ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

හෙළ ගොවිතැනේ දාන පාරමිතාව

අප පැහැදිලි ශිෂ්ටාචාරගත සමාජයකින් පැවැති ආ ජන කොට්ඨාසයකි.ඒ අනුව ඔවුන්ගේ කෑම බීම ඇඳුම්, පැළඳුම්, සිරිත් විරිත් ඒ සියල්ල සඳහාම ඉතා දුර ඉතිහාසයකට නෑකම් කියති. බුදුදහම ලාංකික වැසියන්ට හඳුන්වා දීමට ප්‍රථමව සිට ඉතා දියුණු ශිෂ්ටාචාරයක මඟ සලකුණු අවශ්‍ය තරම් දැක ගැනීමට සාක්ෂි සාධක මේ මහ පොළොවේ ඇත. එසේ කරුණු පෙළගැස්වීමේ දී ගොවිතැනේ ක්‍රම විකාශන නූතන මිනිසාගේ (හෝමෝ සේපියන් - සේපියන්ස් දක්වා) පුරා විද්‍යා සාධක මත සොයාගත හැකිය. ආදී මිනිසාගේ ජනාවාසගත වූ ලෙන් ආශි‍්‍රත කැණීම්වලින් ඒ හා බැඳුන සාධක අවශ්‍ය තරම් පුරා විද්‍යාඥයන් සොයා ගෙන ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ හෙළ ගොවිතැන දුර අතීතයට නෑකම් කියන බවයි.
එහෙත් බුදුදහමේ ආභාෂය ලද පසු අප රටේ ගොවිතැන ඉතා දියුණු හා ක්‍රමවත් සාධක මත ඉදිරියට ගලා ආවේය. ඔවුන් ගොවිතැන් කරන ලද්දේ, එහි පදනම පිළිබඳ අවබෝධයෙනි. එසේම වැව්වේ කුමකටද? යන්න ඉතා හොඳ දැක්මක් පුරාණ ගොවියාට තිබූ බව කරුණු විමසීමේ දී පැහැදිලි වේ.
මෙරට ගොවියා ගොවිතැන් කරන ලද්දේ තෘෂ්ණාව අධිකතර මානසික තත්ත්වයකින් නොවේ. විශේෂයෙන්ම ඔවුන් විවිධ භෝග බහුවිධ භෝග වගා කිරීමට පුරුදු වී සිටියහ. එසේත් නොමැතිව ඒක භෝගයක් දියුණු කර ඒවා පිටරටවලට විකිණීමට විශාල ආර්ථික වාසි හිමිකර ගැනීමට ඔවුන් මැදිහත් වූයේ නැත. බහුවිධ භෝග රටාව අනුව ඉතා හොඳ ජෛව විවිධත්ව ලක්ෂණ පැරැණි වගා සම්ප්‍රදායේ දැකීමට හැකිය. උඩරට කලාපයේ වනාන්තර පද්ධති ආරක්ෂා වීමෙන් සමස්තයටම ජල සම්පත ආරක්ෂා කර දෙමින් අතීතයේ ජීවන පැවැත්ම දෙස අධ්‍යාත්මික මඟක් අනුගමනය කළහ. ඒ අනුව ඔවුන් වන සම්පත ආරක්ෂා කරමින් ගෙවතු වගා සම්ප්‍රදායට වැඩි වශයෙන් එකතු වූහ. උඩරට කලාප පද්ධතිය තුළ මෙම ගොවිතැන් සම්ප්‍රදාය ඉතා දියුණු වූ තත්ත්වයක දැකීමට හැකිවිණි. ඒ හේතුවෙන් වනාන්තර ආරක්ෂාවීමෙන් මධ්‍යම කඳුකරය ඉතා හොඳ පාරිසරික පද්ධතියක ලක්ෂණ පෙන්නුම් කළහ. පහතරට ගොවියාට මෙන්ම සමස්ත රට වැසියාටම ජලය ආරක්ෂා කර දීමට ඔවුන්ට හැකිවිය. එහෙයින් සමස්ත වන සම්පත ආරක්ෂා වීම