ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

මීට දශක නවයකට පෙර අපේ ගම්වල මිනිස්සු අදට වඩා සැපසේ ජිවත් වුණා...


මහානායක හාමුදුරුවනේ, මහානායක හාමුදුරුවන්ගේ උපන්ගම බෙල්ලන. බෙල්ලන කියන ප්‍රසිද්ධ ග්‍රාමය පිහිටා තිබෙන්නේ පස්‌යොදුන් කෝරළයේ. පස්‌යොදුන් කෝරළය ගැන, බෙල්ලන ග්‍රාමය ගැන යමක්‌ මුලින්ම දැන ගන්න මා කැමතියි. 

මහාපරාක්‍රමබාහු රජතුමා යුද්ධය සඳහා සේනාව රැස්‌කළ, සේනාව සංවිධානය කළ ප්‍රදේශයක්‌ තමයි පස්‌දුන් කෝරළය කියන්නේ. ඕනෑම බුද්ධිමත් දක්‍ෂ රජ කෙනෙක්‌ ඉදිරියේ දී යුද්ධයක්‌ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉස්‌සරවෙලාම කළයුතු දේ තමයි ප්‍රදේශය හැම අතින් ම සංවර්ධනය කර ගැනීම. කාවන්තිස්‌ස රජතුමා කල්පනා කළා කොහොම නමුත් තම දරුවන් අනාගතයේ රජරට ආක්‍රමණය කරනව කියලා. ඒ අනුව රුහුණත්, දිගාමඩුල්ල ආදී ප්‍රදේශත් ඉතාමත්ම හොඳින් සංවර්ධනය කර ගත්තා. ඒ විතරක්‌ නොවෙයි කුඩා කුඩා ප්‍රදේශ පාලනය කරමින් සිටිය ප්‍රාදේශීය පාලකයනුත් හොඳට සමගි කරවගෙන තමයි යුද්ධයට සූදානම් වුණේ. ඒ වගේම තමයි මහාපරාක්‍රමබාහු රජතුමාත් යුද්ධයට සූදානම් වුණේ. එහෙම බලනකොට පස්‌දුන් කෝරළය විශේෂ ප්‍රදේශයක්‌. මහා යුද්ධයකට අවශ්‍ය ජනතාව ඉතාම හොඳින් සංවිධානය කරගන්න ලැබිච්ච ප්‍රදේශයක්‌. හොඳට බත බුලතින් සමෘද්ධිමත් වූ ජනතාව ඒ නිසාම හොඳ කාය ශක්‌තියක්‌ ද ඇතිව සිටියා. මහා යුද්ධයකට ජනතාව සංවිධානය කිරීම සඳහා පස්‌දුන් කෝරළය තෝරාගැනීමෙන් පේනවා ඒ වන විට පස්‌යොදුන් රට ජනතාව මොන තරම් කායික හා මානසික වශයෙන් ශක්‌තිමත්ව සමෘද්ධිමත්ව සිටියා ද කියන කාරණය. 

පස්‌යොදුන් කෝරළයේ පිහිටීම අනුව කියන්න පුළුවන් වගුරු බිම් වැඩි ප්‍රදේශයක්‌ කියලා. පහත් බිම් වැඩි ජලය බහුල ලෙස රැදෙන බිම් කොටස්‌ තමයි පස්‌යොදුන් කෝරළයේ වැඩියෙන්ම තියෙන්නෙ. කොහොම වුණත් පරාක්‍රමබාහු මහරජතුමා ප්‍රදේශය සශ්‍රීක කොට දියුණු කිරීම සඳහා හැම වතුර ඇලක්‌ම වගේ සකස්‌ කළා. ගංඟාවල් සංවර්ධනය කළා. අවශ්‍ය ආකාරයට ජලය ගෙන යැම සඳහා ජල මාර්ග සකස්‌ කළා. ඒ අනුව මුළු ප්‍රදේශයම සශ්‍රීක ප්‍රදේශයක්‌ බවට පත් කළා. ඒ වගේ ම පස්‌දුන් කෝරළේ කඳු ප්‍රදේශත් තියෙනවා. ඒ කඳු ප්‍රදේශවල පුරාණයේ ඉදලම ජනාවාස තිබුණු බවත් පැහැදිලිව පේනවා. ඔය වරාගොඩට එහායින් තියෙන විල්ගොඩ කන්ද, කොලින් කන්ද, පැළෑද පාහියන්ගල කියලා දිගට විහිදී යන කඳු යායක්‌ තියෙනවා. 

මහානායක හාමුදුරුවනේ ඔය පාහියන්ගල ගැන දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනව නේද? 

නෑ ... මම නම් ඔය කියන දේවල් ඔය විදිහට ම පිළිගන්න කැමති නැහැ. ඔය පැත්තේ තියෙනවා පැරණි නාම ගණනාවක්‌. ඒවා පුලහිං, වීරසිං, ජාහිං, පාහිං වශයෙන් සඳහන් වෙනවා. මේ පාහිං කියන එක ම පාහියන් වුණා කියල හිතන්න පුළුවන්. කොහොම උනත් ඈත අතීතයට ඇදිල යන ඉතිහාසයක්‌ මේ පස්‌යොදුන් කෝරළයට තියෙනවා. මේ ප්‍රදේශයේ හරියට පැරණි විහාරස්‌ථාන තිබුණු බවත් පේනවා. ගණේ නම යෙදී තියෙන්නේ ඒ විහාරස්‌ථාන තිබූ ප්‍රදේශවලටයි. ගණේගොඩ, ගණේමුල්ල, ගණේතැන්න, ගණේකන්ද, ගණේගල ආදී ප්‍රදේශ අදත් ඒ නම්වලින්ම ව්‍යවහාර වෙනවා. ඒවා ගණින්වහන්සේලා වාසය කළ ප්‍රදේශයි. ගණේ කියන්නේ විහාරස්‌ථානයටයි. ඒ විහාරස්‌ථානවල සිටින ඇත්තන්ට ගෞරව වශයෙන් පාවිච්චි කළා ගණින්වහන්සේ කියලා. ඒ ගණින්වහන්සේ කියන එකමයි ගණින්නාන්සේ වුණේ. 

ගණින්නාන්සේ කියන එක අගෞරවයට වගේ කියනවා. ගණයා, ගණගෙඩියා කියලත් කියනවා. නමුත් ගණින්වහන්සේ කියන එක ගෞරවාන්විත වචනයක්‌. ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ පාවිච්චි වෙන මේ ගණේ කියන යෙදුමෙන් පුළුවන් තේරුම් ගන්න එදා මේ ප්‍රදේශවල ගණින්වහන්සේලා වාසය කළ බව. විහාරස්‌ථාන තිබුණු බව. ගණේලන්ද පන්සල, ගණේගොඩ දේවාලය වගේ යෙදුම් බස්‌නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලත් දකින්ට ලැබෙනවා. ඒ හැම යෙදුමකින්ම පේන්නේ ඒ ඒ ප්‍රදේශවල විහාරස්‌ථාන තිබුණ බවත් සංඝයා සිටිය බවත් ය. මේ ගණේ කියන යෙදුම් නුවර යුගයටත් වඩා පරණයි. ගණේ කියන්නේ සමූහය කියන තේරුමයි. පස්‌දුන් කෝරළයේ හරියට ගණේ කියන නමින් ස්‌ථාන තිබුණා. ඒ වායේ භික්‍ෂුන් වහන්සේලාත් සිටියා. ගණින්නාන්සේ කියන එක එච්චර පරණ නැහැ. ඒක නුවර යුගයේ සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව පටන්ගත්තට පස්‌සේ ඇති වූ වචනයක්‌. ඒක ගෞරවාන්විත වචනයකුත් නොවේ. සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව ලබන කොට ලංකාවේ එකද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කතාව තව දුරටත් පරීක්‍ෂා කළ යුතු වෙනවා. මොකද විමලධර්මසූරිය රජතුමාගෙ කාලෙ උපසම්පදාව ආරම්භ කරල ගතවෙලා තිබුණෙ අවුරුදු අනූවක විතර කාලයක්‌. ඒ නිසා එක ද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කථාව ඉතා හොඳින් පරික්‍ෂා කළ යුතු වෙනවා.

මහාවංශයේ තියෙනවා පංචයොජන රට්‌ටේ කියලා. ඒකෙ ඉතාම පැහැදිලිව පේන දෙයක්‌ තමයි පස්‌යොදුන්රට කියන එක පාලියට පෙරලා ගැනීමක්‌ කියලා. ගලපාත විහාර සෙල්ලිපියේ තියෙනවා පස්‌යොදුන්රට කියන යෙදුම. පස්‌යොදුන් කෝරළේ පන්සල කියලයි ගලපාත විහාරය හඳුන්වල තියෙන්නෙ. ගලපාත විහාරය ගැන පොතක්‌ අච්චුගහලත් තියෙනවා. ඒකේ මේ සෙල්ලිපිය තියෙනවා. මට මතකයි කලකට පෙර ගුවන්විදුලි සාකච්ඡාවක්‌ කළා ගලපාත විහාරය ගැන. එහිදී මං ප්‍රකාශ කළා, ගලපාත විහාරය යි වනවාස විහාරය යි කියන්නෙ දෙකක්‌ නොවේ එකක්‌ කියලා. වනවාස කියන්නේ වනවාසී භික්‍ෂූන් වැඩසිටිය කොටස. ගලපාත කියන්නේ ග්‍රාමවාසී භික්‍ෂූන් වැඩසිටිය කොටස. 

මහානායක හාමුදුරුවන්ගේ උපදීමේ සිට කුඩා කාලය ගැනත් බෙල්ලන ගම ගැනත් කරුණු ටිකක්‌ සඳහන් කලොත් හොඳයි. 

මං උපදින කොටත් බෙල්ලන පහුකරගෙන බස්‌ දුවනවා. ඒ කියන්නේ මීට අවුරුදු අනූතුනකට එහා ඉඳල බෙල්ලන පාරෙ බස්‌ ගියා කියන එකයි. ලත්පඳුර දක්‌වා බස්‌ ගමන් කළා. ඒකාලේ තිබුණෙ එක එක පුද්ගලයන්ට අයිති බස්‌. බස්‌ කොම්පැණි පටන් අරගෙන තිබුණෙ නැහැ. එකදාස්‌ නවසිය හතළිස්‌ ගණන්වලයි බස්‌ කොම්පැණි පටන් ගත්තෙ. මට වයස තුන හෝ හතර කාලෙ බස්‌එකෙන් ගියා කියල මට මතකයි. බෙල්ලනින් බස්‌එකට නැගල ලත්පඳුරට බස්‌ එකෙන් ගියා. ඔය අපේ ගෝලනමගෙ (ලත්පදුරෙ රාහුලගෙ) ගෙදර පිරිත් පිංකමක්‌ තිබුණා. මගේ අම්මා මාවත් එක්‌කරන් පිරිත් ගෙදර ගියා. බස්‌එකට නැග්ගේ බෙල්ලන පන්සල ගාවදි. ඒක මට හොඳට මතකයි. එතන ඉදළ හැතැක්‌ම තුනක්‌ තියෙනව ලත්පඳුරට. ඒ වෙනකෙට මගේ වයස අවුරුදු තුනත් හතරක්‌ ඇති. 

ඒකාලෙ ඒ දේවලුත් මහානායක හාමුදුරුවන්ට මතක තියෙනවාද, කියල මා අසන විට මහානායක හාමුදුරුවෝ සිනාසුනහ.

එතකොට පාරෙ තාරදාල තිබුණෙ නැහැ. කළුගල් දාලා ඇන්ජින් රෝලෙන් තලල තිබුණා. ඒ කාලෙත් කාර් තිබුණා. මතුගම කාර් කීපයක්‌ ම තිබුණා. පවුල් කීපයකට විතරයි කාර් තිබුණේ. ඒ කාලෙ හයර් දුවන කාර් තිබුණෙ නෑ. 

මට මෙතනදී කියන්න පුළුවන් ඒ කාලේ මිනිස්‌සු දැනට වඩා සැපසේ ජීවත් වුණා කියලා. ජනගහනය හිටියෙ ටිකයි. හොඳට කුඹුරු තිබුණා. හැම ගෙදරකට ම වගේ මීහරක්‌ එළහරක්‌ කොටස්‌ දෙකම හොඳට හිටියා. කිරිපැණි හොඳට තිබුණා. එළවලු කොටුවක්‌ හැම ගෙදරකටම තිබුණා. අපේ ගෙදරටත් ඒ ඔක්‌කොම දේවල් අඩුවක්‌ නැතුව තිබුණා. හොඳ පිරිසිදු වතුර තිබුණා. බොන්නත් නාන්නත් ඉතාම හොඳ වතුර තිබුණා. කුඹුරු මඩවන්න වගේම ගොයම් පාගන්නත් හරකුන් යොදා ගත්තා. ඒකාලෙ ගොයම් කපල එක සැරේට ගෙදරට ගේන්නෙ නෑ. පාවර කියල කුඩා බිම් ප්‍රදේශයක්‌ කුඹුරුයාය අද්දරම තියෙනවා. එතැන රවුමට මඩුවක්‌ හදල තියෙනවා. ඒ මැද කණුවක්‌ තියෙනවා. හරකුන් බැඳගෙන රාත්‍රියට තමයි වැඩිපුර ගොයම් පාගන්නේ. 

