වෙතත් i විමලධර්මසූරිය රජුගේ දියණිය පිළිබ`ද වැදගත් තොරතුරු කීපයක්‌ ඉංගී්‍රසි ජාතික රොබට්‌ නොක්‌ස්‌ විසින් රචනා කරන ලද Historical Relation of the Island of Ceylon කෘතියේ දැක්‌වේ. නොක්‌ස්‌ දක්‌වන පරිදි ii රාජසිංහ රජතුමාට වැඩිමහල් සොහොයුරියක්‌ සිටි අතර 1664 දී රජුට එරෙහිව පැන නැගුණු කැරැල්ලේදී රජුගේ පුත්‍රයා ආරක්‌ෂා කරමින් රජු සමීපයට කුමරා රැගෙන යාමට ඇය කටයුතු කර තිබේ. පසු කලෙක ඇය රෝගී ව මිය ගිය අතර ඇයගේ අභාවය පිළිබ`ද රජතුමා පවා දැඩි ලෙස කම්පා වූ බවත් සර්ව සම්පූර්ණ පුරාණ චාරිත්‍රානුකූල ව ඇයගේ ආදාහන කටයුතු සිදුකළ බවත් දැක්‌වේ.

රජුගේ වැඩිමහල් සොයුරියගේ අභාවය පිළිබඳ දැක්‌වීමේදී නොක්‌ස්‌ විශේෂයෙන් ස`දහන් කරන්නේ ඇය ඒ වනවිට රජ පෙළපතේ සිටි අවසන් පුද්ගලයා වූ බවයි. ඒ අනුව බැලීමේදී i විමලධර්මසූරිය රජුගේ පුතුන් සිව්දෙනාගෙන් කිසිවෙක්‌ ඒ වන විටත් ජීවත් නොවූ බව පෙනේ. අවසාන වශයෙන් දැක්‌විය හැක්‌කේ සාර්ථක පාලකයෙක්‌ වූ i විමලධර්මසූරිය රජුගේ කිසිදු උරුමකරුවෙකුට සාර්ථක වන්නට අවකාශ නො ලැබුණු බවයි.
හසිත චාමිකර ගුණසිංහ 
කැලණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා නාමය බිහිවීමේ ඉතිහාසය

මෙම ලිපියේ අරමුණ ඈත අතීතයේ සිට අනුරාධපුර යුගයේ මුල් භාගය දක්‌වා ශ්‍රී ලංකාව යන නාම භාවිතයේ ඉතිහාසය මූලාශ්‍ර ඇසුරෙන් සොයා බැලීමය. රාමායනයේ සඳහන් ලංකාව ශ්‍රී ලංකාව නොවේ. එසේම පුරාණ සංස්‌කෘත ග්‍රන්ථවල පාර සමුද්‍ර යනුවෙන්ද ඇතැම් ගී්‍රක - රෝම වාර්තාවල පලේසිමුන්ඩු යනුවෙන්ද ලංකාව හඳුන්වා ඇතැයි යන නූතන විද්වතුන්ගේ මතයද විවාදාත්මකය. මෙරට ප්‍රථමයෙන් හැඳින් වී ඇත්තේ තම්බපණ්‌ණි යනුවෙනි. ඉක්‌බිති සීහලදීප යනුවෙන් හැඳින් වී ඇත. අද මෙරට හැඳින්වෙන ශ්‍රී ලංකාව යන්නෙහි ලංකා ශබ්දය ඊළම් යන දෙමළ වචනයෙන් නිෂ්පන්න වූවකි. මෙසේ ලංකා යන ව්‍යවහාරය ඇති වූයේ අනුරාධපුරය කේන්ද්‍ර කොටගත් මෙරට ප්‍රධාන රාජධානිය මුල් කාලවලදී දකුණු ඉන්දීය දෙමළ ආධිපත්‍යයට යටත්ව තිබීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. 

