ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

මෞර්ය රාජවංශයේ බිඳවැටීම හා ලම්බකර්ණ වංශය මතුවීම


වැව් බැඳි දනව්වේ සුවිසල් රජමැදුරක රාජාසනය මත ඔහු ගාම්භීරව බලාසිටියේය. ඔහු බැහැදැක්මට එන අමාත්‍යවරු ඔහුට ආචාර සමාචාර දැක්වූහ. මේ සිදුවීම්දාමය දෙස බලා සිටි දොරටුපාල හයියෙන් හූ තලමින් සිනාසුනේය. ඉන් කෝප ගැන්වූ මහරජ දොරටුපාලව මරා දැමීමට අණ කළේය. ඒ කාලයේ මන්තලාවෙන් වැසීගිය මෞර්ය රාජවංශයේ ඛේදනීය අවසානය විය.
එනම් පාලකයන්ගේ අදුරදර්ශී ක‍්‍රියා, භික්ෂූ ගැටුම් හා විහිළුකාරයන් අතට රාජ්‍ය බලයට පත්වීම මත රටේ පාලනයට ක‍්‍රමයෙන් පරිහාණියට ගියේය.
මේ ආකාරයට කලක් සශ්‍රීකව පැවති වැව් බැඳි පුරවරයේ පරිහානිය එසේ සනිටුහන් වුවද ඊට හේතු වූ කරුණු කාරණා රාශියක්ද විය.
ඒ නිසාම ඒ නිහඬ අතීතයේ නටඹුන් පිරික්සීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධකර ගත්තෙමු.
ලංකා ඉතිහාසයේ දේවානම් පියතිස්සගේ සිට යසලාලක තිස්ස දක්වා ආ රාජවංශය මෞර්ය රාජ්‍ය වංශය හැටියට හඳුන්වනවා. (ක‍්‍රි.පු 250- ක‍්‍රි.ව 59 දක්වා* මේ රාජ්‍ය කාලයේ ලංකාවේ සිංහාසනය දැරූ මෞර්ය රාජවංශික ශ්‍රේෂ්ඨ පාලකයෝ බොහෝ වුණා. ඒ අතර දේවානම් පියතිස්ස,  දුෂ්ට ගාමිණි, වළගම්භා ආදී ශ්‍රේෂ්ඨ නරපතීන් ප‍්‍රධාන වෙනවා.
මෙවැනි ශ්‍රේෂ්ඨ නරපතීන් බිහිකළ මෞර්ය රාජ්‍ය වංශය අනුරාධපුර රාජධානියේ අගභාගය වනවිට පිරිහීමට ලක්වෙනවා.
එනම් ලංකාවේ සිංහාසනය විහිළුවක් බවට පත්වුණා. ඒ නිසාම යසලාලක තිස්ස රාජ්‍ය සමයේදී විහිළුවෙන් රාජ්‍ය බලය ලබාගෙන විහිළුවෙන් පරිපාලන කටයුතු කර විහිළුවෙන් ලැබූ වින්දනය හේතුවෙන් මෙරට සිංහාසනය වෙනකකු අතට පත්වුණා. එනම් විහිළුවෙන් ලැබූ ආශ්වාදයත්, බලය පිළිබද වූ කෑදරකමත් නිසා රාජ්‍ය බලය පරිහානියට පත් වුණා.
ඊට ප‍්‍රධානම හේතුව වුණේ දේවානම් පියතිස්සගේ සිට යසලාලක තිස්ස රජු දක්වා රජවරු බිහිකරපු රාජවංශය ලොකු අභියෝගයට ලක්කරමින් ලම්භකර්ණ වංශය රාජ්‍යත්වයට පත්වීම.
මේ බල අරගලය මත ලංකා ඉතිහාසයේ පුදුම සිදුවීම් කීපයක් වුණා. එනම් අමණ්ඩ ගාමිණි රජුගෙන් පසු (ක‍්‍රි.ව 22-31) රජකමට උරුමකම් කීමට ශක්තිමත් පිරිමියකු නොසිටීම තවත් හේතුවක් වුණා. ඒ නිසා මේ කාලයට පෙරාතුව රජ බිසෝවරුන් පවා රාජ්‍ය බලයට පත්වුණා. ඇතැම් අවස්ථාවල රාජ්‍ය බලය කිළුටු වුණා. අන්තිමට එය විහිළුවක් බවට පත්වුණා.
ඒත් මේ කාලයට ප‍්‍රථම සමෘද්ධිමත් පාලකයකු වූ කූටකන්නතිස්ස රජුගේ රාජ්‍ය කාලය පිළිබදව කතාකළ යුතුයි. ඒ කියන්නේ එම වකවානුවේ රට වැසියා සෞභාග්‍යමත් ජීවිතයක් ගතකළා. මේ රජුගේ කාලයෙන් පසුවත් රජවරු හතර දෙනෙක් රජකම් කළා. එනම් කූටකන්නතිස්ස, භාතිකාභය, අභය, මහාදාටික මහාභය, අමණ්ඩගාමිණී වැනි රජවරු රට සාමයෙන් සෞභාග්‍යයෙන් ආඪ්‍යකළා. මේ රාජ්‍ය කාලයේ පරසතුරු උවදුරු ඇතිවූයේ නැහැ. ජනතාවට පිඩාකරන අභ්‍යන්තරික වියවුල් ඇතිවූයේ නැහැ. මේ නිසා බොහෝ වැසියෝ උත්සව පවත්වමින් සතුටින් කාලය ගතකළහ. මේ කාලයේ පැරණි විහාරාරාම ආරක්ෂා වුණා. ආහාර නිෂ්පාදනය වුණා. වැව් අමුණු සැදුවා. රටවැසියාට සුඛිත මුදිත ජීවිතයක් ලබලා දුන්නා. මේ කාලයේ රජවරු පිහිටුවූ සෙල්ලිපි බොහෝ ප‍්‍රමාණයක් විවිධ තැන්වලින් හමුවී තිබෙනවා. මේ කාලයේ අනුරාධපුරයේ පළාත්වගේම රුහුණේත් පැවති ක‍්‍රමික පාලනය පිළිබඳ සඳහන්වෙලා තියනවා. මේ කාලයේ රජවරු පෙනීසිටියේ රණශූරයෝ විදියට. මේ රජවරු රටවැසියන් තමන්ගේ දරුවන්කොට සැලකුවා. ඒ නිසාම රාජ්‍යයට පරසතුරු උවදුරු ආවේ නැහැ.
