ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

සිංහලයේ අවසන් රජු සිරගතව සිටි කොටුවේ සිර ගෙය

අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය
කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප‍්‍රතිමාව
යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ඉන්දියාවට පිටමං කළ පසු ක‍්‍රි.ව. 1815 මාර්තු 02 වැනිදා ඉංග‍්‍රීසි ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් හා නිලධාරීනුත් සිංහල උඩරට ප‍්‍රධානීන් අතර මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමෙන් සිංහලය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතට පැවරිණි. එතැන් සිට 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබෙනතුරුම මෙරට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය විණි.
ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරව සිටි රොබට් බ‍්‍රවුන්රිග්ගේ ප‍්‍රධානත්වයෙන් කන්ද උඩරට ආක‍්‍රමණය කිරීමෙන් පසු ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඇතුළු පවුලේ අය අත්අඩංගුවට පත් විය. 1815 පෙබරවාරි 19 වැනිදා මෙසේ බි‍්‍රතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත් රජු කොළඹ කොටුවේ ගාල්ලට අවතීර්ණවන දොරටුව ආසන්නයේ කුඩා මැදිරියක තාවකාලිකව සිරකොට තබන ලදී.
එම සිර මැදිරිය සොයා පැරණි ”කොළඹට” පසුගියදා අපි ගියෙමු. ගාලූ මුවදොර අසළ සෙලින්කෝ මන්දිරය (Ceylinco House) භූමියේ රාජසිංහ සිරකුටිය පිහිටා තිබේ.
මෙය අඩි 10ක් තරම්වත් නැති කුඩා කාමරයකි. එහි තුන් පැත්තක්ම හරි හතරැස්ය. එක් පැත්තක්  ඕවලාකාරය. එම  ඕවලාකාර පැත්තෙන් කුටියට ඇතුළුවීමේ දොරටුව තිබේ. කුටිය තුළ වර්ග ඵලය අඩි 8-8 ක් පමණ තරම්ය. එසේම මෙය එතරම් උස නැති අතර වහළද ගෝලාකාර හැඩැතිය. වහළ බිත්ති ස්වරූපයෙන්ම විශේෂ සෙවිලි කිරීමක් නොමැතිව බිත්ති ආකාරයටම සකස් කර තිබේ.
රජුට වෙන්වූ මෙම කුඩා සිර කුටියේ එක් පැසක රාජකීය ඇඳුමින් සැරසී ඔටුනුපළන් රජුගේ ප‍්‍රතිමාව තනා ඇත. ඒ යටින් රජු සිරගත කිරීම පිළිබඳ සිද්ධිය විස්තර කොට දක්වා තිබේ. රජු සිරගතව සිටිද්දී කපිතාන්  ඕ’බ‍්‍රයන්ගේ සුපරීක්‍ෂාව යටතේ දැඩි ආරක්‍ෂක මුර කඳවුරු මධ්‍යයේ රඳවාගෙන සිට ඇත. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවේ තබාගෙන කෙටි කලක් ඇතුළත රටින් පිටුවහල් කිරීමට ඉංග‍්‍රීසිහු පියවර ගත්හ.
පුරාවිද්‍යා ගවේෂණ හා ලේඛනගත කිරීම් සහකාර අධ්‍යක්ෂ
ඒ.ඊ.එල්. තිලකවර්ධන
රජතුමාත්, රජ බිසව වූ වෙන්කත රෙන්ගමාල් බිසව හා පිරිවර කොළඹ වරායෙන් මදුරාසියේ වෙල්ලෝරයට පිටත් කෙරිණි. රජතුමා කොර්න්වෝල්ස් නම් බි‍්‍රතාන්‍ය නෞකාවෙන් වෙල්ලෝරයට පිටත් කළ අතර කොටුව සිර මැදිරියේ සිට නැව් තොටට රැුගෙන ආවේ ආණ්ඩුකාරයාගේ නිල රථයෙනි. ඒ මොහොතේ රජු ඉතා අලංකාර ලෙස හැඳ පැළඳ සිටි බවත්, සන්සුන්ව සිටි බවත්, රජුගේ පිටව යාම දකින්නට මහජනයා පොදිකමින් සිටි බවත් සඳහන් වේ. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු අවසන් හුස්ම හෙළුවේ ක‍්‍රි.ව. 1832 ජනවාරි 30 දා ඉන්දියාවේ වෙල්ලෝරයේදීය.
රජු සිරගත කර තැබූ සිර කුටියේ ඇතුළත පැරැණි සිතුවම් රාශියක් දැකිය හැකිය. එහි ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු, වෙන්කත රෙන්ගමාල් බිසව, පිළිමතලාවේ අදිකාරම්, රොබට් බ‍්‍රවුන්රිග්, නුවර රාජකීය කොඩිය, දළදා මාළිගාව, වෙල්ලෝරයේ රාජසිංහ ස්මාරකය, රජු වෙල්ලෝරයට පිටවූ නැව ආදී සිතුවම් දැකිය හැකිය.
මෙම සිරකුටිය සිර මැදිරියක් ආකාරයටම ඇතුළුවන දොරටු යකඩ කූරු සහිත දොරකින් වසා ඇත.
ක‍්‍රි.ව. 1875 දී මෙම සිර කුටිය තිබූ තැන සුවිසල් බැරැක්ක යොදා තිබූ බව ආර්.එල්. බ්‍රෝහියර් පෙන්වා දෙයි. දැනට ලංකාවේ ඇති පැරණි හා ඓතිහාසික ස්ථානයක් හැටියට රාජසිංහ සිර කුටිය හඳුනාගත හැකිය. හැකි අය දැක බලා ගැනීමද වටී.

(විශේෂ ස්තූතිය:- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ හා ලේඛනගත කිරීම් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඊ.එල්. තිලකවර්ධන මහතාට)

සටහන හා ඡායාරූප - අසංක ආටිගල

2013 ජනවාරි මස 21 13:15:20 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


සිර කුටිය තුළ ඇඳ ඇති සිතුවම්


රාජසිංහ කුටිය පිළිබඳ ස්මාරකයේ ඇති කෙටි විස්තරය

ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු තාවකාලිකව රඳවා සිටි සිර කුටිය

ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ

පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති.
එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං පිළිබඳ විවිධ කතිකාවන් පවතී. වඩාත් සුන්දර කතාව ඉතිහාසයට එක්වන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඌවපරණගම පිහිටි ස්ත‍්‍රීපුර කන්දේ උමග තුළ වූ අන්තඃපුරය පිළිබඳවය.රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ.
එය එසේ මෙසේ අන්තඃපුරයක් නොව කන්‍යා අන්තඃපුරයක් බව පැවසේ.
වළගම්බා රජුගේ අන්තඃපුරය මෙන්ම මානාභරණ රජුගේ කන්‍යා අන්තඃපුරයද මෙහි තිබූ බව ඌව වංශ කතාව නම්වූ ග‍්‍රන්ථයේ සඳහන්වේ.
මෙම උමග මානාඇල්ල නම්වූ සුන්දර දියඇල්ල දක්වාම විහිදී පැවති බවත් රජතුමා අන්තඃපුර ස්ත‍්‍රීන් සමග මෙම රහස් මගෙන් මානාඇල්ලට ගොස් දියකෙලියේ යෙදුන බවත් කියති.
ඌව ඉතිහාසය රචනා කළ නාවුලේ ධම්මානන්ද හිමියෝ සිය කෘතියේ සඳහන් කර ඇත්තේ රාවණා රජු සීතා දේවිය සඟවා තැබීමටද මෙම උමග ප‍්‍රයෝජනයට ගත් බවට ජන ප‍්‍රවාද ඇති බවයි.
අප එම අන්තඃපුරය සොයා ගිය ගමන විනෝද ජනකය. වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ ලූනුවත්ත දෙසට ගමන් කරනවිට අඩි හාරදහසක් පමණ උසැති ස්ත‍්‍රීපුර කන්ද නෙත ගැටිණ.
වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකෙන ගනේතැන්න රජමහා විහාරස්ථානය හා බුස්දුල්ල ගම්මානය පසුකළ අප බෝගහමඩිත්ත පාසල අසළට ළඟාවුනෙමු.
එලෙස වාහනයකින් ස්ත‍්‍රීපුර කන්ද පාමුලට පැමිණිය හැකි නමුදු ගමනේ ඉතිරි කොටස යායුත්තේ පාගමනිනි.
පයිනස් වගාව අතරින් තිරුවානා ගල් උඩින් ගමන් කළ යුතුය.
මෙම පොළොව තිරුවානා ගලින්ම නිර්මාණය වී ඇති නිසා ස්ත‍්‍රීපුර ආශ‍්‍රිත ගම්මානය එදා තිරුවානාගම වූයේලූ. එය අද කිරවනාගම ලෙසට ව්‍යාවහාරවේ.
පාගමනින් පසු පොළව යටට යාම සඳහා අඩි 3 ක් පමණ වූ කුහරයකින් උමගට ඇතුල්වූයේ ඉතා අසීරුවෙනි. අඩි 20 ක් පමණ ප‍්‍රපාතයට තිරුවාන ගල් වල එල්ලීමෙන් ගිය ගමන ත‍්‍රාසජනකය.

ඉක්බිති හමුවූයේ ඇවිද යා හැකි ඉසව්වකි. එතැන්සිට දිසා කීපයකට බෙදුනු උමංමග දිස්විය. බටහිර දෙසට විහිදුණු මගෙහි ගමන් කළෙමු. මුලදී හිටගෙන ගමන් කළ හැකි මේ මග ටිකෙන් ටික කුඩා වන බවක් පෙනුණි. දෙකට නැමී එකා පස්සේ ගමන් කළ පසු නැවතත් නිදහසේ හිටගෙන ගමන් කළ හැකි පෙදෙසක් හමුවිය.
එතැන ගල්පොත්ත දිගේ ගලායන සිසිල් දියදහරකි. දියෙන් එගොඩවීම වඩාත් පරෙස්සමෙන් සිදුකළේ ලිස්සන සුළු සෙවල තට්ටු තිරුවානා ගල මත තිබූ බැවිනි.
ඊට පසු එළැඹි බාධකය තරණය කිරීම සඳහා දිගාවී ගමන් කළ යුතුවිය.
කිලෝමීටර් එකහමාරක පමණ දුර අප මේ වන විටත් පැමිණ ඇත. ඒ සඳහා පැය 3 ක පමණ කාලයක් වැයකර තිබිණ. ඉන්පසු හමුවූයේ වවුල් රජ දහනකි.
අප දැල්වූ විදුලි පන්දම් එළියෙන් හා අපේ කටහඬින් කලබල වූ වවුලන් කෑගසමින් ඒ මේ අත ඉගිලෙන්නට වූයේ අප අන්ද මන්ද කරමිනි. වවුලන් ඉගිලී යනතෙක් දෑස වසාගෙන බිම ඉඳගතිමි. නඩයේ අනෙක් ඇත්තන්ද එලෙසම සිටි බව මා දැක්කේ වවුලන් ගේ ශබ්දය වියැකී ගිය සැනින් මා ඇස් ඇර බැලූ බැවිනි.

අපගෙන ගිය විදුලි පන්දම් වල එලිය ඉදිරියට යාම වළක්වමින් තිරුවානා ගල්තට්ටු කඩා වැටී උමං මාර්ගය අවහිර වී තිබිණ.
එතැනින් ඔබ්බට මග නොපෙනී ගියෙන් අපි ආපසු හැරුනෙමු. ඒ තවත් බලාපොරොත්තුවක් ඇතිවය. අන්තඃපුර ස්ත‍්‍රීන් දියකෙලියට ගිය දියඇල්ලට උමං මගෙන් යාම බැරි වුණත් වෙනත් මගකින් එතැනට යාම අපේ අධිෂ්ඨානය විය. ගිය මගෙන්ම උමගින් එළියට ආ අප එලිමහන් මගෙන් මෙම උමගට නුදුරින් ඇති මානාවෙල ඇල්ල සොයා ගියෙමු.

තේවත්තක් මැද පිහිටි මානාවෙල ඇල්ල එකල මහා වෙල්යායක් මැද තිබූ බව දැනගන්නට ලැබුණේ ගම්වැසියෙකුගෙනි.
මේ දියඇල්ල දියවර සපයන්නේ හාල් ඔයෙනි. මානා ඇළ කුඹුරුවලට ජලය ගෙනයන්නේය. අවසාන රජ දවස දක්වාම මෙම වාරික‍්‍රමය මානාව වගාවන්ට ජලය සැපයූ බව එම ස්ථානයේ ගල්පොත්තක කොටා ඇති ලිපියක සඳහන්වේ.
එහෙත් අද වගාකරන බිම් ප‍්‍රමාණය අඩුවී තිබේ. මානාඇල්ල ද්විත්ව ඇල්ලකි. හරියට නිවුන් ලඳුන් දෙදෙනෙක් මෙනි. දියඇල්ල ඇදහැලීමට කලින් ගලින්ම නිර්මාණය වූ ගල්තලාවේම කපා ඔපමට්ටම් කළ ගල් බේසම් දැකිය හැකිය.
අන්තඃපුර ලඳුන් දියනෑවේ මේ ගල්බේසම් වල ලූ.