මෙරට අතීතයේ රාවණා නමින්, ප්‍රබල රජෙක්‌ සිටි බව විශ්වාස කරන, පිළිගන්නා සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ගිහි පැවිදි සීමිත පිරිසක්‌ කාලයක්‌ තිස්‌සේ පුවත්පත් මගින් එක්‌තරා මතවාදයක්‌ ප්‍රචලිත කිරීමෙහි යෙදී සිටින බැව් පෙනේ. මේ වූ කලී ඉතිහාසයෙන් හෝ පුරාවිද්‍යාවෙන් කිසි දිනක සනාථ කළ නොහැකි මිත්‍යාවකි. ඊට පදනම් වී ඇත්තේ ක්‍රිස්‌තු පූර්ව 7 වැනි සියවසේ දී පමණ උතුරු ඉන්දියාවේ සිටි වාල්මිකී නම් කවියා විසින් සංස්‌කෘත භාෂාවෙන් ප්‍රබන්ධ කරන ලද රාමායනය නම් මහා කාව්‍යයේ නිරූපිත ලංකාපුර වාසභවනය කරගත් රකුසන්ට අධිපති රාවණා නම් කල්පිත චරිතයයි.

රාමායනයෙහි නිරූපිත භූගෝලීය පසුබිම් ඉන්දියාවය. එහි සඳහන් රාම අතින් මැරුම් කෑ, රකුසන්ට අධිපති රාවණාගේ රකුසු නෑයින් සිටියේ දන්ඩක නම් වනාන්තරයේය. එසේ නම් රාවණාගේ ලංකාපුර නම් වාසභූමිය ද තිබිය යුත්තේ ඉන්දියාවේ ඊට අනුරූප ප්‍රදේශයකය. එය ශ්‍රී ලංකාව යෑයි සනාථ කිරීමට නම් රාමායනය ලියෑවුණු කාලයෙහි ඉන්දියානුවන් අප රට දැන සිටි බවට පිළිගත හැකි සාක්‍ෂි තිබිය යුතුය. එහෙත් එවැනි සාක්‍ෂි මෙතෙක්‌ ලැබී නැත.

දුරාතීතයේ සිට අද දක්‌වාම ලංකා යන පදය ඉන්දියාවේ භාවිත වී ඇත්තේ එක්‌තරා භූමි ප්‍රදේශයක්‌ හැඳින්වීමටය. උපනිශද් වැනි පශ්චාත් වෛදික ග්‍රන්ථවල ලංකා යන පදය යෙදී ඇත්තේ මහානදී හා ගෝදාවරී යන ගංගා ප්‍රදේශවල පිහිටි දූපත් හැඳින්වීමටය. ආරාබි මුහුදට සැතපුම් 50 ක්‌ පමණ මෙපිටින් පටන් ගන්නා ගෝදාවරී නදිය ආන්ද්‍රd ප්‍රදේශයෙන් ගලා ඇවිත් නැගෙනහිර ඝාට්‌ස්‌ පසුකර බෙංගාල බොක්‌කට වැටීමට පෙර දක්‌නට ලැබෙන පහත් දියලු දිවයින් රාශිය අදත් හැඳින්වෙන්නේ ලංකා නමිනි.

භාෂා පදනම අතින් සලකන විට මධ්‍යම ඔරිස්‌සාවේ ව්‍යවහාරයෙහි පවත්නා ද්‍රවිඩ භාෂා ගණයට අයත් උප භාෂාවක්‌ වන ගොන්ඩි බසින් ලංකා යන වචනයෙහි අර්ථය දිවයින හෝ කඳුමුදුනයි. එවැනිම අනාර්ය භාෂාවක්‌ වන මුන්ඩාරි බසින් මුහුදෙන් එතෙර දුර රටක්‌ යන අර්ථය පැවසෙන්නේ ලංකා යන වචනයෙනි. ඉන්දියාවේ හා ලංකාවේ ආර්ය භාෂා කතා කරන ජන වර්ගයා විසින් මෙම රටවල් ජනාවාස කරගැනීමට පෙර සිටි ආදිවාසී ජනතාව මානව වංශ විද්‍යාත්මකව අයත්වන්නේ ප්‍රොටෝ ඔස්‌ට්‍රොaලොයිඩ් ගණයටය. ඔවුන්ගෙන් පැවත එන මෙරට වැදි ජනතාව මුල් කාලවලදී ඉන්දියාවෙන් සංක්‍රමණය වූ විට තම නව වාසභූමිය හැඳින්වීමට ලංකා යන නම යොදා ගන්නට ඇතැයිද අදත් ඔවුන් ලංකා පො-ජ යනුවෙන් මෙරට හඳුන්වන්නේ ඒ නිසා යෑයිද මතයක්‌ ඇත. එහෙත් මේ කල්පිතය සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් කර නැත.