තමන් වෙනුවෙන් සුවිශාල ස්මාරක නිර්මාණය කළා. ඒ කාලයේ රටවැසියා සැනසිලිදායක හා ප‍්‍රීතිදායක ජිවිතයක් ගතකළ බව මහා වංශයේ සඳහන් වෙනවා.
ඒ වගේම අමණ්ඩ ගාමිණී රජතුමාගේ කාලයේ ප‍්‍රාණඝාතය තහනම් කර රාජාඥා නිකුත් කර තිබුණා. තිරිසන් සතුන්ට අභයදානය දී නිදහසේ ජිවත්වීමට සැලැස්වුවා.ඒ වගේම තමන්ගේ බිරිද, දරුවෝ, ස්වස්තික හස්තියා ශාසනයට පූජාකළ රජවරු හිටියා. මේ කාලය වූයේ මෞර්ය රාජවංශය විනාශවීම අවුරුදු 70 ට පමණ කළින්. මේ කාලයෙන් පසුව රජකළ අමණ්ඩගාමිණි රජුගේ, කණිටු සොහොයුරා වූ කණුරාජතිස්ස කුමරු (ක‍්‍රි.ව 29x32* අමණ්ඩ ගාමිණී රජු ඝාතනය කරනවා. පසුව කණුරාජතිස්ස රජබවට පත්වෙනවා. මේ කාලයේදී මිහින්තලේ සිටි සංඝයා වහන්සේලා අතර නොයෙකුත් බේද ඇතිවෙනවා. සමහර සංඝයා වහන්සේලා රාජ්‍යයට උපදෙස් දෙනවා වෙනුවට යුක්තිය හා සාධාරණය නොසලකා කටයුතු කරනවා. මෙය රාජ්‍යත්වයට අහිතකර ලෙස බලපෑවා.
ඒ නිසා රජතුමා මිහින්තලේ සිටි සංඝයා වහන්සේලාට දඬුවම් කළා. ඒ ආකාරයට රාජ්‍යත්වය ටිකෙන් ටික පරිහාණියට පත්වූ අතර එය මෞර්ය රාජවංශයේද පරිහානිය වූවා. කණුරාජතිස්ස රජුගේ කාලයෙන් පසු අමණ්ඩ ගාමිණි රජුගේ පුත් චූලාභය රාජ්‍යත්වයට පත්වුණා. ඔහුගේ ඇවෑමෙන් පසු ඔහුගේ සොයුරිය වූ සීවලි කුමරිය රාජ්‍යත්වයට පත්වුණා. මේ කාලයේ ශක්තිමත් පාලනයක් සඳහා අවශ්‍ය ශක්තිමත් පිරිමියකු සිටියේ නෑ. ඉන් අනතුරුව සීවලි රැුජින නෙරපාදමා අමණ්ඩ ගාමිණි රජුගේ සොයුරු ඉලනාග රජකමට පත්වුණා.
මේ ක‍්‍රි.පූ. 31 සිට 65 වනතෙක් අවුරුදු 29 ක කාලපරිච්ෙඡ්දයේ පුදුමසහගත සිදුනොවිය යුතු සිදුවීම් සමූහයක් සිදුවුණා.
එනම් මෞර්ය රාජවංශයෙන් හිටපු බලසම්පන්න රජකෙනෙක් ඉලනාග රජතුමා. ඒත් ඔහුට සිදුවුණා බලයට පොරකන තවත් රාජවංශයක් සමග සටන් වැදීමට. ඒ ලම්භකර්ණ වංශය. මේ නිසා ඉලගාන රජුට විරුද්ධව ඔවුන් විවිධ කූඨ උපාය යෙදුවා. ඉතිහාසයේ පළමුවතාවටයි ලම්භකර්ණ රාජවංශය පිළිබඳ ඉලනාග රජුගේ කාලයේ කතාකිරීම ආරම්භ වන්නේ.
මේ ලම්භකර්ණ වංශිකයෝ රජ මාළිගාවේ ලොකු තනතුරක් දරපු කුලයක්. ඔවුන් ඉන්දියාවේ සිට බුදු දහම ගෙනඒමේදී ආව අය.
ඔවුන් ලැමගී කියන නාමයෙන් (ලියන්නා) හැඳින්වූ ශ්‍රීමාබෝධියේ වාර්තා ලියූ කුලයක් ලෙස ඇතැම් ඉතිහාසඥයෝ හඳුන්වාදී තිබෙනවා.
මොවුන් උසස් පංතියක් ලෙස රාජ්‍ය බලයට සම්බන්ධ වුවත් ඔවුන්ට රාජ්‍යත්වයට හිමිකම් කියන්න බැරිවුණා. ඒත් මෞර්ය වංශික කාන්තාවන් හෝ දුර්වල රජවරු රටේ පාලනය ගෙනගිය අවස්ථාවන්වලදී රටේ පාලනය අතට ගැනීමට මොවුන් කටයුතු කළා.
