ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

කාලිංග රජුත් ලොරෙන්සෝ ද අල්මේදාත් බලකොටු බැන්ද මඩකළපුව


සුප‍්‍රකට කල්ලඩි පාලම

1960 දශකයේ කතෝලික ලෑන්ග් පියතුමා සුප‍්‍රකට කල්ලඩි පාලම පාමුල මඩකළපුවේ සිංදු කියන මාළුන්ගේ සංගීත නාදය පටිගත කොට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විකාශනය කර තිබේ. අදටත් පුර සඳ ඇති රැුයෙක එම ගී හඬ ඇසීමට හැකි වුවත් කලක් තිස්සේ එය ඇසීමට තරම් නිසල පරිසරයක් එහි නොතිබුණි.

ලංකාවේ සිවිල් යුද තත්ත්වය පැවතීමට පෙර ඉතාම සශ්‍රීකව පැවති නගරයක් ලෙස නැගෙනහිර පළාතේ මඩකළපුව හඳුන්වා දිය හැකිය. මඩකළපුවේ ශ්‍රී විභූතිය පිළිබඳවත් රෙදිපිළි, ඇලූමිනියම් භාණ්ඩ ඇතුළු ද්‍රව්‍යවලට ප‍්‍රචලිතව තිබූ අයුරු පැරැුණියෝ අභිමානයෙන් සිහිපත් කරති. මඩකළපු සරොන් කාලාන්තරයක් තිස්සේ හොඳ පටපිළි සොයන කා අතරත් එක සේ ජනප‍්‍රියව තිබිණි. පෙරදිගෙන් අලූයම පිබිදෙන හිරු දකින එක් නගරයක් වනුයේ ද මඩකළපුවයි. නැගෙනහිර මුහුදු ගැබෙන් රත් හිරුමල පිපෙන දසුන අතිශය චමත්කාරජනක ය. යුද බිය කාලාන්තරයක් තිස්සේ එම ප‍්‍රදේශය වෙලා පැතිර නොතිබුණේ නම් අදටත් ලංකාවේ සුපිරි නගර අතුරින් මඩකළපුව අද්විතීය වෙයි. අතීත ශ්‍රී විභූතිය අද එලෙසම මඩකළපුවේ දක්නට නැතත් පෙර සශ්‍රීකත්වයේ සාධක සම්පූර්ණයෙන්ම ගිලිහී නොමැත.

මඩකළපුව ඉංග‍්‍රීසි භාෂාවෙන් Batticaloa ලෙසින් හඳුන්වයි. මඩ සහිත වූ දැවැන්ත කළපුව නිසා සිංහල බසින් මෙම නගරය මඩකළපුව වශයෙන් හඳුන්වනු ලැබේ. භූමි ප‍්‍රදේශය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 2633.1 පමණ වෙයි. මඩකළපු දිස්ත‍්‍රික්කය භූමි ප‍්‍රදේශයෙන් 3.8% ක් පමණ ආවරණය වෙයි. දමිළ බසින් මෙම නගරය මට්ට කළප්පු Mattak Kalappu වශයෙන් හඳුන්වයි.
 



අනාදිමත් කාලයක සිට ලංකාව වටා පිහිටි වෙරළ තීරයේ පැරණි නැව් තොට හරහා විවිධ රටවල් සමග ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පවත්වාගෙන පැමිණි බව ඓතිහාසික මූලාශ‍්‍ර පිරික්සීමෙන් පෙනෙයි. මඩකළපුවේ අතීතය යක්ෂ සහ නාග ගෝත‍්‍රික ඉතිහාසය තෙක් දිවෙයි. කුල ගෝත‍්‍ර මත පදනම් වූ සමාජ සබඳතාවක් පවත්වාගෙන ගිය ඔවුහු දමිළ භාෂාව කථා කළ බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. එක් කාලයක කුතිකන් නම් රජෙකු විසින් ස්ථාපනය කළ මඩකළපු රාජධානිය චෝල රාජධානියේ සිට පැමිණි කරිකාල චෝලම් රජු නිසා ශක්තිමත් වූ බැව් කියැවෙයි. කරිකාල චෝලම් රජු ලංකාව ආක‍්‍රමණය කොට මෙරටින් පුද්ගලයන් දහසක් සිරකරුවන් වශයෙන් රැුගෙන ගියේය. 

ඊට අවුරුදු 12 කට පසුව ගජබාහු රජු චෝල රට ආක‍්‍රමණය කොට දමිළ පුද්ගලයන් දහසක් ඒ වෙනුවෙන් රැුගෙන ආ බව කියයි. ඔවුන්ගේ කොටසක් නිදහස් කළ පසු මඩකළපු ප‍්‍රදේශයේ පදිංචි වූ බැව් මතයකි. වත්මන් දීඝවාපිය අතීතයේ දීප වාවී ලෙස හැඳින්වූ බවත් මඩකළපු රාජධානියේ අගනුවර වශයෙන් පවත්වාගෙන ආ බවත් ඇතැම් විද්වතුන්ගේ මතයයි.

පළමු සියවසේ ඉන්දියාවේ පඬි රට හෙවත් වත්මන් තමිල්නාඩුවේ සිට මුක්කුවාවරු Mukkuvars නම් ජන කොට්ඨාසයක් පැමිණ ඇත. ඔවුහු මඩකළපුවට සංක‍්‍රමණය වූ අතර කේන්ද්‍රීය ගම්මාන 07 ක පදිංචි වූ බව කියැවේ. ඔවුන්ගේ ආගමනය හේතුවෙන් එතෙක් එම ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයේ යෙදුනු ගෝත‍්‍රයක් වූ තිමිලාර්වරුන් සමග ගැටුම් ඇතිවිය. මුක්කුවාර්වරුන්ගේ මූලික ජනපද තිමිලේතිව් හෙවත් තිමිලාර් දුව වශයෙන් හඳුන්වා ඇත. එහි බලකොටුවක් ද තිබුණු බව ඇතැම් මූලාශ‍්‍රවල කියැවේ. ඔවුහු පදිංචිව සිටි ප‍්‍රදේශ අතර මත්ස්‍ය කර්මාන්තය වැඩි වශයෙන් බහුල වලයික්කාතිරේව් Valaikattiravu හෙවත් දැල් යොදා මාළු අල්ලන ප‍්‍රදේශයක් පිළිබඳව විස්තර වෙයි.

පසු කාලයේ ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ සිට සංක‍්‍රමණය වූ පට්ටනියාර් නම් මුස්ලිම් සම්භවයක් ඇති ජන කොට්ඨාසයක් මඩකළපුව සහ ත‍්‍රිකුණාමලය අතර මායිම් ගම්මානයක් වූ වෙරුගල් දක්වා පළවා හැරි බව මූලාශ‍්‍රවල සඳහන් වෙයි. තිමිලාර්වරුන් සහ පට්ටනියාර්වරුන් අතර ඇති වූ ගැටුම් හා සම්බන්ධ ජනප‍්‍රවාද රැුසකි. සතුරන් මැරූ ස්ථානය යන තේරුම සහිත සතුරුකෝඩන් (Sathurukondan) නම් ගමක් සහ පාර්ශ්ව දෙක නැවත හමුවුනු ස්ථානය යන තේරුම සහිත සාන්තිවේලි (Santhiwelli - (Meeting Field)නම් ගමක් ද මඩකළපුව ආසන්නයේ ඇත. යුද භටයන් ජයපැන් බී විවේකය ගත කළ ස්ථානය වර්තමානයේ නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටි වන්තාරුමූලෙයි ලෙස හඳුන්වයි. මුක්කුවාර්වරුන්ගේ ආධාර මත පාට්ටනියාර්වරුන්ට ස්ථානගතවීමට අවකාශ ලැබුණේ එරාවුර් ප‍්‍රදේශයයි. අදත් එහි මුස්ලිම් ජනතාව බහුලව වෙසෙති. 

12 වැනි සියවසේ ඉන්දියාවේ කාලිංග දේශයේ (වර්තමානයේ ඔරිස්සා) සිට පැමිණි මාහන් නමැති කාලිංග රජු ලංකාව අල්ලා ගැනීමෙන් පසු සිය රටෙන් සොල්දාදුවන් ගෙන්වමින් පාලන කටයුතු කළ බව කියයි. ඔවුන් වෙල්ලාලර් (Vellalar)ලෙස හැඳින්වීය. අදටත් ඔවුන්ගේ පරම්පරාවන් පැවත එන බව ජන විශ්වාසයයි.

කි‍්‍ර.ව. 1505 ලොරෙන්සෝ ද අල්මේදා ප‍්‍රමුඛ පෘතුගීසි ජාතිකයන් ලංකාවට පැමිණීමත් සමග ලංකාවේ පිහිටි සියලූ නැව් තොට පාලනය කිරීමේ බලය ගිවිසුම් ප‍්‍රකාරව ඔවුන් වෙත ලබාගැනීමට සමත්විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම නැව්තොටවල් ආරක්ෂා කර ගැනීමට එකී නගර කේන්ද්‍ර කරමින් ආරක්ෂක බලකොටු ඉදිවූයේය. ඒ අනුව මඩකළපුවෙහි ද පෘතුගීසීන් විසින් බලකොටුවක් තනනු ලැබීය. එම ප‍්‍රදේශයෙන් සපයාගනු ලැබූ හිරිගල්, මැටි, හුණු ආදිය භාවිත කරමින් පුලියන්තිව් නමැති දුපතේ එම බලකොටුව ඉදිකරනු ලැබීය. 1628 වර්ෂයේ පෘතුගීසීන් විසින් ස්වකීය බලකොටුව ඉදිකරනු ලැබූ බව කියැවේ.

ලන්දේසි පූජකවරයකු වූ පිලිප්පුස් බැල්ඩියස් විසින් 1672 දී රචනා කොට ප‍්‍රසිද්ධ කරනු ලැබූ ලේඛනයකට අනුව පෘතුගීසීන් විසින් ඉදිකරනු ලැබූ බලකොටුව පිළිබඳව තොරතුරු රැුසක් හඳුනාගත හැකිය. බලකොටුවේ බිම් සැලසුම කුරුසියක හැඩය ගෙන තිබුණි. මුර අට්ටාල 03 කින් මෙම බලකොටුව සමන්විත වී තිබුණි. මෙකී සෑම මුර අට්ටාලයකම කාලතුවක්කු සහ භට පිරිස් යොදවා ආරක්ෂාව තහවුරු කිරීම විශේෂත්වයයි. පිත්තල සහ යකඩ කාලතුවක්කු 11 ක් රඳවා තිබුණු බව මූලාශ‍්‍රවල කියැවේ. පෘතුගීසි බලකොටුව තුළ ගබඩා ගොඩනැගිලි නිවාස සහ එක් පල්ලියක් ද ඉදිකර තිබුණි. බලකොටුව දුපතක පිහිටා තිබීම නිසා ස්වභාවික ආරක්ෂාව තහවුරු වී තිබුණි. 1505 පෘතුගීසීන් මෙරටට පැමිණිය ද 1628 දී බලකොටුව තැනීම විශේෂත්වයකි. එතෙක් මඩකළපුව නැව්තොට භාර ප‍්‍රාදේශීය පාලකයා සමග යම් සබඳතාවක් සහිතව පාලන කටයුතු කරගෙන ගිය බව පෙනෙයි.

