Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support

"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images

බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...

අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples

යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples

"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...

ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples

ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


මොණරවිල වීර කැප්පෙටිපොල නිළමේතුමා

"කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග්රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි."
සීතාවක රජ මාලිගය හමුවේ
පිට පවුර අඩි 8-10 තෙක් උස්ය. මේ පවුරේ සිට ඊළඟ පවුරට දුර අඩි 24-30 පමණ වේ. මෙහි කොනක ගැඹුරු ළිඳකි.
ඉංගිරිසින් මෙරට යටත් කරගත් නොබෝ කලකින් සීතාවක කොටුවට ගොස් ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කර ඇත්තේ ඉංගිරිසි නිලධාරියකු වූ ජෝන් ඩේව් ලංකාව ගැන ලියූ කෘතියෙහිය. (ඩේව් දුටු ලංකාව 309 පිට)
පසුගියදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමුව කාර්යාලය මගින් මෙහි කැණීම් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී සීතාවක රජ මාලිගය මෙම භූමියේ පිහිටි බවට නිශ්චිත සාධක හමුවිය.
ඒ සමගම සීතාවක රාජධානියේ බලය තහවුරු කරගෙන සිටි මායාදුන්නේ සහ පළමුවැනි රාජසිංහ යන රජවරු යළිත් කරළියට පිවිස සිටිති. ක්‍රි.ව. 1521 දී කෝට්ටේ විජයබා කොල්ලයෙන් පසුව සිංහල රාජධානිය කොටස් තුනකට කැඩී ගියේය. ඒ කෝට්ටේ, සීතාවක හා රයිගම වශයෙනි. විජයබාහු රජුගේ බාල පුතා වූ මායාදුන්නේ කුමරුට හිමි වූයේ සීතාවකයි. වැඩිමහල් පුතා වූ බුවනෙකබාහුට කෝට්ටේද රයිගම් බණ්ඩාර කුමරුට රයිගමද හිමිවිය.
කෝට්ටේ රාජධානියක් ගොඩනංවා එහි මාලිගා පවුරු පදනම් ආදියත් ඉදිකළ බව සීතාවක හටන නම් ප්රශස්ති කාව්‍යයේ සඳහන්ය. මේ එහි එක් කවකි.
සුපිරි ලෙස කළ මඟුල් මඩුව පුර
සපිරි පුරා සොද සක්මං වඩු තුර
ළපිරි ලෙසට කළ සළු මණ්ඩප පෙර
මායාදුන්නේ රජුගේ සීතාවක මාලිගා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ඉටු කරගෙන ඇත්තේ ආර්ය නම් ඇමැතිවරයා ලවා බව සීතාවක හටනේ දැක්වේ. රාජ සභා ශාලාව, සක්මන් මණ්ඩපය, සළු මණ්ඩපය, උල්පැන්ගෙය, ආයුධ මණ්ඩපය , බිසෝ මාලිගා, ගබඩා ගෙවල්, මුළුතැන් ගෙවල්, ඇත්හල්, අස්හල් ආදියෙන් මාලිගා භූමිය සමන්විත වූ බව සීතාවක හටනේ දැක්වේ. සැවුල් සංදේශයද මෙම මාලිගය පිළිබඳ තොරතුරු දක්වන මූලාශ්‍රයකි. එයට අනුව බිමට ඔප දමන ලද ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කණු මත වහලය තනා රන්කොත් පළඳවා බිත්ති සිතුවමින් අලංකාර කර තිබි ඇත. සැවුල්
පෘතුගීසීන් පලවා හැරි ලන්දේසීහු 1658 දී මෙරට මුහුදු බඩ පළාත් යටත් කර ගැනීමත් සමග උඩරට රාජධානියට එරෙහිව සටන් කිරීමට බලකොටු කිහිපයක් ඉදිකළහ. සීතාවක කොටුවද ඒ අතරින් එකකි. ක්‍රි.ව. 1675 දී රජ මාලිගා භූමියේම සීතාවක කොටුව ඉදිකර තිබේ. එය සිවුපසින් මුර අට්ටාල (බැස්ටියන්) හතරකින් යුත් අඩි 200 ක් දිගින්ද අඩි 180 ක් පළලින්ද යුත් කොටුවක් විය. කොටු මැද තිබුණේ ආහාර පාන, ඖෂධ, අවි ආයුධ, වෙඩි බෙහෙත් සහිත ගබඩාවකි. මෙම කොටුව තැනීමට මාලිගාවේ තිබූ කළුගල් පුවරු, කබොක් ගල් ආදිය යොදාගෙන ඇති බව පුරාවිද්‍යා කැණීමේ දී
හෙළිදරව් විය.
