Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support

"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images

බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...

අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples

යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples

"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...

ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples

ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


මොණරවිල වීර කැප්පෙටිපොල නිළමේතුමා

"කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග්රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි."
සීතාවක රජ මාලිගය හමුවේ
පිට පවුර අඩි 8-10 තෙක් උස්ය. මේ පවුරේ සිට ඊළඟ පවුරට දුර අඩි 24-30 පමණ වේ. මෙහි කොනක ගැඹුරු ළිඳකි.
ඉංගිරිසින් මෙරට යටත් කරගත් නොබෝ කලකින් සීතාවක කොටුවට ගොස් ලැබූ අත්දැකීම් මෙසේ සටහන් කර ඇත්තේ ඉංගිරිසි නිලධාරියකු වූ ජෝන් ඩේව් ලංකාව ගැන ලියූ කෘතියෙහිය. (ඩේව් දුටු ලංකාව 309 පිට)
පසුගියදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමුව කාර්යාලය මගින් මෙහි කැණීම් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී සීතාවක රජ මාලිගය මෙම භූමියේ පිහිටි බවට නිශ්චිත සාධක හමුවිය.
ඒ සමගම සීතාවක රාජධානියේ බලය තහවුරු කරගෙන සිටි මායාදුන්නේ සහ පළමුවැනි රාජසිංහ යන රජවරු යළිත් කරළියට පිවිස සිටිති. ක්‍රි.ව. 1521 දී කෝට්ටේ විජයබා කොල්ලයෙන් පසුව සිංහල රාජධානිය කොටස් තුනකට කැඩී ගියේය. ඒ කෝට්ටේ, සීතාවක හා රයිගම වශයෙනි. විජයබාහු රජුගේ බාල පුතා වූ මායාදුන්නේ කුමරුට හිමි වූයේ සීතාවකයි. වැඩිමහල් පුතා වූ බුවනෙකබාහුට කෝට්ටේද රයිගම් බණ්ඩාර කුමරුට රයිගමද හිමිවිය.
කෝට්ටේ රාජධානියක් ගොඩනංවා එහි මාලිගා පවුරු පදනම් ආදියත් ඉදිකළ බව සීතාවක හටන නම් ප්රශස්ති කාව්‍යයේ සඳහන්ය. මේ එහි එක් කවකි.
සුපිරි ලෙස කළ මඟුල් මඩුව පුර
සපිරි පුරා සොද සක්මං වඩු තුර
ළපිරි ලෙසට කළ සළු මණ්ඩප පෙර
මායාදුන්නේ රජුගේ සීතාවක මාලිගා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ඉටු කරගෙන ඇත්තේ ආර්ය නම් ඇමැතිවරයා ලවා බව සීතාවක හටනේ දැක්වේ. රාජ සභා ශාලාව, සක්මන් මණ්ඩපය, සළු මණ්ඩපය, උල්පැන්ගෙය, ආයුධ මණ්ඩපය , බිසෝ මාලිගා, ගබඩා ගෙවල්, මුළුතැන් ගෙවල්, ඇත්හල්, අස්හල් ආදියෙන් මාලිගා භූමිය සමන්විත වූ බව සීතාවක හටනේ දැක්වේ. සැවුල් සංදේශයද මෙම මාලිගය පිළිබඳ තොරතුරු දක්වන මූලාශ්‍රයකි. එයට අනුව බිමට ඔප දමන ලද ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කණු මත වහලය තනා රන්කොත් පළඳවා බිත්ති සිතුවමින් අලංකාර කර තිබි ඇත. සැවුල්
පෘතුගීසීන් පලවා හැරි ලන්දේසීහු 1658 දී මෙරට මුහුදු බඩ පළාත් යටත් කර ගැනීමත් සමග උඩරට රාජධානියට එරෙහිව සටන් කිරීමට බලකොටු කිහිපයක් ඉදිකළහ. සීතාවක කොටුවද ඒ අතරින් එකකි. ක්‍රි.ව. 1675 දී රජ මාලිගා භූමියේම සීතාවක කොටුව ඉදිකර තිබේ. එය සිවුපසින් මුර අට්ටාල (බැස්ටියන්) හතරකින් යුත් අඩි 200 ක් දිගින්ද අඩි 180 ක් පළලින්ද යුත් කොටුවක් විය. කොටු මැද තිබුණේ ආහාර පාන, ඖෂධ, අවි ආයුධ, වෙඩි බෙහෙත් සහිත ගබඩාවකි. මෙම කොටුව තැනීමට මාලිගාවේ තිබූ කළුගල් පුවරු, කබොක් ගල් ආදිය යොදාගෙන ඇති බව පුරාවිද්‍යා කැණීමේ දී
හෙළිදරව් විය.
දීර්ඝ කාලයක් පස්වලට යටවී ඒ මත පොල් ගස් ඇතුළු ගස් වැල් වැවී, පැවති මාලිගා භූමියේ කැණීම් ආරම්භ කළේ 2012 අගෝස්තු මාසයේ දීය. එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ කැණීම්වල මුල් අදියර නිමාවට පත් විය. එහි දෙවන අදියර 2013 අප්‍රේල්වල ඇරඹිණි.
ඒ පිළිබඳ අදහස් පළ කරන පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ (සබරගමුව) තිස්ස මදුරප්පෙරුම මහතා,
සීතාවක රාජධානිය පිළිබඳ ඉතිහාසයේ සැඟවී තිබෙන කරුණු අනාවරණය කර ගැනීමයි, කැණීම්වල අරමුණ වුණේ. මෙම භූමියේ ඕලන්ද බලකොටුවේ ශේෂ පැහැදිලිව දක්නට ලැබුණා. බලකොටුව මැද පිහිටි ගොඩැල්ලේ පස් ඉවත් කළ විට කබොක් ගල්වලින් කළ ප්රාකාරයක ශේෂ හමුවුණා. එහි හරස් කැණීමක් කර බලන විට කබොක් ගල් බැමි හමුවුණා. එහි තවදුරටත් යටට කැණීම් කරන විට කළුගල් පදනමක් හමු වුණා. ගල් පඩි තුනක් පමණ කොටසක් සහ කළු ගලින් කළ ඇතිරුවක් දැක ගැනීමට ලැබුණා.
මෙම කැණීම් පිළිබඳව තවදුරටත් අපට කරුණු පැහැදිලි කළ ප්‍රාදේශීය කැණීම් නිලධාරි ජානකී බියන්විල,
අඩි 5 ක් පමණ උසට තිබූ පස් ගොඩැල්ල කැණීමේදී ඕලන්ද බලකොටු ප්රාකාරයේ සාධක හමු වුණා. ඕලන්ද ප්‍රාකාරය ඉදිකර තිබෙන්නේ කබොක් ගල්වලින් දෙපැත්ත බැඳ මැදට සක්කගල් හා කබොක් ගල් පිරවීමෙන්. මෙයට යොදාගෙන තිබුණේ රජ මාලිගයේ අවශේෂයි. එයට යටින් මතු වූයේ කළුගලින් කළ ඉදිකිරීමක්. එය ඕලන්ද ඉදි කිරීම්වලදී වෙනස් වී නැති බව පෙනුණා. ඒ රජ මාලිගයේ ප්‍රවේශයක්. එහි ගල් සියුම් අයුරින් වැද්දූ සලකුණු පවා තිබෙනවා.
ඕලන්ද පිඟන් කැබලි, දුම් පයිප්ප කැබලි, ඊයම් මූනිස්සම්, උළු කැබලි, මධ්‍ය කාලීන අවධියට අයත් කාසි, වළං කැබලි , කම්මල් ඇණ ආදී අවශේෂ මින් හමුවුණා.
සීතාවක රජ මාලිගය මතු වූ බව ජනමාධ්‍ය මගින් දැනගත් පාසල් සිසුන් ප්‍රදේශවාසීන් මෙන්ම දුර බැහැර නරඹන්නෝ පවා මේ වෙතට ඇදී එති. ඔවුන්ගේ අරමුණ එතෙක් සාහිත්‍ය මූලාශ්‍රවලින් හා ජනකතාවලින් අසා තිබූ පෘතුගීසීන් බියපත් කළ සීතාවක රාජසිංහ රජු වාසය කළ මන්දිරය හැබැහින් දැක ගැනීමය. ඓතිහාසික කතා පුවත්වලින් දැන සිටි රාජසිංහ චරිතය යම් පමණකට හෝ ස්පර්ශ කිරීමටය.
අප රජ මාලිගා ප්‍රවේශය අසල ගල්පුවරුවක හිඳගෙන සිටියෙමු. අප සිතට පිවිසියේ කඩුවක් අමෝරාගෙන පෘතුගීසීන් පෙති ගැසීමට මුල්ලේරියා වෙළේ අසුපිටින් යන රාජසිංහ රුවයි. සබරගමුව පළාතේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සීතාවක මාලිගය කැණීම් නිමාකර සංරක්ෂණය කිරීම වැදගත්ය. ඒ සඳහා බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.
ඡායාරූප : කුසුම්සිරි විජයවර්ධන,හාතාගොඩ ධර්මසේන