එම ගල් බේසම් සමූහයට ජලය ගලා එන්නේ ගල් පීලි පද්ධතියකිනි. එම ජලයෙන් බේසම් පුරවා ඉතිරි ජලය පහළට ඇදී යන්නේ දියඇලි නිර්මාණය කරමිනි.
වැලිමඩ සානුවේ අවසාන භාගයෙන් බිමට පනින මේ නිවුන් දියඇලි කොමලියන්ගේ උස අඩි 67 කි. මෙහි ගලක සටහන්වූ දම්වැල් ලකුණු කීපයකි. රාවනා රජුගේ ඇතා බැඳි ස්ථානය එය බව කියති.

බදුලූ දිසාවේ උමං අතරින් ඊළඟට මා සිත් ගත් උමග වූයේ ඇල්ල කරඳගොල්ල උමගයි. එහි ගිය පළමුවැනි මාධ්‍ය කණ්ඩායමද අප වූහ.
කිසිදු පොතක පතක සඳහන් නොවූ මෙම උමග පිළිබඳව අප දැනගත්තේ ගම්වැසියෙකුගෙනි. ඔහු අප සමග කතා කළේ රහසිගතවය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන්කර කරඳගොල්ලෙන් හැරී කරඳගොල්ල මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ගියපසු හමුවූ කුඩා කඳුගැටයක් නැග ඉන්පසු ගල් පර්වතයක් දිගේ ප‍්‍රපාතයක් දෙසට ගමන් කළෙමු.
කැලෑවෙන් වටවූ දෙබොක්කාවක උමං දොර දක්නට ලැබිණ. එම කුඩා දොරටුවෙන් ඇතුල්වීමට හිස පහත්කරගෙන දෙකට නැමී ගමන් කළ යුතුය. ඉන්පසු හමුවූයේ ගල් පඩිපෙළකි. එය බැස ගිය පසු ඇවිද යා හැකි කොටසකි. කිසිදු ස්වසන අපහසුතාවයකින් තොර මෙම උමං මග තුළ දැනෙන්නේ සිසිලසකි. ඇතැම් ස්ථානවල දැඩි අඳුරක් පවතී. අප රැගෙන ගිය විදුලි පන්දම් එළිය ගමනට ප‍්‍රමාණවත් විය.
යළි හමුවූ කුඩා කවුළුවකින් දිග ඇදී ඇතුල් වූ පසු හමුවූයේ විශාල ඉඩකඩක් සහිත ශාලාවකි. හැට දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටීමට එය ප‍්‍රමාණවත්ය.
ලනුවක ආධාරයෙන් බැසිය යුතු ස්ථානයන් මෙන්ම බඩගගා ඇතුල්විය යුතු දොරටු පසුකරමින් අප පැමිණ තිබුණේ මේ උමගේ සුන්දරතම ඉසව්ව ලෙස සැලකෙන නිල්පැහැති ජලය පිරුණු තටාකය ළඟටය. අධික ශීතලෙන් යුතු මේ ජලකඳ තටාකයට දියපුරවා යළි පහතට ඇදෙන හඬක් ඇසුනද ඉන් ඔබ්බට යාමට අප පින්කර තිබුණේ නැත. එතෙකින් සෑහීමට පත්වී ආපසු හැරුනෙමු.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යටින් විහිදී තිබුණ උමගක් 1997 දී නිරාවරණය විය. තොරතුරු කන වැකුණ සැනින් අපි එහි ගියෙමු. ගවයන් සොයා ගිය ගම්වැසියෙක් උමං කට මුලින්ම දැක තිබුණේය. උමංකට කුඩා වුවද එතුළින් පහසුවෙන් බසින්නට හැකිවිය. ඉක්බිති හමුවූයේ විශාල උමංගෙයකි. අපි කිලෝමීටරයක් පමණ දුර පහසුවෙන් ඇවිද ගියෙමු. ස්වසන අපහසුව මෙන්ම කීප අතකට විහිදුනු මං සලකුණු නිසා ආපසු හැරුනෙමු.ඉදල්ගස්හින්නේ ඩිංගිරි බණ්ඩා සීයා අපට කීවේ පෘතුගීසීන්ට එරෙහිව සිංහල හමුදාවේ ඒකරාශීවීමට මෙවැනි භූගත ස්ථාන යොදාගෙන තිබූ බවයි.
හාලිඇල බෝගොඩ රජ මහා විහාරස්ථානය ලොව පුරා ප‍්‍රචලිත වී ඇත්තේ එකම ගසක දැවයෙන් සෑදු විස්මිත හා කලාත්මක ලී පාලම රජ දවස මෙහි ඉදිකර තිබීම නිසාය.
එම පාලමට ඉදිරියෙන් ඇති ලෙන් විහාරය වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වේ. ලෙන් විහාරයට පිටුපසින් උමං දොරක් දැකිය හැකිය. එම උමංදොරින් ඇතුළු වීමට හැකිවුවත් ඉන් ඔබ්බට යන උමං මාර්ගය වැසී තිබේ.
විහාරාධිපති ඇටම්පිටියේ රාහුල හිමියෝ පැවසුවේ නාරංගල කන්දට, මහනුවරට හා බදුලූ කතරගම දේවාලයට යාම සඳහා මෙම උමං මාර්ගය යොදාගත් බවට ජනප‍්‍රවාදයන් පවතින බවයි.
ඇල්ල රාවනා ඇල්ලට ඉහළින් වළගම්බා රජු විසින් කරන ලදැයි සැලකෙන අපූරු ලෙන් විහාරයක් වෙයි. ඒ අසපුවේ හතරැස් අඩි 2000 ක පමණ වන ගල්ගෙයක් දැකිය හැකිය.
එය වළගම්බා රජුගේ වාසස්ථානයක් වූ බවද කියනු ලැබේ. මෙම ස්ථානයේ සිට දෝව රජමහා විහාරස්ථානයට උමං මගක් තිබූ බව කියති. එම ස්ථානයේ උමංකටක් දෝව රජමහා විහාරස්ථානයෙන්ද දැකිය හැකිය.
රාවණා ඇල්ල පිහිටා ඇත්තේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. රාවණා ඇල්ලට නුදුරින් ඇති උමග හඳුන්වන්නේ රාවනා ගුහාව නමිනි. රාම රාවණා මහා සංග‍්‍රාමයේදී රාවණා මෙම ගල්ගෙයි සැඟවී සිටි බවද ජනප‍්‍රවාදයකි.
එම උමගේ මීටර් භාගයක් පමණ ගමන් කළ හැකි නමුත් ඉන් ඔබ්බට යාම අපහසුය.
සොරණාතොට බුදුමුත්තාගල යැයි හඳුන්වනු ලබන පර්වතයේ විශාල ගල් ගෙයක්වෙයි. ඒ හා බැඳුණු උමග ඔස්සේ ගොස් බෝගොඩට මතුවිය හැකි උමං මගක් තිබූ බව කියති.
සොරණාතොට තල්දෙන සමීපයෙහි පිහිටි ගල් ලෙන් දෙකකි. අඩි සියයක් දිගින් හා අඩි 65 ක් පළලින් ඊටම යාබදව මැද මිදුලක් සහිත අඩි 81 දිගින් හා අඩි 12 ක් පළල අනෙක් ගල්ගේ පිහිටා තිබේ.
සීතාවක රාජසිංහ රජුගේ සංඝ සංහාරය සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙහි සැඟවී සිටි බවට ජනප‍්‍රවාදයකි.
පස්සර බුදම පාමුල පිහිටි බව කියන ඇකිරියේ උමග ඔස්සේ හාලිඇල ඉහළ දොම්පේ සිට හපුගහමුල්ල දක්වා විහිදී තිබේ.
මහියංගණය ගෝණගල කන්දේ උමග තුළ II වැනි රාජසිංහ රජු රහසිගතව වාසය කළ බව කියති.
මීගහකිවුල බිංගේලන්ද ගමේ පිහිටි උමග කුමාරදාස රජතුමා පරිහරණය කළ එකකි. තණමල්විල වල්ලිගුහාව කතරගම දක්වා විහිදෙන බව සැළයි.
පස්සර වැල්ගොල්ලේ උමග ලූනුගලකන්ද දක්වා විහිදෙයි.
හොරදොරෙව්වේ උමග වෙලන්හින්න කඳු බෑවුමේ සිට අලූත්වෙල දක්වා ගමන් ගනී.

ඌව පළාතේ හෙලිදරව් වී ඇති උමග රැසක් කාලයාගේ ඇවෑමයෙන් වැසී යමින් පවතී.

එහෙත් අනාවරණය නොවූ උමංද තිබෙන බවට විශ්වාසයක් පවතී. ඒවා බොහෝමයක් වනගතව ඇත. ඒවා ගවේෂණයකට ලක්වී නැත.

ඌමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති භූමියෙන් භූගත කටක් මතුවිය. එය කිසිසේත්ම ඓතිහාසික පුරාවෘත්ති වලට පසුබිමක් ඇති එකක් නොවන බව පුරාවිද්‍යා බලධාරීහු කියති. කෙසේ හෝ එතුලට යන්නට හෝ සොයා බලන්නට තහනම්ය.

සටහන හා ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ

2013 ජනවාරි මස 21 13:00:34 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 ස්ත‍්‍රීපුර උමග
 ස්ත‍්‍රීපුර උමග
 කරඳගොල්ල උමගේ නිල්දිය තටාකය
 ඉදල්ගස්හින්න උමග
 බෝගොඩ උමග
 බෝගොඩ උමග
කරඳගොල්ල උමගේ ඉහළින් පෙනෙන හුනුගල් තට්ටුව

ලෝකයේ මුල්ම මිනිස් පවුල ලංකාවෙන්?

ශ්‍රී ලංකාවේ ඇති වෙහෙර විහාර, දාගැබ්, පෙති පිළිම, සටන් බිමට හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය අවි, යුරෝපීයයන් පරදන ගිනි අවි, සාගර පරදන වැව් අමුණු පමණක් නොව සීගිරිය, යෝධ ඇළ, වැනි ලෝක උරුමයන් බවට පත් වූ නිර්මාණයන් තනා එකල මෙම හෙළ ඉංජිනේරුවෝ මහත් කීර්තියට හා අභිමානයට පත් වූහ. ‘‘ ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ නම් කෘතියේ සඳහන් මංජු ශ්‍රී බෝසතාණන් නමින් මතු බුදුවන රාවණ රජතුමාට හා එම පරපුරේ විශ්ව බ‍්‍රාහ්මණ, සූර්ය වංශ, විශ්මකර්ම, නවන්දන්නා නමින් හඳුන්වනු ලබන යක් හෙළ පරපුරට නිතැතින්ම මෙහි ගෞරවය හිමි විය යුතුය. එදා එම යක් හෙළයන් නොසිටියේ නම් අද ශ්‍රී ලංකාවේ මෙවැනි විස්මිත උරුමයක්, සංස්කෘතියක් කියා දෙයක් පෙන්වීමට නොහැකි තරම්ය. මේ ගැන ඉහත සඳහන් කෘතිය බැලීමෙන් තවදුරටත් පැහැදිලි කර ගත හැක.
අතුරලිය - විමලසුරෙන්ද්‍ර

මෙසේ දැනට වසර 7500කට පමණ පෙර රාවණ යුගයේ ලොව ඉතාම උසස් ශිෂ්ටාචාරයක් ගොඩනැගු ශ්‍රී ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයින් ඉන් නොනැවතී ලොව පුරා දස දෙස විවිධ රටවල සංචාරය කරමින් ඔවුන්ගේ විද්‍යාව හා තාක්ෂණය බෙදා දෙමින් රටවල් සොයා ගනිමින් ලොවට විශාල සේවයක් කර ඇති බව පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද, පර්යේෂවලින්ද සනාථ වී ඇත. මින් හෙළිවන කරුණු අනුව ලෝකයේ මුලින්ම රටවල් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේද බටහිර ජාතීන්ට නොව මෙම යක් හෙළ පරපුරටය.