දීර්ඝ කාලයක් පස්වලට යටවී ඒ මත පොල් ගස් ඇතුළු ගස් වැල් වැවී, පැවති මාලිගා භූමියේ කැණීම් ආරම්භ කළේ 2012 අගෝස්තු මාසයේ දීය. එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ කැණීම්වල මුල් අදියර නිමාවට පත් විය. එහි දෙවන අදියර 2013 අප්‍රේල්වල ඇරඹිණි.
ඒ පිළිබඳ අදහස් පළ කරන පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ (සබරගමුව) තිස්ස මදුරප්පෙරුම මහතා,
සීතාවක රාජධානිය පිළිබඳ ඉතිහාසයේ සැඟවී තිබෙන කරුණු අනාවරණය කර ගැනීමයි, කැණීම්වල අරමුණ වුණේ. මෙම භූමියේ ඕලන්ද බලකොටුවේ ශේෂ පැහැදිලිව දක්නට ලැබුණා. බලකොටුව මැද පිහිටි ගොඩැල්ලේ පස් ඉවත් කළ විට කබොක් ගල්වලින් කළ ප්රාකාරයක ශේෂ හමුවුණා. එහි හරස් කැණීමක් කර බලන විට කබොක් ගල් බැමි හමුවුණා. එහි තවදුරටත් යටට කැණීම් කරන විට කළුගල් පදනමක් හමු වුණා. ගල් පඩි තුනක් පමණ කොටසක් සහ කළු ගලින් කළ ඇතිරුවක් දැක ගැනීමට ලැබුණා.
මෙම කැණීම් පිළිබඳව තවදුරටත් අපට කරුණු පැහැදිලි කළ ප්‍රාදේශීය කැණීම් නිලධාරි ජානකී බියන්විල,
අඩි 5 ක් පමණ උසට තිබූ පස් ගොඩැල්ල කැණීමේදී ඕලන්ද බලකොටු ප්රාකාරයේ සාධක හමු වුණා. ඕලන්ද ප්‍රාකාරය ඉදිකර තිබෙන්නේ කබොක් ගල්වලින් දෙපැත්ත බැඳ මැදට සක්කගල් හා කබොක් ගල් පිරවීමෙන්. මෙයට යොදාගෙන තිබුණේ රජ මාලිගයේ අවශේෂයි. එයට යටින් මතු වූයේ කළුගලින් කළ ඉදිකිරීමක්. එය ඕලන්ද ඉදි කිරීම්වලදී වෙනස් වී නැති බව පෙනුණා. ඒ රජ මාලිගයේ ප්‍රවේශයක්. එහි ගල් සියුම් අයුරින් වැද්දූ සලකුණු පවා තිබෙනවා.
ඕලන්ද පිඟන් කැබලි, දුම් පයිප්ප කැබලි, ඊයම් මූනිස්සම්, උළු කැබලි, මධ්‍ය කාලීන අවධියට අයත් කාසි, වළං කැබලි , කම්මල් ඇණ ආදී අවශේෂ මින් හමුවුණා.
සීතාවක රජ මාලිගය මතු වූ බව ජනමාධ්‍ය මගින් දැනගත් පාසල් සිසුන් ප්‍රදේශවාසීන් මෙන්ම දුර බැහැර නරඹන්නෝ පවා මේ වෙතට ඇදී එති. ඔවුන්ගේ අරමුණ එතෙක් සාහිත්‍ය මූලාශ්‍රවලින් හා ජනකතාවලින් අසා තිබූ පෘතුගීසීන් බියපත් කළ සීතාවක රාජසිංහ රජු වාසය කළ මන්දිරය හැබැහින් දැක ගැනීමය. ඓතිහාසික කතා පුවත්වලින් දැන සිටි රාජසිංහ චරිතය යම් පමණකට හෝ ස්පර්ශ කිරීමටය.