මඩකළපුව පිළිබඳව වැඩිවශයෙන් තොරතුරු හමුවූයේ ලන්දේසීන් ලංකාවට පැමිණීමත් සමගය. පෘතුගීසි පාලනය පිළිබඳව කළකිරීමට පත්ව සිටි ස්වදේශීය පාලකයෝ පෘතුගීසීන් පරාජයට පත් කිරීමට ලන්දේසීන්ගේ සහයෝගය ගනු ලැබූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1602 දී  ඕලන්දයේ සිට නැව් නැගි ජෝරිස් ෆන් ස්පිල්බර්ජන් 1602 මැයි 31 දින මඩකළපුවට සැපත් විය. ශාම් රාම් ලාම් නමින් හැඳින් වූ නැව් 03 කින් ජෙන්සන් ලී ෆෝර්ට් සහ කොර්නේලිස් ස්පෙක් යන නිලධාරීන් ස්පිල්බර්ජන්ගේ මූලිකත්වයෙන් යුතුව මෙම ගමනට සහභාගි වූහ.

එකල ඔවුන් පැමිණියේ ජාත්‍යන්තර වෙළෙඳ ආධිපත්‍ය ක‍්‍රමයෙන් වර්ධනය කරගත් නෙදර්ලන්ත මහ රජුගේ සහ මොරිෂස් හි නැසෝ කුමාරයාගේ සුබපැතුම් ද රැුගෙනය. ඔවුන්ගේ ගමන් විස්තර පිළිබඳ සිතියම් හා සිතුවම් සහිත ඉතා වැදගත් ලේඛනයක් 1605 දී රචනා වී තිබේ. මඩකළපුව පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැුසක් මේ ලේඛනයෙන් අනාවරණය වෙයි. ස්පිල්බර්ජන් මඩකළපුවට පැමිණියේ ගාලූ වරාය ආසන්නයෙන් වැටුණු ජාත්‍යන්තර නාවික මාර්ග භාවිත කරමිනි. මහනුවර රාජධානියට පිවිසිය හැකි ප‍්‍රධාන මාර්ගය පිහිටා තිබුණේ මඩකළපුව හරහාය.
 

 
ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලයේ පැරණි මුර කුටිය


ස්පිල්බර්ජන් මඩකළපුවට පැමිණි පසුව මඩකළපු ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය පාලකයා විසින් එවකට කන්ද උඩරට මහ රජු වූ පළමුවැනි විමලධර්මසූරිය රජු නියෝජනය කරමින් පිළිගනු ලැබීය. මඩකළපු රජු ඉතා උසස් වර්ගයේ කපුවලින් නිර්මිත ඇඳුම් හැඳපැළඳ සිටි බව විස්තර වෙයි. හිස පැළඳි හිස් වැසුම දෙබාහු දක්වා එල්ලෙන විශාල අරුංගල් බඳ වටා හැඳ කපු රෙද්ද, ඉණෙහි රැුඳුනු කිණිස්ස මඩකළපු රජුගේ ඇඳුමේ විශේෂාංග ලෙස උපුටා දක්වයි. දුනු ඊතල රැුගත් විශාල බට පිරිසක් සමග ලන්දේසි නියෝජිතයන් පිළිගැනීමට පැමිණි බව සිතියම්වල දැක්වේ.

එම ලේඛනයේ එකල මඩකළපු නගරයේ තොරතුරු දැක්වෙන සිතුවම් කිහිපයක් දක්නට ලැබේ. රජුගේ ලාංඡුනය වූයේ කඩුවක් අතින් ගත් පුද්ගලයෙකු ගේ රුවකි. නුවණට අධිපති ගණ දෙවියන්ට වන්දනා කිරීම රජු ඇතුළු මඩකළපු වැසියන්ගේ සිරිත වූ බව එම ලේඛනයේ විස්තර වෙයි. ස්පිල්බර්ජන් මඩකළපුවේ රජු හරහා පළමුවැනි විමලධර්මසූරිය රජු සමග යහපත් සබඳතාවක් ගොඩනගා ගත් පසුව තෙමසක් මඩකළපුවේ ගත කළ බැව් කියැවේ ආර්.එල්. බ්‍රෝහියර් ගේ කෘතියකට අනුව සමන්තුරෙයි කල්මුනෙයි ආශ‍්‍රිත ප‍්‍රදේශයේ එවකට මඩකළපු රජුගේ මාලිගය පිහිටා තිබෙන්නට ඇතැයි සඳහන් කරයි.

ස්පිල්බර්ජන් පැමිණ තෙමසකට පසුව සී. බෝල්ට් ද වීට් නෙදර්ලන්තය නියෝජනය කරමින් ලංකාවට පැමිණියේය. නැව් 15 කින් සමන්විත කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පැමිණි වාට් 1602 නොවැම්බර් 28 ප‍්‍රථම වරටත් ඊට පසු කිහිපවරක්ම ලංකාවට පැමිණියේය. මෙම දුත ගමන්වලින් පසුව ලන්දේසි ජාතිකයෝ කිහිප දෙනෙක්ම ලංකාවේ රජු සමග සබඳතා ගොඩනගා ගැනීමට පැමිණියහ. දෙවැනි රාජසිංහ රජු විසින් 1636 සැප්තැම්බර් 09 දාතමින් පෘතුගීසීන් මැඞීමට ලන්දේසි ආධාර ඉල්ලමින් පුලිකට් හි ආණ්ඩුකාර තැන්පත් කැරල් රිජිනියස් ට ලිපියක් යවනු ලැබීය. මෙම වකවානුව පෘතුගීසීන් සහ සිංහල රජුන් අතර ගැටුම් ඇති වූ උච්චතම අවස්ථාව විය. සුප‍්‍රකට ගන්නෝරුව සටන සිදුවූයේ ද මෙම කාලයෙහි ය.

දෙවැනි රාජසිංහ රජුගේ ඉල්ලීම මත පෘතුගීසීන් පරාජය කිරීමට ලන්දේසීන් සහාය ලබාදීමට කැමැත්ත පළ කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1638 මැයි 23 දෙවැනි රාජසිංහ රජු සහ ඇඩම් වෙස්ටර් වරලඞ් සහ විලියම් ජාකෝබ් කෝස්ටර් විසින් ද්විපාර්ශවීය ගිවිසුමකට පැමිණෙනු ලැබීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස එවකට පෘතුගීසීන්ට හිමිව තිබූ මඩකළපු බළකොටුව ලන්දේසීන් අතට පත් විය.
 

පැරණි ඝණ්ටා කුලූන
පෘතුගීසීන් විසින් ඉදිකර තිබූ බළකොටුව පිළිබඳ එවකට ලේඛකයෙක් වූ ප‍්‍රන්සුවා වැලන්ටයින් විසින් ද විස්තරයක් සපයා ඇත. ඒ අනුව කිලෝමීටර් 3 ක් පරිධියෙන් යුතු දුපතක මෙම බළකොටුව පිහිටා ඇති බව කියයි. ලෝහ තුවක්කු 11 ක් සවිකර තිබුණු අතර මිනිසුන් 100 ක් විසින් එම කොටුවට ආරක්ෂාව සපයා තිබුණි. මුහුදේ සිට බලන කල්හි කොටුව පිටුපස කඳු පන්ති කිහිපයක් පැරණි සිතුවම්වලට අනුව විද්‍යමාන වෙයි. Friar's Hood  ලෙස ලන්දේසීන් හඳුන්වා ඇති මෙම කඳු පංතිය බළකොටුවේ සිට කිලෝමීටර් 32 ක් දුරින්  දක්නට ලැබෙන බව කියයි. මුහුදේ ගමනාගමනයේ යෙදෙන නාවිකයින් හට ගොඩබිම් මාර්ගය පෙන්වන නාවික සලකුණක් ලෙස ලන්දේසීන් විසින් මෙම කඳු පංතිය හඳුන්වා ඇත.

1638 දී ලන්දේසීන් මඩකළපුවේ පිහිිටි බළකොටුව අල්ලා ගැනීමෙන් පසුව විධිමත් සැලසුමකට අනුව කොටුබැම්ම ගොඩනගාගැනීම ඔවුන්ගේ අවශ්‍යතාව වූයේය. ඒ අනුව පෘතුගීසි පාලන සමයේ මුර අට්ටාල 03 ක් වශයෙන් ඉදිකරන ලද කොටුබැම්ම මුරඅට්ටාල 04 ක් එකතුවන සේ සංවර්ධනය කරනු ලැබීය.

Colombo, Haarlem, Galle, Amsterdam වශයෙන් එම මුර අට්ටාල හඳුන්වනු ලැබීය. ලන්දේසි ආණ්ඩුකාර ඉසාක් ඔගස්ටින් රම්ෆ් ගේ දින සටහන්වල 1721 දී මඩකළපුවේ බළකොටුවේ සවිස්තර සැලසුම් සකස් කර තිබේ. මුරඅට්ටාල 04 න් විශාලම මුර අට්ටාලය වනුයේ Colombo අට්ටාලයයි. බළකොටුවේ ඝණ්ඨාර කුලූන එම මුර අට්ටාලයෙහි සවිකර තිබුණු අතර ලන්දේසි පාලන සමයේ ඝණ්ඨාර කුලූනු 02 ක් තිබුණු බව පෙනෙයි. ලංකාවේ ලන්දේසි බලකොටු සෑම එකකටම මෙවැනි ඝණ්ඨාර කුලූනු සවිකර තිබුණි. හෝරාව ඇඟවීමටත් බළකොටුවේ පාලනයක් සඳහා විධාන නිකුත් කිරීමටත් ආගමික කටයුතු සඳහාත් මෙම ඝණ්ඨා භාවිතා වූ බව පෙනෙයි. කොලොම්බෝ මුර අට්ටාලයෙත් හාර්ලීම් මුර අට්ටාලයෙත් කාලතුවක්කු 12 බැගින්ද ඇම්ස්ටර්ඩෑම් හා ගෝල් යන අට්ටාලවල කාලතුවක්කු 10 බැගින්ද ස්ථාන ගත කර තිබුණු බව එම සැලසුම්වලට අනුව පෙනෙයි.

ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලය මත නෙදර්ලන්ත කොඩිය සවි කර තිබුණි. මුහුදේ සිට මාර්ගය සෙවීමට වෙහෙසෙන නාවිකයන්ගේ පහසුව තකා බිම් සලකුණක් a (Landmark) ලෙස මෙලෙස කොඩියක් සවිකර තිබුණි. ලන්දේසි බළකොටුවේ ප‍්‍රධාන ගොඩනැගිලි දෙකකි. එම ගොඩනැගිලි තනි මහලෙන් යුතු ගබඩා ගොඩනැගිලි ලෙස හඳුනාගත හැකිය. කොලොම්බෝ මුර අට්ටාලයේ සිට හාර්ලිම් මුර අට්ටාලය දක්වා කොටු බැම්මට සමාන්තරවද ගෝල් මුර අට්ටාලයේ සිට කොලොම්බෝ මුර අට්ටාලය දක්වා කොටු බැම්මට සමාන්තරවද මෙම ගොඩනැගිලි ඉදිකර තිබුණි.