එවැනි විදෙස් නිමැවුම් අතර, සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලාංකීය ඉංජිනේරු යක්ෂයින් 5 දෙනෙක් ඉල්ලා ඇත. ඒ ගැන එරට ඉතිහාසයේ පවා සඳහන් වී ඇති බව 2011.11.14 වැනි දින දොරමඩලාව වැඩ සටහනේදී හෙළි විය. රාවණ රජතුමාගේ ඥාති දනුබ් කුමරු ‘‘රමණීය’’ (රොමානියා) රට ජනාවාස කර, එරට ‘‘දනුබ්’’ (ඩැනියුබ්) ගඟ හරහා අමුණු බැඳ ඇත. මේ ගැන ස්කන්ධ පුරාණයෙහි සඳහන් වේ. මෙරට වාරිමාර්ග පද්ධති පිළිබඳ හෙන්රි පාකර් මහතා සිය කෘතියෙහි සඳහන් කිරීමේදී ඉන්දියාවේ කාශ්මීරයේ රජු කි‍්‍ර.ව 8 වැනි සියවසේදී ලංකාවේ වාරි ඉංජිනේරුවන්ගේ සහාය ලත් බවත්, අපේ ශිල්පීන් එහි ගිය බවත් සඳහන් කර ඇත. බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩ නැගීමට උපදෙස් දී ඇත්තේ ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියවෙන මැටි පුවරු 1996 අපේ‍්‍රල් මස එහිදී සොයාගෙන ඇත. සිංහ මිනිසුන් එය ගොඩනැගූ ආකාරය ‘‘ඉතිහාසය චැනලය’’ නමැති ඇමෙරික් රූපවාහිනිය විසින් 1998 මැයි මාසයේ විකාශනය කර ඇත. මේ අනුව ලොව පළමු ගුවන් යානයක් නිපදවීමේ හා ගුවනින් යාමේ ගෞරවයද හිමි විය යුත්තේ මෙම යක් හෙළයන්ටය. බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන ‘‘එල්ලෙන උයන් වතු’’ අපේ රටේ සීගිරි මුදුනේ කෘත‍්‍රිම උයන් සෑදු උයන් බවත් හෙළි වේ. කුවේර ඇතුළු යක් හෙළයන් ඇමෙරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත. මේ බව ග‍්‍රීක ඉතිහාස ග‍්‍රන්ථවලද සඳහන් වේ. එම රටේ ඇති බහිරව රූපවලින් හා මාදුරු ඔයට සමාන ලාහුගල හැඩයේ තිබී හමුවූ ගල් අමුණට සමාන අමුණක් මේ ශිෂ්ටාචාරයෙන් හමුවීමෙන් ඒ බව සනාථ වේ. ඇමෙරිකාවේ දෙවියන් ලෙස සැලකුම් ලබන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයකි.

මෙම යක් හෙළ පරපුර විජය පරම්පරාවේ අය නොවේ. විජය පැමිණීමට පෙර මෙහි සිටි මහා සම්මත පරම්පරාවෙන් එන ලෝකයේ මුල්ම මිනිසුන්ය. ඇලෙක්සෙන්ඩර් කියන පඬිවරයා මේ බව සඳහන් කර ඇත. ලොව පුරා මානවයා ව්‍යාප්ත වූයේ මැඩගස්කරයෙන් බව එක්තරා ලිපියක සඳහන් වේ. මහා පඬිරුවනක් වූ අරිසෙන් අහුබුදු තුමාද මේ බව සනාථ කර ඇත. ”විශ්ව බ‍්‍රාහ්මණ වංශ විනිශචය’’ කෘතිය පවසන්නේ මෙම පරපුරේ මව්බිම කාශ්මීර ප‍්‍රදේශය හා ඒ අවට බවයි. පසුව ඔවුන් ලොව සෑම පළාතකම විසිර ගොස් ස්ථිර නිවාස ඇති කරගත් බැවින් විවිධ භාෂා, වර්ණ ඇති වූ බවයි. මේ පරපුරට විශ්ව බ‍්‍රාහ්මණ යන නම ව්‍යවහාර විය. කාශ්මීර රට බ‍්‍රහ්ම වර්ත යනුවෙන්ද ව්‍යවහාර කරන අතර, පුරාණ බ‍්‍රාහ්මණයන් පමණක් මෙහි විසූහ. රාවණ රජතුමා කාශ්මීරයේ යක් පරපුර දැනුවත් කළ බව අරිසෙන් අහුබුදු තුමා විසින්ද ‘‘විජයාවතරණ සමයේදී මේ රට කළේ මහා කාලසේනය’’ යනුවෙන් ශ්‍රී ලංකා ශිෂ්‍යොපකාර සමිතියේ 2006 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලද සංවත්සර උත්සවයේ කරන ලද දේශනයේදී හෙළි කරන ලදී. මැඩගස්කරය, කාශ්මීරය, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වීමට පෙර ශ්‍රී ලංකාවට අයත්ව තිබූ ප‍්‍රදේශ වේ. ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවෙන් වියු යුතු බවට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාද පවසයි. රාවණ පරපුර ලංකාවේ පමණක් නොව මුළු මහා භාරතයේද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ‍්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත‍්‍ර නම් ශ්‍රී ලංකාවේ, මහා භාරතයේ, ගී‍්‍රසියේද ඇත. රවුළුගේ, හේවා රවුළුගේ, රවුළු හේවාගේ, රාවණගේ ආදී නම්, වාසගම් දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේද දැකිය හැකිය.

‘‘යක් හෙළ ශිල්පීන්ගේ
පෙළපත් නම් ආදිය අනුවද,
ඉන්දියාවෙන් පැමිණි පමණින්ද,
දැන හෝ නොදැන වගකීමෙන් තොරව
ඔවුන් ද්‍රවිඩ සම්භවයක් ඇති
අයවලූන් ලෙස හංවඩු ගැසීමත්,
එසේ ලේඛණ ගත කිරීමත්
වැරදි සහගතය’’

එපමණක් නොව මෑත භාගයේදීද එනම් 1934 දී ශ්‍රී ලංකාව පාලනය කළ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත දියමන්තියේ බි‍්‍රතාන්‍ය ලාංඡුනය කොටා කළ හපන්කම එවකට ලොව පාලනය කළ වික්ටෝරියා මහ රැජිනගේ විමතියට පවා ලක් විය. එවැනි ශිල්පීය ඥානය බි‍්‍රතාන්‍ය රජයේ ස්වර්ණාභරණකරුවන්ට ලන්ඩනයේදී පේ‍්‍රක්ෂණය කිරීමට රජ අණ විය. ඒ අනුව ඉහත හපන්කම කළ යක් ශෙල පරපුරේ විමලසුරේන්ද්‍ර හා අතුරලිය යන දෙදෙනා ඒ සඳහා එහි යන ලදී. තාක්ෂණය පේ‍්‍රක්ෂණයට ගියේ කැමැත්තෙන් නොවේ. රජ අණ නිසා විය හැක. ඉන්දියානුවන් 40 දෙනෙකුට හා ලංකාවේ මේ දෙදෙනාට රැුජින බැහැ දැකීමට අවස්ථාව ලැබුණි. රැුජින ඉදිරියේ එම ඉන්දියානුවන් බිම දිගා වී වැඳ වැටී යද්දී මේ අභීත තාක්ෂණිකයන් දෙදෙනා වැඳවැටුනේ නැත. තාක්ෂණය දත් අය බිම වැටෙන්නට වුවමනා නැති බව ලොවට කියා දෙමින් ඔවුන් හිටගෙනම රැුජිනට ගෙන ගිය යතුරක් කැරකැවීමෙන් විසිරී යන හා කොපුව තුළට නැවත එන ආකාරයේ ඇත්දත්වලින් නිම වූ පොල් මලක් හා මිනිරන් කපුටෙක් තෑගි කළේය. මේ දෙදෙනාගේ තාක්ෂණයේ ප්‍රෞඩත්වය වික්ටෝරියා රැජිනගේ දින පොතේ පවා අපූරුවට සඳහන් කර ඇතිවා පමණක් නොව ඒ අනුව මේ දෙදෙනා වෙනුවෙන් භෝජන සංග‍්‍රහයක් පවා පවත්වා ඇත. තවද ඔවුන්ගේ පරම්පරා හතකට රැුජිනගේ  ඕනෑම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටකින් රැුකියාවක් ලබා ගැනීමට එම වකවානුවේ තිබූ උසස්ම වරමක් දීමෙනුත් ඔවුන්ට බුහුමන් දක්වා ඇත. එමෙන් තවත් අපේ විද්වතෙක් බි‍්‍රතාන්‍යයේදී දුම්රිය සර්වෝරෝධක ක‍්‍රමය සොයා දී ඇත. එයට ගෞරවයක් වශයෙන් අදද භාවිත කරන දුම්රිය බ්‍රේක් පළුවලට ‘‘ක්ලේටන් දේවේන්ද්‍ර සදර්වෝ සිස්ටම්’’ යනුවෙන් හඳුන්වනු ලබයි. මේ එවැනි අපේ ශිල්පීන් මෑත භාගයේදීද ජාතියට ආඩම්බරයක්, ගෞරවයක් ලබා දෙමින් රජ අනින් බි‍්‍රතාන්‍යයට ගොස් ඞී.ජේ. විමලසුරේන්ද්‍ර තුමා මෙන් සුද්දන්ට පාඩම් ඉගැන්වූ හැටි මෙහිදී නොකියාම බැරිය.

මේ අනුව එදා ශ්‍රී ලංකාවේ විසූ සමෘද්ධිමත් යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇති බව මැනවින් පැහැදිලි වේ. එවැනි අපි ලෝකයේ පළමු ශිෂ්ට සම්පන්න ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය කොටසක් බව අපේ අනාගත පරපුරට දෙපයින් සිටගෙන ලෝකයා හමුවේ ආඩම්බරයෙන් කියා පෑමට හැකිවීම ගැන මුළු මහත් ජාතියම රාවණ රජතුමා ඇතුළු එම පරපුරට සදා ණය ගැතිය.


ඇත් දත් පොල් මල

රාවණ රජතුමාට රටවල් 10ක් අයත්ව තිබී ඇත. එම නිසා දශ ශීර්ෂ යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඉන්දියාවේ දණ්ඩකාරාණ්‍ය යද එතුමාට අයත්ව තිබී ඇත. එහි ශාක පමණක් බුදින යක් හෙළ ජනතාවක් විසූ බව මහාවංශයට පෙර රචිත රාමායනය පැවසීමෙන්ද, මුහුදු ගැලීමෙන් ලංකාව ඉන්දියාව වෙන්වන අවස්ථාවේ මෙම දණ්ඩකාරණ්‍යයෙහි අගනුවර වන දනස්ථානය (දනව්ව) ද ගිලී යන ලදී. එය 2002 දී මුහුදු පත්ලේ තිබී සොයා ගැනීමෙන්ද ඒ බව තවදුරටත් සනාථ වේ. ඉන් රාවණ රජතුමාගේ කාලය අවුරුදු දසදහසක් පැරණි බවටද ඔප්පුවේ. මේ අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ක‍්‍රි.පු. 1500 බව කියන මැක්සි මුලර්ගේ ආර්ය න්‍යායද පුස්සක් බවට පත්වනු ඇත. රාවණ රජතුමාගේ කාලයත්, බලන්ගොඩ මානවයාගේ හා ඒ එම මානවයා සොයා ගත් කලාපයේ අදටත් මතුවන ඓතිහාසික සාක්ෂිවල කාල නිර්ණයන් ගත් විට ලොව ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ශ්‍රී ලංකාවෙන් බවට එකඟ විය හැක. රාවණ රජතුමාට ඉන්දියාවේ අයත්ව තිබූ මෙවැනි බොහෝ ප‍්‍රදේශවලත්, යටත් රටවලත් මෙම යක් හෙළයෝ සිටි බවට මෙවැනි තොරතුරු තවත් බොහෝ වෙති. රාවණ යුගයේ අවසන් භාගයේදී මුහුදු ගැලීමෙන් මේ අයත් සමඟ ඉන්දියාව ලංකාව වෙන් විය.
තවද විදෙස් රටවලට මෙම යක් හෙළ ශිල්පීන් බලහත්කාරයෙන් පවා ගෙන ගොස් ඇති අතර, ඉන්දියාවේ අදටත් එවැනි අය සිටින බව දැන ගන්නට ඇත. මෙම අය මෙන්ම අනෙක් රටවල සංවර්ධන කටයුතුවලට ගිය අය කාලයක් එහි පදිංචිව සිටීමේදී එම දිවයින්වලින් භාෂාවන් හා පෙළපත් නම්වලට නම් එකතුවීමක්ද දක්නට ලැබේ. ඉන්දියාව ළඟම පිහිටි රට බවට පත් වූ නිසා විශේෂයෙන් එම අය වරින් වර ආපසු මෙහි පැමිණි බවත්, රජවරුන් විසින් ගෙන්වා ගත් බවත්, වංශ කථාවල සඳහන් වේ. මහින්දාගමනයත් සමඟ පැමිණි කුල 18කට අයත් බව කියන අයවලූන් ශුද්‍ර ගණයට අයත් වන බව පැහැදිලිවේ. ශුද්‍ර යනු උසස් කියන වංශයට අයත් නොවන කුල හීනයන් වේ. මෙම යක් හෙළයන් එම කුල හීනයන්ට අයත් නොවන නිසා යක් හෙළයන් ඒ සමඟ පැමිණි කුලයක් බවට ගණනය කළ නොහැක.
පසු කාලීනව අප රටේ සිටි රජවරු මෙන්ම ද්‍රවිඩ සම්භවයක් ඇතිව සිටි රජවරු විසින්ද මෙම යක් හෙළ ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් රාවණ යුගයේ නාමයන්, නාරායන, දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර (දෙවියන්ගෙත් දෙවියන්) ආදී දෙවියන්ට අයත් හා පරාක‍්‍රම, වීර පරාක‍්‍රම ආදී රජවරුන්ගේ නාමයන්ගෙන්ද පුදනු ලැබු බවක් පෙනේ. මෑත භාගයේ සිටි හැමෝම නොව සුදු නිලධාරීන් කීපදෙනෙක්ද මෙම ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් ඩයස්, සිංඤ්ඤෝ, කොස්තා, සිල්වා, සම්පායෝ, මොරායස්, දොන්, පෙරේරා, බර්තොලමියුස්, රබෙල් වැනි ඔවුන්ගේ නාමයන් පවා භාවිතා කර ඇති බවක්ද දක්නට ඇත. පෙර සඳහන් කළ පරිදි නැවත ඉන්දියාවේ සිට මෙහි පැමිණි ශිල්පියෙකු ගොඩ බට බවට ඇසූ එකල කෝට්ටේ රජකළ බුවනෙකබාහු (Vස) රජතුමා විසින් ඔහු ඇතු පිටින් රජ වාසලට ගෙනවුත් ගෞරව කර මංගල ගම පවරා මණ්ඩල වල්ලි නයිදේ නම් ගරු නාමයද ප‍්‍රදානය කළ බව ‘‘මධ්‍යකාලීන සිංහල කලා’’ ග‍්‍රන්ථයේම සඳහන් වේ.