අප රජ මාලිගා ප්‍රවේශය අසල ගල්පුවරුවක හිඳගෙන සිටියෙමු. අප සිතට පිවිසියේ කඩුවක් අමෝරාගෙන පෘතුගීසීන් පෙති ගැසීමට මුල්ලේරියා වෙළේ අසුපිටින් යන රාජසිංහ රුවයි. සබරගමුව පළාතේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සීතාවක මාලිගය කැණීම් නිමාකර සංරක්ෂණය කිරීම වැදගත්ය. ඒ සඳහා බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.
ඡායාරූප : කුසුම්සිරි විජයවර්ධන,හාතාගොඩ ධර්මසේන
ලෝකයේ මුල්ම ඇස් කණ්ණාඩි හැදූ
*ලෝකෙන්ම දියතරිප්පු කණ්ණාඩි හදන්නේ අපි
*ලෝකයේ මුල්ම චූඩා මාණික්‍යය හැදුවෙත් අපි
*මේ දියතිරිප්පු කණ්ණාඩි කලාවේ අවසාන පුරුකයි
ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’
වීර මද්දුම බණ්ඩාරගේ පිය ගැටුණු මහ වලව්ව
ඇහැලේපොල වලව්වේ අයිතිය බන්ධනාගාර ඇමති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් සන්නසක් මගින් ජනපතිට භාරදීම |
ඇහැලේපොල වලව්වේ මැද මිදුල |
වලව්වේ ඇතුළත |
ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයට යන තරප්පු පෙළ |
මුළුතැන්ගෙය පෙදෙස |
ජේ.ඒ.එල්. ජයසිංහ
දඹදෙණියේ සිට ලක්දිව එක්සේසත් කළ රජතුමාගේ පුරාවෘත්තය
මාලිගාව පිහිටි පර්වතය |
බුද්ධ භෝගය සොයා ගතිමි

මහ පොළව, ගස්වැල්, සතා සීපාවා, තරහ නොකරගෙන ඒ සමග යාප්පුවෙන් ගොවිතැන් කිරීමට සිංහලයෝ දැන සිටියහ. රට පුරා අදටත් දැකගත හැකි වැව් අමුණු, ඇළ වේලි මගින් දැක්වෙන්නේ ඒ සහජීවනයයි. ලෝකය තමා වෙනුවෙන් මැවී ඇති බවත්, ලෝකය තමාට හැකි උපරිමයෙන් වෙනස් කර සිය සුඛ විහරණය උදෙසා යොදා ගත යුතු යැයි අදහන, දැක්වෙන සිතුවිලි ඇති කරවන චින්තනයක් තුළින් ජනිත වූ ගොවිතැනක සිංහල ගොවිතැනේ වූ සහජීවනය දක්නට නැත. අවාසනාවකට අද අප මේ රට ගොවිතැන් කරන්නේ සිංහල ක්‍රමයට නොව දෙවනුව කී බටහිර ක්‍රමයටයි. එය අප මත බලෙන් පැටවූවක් වෙයි. එසේ වූවත් ඒ පීඩාකාරී, විෂම ගොවිතැන කර තබා යෑමට පොර කකා ඉදිරිපත් වූ පිරිසක් ද මේ රටේම වෙසෙති.