ඇම්ස්ටර්ඩෑම් හා ගෝල් මුර අට්ටාල දෙක අතුරින් කොටුවට ප‍්‍රධාන පිවිසුම ඉදිකර තිබුණි. පිවිසුම් දොරටුවට ඉහළින් ත‍්‍රිකෝණාකාර ගල් පුවරුවක  1682 ලෙස සලකුණු කර ඇති බවක් දක්නට ලැබෙයි. ප‍්‍රධාන පිවිසුමට ඉදිරියෙන් කළපුවේ සිට පැමිණෙන යාත‍්‍රාවලට ජැටිය ඉදිකර තිබුණි. එම ජැටිය ආසන්නයේද ගබඩා ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනු පැරණි සිතුවම් අනුව හඳුනාගත හැකිය. ගෝල් මුර අට්ටාලය සහ කළපුව අතරින් කොටුවට ප‍්‍රධාන පිවිසුම් මග ඉදිකර තිබුණු අතර වර්තමානයේ ද එම පිවිසුම් මාර්ගය භාවිත කරයි. පෘතුගීසි පාලන සමයේ දුපතක් වශයෙන් පිහිටි මඩකලපුව කොටුව ලන්දේසි පාලන සමයේ යම් ප‍්‍රමාණයක සංවර්ධනයත් සමග බළකොටුව ආරක්ෂාව සපයන දිය අගලක් වශයෙන් නිර්මාණය වූයේය.

1796 දී ලන්දේසීන් සතුව තිබූ වෙරළ කළාපයේ පාලන බලය බි‍්‍රතාන්‍ය ජාතිකයින් අතට පත්වීමත් සමග ලන්දේසි බළකොටු යම් යම් වෙනස්කම් සිදුකිරීමට බි‍්‍රතාන්‍යයෝ කටයුතු කළහ. බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් මඩකළපු බලකොටුව ආකෘතිමය වශයෙන් වෙනස්කම්වලට භාජනය නොකළද ස්වකීය පරිපාලන අවශ්‍යතා සඳහා ඇතුලත පිහිටි ගොඩනැගිලි වෙනස්කම්වලට භාජනය කරන ලදී. ඒ අනුව ලන්දේසින් විසින් ඉදිකරනු ලැබූ කොටුව ඇතුළත පිහිටි ප‍්‍රධාන ගබඩා ගොඩනැගිලි 02 දැවැන්ත ආලින්ද කණු සහිත ද්විමහල් ගොඩනැගිල්ලක් ලෙස පරිවර්තනය කර දිසාපති කාර්යාලය බවට පත්කරමින් කොටුව ස්වකීය පරිපාලන මධ්‍යස්ථානය බවට පත්කරුනු ලැබීය. ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලයේ පිහිටි යුධ කාමරවලින් තවමත් දෙකක් දක්නට ලැබෙන අතර, වර්තමානයේ එම කොටස් භාවිතයකින් තොරව වසා දමා ඇත.

ලන්දේසි ගොඩනැගිලි බි‍්‍රතාන්‍ය පාලන සමයේ වෙනස්කම්වලට භාජනය කර භාවිත කර ඇති අතරම නිදහසෙන් පසුවද අවිධිමත් ලෙස එම ගොඩනැගිලි වෙනස් කර ඇති නිසා යටත්විජිත පාලන සමයේ නියෝජනය කරන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ප‍්‍රබල ලෙස ගිලිහී යමින් පවතී. එම ගොඩනැගිලි අතරට මෑතකාලීනව එක් වූ ගොඩනැගිලි රැුසක් ද දක්නට ලැබේ. කොටුව වටා පිහිටි දියඅගල වර්තමානයේ ද දක්නට ලැබුණු ද නිසි නඩත්තුවත් නොවීම නිසා කොටුවේ සෞන්දර්යාත්මක පෙනුමට ප‍්‍රබල බාධාවක් වෙයි.

මුර අට්ටාල 04 ද යම් ප‍්‍රමාණයක ආරක්ෂාවක් සහිතව අදටත් දක්නට ලැබුණ කොටු බැම්මත් සමග සංරක්ෂණය  කළ යුතු මට්ටමක පවතී. පැරණි ඝණ්ඨා කුලූනු 02 න් එකක් පමණක් කොළොම්බෝ මුර අට්ටාලයේ දක්නට ලැබෙයි. වර්තමානයේ එම ඝණ්ඨාරය භාවිත කරනු නොලැබේ. ආකෘතිකමය වශයෙන් මඩකළපුවේ කොටු බැම්ම එලෙස ආරක්ෂා වී ඇති නිසා සංචාරකයන් සඳහා නැරඹීමට සුදුසු තත්ත්වයක පවතී. ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලය මත  රැඳවූ සම්පූර්ණ අංග සහිත කාලතුවක්කුවක් තවමත් එහි දක්නට ලැබීම විශේෂත්වයකි.
 

අදටත් නිරුපද්‍රිතව ඇති ලංකාවේ එකම කාල තුවක්කුව



ලංකාවේ බොහෝ ස්ථානවල මෙවැනි කාලතුවක්කු දක්නට ලැබුණද අංගසම්පූර්ණ ආධාරක සහිත කාලතුවක්කුවක් දක්නට ලැබෙනුයේ මඩකළපුව කොටුවේ පමණක් බැව් කිය යුතුය. තාමත් එම කාලතුවක්කුව සක‍්‍රිය කළ හැකි මට්ටමේ පවතී. වෙඩි බෙහෙත් තුවක්කු බටය තුළට පුරවා යකඩ බෝලයක් බහා සිදුරකින් ඇතුලූ කළ තිරයකට ගිනි දැල්වීමෙන් මේ කාලතුවක්කු කි‍්‍රයාත්මක කරනු ලැබීය. සක‍්‍රිය කළ හැකි ආධාරක සහිතව දැනට ලංකාවේ ඉතිරිවී ඇති එකම කාලතුවක්කුව මෙය නිසා සංචාරකයින් ගේ නැරඹීම සඳහා ප‍්‍රදර්ශන අංගයක් ලෙස දියුණු කළ හැකිය.

ඒ ආසන්නයේම පිහිටා ඇති යුද කාමර මේ වන විට වසා දමා ඇති අතර,  සුදුසු වැඩපිළිවෙලක් යටතේ එම යුද කාමර විවෘත කර සංචාරකයන්ට නැරඹීමට සුදුසු පරිසරයක් සකස් කිරීම අවස්ථාවෝචිතය. ඇම්ස්ටර්ඩෑම් මුර අට්ටාලයේ සිට බලන කල්හි සුප‍්‍රසිද්ධ කල්ලඩි පාලම දක්නය ලැබේ.
”කල්ලඩි පාලම පාමුල සිංදු කිවුව මාළුවෝ

ඇයි ගොළු ගැසුනේ....................”

ගුණදාස කපුගේ එදා එලෙස ගැයුවද අද යුදබිය තුරන් වී මඩකළපුවේ මාළුවන් නැවත ගී ගයන්නට පටන් ගෙන ඇත. කල්ලඩි පාලම හරහා පැමිණ මඩකළපුව මගහැර පාසිකුඩා වෙරළේ සිරිය විඳීමට කලින් එක්තරා අවධියක ලංකාවේ පරිපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ මඩකළපු බළකොටුව නරඹා මඩකළපුවේ චිරප‍්‍රසිද්ධ පට පිළි විකුණන සල්පිල්හි සිරි විඳීමට ඇරයුම් කරමු. පොල් රුප්පාවෙහි සෞන්දර්යාත්මක බවට තල් රුප්පාවේ සෞන්දර්යාත්මක බව දෙවැනි නොවන බව ද ඔබට දැනේවි.
 
ගෝල් මුර අට්ටාලය

 2014 මාර්තු මස 20 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සීතාවක රාජසිංහ රජු අගමෙහෙසියට හැදු "ටජ්මහල"


මල්වතී බිසවට හැදු බව කියන දෙවොල

පීතෘ ඝාතක රජවරුන් දෙදෙනෙකු ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙයි. සීගිරි කාශ්‍යප හා සීතාවක රාජසිංහ යනු ඔවූහුය. කොතරම් දරුණු කුරිරු වුවන් වුවද මේ දෙදෙනාම දැඩි සංවේදී සිතැත්තෝය. කාශ්‍යප රජු ඉදිකළ සීගිරිය කොතරම් සොඳුරු මනරම් ස්ථානයක් දැයි එය නැරඹූවෝ දනිති. එහෙත් සීතාවක රාජසිංහයන් එවැන්නක් ඉදිකළ බවක් ප‍්‍රචලිත නොවූවද ඔහුද සිය ප‍්‍රියම්බිකාව වෙනුවෙන් දෙවොලක් ඉදිකර පත්තිනි දේවියට කැප කර ඇත්තේය. එය ෂාජහන් රජු විසින් මුම්ටාස් මහල් නම් සිය ප‍්‍රියම්බිකාවගේ අකල් වියෝව දරාගත නොහී ඇය වෙනුවෙන් ටජ්මහල ඉදිකළා වැනිය. 
සීතාවක රාජසිංහයන් විසින් සිය අගමෙහෙසිය වූ මල්වතී බිසව වෙනුවෙන් ඉදිකරනලද දෙවොල ටජ්මහල හා සසඳන කළ මහා නිර්මාණයක් නොවුනද අරමුණු විෂයෙහි ලංකාවේ මේ දෙකම එක හා සමානය. ගැටලූව වන්නේ සීතාවක රාජසිංහයන් එබඳු නිර්මාණයක් කළ බව බොහෝ දෙනා නොදන්නා රහසක් ලෙසින් පැවතීමයි. එක් අතකින් සිය ප‍්‍රතිවාදීන් පමණක් නොව තමන්ගේ අදහස් අනුමත නොකළ එවකට සිටි භික්ෂූන් තොග ගණනේ විවිධ මාර්ග ඔස්සේ මරා දැමූ මේ නරපතියා එබන්දක් කර ඇතැයි යන්නද පුදුම සහගතය.

ජන ශ‍්‍රැතියට අනුව සීතාවක රාජසිංහ රජු මල්වතී නම් රූමත් යෞවනීය දකින්නේ අහඹුවෙනි. මල්වතී යනු එවකට සිටි සුප‍්‍රසිද්ධ නැකැත්කරුවකු වූ දොඩම්පෙ ගණිතයාගේ දියණියයි. ඔවුන්ගේ වාසභූමිය වූයේ රුවන්වැල්ලට නොදුරු ගෝනගල ගම්මානයයි. මේ ගම පිහිටා ඇත්තේ එවකට පහතරට රාජධානියේ සිට උඩරට රාජධානිය දක්වා දිවෙන මහා මාර්ගය අසලය. සීතාවක රාජසිංහ රජුගේ පෙතංගොඩ උයන පිහිටියේද මේ ගමන් මාර්ගය අසලමය. සීතාවක අමිතිරිගල ගෝනගල හක්මත්ත පෙතංගොඩ මත්තමගොඩ අම්පෙ අරන්දර වැනි ගම් ඔස්සේ උඩරට ගමන් මාර්ගය තිබූ බැව් පැවසේ.
සීතාවක රාජසිංහ රජු වරක් පෙතංගොඩ පිහිටි සිය රාජකීය උයනට ගොස් ආපසු එමින් සිටියදී දියනාමින් සිටි රූබර යෞවනියක ගෝනගල ග‍්‍රාමයේදී දුටුවේය. දුටු මතින්ම ඇය කෙරෙහි ලොබබැඳි රජු එවේලේම ඇයව සිය රජවාසලට කැඳවාගෙන අග බිසෝ තනතුරෙහි තබා ගත්තේය. මේ කාලය වන විට රජුගේ වයස අවුරුදු හැටද ඉක්මවා තිබූ බවද කියවෙයි.