රාම හා රාවණා යුද වැදුණ තැන රාමායනයෙහි සඳහන් වන්නේ පාර සමුද්‍රස්‌ස්‍ය යනුවෙනි. මෞර්ය චන්ද්‍රගුප්ත රජුගේ පුරෝහිත අමාත්‍ය කෞටිල්‍ය ලියූ අර්ථශාස්‌ත්‍ර නම් ග්‍රන්ථයෙහි ලංකාව හඳුන්වා ඇත්තේ පාරසමුද්‍ර යනුවෙන් බවත් ප්ලීනි, ටොලමි වැනි රෝම ලේඛකයන් ලංකාව හඳුන්වා ඇත්තේ පලේසිමුන්ඩු යනුවෙන් බවත් එය පාරසමුද්‍ර යන සංස්‌කෘත වචනයෙහි ග්‍රීක ස්‌වරූපය බවත් මේ අනුව රාම - රාවණා යුද වැදුණු ස්‌ථානය වන පාරේ සමුද්‍රස්‌ස්‍ය යනු ලංකාව බවත් ආචාර්ය ආනන්ද ගුරුගේ පවසයි. මේ මතය පසු කාලයක එස්‌. සී. දේ නම් ඉන්දියානු ඉතිහාසඥයා ද පිළිගෙන ඇත.

මෙම තර්කය ඉදිරිපත් කර ඇත්තේ පදනම් විරහිත උපකල්පනයක්‌ මතය. දැනට පවතින සාක්‍ෂි අනුව ඉන්දියානුවන් මුලින්ම ලංකාව හඳුන්වා ඇත්තේ පාරෙ සමුද්‍රස්‌ස්‍ය හෝ පාර සමුද්‍ර යනුවෙන් නොව තම්බපණ්‌ණි යනුවෙනි. ලංකාව ගැන මුලින්ම සඳහන් කර ඇති විදේශීය ලේඛකයා වූයේ වයඹ දිග ඉන්දියාව ආක්‍රමණය කිරීමට කටයුතු කළ මහා ඇලෙක්‌සැන්ඩර්ගේ හමුදාපතියකු වූ ක්‍රි. පූ. 4 වැනි සියවසේ සිටි ඔනේසික්‍රිටස්‌ නම් ග්‍රීක්‌ ජාතිකයාය. ඔහු ලංකාව හඳුන්වා ඇත්තේ තැප්‍රොබේන් යනුවෙනි. තැප්‍රොබේන් යනු තම්බපණ්‌ණි (පාලි) හා තාම්රපර්ණි (සංස්‌කෘත) යන වචන වල ග්‍රීක ස්‌වරූපයයි. පසු කාලයක සෙල්‍යqකස්‌ නිකටාර් නම් ග්‍රීක පාලකයාගේ තානාපති ලෙස චන්ද්‍රගුප්තගේ රාජ සභාවෙහි සිටි මෙගස්‌තීනීස්‌ විසින්ද අසෝකගේ සමකාලීනයකු වූ ඉරුටොස්‌තිනීන් විසින්ද ලංකාව හඳුන්වා ඇත්තේ එම නමින්මය. චන්ද්‍රගුප්තගේ මුණුපුරු අසෝක විසින්ද තම 2 වැනි යා 13 වැනි ගිරි ලිපි වලින් ලංකාව හඳුන්වා ඇත්තේද තම්බපණ්‌ණි යනුවෙනි. නාගර්ජුන නම් සුප්‍රකට බෞද්ධ දාර්ශනිකයා විසූ කණ්‌ටකසෝලෙ හි ශ්‍රී පර්වත විහාරයේ ඇති දෙවැනි සියවසට අයත් සෙල්ලිපියකද ලංකාව හඳුන්වා ඇත්තේ තාම්රපර්ණි යනුවෙනි. එහෙත් චන්ද්‍රගුප්තගේ පුරෝහිත අමාත්‍ය කෞටිල්‍ය විසින් පමණක්‌ තම අර්ථශාස්‌ත්‍ර නම් ග්‍රන්ථයෙහි පාර සමුද්‍ර යනුවෙන් වෙනත් නමකින් ලංකාව හැඳින්වූයේ ඇයි?