බටහිර ගොවිතැන සමග තව දුරටත් අපට ඉදිරියට යෑමට නොහැකි බව අවබෝධ කර ගැනීමට රජරට වකුගඩු රෝගයම ප්‍රමාණවත් ය. යමකුට එසේ අවබෝධ නොවන්නේ නම් ඒ ඔහුගේ නොදැනුවත්කම හෝ කුහකකමයි. නිසි දැනුම්වත් වීමෙන් පළමුවැන්න මග හරවා ගත හැකි වුවද දෙවැන්නට දිය යුතු පිළියම බොහෝ අසීරු එකකි. නිදා සිටියවුන් ඇහැරවිය හැකි වුව ද හොරට නිදා සිටින්නන් ඇහැරවීම බොහෝ අපහසුය. මේ බාධක හමුවේ වුවද ”රජරට වකුගඩු රෝගය සහ ආසනික්” තුළින් රටේ ඇති වූ සංවාදය ඵලදායී මගකට යොමු කර ගැනීමට අපට හැකි විය. විශේෂයෙන් සිංහල තාක්ෂණික ක්‍රමවේදයක් අනුව (හෙළ ගොවිතැන) පැරණි වී වර්ග රට පුරා වගා කිරීමට ප්‍රචලිත වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සඳහා කුරුණෑගල, කුඹුක්ගැටේ, කසාගල රජමහා විහාරයේ පැවති රැස්වීමක දී විහාරධිපති මැල්සිරිපුර විමලරතන හිමියෝ වී යනු ”බුද්ධ භෝගය” බව පවසා ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් දැක්වූහ. උන්වහන්සේගේ අදහස් දැක්වීම සමග ”බුද්ධ භෝගය” ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට කැමැත්තක් ඇති වුවද විවිධ හේතු නිසා එය යටපත් විය. මෑතක දී කොළඹට ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ”හෙළ ගොවිතැන” ගැන පැවති රැස්වීමක ප්‍රධාන ආරාධිතයා වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතාය. එතැන දී නැවත ”බුද්ධ භෝගය” ගැන කතා බහක් ඇති විය. ඒ සකලසූරිය මහතා අතිනි. හෙතෙම සුන්දර මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල ගැමියෙකි. ලේකම්තුමා ලෙස කතාව ඇරඹුව ද විනාඩි කිහිපයක් ගතවන විට ඔහුගේ ලේකම්කම අමතක වී ගැමිකම ඉස්මතු වී එයි.
”අපි ඉතින් කන්තලේ ඈත ගම්මානවල මිනිස්සුනේ. මේ හෙළ ගොවිතැන මට අරුම දෙයක් නෙමේ. අපේ අත්තල, තාත්තල මේක තමයි කළේ. කොටින්ම අපි පොඩි කාලෙ මට මතකයි මයේ අප්පොච්ච බත්පත අතට ගත්තම ඒකට වැඳල තමයි කන්නෙ. බුද්ධ භෝගෙ කියලනේ කිව්වෙ. අපටත් පුරුදු කළේ එහෙම තමයි.”
මෙවර නම් බුද්ධ භෝගය ගැන තොරතුරු සොයා ගනිමියි මම එතැනදීම අදිටන් කළෙමි. බුද්ධ භෝගය කීවේ වීවලට ද? නැතිනම් විශේෂ වී වර්ගයකටද? එසේ අපේ පැරැන්නන් යෙදුවේ ඇයි? මම පසුගිය කාලයේ බොහෝ පොත පත කියවා බැලූයෙමි. බොහෝ දෙනකු සමග සාකච්ඡ කළෙමි. එහෙත් ප්‍රමාණවත් සංගත පිළිතුරක් ලබා ගත නොහැකි විය. එහෙත් පැරණි වී වර්ග ගැනත්, ඒවා වගා කළ ක්‍රම ගැනත්, ඒවායේ ගුණ අගුණ ගැනත් බොහෝ තොරතුරු සොයා ගත හැකි විය. අවාසනාවකට කෘෂිකර්ම අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුවේ මේ ගැන නිසි තොරතුරක් තබා අවම වශයෙන් සිංහල ගොවිතැන ගැන හෝ දැනුමක් ඇති අයකු සොයා ගැනීමට නොහැකි විය. ඒ ගැන යමක් දැන සිටියානම් ඒ උපාධියට කෘෂිකර්මය නොහැදෑරූ ලේකම්තුමා පමණි. අප හිතවත් මතුගම සෙනෙවිරුවන් මහතා, දේශීය බීජ සුරැකීමේ ව්‍යාපාරයේ ගුරුසිංහ මහතා වැන්නවූන් ස්වෝත්සහායෙන් පැරණි වී වර්ග රැසක් සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබිණි.