අපිත් පුංචිකාලේ ඒවාට සම්බන්ධ වුණා. ඒවාට සම්බන්ධ වීම හරිම විනෝදයක්‌. ගොයම් පාගන්නෙත් පාවරේ. වී මණින්නෙත් පාවරේ. ඒ කාලෙ තිබුණු තත්වය ඒකයි. අපට අයිති එළවළු කොටුවකුත් තිබුණා. ඒකෙ අල, බතල, එළවළු හැම දෙයක්‌ ම තිබුණා. ඒකට යන්න මාත් හරි කැමතියි. මොකද ඒ ගියාම බතල ගලවගෙන පුච්චගෙන කාල තමයි අපි ආපහු එන්නෙ. පුංචි මඩුවකුත් තිබුණ කොටුව ඇතුළෙ. ඒ වගේම කොහොම වත්ම වගේ නිවන්න බැරි ලිපකුත් තිබුණ මඩුව ඇතුළෙ. ඒක පොල්කටු අඟුරෙන් දැල්වෙන ලිපක්‌. ඒ මඩුවේ හරක්‌ බලන්න නවත්ත ගත්ත මිනිහෙකුත් හිටියා. ඒ මිනිහගෙ නම නම් මට හරියට මතක නෑ. දුම්පොල්ලා කියල සමහරු කිව්වා. 

ඉතින් ඔය කාලේ මහනායක හාමුදුරුවො කුඩා කාලෙ. ඒ කුඩා වයසේ ගෙදර අය අවසර දුන්නද ඔය කොටුවේ පැලට යන්න. 

දුම්පොල්ලා පැලේ නැති දවස්‌වලට අපේ ලොකු අයියා යනවා ඔය කොටුව රකින්න පැලට. එතකොට මාත් කොහොම හරි යනවා. විනෝදෙට කැමති නිසයි යන්නෙ. සමහර දවස්‌වල වල් ඌරොත් ආව බව මට මතකයි. 

ඔය කාලෙ බෙල්ලන ගමේ හු`ගක්‌ ජනගහනය හිටියද? 

ඇත්තවශයෙන් ම බෙල්ලන ගම ලොකු ගමක්‌. ඒ නිසා හත් අට සීයක්‌ විතර ජනගහනය හිටිය කියල කියන්න පුළුවන්. එක එක වැඩ කරන අය එක එක කොටස්‌වල ජීවත් වුණා. රෙදි අපුල්ලන අය එක කොටසක හිටියා. රිදී රත්තරන් වැඩ කරන අය තව කොටසක හිටියා. වඩුවැඩ කරන අය තවත් කොටසක හිටියා. කම්මල් වැඩ යකඩ වැඩ කරන අයත් එක කොටසක හිටියා. ඒ විතරක්‌ නොවෙයි ශාන්තිකර්ම කරන අයත් තවත් කොටසක හිටියා. ඒ කාලේ හැම ලොකු ගමකම ඔය කොටස්‌ වෙන වෙන ම හිටියා. ගම ආසන්නයේම තිබුණා ලොකු වනාන්තරයක්‌. ඒක ඩී. ඇස්‌. සේනානායක අගමැතිතුමාගේ කාලේ අක්‌කර දෙක බැගින් මිනිස්‌සුන්ට බෙදල දුන්නා. ඒ නිසා ගම වඩාත් විශාල වුණා. ඒ කන්ද හැඳින්වූයේ පනාදඬු කන්ද කියලා. ඔය කාලෙ වෙන විටත් බෙල්ලන පන්සල හොඳට තිබුණා. බෙල්ලන පිරිවෙන පටන් ගත්තේ පස්‌සෙ කාලෙ. ඒ වගේම බෙල්ලනට ඉස්‌කෝලෙකුත් තිබුණා. අපේ තාත්ත ඉගෙන ගත්තෙත් ඒ ඉස්‌කෝලෙ, මං ඉගෙන ගත්තෙත් ඒ ඉස්‌කෝලේ. දැන් ඒක බෙල්ලන මහා විද්‍යාලය. ඒ ඉස්‌කෝලෙ පටන් ගත්තෙ ඉංග්‍රීසි ආණ්‌ඩු කාලෙ. එකදාස්‌ අටසිය ගණන්වල අවසාන හරියෙ. ඒකාලෙ බාලක-බාලිකා කියල ඉස්‌කෝල දෙකක්‌ වශයෙන් තිබුණෙ. ගමේ නිතරම තිබුණෙ ගැහැණු - පිරිමි වශයෙන් කොටස්‌ දෙකකට බෙදුණු ඉස්‌කෝල. නගරවල බොහෝ විට එකටම තිබුණා. 

ඔය කාලේ ගැහැණු ළමයි ඉස්‌කෝලෙ යනවා අඩුයි. ගැහැණු ළමයින්ට අකුරු උගන්වන එක හොඳ නෑ කියල සම්මතයක්‌ තිබුණා. අපේ අම්මා මතුගම නගරයේම කෙනෙක්‌. නමුත් අම්මා අකුරු ඉගෙන ගෙන නැහැ. අම්මා අකුරු ඉගෙන ගත්තේ තාත්තා කසාද බැන්දට පස්‌සෙ තාත්තගෙන්. මතුගමත් ගැහැණු ළමයින්ට ඉස්‌කෝල තිබුණා. ඉගෙන ගත්තාම ගැහැණු ළමයි නරක්‌ වෙනවා කියලා ගැහැණු ළමයි ඉස්‌කෝලෙ යවන්න මව්පියෝ කැමති වුණේ නැහැ. 

මේ තත්ත්වය ඉක්‌මණින් වෙනස්‌ වුණා ද මහානායක හාමුදුරුවනේ. වෙනස්‌ වුණානම් ඒකට හේතුව මොකක්‌ ද? 

ඒකට හේතුව තමයි සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහත්තයාගේ අධ්‍යාපන වැඩපිළිවෙළ. නිදහස්‌ අධ්‍යාපනයේ පළමුවන මධ්‍ය මහා විද්‍යාලය මතුගම තමයි පටන් ගත්තෙ. එතුමා නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෙ. ඒ කාලෙ ඉස්‌කෝලෙ හැඳින්වුණේ කන්නන්ගර මහා විද්‍යාලය කියලා. ඔය කාලේ අදිකාරම් මහත්තයගෙත් තිබුණ, අධ්‍යාපන වැඩ පිළිවෙළක්‌. එතුමා මතුගම පටන්ගත්ත ආනන්ද විද්‍යාලය නමින් පාසැලක්‌. කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ශාඛාවක්‌ වශයෙන් තමයි ඒක පටන් ගත්තෙ. මතුගම කතෝලික ඉස්‌කෝලෙකුත් තිබුණා සෙන් මේරීස්‌ කියලා. ඒකත් පරණයි. ඒකාලෙ දුප්පත් කියන අය අඩුයි. කාටත් හොඳට කන්න බොන්න තිබුණා. කවුරුත් සතුටෙන් ජීවත් වුණා. කයියට වැඩ කළේ දෙන්නටම කුඹුරු ඉඩම් තියනෙවා නම් විතරයි. එහෙම නැත්නම් වැඩකළේ කුලියට. හැබැයි කුලියට කියන්නේ ගොයම් කැපුවාම වී කුරුණිය යි, ගොයම් පෑගුවාම වී කුරුණි දෙක යි. ඒක තමයි කුලිය. හවස ගෙදර එනකොට ඒකත් අරගෙනයි එන්නෙ. 

මේ අතර දිවෙල් දීමකුත් තිබුණා. ඒ අය එන්නෙ පරණ අවුරුද්දට. රෙදි අපුල්ලන අය, බුලත් කෑමට හුණු පුච්චන අය, ඒ ඔක්‌කෝට ම දෙන්නෙ වී හාල් එළවළු ආදිය යි. එක එක ගෙවල්වලින් එකතුවුනාම මහ ගොඩක්‌. ඒවා ඔක්‌කොම කරත්තවල පටවගෙන අරන් යනවා. ඒ අයත් ඒ ක්‍රමවලින් පොහොසත් වෙනවා. වළන් හදන අයත් එනවා. ඒ ගොල්ලන්ටත් වී හාල් තමයි දෙන්නෙ. හැම ගෙදරකටම හොඳට වී හාල් තියෙනවා. කොටුවේ එළවළු තියෙනවා. කිරි, හරකුන්ගෙන් ලැබෙනවා. වත්තේ කිතුල් ගහක්‌ දෙකක්‌ මදිනවා. එයින් පැණි හකුරු ලැබෙනවා. ඔය අතර හැම ගෙදරකට ම වගේ රබර් ටිකකුත් තිබුණා. රබර් විකුණලා ගන්න සල්ලිවලින් කඩේට ගිහින් දුරු මිරිස්‌ පහේ ටික, කරෝල ටික ගන්නවා. අඳින්න රෙදි කෑල්ලක්‌ ගන්නවා. බොහොම සතුටින් කවුරුත් ජීවත් වුණා. ඒ කාලෙ අඳින්න රෙදි ගත්තේ අවුරුද්දට විතරයි. අද වගෙ හැමදාම රෙදි ගැනීමක්‌ නැහැ. අවුරුද්දට කලින් දවසේ ගෙවල්වල හදන කැවිලි පෙවිලි හැම දෙයක්‌මත් හාල්, පොල් ආදී දේවලුත් නොවරදාවාම පන්සලටත් ගේනවා. මේ හැම දෙයක්‌ ම ගෙනාවාම විශාල ප්‍රමාණයක්‌. අද නම් මේ තත්ත්වය හු`ගාක්‌ අඩුයි.