මේ කියන මල්වතිය එවකට අටලොස් වියැති යෞවනියකි. ඇයගේ පියා වූයේ රජවාසල පවා ප‍්‍රසිද්ධියට පත්ව සිටි දොඩම්පේ ගණිතයාය. මල්වතිය විවාහ කරගැනීමේ අපේක්‍ෂාවෙන් ඇය හා පේ‍්‍රමයෙන් බැඳී සිටියේ රාජසූරිය නම් කුමරෙකි. ඥාතීත්වයෙන් ඔහු රාජසිංහ රජුගේ මුණුබුරෙකි. ඒනිසා මල්වතිය රජවාසලට රුගෙන යාම නැතිනම් පැහැරගෙන යාම හේතුවෙන් දොඩම්පේ ගණිතයාත් රාජසූරිය කුමාරයාත් රජු කෙරෙහි දැඩිලෙස වෛර බැන්දෝය.
රාජසිංහ රජු මල්වතිය අඟ බිසෝ තනතුරෙහි තබා ඇය කෙරෙහි බලවත් පේ‍්‍රමයෙන් යුතුව කල් ගෙවීය. එහෙත් ඉතා කෙටිකලකින්ම අනපේක්ෂිතව අවාසනාවන්ත ලෙසින් මල්වතිය රෝගාතුර වූවාය. කොතෙක් වෙද හෙදකම් කළද ඇයගේ රෝගය සුවකර ගන්නට නොහැකි විය. නොබෝ කලකින්  ඕ පරලෝක ප‍්‍රාප්ත වූවාය. ඇයගේ මරණය ඉවසා දරාගත නොහී රාජසිංහ රජු දැඩිසේ කම්පාවට පත් වූවේය. ඇය පිළිබඳව සෙනෙහස මතකය රජුගෙන් කිසිදා ගිලිහී නොගියේ සංවේගය සමනය කරනුවස් ඇය සිහිපත් කරනුවස් ඇය වෙනුවෙන් දෙවොලක් ඉදිකර එය පත්තිනි දේවිය වෙනුවෙන් කැප කළේය. ඒ දෙවොල වන්නේ සීතාවක රාජධානියට නුදුරින් පිහිටි මැදගොඩ දෙවොලයි.
කිස්තු වර්ෂ 1592දී පමණ ඉදිකර ඇතැයි සලකන මැදගොඩ දේවාලයට අවිස්සාවේල්ල සිට තල්දුව බැස අමිතිරිගල මාර්ගයේ ගොස් පල්ලේකණුගල මාර්ගයේ කිලෝමීරයක දුරක් ඇත්තේය. 
ඉහතින් සඳහන් කළ ජනශ‍්‍රැතිය තහවුරු කෙරෙන තොරතුරු රිසිමන් අමරසිංහ නම් මහාචාර්යවරයා විසින් රචිත ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේද සඳහන්ය. මේ සම්බන්ධ වැඩිමනක් තොරතුරු ඇතුළත් පුස්කොළ පොත් මානියම්ගම රජමහ විහාර පොත්ගුලෙහි ඇති බවද එම ග‍්‍රන්ථයේම සඳහන්ය.
මැදගොඩ දේවාලය ඉදිකිරීම සම්බන්ධව තවත් ජනප‍්‍රවාදයක්ද තිබේ. එයට අනුව කැලණි ගඟ ඔස්සේ පෙතන්ගොඩ උයනට අගුලකින් රාජසිංහ රජු ගමන් කළ අවස්ථාවක දේවාලයට නුුදුරේදී අගුල ගඟ මැද නැවැතුණී. අගුල පැදවූ මාල මීගොල්ල නැමැත්තා අගුලෙන් බැස දිය යට කිමිදී අගුල නතරවීමට හේතුව සෙවීය. එහෙත් අගුල නතරවීමට කිසිදු හේතුවක් ඔහුට සොයාගත නොහැකි වූ තැන රජු උපදෙස් දී ඇත්තේ වට පිටාව පරීක්‍ෂා කරන ලෙසටය. ඒ අනුව මාල මීගොල්ල අවට සෝදිසි කරත්්දී ගඟ අසබඩ උස් බිමක පහන් දල්වා තිබෙනු දිටීය. වහා ඔහු මේ බව රජුට දැනුම් දුන් විට රාජසිංහ අ`ගුලෙන් බැසවුත් එම ස්ථානයට පැමිණ පහන්දල්වා කරදර බාධාවකින් තොරව තමන්ට අ`ගුල ගෙනයාමට ඉඩ දෙන්නේ නම් මෙම ස්ථානයේ පත්තිනි දේවිය උදෙසා දෙවොලක් තනා දෙන බවට භාරයක් වී අ`ගුලට ගොඩ විය. 

එවර අ`ගුල කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව උඩුගං බලා ඉබේම පැදවුණු බවත් කියති. ඉන් පසු රජු මෙහි දෙවොලක් තනා දෙවොලේ පැවැත්ම උදෙසා ගම්වරද දී ඇත.

කැටයම් වලින් යුත් ගල් කණු

මල්වතිය පැහැරගෙන යාම නිසා වෛර බැඳගත් රාජසූරිය කුමරු හා දොඩම්පේ ගණිතයා රාජසිංහ රජුගෙන් පලිගත් බවද ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේ සඳහන් වෙයි. එයට අනුව උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට ගොස් පහරදී තම සේනාවද විනාශ කරගත් රාජසිංහ රජු පෙරලා සීතාවකට එන ගමනේදී හත්මත්ත නම් ග‍්‍රාමයේදී රාජසිංහ රජුගේ පාදයකට රාජසූරිය කුමාරයා මුගුරකින් පහර දුන්නේය. 
දොඩම්පේ ගණිතයා විසින් පහරදිම නිසා ඇති වූ තුවාලයේ විෂ බැන්ද බවද පැවසේ. එසේ කීමෙන් අනතුරුව දොඩම්පේ ගණිතයා පැනගොස් වත්මන් යටියන්තොට ට නුදුරු කන්දක තිබූ දැවැන්ත කොස් ගසක තිබූ විශාල බෙනයක සැඟවී සිටි බවත් රජුගේ මරණයෙන් පසුව ඔහු නැවත සිය ගම් ප‍්‍රදේශයට පැමිණි බවත් තවත් ජනප‍්‍රවාදයකින් කියැවෙයි. කෙසේ වුවද අදටත් යටියන්තොට නගරයට නුදුරින් ගණිතකන්ද නමින් ගමක් ඇත්තේය.
2014 මාර්තු මස 20 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

රජගල තැන්නේ යටගියාව මතුවේ

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා  ඒකකය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාර රජගලතැන්න ආරණ්‍ය සේනාසනයේ කරන ලද කැණිම් වලදී පුරා අවුරුදු  2000 ක් ඉපැරුණි ශිලා ලිපියක් සොයා ගත් බව   ශී‍්‍ර ජයයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකයේ මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකය දැනට වසර එක හමාරකට පෙර රජගලතැන්න පුදබිමේ කැණීම් ආරම්භ කළේය.
එම කැණීම් වලදි හමුවු මෙම ශීලා ලිපිය ඉතා වැදගත් එකක් බව ද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.
දැනට රජගලතැන්න පුදබිමෙන් ශීලා ලිපි 80 ක් පමණ සොයා ගෙන  ඇත.  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ  එම ශීලා ලිපි අනුරාධපුර යුගයට අයත් බවයි. ඒ ශීලා ලේඛන අතර ලෙන් ලිපි, පුවරු ලිපි ,ගිරි ලිපි,ටැමි ලිපි,ද තිබිණි.
ශී‍්‍ර ජයවර්ධනපුර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ වලදී සොයාගත් මෙම ලෙන් ලිපිය එක අකුරක් අඩියක් පමණ වීශාල අතර මෙම ශීලා ලිපිය අඩි 15 ක් පමණ දිගට ඇත.මෙම ශිලා ලිපිය කිස්තු වර්ෂ පළමුවැනි සියවසේ ලියැවුණු ශිලා ලිපියක් බවද මහාචාර්යවරයා පැවසීය.
එම ශිලා ලිපිය
ගමික යසොපල පුත ගමික මල් බරිය
ගමික වස ක්‍ෂිත උපාසික අනුරධිය සගස
එම ශිලා ලිපියේ තේරුම
‘ගමික යසෝපාලගේ පුත‍්‍ර ගමික මලිගේ බිරිද වුද ගමික වසගේ දියණිය වු උපාසිකා අනුරාධාගේ ( ලෙන) මෙම ශිලා ලේඛනය පොළව මටිටමේ සිට අඩි 20 ක් උඩින්   ගල් කටාරමට පහලින් සටහන් කර තිබේ.
මෙම ගවේෂණ වලදී ගලක් උඩ ගල් පතුරු වලින් බිත්ති සකස් කර එහි උඩට ගල් ලෑලී තබා සකස් කරන ලද සුවිශේෂ ගෙයක්ද හමුව ඇත. මෙම කුටිය භාවනා සදහා යොදා ගන්නට ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පැවසීය.
මෙවැනි කුටි කීපයක් මෙම ස්ථානයේ තිබි ඇති අතර ඉන් කීපයක් කැඩී ගොස් එවායේ නටබුන් ඒ අවට තිබෙන බවද මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් මෙම ගවේෂණ ආරම්භ කිරීමෙන් පසුව අලූත් පුරාවිද්‍යා ස්ථාන 138 ක් සොයා ගෙන ඇත එම සොයා ගැනීමත් සමගම රජගලතැන්න පුදබිමේ පුරාවිද්‍යා ස්ථාන 700 සොයාගෙන ඇත.2019 වර්ෂය දක්වා මෙහි කැනීම් කටයුතු සිදුකරන බවද පැවසීය.
2014 මාර්තු මස 04  | . , වසන්ත චන්ද්‍රපාල