බුද්ධ භෝගය කුමක්දැයි මට සතුටුදායක ලෙස පැහැදිලි නොවූ හෙයින් ඒ සඳහා ආසනික් ගැන කියූ ප්‍රියන්තා සේනානායක මහත්මියගේ උපකාරය ලබා ගැනීමට මම තීරණය කළෙමි. ඒ මහත්මිය බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කරන කෙනෙකි. මිනිස් ඉන්ද්‍රියන්ට පහසුවෙන් ගෝචර නොවන මනුෂ්‍ය නොවන ජීව කෝට්ඨාශ සමග සන්නිවේදනය කිරීමේ අපූර්ව හැකියාවක් ඇයට ඇත. කෙසේ වෙතත් ඇයට තොරතුරු ලබා දෙන විපස්සක දෙවියෝ ලෙහෙසියෙන් දැනුමක් මනුෂ්‍යයකුට ලබා නොදෙතිි. ලබා දුන්නද ඒ බොහෝ කොන්දේසිවලට යටත්ව ය. අප තොරතුරු රැසක් සොයාගෙන යම් තැනක සිරවී එතැනින් ඉදිරියට යාගත නොහැකිව සිටියදී පමණක් උපකාර කරයි. ”ආසනික් පිළිබඳ කාරණයේදී මා කටයුතු කළ ආකාරය පිළිබඳ ඒ ඇත්තන් සෑහීමකට පත්වී තිබූ හෙයින් දෝ බුද්ධ භෝගය ගැන දැනුම මට හිමි විය. ඒ දැනුම ලබාගත් ආකාරය ගැන හෝ ඒ හා බැඳුනු අනෙක් කාරණා ගැන හෝ කෙනෙකු එකඟ නොවූව ද, අසතුටට පත් වූව ද ලබාගත් දැනුම වැදගත් නිසා එය රටට ලබා දිය යුතු බව මම තීරණය කළෙමි.
බුද්ධ භෝගය යන්න පොදුවේ වීවලට යෙදු නමක් වුවද, එය විශේෂයෙන් එක් වී වර්ගයක් හැඳින්වීමට යොදා ඇත. ඒ වී වර්ගය ”සියපත් ඇල්” නමින් හඳුන්වයි. බුද්ධෝත්පාද කාලයට පෙර ප්‍රචලිතව තිබූ වී වර්ග ස්වංජාත වී ලෙස හඳුන්වා ඇත. ඒවා ප්‍රමාණයෙන් විශාල වී ශාක වන අතර වී ඇටයේ පොත්ත අද දක්නට ඇති මෙන් වර්ධනය වී නොතිබිණි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපතත් සමග උන්වහන්සේගේ පාරමී ශක්තිය හේතුවෙන් වැඩි දියුණු වූ වී වර්ග ඇති විය. ඒවා ”ඇල්” වී නමින් හඳුන්වනු ලැබීය. කල්ගත වන විට ඇල් වී විවිධ විභේදනයන්ට ලක් වෙමින් නව ප්‍රභේද ගණනාවක් බිහි විය. නවපත් ඇල්, ඉදිපත් ඇල්, කවුඩු ඇල්, කුරුලූ ඇල්, ආදී නම්වලින් ඒවා හඳුන්වයි. සියපත් ඇල් යනු ඇල් වී වර්ග අතුරෙන් විශේෂ එකකි. වී පත්‍ර සියයක නිපදවන ශක්තිය තරම් ශක්තියක් වී ඇටයක ගබඩා කළ හැකි වූ හෙයින් එය ”සියපත් ඇල්” නමින් හැඳින්වීලූ. බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළියෙල කිරීමට ”සියපත් ඇල්” යොදා ගත් හෙයින් එය ”බුද්ධ භෝගය” නම් විය. ඇල් වී වර්ග තව දුරටත් විභේදනය වී ”දැල්” වී වර්ග ඇති විය. සියුම් දැලක් වැනි ව්‍යුහයක් සහල් ඇටය වටා පැවතීම නිසාත්, සියුම් දැලකින් වුවත් රිංගා යන හැකි පරිදි ප්‍රමාණයෙන් කුඩා වී ඇට පැවතීම නිසාත් මේ නම ලැබී ඇත. රත්ඇල්, සුවඳැල් මේ වර්ගයට අයත් ය. ඇල් සහ දැල් වී යල කන්නය වැපිරීමට යොදා ගනී. සාමාන්‍යයෙන් මේවා තුන්මාසයේ වී ය. ගොඩ වගාව සදහාද යොදා ගෙන ඇත්තේ ද ඇල් වී වර්ගය. ප්‍රධාන වී වගා කන්නය හඳුන්වන්නේ මහා සස්ස/මාස්/මහ කන්නය ලෙසයි. සාමාන්‍යයෙන් වප් මාසයේ මහට වැපිරීම සිදු කරයි. මහ කන්නයට වගා කරන්නේ වැඩිමහල් වී වර්ගය. එනම් මාස 4 – 4 1/2 ක් අස්වැන්න ලබා දෙන හීනටි වී ය. මේවා ඖෂධීය ගුණයෙන් අනූන අතර කල් තබා ගැනීමේ හැකියාව ද වැඩි ය. කළුහීනටි, වෙද හීනටි, ගම්බොඩහීනටි, බඩ හීනටි, සුදු හීනටි යනු හීනටි වි වර්ගය කිහිපයකි. සිහින් දිගටි හැඩය නිසා මේ නම ලැබී ඇත.