ආචාර්ය 
ඉත්තෑපානේ ධම්මාලංකාර 
අනු නාහිමි
2012 සැප්තැම්බර් 16 ඉරිදා දිවයින

කොළඹ වහල් දූපත


එදා අද කොළඹ
වහල් දූපත ලෙස සිංහල වහරට ගැණුන ‘‘ස්ලේව් අයිලන්ඞ්’’ හි මෙයට සියවස් තුන හතරකට පෙර කාපිරින් රඳවා සිටි පෙදෙසකි. වර්තමාන කොළඹ දෙක ලෙස හඳුන්වන කොම්පඤ්ඤවීදියට අයත් ප‍්‍රදේශයේ මෙම වහල් දූපත තිබුණා යැයි සැලකේ.
ආචාර්ය කේ.ඞී. පරණවිතාන මහතා පවසන පරිදි කොළඹ ජනප‍්‍රියම නම හා ස්ථානයත් මේ කොම්පඤ්ඤ වීදියයි. පසු කලෙකදී රෝහල් සමුපකාර, කාර්යාලය, කුරුඳුවගා, ආගමික ස්ථාන, ගුවන් හා යුද හමුදා කඳවුරු, වෙළෙඳ ව්‍යාපාරික ආයතන රාශියක්  කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇත.
ඇෆ්ගන් ජාතිකයන් බහුලව සිටි නිසා ඇෆ්ගන් ටවුම ලෙසත්, කාපිරි ජාතිකයන් සිටි නිසා කාපිරි නගරය ලෙසත්, මැලේ ජාතිකයන් සිටි නිසා මැලේ නගරය ලෙසත් විටින් විට හැඳින්වූ කොම්පඤ්ඤවීදිය ඇතැම් විට දී ‘‘බේරේ ටවුන්’’ ලෙසද ඇතැම් ඉංග‍්‍රීසි හා සිංහල ලේඛනවල දක්වා ඇත.
කොම්පඤ්ඤ වීදියට වහල් දූපත යන නම හැදුණු ආකාරය ගැන ඇත්තේ මෙවන් කතාවකි. 1630 දී පමණ පෘතුගීසින් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැුගෙන එන ලද කාපිරි ජාතිකයන් සිටි නිසා වහල් දූපත ලෙස නම් වූ බව කියැවේ. ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශයේ සිට මලබාර් වරායෙන් මෙම කාපිරි පිරිස් මෙරටට ගෙන්වා ඇත්තේ වහල් සේවයේ යෙදවීමටය. ලෝකයේ බොහෝ පෘතුගීසි යටත් විජිත වල මෙම අප‍්‍රිකානු කාපිරි ජාතිකයන් වහල් සේවයට ගෙන සේවයේ යොදවා ඇත.
ඇතැම්විට වෙළෙඳ භාණ්ඩ ලෙසත්, සොල්දාදුවන් ලෙසත්, කඳවුරු සහයකයන් ලෙසත්, ද්‍රව්‍ය ප‍්‍රවාහකයන් ලෙසත්, මෙම අප‍්‍රිකානුවන්ව සුදු ජාතිකයන් විසින් යොදවා ගත් බව සඳහන්ය. මෙලෙස යොදා ගත්තේ මෙම පිරිස් අයිතිව සිටි ස්වාමිවරුන්ට මුදල් ගෙවා බවද පැවසේ.
ස්වභාවයෙන්ම සැහැසි ජාතියක් වූ නිසා මොවුන්ගේ විශාල තොල් යා වන පරිදි යකඩ ඉබ්බන් දමා අත්වලට මාංචු සහිත යකඩ දම්වැල් දමා ඇතැම් විට මෙරට සේවයේ යොදවා තිබී ඇත. ඒ ඔවුන් ඇතැම්විට මිනිසුන් සපා මරා දමනු ඇතැයි යන බිය නිසාය. මන්දයත් මෙම කාපිරි ජාතිකයන් මිනී මස් බුදින්නන් ලෙස ඇතැම් රටවල ප‍්‍රචලිතව සිටි නිසාය.
කෙසේ හෝ මෙරටට ගෙනා කාපිරි පිරිස් පෘතුගීසීන්ගේ නොයෙක් වගා බිම්වල, ගෘහ සේවයේ යොදවා තිබුණි. පෘතුගීසීන් පමණක් නොව ලන්දේසීන් ද මෙම පිරිස් වගා බිම්වල යොදවා ආහාර ද්‍රව්‍ය වගා මෙන්ම වීද වගා කරවූ බවත් සඳහන්ය. ඇතැම් යහපත් චර්යා දැක්වූ පිරිස් කොළඹ රෝහලේ සාත්තු සේවයට ද යෙදවිණි.
18 වැනි ශතවර්ෂයේ දී පමණ මෙම කාපිරින්ගේ කැරැල්ලක් හටගෙන ඇත. එහිදී පාරවල් දෙපස ගොඩ නැගිලිවලට හානි පමුණුවමින් මෙම කැරැල්ල පැතිර ගොස් තිබේ. මොවුන් ඉතා ප‍්‍රචණ්ඩ අයුරින් එහිදී හැසිරී සිටි බවද සඳහන්ය.
එම කැරැල්ලේදි බැරැන්ට් වැන්ඩර් ස්ටොන්ස් නම් පිස්කල්වරයා හා ඔහුගේ බිරිඳ නිදි යහනේදීම කිරිච්චියකින් ඇණ මරා දමා ඇත.
කෙසේ හෝ වැන්ඩර් පිස්කල්ගේ නිවසේ සේවය කළ එම කාපිරි ජාතිකයා මිනී මැරුමට පෙර ඔවුන්ගේ නිදි යහනයට සැඟවී සිට ඔවුන් නින්දට යනතුරු බලා සිටි බවත් එවක මූලාශ‍්‍රවල ලියැවී ඇත.
එවකට ආණ්ඩුකාර අයිසැක් මේෆ්ට මෙම කැරැුල්ල දැඩිව මර්දනය කිරීමට පියවර ගත්තේය.
කැරැල්ල මැඩ පැවැත්වූ පසු සෑම දිනකම ඒ ඒ ආයතනවල, නිවාස වල වැඩ කළ කාපිරි ජනයා සියලූ දෙනාම ‘‘කාපිරි තැන්න’’ නම් ස්ථානයට කැඳවා ඇත. එහිදී සියලූම දෙනාගේ නම් අඬගසා අඩු අය කවුරුන්දැයි සොයා බැලිණි. ඉන් පසුව කොටුවේ කොටු බැමි අතර පටු පාරක් දිගේ කැඳවාගෙන සැලි පෝර්ට් යන ස්ථානයට ගෙනගොස් ඇත. සැලි පෝර්ට් යනු එවකට වැවේ තිබූ තොටුපළක් වීය.
එහිදී තිබූ බෝට්ටුවලට මෙම කාපිරින් පටවාගෙන ලංදේසි බසින් අයිජේ නමින් හැඳින්වූ කඩතොළු සහිත දිවයිනකට රැගෙන ගොස් ඇත. එම දිවයින අර්ධද්වීපයක් ලෙස තිබූ එකකි. එම අර්ධද්වීපයට කැඳවාගෙන ගිය මෙම පිරිස ලැයිම් හා මුඩුක්කු වල පදිංචි කරවා ඇත.
ඒ නිසාම සියවස් තුනක් තිස්සේම වහලූන්ගේ දූපත ලෙස මෙය හඳුන්වා ඇත. එය ‘‘වහලූන්ගේ දූපත’ ලෙස හංවඩු ගැසීම නිසා පසු කලෙක බොහෝ විචාරක දෝෂ දර්ශනයට ද ලක්ව ඇත. මෙයට වහල් දූපත ලෙස බි‍්‍රතාන්‍යයන් නම් කෙරූ බවද ඇතැම්හු සළකති.
එහෙත් වර්ෂ 1845 දී පමණ බි‍්‍රතාන්‍යයන්ම මෙරට වහල් සේවය තහනම් කර ඇති අතර එය නීතීගත කර ඇත. ලංකාවේ වහල් සේවය තහනම් කර දිගු කලකට පසු ලෝකයේ වහල්සේවය තහනම් කිරීමද විශේෂත්වයකි.
මුල්ම අවධියේදී රෝගී හා මහලූ අය මෙම දූපතේ රදවා තිබූ බව ඉංග‍්‍රීසි මූලාශ‍්‍ර වල සඳහන් ය.
1807 දී පමණ කාපිරි ජාතිකයන් හත්සියයක් පමණ මෙරට සිටි බව කෝඩිනර්ගේ වාර්තාවල සඳහන්ය. පුත්තලම, මඩකළපුව, ත‍්‍රිකුණාමලය ආදී ප‍්‍රදේශවල පසුකාලයක මෙම ජාතීන් සුළු වශයෙන් පැතිරී ගොස් ඇත.
ස්ලූයිස්කින් නම් කපිතාන්වරයකුගේ මන්දිරයක කාපිරි තූර්ය වාදක කණ්ඩායමක් සිටි බවද ඉතිහාස මූලාශ‍්‍රවල සඳහන්ය. ‘කපිර් වෙල්ඞ්ට්’ නම් විවෘත බිමක මෙම කාපිරි වෙනුවෙන් 1875 දී පමණ බිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කරනු ලැබූ බව ද සඳහන්ය. එහිදී එක් මායිමක් ලෙස වත්මන් බේරේ වැවත්. අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බවද සඳහන්ය.
කෙසේ හෝ ලන්දේසි යුගයේ කොළඹ කොටුව නිර්මාණයට කාපිරි ජාතිකයන් යොදවා ගත් බවත් එකල කාපිරින් හාර දහසක් පමණ මෙරට සිටි බවත් ආණ්ඩුකාර ගොයන්ස්ගේ වාර්තාවක සඳහන්ය.
මුවෙන් චිකෝ නි සංගීත රාවයත් චතුරංග හෙවත් ක්වෝඩි‍්‍රල් නැටුමත් මෙම කාපිරින්ට ආවේණික වටිනා සංස්කෘතික දායාද බව ද සැලකේ.
කාපිරියකු විසින් මරා දැමුණු වෙරන්ට් වැන්ඩර් වරයාගේ නිවස පසු කලෙක භූතයන් හොල්මන් රජකළ නිවසක් බවද කට කතා පැතිරී ඇත. එම නිවසේ පසු කලෙක පදිංචි වූවන්ට වැඩිකලක් ගතකිරීමට තරම් හැකියාවක් නුවූ නිසා පසු කලෙක බි‍්‍රතාන්‍යයන් කෝපි ගබඩාවක් ඉදිකර ඇත. පසු කලෙක එම කෝපි ගබඩාව කඩා ඉවත් කර ඇති අතර අද එය තිබූ තැනක්වත් සොයාගත නොහැකිය.
කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ල අසල ඇචිලන් බැරැක්ක වලට යාබදව කපිර් වෙල්ඞ්ට් හෙවත් කාපිටි තැන්න තිබී ඇත.  ඕලන්ද බසින් කපිර් වෙල්ඞ්ට් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යැයි සැළකේ. එය පසුව කාපිරි මුඩුක්කුව ලෙස හඳුන්වා මෑත දශක දෙකකට පමණ පෙර කෝසල පටුමග ලෙස හඳුන්වා ඇත.
කාපිරින් ලංකාවට ගෙනෙනාවිට ලංකාවේ වහල් සේවය නොතිබුණි. එය ලංකාවාසීන්ට ආධුනික දෙයක් විය.
හත්ති කුච්චි සෙල් ලිපියේද ක‍්‍රි.ව. අට වැනි හා නව වැනි සියවස්වල මහා තිත්ථවල කාපිරි මිනිසුන් සිටි බව අරාබි වාර්තා වලද සඳහන් ව ඇත. ඇතැම් කාපිරින් විහාරස්ථානවල ඇබිත්ත තනතුරේද සිට ඇත.
1815 දී සිංහල මුස්ලිම් කෝලහල වලටද සම්බන්ධ වූ මෙම ප‍්‍රථම හා දෙවන ලෝක යුද සමයේදී යුද සේනාංකවලටද අපේරට වෙනුවෙන් යුද්ධයට සහභාගි වී ඇත. එපමණක්ද නොව රොබට් නොක්ස්ගේ වාර්තාවලට අනුව දෙවැනි රාජසිංහ රජු තම ශ්‍රී විභූතිය වර්ණවත් කිරීමට කාපිරි යුද සේනාංකයක්ද භාවිතා කර ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉංග‍්‍රීසීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද විට රජුගේ සේනාවේ කාපිරින් දෙසීයක් සේවය කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල සඳහන්ය.පිරිමි අය මෙලෙස යුද කටයුතුවල නිරත වූවද කාන්තාවන් ගෘහ සේවයේ ඉවුම් පිහුම් කටයුතු වලට සහභාගි වී ඇත.
කෙසේ වෙතත් විසිවන සියවසේදී පමණ ලංකාවේ පුවත්පත් වලින් මෙම කාපිරි ජනතාව සිටි ප‍්‍රදේශය හැඳින්වූ වහල් දූපත යන්නට එරෙහිව ප‍්‍රබල හඬක් නංවා ඇත. ලන්දේසි ඉංජිනේරුවරයකු වූ ‘ද බියර්’ සිහිවීමට කාපිරි ජනයා සිටි මෙම ප‍්‍රදේශයේ වැව බේරේ වැව ලෙස නම් කළ බැව් ඇතැම්හු පවසති. එලෙස බේරේ වැව කියා නම් කළානම් වහල් දූපත යන නම නොදා ‘‘බේරේ නගරය’’ ලෙස නම් නොකළේ ඇයි දැයි ඇතැම්හු ප‍්‍රශ්න කරති.
එහෙත් ද බියර් සිහිවීමට බේරේ වැව කියා නම් කිරීම පිළිගත නොහැකි බවද තවත් අය කියති. 1659 දී ලංදේසි ජාතික මිනින්දෝරු ඒඩි‍්‍රයන් ද ලීව් නම් නගර නිර්මාණකරු හා මිනින්දෝරුවා කොළඹ කොටුව නිර්මාණය කරන විට වත්මන් බේරේ වැවට කිසිදු නමක් නොතබා ජලාශය යැයි නම්කර ඇත. 1796 දී සිතියමක කොළඹ විල ලෙස නම් කර තිබුණද බේරේ වැව යන නම නිල වශයෙන් ලැබී ඇත්තේ 1927 වර්ෂයේ දීය.
කෙසේ හෝ වහල් දූපත ලෙස හැඳින්වූ මෙම ස්ලේව් අයිලන්ඞ් නම් ප‍්‍රදේශයේ කිසිදු දූපතක් මේතාක් හමුවී නොමැති බව ඉතිහාසඥයෝ මත පළකරති.
සියවස් දෙක තුනක් තිස්සේ කොළඹ නගරයේ ඉතාම මනස්කාන්ත නිසංසල දර්ශනයක් වූ බේරේ වැව පෘතුගීසි, ලංදේසි හා ඉංග‍්‍රීසින්ගේ අපමණ වර්ණනාවන්ට ලක්ව ඇත. කලක් එහි ඔරු පැදීම්. බිලීබෑම් වැනි තරඟ පැවැත්වූ බවද සඳහන්ය. එවන් සුන්දර දර්ශන වලට හිමිකම් කියූ බේරේ ජලාශය අද වන විට බොහෝ දෙනාගේ නාසය දුඟදින් හකුළුවන ස්ථානයක් බවට පත්ව ඇති බවද කිව යුතුමය.
විශේෂ ස්තූතිය.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහිත දසනායක මහතාට
සටහන හා ඡායාරූප - පුෂ්පා වීරසේකර
2012 අගෝස්තු මස 12 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 එදා වහල් දූපතට විහාරස්ථානය පෙණුන අයුරු
 1905දී කොම්පඤ්ඤ වීදිය

අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය



විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමාව
ගම්පොළ රාජධානියේ රජ පැමිණි තුන්වැනි වික්‍රමබාහු මහ රජුගේ මෑණියන් වූ චන්ද්‍රවතී දේවිය සිහිපත්වීම සඳහා සෙංකඩගලපුර (මහනුවර) අස්ගිරි ගෙඩිගේ මහා විහාරය (ආදාහන මළුව) ඉදිකැරණු ලැබූ බව සඳහන් වේ.
දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව ඇති විහාරස්ථාන අතර ඉපැරැණි විහාරය ලෙස මේ විහාරය සැලැකේ. ඉන්දියානු ආභාෂයෙන් නිර්මිත මකර තොරණ සහිත ගල් කැටයම් දර්ශනීය සභාවයෙන් විචිත්‍රවත් වේ.