කෞටිල්‍ය සිය ග්‍රන්ථයෙහි පාරසමුද්‍ර යනුවෙන් දක්‌වන ලද්දේ ඉන්දියාවට විදේශ රටවලින් ලැබෙන වෙළෙඳ ද්‍රව්‍ය ගැන සඳහන් කිරීමේදීය. එහෙත් එම රට කුමක්‌දැයි හෙතෙම නිශ්චිතව සඳහන් නොකරයි. එම රට සීහලද්වීපයයි සඳහන් කරන්නේ ඊට බොහෝ කලකට පසු එකී ග්‍රන්ථයට ටීකාවක්‌ සම්පාදනය කළ භට්‌ටස්‌වාමින් යන ටීකාකරු විසිනි. ඉන්දියාවට පාරසමුද්‍රයෙන් ලැබෙන වෙළෙඳ ද්‍රව්‍ය අතර අගරු හෙවත් අගිල් යන ද්‍රව්‍යයද අර්ථශාස්‌ත්‍ර ග්‍රන්ථයෙහි සඳහන් වේ. මෙය පුරාණ ලංකාවේ කිසිදිනක නිපදවූ ද්‍රව්‍යයක්‌ නොවේ. එය ඉන්දියාවට ගෙන්වන ලද්දේ කලාපයේ වෙනයම් රටකින් විය යුතුය. එහෙත් භට්‌ටස්‌වාමීන්ට අනුව එය ලංකාවේ නිෂ්පාදිතයකි. පාර සමුද්‍ර යනු සීහලදීපයයි භට්‌ටස්‌වාමීන් වරදවා ගත්තේ ඒ අයුරිනි.

පාරසමුද්‍ර (සංස්‌කෘත) හා පාරසමුද්ද (පාලි) යන වචනවලින් දැක්‌වෙන්නේ මුහුදෙන් එතෙර - විදේශීය පිට - රට යන අරුත්ය. මිහින්තලයට සමීප දොරමඩලාව නම් ගමට ගොස්‌ එහි සිටින, පිටරටින් ගෙන්වන වෙළෙඳ භාණ්‌ඩ ඇත්තාවූ කුණ්‌ඩලී නම් බ්‍රාහ්මණයා හමුවන ලෙස ගැමුණු කුමරු සුරනිමලට දෙන උපදෙසක්‌ මහාවංශයේ ංංසසස - 23, 24 යන ගාථාවල දැක්‌වේ. එහි සමුද්ද පාරෙ භණ්‌ඩාති යන පාඨය මහා වංශ ටීකාවේ අර්ථකථනය කරන්නේ කප්පුරා චන්දනාදිනී පාරසමුද්ද භණ්‌ඩානි ( කපුරු සඳුන් ආදී එතෙරින් ගෙන්වනු ලබන බඩු) යනුවෙනි. මින් පැහැදිලිs වන්නේ පාර සමුද්‍ර යනු මුහුදෙන් එතෙර රටක්‌ හෝ කලාපයක්‌ හැඳින්වීම සඳහා යොදාගත් වචනයක්‌ බවය. ලංකාව ගැන සඳහන් කිරීමට අවශ්‍ය වූයේ නම් එය ලියයුතුව තිබුණේ පාරසමුද්දේ ලංකායං යනුවෙනි. 