ඇල් වී, දැල් වී සහ හීනටි වී හැරුණු කළ තවත් වී වර්ග 2 ක් අප සතුට. එනම් මා වී නමින් හඳුන්වන ජලය අධිකව රුඳී ඇති වගුරු බිම්, අමුණු ආශ්රිත ප්‍රදේශවල වගා කළ වී වර්ගත්, බාල වී නමින් හඳුන්වන තුන් මාසයකට අඩු කාලයක දී අස්වැන්න ලබා දෙන වී වර්ගත්ය. හැට දා වී යනු ඒ ආකාරයේ බාල වී වර්ගයකි. බාල වී අඩු වතුර තත්ව යටතේ වුව ද වගා කළ හැකිය. කෙසේ වෙතත් මහා සංඝරත්නයට දානය පිළියෙල කිරීමට බාල වී යොදා නොගනී. බොහෝ විට රස කැවිලි තැනීමට සහල් පිටි ලබාගෙන ඇත්තේ බාල වීවලිනි. අතීතයේ අපේ රටේ මෙන්ම දඹදිව ද වසරකට කන්න 3 ක් වගා කර ඇත. විනය පිටකයේ එක් තැනක දැක්වෙන්නේ දඹදිව කීටාගිරි නුවර කුඹුරු තෙවරක් වපුරන බවයි. මහ කන්නය සහ යල කන්නය අතර කාලයේ බාල වී වපුරයි.
බුදු රජාණන්වහන්සේට දානය පිළියෙල කිරීමට යොද ගත් හෙයින් බුද්ධ භෝගය වූ ”සියපත් ඇල්” අද සොයා ගත හැකි දැයි මට දැනගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ඉඟියක්ද මට ලැබිණි. එනම් බුද්ධ භෝගයේ වී ඇටයේ පැහැය බුදුරජාණන් වහන්සේගේ ඡුවි වර්ණයට කිට්ටු පැහැයකින් වූ බවයි. ඒ තොරතුරත් සමග පැරණි වී වර්ග සොයා ගිය මට එදා සියපත් ඇල් නමින් හැඳින්වූ වී වර්ගය වෙනත් නමකින් හමුවිය. අද ”පච්චපෙරුමාල්” නමින් හඳුන්වන්නේ සියපත් ඇල්ය. පිරිසිදු පච්චපෙරුමාල් වී සැබැවින්ම රන්වන් කහ පැහැයකින් යුක්තය. සියපත් ඇල් පච්චපෙරුමාල් වූ ආකාරය ද අපූරුය.