ඉහත සඳහන් ‘‘ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ කෘතියට සම්බන්ධ අලදෙණියේ අලගේශ්වර වත්තු නයිදේ මූලාචාරීන් ගේ අලගේශ්වර ඩිංගිත්තා අප්පු නම් මහනුවර දළදා මැදුරේ පත්තිරිප්පුව, දිය අගල, වලාකුළු බැම්ම, නුවර වැව හා නගර නිර්මාණය කර මහනුවර එදා මෙදා තුර බැතිමතුන්ගේ නෙතට රසඳුනක් කළ දීප්තිමත් අද්විතීය සැලසුම්කරු හා නිර්මාණ ශිල්පියාට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ‘‘දේවේන්ද්‍ර’’ යන නාමය ඇතුළු තඹ සන්නසක් ප‍්‍රදානය කර ඇත. තවද ගෞරවයක් වශයෙන් රජතුමා විසින්ම රන් නළල් පටියක් බැඳ එම මූලාචාරී ධුරයට පත් කර ඇත. ඒ නැතත් රාවණ රජතුමාගේ පුත් ඉන්ද්‍රජිත්ගේ ඉන්ද්‍ර පරපුරෙන් පැවත එන දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, මනමේන්ද්‍ර වැනි එම ‘‘ඉන්ද්‍ර’’ නාමයන් පමණක් නොව එවැනි යක් හෙළ නාමයන් මෙම පරපුරටම නිරන්තරයෙන් ලැබෙන්නකි.

අපේ රටේ රජ කළ දුෂ්ඨ පාලකයෙකුගේ කාලයේ දන්ත ධාතූන් වහන්සේ අහසට නැගි වේලාවේ එය ආපසු පොළවට ගැනීමට අධිෂ්ඨාන භාවනාවක් කර ඇත්තේද මෙම පරපුරේ අයෙකු බැවින් ඔවුන්ට ‘‘දන්ත නාරායන’’ යන පෙළපත් නාමය පුදනු ලැබූවකි. මේ රජවරුන් විසින් පිරිනමන ලද නාමයන්ගෙන් කීපයකි.

ඉහත සඳහන් කරුණු කාරණා අනුව මෙම යක් හෙළ ශිල්පීන්ගේ පෙළපත් නම් ආදිය අනුවද ඉන්දියාවෙන් පැමිණි පමණින්ද, දැන හෝ නොදැන වගකීමෙන් තොරව ඔවුන් ද්‍රවිඩ හා වෙනත් සම්භවයක් ඇති අයවලූන් ලෙස හන්වඩු ගැනීමත්, එසේ ලේඛන ගත කිරීමත් වැරදි සහගතය. එසේ මුද්‍රණද්වාරයෙන් බිහිවන ග‍්‍රන්ථයක් හෝ ලිපියක් මතු අනාගතයේදී පර්යේශකයන්ට මූලාශ‍්‍රයක් ලෙස යොදා ගත හැකි හෙයින් ග‍්‍රන්ථයක ඇතුළත් තොරතුරුවල නිරවද්‍යතාව ගැඹුරින්
අධ්‍යයනය කොට හේතු සාධක සහිතව සඳහන් කිරීම විද්වත් සම්ප‍්‍රදායද වේ. මෙවැනි සොඳුරු මිනිසුන් ගැන ඉහත සඳහන් ‘‘ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ ග‍්‍රන්ථයේම මොනවට පැහැදිලි වේ. ඔවුන් මගේ රට තව තවත් ලස්සන කළා පමණක් නොව ගිනස් වාර්තා තබමින් රටට කීර්තියක් ලබා දෙන එම පරපුරේ අය අදටත් නැත්තේ නොවේ. එමනිසා නිර්මාණවලත්, කලාවේත් අභිවෘද්ධිය තකා එවැනි වැරදි ප‍්‍රවණතා වලින් වැලකී සිටීමට අපි වග බලා ගනිමු.


එම්.ඒ. කරුණාරත්න, 
ගිරිතලාන දකුණ, හෙට්ටිපොල
2013 ජනවාරි මස 27 13:46:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
wkqrdOmqr hq.hg wh;a 
w,xldr i|lvmyK
remsh,a fldaáhlg
,kavkfha fjkafoaisfha

ñ, l< fkdyels mqrdúoHd;aul jákdlulska hq;a ,xldfõ wkqrdOmqr hq.hg wh;a jákd ffY,uh i|lvmyKla tx.,ka;fha ,kavka kqjr§ ,nk wfm%a,a ui fjkafoais lrkakg kshñ;j we;ehs trg fâ,s fï,a mqj;am; u.ska m%isoaO lr ;sfnkjd'
jir tlaoyia ;=kaishhla muK merKs njg ñkqï lr we;s fuu i|lvmyK bx.%Sis hq.fha ,xldfõ fiajh l< iqÿ cd;sl j;= wêldrjrfhl= úiska 1950 § muK ,xldfjka tx.,ka;hg /f.k .sh tlla nj fidhd f.k we;' Tyq jdih l< ifilaia m%dka;fha ksjfia miqmi fodr wi< w,xldr f,i fuh msysgqjd ;sî we;' fuh fgdka tlla muK nr nj;a w`.,a 6 la muK >klulska hq;a nj;a mejiqKd'
j;=wêldrjrhdf.a wejEfuka ksjfia whs;sh ysñjQ Tyqf.a ÈhKsh fuu i|lvmyK mqrdúoHd;aul jákdlula we;s fohla f,i f,i ;elSula fkdlr ;snqK w;r miq.sh Èfkl weh tu ksji yd bvu úlsKSfuka miq th ñ,g .;a ;reK hqj<la tys we;s jákdlu y÷kdf.k ;sfnkjd'
Tjqka fuu i|lvmyK úl=Kkakg l,amkd lr we;af;a bka miqjh' tx.,ka;fha iqm%isoaO fjkafoais iud.ula jk fndkayeïia fuu i|lvmyK úl=Kkakg fmr th ;lafiare lrk ,o w;r Tjqka mjikafka iag¾,ska mjqï 50000 lg ^remsh,a fldaáhlg muK& th úl=Kkakg yelshdj we;s njhs' fuu j;af;a fmr ysñldßhf.ka fï .ek úuiSfï§ weh lshd we;af;a ;udf.a mshd 1950§ muK fuu i|lvmyK ksjig /f.k wd kuq;a th ,xldfõ tlla hhs ±k fkdisá nj;ah' w,xldr f,i yev jev ±uQ i;aj rEm n,ñka tajd md.ñka ;uka fi,a,ï l< yeá u;la fjk nj lshk weh ;u ksjfia miqmi fldkal%SÜ mdrla wjika fjk ;ek th msysgqjd ;snqK nj;a yevjev lrk ,o lsishï fndr¿ .,la f,i ta .ek l,amKdjla ;snqK nj;ah'
ksji ñ,g .;a kj ysñlrejka th úl=Kkakg hk nj ie,ùfuka miq weh lshd we;af;a zwmrdfo ux ´l ják tlla nj ±kx ysáfha kE'ke;akï ux biair fjkjdZ f,isks'
,nk wfm%a,a ui 23 jkod ,kavka kqjr§ fuu jákd w,xldr i|lvmyK ;j;a iqoafol=g fjkafoais lrkakg kshñ;h' ^fï iu. we;s PdhdrEm j, ±lafjkafka tu i|lvmyKhs&
fujeks jákd jia;+ka ta ld,fha iqoaokag meyer.kakg yelshdj ,eî ;sfnk w;r ;j;a ´kE;rï foa Tjqka furáka tl, /f.k hkakg we;ehs Wml,amKh l< yelsh',xldfõ wkqrdOmqr mQcdN+ñh hqfkiafldaj u.ska f,dal Wreuhla f,i kï lrk ,oafoa miqld,Skjh'


 

Link

බටතොට ලෙන වසර 712 ක්‌ සඟවා තැබුවේ

ඛණ්‌ඨමාරිගේ භූත ආත්මයද?


සම්මා සම්බුද්ධත්වයෙන් නවවන වසරේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ අවස්‌ථාවේ සමන්ගිර ඇසුරු කරමින් වාසය කළ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතුන් වහන්සේ සමග ගුවනින් සමන්තකූඨ පර්වත මුදුනට වැඩම කර දහසක්‌ නිම් වළලුවලින් යුත් ශ්‍රී පාද පත්මය පිහිටුවා දිවා විහරන සඳහා දිවා ගුහාවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

ගුහාවක්‌ යනු නිරන්තරයෙන්ම අඳුරක්‌ පවතින තැනක්‌ බව කිව හැකිය. එහෙත් ඉර පායා බැස යනතුරුම දිවාකාලය පුරාම ඉතාම හොඳින් හිරු එළිය පතිත වන ලෙන (දිවාකර හිරුට කියන තවත් නමක්‌) දිවාගුහාව යනුවෙන් පටබැඳුන බව සිතිය හැකිය. එසේ නම් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතන් වහන්සේලා සමග දිවා විහරණය වැඩි ලෙන දිවාගුහාව වුණාද? නැතිනම් දිවාගුහාවට බුදුන් වහන්සේ වැඩම කිරීමෙන් පසු දිවා ගුහාව නැතහොත් භාග්‍යාලෙන වශයෙන් පැවතියේ ද යන්න සිතා බැලිය යුතුය.

දිවාගුහාවට මිනිසුන්ට යා නොහැකි බවත් දිවාගුහාව සොයාගෙන ගිය එකම පුද්ගලයා වන සුළුගුළු උපාසකතුමාට සිදුවූයේ කුමක්‌ද? දිවාගුහාව වන්දනා කරන්නේ දේව, යක්‍ෂ, භූත යන කොටස්‌වලට පමණක්‌ යෑයි මතයක්‌ ඇතිවීමට ඉවහල් වූ හේතු සාධක මොනවාද යන්න සොයා බැලිය යුතුය.

දිවාගුහාවත් නොතිබුණා නම් හෝ ලංකාවේ බෞද්ධ ජනතාව එය නොදැන සිටියා නම් හෝ සොළොස්‌මස්‌ථාන වන්දනා ගාථාවේ (මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංචනං දිවාගුහං දීඝවාපී) ගාථාවේ පස්‌ වැනි තැනට මෙසේ සඳහන් වූයේ කෙසේද යන්නත් බුද්ධිගෝචරව සිතා බැලිය යුතුව ඇත.

"නා සවෙහි සහ පඤaච සතෙහි ගනත්වා

යස්‌මිං අකාසි භගවා සදිවා විහාරං

සංඵුල්ල සාල සුමණාචලපාද දේසේ

වෙJද සුසීතල මහං භගවා ගුහංතං"

දිවාගුහාව වන්දනාමාන කිරීමට ඉහත ගාථාව දක්‌වා ඇති අතර එහි පිහිටීම, පරිසරය ආදී සියලු ගුණාංග ඇතුළත් ගාථාවන් බෞද්ධයින් ඈත අතීතයේ සිට භාවිත කළේ කෙසේද? යටාලතිස්‌ස රජ සමයේ ආරම්භ කළ බවට පූජාවලියේ සඳහන් වන කැලණි රජමහා විහාරයේ බිතුසිතුවම් කර ඇති සොළොස්‌මස්‌ථාන අතරට දිවාගුහාව චිත්‍රයට නැගුවේ කෙසේද? එම චිත්‍රයට පසුබිම් වී තිබෙන්නේ බටතොට ලෙන බව අනුමාන කළ හැක. මෙම කරුණු සොයා බලා තීරණයක්‌ ගැනීම බුද්ධිමත් පාඨකයන්ට භාර කරමි.

පුරාණ බටතොට ලෙන අප්‍රසිද්ධියේ සහ අද්භූත සිදුවීම් තුළින් ජනතාව භීතියට පත් කරමින් වසර 712 ක්‌ බොදු ජනතාවගේ වන්දනා මානයට ලක්‌ නොවූයේ "ඛණ්‌ඨමාරි" භූත බලවේගය නිසාද?