මෙහි ඇති විශේෂම කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි. එනම් ඉලනාග රජුගේ අභිෂේකයෙන් පසු තිසාවැවේ ජලස්නානය සඳහා පිටත්වීම සිරිත් පරිදි කළා. ඒ අවස්ථාවට රාජ්‍යයේ සිටි සියලූම උසස් නිලධාරින් හා වැදගතුන් සම්බන්ධ වුණා. ඒත් ඉලනාග රජු තිසාවැවේ ජලස්නානය කර ආපසු එනවිට ලම්භකර්ණ වංශිකයන් එම අවස්ථාවට සම්බන්ධ වී නැතිබව දැනගෙන තදින් කිපුණා. එමනිසා ලම්භකර්ණ වංශිකයෝ නොපෙනීමට හේතුව විමසුවා. එහිදී ඔවුන් රජුට කළින් නගරයට ගිහින් හිටිබව දැනගන්න ලැබුණා.
මේ පිළිබද කේන්තියට පත් රජු ලම්භකර්ණ වංශිකයන් ගෙන්වා රුවන්වැලි මහා සෑයට යන පාර සුද්ද කිරීමේ වැඩ කටයුතුවලට යෙදෙව්වා. ඒ අය පරීක්ෂාකිරීමට කුලයෙන් පහත් චංඩාලයන් පත්කළා. මේක ලම්භකර්ණයන්ට කළ අපහාසයක් ලෙස සැලකු ඔවුන් ඉලනාග රජු මාළිගාවේ සිරකළා. ඒ නිසා ඉලනාග රජුගේ බිළිඳු දරුවාද ලම්භකර්ණයන් මරාදමාවී යන බියෙන් ඔහුගේ බිරිද පසුවුණා. ඒ නිසාම රාජ්‍ය බිසව එම පුංචි කුමාරයාට විසිතුරු ඇඳුම් අන්දවා ලම්භකර්ණයන්ගෙන් මියයනවාට වඩා මගුල් ඇතාට පෑගී මියයාම යහපත් ලෙස සලකා ඇතා එන පාරේ සැතපුවා.
ඒත් ඉලනාග රජු සහ ඔහුගේ පුත්කුමරා වැටී සිටි කරදරය තේරුම්ගත් මඟුල් ඇතා බිළිඳා පිට උඩ නන්වාගෙන රජු සිරකර සිටි සිරකුටිය ළඟට ගියා. එහි බිත්තිය බිඳ රජු බේරාගෙන මහාතිත්ත නැමති නැව්තොටට ගෙනගියා. එහිදී රජු ඇතුළු පිරිස ඉන්දියාවට පිටත් වුණා. මේ ආකාරයට සිය ස්වාමියා බේරාගත් හස්ති රාජයා පසුව කඳුකර වනාන්තරයට ගියබව මහා වංශයේ සඳහන් වෙනවා.
මහාතිත්තයෙන් නැව්නැගි ඉලනාග රජු අවුරුදු තුනක් ඉන්දියාවේ වාසය කර පළමු වතාවට දකුණු ඉන්දියාවෙන් යුද උපකාර ලබාගෙන ලංකාවට එනවා. දේශපාලනය සඳහා වෙනත් රටකින් ලංකාවට ආධාර ලබාගත් පළමු අවස්ථාව මෙය වෙනවා. පිටරටක සෙබලූ යුද්ධයකට සම්බන්ධ කරගත් පළමු සිංහල රජුද මොහු වූවා.
ඊටපසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ඉලනාග රජු ඒ ඔස්සේ රුහුණට ගමන් කර ලාංකීය සෙබළුන් සේනාවට එකතුකර හමුදාවේ ශක්තිය වැඩිකර ගන්නවා.
රුහුණේ කාලයක් සිටි රජු ලම්භකර්ණයන් සමඟ හංකාරපිටිය කියන ස්ථානයේ සටන්කරනවා. එම සටනින් ජයගත් ඉලනාග රජු ඔහුට විරුද්ධ වූ ලම්භකර්ණයනට දඬුවම් පැමිණවූවා. පසුව ඔහුගේ මංගල රථය ජයශ‍්‍රීයෙන් ඇදගෙන යාමට ලම්භකරණයන් යෙදවූවා.
ඔවුන්ගේ නාස්, පා, ඇඟිලි කපාදැමූ බව මහා වංශයේ කියනවා. පසුව රාජධානියේ ප‍්‍රබෝධය වෙනුවෙන් කටයුතු කිරීම රජු ආරම්භ කළා.
ඉලනාග රජු ඒ ආකාරයට වසර හයක් රජකම්කර මියගිය අතර ඔහුගේ පුත් චන්දමුකශිව මීළඟට රාජ්‍ය බලයට පත්වුණා. ඒ ක‍්‍රි.ව 45-52 වනතෙක්. වසර හතක් රජකළ මොහුගේ බිරිද දමිළ කුමාරිකාවක්. චන්දමුකශිවට දමිළ කුමාරිකාවක් සරණපාවා ගැනීමට සිදුවුයේ ලම්බකර්ණයන්ට විරුද්ධව සටන්කිරීමට දකුණු ඉන්දියාවෙන් යුද ආධාර ගැනීම නිසා.