ඒ තුළින් සිදු වූ අතර සියලුම සත්ත්ව කොට්ඨාසයන්ට මෙන්ම අජීවි වස්තූන්ට ද ඒ තුළින් ආරක්ෂාව සැලසුණි. පෘතුගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි ආක්‍රමණික තත්ත්වයන්ගේ අවාසනාවන්ත හේතුවෙන් ජන මනස විකෘත විය. එමගින් තමන්ගේ පැවැත්ම පිළිබඳ පමණක්ම සිතීමට ජනයා පුරුදු විය. පෞද්ගලිකත්වය, ආත්මාර්ථය, ලාභය මත වූ විකෘති ජන මනස මුළුමහත් උඩරට කලාපයේ මධ්‍යම කඳු වැටියේ වනාන්තර ආර්ථික භෝගයන්ගේ ග්‍රහණයට හසු විය. එහි ප්‍රතිඵල නම් අද කයියට කන්නයට කලාවට ගොවිතැන් කිරිමට නොහැකි වූ ගොවියා අසරණ වී ඇත. සෘතු වෙනස්වී හමාරය. වැසි ලැබීමේ කන්න, කලාව, වෙනස් වී ඇත. එමඟින් භෝග රටා ක්‍රම වෙනස්වී, ඉතා බැරෑරුම් අර්බුධයන්ට ගොවියා ලක් වී ඇත.
පහතරට විවිධ භෝගයන්ගේ මධ්‍යස්ථානය වී තිබූ බව පැහැදිලි ය. එනම්, දෙල්, කොස්, බැදිදෙල්, පොල්, අඹ, නාරං ආදී පලතුරු භෝග සහිත විවිධාංග භෝගයන්ගෙන් සමන්විත වු නිසා හෙළ ගොවියාගේ ආහාර රටාවන්ගේද විශේෂතා දැකීමට හැකි විය. මේ නිසාම භෝග හුවමාරු ක්‍රම ද සමාජය තුළ දැකිය හැකි විය.

මීට අමතරව සුළු භෝගයන්ගේ ප්‍රචලිත වීම සඳහා ද මේ කලාපවල පැවැති විශේෂ වෙනස්වීම් බලපෑහ. ඒ අතර මිරිස්, ඉඟුරු, බුලත්, පුවක් ආදී එදිනෙදා ජනයාගේ අවශ්‍යතාවයට ගැළපෙන භෝග වගාවන්ට ද මොවුන් පුරුදු වූහ. එහිදී බෙදා හදා ගැනීම, පැරැණි ගොවියාගේ විශේෂිත වූ ලක්ෂණයක් බව පුරාණ ලිපිවල මෙන්ම ජනශ්‍රැතිවල අද පවා දැකිය හැකි ලක්ෂණයක් වේ.
එසේම වියළි කලාපයේ ගොවිතැන සඳහා ඉතාම යෝග්‍ය ‘වී’ වගාව බව පැරැන්නන් දැන සිටියහ. ඒ අනුව කන්න සඳහා ගැළපෙන බිත්තර ‘වී’ වර්ග තෝරාගෙන වගා කිරීමට ඔවුන් දක්ෂ වූහ. වී වගා කරන්නා වූ කන්න අතර අතුරු භෝග වගාවන්ද සිදු කිරීමට ගොවියා පුරුදු වී සිටියහ. එහිදී කන්න අතර භෝග මෙන්ම අතුරු භෝග වියළි කලාපයේ ගොවියා වගා කළහ. කොරටු, හේන්, ඕවිටි, කනතු මේ අතර විශේෂයෙන් දැකගත හැකිය. මේ සියලු වගා කිරීම්වලට සුවිශේෂී භෝග වර්ග ගොවි බිම්වල අනාදිමත් කාලයක් තිස්සේ පවත්වාගෙන ඇත. හෙළ ගොවිතැන දාන පාරමිතාවක් වනුයේ තවත් විශේෂිත කරුණක් නිසාවෙනි. එනම්, ඉඩම් පද්ධති කරණයක ලක්ෂණ හේතුවෙන් මේ බව හොඳින් පැහැදිලි වේ.