මේ වන විට සොයාගෙන ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා ජනප්‍රවාද අනුව බටතොට ලෙන හෙවත් දිවාගුහාව තුළ විහාර කර්මාන්තය මුලින්ම ආරම්භ කර ඇත්තේ නිශ්ශංකමල්ල රජ සමයේය. ඒ බවට හේතු සාධක බොහොමයක්‌ මෙම ලෙන තුළින් සොයාගත හැක.

වර්ෂ 1178 සිට 1207 දක්‌වා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් නිශ්ශංකමල්ල ශ්‍රී පාදය සොයා සමන්තකූඨ පර්වතයට යන ගමනේදී බටතොට පිහිටි ගල්ලෙනේ දින කිහිපයක්‌ම ගත කළ බවට ජනප්‍රවාද පවතියි. මෙම ලෙනේ සිට බැලූ කල ශ්‍රී පාදස්‌ථානය මනාව දිස්‌වන හෙයින් මෙය දිවාගුහාව යෑයි තීරණය කළ රජතුමා දිවා විහරණ සිද්ධියටම අදාළ වන සේ විහාර කර්මාන්තය කිරීමට තීරණය කර ඒ සඳහා ඔහුගේ ඥතිවරයකු සමග අවශ්‍ය පිරිස ඒ සඳහා පිටත් කර එවා ඇත.

විහාර කර්මාන්තය සිදු කරමින් යන කාලය තුළ දිනෙක එම රාජකීයයා විසින් අන්තඃපුර කුමාරිකාවක්‌ දූෂණය කර ඇයව ජීවිතක්‍ෂයට පත් කර ඇත. මෙම සිදුවීමෙන් බද්ධ වෛරයෙන් මරණයට පත් රත්නමාලි නම් වූ කුමරිය "ඛණ්‌ඨමාරි" නමින් යක්‍ෂණියක්‌ව ඉපිද අවුරුදු 712 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ මෙම බටතොට ලෙනට අරක්‌ගෙන සිට එහි පැමිණෙන ගිහි පැවිදි සියලු දෙනා ගොදුරුකර ගනිමින් වසර 712 ක්‌ මෙම ලෙන හුදකලා පාළු ස්‌ථානයක්‌ බවට පත් කළ බව එම ස්‌ථානයට වර්තමානයේ පැමිණි ඇතැම් අයගේ ශරීරවලට ආවේශ වුණු භූත ආත්මවලින් හෙළි විය.

1999 වසරේ සංවර්ධන කටයුතුවලින් පසු එම වසරේ වෙසක්‌ මාසයේ සිට මෙම ස්‌ථානය මහජනයාගේ වැඳුම් පිදුම්වලට ඉඩ සලසාදීමෙන් අනතුරුව දිනකට විශාල පිරිසක්‌ මෙම දිවාගුහාව දැක බලා වන්දනාමාන කිරීම සඳහා පැමිණි අතර ඉන් දිනකට රූමත් කාන්තාවන් දෙතුන් දෙනෙක්‌ වත් භූත ආවේශයෙන් වියරු වැටී විවිධාකාර ස්‌වරූපයන්ගෙන් හැසිරීමට පටන්ගෙන ඇත.

මෙසේ සිදුවෙමින් පවතින අතරතුර 1999 ඇසල මාසයේ පසලොස්‌වක පොහොය දිනක දිවාගුහාවේ වස්‌ විසීමට වලල්ලාවිට සිට නිවුන්හැල්ලේ ධම්මරක්‌ත හිමියෝ වැඩම කළහ. උන්වහන්සේ භාරදී යැමට පැමිණි පිරිස අතර පොල්ගම්පල හරන්කහපොත විහාරවාසී සීවලී හිමියන් ද සිට ඇත. උන්වහන්සේ පිටත්ව යැමට පෙර බුදුකුටිය තුළට ගොස්‌ සර්වඥධාතූන් නිධන් කළ පිළිම වහන්සේට අත තබා වඳිනවාත් සමගම උන්වහන්සේ "මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා. මෙතැන සිට සියල්ල කියන්න බැහැ. සියල්ල දැනගන්න මගේ තැනට වර" කියා නික්‌ම ගියහ.

අනතුරුව සීවලී හිමියන්ගේ ලිපිනය ධම්මරක්‌ත හිමියන්ගෙන් ලබාගෙන උන්වහන්සේ වැඩ සිටි හරන්කහපොත විහාරස්‌ථානය වජිර කිත්සිරි වැලිකල, කලාශූරි ඩී. පී. ඡේ. ජයදේව මහතා ඇතුළු පිරිසක්‌ ගොස්‌ භූතාත්මයකින් ආවේශ වී සිටි සීවලී හිමියන්ගෙ අසලට යත්ම "මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා ඈ දෙවරක්‌ තෝ මරන්න හදලා තියෙවා. බුදුගුණ නිසා තෝ මරන්න බැරි වුණා. ඇය තොගෙ පස්‌සෙන් එනවා. ජීවිතයට ආස නම් තෝ.... ඔය ගෙන්න ගත්ත හාමුදුරුවොයි ගෙනාපු ධාතූන් වහන්සේලායි අරගෙන පල... එම නියෝගයෙන් බියට පත් පිරිස යක්‍ෂ බලවේගය එතැනින් ඉවත් කර දිය නොහැකිදැයි විමසූ විට "මම ඒවා කරන්නෙ නැහැ. තොට ඕනෑ තැනකට ගොස්‌ කරගනින්" දැන් ඉතින් පල කියා ගිගුරා පලවා හැර ඇත.

ඉන් පසු 1977 වසරේ දිනෙක කිරිවෙහෙරේදී මුණගැසී දිවාගුහාව ප්‍රතිසංස්‌කරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවන් ගැන අවවාදයක්‌ දුන් කිරිඇල්ලේ චන්ද්‍රකාන්ති තරුණිය සොයාගෙන ගිය පිරිසට එහිදී "තෝ මෙහෙටත් ආවද? මම තොගෙ හතර වරිගෙම කනවා. තෝ සර්වඥ ධාතු ගෙනැත් තියලා මම අවුරුදු 712 ක්‌ හිටපු තැන මට නැති කළා" යනුවෙන් ගුගුරණවාත් සමගම බියෙන් තැතිගත් වැලිකල මහතා මෙසේ විමසා ඇත. බලංගොඩ නාහිමියන් දිවාගුහාව යෑයි ප්‍රකාශ කළ ස්‌ථානය මිනිසුන්ට මෙන්ම දෙවියන්ට, භූතයන්ට වන්දනාමාන කර පිංසිදු කර ගැනීමට දියුණු කළාට ද මගෙන් පලිගන්නවා දැයි විමසූ විට යළිත් භූතාත්මය "විහාරය හදන්න ඇවිත් තමයි උන් මාව මේ තත්ත්වයට ඇද දැමුවේ" ඇය පෙර භවයේ සිදුවීම මෙලෙස විස්‌තර කර ඇත.

පෙර ආත්මයේ කේරළයේ සිට ලංකාවට ගෙන ආ රත්නමාලි නම් කුමරියක්‌ බවත් විහාර තැනීමට පැමිණි රාජකීය පුද්ගලයා අතින් දූෂණයට ලක්‌ව මරණයෙන් පසු එතැන් සිට ඛණ්‌ඨමාරි නමින් අවුරුදු 712 ක්‌ ගල්ලෙනට අරක්‌ගෙන සිටිය බවත් පැහැදිලි කර ඇත.

අවුරුදු 712 ක්‌ ගෙවුණ මෙම ආත්මයෙන් මිදී සුගතිගාමී වීමට නම් ලෙනට අඩි 40 ක සීමාව තුළ තමන්ට වාසස්‌ථානයක්‌ වෙන්කර දෙන ලෙස ඉල්ලා ඇත.

1999 වසරේ අගෝස්‌තු මාසයේ පුන් පොහෝ දින ඛණ්‌ඨමාරි භූමාටු ආත්මයට පිංදීම සඳහා ලෙන් විහාරයේ අඩි 40 සීමාව තුළ කිරිනුග පැළයක්‌ සිටුවා එය දසසිල් මාතාවන් 15 කට වැඩි පිරිසකට කිරිපිඬු දානයක්‌ පිරිනමා ඔවුන් සමග සුදු මල් හා හේවිසි සහිත පෙරහැරකින් ගෙන ගොස්‌ අටපිරිකරක්‌ ඇයට කැප කරවා එම නුගය මුල තබා ඉන් පසු නැවත පෙරහැරකින් එය බුදුලෙනට වැඩම කරවා සැතපෙන පිළිම වහන්සේගේ සිරිපතුල පාමුල ඇය වෙනුවෙන් තබා පිං අනුමෝදන් කිරීමෙන් පසු වසර ගණනක්‌ පැවැති මෙම භයානක උවදුරෙන් මිදී සියලුම බැතිමතුන්ට මෙම පිං බිමේ දැකබලා වැඳ පුදා ගැනීමට හැකියාව ලැබුණු බව කියවෙන අතර මේ වන විට දහස්‌ ගණනින් මෙම ස්‌ථානයට පැමිණෙති.

දිවාගුහා ලෙන තුළ බුදු කුටියට පිටින් අරුම පුදුම විෂ්ණු දේවාලයක්‌ ඉදිකර ඇත. එහි ඇති චිත්‍ර හා මූර්ති අනුව රත්නමාලි කුමරිය සිදුවූ සිද්ධිය දනවන කරුණු රාශියක්‌ වටහා ගැනීමට හැකිය. දේවාලයේ ඉදිරිපස දොරටුපාල රූපයෙන් හින්දු ආභාෂය පිළිබිඹු වේ. දොරටුව ඉහළින් දැක්‌වෙන බ්‍රිතාන්‍ය යුගයේ ඔරලෝසුවක එය ඉදිකරන ලද වර්ෂය 1908 යනුවෙන් සඳහන්ව ඇත.

කුරුවිට කෝරළයේ වෙහෙර විහාර 14 ක්‌ ඉදිකිරීමට මූලිකත්වය දැරුවා වූ අමරපුර සිරිධම්මවංශ මහා නිකායේ එක්‌නැලිගොඩ පාර්ශ්වයේ මූලික නාහිමියන් ලෙස සැලකෙන බටතොට ශ්‍රී සුභූති නාහිමියන් යම්කිසි අද්භූත සිද්ධියක්‌ මුල්කර ගනිමින් එය මගහැරීමට මෙම දේවාලය ඉදිකරන ලදැයි එකල ජීවත් වූ වැඩිහිටියන් පිළිගත් මතයකි.

එවැනි ඉතිහාසයක්‌ ඇති මෙම දේවාලය තුළ නිර්මාණය කර ඇති චිත්‍ර මූර්ති තුළින් අපට යම් අවබෝධයක්‌ ලබාගැනීමට හැකිය.

විෂ්ණු දෙවියන් යම්කිසි දේව සභාවක විනිශ්චයක්‌ ප්‍රකාශ කරන දර්ශනයක්‌ එහි දැක්‌වේ. විෂ්ණු දේවරූපයේ දකුණු පස බිත්තියේ, ගම්භාර, කතරගම, කළුකුමාර, පත්තිනි ඇතුළු දේවරූප හතක්‌ සටහන් වී තිබේ. මෙය අද සමාජයේ ශේ්‍රෂ්ඨාධිකරණ ජුරි සභාවක්‌ ඉදිරියේ විභාග කරන නඩු විභාගයකට සමාන දර්ශනයකි.

විෂ්ණු රූපයේ වම් අත අසලින් ඉතා රූමත් තරුණියකගේ උඩුකය අඩ නිරුවත් චිත්‍රයක්‌ තිබේ. මෙය කාමුක හැඟීම් දනවන අන්තඃපුර කාන්තාවකගේය යන්න අනුමාන කළ හැක.

ඊට යාබදට වැඩි රාජකීය පුද්ගලයකුගේ යෑයි සිතිය හැකි පිළිරුවකි. එය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අයකුගේ යෑයි සිතිය හැක. ඒ අසලම ඇත්තේ එම අංශයේම තරුණ කුමාරයකුගේ පිළිරුවකි.

මෙම ස්‌ථානයට ගොස්‌ දැක බලාගැනීමෙන් ඉහත සඳහන් පුවත පිළිගැනීම හෝ බැහැර කිරීම පාඨක ඔබ සතුය.

සෝමචන්ද්‍ර යකන්දාවල
2013 ජනවාරි 13 ඉරිදා දිවයින

බොදු පුනරුදයේ තිඹිරිගෙයයි ඒ ගිනිගත්තේ


ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත් ලෙස දොරට වැඩි 'ලංකාලෝකය' හා 'ලක්‌මිණි පහන' මුද්‍රණය කළ ඓතිහාසික මුද්‍රණ යන්ත්‍රය ද එහි අකුරු පුවරු සහ අනිකුත් ලීයෙන් නිම වූ කොටස්‌ ද පසුගියදා ගිනි රකුසා විසින් විනාශ කළ අයුරු එදිනෙදා ජනමාධ්‍යවලින් ජනතාවට අසන්නට හා දකින්නට ලැබිණි. එම මුද්‍රණාලය පිහිටි ගාල්ල හබරාදුව රන්වැල්ල ඓතිහාසික විහාරස්‌ථානයේ ද කොටසක්‌ ගින්නෙන් විනාශ වී ඇති අයුරු ලක්‌වැසි දැ හිතැති කාගේත් සිත් සතන් වේදනාවට පත් කළාට සැක නැත. එදින එම විහාරයේ වැඩ සිටි අහංගම ප්‍රේමානන්ද හිමියන් ද ජීවිතය බේරාගෙන ඇත්තේ පෙර පිනකින් යෑයි වාර්තා වේ. මෙම මුද්‍රණාලය මෙන්ම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම විහාරය ගැන ද ලාංකික බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක්‌ සනිටුහන් වේ.