ගෙඩිගේ විහාර මන්දිරය
මහින්දාගමනයත් සමඟ පළමුව ඉදිවූ මහා විහාර සඟ පරපුර තෙක් අස්ගිරි විහාර සංඝ පරම්පරාව ව්‍යාප්තවේ. එසේ සංඝ පරම්පරාවකට හිමිකම් කියන ගෙඩිගේ විහාරය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි.
බුද්ධ වර්ෂ 2296 දී දුරුතු මස පුර පසළොස්වක් පොහෝදා අමාත්‍ය පිරිස පිරිවරා ගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු අස්ගිරි මහා විහාරස්ථ ගෙඩිගේ විහාරයට පැමිණියේය.
එහිදී රජුගේ පූර්ණ දායකත්වය ඇතිව සියම් දේශයේ සිට වැඩම කැර වැඩ සිට අපවත්වී වදාළ සියම් උපාලි මහා තෙරුන්ගේ හා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂූන්ගේ ආශිර්වාද මධ්‍යයේ රන් පොතෙහිවූ පරිද්දෙන් දිගින් රියන් තිස් දෙකක් හා පළලින් රියන් විසි අටක් වූ අස්ගිරි මහා විහාරස්ථ ප්‍රථම උපෝසථ පෝය සීමා මාලකය පිහිටුවන ලදී.
ඉතිහාස පුරාවිද්‍යාත්මක වටිනාකමකින් පෝෂණය ලත් අස්ගිරි ගෙඩිගේ විහාරය හා බැදුණු කතා රාශියක් ප්‍රචලිත වේ.

සියම් උපාලි මාහිමි ස්මාරකය හා බෝධි ගර්භය

සෙංකඩගල පුර රජ පැමිණි පළමුවන විමලධර්මසූරිය රජ දවස රත්නපුර කුරුවිට දෙල්ගමුව රාජ මහා විහාරයේ කුරහන්ගලේ වැඩ සිටි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කිරීමට පෙර අස්ගිරි ගෙඩිගේ විහාරයේ වැඩ විසීමට කටයුතු සිදුකළ බව පැවැසේ. ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට වැඩම කැරවූ බව සඳහන්වේ.
එම අවස්ථාව සිහිපත් කැරවීම වස් වාර්ෂික දළදා පෙරහර අවසන් පෙරහරේ වැඩම කැරවනු ලබන පෙරහර කරඬුව මෙහි තැන්පත් කැර දවල් පෙරහර පිටත්වන තෙක් පුද පූජා පැවැත්වීම අස්ගිරි ගෙඩිගේ විහාරස්ථ සඟ පරපුර අඛණ්ඩව සිදු කරති. ඒ අනුව එම චාරිත්‍ර පුද පූජා තවමත් ඒ අයුරින්ම සිදු කැරේ.
මෙහි ඇති විහාරාංග මහනුවර යුගයේ නිර්මාණ ශෛලිය අනුගමනය කැර තිබේ. විශේෂයෙන් මෙහි විහාර මන්දිරයේ දර්ශනීය චිත්‍ර රැසකින් ඒකාලෝක වේ.

විහාරාධිකාරි වේඩරුවේ උපාලි නාහිමියෝ
බෝධි ගර්භය ද මගුල් මඩුවද වළාකුළු බැම්මද නව සංඝා වාසයද විහාර භූමියේ විද්‍යාමාන වේ. එහි විහාරාධිකාරී ධුරය ඓතිහාසික පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත වේඩරුවේ උපාලි නාහිමියෝ හොබවති.