මහමුකලාන යනු මොනයම් කාරණාවකටවත් හානි නොකරන පරිසර පද්ධතියකි. මේ පද්ධතියේ ආරක්ෂිත භාවය මුළු මහත් සමස්ත පද්ධතියේම ක්‍රියාකාරීත්වයට බලපානු ලබයි. ඒ බව දැනගත් ගොවියා මහමූකලාන වෙතට ඇතුළු වීම පවා ප්‍රතික්ෂේප කළහ. මූකලාන ප්‍රධාන දැව අවශ්‍යතා සපුරාගන්නා ලදමුත් එය ද ඉතාම අර පරිස්සමෙන් සිදුකළ බව සඳහන් කළ යුතු වේ. මූකලාන තම තමන්ට ගැළපෙන නීති සමුදායක් සමස්ත සමාජය තුළ ගොනුකරගෙන තිබූ අතර අනිකාගේ පැවැත්ම පවා තව කෙනෙකු සැලකූහ. ලන්ද තුළ මිනිසුන්ගේ දර අවශ්‍යතා, එළියට පහළට යෑම, වැනි දේ සඳහා යොදා ගත්හ. එහි කොටසක් හේන් කළහ. ඔවුන් එම හේන් කරන ලද්දේ කුඩා වැව් ආශි‍්‍රතවයි. ඉතා කුඩා ජල පෝෂක ප්‍රදේශවල මෙම කුඩා වැව් පිහිටා තිබූහ. ඉන් කැලෑ සතුන් තම පානීය ජල අවශ්‍යතා සපුරාගත්හ. ඉන් පහළ මහ වැව පිහිටා ඇත්තේ, කුඩා වැවේ පිරි එන වතුර මහ වැවට එක්වෙයි. එමගින් මහවැව් පෝෂණය වේ. ඉන් ඉහළින් පෝට වැටිය පිහිටා ඇති අතර මහවැව් දෙපස කට්ට කඩුව හා ගොඩලියදි පිහිටා ඇත. එහි වී ගොවිතැන් සඳහා ඉතා යෝග්‍යය. ගොඩලියදි වැවේ වතුර ගමන් කරන්නා වූ සොරොව්ව දෙපස පිහිටා ඊට සමාන්තරව පහළට මෙය පිහිටා තිබිණි. ඊට පහළින් වගා ලියදි පිහිටා තිබූ අතර එහි මී හරක් ලවා වගා කිරීම සිදු කළහ. මේ අනුව මිනිසුන් වගා කර තමන්ගේ සියලුම අවශ්‍යතා සපුරාගන්නා ලද්දේ. ඉහත ක්‍රමය අනුව පැහැදිලිවන්නේ සමස්ත පරිසර පද්ධතියේ හේන, කුඹුර, වැව මේ සියල්ලේ එකතුව මිනිසාගේ පැවැත්ම බවයි. කිසිවිටකත් තමන් පිළිබඳ පමණක් නොසිතූ පැරැණි මිනිසා ඒ සියල්ලේ එකතුව හා තම තමන්ගේ පරිත්‍යාගය සියල්ලේම පැවැත්ම බව තරයේ විශ්වාස කළහ.
වනාන්තර අවශ්‍යතා සියල්ල සපුරාගන්නා ලද්දේ ලන්දෙන් එහායි. එසේම ආහාර අවශ්‍යතා සියල්ලම සපුරාගන්නා ලද්දේ ලන්දෙන් මෙහායි. එහිදි පවා ධාන්‍ය අවශ්‍යතා වැඩි වශයෙන් සපුරාගන්නා ලද්දේ පහළ පිහිටා තිබූ ලියදි වලදීයි. ඒ වගේම හරකා බාන ඇතුළු සියලුම බලශක්තිය නිපදවා ගන්නේ කන්දෙන් හෝදාගෙන එන වතුර නතර වෙන වගාබිම් වලයි. මේ සමස්ත ක්‍රියාවලියම පාරිසරිකව සිදු වූ නිසා මිනිසාට වෙනයම් අවශ්‍යතා ඕනෑ වුයේ නැත.