ඉංග්‍රීසි පාලකයන් සිය විශ්වාසවන්ත සේවකයන් ලෙස බඳවා ගත්තේ යාපනයේ දෙමළ ජනතාවය. ලංකාවේ පිහිට වූ පැරණිතම දෙපාර්තමේන්තු දෙකක්වනුයේ මිනින්දෝරු හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුයි. ලංකාවේ සිතියම් සකස් කරද්දී ගම්බිම්, වැව් ඇල වේලි සඳහා නම් ලබා දුන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දෙමළ සේවකයන්්ය. අදටත් අනුරාධපුරයේ සහ පොළාන්නරුවේ පවා ස්ථාන නාම, වැව් නාම දෙමළ බසෙන් යෙදෙන අවස්ථා ගණනාවකි. කොටින්ම සිංහලයේ පළමු රජතුමා වූ පණ්ඩුකාභය රජු තැන වූ අභය වැව අද සිතියම්වල දැක්වෙන්නේ ”බසවක්කුලම” කියාය. මිහින්තලේට නුදුරු පනාවැව ප්‍රදේශය සිතියම් ගත කරද්දී දෙමළ සේවකයෝ ඒ ප්‍රදේශවල සිටි ගැමියන්ගෙන් ප්‍රදේශයේ/වැවේ නම ඇසූහ. එය පනාවැව යැයි ගැමියන් පැවසූ කල දෙමළ සහායකයා සිය ඉංග්‍රීසි නිළධාරියාට ”සීප්පුකුලම” ලෙස පැවසීලූ. එතැන් සිට සිංහලේ පනාවැව සීප්පුකුලම විය. මිහින්තලේ ගම් උදා වැඩ බිම විවෘත කිරීමට පැමිණි එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා සීප්පුකුලම නමින් සටහන් කළ සමරු ඵලයක් දැක මිහින්තලේ සීප්පුකුලම් තිබෙන්නේ කොහොමදැයි අසා කතන්දරය දැන එවලේම සීප්පුකුලම ”පනාවැව” ලෙස නම් කළ බවත් එසේ නිවැරදි නම යෙදු පසු පමණක් ඵලකය විවෘත කළ බවත් කියැවේ. එම ඵලකය අදටත් මිහින්තලයේ සිට කටහගස්දිගිලිය දෙසට යන මාර්ගයේ දැකිය හැකිය. සියපත් ඇල් පච්චපෙරුමාල් වී ඇත්තේද ඒ ආකාරයටය. එපමණක් නොව පැරණි සිංහල වී වර්ග බොහොමයකට ඇත්තේ දෙමළ නම්ය. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ සේවකයන් ඉංග්‍රීසි නිලධාරීන්ට ලේඛණගත කිරීම්වල දී ලබා දුන් නම්ය. පච්චපෙරුමාල් සෘජු පරිවර්තනයට ලක්කල හොත් පච්ච යනු කොළ පැහැයයි. ඇතැම් විට ”අමු” යන තේරුම ද ඇත. පෙරුමාල් යනු කුමාරයා හෝ දෙවියන් යන අරුතයි. නමුත් පච්චපෙරුමල් එකට යෙ¥ විට එහි අර්ථය බුදුන්ගේ හෝ දෙවියන්ගේ පැහැය යන්නයි. පත්‍ර බොහොමයකින් (සියපත්* සමන්විතව අන් වී වර්ග අතර කුමාරයකු ලෙස වැජඹුණු නිසා පච්ච පෙරුමාලේ ලෙස යෙදෙන බවට ද අදහසක් ඇත.
පච්චපෙරුමාල් වී වර්ගයේ සිංහල නම කුමක්දැයි ආයුර්වේද වෛද්‍ය ජයනාත් අබේවික්‍රම මහතාද ගවේෂණය කර ඇත. ඔහු මට පැවසූයේ බොහෝ වෙහෙස වී තොරතුරු සෙවුව ද එවැන්නක් සොයා ගත නොහැකි වූ බවත් මේ ගැන අරිසෙන් අහුබුදු ශූරින්ට පැවසීමෙන් පසු ”නිල් කඳ” ලෙසින් අළුත් නමක් ලබා දුන් බවත්ය. ”සියපත් ඇල් ” වී ශාකයේ කඳ තුරුණු කාලයේ නිල් / දම් පැහැයක් ගන්නා හෙයින් අහුබුදු මහතා ඒ නම ලබා දී ඇත. රත්කඳ නමින් හඳුන්වන වී වර්ගයක් ද අප සතුය. ඒ නමින් හඳුන්වන වී පැලෑටියේ කඳ රත්පැහැයක් ගනී.
මැදවච්චිය, හොරව්පතාන, ගලෙන්බිඳුණුවැව වැනි ප්‍රදේශවල වන්නියෙ ගම් ලෙස හඳුන්වන පුරාණ සිංහල ගම් ගණනාවක් ඇත. ඒ ඇතැම් ගම්මානවල අදටත් පච්චපෙරුමාල් ලෙස අප හඳුනාගන්නා වී වර්ගය වගා කරයි. ඇතැම් විට එයට කහවණු ලෙස ද විටෙක මසුරං ලෙස ද තවත් විටෙක තවත් නමක්ද භාවිතා කරයි. මේ කුමන නමින් හැඳින්වූවද රූපියව බොහෝ් දුරට මේ වී වර්ග සමානය. වැදගත් කරුණු එය නොව පත්තිනි මෑනියන්ට, අයියනායක දෙවියන්ට සහ ගණ/පුල්ලෙයාර් දෙවියන්ට දේව පූජා සකස් කිරීමට වන්නියේ ගම්වල මිනිසුන් යොදා ගන්නේ අප මේ කතාබහ කරන වී වර්ගය වීමයි. එනම් දෙයියන්ගේ හාල් ය. දේව පූජා පැවැත්වීමට (මුරුතැන්ගෙයි බත් පිසීමට) වී ලබා ගැනීම උදෙසාම මුරුතැන්ගේ යාය නමින් කුඹුරු යායක්ද මේ ගම්මානවල තිබී ඇත. ඇතැම් ස්ථානවල අදටත් ඇත. මේ කන්නයේ සියපත් ඇල් වගාව ප්‍රචලිත කිරීමට අපට බොහෝ උපකාර කළ අයෙක් නම් වයඹ කෘෂිකර්ම අමාත්‍ය ඞී.බී හේරත් මහතාය. මේ කතාව මා ඒ මහතාට පැවසූ විට ඔහු කීවේ මුරුතන්ගේ යාය නමින් හඳුන්වන පුරාණ කුඹුරු යායක් කුලියාපිටියේ ඇති බවත් පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට අද දක්වාම එහි ”පච්චපෙරුමාල්” වගා කරන බවත්ය.
සිංහල වී වර්ග පෝෂ්‍ය ගුණයෙන් අනූනය. පළාත අනුව, වයස අනුව, ශරීරයේ තත්වය අනුව අනුභවයට සුදුසු වී වර්ග ගණනාවක් අප සතු විය. අද ඒ දැනුම අප සතුව නැත. ඒ වෙනුවට බටහිර ක්‍රමයට වැඩි දියුණු කළ මතුපිට දිලිසෙන හාල් වර්ග කිහිපයක් පමණක් අපට ලබා දී ඇත බුද්ධ භෝගය වගා කළ, එය ආහාරයට ගත් බුද්ධවචනය පිළගත් ඒ අනුව ජීවත් වූ බුදුමග ගමන් කල ජාතියේ ආධ්‍යත්මය පිරිහීම සමග බුද්ධභෝගය ද යටපත්ව යෑම අරුමයක්් නොවේ. යටපත්ව ගියද එය තවම අතුරුදහන්ව නැත. මිනිසුන්ට පමණක් නොහැකි නම් ධාර්මික දෙවියන්ගේ ද සහාය ඇතිව ඒ මග අප සොයා ගත යුතුය. එහි ගමන් කළ යුතුය. ”බුද්ධ භෝගය” යලි සොයා ගැනීමෙන් ලැබෙන පණිවිඩය එයයි.
ආසනික් සංවාදය තමව අවසන් නැත. රජරට වකුගඩු රෝගයට ආසනික් හේතු නොවන්නේ යැයි පැවසීමට කිහිප දෙනෙකු අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනු පෙනේ. ඔවුහු ඒ සඳහා දිවා ? වෙහෙසෙති. විදේශිකයන්ගේ ද සහාය ගෙන පර්යේෂණ කරති. එහෙත් අරුමයකට පර්යේෂණ කරන්නට කරන්නට ”ආසනික්” රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක් බව තහවුරු වන සාධකම ඔවුන්ට ලැබේ. නමුත් ඒ වසන් කිරීමට ද රට නොමග යැවීමට ද ඔවුහු නොපැකිලෙති. මේ නම් කවර පාපයක්ද? ආසනික් බැහැර කිරීමට කිසිම ජගතකුට නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මේ අයටම ”ආසනික්” බාර දී දැන් අපි වෙනත් කටයුත්තකට වෙහෙස වෙමු. එය ”ආසනික්”වලට වඩා බොහෝ දුෂ්කර වුව ද වෙහෙසකර වූ ද කටයුත්තක් බව අපි හොඳින්ම දනිමු. දැන් අපි බුද්ධ භෝගය රට පුරා වගා කරන්නෙමු.
චන්න සුදත් ජයසුමන / jayasumanalk@yahoo.com
June 12, 2013 at 12:01 am | lanka C news