මේ රාජ්‍ය කාලයේදී මහා විහාරයේ ප‍්‍රධාන ස්ථවිර වහන්සේගේ ඇස් අන්ධවෙලා සිටිබව අටුවා කතාවේ සඳහන් වෙනවා. චන්දමුකශිව රජු සිය කැමැත්තෙන්ම යම්කිසි දෙයක් කරනවා. ඒ මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා පිඩුසිඟා වඩිද්දි සර්පයකුමෙන් ගොස් අර හිමිනමගේ කකුලෙන් ඇල්ලීම. ඒ වෙලාවේ තෙරුන් වහන්සේ ඒ කවරෙක්දැයි ප‍්‍රශ්න නගනවා. එහිදි රජු ‘‘ස්වාමිනි මම තිස්ස’’ ලෙස ප‍්‍රකාශ කරනවා. ඒ වෙලාවේදි ස්වාමීන් වහන්සේ,
‘‘මට රජකෙනෙක්ගේ අතේ සියුමැලි බව තේරෙනවා. ඒ නිසා මට සුගන්ද මාරුතයක් හමන්නාක් මෙන් දැනීගියා.’’ ලෙස පවසමින් රජුට ප‍්‍රසංශා කරනවා.
මේ වෙලාවේදි රාජ්‍යත්වයත් ශාසනයත් අතර තිබුණේ කෙබදු සබඳතාවයක්දැයි අපට පෙනීයනවා. මේ රජුගේ කාලයෙන් පසු රාජ්‍යයට පත්වන්නේ යසලාලක තිස්ස (ක‍්‍රි.ව 52-59). යසලාලක තිස්ස රජ සමය විහිළුකාරයන්ගේ රාජ්‍ය සමයක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. හේතුව ශාසනය හා රාජ්‍යත්වය යන දෙකම පරිහාණියට පත්වීම.මේ රජු මෞර්ය රාජ වංශයේ අන්තිම රජු බව මහා වංශයේ සඳහන් වෙනවා. ඔහු විහිළුවට කැමති රජකෙනෙක්. ඒ නිසා ප‍්‍රතාපවත් රජකෙනෙක් වීමට ඔහුට නොහැකිවුණා. සිංහාසනය හොබවන්නට සුදුසු දේ ටික ටික ගිලිහිලා ගියා.
යසලාලකතිස්ස රජුගේ රූපයට සමාන රූපයක් ඇති දොරටුපාල කෙනෙක් ඔහුට හිටියා. ඔහු විහිළුවට කැමති නිසා දොරටුපාලයා සමග විහිළුවක් කළා. එනම් ඇදුම් පැළදුම් මාරුකරගෙන රජු දොරටුපාල ලෙසත්, දොරටුපාල රජු ලෙසත් පෙනී සිටියා. මේ අවස්ථාවේ ඇමතිවරු රජු ලෙස සිතා දොරටුපාලට වඳින හා ආචාරකරන ආකාරය බලාසිට රජ විනෝදවීමට පුරුදු වුණා. මෙහිදී තමාගේ ඉල්ලීමකින් තොරව රාජ්‍යත්වයට පත් වී ගරුබුහුමන් ලැබීමට ලැබුණු මේ අවස්ථාව පිළිබඳ සබ්බ හෙවත් සුබ දොරටුපාලයා සතුටු වුණා. බලය පිළිබඳ ඇති ආශාව ඔහුටත් ඇතිවුණා.
ඒ අනුව දවසක දොරටුපාල රජු ලෙස වෙස්ගෙන සිංහාසනාරූඩ වී සිටින විට දණ්ඩ නමස්කාර කරන ඇමැතිවරුනට සිනාසෙන දොරටුපාල ලෙස සැරසී සිටි යසලාලක තිස්ස රජු මරණයට පත්කිරීමට නියෝග කළා. ඒ ආකාරයට රාජ්‍යත්වය විහිළුවට ගැනීම නිසා සැබෑ රජු මියගිය අතර රජු වෙස්ගත් දොරටුපාලයා වසර හතක කාලයක් රාජ්‍යත්වය දැරුවා (ක‍්‍රි.ව. 59-65).
මේ සිදුවීම නිසා මෞර්ය රාජවංශය ලංකා දේශපාලනයෙන් හමාරවුණා.
මේ ආකාරයට අනුරාධපුර රාජධානියේ හා මෞර්ය රාජවංශයට කණ කොකා හැඬීම සිදුවූ අතර රාජ්‍ය පාලනයේදී ඇති වගකීම පිළිබද අපූරු සමාලෝචනයක් එම රාජ්‍ය කාලයත් සමග එසේ ගැලපුණා.
2014 නොවැම්බර් මස 24 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සුගලා දේවියගේ සැගවුණ ඉතිහාසය

සුගලා දේවියගේ සැඟවුණ, කතානොවන ඉතිහාසය අපි අනාවරණය කරමු. ඒ නිසාම මහාවංශයට අනුව ඇගේ දිවියේ තිබූ රණකාමීත්වය, නොපසුබට ධෛර්යය, නිර්භීතකම පිළිබඳව කතා කරමු.
අපි පසුගිය ඉරිදා පුවත්පතින් පරාක‍්‍රමබාහු රජතුමාගේ සෙන්පතියන් පාත‍්‍රාධාතුව අත්පත් කර ගැනීමත් සුගලාදේවියගේ පලායාමත් පිළිබඳව කතා කළෙමු. පරාක‍්‍රමබාහු රජතුමා පාත‍්‍රාධාතුව ලබා ගත්තද තවමත් රුහුණු වැසියෝ සුගලා දේවිය සිය රැුජිනිය ලෙසින් පිළිගනිමින් ඇගේ රැුකවරණය සඳහා සහාය වූහ. අද එතැන් සිට කතාව පෙළගස්වමු.