ඈත අතීතයේ සිටම මෙරට තම්බපණ්‌ණි යනුවෙන් හැඳින්වීමට විශේෂ හේතුවක්‌ තිබුණි. දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්‌ස්‌ කඳු වැටියේ ඉතාම දකුණු ශිඛරයකින් පටන්ගෙන තින්නවෙලි හරහා මන්නාරම් මුහුදට ගලා බසින ගඟද ඒ අවට ප්‍රදේශයද ඉතා පුරාණ කාලයේ සිටම ව්‍යවහාර කරන ලද්දේ තාම්රපර්ණි (පාලි - තම්මබණ්‌ණි) යන නමිනි. මුලින්ම මෙරටට සංක්‍රමණය වූ ආර්ය ජන කණ්‌ඩායම කලක්‌ මේ ප්‍රදේශයේ නැවතී සිට ලංකාවේ වයඹ දිග වෙරළින් ගොඩ බැස ඉදිකරගත් ප්‍රථම ජනාවාසය තම්බපණ්‌ණි නම්වේ. පසුකලෙක අනුරාධ නම් ජනපදය රටේ අගනුවර ලෙස හැඳින්වෙන විට රටේ නම තම්බපණ්‌ණි ලෙස ව්‍යවහාර කරන්නට ඇත. මහා වංශයේ ඪසස - 42 ගාථාවෙන් දැක්‌වෙන්නේ තම්බපණ්‌ණි නගරය විජය විසින් ඉදිකරන ලද බවත් පසුව මුළු දිවයිනම එනමින් හැඳින්වූ බවත්ය.

ඇතැම් පැරැණි ගී්‍රක - රෝම ලේඛකයන් ලංකාව පලේසිමුන්ඩු යනුවෙන් හඳුන්වා ඇති බවත් එය පාරසමුද්‍ර යන්නෙහි ගී්‍රක පරිවර්තනය බවත් බොහෝ විද්වත්හු පවසති. එහෙත් ගැඹුරින් පරීක්‍ෂා කරන විට මෙය පිළිගත නොහැකිය. ක්‍රිස්‌තු පූර්ව සතර වන සියවසේ විසූ ඔනේසික්‍රිටස්‌ගේ සිට ක්‍රිස්‌තු වර්ෂ හයවන සියවසේ මැද භාගයේ සිට කොස්‌මස්‌ ඉන්ඩිකොප්ලියුස්‌ටස්‌ දක්‌වා වසර 900 ක කාලය තුළ විසූ සියලු ග්‍රීක රෝම ලේඛකයන් මෙරට හඳුන්වා ඇත්තේ තැප්‍රොබේන් (තම්බපණ්‌ණි) යන නමිනි. එහෙත් මොවුන් අතරින් තිදෙනකුගේ වාර්තාවල පමණක්‌ තැප්‍රොබේන් නමට අමතරව පලේසිමුන්ඩු යන නමද දැක්‌වේ. දැන් ඒ විස්‌තර සොයා බලමු.

ප්ලිනි (ක්‍රි. ව. 23/24 - 79) ලියූNatural History) නම් කෘතියෙහි පැහැදිලිsවම සඳහන් කරන්නේ පලේසිමුන්ඩු යනු තැප්‍රොබේන් දිවයිනෙහි හිපුරස්‌ යන වරාය අසල වූ නගරයක්‌ බවයි. ඔහු මේ විස්‌තර දැනගත්තේ රතු මුහුදේ බදු එකතු කළ ඇනියස්‌ ප්ලොකැමුස්‌ නම් ග්‍රීක ජාතිකයාගෙන් නිදහස ලැබූ වහලෙකුගෙනි. මේ තැනැත්තා රතු මුහුදේ සිට ඉන්දියානු සාගරය දෙසට යාත්‍රා කරද්දී කුණාටුවකට හසුවී හිපුරස්‌ (කුදිරමලේ) නම් වරායට සේන්දු වූ සමග බවත් එහිදී වැසියන් ඔහු අල්ලා රජතුමා වෙත ගෙන ගිය බවත් මොහු සමග කළ කතා බහේදී රජතුමා ඔහු කෙරෙහි පැහැදී හය මාසයකට පසු රෝම අධිරාජයා වෙත දූත පිරිසක්‌ යවන ලද්දේ මේ තැනැත්තා බවත් ප්ලිනිගේ වාර්තාවෙහි දැක්‌වේ. (භාතිකාභය රජු රෝම අධිරාජයා වෙත දූත පිරිසක්‌ යවන ලැදැයි මහාවංශ ටීකාවේ සඳහන් පුවත් මින් සනාථ වේ.) එහෙත් ප්ලිනිගේ වාර්තාවේ ලංකාව ගැන බොහෝ සාවද්‍ය කරුණු තිබීමෙන් පෙනී යන්නේ සිංහල දූත පිරිස කී දේ මොවුන් වරදවා තේරුම් ගෙන ඇති බවය. 