අද ගොවියා වගා කරනුයේ කුමක් සඳහා ද, එනම් අස්වැන්න විකිණීමටයි, ඉතාම සුළු වශයෙන් කෑමට ගනී. මේ අස්වැන්න විකිණීම නිසාම ඔවුන් වසවිස ගසා හෝ අස්වැන්න වැඩි කරගැනීමට උත්සාහ කරයි. එහි ප්‍රතිඵලයක් වන්නේ වස විස සහිතව ආහාර නිෂ්පාදනය කිරීම නොවේද? එහෙත් පැරැණි ගොවියා ගොවිතැන් කළේ මූලික කරුණු කීපයක් මුල් කරගෙනයි.
1. කෑම සඳහා
එනම් ඔවුන් විසින් වගා කරන්නාවූ ආහාර, කෑම සඳහා යොදා ගත්හ. එහිදී එහි ඇති ප්‍රමිතිය එනම්, ආහාරයේ විශ්වාසය ඔවුන් විසින්ම රඳා ගත්හ. තම දරුවන් මෙන්ම අසල් වැසියන්ටද මෛත්‍රී කිරීම ඔවුන්ගේ ගොවිබිමේ සිට ප්‍රගුණ කර තිබූ සුවිශේෂී කරුණකි.
2. දීම සඳහා
දීම සඳහා ද පැරැණි ගොවියා ගොවිතැන් කළහ. එනම් ඔවුන් අහිත කාලවලදී ලබාගැනීම සඳහා දුන්හ. එසේම අඩු වැඩි පිරිමසා ගැනීමට දුන්හ. එසේම දාන මාන සඳහා ද මුල් භෝග වෙන්කර තැබූහ. එසේම අලුත් සහල් මංගල්‍යය හා දේව පූජා සඳහා ද ඔවුන් භෝග වෙන් කරන ලදී. සමාජයේ නොයෙක් ස්ථරවල ජීවත් වූ කොටස්වලට ඔවුන් විසින් ධාන්‍ය වෙන් කර තැබූහ. ඉඩම් අයිතිය භූමි අයිතිය නැති කොටස් රෙදි වායෝ, වැනි සේවා සපයන අය සඳහාද ධාන්‍ය වෙන් කර තැබූහ. දෙන්නන් හටත් දෙන්න නොදෙන්නන් හටත් දෙන්න වශයෙන් දැක්වෙන්නේ මේ ක්‍රියාවලියයි.
දින්නං සුඛ ඵලං හොති 
නා දින්නං හොති ත්වං සදා 
චාරා හරන්ති රාජානො 
අග්ගි ඩහති නස්සති

වශයෙන් පැරැණි ගොවියා සිතූහ. දුන්දේ සුවඳයි. පල සහිතයි. නොදුන්දේ සොරසතුරන්, රජුන් ස්වභාවික විපත්වලින් විනාශ වේ. මේ පදනම මත ගොවිතැන හි ගොවියා නිරත වූහ.
3. සුරක්ෂිත භාවය -
භෝග සුරක්ෂිත භාවය, අටුකොටු පුරවා තැබීම සඳහා මොවුන් විවිධ ක්‍රමෝපායන් භාවිතා කළහ. පෙට්ටිය, වී බිස්ස, බිත්තර වී බිස්ස, කුරක්කන් අටුව වැනි දෑ එයට හොඳම උදාහරණ වේ. ඒ තුළින් බුදු දහමේ පෙන්වා දෙන, භෝග සංරක්ෂණය ද ආහාර සුරක්ෂිත භාවයේ විශේෂ කාර්යයකි. එමගින් ඕනෑම අවස්ථාවකට ගොවියාට මුහුණදීමට හැකිවේ. ස්වභාවික උවදුරු මෙන්ම සතුරු උවදුරු ද මැඩ පවත්වා සමාජ සුරක්ෂිත භාවය රැක ගත්හ.
මේ අනුව පැහැදිලිවන්නේ හෙළ ගොවිතැනේ දාන පාරමිතාව, මේ අත්භවයේ සුරක්ෂිත භාවයටද පෙනෙන නොපෙනෙන ජීවි සමූහයේ සුරක්ෂිත භාවයට ද අජීවි සමූහයේ සුරක්ෂිත භාවය ද සමස්ත සමාජයේ පැවැත්ම උදෙසා ද හේතුවන අතර මතු අත්භවයේ භවගාමී සසර ගමනේ සුරක්ෂිත භාවයට ද හේතුවන බවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