පරාක‍්‍රමබාහු රජතුමාගේ පළමුවැනි අභිප‍්‍රාය වූ පාත‍්‍රාධාතුව ලබා ගැනීමේ කාර්ය සිදුවිය. මීළඟට ඔහුගේ දෙවැනි අභිප‍්‍රාය වූයේ සුගලාදේවි අල්ලා ගැනීම හා රෝහණයේ බලය පැතිරීමය. එහිදී සුගලා දේවිය පරාක‍්‍රමබාහු රජුගේ සේනාව මඟහැර පලාගිය අතර ඇගේ පුතා සිටි අවධියේ සිටි දක්ෂ සෙන්පතියකු වූ සුඛරභාසුදේව නැවතත් සුගලා බිසවගේ කණ්ඩායමට එකතු විය. පසුව ධෛර්යය හීන වූ සුගලා බිසවගේ සේනාව පණගන්වා යුද බලයෙන් සන්නද්ධ කිරීම ආරම්භ කළේය.
එහිදී විශේෂයෙන්ම සුගලා බිසව අල්ලා ගැනීම හා රුහුණ අත්පත් කර ගැනීම සඳහා මංජු අධිකාරි නම් සෙන්පතියා යටතේ තවත් සෙනඟක් පිටත් කිරීමට පරාක‍්‍රමබාහු රජතුමා කටයුතු කළේය. ඔවුන් බදුල්ලට යෑම පිරිස හපන්ගමුව ප‍්‍රදේශයට පැමිණියේය. එහිදී සුඛරභාසුදේව ඇතුළු පිරිස පලාගිය අතර මංජු අධිකාරි සේනාධිපතිට ඔවුන් අල්ලා ගත නොහැකිවිය. රෝහණය රැුක ගැනීම හා අහිමි වූ ධාතුන් වහන්සේලා සුගලා දේවියගේ රැුකවරණයට කෙසේ හෝ පත්කරමි යන්න සුඛරභාසුදේව අරමුණු කර ගත්තේය. එමනිසා පරාක‍්‍රමබාහු රජුගේ සේනාවන්ට තදින් පහරදීම හා දරුණු සටන් ඇතිවීම නිරන්තරයෙන්ම සිදුවිය.
මේ සටන්වලට භූත අධිකාරි, රඛිතසේනාධිපති, මංජු අධිකාරි යන ප‍්‍රධාන සේනාධිපතිවරු තුන්දෙනාම සිය සේනාව මෙහෙය වූ අතර සුගලාගේ සේනාවේ සිටි සුඛරභාසුදේව ඇතුළු පිරිසගේ හැංගී පහරදීමේ සටන් ක‍්‍රම නිසා පසුබැසීමට සිදුවූ අවස්ථා බොහෝමය. පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළ බව ප‍්‍රකාශ කළ ද සත්‍ය ලෙසම ඔවුන් පසුබැස්ස බව දක්නට ලැබිණි. එනම් එම සෙනවියන් ඔක්කම්පිටිය සහ සප්තනාරු කෝවිල් යන ප‍්‍රදේශවලට දන්ත ධාතුන් වහන්සේත් රැගෙන ආපස්සට ගමන් ගත්හ. මෙහිදී ඇතිවූ දරුණු සටන්වලින් පරාක‍්‍රමබාහු රජුගේ දක්ෂ සේනාපතියෙක් වූ රඛිත සේනාධිපති මිය ගියේය.
එහිදී පොළොන්නරුවේ හිටපු ගජබාහු රජුගේ සේනාවේ පවා හිටි දක්ෂ සේනාධිපතියන් මොහුගේ නමින් කෘතගුණ දැක්වීමක් විදිහට එම ස්ථානයේම ආදාහන කටයුතු කර එම ස්ථානයේ දාන ශාලාවක් කරවා ඔහුට ගරු බුහුමන් දැක්වූවේය. මීළඟට මේ මරණයත් සමඟ සුගලා දේවියගේ සේනාව මෙහෙය වූ සුඛරභාසුදේව තවත් ඔවුන්ගේ සේනාව යුද බලයෙන් සන්නද්ධ කිරීමට කටයුතු කළේය. පසුව ඔවුන් බුත්තලට රැුස්වූ අතර නැවතත් මෙම දෙපිරිස අතර බිහිසුණු සටන් ආරම්භ විය. මෙම සටන් තිස්සමහාරාමය දෙසටත් පැතිරී ගියේය. මෙහිදී පරාක‍්‍රමබාහු රජුගේ සේනාව අත්පත් කර ගත් දළදාව හා පාත‍්‍රා ධාතුව ඔවුන් අල්ලා ගත්ත ගමින් ගමට ගෙනයමින් ප‍්‍රදර්ශනය කිරීම සිදු කළේය. එහිදී පරාක‍්‍රමබාහු රජතුමා එම දළදා ප‍්‍රදර්ශනය වහාම නවතා එය පොළොන්නරු රාජධානියට ගෙනත් භාර දෙන ලෙස රාජාඥාවක් නිකුත් කළේය.
පසුව එහි සිටි සේනාධිපතිහු නැගෙනහිර ප‍්‍රදේශයේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ලොග්ගල් ඔය ප‍්‍රදේශයේදී සුගලාදේවියගේ පිරිස සමඟ ප‍්‍රබල සටනක් කර ඔවුහු මණ්ඩලය දෙසට ගමන් ගත්හ. ඒ මාර්ගය ඔස්සේ මංජු අධිකාරි සෙනවියාගේ භාරකාරත්වය මත ධාතුන්වහන්සේලා පොළොන්නරු රජමාළිගයට ගෙනයාමට කටයුතු සැලසුවේය. ඒත් මේ ධාතුන්වහන්සේලා පොළොන්නරුවට ගෙන යන මාර්ගය දෙපස සුගලා දේවියගේ සේනාව කඳවුරු බැඳගෙන සැඟවී සිට ප‍්‍රහාර එල්ල කළෝය. එනම් හිත්තාරවතගාම, බීරගාම, තණකලූකය වන අම්බගල්ලය, කුරුවේපොත යන ප‍්‍රදේශවලදීද දරුණු සටන්වලට මුහුණදීමට පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට සිදුවිය.