ශ්‍රී වික්‍රම රාජසිංහ රට පටවා අවුරුදු එකසිය අනුනවයයි

මෙම සිද්ධිය පුරාණ පුස්කොළවල සටහන්ව ඇත්තේ මෙසේය. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් තුන්සිය දෙසැට වැන්නෙහි සන්දනංගම සිද්ධාර්ථ උන්නාන්සේ වන මා විසින් ඉංගලන්තේ පරදේශක්කාරයෝ කන්දේ නුවර වටලා යුද්ධ කර රාජසිංහ රජ්ජුරුවෝ අල්ලා ගත්තා කියා පුවක්ගොල්ලේ දහතැන් ගෙදර මොහොට්ටාලගේ අතේ ගුරුන්නාන්සේගේ බාල සහෝදරයාගෙන් (අනෝමදස්සි) ආරංචි උනාය.
රජ්ජුරුවෝ අපේ විහාරයට සමීප පාරෙන් කොලොම්තොටට ගෙනියනවා බලන්ඩ අපේ ගුරුන් වහන්සේ ද මා ද අපේ ගුරුන්නාන්සේගේ බාල සහෝදරයා වන මැණික්රාල මෙහොට්ටාල ද ශ්‍රී වික‍්‍රම රාජසිංහ  රජ්ජුරුවන්ගේ මාතෘ බිසෝ සාමි වූ සිරියම්මාල් දේවින් වහන්සේගේ හිසේ රුජාවට වෙදකම් කොට වෛද්‍යරත්න යන නාමය පටබැඳගත් පුංචිරාල මොහොට්ටාල ද මැණික්රාල මොහොට්ටාලගේ පහිනිපත් කාරයා වන නවගන්තර රාල ද (කාරියසේකර) කිරියා කියන කින්නර දුරයාද ගියාය.
රජතුමා, බිසෝවරුන් ඇතුළු රාජකීයයන් ගමන් ගෙන ඇත්තේ දෝලාවලිනි. මොහොට්ටාලාගේ ගෙදර ආරක්ෂාවට සඟවා තැබූ රජතුමා සතුවූ කවිච්චි රන් රිදී වාරාගන් කස්ථාන ආදී වටිනා බඩු වර්ග ද ඉංග‍්‍රීසින් විසින් පැහැරගත් බව දහනැක්ගෙදර මොහොට්ටාල කීවේය. රජ්ජුරුවෝ දෝලාව නවත්වා එහි සිටි පිරිස සමග කථා කර ඇත. රජ්ජුරුවන්ගෙ මවුබිසවුන් දෙන්නාත් කුඩා බිසවුන් දෙන්නාත් ගමන් කළ දෝලා කීපයක්ම ඒ අතර වී නමුත් කිසිවෙකු ජෝන් ඩොයිලි එම පිරිස අතර සිටි බවක් දැක නැත.


රජතුමාට දෝලාවෙන් පිටතට බැසගන්ට බැරිවන අයුරු ඉංග‍්‍රීසි සොල්දාදුවෝ එක් පසෙක ද අනික් පසින් ඉංග‍්‍රීසින් කුළියට ගත් සිංහල හේවායෝද මුරකරමින් ගමන් කර ඇත. රජතුමා අත් දෙකද පය ද එළියට දැමු පසු මැණික්රාල මොහොට්ටාල හා පුංචිරාල මොහොට්ටාල ද රජතුමාගේ අත පය සිඹ ඇඬුවා පමණක් නොව ‘‘දෙයියෝ අපෙන් වරදක් වුනානම් සමාවෙන්ට හොඳයි’’ කියා ඇත. මෙහිදී රජතුමා පැවසූ වදන් වලින් සිංහලයම කම්පාවනු නොඅනුමානය.
‘‘අයියේ උඹේ වැඩිමහල් සහෝදරයා පුවක්ගොල්ලේ දහනැක්ගෙදර කළිඟුරාළ සට්ටබිරාළ මට විශ්වාසවන්තකම් පා සිට පිළිමතලව්වෙන්, රත්වත්තෙත් එක්ක එකතුව මට ඌරුපා කඩවතදී හදිකළ නිසාවට හිස ගසා දැම්මාය. උඹලා මට එක්නැලිගොඩ වගේ හදි කළේ නැත. උඹලා යහතින් ජීවත් වෙයල්ලා. මම ආපසු එන්නේ නැත. මින් පස්සේ සිංහලේ රජකෙනෙක් නැත.’’
රජතුමාට සහෝදරයෙකුට මෙන් විශ්වාසවන්තව සිටි කීප දෙනෙකුගේ නම් මෙහිදී සිහිපත් කර ඔවුන් දිවිහිමියෙන් අමතක නොකරන බව කීවේය. ඔවුන් නම්, ගනන්ගොමුවේ මොහොට්ටාල, මොරගනේ මොහොට්ටාලය. එමෙන්ම රජතුමාට විරුද්ධව ඉංග‍්‍රීසින්ට උපකාර කළ රජතුමා නෑදෑයින්ට මෙන් සැලකූ පිිරිසගේ නම්ද රජතුමා මේ අවස්ථාවෙහි දී සිහිපත් කළේය. ඔවුන් වූයේ කවුඩුමුන්නේ මොහොට්ටාල, කන්දෙගෙදර මොහොට්ටාල, හුරුග්ගමුවේ, යක්කාවිට, උඩුමුල්ලේ, හංවැල්ලේ, මූනමලේ, මිරිහාන්පිටියේ, පතඟිවත්තේ හා කලූන්දෑවේ ගම්වල සිටි සමහරුන්ය. රජතුමා දෝලාවෙන් පිටත්වීමට පෙර එතැන රැුස්වී සිටි පිරිසට වැඳ ආචාර කොට අනෝමදස්සි හිමියන් ලියා දුන් ධම්ම පදය එතුමා ළඟ තිබී මොණරවිලට දුන් බවත් උන්වහන්සේගේ අකුරු මුතු ඇට මෙන් ලස්සන බවද කීවේය. මෙම ධම්ම පදය ද කැප්පෙටිපොල හිස ගසා දමන අවස්ථාවේ බදුල්ලේ දිසාපති සෝවස්ට දුන්නේ?
එසේම රජතුමා උන්වහන්සේට තෑගි දුන් පන්හිඳ රජතුමාගෙන් සිහිවටනයක් ලෙස තබාගන්නා මෙන්ද ඉල්ලීමක් කළේය. මෙම අවස්ථාව වී ඇත්තේ පිරිස කොළඹ බලා ගමන් ගත් මාර්ගයේ පිහිටි නූතන දඹදෙණියේදීය.
රජතුමා ඇතුළු පිරිස නොපෙනී යන තෙක්ම රැුස්ව සිටි පිරිස මහත් ආවේගයෙන් බලා සිට ඇත. මැණික්රාළ මොහොට්ටාල බිම පෙරලි පෙරලී හයියෙන් ඇඬුවේ ‘‘සිංහලේ දෙයියෝ නැති වුනා x අපට රජෙක් නැති වුණා, අපි නැති වුණා’’ යැයි විලාප නගමිනි.
මේ අතර පුංචිරාළ වෙදරාළ හැසිරුණේ වෙනත් ආකාරයකටය. ඔහු මැණික්රාළ මොහොට්ටාලටත් බැණ වදිමින්, ‘‘අපිට වින කරපු, දරුවන් කොටවපු වඩිගයා නැතිවුණා’’ යැයි කියමින් එම ස්ථානයෙන් පිටව ගියේය. අවුරුදු දෙදහස් පන්සිය ගණනකට වඩා අපට හිමිව තිබූ රාජ්‍යත්වයේ අවසානය මෙසේ සනිටුහන් කරමි.
1815 පෙබරවාරි 18 ඉරුදින ඉංග‍්‍රීසින් විසින් අල්ලාගනු ලදුව රජතුමා 1816 ජනවාරි 24 දින කොන්වෝලිස් නොෟකාවෙන් වෙල්ලෝරයට ගෙනයන ලදී. 1832 ජනවාරි 30 දින වෙල්ලෝරයේදී මිය යන විට රජතුමාට අවුරුදු පනස් දෙකක් වූ අතර රජු උස අඩි හයයි අඟල් දෙකක්ව කාලවර්ණ සිත්ගන්නාසුලූ දේහයකින් යුත් මදුරාසියේ සිටි නායර් නම් නායක්කාර වංශිකයෙකි. රජතුමා මියගොස් ඇත්තේ බඬේ අජීර්ණයකිනි.
(පන්නල සුමේධ නාහිමියන්ගේ මීවැව විත්ති පොත හා වෙනත් ලේඛන ආශ‍්‍රයෙනි.)
2014 පෙබරවාරි මස 27 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


අපේ ජාතික කොඩිය


අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු

1. කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීම.

2. රතු පාට :- බුද්ධි ගෝචර අවිහිංසාවාදි සමාජයන් ඇති බවය. සමෘද්ධිය සංකේතවත් කෙරේ.

3. බෝ කොළ හතර:- ධර්මිෂ්ඨ භාවය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන පරම සත්‍යය පෙන්වයි. (මෙත්තා - රටවැසියා එක් මඟකට යොමු කිරීමමුදිතා - දුකට පත් වූවන් ඉන් මුදා ගැනීමකරුණා - සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීමඋපේක්ඛා - නිහතමානිකම , දානය, ප‍්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මකතාව අනුව සකස් කළ යුතු බව)

4. කඩුවක් අතින් ගත් සිංහය :- ( සිංහයාගේ හා කඩුවේ වර්ණය කහ පාටය. ) කඩුවත් ඉදිරියට අල්ලාගෙන සිටින සිංහයාගේ එඩිතරබව සංකේතවත් කරනු ලැබේ. සිංහයා සෙසු සතුන්ට වඩා සංවරය, ආත්ම ශක්තියෙන් යුක්තය. තමාට ගැලපෙන දේ පමණක් කිරයි.

5. කෙසරමාලාතුන :- බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරේ විශ්වාසය තැබීම

6. ග‍්‍රීවය :- පාලකයා ඍජු ශක්තිමත් අයෙකු බව

7. අයාගත් මුඛය :- රාජකීය හඬ නිර්භීතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇති බව

8. නාසය :- හරිවැරදි හඳුනා ගැනීම

9. දිව :- පාලකයාගේ ප‍්‍රකාශ සත්‍යවාදීවත්, අවංකවත් සිදුවන බව

10. ඇස :- ජනතා ඇස තුළින් ජනතා ප‍්‍රශ්න දෙස බැලීම. ඇස කඩුව දෙසට යොමු වීමෙන් පාලකයා, නිසි ලෙස පාලනය සිදු කරන්නේ දැයි පාලිකයෝ බලා සිටි ජනතාව නිතරම අවධියෙන් සිටින බව.

11. මුඛයට නැමී ගිය දත්තුන :- සිත කය වචනය යන තුන්දොර හික්මවා විවෘතව ප‍්‍රකාශ කිරීම

12. කේසර කැරලි 24 :- ගිහි විනය

13. වලිගය ස්ථාන 2 න් නැමීම :- ජනතාවගේ දැනුම, කැපවීම. පාලකයාට නොඅඩුව ලැබිය යුතු බව ප‍්‍රථම නැම්මෙන් ද රටවැසියන් හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවල එකම මඟක ගමන් කරන බව

14. වලිගයේ කේසර කැරලි :- සැමට සුදුසු මග ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගය

15. කඩුව ගත් දකුණු අත :- ආරක්ෂාව ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීම

16 කඩු තලය :- පාලකයා, පිළිපැදිය යුතු දසරාජධර්මය
කෙලින් පිහිටි කඩු තලය :- පාලනය මධ්‍යස්ථය මධ්‍යම ප‍්‍රතිපදාව අනුව සිදු විය යුතුය.

17. නැවුණු තුඩු තුන :- අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට රට ජාතිය ලක් වීම.

18. අසිපතේ මිටේ තුඩුහතර :- රටවැසියා ගොඩනැගී ඇත්තේ ආපෝ, තෝජෝ, වායෝ, පඨවි, යන මහ භූතයන්ගෙනි.