කොළඹ ආරක්ෂාවට හැදු කොළඹ කොටුව

එදා අද කොළඹ
එදා කොළඹ ගැන කතා බහ කරනවිට පෘතුගීසි හා ලන්දේසි යුගවල කොළඹ පැවැති ආරක්ෂක විධි විධාන ගැන සොයා බැලීමට අපි මේ සතියේ තීරණය කළෙමු.
මෙරටට ප‍්‍රථම වරට පැමිණි යුරෝපීය ජාතිය වූ පෘතුගීසීහු ස්වකීය ශක්තියෙන් තනාගත් කොළඹ බළකොටුව සතුරන්ගෙන් රැක ගැනීමටද ඒ සා ශක්තියක් හා යුද ශිල්ප දැක්වූහ.
ආහාර හිඟයෙන් ශරීර ශක්තිය දියව ගියද චිත්ත ශක්තිය නිසා ලන්දේසීන් සමඟ හත් මාසයක් යුද වැදෙමින් තම බළකොටුව රැක්මට එදා පෘතුගීසි සෙබළු 90 දෙනෙක් සමත්වූහ. ඒ අතරතුරදි කොටුවේ සිටි බල්ලන්, බළලූන්, මීයන් ආදී සතුන්ගෙන් තම ආහාර වේල පිරිමසා ගැන්මටද පෘතුගීසින්ට සිදුව ඇත. ඔවුන් ඒ සියලූ ශක්තිය ගත්තේ පෙරදිග ධාන්‍යාගාරයේ ආර්ථික මර්මස්ථානය වූ කොළඹ බළකොටුව රැක ගැන්මටය.
එවන්වූ බල කොටුවේ ඔවුන් එදා පවත්වාගන ගිය ආරක්ෂක විධි විධාන කවරේදැයි මීළඟට විමසා බලමු.
පෘතුගීසි පාලන සමයේදී එවකට තිබූ ප‍්‍රාදේශීය රාජධානිවලින් එල්ලවන අභියෝග නිසාම කොළඹ ප‍්‍රදේශයේ විශාල භූමි ප‍්‍රදේශයක බළකොටුවක් නිර්මාණය කරන ලදී.
එහි මුහුද දෙසට තිබූ කොටස එනම් ”ගල්බොක්ක” ලෙස හඳුන්වන ප‍්‍රදේශය ගල් පවුවකින් වැසී තිබූ නිසා ස්වභාවික රැකවරණය ලැබී තිබිණි. මුහුදු බොක්කේ ගැටිය වටා ඉදිව තිබූ උතුරු බැම්මේ යුද අට්ටාල පහක් ඉදිකර තිබිණි.
නව දිය කඩනය ආරම්භ වන ස්ථානයේ කෙළවරක ශාන්ත කෲස් හෙවත් වෝටර් කාසල්ද අනෙක් කෙළවර ශාන්ත ජො ආ ඕ හෙවත් ශාන්ත ජෝන් අට්ටාලයද, කියුරාංක් හෙවත් කවුරුස් ලෙස ද හැඳින්වූ ශාන්ත ෆ්රැන්සිස් සේවියර් යුද අට්ටාලයද පිහිටියේය.
මේ හැර ශාන්ත ස්ටීවන් ශාන්ත සෙබස්තියන් හා මැඩි‍්‍රඩියෝස් ලෙස තවත් යුද අට්ටාල තුනක්ද පිිහිටා තිබිණි.
ගොඩබිම් ප‍්‍රදේශ නිතරම පාහේ ආක‍්‍රමණයන්ට ලක්වූ නිසාම දැවැන්ත බැම්මක් ඉදිකර ඒ වටා ආරක්ෂාව තර කර තිබිණි.
කොටුවේ නැගෙනහිර සීමාව දිගේ ගලා ගිය දිය අගලකින්ද නැගෙනහිර දොරටුවට අමතර ආරක්ෂාවක් ලැබිණි.
කොටුවේ දකුණු දිශාව ආරක්ෂාවට ලැගෝප් යන පෘතුගීසි නමින් හැඳින්වූ කිඹුලන්ගෙන් පිරි ජල තටාකයක් පැවතිණි. එයින් ලැබෙන ආරක්ෂාව මඳ හෙයින් දෝ නාවික බළ ඇණි භාර සෝනි ජේකබ් ලියන්ස් ඇතුළු යුද බළ ඇණි දෙකක සොල්දාදුවන් මුරට යොදා තිබුණි. ඊටත් අමතරව චැංපොන් නම් චීන බෝට්ටුද ආරක්ෂාව පිණිස යොදා ගැනීමට පෘතුගීසීන් කටයුතු කර තිබිණි.
මේ ලෙස ආරක්ෂාවුණු කොළඹ ඇතුළත කොටුව බාහිර ආක‍්‍රමණවලට කොතෙකුත් ලක්වුවද කිසිදු දිනක සතුරන් අතට පත් නොකරන්නට එදා සිටි පෘතුගීසිහු වග බලා ගත්හ.
1655 සැප්තැම්බර් මාසයේදී පමණ නැව් දහසයක නැගී සෙබළුන් 3000ක් පිරිවරාගෙන පැමිණි ලන්දේසි ජාතික හර් ජෙරාඞ් හල්ෆට් නම් යුද සෙනෙවියා ගාලූ වරායට පැමිණෙන තෙක්ම පෘතුගීසීන්ගේ බළකොටුවල ආරක්ෂාවට එතරම් තර්ජනයක් නොවීය.
එවකට උඩරට රාජ්‍යය පාලනය කළ සෙනරත් රජුගේ හා දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියගේ පුතුවන අස්ථාන කුමරු හෙවත් දෙවැනි රාජසිංහ රජතුමා සමඟ හල්ෆට් සෙනෙවියා එදා මිත‍්‍ර සන්ධානයක් ගොඩනගා ගත්තේ මෙරටින් පෘතුගීසින් පන්නා දැමීමටය. ”ඉඟුරු දී මිරිස් ගත්තා” යැයි පසුව ප‍්‍රචලිත වූයේද දෙවැනි රාජසිංහ රජුගේ එම තීරණයත් සමඟය.
කෙසේ හෝ ඉන් මසකට පමණ පසු ලන්දේසි සේනා කොළඹ දක්වා පැමිණියේ කොටුවට පහර දී එහි බලය අල්ලා ගැනීමටය.
මේ බැව් සැළවූ පෘතුගීසින් කළේ තම කොටුව තුළ සිටි නිත්‍ය හමුදා සෙබළුන් 500 දෙනා ඇතුළු 1300 ක සේනාවක් සූදානම් කිරීමය. එම සේනාවට සිංහල පවුල්වලින් ආවාහ විවාහ වී පැවතුණු පවුල්වල තරුණයන් 300ක්ද අයත්ව ඇත. කෙසේ හෝ එම සෙබළු තම කොටුවේ ප‍්‍රධාන දොරටු 03 ඉබියතුරුලා වසා දමා යුද අට්ටාලවලට වී ලන්දේසීන් එනතුරු බලා සිටියහ.
මෙඞ් ඔෆ් කුයිසන් නම් ලන්දේසි නැව මුහුදෙන් ආරක්ෂාව ලැබූ කොටුවේ වෝටර් කාසල් දොරටුව බිඳීමේ අරමුණින් කාලතුවක්කු ප‍්‍රහාරයන් දියත් කරගන දොරටුව සමීපයටම ආවත් එහි රැකවල්ලා සිටි පෘතුගීසිහු එය විනාශ කළහ. එයට වූ විනාශය දුටු අනිකුත් ලන්දේසි නැව් ගැඹුරු මුහුදේ නැංගුරම්ලා බලා සිටි බවද ලන්දේසි හා පෘතුගීසි මූලාශ‍්‍රවල සඳහන්ය.
කපිතාන් කයිලන් බර්ග් හා මේජර් වොන් වැන්ඩර් ලෑන් යන ලන්දේසි යුද හමුදා නිලධාරීන් ප‍්‍රමුඛ සේනාවන් කියුරාස් හා ශාන්ත ජොආ ඕ යුද අට්ටාලවලට පහර දුන්න ද ඒවා යටත් කරගත නොහැකි විය.
ඒ අතර හර්ෆට් සෙනෙවි තෙමේ සෙබළුන් අටසිය දෙනකු පිරිවරා පුර්ටේ රෙයිනා හෙවත් බිසෝ දොරටුව ලෙස හැඳින්වූ නැගෙනහිර දොරටුව බිඳීමට වෑයම් කළේය. රද්ජුවා හෙවත් කයිමන් දොරටුව ලෙස වහරේ පැවතුණු එම නැගෙනහිර දොරටුවේ බලය අල්ලාගෙන බැම්මට ඉනිමං තබා කොටුවට ඇතුළුවීමට ද ලන්දේසීහු උත්සාහ කළහ.
එහෙත් යුද ශක්තියෙන් හෝ සේනා බලයෙන් ලන්දේසි හමුදාව හා සම තත්ත්වයක නොවුවද පෘතුගීසිහු තම බළකොටුව රැක්මට දිවි පරදුවට තබා සටන් කළහ. ඒ නිසාම පුරා මාස හතක් පමණ කොටුව තුළ සිරව සිටිය ද සිය කොටුවට සතුරාට ඇතුළුවීමට ඉඩක් නොදීමට එදා පෘතුගීසීහු කි‍්‍රයා කළහ. සවි ශක්තිමත් ලෙස බළකොටුවේ ද්වාර මෙන්ම ප‍්‍රාකාරද ඉදිකර තිබීමත් එයට හේතුවී ඇත.
කෙසේ වෙතත් පෘතුගීසි මූලාශ‍්‍ර රැසකට යස අගේට විස්තර කර ඇති පෘතුගීසින්ගේ බළකොටුවේ නැගෙනහිර දොරටුව හා බැම්ම ලන්දේසීන්ගේ කාල තුවක්කුවල බල මහිමයෙන් කුඩා ගල් කැබලි ගොඩකට කැඞී තිබුණි.
1655 ඔක්තෝබර්වල පරංගීන්ට එරෙහිව  ඕලන්දක්කාරයන් කොළඹදී ඇවිලවූ සටනේ ලන්දේසීන්ට ජයක් අත්කර ගන්නට ලැබුණේ ඉන් මාස හතකට පසු එනම් මැයි හත් වැනිදාය. එදා ශාන්ත ජෝන් හෙවත් ශාන්ත ජෝ ආ ඕ දොරටුවේ බලය ලන්දේසීන් අල්ලා ගත්තේ තම සේනාංකයේ සෙබළුන් හාරසියයකගේ ජීවිත කැප කරමිනි. ඊටත් වඩා පිරිසක් තුවාලකරුවන් බවට ද පත් කර ගනිමිනි.
ඒතරම් විනාශයක් ලන්දේසීන්ට අත්කර දුන් පෘතුගීසි හමුදාවේ සෙබළුන් කී දෙනෙක් එවකට ජීවත්ව සිටියාදැයි ලන්දෙසීන් දැන ගත්තේ ඉන් දින පහකට පසුවය.
ඒ කඩු කස්තාන තුවක්කු එල්ලාගෙන වැරැහිලි ඇඳුම්වලින් යුක්තවූ වැහැරී ගිය සිරුරෙන් හැරමිටි ගසමින් ආ සෙබළුන් හා තවත් පෘතුගීසි ජාතිකයන් අනූ දෙනෙක් මැයි දොළොස් වැනි දින යටත් වීමට පැමිණීමෙන් අනතුරුවය.
සාගතයෙන් මෙන්ම රෝග පීඩාවෙන්ද පෙළෙමින් සිටි මෙම පෘතුගීසීන්ගේ විලාසය දුටු ලන්දේසීන් පවා විස්මයට පත්ව ඇත. කෙසේ හෝ ලන්දේසීන්ට යටත්වීමට මෙලෙස පැමිණියේ කොටුවේ රැක්මට කළ හැකි කිසිවක්ම නුවූ තැනය.
සෞඛ්‍යයෙනුත් ශරීර ශක්තියෙනුත් සාගතයෙනුත් දරුණු ලෙස පීඩාවට පත්ව සිටි පෘතුගීසීන් පරාජය භාර නොගෙන මුළු නගරයම පුපුරුවා හරිමින් දිවි නසා ගන්නටද වෑයම් කර ඇත. එහෙත් නගරය පිපිරවීමට අවි ආයුධ පිරවීමට තරම්වත් වෙඩි බෙහෙත් නුවූ තැන මොවුන් මෙසේ සටන් නවතා යටත්වීමට පැමිණ ඇත.
පරංගීන් සිටි බළකොටු උඩරට රජුට කරදෙන පොරොන්දුව මත ලන්දේසීන් යුද වැදුනද යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ගේත් විනාශවූ යුද ආම්පන්න හා ඊට වැයවූ මුදලටත් සරිලනසේ රජුගෙන් ඊට අදාළ වන්දිය ඔවුහු ඉල්ලා සිටියහ. මෙයින් ෂෂ රාජසිංහ රජු දරුණු ලෙස කිපුණු බැව් දත් ලන්දේසීහු කොළඹ නගරයේ ඇතුළත පෘතුගීසින්ටද වඩා සවිමත් බළ කොටුවක් නිර්මාණය කළෝය.
පෘතුගීසින්ගේ කොටුවට වඩා ඉතාමත් කුඩා භූමි ප‍්‍රමාණයක මෙම කොටුව ඉදිවිණි. කොටින්ම එය පෘතුගීසීන්ගේ බළකොටුවෙන් තුනෙන් එකක් තරම්වත් නොවීය. ශක්තිමත් කොටු බැමි හා ගැඹුරු දිය අගල්ද එහි වටා ඉදිවූයේය.
එම බළකොටුවේ නැගෙනහිර මායිමේ ලෙයිඩන්, ඩෙල්ප්ට්, හූන් යන යුද අට්ටාලත් දකුණු මායිමේ රොටර් ඩෑම්, මිඞ්ල් බර්ග්, ක්ලිපන්බර්ග් හා එන් කුයිසන් යන යුද අට්ටාලත් බටහිර කොටසේ බ්‍රෙයිල් හා ඇම්ස්ටර්ඩෑම් යන යුද අට්ටාලත් ඉදිවීය.
වෝටර් පාස් හා සීබර්ග් යන යුද අට්ටාලද මෙයට අමතරව කොටුවේ ආරක්ෂාවට යොදා ගැනිණි. ”කාසල්” ලෙස පොදුවේ හැඳින්වූ කොටුවේ නැගෙනහිර මායිමේ තිබූ හිස් තැනිතලා භූමියක් වූ බෆලෝස් ලේන් හෙවත් මී හරක් තැන්නද ආරක්ෂාවට යොදා ගත්තේ වතර බැහැර කිරීමට තැනූ සොරොව්වකින් එය වතුරෙන් යට කිරීමට හැකිවන පරිදි නිර්මාණය කිරීමෙනි. ”බියර්” නම් ඉංජිනේරුවකු විසින් මෙම දිය අගල් හා ආරක්ෂක ජලාශ ක‍්‍රමයන් ඉදිකළා යැයි සලකනු ලැබීය. ඇතැම්හු මේ ”බියර්” ඉංජිනේරුවා සිහිවීමට එම වැව ”බේරේ වැව” ලෙස නම් කර ඇතැයිද කියති.
කෙසේ හෝ ඉහත යුද අට්ටාලවලට අමතරව මහ මුහුද හෝ වැව අසු නොවූ ස්ථානවල ගැඹුරු දිය අගල්ද තැනීමට  ඕලන්දකාරයෝ එදා පියවර ගත්හ.
කොටුවේ සිට කැලණිගඟ දක්වා ඇළක් සාදා එයද බළකොටුවේ ආරක්ෂාවට යොදා ගති.  ඕලන්ද ඇළ හෙවත් ”කැනල් රොව්” ලෙස නම් වූයේ මේ ඇළය. එහි වපසරිය එදාට වඩා අද බෙහෙවින් පටුවී ඇත.
1550 වනවිට තාප්පවලින් වටව තිබූ පෘතුගීසි බළකොටුව ලන්දේසීන් සමඟ කළ සටනේදී විනාශව ගිය නිසා එය ගොඩ නංවන්නට ලන්දේසීන්ට බොහෝ කාලයක් ගතවීය. කැඞී බිඳී සුනු විසුනු වූ නැගෙනහිර කොටු පවුර ඉදිකිරීමට පමණක් විසි වසරකටත් වඩා වැඩි කාලයක් ලන්දේසීන්ට ගතව ඇත. අති විශාල ධනස්කන්ධයක් ඊට වැයවූ නිසාම  ඕලන්දයේ පාලකයන් කොටුවේ භූමි ප‍්‍රමාණය සීමා කිරීමට අණ දී ඇත.
ඒ නිසාම වර්තමාන කොටුවට සමාන භූමි කොටසක ලන්දේසි බළකොටුව ඉදිව ඇත. කෙසේ හෝ ලන්දේසීන්ගේ මේ සවිමත් බළකොටුව බිඳ පැමිණි එක් අයෙක් ගැන පමණක් එකල ලන්දේසීන් තම දෛනික වැදගත් සිදුවීම් සනිටුහන් කළ කොළඹ නිල වාර්තාව හි සඳහන්ය.ඒ 1751 නොවැම්බර් 27 දින පෙරවරු දෙකට පමණ කොටු බැම්මක් බිඳගෙන බේරේ වැවෙන් පිහිනා රොටර්ඩ‍්‍රෑම් අට්ටාලය විනාශ කළ දළ ඇතෙකිය. මෙම ඇතා රොටර් ඩෑම්හි සේවය කළ සෙබළුන් තුන් දෙනෙකුගෙන් එකෙකු මරා දමා තවකකුගේ අතපය බිඳ දැමූ බවද කොළඹ නිල වාර්තාවේ මැනවින් විස්තර කර ඇත.
18 වැනි සියවස වෙද්දී මෙම බළකොටුවේ වපසරිය වර්ග සැතපුමක් දක්වා අඩුවී තිබිණි. 1807 දී සන්නද්ධ තුවක්කු හතක් හා යෝධ ආධාරක කාල තුවක්කු 30 ක්ද බළකොටුවේ ආරක්ෂාවට යොදා තිබුණි.
1871 වනවිට ඝනකම් බිත්ති සහිතව දිගු උස ප‍්‍රාකාරවලින් සමන්විතව තිබූ බළකොටුවේ තාප්ප බොහෝමයක් කඩා දමා තිබිණි.
1796 පෙබරවාරි දහසය වැනි දින කොළඹ කොටුවේ බලය ලන්දේසීන් විසින් ඉංගී‍්‍රසීන්ට පවරා යන්නේ දෛවෝපගත සිද්ධියක් පරිද්දෙනි. මන්දයත් එයට වසර 140 පෙර පෘතුගීසීන්ගෙන් කොටුවේ බලය උදුරා ගත්තාටත් වඩා නින්දිත ලෙසය.
රටේ සෙසු  ඕලන්ද බළකොටු ක‍්‍රමයෙන් අල්ලාගන එන බි‍්‍රතාන්‍යයන්ට සටනක් නුදුන් මේ  ඕලන්දක්කාරයෝ මැලේ සෙපොධිවරුන් හා එක්ව පලා ගියහ. හූන් හා ඩෙල්ප්ට් යුද අට්ටාල අතර ඇති නැගෙනහිර දොරටුවෙන් එලෙස ගියේ කැලණි ගං මෝය අසල ඒ වනවිටත් නැංගුරම් ලා තිබූ බි‍්‍රතාන්‍ය ජාතික ආර්. එන්. ගාඞ්නර්ගේ යුද නැව් හා කර්නල් ජේම්ස් ස්ටුවට්ගේ යුද සේනාංක කොළඹ කොටුව වැටලූ පසුය. එදා නැගෙනහිර මළුව ලෙස හැඳින්වූ අද ලෝටස් මාවත ප‍්‍රදේශයේදී ලන්දේසීහු තම කඩු හැර අනිකුත් අවි ආයුධ බි‍්‍රතාන්‍යයන්ට භාර දුන්නෝය.
එදා ලන්දේසීන්ගේ යුද අට්ටාල තිබූ තැන්වල අද පවතින්නේ මොනවා දැයි අපි ඊළඟට විමසා බලමු.
නැගෙනහිර මායිමේ තිබූ හුන් අට්ටාලය අද ට‍්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි තැන පැවතිණි. එදා ඩෙල්ෆ්ට් අට්ටාලය පිහිටියේ අද ”මේන් ස්ටි‍්‍රට් හෙවත් කෙළින් වීථිය හා ගෆුර් ගොඩනැගිලි පිහිටි තැනය. ලෙයිඩන් යුද අට්ටාලය අද ගෆුර් ගොඩනැගිල්ල පිටුපස පිහිටියේය. වරායට යාබද ”ලේඩන් බැස්ටියන්” මාවත ඒ නෂ්ටාවශේෂයයි.
දකුණු මායිමේ එදා තිබූ යුද අට්ටාලය වූ එචිලන් බැරැුක්ක කෙළවර පිහිටි රොටර් ඩෑම් පිහිටියේ අද රීගල් සිනමාහල තිබූ තැනය. මිඞ්ල් බර්ග් තිබුණේ රැජිණ වීදියේ දකුණු කෙළවර ගාලූ මුවදොර පිටිය පෙනෙන පරිදිය. කොඩිගහ වීදියේ එන්කුයිසන් පිහිටියේය. රේගුවේ ප‍්‍රධාන දොරටුව අසළ ඇම්ස්ටර්ඩෑම් පිහිටා තිබිණි.
(විශේෂ ස්තුතිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රෝහිත දසනායක මහතාට)
2012 ජූලි මස 29 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 කයිමන් දොරටුව තිබෙන ප‍්‍රදේශයේ ට‍්‍රෑම් කාර් ගිය හැටි
 එදා ඩෙල්ෆ්ට් යුද අට්ටාලය තිබූ තැන මහ වීදිය පසු කලෙක දිස් වූ අයුරු.
 පැරැණි කොටුවේ ඕලන්ද ඇළ එදා තිබූ අයුරු.
 එදා ශාන්ත සෙබස්තියන් ඇළ තිබූ අයුරු.
 ශාන්ත ජෝන් යුද අට්ටාලය තිබූ තැන ශාන්ත ජෝන් මාළු වෙළෙඳ පොළ තිබූ ගොඩනැගිල්ල අද
 අද ශාන්ත ජෝන් වීදිය දිස්වන අයුරු.
එදා රොටර්ඩෑම් යුද අට්ටාලය තිබූ තැන අද ඇති රීගල් සිනමා හල
හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් විසින් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමෙන් පසු ශ්‍රී ලංකාවේ දළදා පෙරහැර පුරාණය ආරම්භ වන්නේ අනුරාධපුර යුගයේ කිත්සිරි මේඝවණ්‌ණ (ක්‍රි. ව. 301 - 328) රාජ්‍ය සමයේය. එතැන් පටන් වාර්ෂිකව අනුරාධපුර යුගයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් දළදා පෙරහැර පවත්වා තිබේ.