පසුව මේ දරුණු සටන්වලට මුහුණ දෙමින්ම මංජු අධිකාරි ධාතුන්වහන්සේලාත් රැුගෙන මහවැලි ගඟ අසබඩට පැමිණියේය. එහිදී ධාතුන් වහන්සේලා පිළිගැනීම සඳහා පරාක‍්‍රමබාහු රජතුමා ජනතාවත් සමඟ අගනුවරට පැමිණියහ.
මේ සියල්ල ඒ ආකාරයට සිදුවුවද රුහුණු රාජධානියේ බලය තවමත් සුගලා දේවියගේ අණසක යටතේ පැවතුණි. එබැවින් රුහුණේ සිටි පරාක‍්‍රමබාහු රජුගේ සේනාධිපතිවරු යුද තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කර ඔවුන්ගේ යුද උපක‍්‍රම සියල්ල වෙනස් කළහ.
යළිත් නැගෙනහිර දීඝවාපියේ දරුණු කැරැුල්ලක් ඇතිවිය. එමනිසා සුගලා දේවියගේ සේනාවගේ යුද සැලසුම් ගවේෂණය කරමින් පැනනැගෙන යම් යම් ගැටුම්කාරි තත්ත්වයන්ට මුහුණදීමට රජුගේ සෙන්පතියන්ට සිදුවිය. මෙවැනි කරුණු නිසා පරාක‍්‍රමබාහු රජුගේ සෙන්පතියෝ ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කර රෝහණයේ බලය තහවුරු කර ගැනීමට කි‍්‍රයා කළහ. ඒ ආකාරයට සැලසුම් සකස් කළ ඔවුහු මහවැලි ගඟට නුදුරු දීඝවාපි සීමාවේ පිහිටි වලිවාසර ග‍්‍රාමයට ගොස් සවනවියලිය, සැකම්ම යන ප‍්‍රදේශවල සටන් කර බාලාපාකම්මයට පැමිණියහ. එම ස්ථානයේ විශාල බළකොටුවක් ගොඩනැඟූ ඔවුහු ලංකාපුර, කිත්ති සේනාධිපති යටතේ සේනාවක් නැවැත්වූහ.
පසුව දීඝවාපි ප‍්‍රදේශය යටත් කර ගැනීම සඳහා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව දිගටම ගමන් ගත්තේය. එහිදී දකුණට බරව හා නැගෙනහිරට බරව සටන් කළ අතර මල්වත්ත, වදකාමකපාසාදය, සේනාගුත්තකගාමය, බෝලගාමය, වාතරයාමය යන ස්ථානවල සටන් කර ජයග‍්‍රහණය කළහ. මෙහිදී සුගලා බිසවගේ සේනාවන්ට පහරදෙමින් නැගෙනහිර සිට බස්නාහිර දෙසට ගමන් ගත් සේනාව දීඝවාපියට ඇතුළු විය. එහිදී ඇතිවූ සටන්වලින් දීඝවාපියත් යටත් කර ගැණින. මින් රෝහණ ප‍්‍රදේශයේ සුගලා බිසවගේ සේනා විසිරී හිටිය බව පැහැදිලි වේ. තැනින් තැනින් පැමිණි සුගලා බිසවගේ සේනා කරවූ බළකොටු ද රජුගේ සේනාව අත්පත් කර ගත්හ.
පසුව හිත්තාලන ප‍්‍රදේශයේදී යළිත් දරුණු සටනක් ඇතිවිය. ඉන් සුගලා බිසවගේ සේනාව පරාජය වූ අතර නැවත වතාවක් දීඝවාපිය අල්ලා ගැනීමට සූදානම් විය. එමනිසා නැවතත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට දීඝවාපිය දෙසට හැරීමට සිදුවිය. එහිදී බාලප‍්‍රාසන ප‍්‍රදේශයට යළිත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාවක් එවූ අතර පෙර සිටි අය හා පසුව ආ අය ඒකාබද්ධ වී සුගලා බිසවගේ සේනාවට පහරදෙන්නට විය.
ඒත් එම උත්සාහය නිශ්ඵල වූ අතර ඔවුන් බුත්තල රටට ගොස් එය අල්ලා ගැනීම සඳහා ප‍්‍රධාන සේනාව නැවතත් කණ්ඩායම් කරති. මෙහිදී ඇතිවූ සේනා හිඟය නිසා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ප‍්‍රදේශ අල්ලා ගැනීමත් යළිත් අලූත් තැනකට ගමන් ගැනීමේදී එම ප‍්‍රදේශ ගිලිහීයාමත් නිතර සිදුවූ බව දක්නට ලැබේ. එමනිසා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව කණ්ඩායම්වලට බෙදී දඹගල්ල, ගොරම්භාව, මුලනාගාමය, උළදාව, වැල්ලවාය, යන ස්ථානවලදී යළිත් සටන් කළහ. පසුව උයන ග‍්‍රාමයේදි යළිත් එකතු විය. මීලඟට නැගෙනහිර ප‍්‍රදේශයේ සුගලා බිසවගේ නිජබිම වූ අටදහස් රටේද දරුණු සටන් ආරම්භ විය. එසේම දොළොස්දහස් රටේ ද සටන් ඇතිවිය.
මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ පෙර රුහුණු රජවරුන්ගේ රාජධානිය වූ රුහුණේ මහනාගඋල හෙවත් රම්බාවිහාරය අල්ලා ගත්හ. එය සුගලා බිසවගේ බළකොටුවක් වගේම රාජ්‍ය බලය පැතිර වූ මධ්‍යස්ථානය ද විය. එමනිසා පරාක‍්‍රමබාහු රජතුමා රඛිත කංචුකී නායක යන සෙන්පතියා යටතේ සේනාව මේ ප‍්‍රදේශයට යැවීය. රඛිත දමිළ අධිකාරි සෙනෙවියා සමඟ කදුකරය මැදින් තවත් සේනාවක් එව්වේය. එහිදී පළමුව ගිංතොට අල්ලා ගැනීම සඳහාත් පස්්දුන්කෝරළයේ සිට සේනාවක් පිටත් කළේය. මේ වන විට සුගලා බිසවගේ ප‍්‍රධාන රාජධානිය වූයේ ගිංතොට ප‍්‍රදේශයය. මෙහිදී රජුගේ සෙන්පතියෙකු වූ කංචුකී නායක ගිං ගඟ අසලින් හමුදාවට එකතු විය. මේ සමයේදී පරාක‍්‍රමබාහු රජුගේ හමුදා බළ ඇණි තුනක් ගිං තොට හා රම්භාවිහාරය අල්ලා ගැනීමට ක‍්‍රියාත්මක වී සිටියහ. එහිදී පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ගිං ගඟ එගොඩට පැමිණ වැලි ගඟින් එපිට කඳවුරු බැඳගත්හ. පසුව ධනවත් වෙළෙන්දන් සිටි එම ප‍්‍රදේශයට කංචුකීි නායක යටත් කර ගත්තේය.
පසුව යළිත් සේනාව කණ්ඩායම්වලට බෙදී සටන් කර කම්මාරුගාමයි (කබුරුගමුව, පැලෑග, දෙවුන්දර, කදලියන්න) යන ප‍්‍රදේශ ජයග‍්‍රහණය කළහ. ඊළඟට අකුරැුස්සට පැමිණි රජුගේ සේනාව ඒ ප‍්‍රදේශත් අත්පත් කර ගත්තෝය. මෙහිදී සුගලා බිසවගේ සේනාව තැනින් තැන සේනා කණ්ඩායම් සංවිධානය කර පහරදීමේ ක‍්‍රියාව නිසා රුහුණ අත්පත් කර ගැනීම පරාක‍්‍රමබාහු රජුට අපහසු කාර්යක් වී තිබුණේය. එම නිසාම එම යුද උපක‍්‍රම තේරුම් ගත් සේනාව වෙන්ව ගමන් ගැනීම, යළිත් එකට එකතුවීම ආදී විවිධ ක‍්‍රමවලින් අසීරු යුද මෙහෙයුමක යෙදුන බව නිදර්ශනය වේ.
මේ ආකාරයට ගලා ගිය සටන කෙමෙන් කෙමෙන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව අතට පත්විය. ඔවුන් රුහුණේ ප‍්‍රදේශ අත්පත් කර ගනිමින් ඉදිරියටම ගමන් ගත්තේය. එහිදී ස්වර්ණමලය හෙවත් රන්මලයකන්ද අසල ඇති වූ සටනේදී සුගලා බිසවගේ සේනාව පසු බැස්සහ. පසුව රම්බා විහාරය හෙවත් මහානාගඋල අභියස කඳවුරු බැඳගෙන කංචුකීනායක, තැන තැන සිටි සුගලා බිසවගේ සේනාව පරාජය කිරීමට සේනාව දියත් කළේය. එහිදී කංචුකී නායක රන්මලේ කන්ද දෙසට සටන මෙහෙයවීම හා අනිත් පසින් ආ සේනාව එකට එකතු වී ගිංතොට හා මහනාගඋල අල්ලා ගැනීම සඳහා වෙරළ දිගේ ගමන් ගැනීම සිදුවිය. මෙහිදී රඛිත දමිළ අධිකාරී නම් සෙනවියා ද දකුණේ දෙනවක ප‍්‍රදේශයට පැමිණ තවදුන් කෝරලය අල්ලා ගැනීමට පිටත්විය.
පරාක‍්‍රමබාහු රජුගේ අවවාද අනුව අටකලමියන ප‍්‍රදේශයට පැමිණි සේනාවට සුගලා බිසවගේ සේනාව නැවතත් ඔවුන් අත්පත් කර ගත් ප‍්‍රදේශ අල්ලා ගැනීමට තැත් කරන බව ආරංචි විය. පසුව දෝණි වග්ගයට පැමිණි මොවුහු මුල සිට ආයි නැවත සටන් ආරම්භ කළේය. සටනින් ජයගත් හැම ප‍්‍රදේශයකම විධිමත් පාලනයක් ගෙනයාම සඳහා සැලසුම් සකස් කර ඒ සඳහා නිලධාරීහුද පත් කළහ.
මෙසේ වෙද්දී සුගල බිසවගේ සේනාව ද කහවත්ත අසල පුවක්දණ්ඩාවේදී කඳවුරු බැඳ ගත්හ. පසුව මාදම්පේ අසල පිහිටි තඹගොමුව අල්ලා ගැනීම සඳහා පරාක‍්‍රමබාහු රජුගේ සේනාව රාත‍්‍රි සටන් මෙහෙයවීම සිදු කළහ. එම ප‍්‍රදේශය අත්පත් කරගත් ඔවුන් පුවක්් ගොමුවට පැමිණි දමිළ අධිකාරි ඇතුළු පිරිසක් සමඟ එකතු වී බෝගහවෙල, බිත්තේගම යන ප‍්‍රදේශයද අල්ලා ගත්හ.