වර්ෂ 1840 දී බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් ගොඩනඟන ලදැයි සැලකෙන ගිනිමැල්ලේ විහාරය දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ හබරාදුව, කතළුව ප්‍රදේශයේ පිහිටියේ ය. ලංකාවේ දස දහස්‌ ගණන් විහාර අතුරින් මෙම විහාරය දුර්ලභ ඝනයේ ඓතිහාසික විහාරයකි. මෙම විහාරය සියම් ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියමින් අටකොන් හැඩයට නිමවා ඇති රමණීය විහාරයකි. ඓතිහාසික, ආගමික මෙන්ම පුරාවිද්‍යාත්මක අතින් ද විශාල වටිනාකමක්‌ මෙම විහාරය සතුව ඇත. ලංකාවේ පැරැණිම සිංහල බෞද්ධ පුවත්පත් වූ 'ලංකා ලෝකය' සහ 'ලක්‌මිණි පහන' මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය සහිත මුද්‍රණාලය ද පැවතියේ මෙහිය. මේ විහාරයේ අධිපති ධුරය දැරූ බුලත්ගම සිරි ධම්මාලංකාර සුමනතිස්‌ස හිමියන් එකල සියම් රටේ සියම් රජුගේ හිතවතෙකි. එබැවින් රජතුමා විසින් මේ හිමියන් වෙත පූජා කළ විශාල පොත්පත් සංඛ්‍යාවක්‌ මෙන්ම නොයෙකුත් තෑගි භාණ්‌ඩ රැසක්‌ ද මෙම විහාරය සතුව පවතී. එසේම ඓතිහාසික පුස්‌කොළ පොත් විශාල සංඛ්‍යාවක්‌ මෙන් ම දුර්ලභ බෞද්ධ පොත පත ද මේ පැරැණි මුද්‍රණය යන්ත්‍රය මගින් මුද්‍රණය කළ වටිනා ග්‍රන්ථ රාශියක්‌ ද මේ විහාරය සතුව පැවැතීම මේ විහාරයේ වටිනාකම ඔප්නංවයි.

මෙරට මුහුදුබඩ පෙදෙස්‌ අල්ලාගත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ඈ යුරෝපීය ජාතීනට අවශ්‍ය වූයේ මුළු රටම තම අණසක යටතට ගැනීමය. ලක්‌දිව ඉන්දියන් සාගරයේ වෙළෙඳ මධ්‍යස්‌ථානයක පිහිටීමත්, මෙහි පවත්නා උසස්‌ දේශගුණයත්, රන්, රිදී, මුතු, මැණික්‌ වටිනා සම්පත් පිහිටීමත්, ඔවුනට මේ රට තම අණසක යටතට ගැනීමේ අවශ්‍යතාව වඩාත් ප්‍රගුණ කළේය. තමුන්ගේ ආයුධ බලය හා යුද ශක්‌තිය යොදා මුහුදුබඩ පෙදෙස්‌ අල්ලා ගත් ඔවුනට මුළු රටම තම අණසක යටතට ගෙන පාලනය කිරීමට නම් ලාංකිකයන් තමනට අවනත ජනතාවක්‌ බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව ඔවුනට අවබෝධ වී තිබිණි. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ තමන්ගේ ආගම වූ ක්‍රිස්‌තියානි ආගමය. ක්‍රිස්‌තියානි ආගමිකයන් බිහිකර ගැනීම සඳහා මෙරට බෞද්ධයන් වඩ වඩාත් තම ලබ්ධියට හරවා ගැනීමට ඔවුනට අවැසි විය. ඒ සඳහා ඔවුන් යොදා ගත් එක්‌ වැදගත්ම උපක්‍රමය නම් මුද්‍රණ ශිල්පයයි. මෙකල යුරෝපීය රටවල මුද්‍රණ ශිල්පය දියුණු වෙමින් පැවතිනි. මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනය වෙමින් පැවතිනි. පළමුවෙන් ඒ සඳහා අඩිතාලම දැමුවේ ලන්දේසීන්ය. ඔවුහු කොළඹ මුද්‍රණාලයක්‌ ස්‌ථාපිත කර පිටු 40 කින් යුත් Gospels පොත මුද්‍රණය කළහ. වර්ෂ 1740 දී Sinhalese Catechism නම් ක්‍රිස්‌තියානි ධර්මය ගැන සිංහල පාඩම් පොත ද, ඨදිචැකි නම් දෙමළ පොත ද බයිබලයේ නව ගිවිසුම් ක්‍රියා පොත, රෝම කොරෙන්ති සිට ගලානි දක්‌වා පොත ද, ශූභාරංචි පොත් හතර, පරණ ගිවිසුමේ උප්පත්ති කථාව, නික්‌මයැම, ලෙව් කථාව, ගණන් කථාව, ශබ්ද කෝෂ ද මුද්‍රණය කරන ලදී. මේ පොත පත, පත්‍රිකා දැන්වීම්, පත්‍රිකා මගින්, ලාංකික බෞද්ධ ජනතාව තම ලබ්ධියට හරහා ගැනීමට ලන්දේසීන් මුද්‍රණ ශිල්පය උපයෝගී කර ගති. ලන්දේසීන් පලවා හැර මුහුදුබඩ පෙදෙස්‌ තම අණසකට ගත් ඉංග්‍රීසීන් ද මේ මුද්‍රණ උපක්‍රමයම තම පැවැත්ම හා පාලන පහසුව සඳහා යොදා ගත්හ. ඔවුන් ලන්දේසින්ගෙන් අල්ලා ගත් මුද්‍රණාලය පමණක්‌ නොව තවත් මුද්‍රණාල කීපයක්‌ ආරම්භ කළ බවට සාධක තිබේ. 1812 දී බයිබල් සමාගමත්, 1815 දී වැසිලියන් සමාගමටත්, 1832 එංගලන්ත සභාව කෝට්‌ටේ ආදී වශයෙන් මුද්‍රණාල කීපයක්‌ ආරම්භ කරන ලදී. 1840 'ලංකා නිදාන' සඟරාවද, 1844 'විවේචකයා' සඟරාවද, 1846 කොළඹ කතෝලික සඟරාවද, 1853 දී 'සව්සන්දර වාදය' සඟරාවද, 1854 දී ලංකාභිවෘද්ධිය සඟරාවද, යාපනයේ මානිපායි හි 'උදය තාරගයි' පත්‍රය ද මුද්‍රණය කර ලාංකිකයන් අතරේ බෙදාහරිමින් ලාංකික බෞද්ධ හා හින්දු භක්‌තියත් තම 
ආගමට හරවා ගැනීමේ දැඩි ප්‍රයත්නයක නිරත විය. කොළඹ බයිබල් සමාගමේ මුද්‍රණාලයත්, කොළඹ වෙස්‌ලි විද්‍යාලයීය මුද්‍රණාලයත් එක්‌ව 'මාසික තෑග්ග' මාසික සඟරාව මෙන්ම විශාල පොත්පත් රාශියක්‌ මුද්‍රණය කරමින් රට තුළ බෙදාහරින ලදී. 'ඥානාර්ථ ප්‍රදීපය' නම් කතෝලික පත්‍රය ද ආරම්භ කළේය. මේ සඳහා යුරෝපීය රටවල සහ රජයේ සම්පූර්ණ අනුග්‍රහය හා ආධාර ලැබිණි. මේ සෑම පොත පතකින්ම සඟරාවකින්ම පත්තරයකින්ම හුවා දැක්‌වූයේ ක්‍රිස්‌තියානි ධර්මයේ උසස්‌කමය. බුද්ධාගමට මෙන්ම බෞද්ධ භික්‍ෂුන්ට හා බෞද්ධ දර්ශනයට මේවායින් නිර්දය ලෙස පහර ගැසිණි. බෞද්ධ දර්ශනය මිථ්‍යාදෘෂ්ඨික දර්ශනයක්‌ ලෙස හුවා දක්‌වමින්, එයට නිර්දය ලෙස පහර ගසමින්, ලිපි පළ කරන ලදී. බොහෝ විට අභූත චෝදනා පවා එම ලිපිවල අඩංගුව පැවැති බව සඳහන් ය. මේවාට පිළිතුරු දීමට එදා ලංකාවේ බෞද්ධයන්ට මෙන්ම භික්‍ෂුන් වහන්සේලාට කිසිම මාර්ගයක්‌ නොවීය. එක්‌ පැත්තෙන් රටේ පාලකයන්ගේ බලය, අනෙක්‌ පසෙන් ක්‍රිස්‌තියානු පල්ලියේ හා ජාත්‍යන්තර ආගමික සංවිධානවල බලය මත රටේ බෞද්ධ ජනතාව හා භික්‍ෂුන් වහන්සේලා අසරණ වූහ.

ප්‍රසිද්ධ ස්‌ථානවල වේදිකා සාදා ආගමික වාද පැවැත්වීමට බෞද්ධ නායකයන් පටන් ගත්තේ ඉන් පසුවය. පානදුරාවාදය, උදම්විටවාදය, ගම්පොලවාදය, වනවාසලවාදය ආදී වාද පටන් ගත්තේ ආගම බේරා ගැනීමට හා අපවාදවලින් බුද්ධාගම ආරක්‍ෂා කර ගැනීමේ උදාර පරමාර්ථයෙනි. එහෙත් ඔවුන්ගේ මුද්‍රණ ශිල්පීය ක්‍රම ඉදිරියේ බෞද්ධ ජනතාවට විශාල පසුබැස්‌මක්‌ ඇති විය. මුද්‍රණාලයක අඩුපාඩුව බෞද්ධ ජනතාව තුළ නලියන්නට විය.


මෙවැනි පසුබිමක්‌ යටතේ ජාතිය ගැන, ආගම ගැන, බෞද්ධ ජනතාව ගැන, රට ගැන ඇති වූ වේදනාවෙන් සිටි බුලත්ගම සිරි ධම්මාලංකාර සුමනතිස්‌ස ස්‌වාමීන් වහන්සේ බෞද්ධයන් වෙනුවෙන් මුද්‍රණාලයක්‌ පිහිටුවීමට ඉදිරිපත් වූ සේක. විශාල බාධක රැසක්‌ මැද උන්වහන්සේට මේ උදාර කටයුත්ත සඳහා වෙහෙසවන්නට සිදුවිය. ගුණ ගරුකභාවය හා සිල්වත්භාවය නිසා උන්වහන්සේ රටේ මෙන්ම විදෙස්‌වල ද මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලීය. බෞද්ධ දානපතියන් දෙදෙනකු සහ දායකයන් රැසක්‌ මේ සඳහා මුදලින් ආධාර කළ ද, එය ප්‍රමාණවත් නොවීය. උන්වහන්සේ තම හිතවතකු වූ සියම් දේශයේ රජතුමාට මේ බව දන්වා යෑවීය. සියම් රජතුමාගෙන් ලද විශාල මුදලක්‌ නිසා සුමනතිස්‌ස හිමියනට මුද්‍රණ යන්ත්‍රයක්‌ මිලයට ගැනීමේ අවස්‌ථාව උදාවිය.

සිංහල බෞද්ධ මුද්‍රණාලයක්‌ මෙවැනි යුගයකදී ආරම්භ කිරීම මොනතරම් අසීරු කරුණවක්‌ ද යන්න අපට පෙනේ. ඒ පැවති දුෂ්කරතාව ගැන 'ලංකාලෝකය' පුවත්පතේම සඳහන් මේ ඡේදය කියෑවීමෙන් අපට මැනවින් පැහැදිලි වේ.

"ඒ කාලයේ මුදල් දීමට පොරොන්දු වූ දායකයන්ගෙන් දෙදෙනෙක්‌ කිසිසේත් මුදල් නුදුන්නෝ ය. පස්‌දෙනෙක්‌ පවුම් දහසයේ ගණන නොදී එයට අඩු ගණනින් දුන්නෝය. ඒ සියලු මුදල් පවුල් 181 ලැබුණාය. ඒ ලැබුණු මුදලින් ඇංගලන්තයෙන් මුද්‍රාංඛන යන්ත්‍රයක්‌ හා ඊට උවමනා බඩු ගෙන්වා සිංහල අකුරු ඊටම බැදුනු දායකයෙක්‌ ලවා කප්පවා අනිකුත් එයට උවමනා කරන බඩුත් ඒ ඒ කර්මාන්තකාරයන් ලවා කරවා යන්ත්‍රය තැබීමට ගෙයක්‌ බදු ගෙන කඩදාසි පිටු අටක්‌ එකවර අච්චු ගහන්නට පුළුවන් පමණ සිංහල අකුරු සපයා 'ලංකෝපකාරය' නමින් මුද්‍රාංකන යන්ත්‍රය තැබූ නමුත් එපමණකින් යන්ත්‍ර ශාලාවට ඕනෑකරන තරම් අකුරු ආදිය සම්පූර්ණ නොවූයේ ය."

(සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය කළුකොදයාවේ ශ්‍රී ප්‍රඥාසේකර හිමි) 

මුද්‍රණාලයක්‌ ඇරඹීම මත උන්වහන්සේ එංගලන්තයෙන් මුද්‍රණ යන්ත්‍රයක්‌ මිලට ගනී.

මෙම මුද්‍රණ යන්ත්‍රය ගාලු වාරයෙන් ලංකාවට ගෙන එන ලදී. මෙය 1801 දී එංගලන්තයේ කාස්‌ලන් සමාගම විසින් නිපදවන ලද මුද්‍රණ යන්ත්‍රයකි. මුලදී පිටු 08 ක පමණ පොත් මුද්‍රණ කිරීම ආරම්භ විය. එහෙත් ක්‍රිස්‌තියානු පක්‍ෂය විසින් එල්ල කරනු ලබන චෝදනාවලට පිළිතුරු සැපයීමේ මුද්‍රණය කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවීය. එබැවින් උන්වහන්සේගේ ඉල්ලීම පරිදි ඒ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම පිණිස උඩරට, පහතරට ප්‍රභූන් කිහිපදෙනෙකු මූල්‍යමය ආධාර කළ බව සඳහන් වේ. මුද්‍රණාලය පාලනය කිරීම පිණිස කමිටුවක්‌ පත් කර තිබිණි. ජොහානිස්‌ ද සිල්වා එහි කළමනාකරු ලෙස ද වූ කමිටුවේ මූලිකත්වය ධම්මාරාම හිමියන් විsසින් උසුලන ලදී. 1860 වර්ෂයේදී ආරම්භ කළ 'ලංකා ලෝකය' පුවත්පත ලියාපදිංචිව නොපැවැති බව සැලයි. මෙම මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද 'ලංකා ලෝකය' පත්‍රයේ මුල් පිටපතක්‌ අදත් දොඩන්දූවේ කුමාර විහාරයෙහි පොත්ගුලෙහි ප්‍රදර්ශනයව පවතී. ධම්මාරාම සුමනතිස්‌ස හිමියන්ගේ ගෝලයකු වූ ප්‍රඥාසේකර හිමියන් විසින් රචිත පිටු සිය ගණනකින් යුත් අභිධර්මය පිළිබඳ ග්‍රන්ථ දෙකක්‌ මෙම මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ඇත. ලංකාලෝකය පත්‍රයේ කතෘ ලෙස බුලත්ගම ධම්මාලංකාර හා දොඩන්දූවේ පියරතන තිස්‌ස හිමිවරුන් කටයුතු කර ඇත. දැනට ලැබී ඇති එහි මුල්ම පිටපත මුද්‍රණය කර ඇත්තේ 1860 සැප්. මස 10 වැනි දින දී ය. එහි පුවත්පත ජයවර්ධන මුදලිතුමා විසින් ගාල්ලේ ලංකාලෝක මුද්‍රණාලයේදී මුද්‍රණය කරන ලදැයි එහි සඳහන් වේ. 1862.09.11 දින 'ලක්‌මිණි පහන' ඇරඹිනි. එහි කතුවරු වශයෙන් බුලත්ගම ධම්මාලංකාර හා දොඩන්දූවේ පියරතන හිමිවරුන්ගේ නම් සඳහන් වේ. හික්‌කඩුවේ සිරි සුමංගල හිමි, වැලිගම සිරි සුමංගල හිමි, සියම් රටේ රජතුමා මෙන්ම අභයකෝන් ජයසුන්දර හේරත් බණ්‌ඩාර මුදලිතුමා මේ පුවත්පත් මුද්‍රණාලය සඳහා බොහෝ උදව් කළ බැව් සඳහන් වේ. සියම් රජතුමා ධම්මාරාම සුමනතිස්‌ස හිමියන් වෙත වටිනා දහම් පොත් රාශියක්‌ එවන ලද බැව් සැලයි. ඒවා අතරින් අට්‌ඨශාලිනි අත්ථයෝජක නම් අගනා බෞද්ධ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කළ බුලත්ගම සිරි ධම්මාලංකාර හිමියන් එය පිටු 275 සිංහල පොතක්‌ ලෙස මුද්‍රණය කරන ලදී. එසේම මුන්වහන්සේ විසින් ලියන ලද 'විනෝදනී අස්‌ථයෝජනා' ග්‍රන්ථය ද පිටු 263 කින් මේ මුද්‍රණාලයේ දී ප්‍රකාශිතයි. මෙම වටිනා මුද්‍රණාලයෙන් වටිනා බෞද්ධ පොත් 39863 ක්‌ මුද්‍රණය කළ බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. එසේම මිෂනාරි චෝදනාවලට පිළිතුරු දීම සඳහා පොත් දහස්‌ ගණනක්‌ මේ යන්ත්‍රාලයේ මුද්‍රණය කරන ලදී. ශ්‍රී සුමංගල හිමියන් රචිත 'සුදර්ශනය', 'බෞද්ධවාක්‌සාරය', සුමති සංග්‍රහ වැනි සඟරා ද මේ මුද්‍රණාලය තුළින් ජාතියේ සුරතට පත් විය. මෙම මුද්‍රණද්වාරයෙන් බිහි වු තවත් වටිනා ග්‍රන්ථයක්‌ නම් 'පංචවාදය' පොතය. කොටහේනේ දීපදුප්තාරාමයේ වැඩ විසූ වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ නායකත්වයෙන් ක්‍රිස්‌තියානි පූජකයන් සහ දේශකයන් සමඟ පැවැති ගම්පලවාදය, පානදුරාවාදය, වරාගොඩවාදය, ඔරුගොඩවත්තවාදය, උදම්විටවාදය ආශ්‍රයෙන් මුද්‍රණය කරන ලද මේ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දෙස්‌ විදෙස්‌වලට ප්‍රසිද්ධියට පත්විය. බෞද්ධ අධ්‍යාපනයේ මෙන්ම බුද්ධාගමේ උන්නතිය සඳහා කැප වූ කර්නල් ඕල්කට්‌තුමා, මියුසියස්‌ මැතිනිය වැනි විදෙස්‌ කතෝලිකයන් බුද්ධාගම වැළඳ ගැනීමට මේ ප්‍රකාශනය ඉවහල් විය. මුලදී මෙම මුද්‍රණාලය බද්දට ගත් ස්‌ථානයක පවත්වා ගෙන ගිය අතර පසුව එය ගාල්ලේ එලියට්‌ කන්දේ ශ්‍රී පරමානන්ද විහාරස්‌ථානයට ගෙන එන ලදී. එයට හේතු වූයේ බුලත්ගම ශ්‍රී ධම්මාලංකාර සුමනතිස්‌ස හිමියන් එම විහාරස්‌ථානයේ අධිපති ධුරයට පත්වීමය. එම විහාර මන්දිරයේ පුස්‌තකාල ගොඩනැඟිල්ලේ එම මුද්‍රණාලය පවත්වා ගෙන එන ලදී. 1891 අගෝස්‌තු 24 දින උන්වහන්සේ අපවත් වන තුරුම එම මුද්‍රණාලය එම විහාරස්‌ථානයේ පවත්වා ගෙන එන ලදී. සිරි ධම්මාලංකාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු එම මුද්‍රණාලය ඒ හිමියන්ගේ ගෝල හිමිනමක විසින් කතළුව ගිණිවැල්ල පුරාණ රන්වැලි විහාරස්‌ථානයට ගෙන එන ලද්දේය. එදා පටන් ගිනිවැල්ල රන්වැලි විහාරයේ නායක හිමියන්ගේ ආවාසයේ වෙනම කාමරයක්‌ තුළ මේ මුද්‍රණ යන්ත්‍රය සුරක්‍ෂිතව තැන්පත් කර තිබිණි. ලක්‌දිව අන්‍ය ආගමිකයන් ක්‍රිස්‌තියානීන් බවට පත් කිරීමට 1735 දී ලන්දේසීන් ඇරඹි මුද්‍රණ කලාවත්, වර්ෂ 1835 දී ඉංග්‍රීසීන් විසින් 'කලම්බු ජර්නල්' මගින් ඇරැඹි ඉංග්‍රීසි පුවත්පත් කලාවත්, වර්ෂ 1841 දී යාපනයේ මානිපායි හි ඇරඹි 'උදය තරගායි' නමැති දෙමළ පුවත්පතත් ලක්‌දිව පුවත්පත් කලාවේ යම් ආරම්භයක්‌ කළ ද එසේම 'ලංකාලෝකය', 'ලක්‌මිණි පහන' පුවත්පත් ද, සිංහල බෞද්ධ පුවත්පත් කලාවේ විප්ලවකාරී ආරම්භයක්‌ සනිටුහන් කරයි. එවන් ජාතික, ආගමික පුනරුදයක්‌ ඇති කිරීමට උපකාරී වූ පුරාවිද්‍යාත්මක අගයකින් යුතු මේ මාහැඟි ජාතික වස්‌තුව (මුද්‍රණ යන්ත්‍රය) ගිනි රකුසා විසින් ඩැහැගත්තේ ජාතියේ අවාසනාවටය.

රණසිංහ ඒ. එන්. පෙරේරා
2012 දෙසැම්බර් 02 ඉරිදා දිවයින

"යෝධයන්" කැපූ ඇළ

අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය. කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප‍්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප‍්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.
කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප‍්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක‍්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.
කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප‍්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප‍්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප‍්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය. දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.
ක‍්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප‍්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත. ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.
යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය -  වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත. යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.
කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය. අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත. පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.
යෝධ ඇළ ගලා ගිය ප‍්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ‍්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය.   වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය. මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.
ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක‍්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප‍්‍රථම වරට යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත. නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.
රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ. මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.

සාකච්ඡා කළේ - එප්පාවල රත්න බී. ඒකනායක
2012 ඔක්තෝබර් මස 28 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 යෝධ ඇළ
 යෝධ ඇළේ සමරහ ස්ථාන විනාශවී