අනතුරුව පොළොන්නරු රජ සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1150 - 1186) විසින්ද දළදා පෙරහැර පවත්වන ලද බව ඉතිහාසයේ සඳහන්ය. තවද දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්‌ටේ යුගයන් හිදී ඇතු පිට රිදීමුවා, රන්මුවා, කරඬු වැඩම කළ බව පෙරහැර වංශකථාව පෙන්වා දෙයි.

එය මහනුවර ඇසළ මංගල්‍යය ලෙස සමාජ ගතවන්නේ ක්‍රි. ව. 1592 සෙංකඩලගලපුර රාජ්‍යයට පත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ පාලනයත් සමඟය. දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිට දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහැර ආරම්භ කිරීමට පළමුවැනි විමලධර්මසූරිය රජතුමා මූලිකත්වය ගත්තේය. ඒ අනුව මේ දිනවල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ එක්‌දහස්‌ හත්සිය (1700) වැනි සිරි දළදා පෙරහැරය. මෙය මහනුවර පැවැත්වෙන හාරසිය විසිවැනි (420) පෙරහැර වෙයි.

පසුගිය 23 වැනිදා සිට 27 වැනිදා දක්‌වා කුඹල් පෙරහැර පැවැති අතර (පළමුවන දින කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ ඇස්‌වහ කටවහ දොස්‌ දුරුවෙන බවට විශ්වාසයක්‌ පවතී.) 28 වැනිදා සිට අගෝස්‌තු පළමුවැනිදා දක්‌වා රන්දෝලි පෙරහැර පැවැත්වෙයි. එයිනුත් අගෝස්‌තු පළමුවැනිදා පැවැත්වෙන පෙරහැර හඳුන්වනු ලබන්නේ මහා රන්දෝලි පෙරහැර ලෙසිනි.

එය නිමිතිකරගෙන ශ්‍රී දළදා මාළිගාව මගින් '1700 පෙරහරක පෙළහර' නමින් කෘතියක්‌ නිකුත් කර තිබේ.

මල්වතු, අස්‌ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ප්‍රදීප් නිලංග දැල දියවඩන නිළමේතුමන්ගේ මගපෙන්වීම යටතේ දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත හිස්‌සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් කිසිදු ව්‍යාපාරික අරමුණකින් තොරව මෙය නිකුත්කර තිබේ. ක්‍රිෂාන්ත දයානන්ද මහතා මෙහි ප්‍රධාන කර්තෘ පදවිය හොබවන අතර, මහින්ද කුමාර දළුපොත මහතා නියෝජ්‍ය කර්තෘ පදවිය උසුලයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ කේ. මීගහකුඹුර යන මහත්වරු සෙසු කර්තෘ මණ්‌ඩල සාමාජිකයෝය. මෙය වසර 10 - 15 ක පර්යේෂණාත්මක හා ග්‍රන්ථ පරිශීලනයක ප්‍රතිඵලයක්‌ බව ඔවුහු කීහ. ගිය වසරේදී දළදා මාළිගාවෙන් මෙවැනි කෘතියක්‌ නිකුත් කෙරිණි. එවැනි පසුබිමක්‌ යටතේ යළිත් කෘතියක්‌ නිකුත් කරන්නේ ඇයි දැයි අපි මෙහි ප්‍රධාන කර්තෘත්වය දරන ක්‍රිෂාන්ත දයානන්ද මහතාගෙන් විමසුවෙමු.

"ගිය වර කෘතියට දළදා මාළිගාවේ පුද සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර, දළදා සංස්‌කෘතිය ඇතුළත් කෙරුණේ නෑ. මෙවර ඒවා ඇතුළත්. ඒ වගේම සෙංකඩගල රාජධානියේ පෞරාණික උරුමය හා ඒ හා බැඳුණු සිද්ධාන්ත ගැනත් ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම පෙරහැරේ ඇති ඇතැම් සංස්‌කෘතිකාංග ගිය වර ඇතුළත් කෙරුණේ නෑ. නමුත් මෙවර පෙරහැරේ සෑම සංස්‌කෘතිකාංගයක්‌ ගැනම සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙනුත් පැහැදිලි කර තිබෙනවා. මෙහිදී දළදා පෙරහැරේ සම්ප්‍රදාය නිවැරදිව ඡායාරූප සහිත වාර්තා කරනවා විනා අපගේ පෞද්ගලික මතවාද කිසිවක්‌ ඇතුළත් කර නෑ" යෑයි දයානන්ද මහතා කීවේය.

ඔහු "පෞද්ගලික මතවාදයන්" ලෙස වැකියක්‌ සඳහන් කිරීම තරමක්‌ සංකීර්ණය. එනිසා අපි ඒ ගැන යළි ප්‍රශ්න කෙරුවෙමු.

"ඇතැම් විද්වතුන් හා නොමේරූ දැනුමක්‌ ඇති අය මෙම උතුම් සංස්‌කෘතිකාංගය ගැන තමන්ගේ පෞද්ගලික මතවාද සමාජගත කිරීම නිසා අද සියයට අසුවක්‌ පමණ ඇත්තේ වැරැදි නිර්වචනයන්. ඔවුන් එක්‌ එක්‌ සංස්‌කෘතිකාංග ගැන තමන්ට හිතෙන දේවල් සමාජ ගත කර තිබෙනවා. නමුත් ඒවා දළදා සම්ප්‍රදායට අනුව ඇත්ත නෙවෙයි. ඒ වගේම විද්යුත් මාධ්‍යයන් හරහාත් මෙම සංස්‌කෘතිකාංගයන්ට වැරදි අර්ථකථන සපයනවා. මෙම තත්ත්වය වහාම නිවැරදි කර සැබෑ දළදා සාම්ප්‍රදාය අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කිරීමත් අපේ අරමුණක්‌.

පෙරහැරට දායකත්වය දක්‌වන ශිල්පීන්ට වර්තමානයේදී නිවැරැදි ඇගයීමක්‌ ලැබෙනවා ද යන්න සැකසහිතයි. ඒ නිසාම අලුත් පරපුර පරම්පරාවෙන් එන කලා උරුමයන් පසෙක ලා වෙනත් වෘත්තීන්ට යොමුවෙලා තිබෙනවා. මෙය ෙ€දනීය තත්ත්වයක්‌. එම නිසා ඒ ශිල්පීන්ට නිසි වටිනාකමක්‌ දිය යුතුය යන සමාජ වටපිටාවක්‌ ගොඩනැගීමත් අපේ අරමුණක්‌. මේ කෘතියට වැඩිහිටි සහ බාල පරම්පරාවේ ශිල්පීන්ගේ ඡායාරූප ඇතුළත් කර ඔවුන් දිරිමත් කර තිබෙනවා.

අනිත් කාරණය තමයි සංචාරක මගපෙන්වන්නන් මෙම උතුම් සංස්‌කෘතිකාංග ගැන විදේශිකයන්ට කරුණු කියන්නේ තමන් දන්නා සරල ඉංග්‍රීසියෙන්. එවිට ජාත්‍යන්තරයේ මේ ගැන හැදෙන්නේ විකෘති මතයක්‌. ඒ නිසා අපි කන්ද උඩරටට බැඳුණු වචනවලට ඉතාම සමීප අර්ථය දෙන ඉංග්‍රීසි වචන යොදාගෙන අදාළ පරිවර්තනයන් කර තිබෙනවා. මෙහිලා කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා දැක්‌වූ කැපකිරීම අගය කළ යුතුයි.

පසුගිය වසරවලදී අපි දුටුවා රූපවාහිනි නාළිකාවලින් පෙරහැර විකාශය කිරීමේදී නොගැළපෙන ලෙස සිද්ධීන් සම්බන්ධ කරන ආකාරයක්‌. ඒ නිසා මෙවර පෙරහැර රූපගත කරන්නේ දළදා මාළිගාවෙන්. එය රූපවාහිනී නාලිකාවලට නොමිලේ ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම පොත මුදලට අලෙවි නොකළත් දළදා වහන්සේ ගැන හැදෑරීමක්‌ කරන ඕනෑම අයෙකුට මාළිගාව හා සම්බන්ධ වීමෙන් තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත හැකියි."

'දළදා පෙරහැරේ දියකැපීම' යන මතවාදය ගැනත් අපි ඔහුගෙන් ඇසුවෙමු.

මේක කරුණු පටලවා ගැනීමක්‌. බුදුන් උදෙසා කරන පූජාවන්ගේ දිය කැපීමක්‌ නෑ. එය සිදු කෙරෙන්නේ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාලවලයි. 

අපේ කෙරෙන්නේ මහා රන්දෝලි පෙරහැරෙන් පසු (මෙවර අගෝස්‌තු 1 දා අලුයම) කරඬුන් වහන්සේ මාළිගා පරිශ්‍රයට ගෙවදීමෙන් පසු දළදා වහන්සේ වැඩ සිටි කුටියේ තැන්පත් කර ගිලන්පස පූජාවක්‌ පැවැත්වීමයි. පෙරහැර නිල වශයෙන් අවසන් වන්නේ එවිටයි. පසුව රාත්‍රි එකට පමණ ගෙඩිගෙය විහාරයට කරඬුවහන්සේ වඩම්මවා එහි පැය දොළහක්‌ තැන්පත් කර තිබෙනවා. එසේ කරන්නේ දන්ත ධාතුන් වහන්සේ දෙල්ගමුවේ සිට නුවරට රහසිගතව වැඩම වූ පළමු දවසේ රෑ බෝවූ හෙයින් ආරක්‌ෂාව පිණිස එදා ගෙඩිගේ විහාරයේ රැය පහන්කර තිබෙන නිසයි. ඊට කෙරෙන ගෞරවයක්‌ විදියටයි මෙය සිදු කෙරෙන්නේ. පසුදා දහවල් (මෙවර අගෝස්‌තු 2 දා) පෙරහැරකින් පැමිණ යළිත් කරඬුන් වහන්සේ දළදා මාළිගාව වෙත වඩම්වනවා. එයයි සම්ප්‍රදාය. මෙය හැඳින්වෙන්නේ දවල් පෙරහැර ලෙසයි.

"එතකොට පෙරහැර පෙළ ගැසෙන්නේ මොන විදියටද?" අපි දයානන්ද මහතාට අවසන් ප්‍රශ්නය යොමු කළෙමු.

පෙරහැර අවසර පැතීම - පෙරහැර පිටත්වීමට පෙර මාළිගාවේ පෙරහැර හා සම්බන්ධ සියලුම නිලයන් දියවඩන නිලමේතුමාගෙන් අවසර ගත යුතුය. කාරියකෝරාළ, ගජනායක, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කංකානම්රාල, මොහොට්‌ටාල, සහ වට්‌ටෝරුරාළ, ඇතුළු සියලු නිලයන් දියවඩන නිළමේතුමාට වැඳ ආශිර්වාද ගෙන පෙරහැරට සහභාගිවීම සම්ප්‍රදාය වෙයි.

පෙරහැර වෙඩි හඬ - දළදා පෙරහැර පිටත්වීමට පෙර වෙඩි හඬ තුනක්‌ නිකුත් කරයි. පළමු වෙඩි හඬට සිව් මහා දේවාලවල පෙළ ගැසී සිටින පෙරහැරකරුවෝ මාළිගා පෙරහැරට එකතුවෙති. දෙවැනි වෙඩි හඬ නිකුත් කරන්නේ සාධාතුක කරඬුව, ඇතුපිට රැඳී රන්හිලිගේ තැන්පත් කළ බව කීමටය. තෙවැනි වෙඩි හඬත් සමඟ පෙරහැර ඇරැඹේ.

කසකරුවෝ - දළදා පෙරහැරේ පළමුවෙන්ම දර්ශනය වන්නේ කසකරුවන්ය. කස වැනුමෙන් අහසේ ගිගුරුමද විදුලි කෙටීමද සංකේතවත් වෙයි.

බෞද්ධ කොඩිකරුවෝ - කුඹල් පෙරහැර හා රන්දොaළි පෙරහැර බෞද්ධ පෙරහැරක්‌ බව සිහිපත් කිරීමට බෞද්ධ කොඩි රැගෙන යනු ලබයි.

පළාත් කොඩිකරුවෝ - මහනුවර රාජ්‍යයට අයත් පළාත්වල කොඩි පෙරහැරට එකතු කර තිබේ. ඒ ඒ පළාත් භාර නිලමේවරුන් විසින් හතර කෝරළය, සත්කෝරළය, මාතලේ, සබරගමුව, තුන්කෝරළය, ඌව වලපනේ, උඩරට පළාත් නියෝජනය කරන කොඩි මෙසේ රැගෙන ආ යුතුය.

අසිපත් ධාරියෝ - ලක්‌බිමට වැඩම කළ දා පටන් දළදා හාමුදුරුවන් මහනුවර දළදා මන්දිර වඩා හිඳුවන තෙක්‌ බොහෝ සතුරු කරදරවලට මුහුණ දුන් වග මින් සිහිපත් කෙරේ.

ගිනිබෝලකරුවෝ - විදුලි කොටන විට නැගෙන ආලෝකය දළදා පෙරහැරේදී පෙන්නුම් කරන්නේ මෙමගිනි.

පෙරමුණේ රාළ - දළදා පෙරහැරේ පළමු ඇතුපිට එන්නේ පෙරමුණේ රාළයි. දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු වතාවත් ඇතුළත් ලේකම්මිටිය ඔහු අතට ඇත.