19. කඩුව අල්ලාගත් ඇඟිලි සතර :- චතුරාර්ය සත්‍ය

20. අසිපත් දැරීම:- අසාධාරණයේදී සටන් වැදීමත් එය ධර්මයට අනුව සිදුවීමත් කහ පාටින් දැක්වේ.

21. හිස වලිගය මතට අක්ෂගතව තිබීම :- පාලකයා හා පාලිතයා අතර සමාන්තරතාවයක් ඇති බව ය

22. පාද :- උටිධාන සම්පාද, ආරක්ඛ සම්පාද, කල්‍යාණ මිත්තා, සමජීවකතා යන හතර

23. උඩට විහිදුනු නිය :- ශ‍්‍රද්ධා, ශීල, ත්‍යාග, ප‍්‍රඥා යන ධර්ම මෙලොව ජය ගැනීමට අවශ්‍යය

24. අත් වැස්මේ අන්ත දෙක :- රාජ්‍ය පාලනය පැත්තකට අන්තගාමී නොවීම

25. තැඹිලි වර්ණ තීරුව :- ද්‍රවිඩ ජතිකයන් සංකේතවත් වේ.

26. කොළ වර්ණ තීරුව :- මුස්ලිම් ජනතාව

සිංහල ජාතියජාතික කොඩිය එසවීමෙදී නිසි ගෞරය ලැබෙන ආකාරයට කටයුතු කළ යුතුයි. කොඩිය සඳහා ප‍්‍රමිතීන් නියම කොට ඇත. ප‍්‍රමිති අංක 693 වර්ෂ 1985 එය සුරක්ෂිත කර ඇත. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නියමයන් අනුව සිංහයා කහපාටින් විය යුතුය. කොඩියේ දිග පළල මෙන් දෙගුණයක් විය යුතුයි. අපේ ජාතික කොඩිය අපේ ජාතික වස්තුවකි.

ජාතික කොඩියේ නිවැරැදි භාවිත අවස්‌ථා
*********************************************
එළිමහනේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනයන්හි දී සහ සියලුම රාජ්‍ය උත්සවයන්හිදී ජාතික ධජය එළිමහනේ ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය ප්‍රදර්ශනය කරන කවර අවස්‌ථාවකදී වුවද එයට ඉහළම ගෞරවනීය ස්‌ථානය දිය යුතු අතර හොඳින් පෙනෙන ස්‌ථානයක එය සවි කර තැබිය යුතුය.

විදේශීය රාජ්‍ය නායකයකුගේ ධජයක්‌ මෙරට දී ප්‍රදර්ශනය කරන අවස්‌ථාවක දී ශ්‍රී ලංකා ජාතික ධජයද ප්‍රදර්ශනය කළ යුතුය.

සෑම විටම ජාතික ධජය එසවීමේ මෙන්ම පහත් කිරීමේ කාර්යයද කළ යුත්තේ සෙමෙන් හා ගෞරවාන්විතවය.

සිරස්‌ තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදි ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය.

සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. වෙනත් කිසිදු කොඩියක්‌ ඊට ඉහළින් ඔසවා තැබිය යුතු නොවේ.

වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තැබීමේ දී ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින් සම උසකින් හා සම ප්‍රමාණයකින් යුක්‌තව තැබිය යුතුය.

රාත්‍රි කාලයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන විටදී එය ඔසවා තබන තාක්‌ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කළ යුතුය.

ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේ ජාතික කොඩිය හා සම උසින් සිටින පරිදිය. 

පළාත් කොඩි, ප්‍රාදේශීය කොඩි, සමිති සමාගම් ආදියෙහි ධජ, පතාක සමඟ ජාතික කොඩිය එසවීමේදී ජාතික කොඩිය තැබිය යුත්තේ සියල්ලටම මැද ඉහළම ස්‌ථානයේය.

පළාත් හා පාසල් ධජ සමඟ ජාතික ධජය එකම කොඩි ගසක එකම කොණක එල්ලනු ලබන විටක දී ජාතික ධජය ඉහළින්ම ඔසවා තැබිය යුතුය.

එකිනෙකට යාව කොඩිගස්‌ කිහිපයක කොඩි එල්ලනු ලබන විට දී මුලින්ම එසවිය යුත්තේත් අවසානයට පහත් කළ යුත්තේත් ජාතික කොඩියයි.

වීදියක්‌ මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විට සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස්‌ අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලබන විටදී කාලගූණය කුමක්‌ වුවත් හිරු උදාවේ සිට හිරු බැසීම දක්‌වා එකම ස්‌ථානයක ඔසවා තැබිය යුතුය.

වේදිකාවක්‌ මත ජාතික කොඩිය ඔසවන විටදී කථිකයා සභාවට මුහුණ දුන් විට ඔහුගේ දකුණු පස ඉහළින් කොඩිගසක මුදුනේ හෝ කථිකයාට පිටුපසින් බිත්තියට හේත්තුවන සේ ඔහුට ඉහළින් තැබිය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලැබූ විට ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය.

සියලු දෙනා නැගී සිටිය යුත්තේ ජාතික කොඩියට මුහුණ ලා සිරුවෙනි.

හමුදා නිල ඇඳුමින් සැරසුණු අය උචිත හමුදා ගෞරවය දැක්‌විය යුතුය.

සාමාන්‍ය පුද්ගලයන් හිස්‌ වැසුම් ඉවත් කළ යුතුය. 

එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

වෙනත් ජාතීන්ගේ හා එක්‌සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික ධජය ප්‍රදර්ශනයේදී ජාතික කොඩිය එම කොඩි පෙළෙහි දකුණු පස අන්තිම කෙළවරේ ප්‍රදර්ශනය කළ යුතුය.

නිරීක්‌ෂකයකු නරඹන්නන්ට මුහුණලා කොඩි පෙළ මධ්‍යයේ සිටියදී ජාතික කොඩිය ඔහුගේ දකුණු පස අන්තිම කෙළවරේ විය යුතුය.

ජාතික කොඩියේ සිට අකාරාදි පිළිවෙළට අනෙකුත් විදේශීය කොඩි සවි කළ යුතුය.

ජාතික ධජය පළමුවෙන්ම ඔසවා අන්තිමටම පහත් කළ යුතුය.

සංවෘත චක්‍රාකාරව කොඩි ප්‍රදර්ශනයේදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ කළ යුතුය.

කොඩි කඳන් එකිනෙකට හරස්‌ව සිටින සේ වෙනත් කොඩියක්‌ සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කිරීමේදී ජාතික ධජය දකුණු පසින් තිබිය යුතු අතර එහි කොඩිකඳ අනෙක්‌ කොඩියේ කොඩි කඳට ඉදිරියෙන් තැබිය යුතුය.

එක්‌සත් ජාතීන්ගේ කොඩිය ජාතික කොඩිය සමග එසවීමේදී ජාතික ධජය එය මුහුණලා සිටින දිසාවට හරියටම දකුණු පසින් එසවිය යුතුයි.

එකම කොඩි ගසක්‌ මුදුනෙහි වෙනත් කොඩි කිහිපයක්‌ සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය.

රජය නිශ්චිත කොට ඇති විටකදි කඩදාසි හෝ වෙනත් ද්‍රව්‍යයකින් සකස්‌ කළ කොඩි භාවිතයෙන් පසු නිසි පරිදි අපහරණය කළ යුතුය.

විදේශීය ආණ්‌ඩුවල රාජතාන්ත්‍රික සහ තානාපති නියෝජිත අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්‌කෘතික සංදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපට උත්සව අවස්‌ථාවලදී ජාතික කොඩිය හා වෙනත් රටවල කොඩි රාජ්‍ය අවසරය සහිතව ප්‍රදර්ශනය කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යංශයට අවශ්‍ය පරිදි ජාතික කොඩිය නීතිරීතිවලට යටත්ව ගුවන් තොටුපළේදී ප්‍රදර්ශනය කළ හැකිය.

සම්භාවනීය විදේශ අමුත්තන් මෙරටට පැමිණි කල විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පැමිණි අමුත්තා අයත් රටෙහි ජාතික ධජය සමග අපගේ ජාතික ධජය සුදුසු ස්‌ථානයක ඔසවනු ලබයි.

විදේශයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම
***************************************************
ජාතික කොඩිය විදේශයන්හි භාවිත කරන විටදි විදේශයක සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්‌ඩලයක්‌ විසින් එකී දූත මණ්‌ඩල කාර්යාලයෙහි දූත මණ්‌ඩල ප්‍රධානියාගේ නිවසෙහි සහ දූත මණ්‌ඩලයේ ප්‍රධානියාගේ ඉදිරියෙහි ජාතික ධජය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩියට අයත් රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත් කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටිනා වෙනත් රාජතාන්ත්‍රික දූත මණ්‌ඩල විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග උනුව ද කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්‌කේ අදාළ නීති රීතිවලට අනුවයි. 

ජාතික කොඩියේ අවභාවිත අවස්‌ථා
***************************************
කිසිවක්‌ හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය. 

ජාතික කොඩිය කිසිම අවස්‌ථාවක බිම නොතැබිය යුතුය. ජාතික ධජය පෙරහැරක ගෙන යැමේදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන යා යුතු නොවේ.

වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇති විට එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය.

වෙනත් කොඩියක්‌ සමඟ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය තැබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි.

ධජය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ. නූලකින් එසවීම අනුචිතය. 

කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය.

ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවේ දී සියලු දෙනා නැගී සිට සීරුවෙන් කොඩියට මුහුණ දිය යුතු අතර දුම්බීම ආහාරපාන ගැනීම කතා කිරීම සිනාසීම හෝ නොකළ යුතුය.

හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනුව ආචාර කළ යුතුය. 

චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා ශංඛ නාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය.

හානියට පත්වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික ධජයක්‌ ප්‍ර්‍රදර්ශනය නොකළ යුතුය.

මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්‌ ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය.

ජාතික කොඩිය මල් වැල්, ලිය වැල, පීත්ත පටි, මල්, හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල කර තැබීම නොකළ යුතුය.

කථිකයෙකුගේ මේස ආවරණයක්‌ ලෙස හෝ කථික වේදිකාවක්‌ මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරිම පිණිස ජාතික ධජය භාවිත නොකළ යුතුය.

කිසිම අවස්‌ථාවකදී ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය.

ජාතික කොඩිය පොළොව ස්‌පර්ශ වීමට හෝ ජලය මත ඇදීයාමට ඉඩ නොතැබිය යුතුය.

ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබිය යුතු නොවේ.

ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක්‌ සවි කර ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය කිසිම අවස්‌ථාවකදී අඳින ඇඳුමක්‌ සිවිලිම් ආවරණයක්‌ හෝ ඇතිරිල්ලක්‌ හෝ ආස්‌තරයක්‌ ලෙස භාවිත නොකළ යුතුය. (රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිත කළ හැක)

මල් වැලක්‌ ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක්‌ නොකළ යුතු අතර සැම විටම නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය.

ජාතික ධජය පහසුවෙන් ඉරී යැමට කිලිටිවීමට හෝ හානියට පත් වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම ප්‍රදර්ශනය කිරීම ගබඩා කර තැබීම නොකළ යුතුය.

ජනාධිපති ආඥාවෙන් සිදු කෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්‌ විශේෂ ලාංඡනයක්‌ අකුරක්‌ වචනයක රූපයක මෝස්‌තරයක්‌ පින්තූරයක්‌ හෝ චිත්‍රයක්‌ ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය.

කිසියම් දෙයක්‌ දැමීම දමා තබාගැනීම ගෙන යැම හෝ ගෙන ගොස්‌ භාරදීම සඳහා උපයෝගි කරගනු ලබන මල්ලක්‌ හෝ බඳුනක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

කිසිම ආකාරයක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය.

කිසිම ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය භාවිත කළ යුතු නොවේ.

කොට්‌ට මෙට්‌ට ලේන්සු හා වෙනත් එවැනි භාණ්‌ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අත පිස්‌නා පෙට්‌ටි හෝ තාවකාලික භාවිතයෙන් ඉවත දමනු සඳහා සකසන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාර සටහන් ගැනීමට ජාතික කොඩි සලකුණ යොදා නොගත යුතුය.

ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් කිසිවක්‌ සවි නොකළ යුතුය.

ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.

ජාතික කොඩියේ කිසිම කොටසක්‌ කිසිම විටක ඇඳුමක්‌ හෝ ක්‍රීඩා ඇඳුමක්‌ ලෙස පාවිච්චි නොකළ යුතුය.

ජාතික කොඩියේ නිරූපණයක්‌ අවසර රහිතව භාවිත කිරීම තහනම් ය.

හානි වූ අවර්ණ වූ අපවිත්‍ර වූ ජාතික කොඩිය කෞතුක භාණ්‌ඩ රැස්‌ කරන්නෙකු හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීම හැර එය අගෞරව ලෙස විනාශ නොකළ යුතුය.

පිළිස්‌සීමෙන් හෝ ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. .

ජාතික ධජය පරිහරණයේදී අව භාවිතයෙන් වැළකී එහි ගෞරවය රැකෙන අයුරින් නිවැරැදිව භාවිත කිරීම සියලුම ජාතීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. මක්‌නිසාද යත් ඒ මගින් රටේත්, ජාතියේත් ගෞරවය රැකෙන හෙයිනි.

වර්තමානයේ භාවිත කරනු ලබන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජේවර්ධනයන්ගේ දේශ හිතෛශී ක්‍රියාකලාපය නිසා සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජකීය සිංහ ධජයේම සංස්‌කරණයකි. එනිසාම සිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය අභිමානයෙන් යුතුව ලොවට පෙන්වීමට ඇති ජාතියේ ප්‍රබලතම සංකේතය ශ්‍රී ලාංකේය සිංහ ධජය යෑයි පැවසීම යුක්‌ති යුක්‌ත වන්නේය.


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම
වෙනුවෙන් එරන්ද ලක්මාල් විසිනි.

එළාර - දුටුගැමුණු සටනේ ප්‍රධාන සැපයුම් කඳවුර

අසේල රජු මරා රජරට පාලන බලය පැහැරගත් එළාර නමැති ආක‍්‍රමණිකයා (කි‍්‍ර.පූ. 205-161) උතුරේ පාලකයා වී සිටි සමයේ දකුණේ සිටි පාලකයන්ට මර්මස්ථානයක් වූයේ කටුගස්තොටත් (කඩුගත්තොට) පොල්ගොල්ලත් අතර මහවැලි ගෙඟ් වක්කලමට යාබද උතුරු ප‍්‍රදේශයයි. අද නවයාලතැන්න නමින් හඳුන්වන්නේ එම ප‍්‍රදේශයයි. එදා රුහුණු මායා පිහිටි (රජරට) යනුවෙන් ශ්‍රී ලංකාව බෙදී තිබුණු පරිපාලන මායිම්වල කේන්ද්‍රස්ථානය වූයේ කටුගස්තොට වීම නවයාලතැන්න කඳවුර පිහිටුවීමට බලපෑමේ ප‍්‍රධාන හේතුව වී ඇත. ගෙවීගිය දශකයේ නිම වූ තිස් අවුරුදු යුද්ධයේ යුධ නායකයන් මෙන්ම දුටුගැමුණු රජුගේ (කි‍්‍ර.පූ. 161-137) හා ඔහුගේ පිය රජු වන කාවන්තිස්ස රජුගේ යුධ නායකයන් ද මර්මස්ථාන හඳුනාගෙන ඒවාට රැකවරණය දී තිබුණු බවත් එදා කෙරුණ ජාතික විමුක්ති සංග‍්‍රාමයට මේ භූමිය ජය බිමක් වූ බවත් අනාගත දේශපේ‍්‍රමී පරපුරට හඳුන්වාදීමේ අරමුණින් මේ ලිපිය ලියමි.



තලගුණා වෙහෙර

ශ්‍රී ලංකාවේ වංශකතාව ලියූ භික්‍ෂූන් වහන්සේලා එම යුගයේ ජාතික වගකීමක් ඇති රහසිගත ස්ථාන සහ සැපයුම් මාර්ග පිළිබඳ තොරතුරු තම ලිපිවලට ඇතුළත් නොකළේ රහස්‍ය භාවය සැබවින්ම රැක ගත යුතු නිසාය. නවීන යුද තාක්‍ෂණයත් වර්තමානයේ ඉදිවන මහා මාර්ගත් අනුව එදා මර්මස්ථාන අද යුගයට අදාල වන්නේ නැත. එම හේතු නිසා දුටුගැමුණු රජුගේ පියාණන් රට මධ්‍යයේ ඉදිකළ මෙම සැපයුම් කඳවුර පිළිබඳ තොරතුරු සෙල්ලිපි ආදී ලිපිලේඛන වලින් සොයා ගැනීම අපහසු බැවින් එවැනි කඳවුරක් නොතිබුණා යැයි බැහැර කිරීමට ගියහොත් ඓතිහාසික සත්‍යයක් සදාකාලිකව වැසීයාමට පුළුවන. ජන ශ‍්‍රෑතියේ එන තොරතුරු හා වෙනත් ඓතිහාසික සාධකත් පරිසරික සාධකත් ගලපා එළඹෙන නිගමනවලින් ඉහත සත්‍ය ඔප්පු කිරීමට පුළුවන.
එදා රහස්‍ය භූමියක්ව පැවති නවයාලතැන්න දුම්බර මිටියාවතට අයත් බිම් කඩකි. අංක 54 දරන: 150,000 මහනුවර මෙට්ටි‍්‍රක් සිතියමට අනුව ප‍්‍රදේශය හඳුනා ගැනීම පහසුය. දුම්බර යන්නේ තේරුම දුමින් බර වූ එනම් දුමින් වැසී ගිය භූමිය යනුයි. වර්තමාන යුගයට වඩා අතීතයේ අවුරුද්දේ වැඩි දින ගණනක් මීදුමින් වැසී තිබුණ ප‍්‍රදේශයක් වූ බවට සැක නැත. වර්තමාන යුගයේ පවා මහවැලි නිම්නය මීදුමින් බර වී පවතින අවස්ථා ඇත. දේශගුණික වශයෙන් කඳුරට තෙත් හා කඳුරට වියළි කලාප වෙන් කෙරෙන මායිමේ පිහිටි බිමකි. ඒ අනුව යෙදෙන නමේ අර්ථයෙන්ම වැසීගිය භූමියක්ම එදා හෙළයින් මේ රහසිගත කඳවුරු ඉදිකිරීමට තෝරාගෙන ඇත.
ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයට අනුව යාලඅත්ත යනු මඩුව වැනි අර්ථයක් ගෙන දෙන වචනයකි. නවයාලතැන්න යන්නෙහි අර්ථය සාලතු නවයක් ඉදිකළ තැනි බිමක්ය යන්න ජනශ‍්‍රැතියේ සඳහන්ය. කඩුගත්තොට සිට පොල්ගොල්ල දක්වා අතර භූමියේ යුද්ධ කඳවුරු 9ක් ඉදිකර ඇත. මාගම්පුර රාජධානියේ සිට උතුර බලා ඇදී ආ මහා යුද්ධ සේනා මලය රටේ ගිරිදුර්ග මගහරවා ගනිමින් වෙරළබඩ තැන්නෙන්ම ගමන් ගත්තත් ඒ හමුදාවලට අවශ්‍ය සැපයුම් මාර්ග වල රහස්‍යභාවය සඳහා ඒවා වැටුනේ මලය රට හරහාය. මේ සඳහා මහවැලි ගංගාව යොදාගෙන ඇත. ගංගාව සමනොළ අඩවියේ සිට උතුර බලා ඇදී ගියත් නවයාලතැන්නේ දී ඇති කරන වක්කලමෙන් ගංගාව නැවත දකුණු දෙසට ගමන් කරයි. උතුරට ගමන් කරන සැපයුම් සේවා නැවත දකුණට හැරීම ප‍්‍රඥාගෝචර නොවේ. එබැවින් විවේකයත් ගබඩා පහසුවටත් යන දෙකටම ඉතා යෝග්‍ය ස්ථානය වූයේ නවයාලතැන්නය.
මේ යුගයේ කෙරුණ විදේශ වෙළෙඳාමේ දී අවි ආයුධ විකිණීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් පැවැති කටුගස්තොටින් අවශ්‍ය යුද උපකරණ ලබා ගැනීමේ පහසුවත් ඒවා ගබඩාකර යුද්ධ භූමියට සැපයීමේ පහසුවත් පැවතීම කඳවුර ඉදිකිරීමට බලපෑ තවත් සාධකයකි. දීඝවාපියේ සිට මිනිපේ හරහා ගෙන ආ ධාන්‍ය ගබඩා කිරීමටත් හොඳම හා ආරක්‍ෂිත මධ්‍යස්ථානය වූයේ මෙම කඳවුරුයි. රාජාඥාවෙන් දකුණු ප‍්‍රදේශ හැර දා පැමිණි ගිලනුන්, ළදරුවන්, මව්වරුන්, පූජ්‍ය පක්‍ෂය හා මහළු පිරිස්වලට රැුකවරණය විවේකය ලබාදීමට ඉදිකළා. වූ කඳවුරු වූයේ ද මෙයයි./div>
අතීතයේ ඉතා දක්‍ෂ දුනුවායන් දුම්බර ප‍්‍රදේශයේ වේඩුරුව ගම්මානයේ වාසය කළ බව පුරා විද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිපාණන්ගේ ප‍්‍රකාශන වල සඳහන් වේ. යුධ අභ්‍යාසවල දී එම ශිල්පීන්ගේ සහාය ලබා ගැනීමට හොඳම ප‍්‍රදේශය වූයේ ද නවයාලතැන්නය. ජනශ‍්‍රැතියට අනුව ගෝඨයිම්බර යෝධයාගේ ප‍්‍රධානත්වයෙන් මෙහි දී හේවායින් යුද්ධ පුහුණුව ලබා ඇත.
යුද්ධයක දී විවිධ සේවා අවශ්‍ය වන බැවින් ඉදිකිරීම් කටයුතු කළා වූ විවිධ ශිල්ප ශ්‍රේණිවල පිරිස්වලට ද මෙහි රැුකවරණය ලැබී ඇත. වෛද්‍යවරුන්ට අවශ්‍ය රැුකවරණ දුන් කඳවුර වූ බැවින් වෛද්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ද මේ කඳවුර පවත්වාගෙන ගොස් ඇත. ගැමුණු කුමරුගේ මව වූ විහාර මහාදේවිය පවා කඳවුර අධීක්‍ෂණයට පැමිණි බව ජනශ‍්‍රැතියේ සඳහන් වේ. තමාගේ ඥාතිවර උත්තිය, කුමරුගේ සැපදුක් බලා වටපුළුව දෙසින් වේඬුරුවට එතුමිය පැමිණි විට වෙඬරුවේ දේශහිතෛෂීන් වෙඬරු ඔරුවක් පරිත්‍යාග කර ඇත. එබැවින් ඒ ගම වේඬරුව නමින් ප‍්‍රසිද්ධ විය.
ඉතිහාසඥයන්ගේ පිළිගැනීම වන්නේ ගැමුණු රජු තම යුද්ධ හමුදා සඳහා විශාල තූර්ය වාදක කණ්ඩායම් ප‍්‍රමාණයක් ගෙන ගිය බවකි. එම තූර්ය වාදක කණ්ඩායම් රඳවා තබා ගැනීමට ද මේ කඳවුර උදව් වී ඇත. ගිලන් වූ සොල්දාදුවන්ට (හදිසි අනතුරු නිසා) රෝහලක් වශයෙන් ද පවත්වාගෙන ගොස් ඇත.
එළාර - දුටුගැමුණු සටන ජාතික විමුක්ති සංග‍්‍රාමයක් වූ බැවින් දීර්ඝ කාලයක් වුව ද එළාරගේ හමුදා සමඟ සටන් කිරීමට දකුණෙන් ජනතාව පැමිණියේ පවුල් පිටින්ය. ඒ පැමිණි ජනතාව නිසා මලය රටේ මෙම කඳවුර වටා තාවකාලික ජනාවාස ඇති විය. ඒ ජනතාවගේ සහයෙන් කඳවුර වටා හේන් එලිපෙහෙළි වී ඇත. එම හේන් අතරින් අද පවා හඳුනා ගැනීමට ඇති හේන් දෙක උඩතල හේන සහ පල්ලේතල හේනයි අද උඩතලවින්න හා පල්ලේතලවින්න වශයෙන් එදා තල වගා කළ හේන් දෙක ජනවහරට පැමිණ ඇත. වින්න යන්න ‘‘හේන්’’ යන වචනයෙන් බිඳීගිය වචනයකි. (හේන, හීන්න වී වින්න බවට පත් වී ඇත) කඳවුර අවට පොල් වගාව ද කෙරී ඇත. එම ගම්මාන පොල්ගොල්ල හා උයන්වත්ත වශයෙන් ජනවහරට එකතු වී ඇත.
කාවන්තිස්ස රජකළ රෝහණයත් එළාර රජකළ පිහිටි රට වෙන්කළ මායිම වූයේ මහාවාලූකා නදියයි. යථෝක්ත කඳවුර මහවැලි ගෙඟන් උතුරේ පිහිටි රටේ ඉදිකිරීමට තරම් කාවන්තිස්ස රජු බලසම්පන්න වී ඇත. කාවන්තිස්ස රජු යක්‍ෂ ගෝති‍්‍රක සම්භවයක් ඇත්තෙකු වෙයි. ඔහුට මලය රටේ දුම්බර ලක්ගල කඳු ආශ‍්‍රිතව වාසය කළ යක්‍ෂ ගෝත‍්‍රික ඥාතීන්ගේ සහය ලැබී ඇත. මලය රටේ වන දුර්ගයන්ගෙන් ද, උතුරින් බලකඩුව දුර්ගයෙන් ද, කාරනදිය මගින් ජල දුර්ගයකින් ද, නැගෙනහිරින් දුම්බර කඳුවැටියෙන් ද, බටහිරින් ගලගෙදර දුර්ගයෙන් ද, ස්වභාවික රැුකවරණ දීමට සමත් වී ඇත. ජනවහරට අනුව සොල්දාදුවන්ට අවි ආයුධ හා සාමාන්‍ය ජනයා සඳහා ගොවි උපකරණ සෑදීම හා අලූත්වැඩියා සඳහා කඳවුරට ආසන්නව මහා කර්මාන්ත ශාලාවක් පැවත ඇත.
ඒ කම්හල් පැවති ඉඩම පසුකාලයක කම්මලේ වත්ත ලෙස ජනවහරට එක් වී කාලයාගේ ඇවෑමෙන් හඳුනාගැනීමට පවා නොහැකි ස්ථානයක් බවට පත් වී ඇත. කඳවුරේ හේවායින්ට අධ්‍යාත්මික සුවය ලබා දීමට ඉදි කළා වූ විහාර භූමියත් උතුරේ යුද්ධය සඳහා භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදාගත් සැපයුම් මාර්ග අද වන විටත් හඳුනාගැනීමට පුළුවනි.
යුධ බිමට යෑමට සිටි හේවායන්ගේ මානසික සුවය සඳහා කඳවුරේ උතුරු දෙසින් පූජනීය ස්ථානයක් ඉදිකර ඇත. ශ්‍රී ලංකාවේ 1: 10,000 මෙටි‍්‍රක් සිතියම්වල අංක 54/14 දරන සිතියමේ පල්ලේතලවින්න, උඩගම්මැද්ද උඩතලවින්න මඩිගේ හා උඩතලවින්න මෙගොඩ ගම්මැද්ද යන ග‍්‍රාමසේවක වසම්වලින් මැදිව මෙම ස්ථානය පිහිටා ඇත. එකී ස්ථානය ගැන පුරාවෘත්ත රාශියකි.
කඳවුරට ‘තල’ නමැති ධාන්‍ය සැපයූ තලහේන් දෙක මගින් ලබාදුන්නා වූ ‘තල’ වලට කෘතගුණ පලකිරීමට මේ ස්ථානයේ ‘තලගුණා’ වෙහෙර නමින් චෛතයක් ගැමුණු රජුගේ අණින් ඉදිකර ඇත. කතුවරයා අඥාත මහනුවර යුගයේ සන්දේශ කාව්‍යයක ශේෂව පැවති පත් ඉරුවකින් උපුටා ගත් කාව්‍යයක මෙසේ දැක්වේ.