පළමුවැනි සියවසේ දෙවන භාගයේ සිටි නම නොසඳහන් ලේඛකයකු විසින් ලියන ලද (Periplus of the Erithrean Sea) නම් ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ ලංකාව කලින් තැප්‍රොබේන් නමින් හැඳින්වූ අතර දැන් පලේසිමුන්ඩු යනුවෙන් හැඳින්වෙන බවය. එහෙත් ඊළඟ සියවසේ මැද භාගයේ සිටි ටොලමි නම් භූගෝල ශාස්‌ත්‍රඥයා පවසන්නේ කලින් සිමොන්ඩු (පලේසිමුන්ඩු) යනුවෙන් මෙරට හැඳින්වූ අතර දැන් තැප්‍රොබේන් නමින් හැඳින්වෙන බවයි. මෙසේ පලේසිමුන්ඩු පිළිබඳව මෙම ලේඛකයන්ගේ පරස්‌පර විරෝධී අදහස්‌ වලින් පැහැදිළි වන්නේ ඔවුන් තුළ පවා ඒ නම පිළිබඳව නිශ්චිත අදහසක්‌ නොවූ බවයි. පලේසිමුන්ඩු යනු පාරසමුද්‍ර යන්නෙහි ග්‍රීක ස්‌වරූපය බව පෙර සඳහන් කෙරිණ. පාරසමුද්‍ර යනු ලංකාව නොවේ නම් පලේසිමුන්ඩු ද ලංකාව වන්නේ කෙසේදැයි නුවණැත්තෝ සිතත්වා.

ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සියවසේ සිට මෙරට හඳුන්වා ඇත්තේ සීහලද්වීප යනුවෙන් බවට දැනට ඇති පැරැණිම පාලි ග්‍රන්ථය ලෙස සැලකෙන සීහලවත්ථු ප්‍රකරණයෙන් පෙනේ. දුටුගැමුණු, සද්ධාතිස්‌ස හා වළගම්බා යන රාජ්‍ය කාල පසුබිම්ව මෙරටට අදාළ එහි සඳහන් සියලු කතාවන්හි මෙරට දැක්‌වෙන්නේ සීහලද්වීප යනුවෙනි. ත්‍රිපිටකයේ ඇතැම් තැන් පැහැදිලිs කිරීම සඳහා මුල් කාලවලදීම සිංහල භාෂාවෙන් ලියන ලද හෙළටුවා නමින් අසන්නට ලැබෙන අටුවා පොත්වලද අදාළ තැන්වල මෙරට හැඳින්වී ඇත්තේ හෙළදිව හෙවත් සීහලදීප යනුවෙන් බව බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා පරිවර්තනවලින් පෙනේ. සීහලද්වීපවාසීන්ගේ භාෂාවෙන් ලියා ඇති එකී අටුවා පාලියට පෙරළන්නේ දීපාන්තර වාසී භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස යෑයි බුද්ධඝෝෂ හිමියන් සමන්ත පාසාදිකාවේ ආරම්භක ගාථාවලින් පවසා ඇත.