මහඉලුප්පල්ලම භූගත ජල විද්‍යාඥ ආචාර්ය පී. බී. ධර්මසේන මහතා

එදා කොළඹ පාරවල්වල නම් හැදුණු හැටි


අඩුවෙන් ගමන්කළ මාර්ගයක් ඔස්සේ 
කොළඹ මාර්ගවල පැරැණි නම් වෙනුවට අලූත් නම් යෙදීම සිදුවෙමින් පවතිද්දී සන්ඬේ ටයිම්ස් හි කුමුදුනී හෙට්ටිආරච්චි  සමග කළ සාකච්ඡාවක් මගින් ෆ්‍රෙඞ්රික් මෙන්ඩිස් අප රැගෙන යන්නේ දීප්තිමත් ඓතිහාසික සංචාරයකය.
නමක වටිනාකම කුමක්දැයි කවියා විමසුවද පොත් හා ලිය කියවිලි මගින් දැනුම ලබාගෙන මෙන්ම දුවිලි මාවත් දිගේ දිවිය පුරා ඇවිද ඇති වයස අසූ ගණන්වල සිටින ප්‍රෙඞ්රික් මෙන්ඩිස්ට සැම දෙයක්ම ඇත්තේ නම තුළය.
කෙසේ වෙතත් දෙපසෙහි ගස් වවා ඇති හෝර්ටන් පෙදෙසට නම ලැබුණු ආකාරයත් එහි පවුල් ප‍්‍රශ්න හා ඒ පිටුපස ඇති කවි පිළිබඳව ඔහු දැනුම ලබා ගන්නේ කවියාගෙන් නොව බයිරොන් සාමිවරයාගෙනි.
මෙන්ඩිස් මහතා සමග කළ දිගු සාකච්ඡුාවේදී සන්ඬේ ටයිම්ස් පුවත්පතට දැන ගන්නට ලැබුණේ ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයකුව සිටි ශ්‍රීමත් රොබර්ට් විල්මට් විවාහ වූ අවස්ථාවේ ඔහුගේ මාමා ස්ථිර ලෙස ප‍්‍රකාශ කළේ තමන්ට හිමිවන දේපළවල උරුමය ලැබීමට නම් ශ්‍රීමත් විල්මට් වාසගම් ද්විත්වයන් භාවිත කළ යුතු බවයි.
ආණ්ඩුකාරවරයාගේ විවාහයෙන් පසුව තම බිරිඳගේ වාසගම එකතුවීම නිසා ඔහුගේ නාමය ශ්‍රීමත් රොබර්ට් විල්මට් හෝර්ටන් බවට පත්වූ අතර අවසානයේදී කුරුඳුවත්තේ මධ්‍යම ප‍්‍රදේශයේ ඇති මාර්ගයකට එම නම ලැබුණේද ඒ ආකාරයෙනි. මෙන්ඩිස් මහතා කියන ආකාරයට කතාව එතැනින්ද නවතින්නේ නැත. සම්මානනීය කවි බයිරන් සාමිවරයා ආණ්ඩුකාරවරයාගේ බිරිඳගේ ඥාතියකුවන අතර ඔහු ”රාති‍්‍රයේ සුන්දරත්වය මෙන් ඇය ගමන් කරයි” කෘතිය කරන්නේ ආණ්ඩුකාර බිරිය කළු ගවුමකින් සැරසි සිටිනු දුටු අවස්ථාවකට පසුවය.
87 හැවිරිදි මෙන්ඩිස් මහතාගේ මතකය තුළින් නම් දින සහ නොවැදගත් තොරතුරු ද වචනයට නැගුණේ සන්ඬේ ටයිම්ස් සම්මුඛ සාකච්ඡුාවේදී පමණක් නොවේ. ශ්‍රී ලංකා ජාතික භාරය විසින් අගෝස්තු 30දා හැටන් නැෂනල් බැංකු ශ‍්‍රවණාගාරයේ පවත්වනු ලැබූ මාර්ග හා ස්ථාන නාම පිළිබඳ අතුරු සමීක්ෂණයේ සම්මන්ත‍්‍රණයේදී විශාල පිරිසක් ඉදිරියේ කළ කතාවේදී ද එය එසේ සිදුවිය.
කවි ගැන මෙන්ම බි‍්‍රතාන්‍යයන්ගේ කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ද කතා කළ අතර බලවත් ලෙස පෑන මෙහෙයවූ අයිරිස් ජාතික ආචාර්ය කි‍්‍රස්ටෝපර් එලියට් ගැනද සඳහන් කරමින් කීවේ ඔහුගේ නමින් නම්කළ මාර්ගයේ නාම පුවරුවේ එම නමේ අකුරු වැරැදියට ලියා ඇති බවයි. ත්‍යාගශිලියකු වූ ආචාර්ය එලියට් බොරැල්ලේ පදිංචිව සිටි අතර කලම්බු ඔබ්සර්වර් පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කළේය. බි‍්‍රතාන්‍යයන් විසින් පනවනු ලැබූ බලූ බද්ද සහ තුවක්කු බද්ද ඇතුළු බදුවලට එරෙහිව ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය ඔහු එයින් නොනැවතී බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි විරෝධතා සඳහා ද ජනයා මෙහෙයවීය.
බලූ බද්ද ගෙවීම ප‍්‍රතික්ෂේප කළ ඔහු වේදිකාවට ගොඩවී ඉංගී‍්‍රසියෙන් මෙන්ම සිංහලෙන් ද දේශීය ජනයා අමතා කතා කළ බව කී මෙන්ඩිස් ඔහුගේ එම කි‍්‍රයා කලාපයට එල්ලවූ බරපතළ ප‍්‍රතිචාර ගැනද සඳහන් කළේය.
එලියට් මහතා විසින් 1848 ජුලි 26 වැනිදා සංවිධාන කළ මහා විරෝධතාවයෙන් කලබලයට පත් බි‍්‍රතාන්‍ය හමුදාව පිටකොටුවේ සහ මරදානේ සිට බොරැල්ල කරා මෙහෙයවන ලද්දේ එම මහජන කැළඹිලි මැඩ පැවත්වීම සඳහාය. කැරලිකරුවන් පෙරළා පහරදුන් නිසා බි‍්‍රතාන්‍යයන් කළ වෙඩි තැබීමෙන් විශාල පිරිසක් මිය ගියහ. යටත් විජිත ලංකාව තුළ යුද නීතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. මුහුදින් එතර සිට කි‍්‍රයාත්මක වූ බලගතු බි‍්‍රතාන්‍ය පාලනය බලවත් පීඩනයකට ලක්වූ බව පෙනී ගියේය.
මෙම සිදුවීම ගැන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කිරීමේ බරපතළ ප‍්‍රතිවිපාක ඇතිවූ අතර අගමැති ජෝන් ලෝඞ් රසල් තම කිට්ටු ඥාතිවරයකු වූ ටොරින්ටන් සාමිවරයා ආණ්ඩුකාරවරයා ලෙස පත්කර එවනු ලැබීය. මෙය ඥාති සංග‍්‍රහයක් ලෙස විවේචනයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ටොරින්ටන් සාමිවරයා සහ වෙනත් ප‍්‍රධාන නිලධාරීන් ආපසු කැඳවීමට සිදුවූ අතර බි‍්‍රතාන්‍යයේ කැබිනට් මණ්ඩලය ද විසුරුවා හරිනලද බව මෙන්ඩිස් මහතා කියයි.ඊළඟට බේරේ වැව ගැන විස්මය ජනක විස්තර කිරීමක යෙදෙන ඔහු එය කැලණි ගඟට සම්බන්ධ විශාල මඬ වගුරක් බවත් බොරැල්ල දෙමටගොඩ සහ කොළොන්නාව හරහා එම සම්බන්ධය තුබූ බවත් කියයි. සුළඟත් සමග ප‍්‍රදේශයට මෝසම් සුළං ලැබෙන විට මෙහි දිය රැලි ඇතිවන බවත් මෙහි බොර ඇළක් ඇතිවූ බවත් (පසුව බොරැල්ල වූයේ එයයි) පවසයි. නාරාහේන්පිට දක්වා පැතිරෙන මෙම මඩ වගුර වෙත දැදුරුඔය කැලයේ සිට කැලණි ගඟ ඔස්සේ පැමිණෙන අලින් නොපෙනී යන බවද මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේය.
මෙහි මුල් සිංහල නම නාරහත්පිටිය බවට විශ්වාසයක් පවතින බවත් එහි නා යනු අලින් බවත් එහි තේරුම අලින් අතුරුදන්වන ස්ථානය බවත් ඔහු හෙළි කළේය.
ඉන්පසුව ජලය ගලා යන්නේ නාවලටය. එය එකල ඝන වනාන්තරයකි. බුවනක බාහු මරා දැමිමෙන් පසුව කෝට්ටේ අත්හැර දමා තුබූ බවද මෙන්ඩිස් මහතා විස්තර කළේය.  ඕලන්ද ජාතික ඉතිහාසඥයකු වන වැලන්ටයින් පසුව විස්තර කොට තිබෙන්නේ ප‍්‍රදේශය ඇත් ගාලක් තත්ත්වයට පත්ව තුබූ බවයි.  නාවලින් පසුව පාගොඩ (හල්ගොඩ හෙවත් හබල් ඔරු නැවතුම) හරහා ජලය දියවන්නාවට ගලා යයි.
ඒ දිනවල මෙම ප‍්‍රදේශ හරහා අලින්ගේ ගමන් මගක් වූ බව ඔබ දන්නවා දැයි මෙන්ඩිස් මහතා විමසයි. නාවල, නාවින්න (නැහින්න) එනම් අලි සිටින ළඳු කැලෑව, පාදුක්ක, සිංහරාජ වනාන්තරය සහ දකුණේ පනාමුරේ දක්වා ප‍්‍රදේශයේ අලි ගමන් මගක් වූ බව පැහැදිලිය.
කුරුඳුවත්ත පසුබිම පිළිබඳව නැවත කතා කරමින් ඔහු කීවේ රොස්මීඞ් පෙදෙස නම් කොට තිබෙන්නේ රොස්මීඞ් සාමිවරයා වූ ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන් නාමයෙන් බවයි. ගිල්ෆර්ඞ් පෙදෙස නම්කොට තිබෙන්නේ ලංකාවේ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ හා ග්ලිෆර්ඞ් හි අර්ල්වරයා වූ ෆෙඞ්රික් නෝර්ත් වෙනුවෙනි. එමෙන්ම ස්ටැන්මොරි ක්‍රෙසන්ට් නම්කර ඇත්තේ සැටැන්මොර් සාමිවරයා වූ ශ්‍රීමත් ආතර් ගොර්ඩන් වෙනුවෙනි.
මේවා ගැන මතුපිටින් කතා කරන්නේ නැතිව මෙම පුරාවස්තු ලෝලියා ඉතිහාසය තුළ එක් පියවරක් නොව පියවර ගණනාවක් ඉදිරියට ගොස් ඇති අතර දිවයින පුරා ස්ථාන 900ක ස්ථාන නාම පිටුපස තිබෙන කුඩා රහස් සහ කතා පිළිබඳ හෙළිදරව් කරගෙන තිබේ. කොළඹ 4 ශාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මෙන්ඩිස් මහතා මෙම විෂයයට ඇලූම් කරන්නට වූයේ ඔහුගේ පියාද පුරාවස්තු රැස් කරන්නකුවීම නිසාය. ”නුගේගොඩ අපගේ නිවසේ තාත්තා සතු පෞද්ගලික කෞතුකාගාරය තුබූ” බව කියන ඔහු වැඩි දුරටත් කියන්නේ එහි ප‍්‍රධාන වශයෙන් තඹ, පොර්සිලේන් හා ඇත් දළ භාණ්ඩ තුබූ බවයි.නැවතත් තමන්ගේ පි‍්‍රයතම විෂයයට ගිය මෙන්ඩිස් කොළඹ හෙවත් කොළොන්තොට පිළිබඳව දිගු විස්තරයක් කෙළේය. කොටුව ප‍්‍රදේශයේ තුබූ අඹ ගසක කොළ මිස ගෙඩි නොතිබිණි.  ඕලන්දකාරයෝ මෙය ඔවුන්ගේ රාජදුත ලාංඡනයට ද ඇතුළත් කළහ. එයින් ද නොනැවතුණ  ඕලන්දකාරයන් මෙම නම යොදා ගත්තේ  ඕලන්දකාරයන් භාවිත කළ ලතින් භාෂාවේ එන කොලූම්බා යන යෙදුම ඇසුරින්ය.
ස්ථාන නාම පිළිබඳ ඔහුගේ දැනුම ගැන වමේ සිටි උදවිය ආකර්ශනය කර ගැනීමට බගතලේ පාර පිළිබඳව ඔහු කළ විස්තරය ද හේතුවිය.
”බගතලේ” යනු ”කිසිවකුට දෙවැනි නැති” යන අර්ථය ඇති වචනයක් බව කී ඔහු එය සුළු මුදල් ඔට්ටු සඳහා කෙරෙන ඉතාලියානු කී‍්‍රඩාවක් බව සඳහන් කළේය. සති අන්තවල මෙම ප‍්‍රදේශයට රැස්වන ජනයා බියර් පානය කරමින් මෙම කී‍්‍රඩාව කළෝය. ”එය බිලියඞ් වැනි කී‍්‍රඩාවකි. ඇලවූ ලෑල්ලක කරන එම කී‍්‍රඩාවේදී කුඩා බෝලවලට පොලූමතින් පහර එල්ල කරමින් ඒවා චලනය කරන්නේ ඇතැම් ඇනවල වැදීම සඳහාය. පසුව මෙම නම සිංහලීකරණය වී ඇත.”
අන්වීක්ෂයට හසුවූ ඊළඟ ස්ථානය නම් කොළඹ 4 පිහිටි මිලාගිරියයි. මුලදී එහි වූයේ ”නොස්සා සෙනොරා ඩොස් මිලාගෙස් (අවර් ලේඩි ඔෆ් මිරකල්ස්) නම් පෘතුගීසි පල්ලියකි. පසුව  ඕලන්ද පාලනය යටතේ  ඕලන්ද ප‍්‍රතිසංස්කරණවලට ලක්වූ එය සමග පාසලක්ද ආරම්භ කරනු ලැබීය. එහි විදුහල්පති වූ ස්වදේශිකයා ජඞ්නිමෝ ගේ‍්‍රරෝ නම්වූ අතර ඔහු තොම්බකරුවකු හෙවත් බෞතිස්මය, විවාහ සහ මරණ රෙජිස්ට‍්‍රාර්වරයකු ද වීය. එම පවුලේ ඉතිහාසය මෙබඳුය. ගේ‍්‍රරෝගේ බිරිඳ නෝනා බාබා නම්වූ අතර ඔවුන්ගේ දියණිය විරිතමුල්ලේ දෝන ඉසබෙලා කොර්නෙලියා පෙරුමාල් නමින් බෞතිස්මය ලැබූ අතර පසුව ගජමන් නෝනා ලෙස මාතර ප‍්‍රසිද්ධියට පත්වූයේ ඇයයි.
ඕලන්ද කාලයේ කොළඹ මාර්ග ජාලයක් තිබිණි. ඔහු කියන පරිදි මුලින්ම තුබුණේ කොනින්ග් ස්ටාර්ට් හෙවත් රජ වීදියයි. එමෙන්ම කුමාර වීදියක් ද තිබිණ. එය නම්කොට තිබුණේ  ඕලන්දයේ ඔරේන්ජ්හි කුමරු නාමයෙනි.
කුමුදුනී හෙට්ටිආරච්චි විසිනි
සන්ඬේ ටයිම්ස්හි පළවූ ලිපියකි / පරිවර්තනය - සී. ජේ. අමරතුංග
2012 ඔක්තෝබර් මස 07 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

එදා කොළඹ ලස්සන