පළමු හේවිසිකරුවෝ පෙළ - පෙරමුණේ රාළ පිටුපසින් නිත්‍ය හේවිසි කණ්‌ඩායම පැමිණේ. දළදා මාළිගාවේ සේවයේ නියුතු පනික්‌කියන් සිව් දෙනා මූලික හේවිසි කණ්‌ඩායමයි.

ගජනායක නිළමේ - රජුගේ ඇත් පන්තිය භාර නිලය ගජනායක නිළමේය. එය සංකේතවත් කරමින් දළදා පෙරහැරේ සියලු අලිඇතුන් භාරව ගජනායක නිළමේ ගමන් කරයි.

බුලත්පදය - "බුලත්පදය" ඉවහල් කර ගන්නේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කරන ආරාධනයක්‌ ලෙසිනි.

ඇත්පන්ති - ජන විශ්වාසය අනුව අලි ඇතුන් පෙරහැරේ ගමන් කරන විට කළු වැහි වළාකුළු සිහිගැන්වෙයි. එහෙයින් දළදා පෙරහැරේ තනිතණ්‌ඩලේ අලි ඇතුන් ගමන් කරවීම තහංචි වේ.

හොරණෑකරුවෝ - හොරණෑව දළදා පෙරහැරේ නාද මාත්‍රාවයි. ඒ එම හඬින් ගජගා වන්නම් තාලය මුළු පෙරහැර පුරාවටම එක සේ සුසරවන බැවිනි.

කොතල පදය - පැන් කොතලය සශ්‍රීකත්වයේ සංකේතයකි. පිරිත් පැන් කළය සිහි ගන්වමින් සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කෙරේ. 

පොල්මල් නැට්‌ටුවෝ - පොල්මල සශ්‍රීකත්වයේ සංකේතයකි. මෙම නැටුමේ අරමුණ රටට සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීමයි.

ගොයම් නැටුම - කලට වැසි ලැබ කෙත් සශ්‍රීකවීමේ අභිමානයත් දළදා හාමුදුරුවන් වෙත දක්‌වන බැති සිතත් හඳුනා ගත හැක.

තම්මැට්‌ටම්කරුවෝ - හේවාවිස්‌ස, යකාවෙල, ඇරැව්වාවල, උඩුනුවර සහ රිදීගම යන පරම්පරා දළදා පෙරහැරේ තම්මැට්‌ටම් වාද්‍යකරුවෝ ලෙස පැසසුම් ලබති.

තාලම්පොටකරුවෝ - පෙරහැරේ රිද්මය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට අවශ්‍ය විධානය මින් ලබා දෙයි.

දවුල්කරුවෝ - දවුල දළදා තේවාවන් සඳහා යොදා ගන්නා මෙවලමකි. එහෙත් පෙරහැරේදී එය රංගන මෙවලමකි. රන්දෝලි පෙරහැරට අතිවිශිෂ්ට දවුල්වාද්‍ය ශිල්පීහු පමණක්‌ එක්‌ වෙති.

රබන් නැට්‌ටුවෝ - මෙය පත්තිනි පූජාවකි. දිගු කලක්‌ ප්‍රගුණ කිරීමෙන් ලබාගතයුතු කුසලතාවකි. එහෙයින් දළදා පෙරහැරේ රබන් කැරකැවීම බුදුන්ට දක්‌වන පූජාවක්‌ ලෙස සැලකෙයි.

චාමර නැට්‌ටුවෝ - දළදා වහන්සේට චාමර සැලීම ගෞරවනීය පිළිවෙතකි. එම නිසා මෙය පෙරහැරේදී සධාතුක කරඬු වහන්සේට දක්‌වන හරසර පූජාවකි.

හවඩි දඟයා - ඉන වටා වට කරකැවෙමින් හවඩි බැඳීමේ රටාව රංගන නර්ථනයකට යොදාගත් එකම අවස්‌ථාව හවඩි දඟයා නැටුමයි.

පතුරු නැට්‌ටුවෝ - ලී කෙළි හා සමාන වුවද ලී පතුරු භාවිතා කිරීම නිසා පතුරු නැටුම ඊටම අනන්‍ය වූවකි.

පන්තේරුකරුවෝ - පන්තේරුව කවිකාර මඩුවේ නිත්‍ය වාද්‍ය මෙවලමකි. එය රවුම් හැඩැති පිත්තල භාණ්‌ඩ මෙවලමකි.

ලීකෙළිකරුවෝ - මනා පෞරුෂයක්‌ විදහා දක්‌වන මෙය උඩරට ශිල්ප පරම්පරාවන්ගේ අනන්‍යතාවකි.

වේවැල් වියන්නෝ - එක්‌ අයෙක්‌ වේවැල් කඳ ලෙස හඳුන්වන වේවැල් බඳ තිබෙන කොටස අල්ලා ගත යුතුයි. ඔහු වටා අනිත් ශිල්පීහු දුවති. ඒ දුවන රටාවේ හැඩතල කීපයක්‌ දැකගත හැක.

උඩැක්‌කිකරුවෝ - පෙරහැරේ උඩැක්‌කිකරුවන් ගමන් කරන්නේ කවි ගායනා කරමින්, තාලයට උඩැක්‌කිය වාදනය කරමිනි. දළදා පෙරහැරට එක්‌වීමට නම් පාරම්පරික නිසි උරුමය ලත් ශිල්පියකුගෙන් ශාස්‌ත්‍රය හදාරා තිබිය යුතුය.

ගැටබෙරකරුවෝ - දළදා පෙරහැරට ගැට බෙරය යොදා ගන්නේ පූජාවක්‌ ලෙසිනි.

නෛයණ්‌ඩි නැට්‌ටුවෝ - හිස්‌ වෙස්‌ තට්‌ටුවෙන් තොරව අලංකාර ලෙස හිස ඔලියල් බැඳගෙන අවුල්හැරයෙන් අලංකාර ලෙස උඩුකය වසාගත් නෛයණ්‌ඩි නැට්‌ටුවෝ වූ කලී ජව සම්පන්න උද්වේගකර නැට්‌ටුවෝම වෙති.

කාරිය කෝරාළ - සධාතුක කරඬුව රැගෙන එන ඇතු පැමිණීමට පෙර කාරියකෝරාළ පෙරහැරේ ගමන් කරයි. හෙතෙම දියවඩන නිළමේතුමාට පසුව සිටින දළදා මාළිගාවේ භාරකාරයාය.

දෑලේ ඇත්තු - පෙරහැර කරඬුවේ ආරක්‌ෂාව පිණිස දෑලේ ඇත්තු ගමන් කරති. එම ඇතුන් සද්ධන්ත කුලයේ විය යුතුයි.

නාගසිංහම් වාද්‍යවෘන්දය - පෙරහැර කරඬුව වීදි සරන විට එයට ශබ්ද පූජාවන් පැවැත්වීම සම්ප්‍රදායකි. මේ සඳහා නාගසිංහම් වාදනය පෙරහැර කරඬුව වඩිනා ඉදිරිපිට වාදනය කෙරේ.

පාවඩ එළීම - පෙරහැර කරඬුව සමඟ ඇතු මගට බසිනුයේ පාවඩය මතිනි. මේ පාවඩ එළීම දළදා මාළිගා භූමියේ සිටම සිදුවන්නකි.

මංගල හස්‌තිරාජයා - දළදා පෙරහැරේ කරඬුව වැඩමකරවීමේ භාග්‍ය හිමි ඇතාය. මංගල හස්‌තිරාජයා සරසනු ලබන ඇඳුම් ආයිත්තම් වෙනත් කිසිම ඇතකුට හිමිවන්නේ නැත.

රන්හිලිගේ - මංගල හස්‌තිරාජයාගේ කුඹතලය මත කරඬුව තැන්පත් කරන්නේ රන්හිලිගේ තුළය. මෙය රන්කමින් අලංකෘතය.

කවිකාරමඩුව - කරඬුව වඩමවන ඇතුට පසුව දළදා මාළිගාවේ කවිකාර මඩුව ගමන් කරයි. දළදා ගුණ ගයමින් ආශිර්වාද කිරීම පෙරහැර සම්ප්‍රදායකි.

වෙස්‌ නැට්‌ටුවෝ - හිස ඔටුන්න හැර සියලු රජවෙස්‌ දැරීම වෙස්‌ නැට්‌ටුවන් සතු බව පිළිගත් මතයකි. මංගල හස්‌තිරාජයා පිටුපසින් දෙපෙළ සැදී වෙස්‌ නැට්‌ටුවෝ පැමිණෙති.

දියවඩන නිලමේ - දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හිමි දියවඩන නිළමේටය. වීදි බැස දළදාවහන්සේ පෙරහැරේ ගමන් ගන්නා විට ඒ පසුපසින් යන්නේද දළදා හිමි රැක ගැනීමේ උත්තම අපේක්‌ෂාවෙනි.

මුතුකුඩකරුවා - දළදා මාළිගාවේ රාජකාරි ඇඳුමෙන් සැරසී දියවඩන නිළමේතුමාට මුතුකුඩය ඇල්ලීම මාළිගාවෙන් පිවිසි තැන පටන් යළි ගෙවදින තෙක්‌ කළ යුතුය.

මුරායුධකරුවෝ - දියවඩන නිලමේතුමා රැක ගැනීම පැවරී ඇත. දියවඩන නිළමේතුමා පෙරහැරේ ගමන් ගන්නා විට මග දෙපසින් ආරක්‌ෂක වැටක්‌ සේ මුරායුධ ඔසවාගෙන ආරක්‌ෂකයන් ලෙස පැමිණෙති.

නාථ දේවාල පෙරහැර - දළදා මාළිගා පෙරහැරෙන් අනතුරුව සිව්මහ දේවාල පෙරහැර අතුරින් පළමුව පැමිණෙන්නේ නාථ දේවාල පෙරහැරයි. 

විෂ්ණු දේවාල පෙරහැර (- දළදා පෙරහැරේ දෙවැනි දේවාල පෙරහැරයි.

කතරගම දේවාල පෙරහැර - දළදා පෙරහැර සතු වාද්‍ය අනන්‍යතාව එකවර වෙනස්‌ වන්නේ කතරගම දේවාල පෙරහැර පැමිණෙන විටය. එමගින් මෘදංග හා නාගස්‌වරම් හඬ ඉස්‌මතු වෙයි.

පත්තිනි දේවාල පෙරහැර - දළදා පෙරහැරේ අවසාන දේවාල පෙරහැරයි. එහි නර්තනයන්ද නර්තන ශිල්පීන්ද වෙනස්‌ය.

රන්දෝලි - දළදා මාළිගා පෙරහැර අවසන් වන්නේ දොaලා ගෙන යැමෙනි. මේ ආකාරයට "දොaලා" පෙරහැරට එක්‌කර ඇත්තේ වැලිවිට සරණංකර සංඝරාජ සමයේදීය. ඊට පෙරාතුව රජුගේ අගමෙහෙසිය ගමන් කළ අතර අද වන විට ඊට ගෞරවයක්‌ ලෙස දොaලා පමණක්‌ පෙරහැරේ ගෙනයනු ලැබේ.

අනුරාධ හිරිපිටියගේ
2012 ජුලි 29 ඉරිදා දිවයින

නිධන් මිථ්‍යාවෙන් වැනසෙන රටේ පුරාවිද්‍යාත්මක උරුමය


ශ්‍රී ලංකාව කුඩා බිම් ප්‍රමාණයකින් යුතු රටක්‌ වුව ද ලොව අනෙකුත් ඉපැරණි ශිෂ්ටාචාර සතු රටවල් හා සසඳන විට අද්විතීය උරුමයක්‌ සහිත ජනතාවක්‌ සිටින රටක්‌ ලෙස ඉදිරියෙන් සිටී. මේ අතර මානව ජනාවාසකරණයක පිළිබඳව අදින් වසර 125,000 ට පෙර ලැබී ඇති ප්‍රාග් ඓතිහාසික සාධකවල සිට 1815 මාර්තු මස 2 දින දක්‌වා අවධියට අයත් පුරාසාධක රැසක්‌ දිවයින පුරා විසිරී පවතී.

දිවයිනේ සියලු පුරාවිද්‍යා ස්‌ථාන හා ස්‌මාරක විධිමත් පරිදි වාර්තාගත කොට අවසන් කර නොමැති නමුත් රට පුරා විසිරී පවත්නා පුරාවිද්‍යාත්මක වැදගත්කමක්‌ සහිත ස්‌ථාන ලක්‌ෂ 3 ට ආසන්න බව දළ වශයෙන් ගණනය කොට ඇත.

මෙකී පෞරාණික උරුමය සුරැකීමේ නීත්‍යානුකූල බලය හිමි ආයතනය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා කැපවී සිටී. දෙපාර්තමේන්තුව සතු සීමිත මානව හා මූල්‍ය සම්පත් ප්‍රමාණය මත දිවයිනේ ඇති පුරාවිද්‍යා ස්‌ථාන ප්‍රමාණය දළ වශයෙන් හෝ ගණනය සඳහා තවත් වසර සියයකටත්a අධික කාලයක්‌ ගත වනු ඇත. ඒ අතරතුර, දැනට පවත්නා වේගයෙන් පුරාවස්‌තු විනාශය සිදු වුවහොත් එවිට අගනා පුරාවස්‌තු රැසක්‌ දැයට සදහටම අහිමිව පවතිනු ඇත. නමුත් අප සතු සීමිත මානව හා ශ්‍රම සම්පත් හමුවේ පවත්නා පුරාවස්‌තු සුරක්‌ෂිත කිරීම දෙපාර්තමේන්තුවට පමණක්‌ හුදෙකලාව සිදු කළ හැකි කාර්යයක්‌ නොවේ. පුරාවස්‌තුවල සැබෑ උරුමකරුවන් ලෙස මහජනතාවගේ දායකFවය අත්‍යවශ්‍ය වේ. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්‌ව කටයුතු කරන වෙනත් ආයතනගත නිලධාරීන්ගේ සහයෝගය අවශ්‍ය වේ. 

මෑත වසර කීපය තුළ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පුරාවස්‌තු සොරා ගැනීමේ හා විනාශ කිරීමේ දැඩි අවදානමකට මුහුණ පා සිටී. මෙකී සංහාරය පිටු දැකීම ජාතික අවශ්‍යතාවයක්‌ සේ සලකා අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්‌ විය යුතු මොහොත උදා වී ඇති බව අපගේ විශ්වාසයයි. මහත් වූ අභාග්‍ය වන්නේ අද දවසේ අප විසින්ම අපගේ එකී අසහාය උරුමය වැනසීමට පෙළඹී සිටීමයි. අද වන විට මෙකී විනාශය ජාතික ව්‍යසනයක්‌ බවට පත් වී ඇති අතර කඩිනමින් පියවර නොගතහොත් පෙර කී අපගේ උරුමය නිකරුනේ වැනසී යාම නොවැලැක්‌විය හැකි වනු ඇත. මෙකී විනාශය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉපැරණි විහාරස්‌ථානවල, පැරණි ගොඩනැගිලි ආශ්‍රිතව රන්, රිදී, මුතු, මැණික්‌ වැනි වටිනා වස්‌තු තැන්පත් කර ඇතැයි යනුවෙන් ජනතාව තුළ පැතිර ඇති මිථ්‍යා විශ්වාසයන්ය.

වසර සියයකටත් අධික කාලයක්‌ පුරාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ විවිධ පළාත්වල සිදු කර ඇති පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ ඇතුළු අනෙකුත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් මෙම කට කථාවල ඇති පදනම් විරහිත බව සනාථ වී ඇත. මෙම සත්‍යතාවය කෙතරම් දුරට ජනතාව අතරට ගෙන ගිය ද එය යටපත් වී වස්‌තු සෙවීමේ තණ්‌හාවෙන් යුතුව පුරාවස්‌තු වනසා දමයි. පැරැන්නන් විහාරාරාම, දාගැබ්, ගොඩනැගිලි ඉදිකර ඇත්තේ වැඳුම් පිදුම් සඳහා මෙන්ම වෙනත් දෛනික පරිහරණ කටයුතු වෙනුවෙන්ය යන සත්‍ය පිළිගැනීමට බොහෝ පිරිස්‌ මැලි වෙතිs.

ඡේතවනාරාම රන් බණපොත, අභයගිරියෙන් ලැබී ඇති ස්‌වර්ණ පිණ්‌ඩික, ඉතා තුනී රන් තහඩු මගින් කළ කුඩා බුද්ධ ප්‍රතිමා හා කුඩා කරඬුq කීපයක්‌ හැර රත්‍රංවලින් නිපදවූ බුද්ධ ප්‍රතිමා, සෙම්බු, සතුන් හෝ රත්‍රං කුට්‌ටි මෙතෙක්‌ හමු වී නොමැති බව අවධාරණය කර සිටිමු. දාගැබ් තුළ නිධන් වස්‌තු තැන්පත් කිරීමේ සම්ප්‍රදායක්‌ තිබූ බව සත්‍යයකි. නමුත් මෙසේ තැන්පත් කළේ අෂ්ඨ මංගල සංකේත, ධාතූන් වහන්සේලා, කුඩා බුද්ධ ප්‍රතිමා, බෝධි සFව ප්‍රතිමා, දේවතා රූප වැනි අභිචාර විධි සඳහා උපයෝගී වූ ද්‍රව්‍ය මිස රන්, රිදී, මුතු, මැණික්‌ වැනි වස්‌තු සම්භාරයන් නොවේ.

මේ වන විට හමු වී ඇති රනින් කර ඇති කුඩා බුද්ධ ප්‍රතිමා කීපය ද කඩදාසියක තරම් ඝනකමැති ඉතා තුනී රන් තහඩු නවා නිමවා ඇත. ඝන වාත්තු ක්‍රමයට රත්‍රං වලින් බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා ඇතුළු වෙනත් දේ නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක්‌ නොවීය. සැබවින්ම දඹරන් ප්‍රතිමා යනු මුළුමනින්ම මිථ්‍යාවකි. රත්‍රං ලෝහයෙහි දැඩියාව ඉතා අඩු බැවින් ප්‍රතිමා හෝ වෙනත් ඕනෑම භාණ්‌ඩයක්‌ තැනීමේදී තඹ, සින්ක්‌ වැනි වෙනත් ලෝහ යම් ප්‍රමාණයකට එක්‌ කළ යුතු වේ. මෙතෙක්‌ හමූ වී ඇති බුද්ධ ප්‍රතිමා ඇතුළු අනෙකුත් නිර්මාණ ලෝකඩ වැනි බාල ලෝහයකින් නිමවා රත්‍රං ආලේප කර ඇති ඒවා ය. බොහෝ පිරිස්‌ මෙබඳු රන් ආලේපිත ප්‍රතිමා සොරා ගොස්‌ රත්‍රං නොවන බව දැන එක්‌කෝ මහ මග දමා යති. නැතිනම් නීතියේ රැහැනට හසු වී දඬුවම් විඳිති. 

තවත් වැදගත් කරුණක්‌ වන්නේ ගල් උණු කිරීම, දිය කිරීම සිදු කරන බෙහෙත් වර්ග ඇති බවට වූ මිථ්‍යා අදහසයි. අතීතයේ මුතුන් මිත්තන් කටුව හා මිටිය උපයෝගී කරගෙන විස්‌මිත නිර්මාණ සිදු කළා මිස බෙහෙත් ද්‍රව්‍ය යොදා ගල් මොලොක්‌ කොට මූර්ති කැටයම් හා අනෙකුත් ශෛලමය නිර්මාණ නිමවා නැත. මේ බව අපට හමු වන අඩක්‌ නිම කළ කලා නිර්මාණ වලින් ප්‍රතීsයමාන වේ. එසේ ම ලොව අනෙකුත් කවර ශිෂ්ටාචාරයක හෝ මෙබඳු බෙහෙත් වර්ග යොදා ගත් බවට පිළිගත හැකි සාධක අනාවරණය වී ද නැත. 

එසේම ගල්වල කොටා ඇති විවිධ සලකුණු නිධන් වස්‌තු පිළිබඳ හඳුනාගැනීම් සලකුණු ලෙස ඇතැම් අය විශ්වාස කෙරේ. නමුත් සැබවින්ම මේවා කඩ ඉම් සළකුණු මිස නිධන් වස්‌තු සළකුණු නොවේ. ප්‍රායෝගිකව සිතා බලන විට වුව ද යමෙකු තම වස්‌තුව තැන්පත් කොට ඒ මත කාටත් පෙනෙන පරිදි ප්‍රසිද්ධ සළකුණු තැබුවේ යෑයි පැවසීම ද විහිළුවකි. පණ්‌ඩුකාභය රජු ගම් 10,000 ක මායිම් සලකුණු කළ බව වංශ කථාවන්හි සඳහන් වේ. එසේම කලින් කල විවිධ පාලකයින් විසින් ග්‍රාම සීමා, රාජ්‍ය පාලන සීමා නිර්ණය කිරීම සඳහා මෙසේ එකිනෙකට වෙනස්‌ සංකේතයන්, හඳුනා ගැනීමේ සළකුණු ලෙස කොටා ඇත. නමුත් මෙම සළකුණු නිධන් වස්‌තු පිළිබඳ ඉඟි සපයන සළකුණු ලෙස සලකා මෙකී පැරණි මායිම් සළකුණු කඩා බිඳ විනාශ කර දමති. 

තම තමාතේ පෞද්ගලික කැමැත්ත පරිදි තම වස්‌තුව අවශ්‍ය විටක සඟවා තබා ගැනීමට අද මෙන්ම එදා ද නීතියෙන් බාධාවක්‌ නොවීය. නමුත් මෙම සැඟවීම වෙනුවට ප්‍රසිද්ධ සළකුණු සහිතව තැන්පත් කිරීමක්‌ සිදු නොවූ බව අවධාරණය කර සිටිමු. තව ද අවධාරණය කළ යුතු අනෙක්‌ කරුණ වන්නේ නටබුන් ගොඩනැගිලි, සඳකඩපහන්, සෙල් ලිපි, ඇතුළු පුරාවිද්‍යා නටබුන් ආශ්‍රිතව සාමාන්‍ය ජනතාව විශ්වාස කරනු ලබන ආකාරයේ වටිනා නිධන් වස්‌තු නොමැති බවයි. 

පුරාවස්‌තු වනසන්නන් කෙතරම් දුරට මේ සම්බන්ධව මුලා වී ඇත් ද යත් ස්‌වභාවිකව පිහිටා ඇති ගල් තලාවන්හි ගල්වල වර්ණය, ස්‌වභාවික පැලුම් පහරවල් (පැරැන්නන් ගල් කැඩීමේදී ගලේ පැලුම් පහරවල් ලෙස වටහා ගත් පැලුම් රටාවන්) මෙන්ම ගල දිරාපත් වීමේදී ඇති වන ස්‌වභාවික රටාවන් වස්‌තු තැන්පත් කොට අලවන ලද පාරවල් ලෙස මුලාවට පත් වී සිටී. මේ සම්බන්ධ කෙතරම් මිථ්‍යාවෙහි ඇලී සිටී ද යත් නිධන් වස්‌තු ගැනීම සඳහා වටිනා මිනිස්‌ ජීවිත බිලි පූජා උදෙසා විනාශ කිරීමට ද ඇතැමුන් පෙළඹී සිටී. 

අනෙක්‌ කරුණ නම් Ñනිධන් වදුල වටා ගෙතී ඇති මිථ්‍යා කථාන්දරයන් ය. මෙම නිධන් වදුල නැමැති ග්‍රන්ථය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර හුදෙක්‌ම ජන කතා එකතුවක්‌ පමණි. පුරාවස්‌තු විනාශයන් සම්බන්ධව සිදු වන වැටලීම් මගින් අත්අඩංගුවට පත් වන පුද්ගලයන් අතර බොහෝ විට කට්‌ටඬියන් යෑයි කියා ගන්නා පුද්ගලයකු ද වේ. ඇතැම් විට හමු වී ඇති නඩු භාණ්‌ඩ අතර මෙකී නිධන් වදුල යෑයි පැවසෙන පුස්‌කොළ පොතක්‌ ද වේ. පරීක්‍ෂා කිරීමේදී මේවා එක්‌කෝ වෙද පොත් ය. නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ පොත් හෝ ආගමික ග්‍රන්ථයන්ය. 

පුරාවස්‌තුවලට මිලක්‌ නියම කළ නොහැකිය. එබැවින් අප නිතරම පුරාවස්‌තු අමිල යෑයි කියන්නෙමු. එසේ පවසන්නේ පුරාවස්‌තුවක කෞතුක වටිනාකම මිල කළ නොහැකි වන බැවින් මිස එහි ආර්ථික වටිනාකම සලකා නොවේ. පුරාවිද්‍යාඥයින් ලෙස අපට, ඇසට නොපෙනෙන පරාග, ඩයටම් ආදියේ සිට රන්, රිදී ප්‍රතිමා හෝ වෙනත් අතිශය වටිනාකමකින් යුත් යෑයි පැවසෙන භාණ්‌ඩයක්‌ යෑයි කියා කිසිදු වෙනසක්‌ නැත. අපට වැදගත් වන්නේ පුරාවස්‌තුව අනාවරණය කරන තොරතුරු මිස එය නිර්මිත මාධ්‍ය නොවේ. ඕනෑම පුරාවස්‌තුවක සැබෑ අයිතිකරුවන් වන්නේ එකී පුරාවස්‌තුව අයත් සමාජයයි. එයට හේතුව එම පුරාවස්‌තු මගින් පුරාවස්‌තුව අයත් සමාජයේ පැතිකඩක්‌ පෙන්නුම් කරන බැවිනි. එබැවින් පුරාවස්‌තුවක වටිනාකම වැඩි වන්නේ ද පුරාවස්‌තුව අයත් සමාජය තුළ පවත්නා විටයි. මේ නිසා අප ජනතාවගෙන් උදක්‌ම ඉල්ලා සිටින්නේ පුරාවස්‌තු පිළිබඳ පවත්නා මිථ්‍යා මතවාද කෙරෙහි වසඟ නොවී බුද්ධිමත්ව හා විචාරශීලීව පුරාවස්‌තු දෙස බලන ලෙසය. 

උදේනි වික්‍රමසිංහ
2012 ජුලි 18 බදාදා දිවයින