සුගලා බිසවගේ සේනාව ඌරු බොක්ක දෙසින් ගිරවාබොක්ක ප‍්‍රදේශයට පැමිණ සටන් කිරීමට සූදානම් වූහ. දමිළ අධිකාරියේ සෙනඟ ද සටන්වලට සූදානම් විය. එහිදී ඇතිවූ සටනින් ලංකාපුර රඛිත සේනාධිපති මරුමුවට පත්වූ අතර සුගලාදේවියගේ සේනාව වනසා දැමීය. පසුව පරාක‍්‍රමබාහු රජතුමාගේ අවශ්‍යතාවට වූ රම්බා විහාරය අත්පත් කර ගැනීම සිදුවිය. පසුව කංචුකීනායක මහනාගඋල හෙවත් රම්භාවිහාරයට පැමිණි දමිළ අධිකාරිගේ සේනාවට එකතු විය. පසුව මේ සේනා වෙහෙස සන්සිඳවා ගන්නා අතරතුර සුගලා බිසවගේ සේනාව අම්බලන්ගොඩ උතුරු ප‍්‍රදේශයට රැුස්විය. එය ආරංචි වූ පසු කංචුකීනායක කොග්ගල්ල උධකවට ගොස් ඔවුන් පලවා හැර ආපසු පැමිණියේය. එහිදී ඇති වූ ක්ෂණික සටනකින් සුඛරභාසුදේව ද මරණයට පත්විය. එහිදී සුඛරභාසුදේව හා ලංකාපුර රඛිත සේනාධිපති වන සුගලා බිසවගේ ප‍්‍රධාන සෙන්පතියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීම ඇගේ බලය අඩපණවීමට ප‍්‍රබල හේතූන් විය. එම හිස්තැන පුරවන්න සුගලා බිසව අලූත් සෙන්පතියකු පත් කළාය.
ඒත් ඔහුටත් සිතුල්පව්ව ප‍්‍රදේශයෙන් පසුබැසීමට සිදුවිය. එළිපිටදී ඔවුන් පරාජයවුවද සැඟවී ඔවුන් බිහිසුණු සටන් ක‍්‍රියාත්මක කිරීමට සැලසෙන බව පරාක‍්‍රමබාහු රජුගේ සේනාව දැනගත්හ. එනම් රෝහණයටම ආවේණික වූ සැඟවී පහරදීමේ සටන් ක‍්‍රමයත් සුගලා දේවියගේ සේනාව සතු වූ බව ඉන් නිදර්ශනය වේ. එමනිසා දමිළ අධිකාරියේ උපායකට අනුව පරාක‍්‍රමබාහු රජුගේ සේනාව අල්ලා ගෙන තිබූ ප‍්‍රදේශ අත්හැර දමා යන බව පෙන්වා සුගලාගේ සේනාව එළියට ගෙන එම සේනාවට පහර දුන්නේය. පසුව මොරවක්කෝරලය ප‍්‍රදේශයේදී සුගලා බිසවගේ සියලූ සේනා වනසා දැමූහ. ගිරුවාපත්තුවේ හා මාගම්පත්තුව ප‍්‍රදේශයේ ඇතිවූ පොඩි පොඩි කැරළි මැඩ පැවැත්වූ රජුගේ සේනාව බුත්තලට පැමිණ එයද යටත් කර ගත්හ.
එහි ඇතිවූ කතිකාවත අනුව සුගලා බිසව අල්ලා ගැනීමේ මෙහෙයුම භූත අධිකාරි හා මංජු කිත්ති සෙනවිවරු සැලසුම් කළහ. පසුව සුගලා බිසව සැඟවී සිටි අටදහස්රට ප‍්‍රදේශයේ සුගලා බිසව සොයා ගියේය. එහිදී පලාගිය සුගලා බිසවගේ සේනාවට දමිළ අධිකාරි පහර දුන්නේය. ඊටපසු පරාක‍්‍රමබාහු රජුගේ නියෝගය අනුව ඉතුරු වී සිටි කැරලිකරුවන් සහ සුගලා බිසව ජීවග‍්‍රහණයෙන් අල්ලා බාරදීමට සෙන්පතියෝ කටයුතු කළෝය.
දොළොස්දහස් රට අල්ලා ගත් දමිළ අධිකාරි රම්බාවිහාරයට පැමිණ සතුරු සේනාවන් සමූල ඝාතනය කළේය. පසුව කුඹුක්කන්ගාමයේ සිටි සේනාපතිවරු තිදෙනා පරණ අළුපොත නම් ගම්මානයටත්, කිහිවැල්ගොඩටත්, බැද්දේගමටත් සේනාව මෙහෙයවිය. දැදිගම ප‍්‍රදේශයේ ඇතිවූ සටනින් සුගලා දේවිය ජීවග‍්‍රහයෙන් රජුගේ සේනාව අතට පත්වූ අතර පිටත්වූ භටයෝ පළා ගියහ. ඔවුන්වත් ලූහුබැද මරා දැමූ අතර සුගලා බිසව රජුගේ භාරයට පත් කළ ඔවුහු දාමරිකයන් සමූල ඝාතනය කර මුළු රුහුණේම බලය තහවුරු කළහ. පසුව රජු වසර දහයකට ආසන්න කාලයක් දුෂ්කර ගමන් මාර්ගයක යමින් කළ අසීරු සටන්වලින් පසුව මුළු රටේම බලය එක්සේසත් කර රාජාභිෂේක විය. එසේම සුගලා බිසව හිරභාරයට ගත්ත ද රාජකීය බිසවකට අයත් වරප‍්‍රසාද ලබාදී පිටත්වීමට ඉඩ ප‍්‍රස්ථා සලසා දුන්නේය. එහෙත් සුගලා දේවිය රජුගේ අත්අඩංගුවට ගත් බැවින් රෝහණ වැසියෝ රජු මියයන තුරුම ඔහුට එතරම් පක්ෂපාතී බවක් දැක්වූ බව ඉතිහාසයේ සඳහන් නොවන්නේය.
2014 නොවැම්බර් මස 11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය