ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය



විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමාව
ගම්පොළ රාජධානියේ රජ පැමිණි තුන්වැනි වික්‍රමබාහු මහ රජුගේ මෑණියන් වූ චන්ද්‍රවතී දේවිය සිහිපත්වීම සඳහා සෙංකඩගලපුර (මහනුවර) අස්ගිරි ගෙඩිගේ මහා විහාරය (ආදාහන මළුව) ඉදිකැරණු ලැබූ බව සඳහන් වේ.
දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව ඇති විහාරස්ථාන අතර ඉපැරැණි විහාරය ලෙස මේ විහාරය සැලැකේ. ඉන්දියානු ආභාෂයෙන් නිර්මිත මකර තොරණ සහිත ගල් කැටයම් දර්ශනීය සභාවයෙන් විචිත්‍රවත් වේ.

ගෙඩිගේ විහාර මන්දිරය
මහින්දාගමනයත් සමඟ පළමුව ඉදිවූ මහා විහාර සඟ පරපුර තෙක් අස්ගිරි විහාර සංඝ පරම්පරාව ව්‍යාප්තවේ. එසේ සංඝ පරම්පරාවකට හිමිකම් කියන ගෙඩිගේ විහාරය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි.
බුද්ධ වර්ෂ 2296 දී දුරුතු මස පුර පසළොස්වක් පොහෝදා අමාත්‍ය පිරිස පිරිවරා ගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු අස්ගිරි මහා විහාරස්ථ ගෙඩිගේ විහාරයට පැමිණියේය.
එහිදී රජුගේ පූර්ණ දායකත්වය ඇතිව සියම් දේශයේ සිට වැඩම කැර වැඩ සිට අපවත්වී වදාළ සියම් උපාලි මහා තෙරුන්ගේ හා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂූන්ගේ ආශිර්වාද මධ්‍යයේ රන් පොතෙහිවූ පරිද්දෙන් දිගින් රියන් තිස් දෙකක් හා පළලින් රියන් විසි අටක් වූ අස්ගිරි මහා විහාරස්ථ ප්‍රථම උපෝසථ පෝය සීමා මාලකය පිහිටුවන ලදී.
ඉතිහාස පුරාවිද්‍යාත්මක වටිනාකමකින් පෝෂණය ලත් අස්ගිරි ගෙඩිගේ විහාරය හා බැදුණු කතා රාශියක් ප්‍රචලිත වේ.

සියම් උපාලි මාහිමි ස්මාරකය හා බෝධි ගර්භය

සෙංකඩගල පුර රජ පැමිණි පළමුවන විමලධර්මසූරිය රජ දවස රත්නපුර කුරුවිට දෙල්ගමුව රාජ මහා විහාරයේ කුරහන්ගලේ වැඩ සිටි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කිරීමට පෙර අස්ගිරි ගෙඩිගේ විහාරයේ වැඩ විසීමට කටයුතු සිදුකළ බව පැවැසේ. ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට වැඩම කැරවූ බව සඳහන්වේ.
එම අවස්ථාව සිහිපත් කැරවීම වස් වාර්ෂික දළදා පෙරහර අවසන් පෙරහරේ වැඩම කැරවනු ලබන පෙරහර කරඬුව මෙහි තැන්පත් කැර දවල් පෙරහර පිටත්වන තෙක් පුද පූජා පැවැත්වීම අස්ගිරි ගෙඩිගේ විහාරස්ථ සඟ පරපුර අඛණ්ඩව සිදු කරති. ඒ අනුව එම චාරිත්‍ර පුද පූජා තවමත් ඒ අයුරින්ම සිදු කැරේ.
මෙහි ඇති විහාරාංග මහනුවර යුගයේ නිර්මාණ ශෛලිය අනුගමනය කැර තිබේ. විශේෂයෙන් මෙහි විහාර මන්දිරයේ දර්ශනීය චිත්‍ර රැසකින් ඒකාලෝක වේ.

විහාරාධිකාරි වේඩරුවේ උපාලි නාහිමියෝ
බෝධි ගර්භය ද මගුල් මඩුවද වළාකුළු බැම්මද නව සංඝා වාසයද විහාර භූමියේ විද්‍යාමාන වේ. එහි විහාරාධිකාරී ධුරය ඓතිහාසික පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත වේඩරුවේ උපාලි නාහිමියෝ හොබවති.