බුද්ධඝෝෂ හිමියන් මේ දිවයිනට පැමිණ හෙළටුවා පාලියට පරිවර්තනය කරන ලද්දේ 5 වැනි සියවසේ මුල් භාගයේදීය. මෙරට සංක්‍ෂිප්ත ශාසන ඉතිහාසය දැක්‌වෙන සමන්තපාසාදිකාවේ බාහිර නිදාන කථාවෙහි තුන් තැනක පමණක්‌ ලංකාද්වීප යනුවෙන්ද අනිත් සියලුම තැන්හි තම්බපණ්‌ණි ද්වීප යනුවෙන්ද මෙරට හඳුන්වා ඇත. මෙසේ තුන් තැනක ලංකාද්වීප යනුවෙන් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ මේ කාලයේදී මෙරට එනමින් ව්‍යවහාරයට පත්වෙමින් පැවති බවය. අටුවාවල සඳහන්ව තිබූ සීහලද්වීප යන්න බුද්ධඝෝෂ හිමියන් හිතා මතාම තම්බපණ්‌ණි ද්වීප යනුවෙන් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එම නම දීපාන්තර වාසී භික්‍ෂූන්ට සුපුරුදු නමක්‌ වූ නිසා විය යුතුය. 

5 වැනි සියවස අවසානය වන විට මේ දිවයින සම්පූර්ණයෙන්ම ලංකා යන නමින් ව්‍යවහාරයට පැමිණ තිබූ බව පෙනී යන්නේ අපේ ප්‍රධාන වංශ කථාව වන මහා වංශයෙහි හැම තැනම එය ලංකාද්වීප නමින් දැක්‌වෙන නිසාය. ලංකාද්වීපය සඳහන් වන ප්‍රථම සෙල්ලිපියද ලියෑවෙන්නේ කිතු වසින් 518 වැන්නේදීය. මහාචාර්ය පරණවිතාන සූරීන් පෙන්වා දී ඇති අයුරු එය මහාවංශ කර්තෘ මහනාම හිමියන් විසින්ම සංස්‌කෘත භාෂාවෙන් දඹදිව බුද්ධගයාවෙහි පිහිටුවන ලද්දකි.

මෙසේ 5 වැනි සියවසේ සිට ප්‍රචලිත වෙමින් පැවති ලංකාද්වීප යන්නෙහි ඇති ලංකා ශබ්දය සිංහල භාෂා ව්‍යවහාරයට පැමිණියේ රාමායනයෙහි සඳහන් ලංකා යන්නෙන් නොව ඊළම් යන දෙමළ වචනයෙන් බව පෙන්වා දිය යුතුය. දෙමළ ශබ්දකෝෂය අනුව ඊළම් යන වචනය බිඳී ඇත්තේ සීහල යන පාලි වචනයෙනි. ඊළම් යන වචනයෙන් ඉලංකෙයි යන විශේෂණය සෑදී ඇත.

මේ රටට ඊළම් යන දෙමළ ව්‍යවහාරය දැක්‌වෙන ප්‍රථම ලේඛනය හමුවන්නේ ටැමිල්නාඩුවේ මදුරෙයි ප්‍රදේශයෙනි. ක්‍රිස්‌තු පූර්ව දෙවන සියවසට අයත් බ්‍රාහ්මී ප්‍රාකෘත දෙමළ සෙල්ලිපි රාශියක්‌ මදුරෙයි, තින්නවැලි, රාමනාදන්පුරම්, ආදී තැන්වලින් හමුවී ඇති අතර මේ ලිපිවල සඳහන් වන්නේ ජෛන ශ්‍රමණයන්ට ලෙන් පරිත්‍යාග කිරීම පිළිබඳවය. මේ අතරින් තිරප්පරන්කුරම් නම් ස්‌ථානයෙහි ඇති ලිsපියට අනුව එහි ඇති ලෙන පරිත්‍යාග කර ඇත්තේ ඉලක්‌කුටුම්බින් හෙවත් ලංකාවේ ගෘහපතියකු විසිනි. ඊලම් (ලංකාව) කුටුම්බිකන් (ගෘහපතියා) යන පද දෙක සන්ධි වීමෙන් ඉලක්‌කුටුම්බිකන් යන වචනය සෑදී ඇත. මෙසේ සීහල යන පාලි වචනය ලංකා වූයේ දෙමළ භාෂාවේ ඊළම් ශබ්දය හරහා මිස වෙනත් භාෂා විද්‍යාත්මක ක්‍රමයකින් නොවේ.