වනසනා විලස බලසෙන්     සතුරන්නේ
යන දිනා ගැමුණු සෙනඟක්    සමගින්නේ
නැවතුනා තැනක ලකුණකට කර    දුන්නේ
තලගුණා වෙහෙර ගලබල    තලවින්නේ

වෙහෙර පිහිටි ගල වේරගල නමින් අද ජනවහරට පැමිණ ඇත. මෙම ගල්තලාවේ අතීතයේ ගොඩනැගිලි පැවති බවට ද ලෙන් විහාරයක් පැවති බවට ද සලකුණු ඇත. එහි වටාපතක සහ සිරිපතුලක ලාංඡුනය කොටා ඇත. අනුරාධපුර යුගයේ සිරිපා වන්දනාව බහුලව පැවති බවට ඓතිහාසික තොරතරුැ ඇති නිසා මෙම චෙත්‍යය ගැමුණු යුගයේ ඉදි වූ පූජනීය ස්ථානයක් බවට එය හොඳම සාක්‍ෂියකි. කාවන්තිස්ස රජුගේ යුගයේ අම්බස්තලය හෙවත් මිහින්තලය එළාරයේ පාලනය යටතේ පැවති බැවින් අඹතලා භූමියක සිරි මවා පෑමට මෙම ස්ථානයේ අඹගස් වගාකර ඇත. අද පවා පැරණි අඹගස් දැකීමට ඇත.
අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වභාවික ආපදාවන්ට ගොදුරු වූ චෛත්‍ය මහනුවර යුගය වනවිට තුඹසක ස්වරූපයට පත්ව තිබූ බව ජනශ‍්‍රැතියේ දැක්වේ ඉංග‍්‍රීසි පාලනයේ මුල් සමයේ ප‍්‍රදේශයේ ප‍්‍රභූන් පිරිසක් උඩතලවින්න විහාරස්ථානයේ වැඩ විසූ නාරද නැමති ස්වාමීන් වහන්සේ කෙනකුගේ මග පෙන්වීමෙන් චෛත්‍ය අලූත්වැඩියා කර ඇත. ඒ ආසන්න කාලයක දී නැවතත් ගරා වැටීමකට ලක් වූ චෛත්‍යයේ ගල් කුට්ටියක් අසල්වැසියකු තම නිවසේ අවශ්‍යතාවකට ගෙනගොස් ඇත. නැවත ඔහු උමතුවෙන් එය චෛත්‍ය අසලටම ගෙනත් දැමූ බව ද ජනශ‍්‍රැතියේ සඳහන් වේ. මින්පසුව කලක් ගත වනතුරු කිසිවකු චෛත්‍ය ප‍්‍රතිසංස්කරණයකටවත් ඉදිරිපත් වී නැත.
1980 දශකයේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ රජය කාලයේ චෛත්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැනීම් වලට භාජනය විය. එයින් ලැබුණ රන්පිළිම ඇතුළු පූජනීය භාණ්ඩ රාශියක් පුරාවිද්‍යා අංශයට භාරදුන් බව එදා ජාතික පුවත්පත් වලින් අනාවරණය කර තිබුණි. එම කටයුතු සිදු වී ටික කලකින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවයත් සමඟ චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ද ප‍්‍රමාද විය. පසුව බලයට පත් ඞී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ පාලන කාලයේ චෛත්‍යයේ වැඩකටයුතු නිමාවෙන් පසුව ඇති තත්ත්වය මෙම ඡුායාරූපයෙන් දැක්වේ.
මුුහුදු මට්ටමේ සිට මීටර් 535ක් උසින් යුත් ස්ථානයක් කඳවුරට අදාළ ආරක්‍ෂාව සැපයීමේ බැලූන්ගල වශයෙන් යොදා ඇත. එම ස්ථානය බලනගල වශයෙන් ජනවහරට පැමිණ ඇත. (මහවැලි නිම්නයේ සිට අඩි 300ක් පමණ උස කන්දකි) ගල මුදුනේ සිට බලන විට කිලෝමීටර 5ක අරයකින් යුක්ත වටරවුමක් නැරඹීමට පුළුවනි.
කඳවුරේ සිට යුද්ධ භූමිය කරා වැටුන සැපයුම් මාර්ගය රවන්ඔය හෙවත් රාවණාඔය ඉවුර දිගේ උතුරු දෙසට වැටී වත්තේගමත් රයිතලාවෙලත් පසුකර සුදු ගංගා නිම්නයේ ඉවුරට වැටී කාරනදිය ඉවුර දිගේ උතුරට විහිදී ඇත.
30 අවුරුදු යුද්ධයේදී ද මෙවැනි මර්මස්ථානයක් හඳුනා ගැනීමට තිබුණි. එය යාන් ඔය ද්‍රෝණියේ වැලිඔය කඳවුරයි. උතුරු හා නැගෙනහිර පළාත් වෙන් කරන එම භූමිය එදා සතුරා සතුවූවා නම් සතුරාගේ ජය භූමිය වෙනවා වාගේම රජය සතුවීමෙන් ජාතියේ ජයබිම වූ බව එළාර - දුටුගැමුණු සටනින් ද තහවුරු කර ඇත.

  2014 පෙබරවාරි මස 19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය