Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

දෙමළ මහ සෑයේ රහස් වසර 1000 කට පසු
සපරගමු මහ සමන් දේවාල බිමේ පෘතුගීසි නිර්මාණ
සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ප්‍රධාන දේවාලය වශයෙන් සැළකෙන රත්නපුරයේ පිහිටි සපරගමු මහ සමන් දේවාලයේ ඉතිහාසය දඹදෙණිය රාජ සමය දක්වා දිවයයි. දඹදෙණියේ රාජ්‍ය කළ II පැරකුම්බා රජුගේ අණින් ආර්යකාමදේව නම් අමාත්‍යවරයා විසින් ඉදිකරවනු ලැබූ සපරගමු මහ සමන් දේවාලය එතැන් පටන් රාජානුග්‍රහය යටතේ තව තවත් දියුණුවට පත්විය. නමුත් සීතාවක රාජධානිය බි`ද වැටීමත් සම`ග සපරගමු මහ සමන් දේවාලයට උදාවූයේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකි. සිරි දළදා තේවාව
ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අසිරිමත් සිද්ධීන්ගෙන් සමන්විත ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහා පෙරහර මංගල්‍යය
සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරානුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේදී අකු ධාතුන් වහන්සේ දෙනමත්, ලලාට ධාතුන් වහන්සේ , ගී‍්‍රවා ධාතුන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතුන් වහන්සේලා අබ පියල් මුන් පියල් ප්‍රමාණයට ඉතිරිවූ බව මහා පරිනිබ්බාණ සූත්‍රය ආදි ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ. එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොවද, එකනමක් නාගපුරයෙහි (නාග ලෝකය හෝ වර්තමාන නාග්පූර්) එකනමක් ගන්ධාර දේශයේද, එකනමක් කලිඟු රටේ ද වැඩ වසති. මේ අනුව නාගපුරයෙහි වැඩ විසූ ශ්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ සෝමවතී චෛත්‍යය රාජයා තුළද එක නමක් වර්තමාන පකිස්තානයේ කෞතුකාගාරයක සුරක්ෂිතව වැඩ වෙසෙති. වාම ශ්‍රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතුමැණික් වලින් සමන්විතව සියැසින් දැක බලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන සේක.
මේ අයුරින් දළදා වහන්සේට පුදපූජාවන් පවත්වන අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය වන විට එකඳු උපසම්පදා භික්ෂුවක්වත් නැතිව සම්බුද්ධ ශාසනයත්, ධර්ම ශාස්ත්රයත් අන්ත පරිහානියට පත්වූ වකවානුව වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේගේ හා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ ශ්රද්ධාවත්, අනුග්‍රහයත්, බලවත් උත්සාහයත් නිසාම ලක්දිවින් කෝට්ටේ යුගයේදි සියම්රටට රැගෙන ගිය උපසම්පදාවත් බුදුපිළිමයත්, බෝධින් වහන්සේත්, ත්‍රිපිටකයත් වැඩ වසන බව දැනගෙන නැවතත් සියම්රටෙන් උපාලි හිමියන් ඇතුළු පිරිස ගෙන්වා රාජ්‍ය වර්ෂ 1753 ජූලි 15 වන දින ඇසළ පොහෝදා රජතුමාගේ මල්වත්ත පූජා කොට එහි ඉදිරිකරවන ලද රජතුමාගේ රාජස්ථාන ශාලාවම විසුංගාම පෝයසීමාව බවට පත් කොට පළමු වරට කොබ්බෑකඩුවේ, වැලිවිට, තිබ්බටුවාවේ යන හිමිවරු ඇතුළු පෝයමළු විහාරයෙන් පස් නමක්ද අස්ගිරි විහාරයෙන් නාවින්නේ හිමියන් ද යන සය නම උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනය ආරම්භ කළ අතර, එතැන් පටන් ලක්දිව නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණි සාමණේරයන් වහන්සේලා මල්වතු විහාර උපෝෂථාගාරයේද ඉන් අනතුරුව 1762 සිට අස්ගිරි විහාර උපෝෂථාගාරයේද උපසම්පදා කරමින් අද දක්වාම සම්බුද්ධ ශාසනය පැවැත්වීමට කටයුතු සැලැස්වීය.හෙළයේ අභිමානය ලොවට කියාපාන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය
දළදා පෙරහරේ උපත
අතුල් තලයක් සෙයින් මග සමතලා කරවා මගතොට සරසා පෙරහර පැවැත්වූ වග
වර්තමානයට උරුම වූ ඇසළ පෙරහර
ඇසළ පෙරහර හැඩවැඩ කරන නර්තන වාදන කලාකරුවෝ
විමලධර්මසූරිය රජුගේ දරුවෝ
කන්ද උඩරට ස්ථාවර රාජධානියක් බවට පත් කරමින් එවකට ලංකාවේ පැවති අරාජික තත්ත්වය පහ කර බෞද්ධ ජනතාවට සහනයක් සලසමින් රාජ්‍යත්වයට පත්වූයේ උඩරට ප්‍රාදේශීය අධිපතියෙක් වූ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර ය. රාජ්‍යත්වයට පත්වීමත් සම`ග i විමලධර්මසූරිය නමින් හැඳින්වුණු මෙම රජතුමා පෘතුගීසීන් සම`ග 1594 දන්තුරේදී සිදු කළ සටනින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර ඒ සම`ග ම උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල හිමිකාරිය වූ දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය සරණ පාවා ගෙන රාජ්‍ය බලය තහවුරු කරගැනීමට කටයුතු කළේ ය.කැලණිය විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා නාමය බිහිවීමේ ඉතිහාසය
මෙම තර්කය ඉදිරිපත් කර ඇත්තේ පදනම් විරහිත උපකල්පනයක් මතය. දැනට පවතින සාක්ෂි අනුව ඉන්දියානුවන් මුලින්ම ලංකාව හඳුන්වා ඇත්තේ පාරෙ සමුද්‍රස්ස්‍ය හෝ පාර සමුද්‍ර යනුවෙන් නොව තම්බපණ්ණි යනුවෙනි. ලංකාව ගැන මුලින්ම සඳහන් කර ඇති විදේශීය ලේඛකයා වූයේ වයඹ දිග ඉන්දියාව ආක්‍රමණය කිරීමට කටයුතු කළ මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාපතියකු වූ ක්‍රි. පූ. 4 වැනි සියවසේ සිටි ඔනේසික්‍රිටස් නම් ග්‍රීක් ජාතිකයාය. ඔහු ලංකාව හඳුන්වා ඇත්තේ තැප්‍රොබේන් යනුවෙනි. තැප්‍රොබේන් යනු තම්බපණ්ණි (පාලි) හා තාම්රපර්ණි (සංස්කෘත) යන වචන වල ග්‍රීක ස්වරූපයයි. පසු කාලයක සෙල්යqකස් නිකටාර් නම් ග්‍රීක පාලකයාගේ තානාපති ලෙස චන්ද්‍රගුප්තගේ රාජ සභාවෙහි සිටි මෙගස්තීනීස් විසින්ද අසෝකගේ සමකාලීනයකු වූ ඉරුටොස්තිනීන් විසින්ද ලංකාව හඳුන්වා ඇත්තේ එම නමින්මය. චන්ද්‍රගුප්තගේ මුණුපුරු අසෝක විසින්ද තම 2 වැනි යා 13 වැනි ගිරි ලිපි වලින් ලංකාව හඳුන්වා ඇත්තේද තම්බපණ්ණි යනුවෙනි. නාගර්ජුන නම් සුප්‍රකට බෞද්ධ දාර්ශනිකයා විසූ කණ්ටකසෝලෙ හි ශ්‍රී පර්වත විහාරයේ ඇති දෙවැනි සියවසට අයත් සෙල්ලිපියකද ලංකාව හඳුන්වා ඇත්තේ තාම්රපර්ණි යනුවෙනි. එහෙත් චන්ද්‍රගුප්තගේ පුරෝහිත අමාත්‍ය කෞටිල්‍ය විසින් පමණක් තම අර්ථශාස්ත්‍ර නම් ග්රන්ථයෙහි පාර සමුද්‍ර යනුවෙන් වෙනත් නමකින් ලංකාව හැඳින්වූයේ ඇයි?


