සීහල යන පාලි වචනය දෙමළ බසට පිවිසියේ කෙසේ දැයි කෙනෙකුට විමතියක්‌ ඇතිවිය හැකිය. පාලි යනු බුදුදහමේ භාෂාවයි. ඉන්දියාවේ අශෝක කාලයෙහි තෙවැනි බෞද්ධ සංගායනාවෙන් පසු මිහිඳු හිමියන් මෙරට බෞද්ධ ධර්ම දූත කටයුතුවල යෙදීමට සමගාමීව දකුණු ඉන්දියාවේ උතුරු කනරාව (වනවාසි) හා මයිසූර් (මාහීස මණ්‌ඩල) යන ප්‍රදේශවල ද සමාන බෞද්ධ ධර්මදූත ව්‍යාපාර මෙහෙය වූ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. මේ ධර්මදූත ව්‍යාපාරවල ප්‍රතිඵලයක්‌ ලෙස තවත් දකුණු දිග ප්‍රදේශවලට ද බුදුදහම පැතිරී ගිය අතර වත්මන් ටැමිල්නාඩුවට අයත් කාවීර පට්‌ටනම, නාගපට්‌ටනම කාංඤචියට, උරෙයිපූර් (පුරාණ උරගපුරය) ආදී ප්‍රදේශ ශතවර්ෂ කීපයක්‌ යනතෙක්‌ ප්‍රසිද්ධ බෞද්ධ මධ්‍යස්‌ථාන වශයෙන් පැවති බවත් මේ ප්‍රදේශවල හා මෙරටෙහි බෞද්ධ භික්‍ෂූන් අතර නිතර නිතර සබඳතා පැවති බවත් මූලාශ්‍රවල සඳහන් වේ. මේ බෞද්ධ මධ්‍යස්‌ථානවලින් මෙරටට පැමිණි බුද්ධඝෝෂ, බුද්ධදත්ත, ධර්මපාල වැනි භික්‍ෂූන් මේ දිවයිනේ බෞද්ධ චින්තාවේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක්‌ ලබාදී ඇති බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

අනිත් අතින් ලංකාවේ ඉලුක්‌කුටුම්බිකන් වැනි අය මදුරෙයි අවට ප්‍රදේශවල ජෛන ශ්‍රමණයන්ට කටාරම් කෙටූ ලෙන් පුදන විට තත් කාලයෙහි මෙරට අනුරාධපුර නම් ප්‍රධාන රාජධානියෙහි පාලකයා වූයේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජාතික ජෛන ආගමිකයකු බවත් (එළාර) ඔහු මෙරට ආක්‍රමණය කරන ලද්දේ අලුතින් පිහිටුවන ලද බුද්ධාගම ශීඝ්‍රයෙන් පැතිර යමින් පැවති කාලයක බවත් ජෛන ආගමිකයකු වූ ඔහුට මෙහි බුදුදහම පැතිරීම වැළැක්‌වීමට හැකියාවක්‌ හෝ අවශ්‍යතාවක්‌ නොවූ බවත් පෙන්වා දිය යුතුය.

දේවානම්පියතිස්‌සගේ මරණයේ සිට (ක්‍රි. පූ. 210) ධාතුසේන රජවීම (ක්‍රි. පූ. 459) දක්‌වා ගතවූ වසර 670 ක කාලය තුළ සේන - ගුත්තික, එළාර, පංච ද්‍රවිඩ, ශඩ් ද්‍රවිඩ යනුවෙන් දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයන් 13 දෙනකු වරින් වර අනූ වසරක්‌ මෙරට ප්‍රධාන රාජධානිය පාලනය කළ බවත් අප අමතක නොකළ යුතුය. සීහල යන පාලි නිරුක්‌තියෙන් උපන් ඊළම් යන දෙමළ වචනය ලංකාව නමින් මෙරටට ව්‍යවහාර වූයේ මෙකී මුල් කාලීන ද්‍රවිඩ ආධිපත්‍යයේ ප්‍රතිඵලයක්‌ නිසාය.

ශ්‍රී ලංකාව යන්නෙහි ශ්‍රී යන විශේෂණය අනුරාධපුර සමයේ මැද භාගයේදී ඉන්දියානු සංස්‌කෘතියෙන් කොපිකර ගත්තකි.
සුමනදාස රත්නතිලක