ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

උඩරට රජුන්ගේ රාජසභාව

අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකිය.
ශ්‍රී දළදා මලිගාවටත් රජ මාලිගා පරිශ‍්‍රයටත් මැදිව පිහිටා ඇති උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් වූ මෙම විවෘත මණ්ඩපය ශ්‍රී ලංකා දේශයම ගිවිසුමක් මගින් ඉංගී‍්‍රසීන්ට අත්පත් කරදුන් ඓතිහාසික ලියවිල්ල වූ උඩරට ගිවිසුම අත්සන් කළ මණ්ඩපය ලෙසද සැලකේ.
එහෙත් ඊට පෙර මෙම මණ්ඩපය සාමාන්‍ය ජනතාවට ළඟාවිය නොහැකි අධිආරක්‍ෂිත කලාපයක පිහිටි නායක්කර් රජවරුන් තම යුද අධිකාරම්වරුන් මෙන්ම නිලමේවරුන් සමග රාජ්‍ය පරිපාලන කටයුතු පමණක් නොව, අධිකරණ කටයුතු පවා ගෙන ගියේ මෙම ස්ථානයේ දී බැවින් මෙම ගොඩනැගිල්ලට ”මහ නඩුව” යන නමින්ද එදා ව්‍යවහරට එක්වී ඇත.
එකළ මෙහි රාජ සභාව පවත්වන විට රතු හා සුදු රැලි පාලම් වලින් දැව කුලූන ඉතා අලංකාර අයුරින් සරසා ඇති අතර වර්තමානයේ එම අවස්ථාව දැක ගත හැක්කේ මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ නායක උත්සව වලදීය.
උඩරට දැව කැටයම් කලාවේ ඉහළම සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකි මේ අපූරු නිර්මාණය කළේ දේවේන්ද්‍ර මූලාචාරිවරයායි. ඔහු ඓතිහාසික දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ නිර්මාණකරුවාද වෙයි.
ඓතිහාසික මඟුල් මඩුව සකස් කිරීම සඳහා යොදාගෙන ඇති හල්මිල්ල හා නා දැව මාතලේ නාලන්දෙන් රැගෙන ආ බවට සඳහන් වන අතර පත්තිරිප්පුව නිර්මාණය කිරීම සඳහා ගෙන එන ලද දැවද එම ප‍්‍රදේශයෙන්ම ගෙන ආ බව සඳහන් වේ.
මඟුල් මඩුව මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1781 සිට 1798 දක්වා උඩරට පාලනය කළා රාජාධිරාජසිංහ රජු බව ඉංගි‍්‍රසි ලේඛක ජේ.සී. ලූවිස් සටහන් වෙයි.
එහෙත් රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස මිය යන විට එහි වැඩ කටයුතු අවසන් වී නොතිබූ බැවින් ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජුද එහි ඉදිකිරීම් කටයුතුවලට උර දී ඇත.
ඓතිහාසික වූ මේ මහා මණ්ඩපය ඉතිහාසයට එකතු වන්නේ, අපගේ රාජවශංයේ රජවරුන් දෙදෙනකු හා පසුව ඉංගී‍්‍රසීන් විසින් අලූත් කරන ලද රාජසභා මණ්ඩපයක් වශයෙනි.
එක්දහස් අටසිය තුනේ දී සිදු වූ ඉංගී‍්‍රසි උඩරට ආක‍්‍රමණයේ දී බොහෝ රාජකීය ගොඩනැගිලි ගිනි තබා විනාශ කළ බව 1803 පෙබරවාරි මස 24 වැනි දින ඉංගි‍්‍රසීන් විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.
එම හේතුව නිසාම 1815 දී ඉංගී‍්‍රසීන් උඩරට පාලනයද සියතට ගැනීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ලේ ගොඩනැගීමේ කටයුතු නිමාකරන්නට ඇත.
එහෙත් 1875 වේල්ස් හි කුමරුව සිටි හත්වැනි එඩව්ඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එහි ප‍්‍රධාන සම්භාෂණය පැවති මෙම ගොඩනැගිල්ල එහිමුල් ස්වරූපයට හානි නොවන අයුරින් වෙනස් කොට ඇත.
මෙම ගොඩනැගිල්ලේ මුලින් පැවති දිග වූ අඩි 58 අඟල් 8ක ප‍්‍රමාණය තවදුරටත් දීර්ඝ කරමින් තවත් අඩි 31 අඟල් 6කින් දික් කර ඇති අතර එහි පළල අඩි 35 අඟල් 6ක ප‍්‍රමාණ වෙනස් නොකර ඒ අයුරින්ම තබා ඇත්තේ එහි පළල වැඩි කළහොත් ගොඩනැගිල්ල, දෙපැත්තේ ඇති දැවැන්ත ලී කණු නිසා පළල් කරන ලද ස්ථානයේ සිටින පුද්ගලයන්ට කිසිසේත්ම ප‍්‍රධාන මණ්ඩපය දැකිය නොහැකි නිසා විය හැකිය.
එවකට රජ මාලිගා පරිශ‍්‍රයට ඇතුළුවීම සඳහා ප‍්‍රධාන දොරටු තුනක් තිබී ඇති අතර දැනට දළදා මාලිගාවට ඇතුළුවීමේ දී එය පසුකරන දිය අගල අසලින් හකුලන පාලමක් තිබූ බව සඳහන් වේ.
දැනට එම හකුලන පාලම දක්නට නොමැති වුවත් 1821 දී මහනුවර ස්වරූපය සියැසින් දුටු ජෝන් ඬේවී නමැත්තා මෙසේ සටහන් කර ඇත.
අවශ්‍ය වූ විටෙක ඉවත් කළ හැකි පාලමකින් ඇතුළු වී සුවිශාල ආරුක්කුවක්  යටින් වැටුණු පාරකින් ගමන්කොට පඩිපෙළක් නැග තවත් කුඩා ආරක්කුවක් යටින් ගියවිට මඟුල් මඩුවට ළඟාවිය හැකි බව එහි සඳහන් වේ.
වර්තමානයේ දළදා මාළිගෙයි පත්තිරුප්පුව අසල ඇති වාහල්කඩින් ඇතුළු වී වමට හැරී පඩිපෙළ නැග ගියවිට කුඩා ආරක්කුවක් හමුවේ එහි පඩිපෙළ නැග ගියවිට මඟුල් මඩුව හමුවෙයි.
ජෝන් ඬේවී සඳහන් කර ඇත්තේ එම පඩිපෙළ හා ආරුක්කුව විය හැකි බවය.
වර්ෂ 1815 මාර්තු මස 2 වැනි දින උඩරට ගිිවිසුම අත්සන් කරන ලද්දේ ද මෙම ගොඩනැගිල්ලේ දීය. එම අවස්ථාව සියැසින් දුටු කපිතාන් ඇල් ද  බූෂ් ගේ දින පොතට අනුව මෙසේ සඳහන් වේ.
එදින පස්වරු 4.00ට පමණ ආවතේවකරුවන් විශාල පිරිසක්ද සමගින් ඇහැලේපොල පළමු වැනි අධිකාරම් දෙවැනි අධිකාරම්වරු ඇතුලූ සියළු දිසාපතිවරුන් සමග මඟුල් මඩුවට පැමිණියහ.
මෙහිදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු ගිවිසුම තීන්දුකොට සියලූ පාර්ශවයන් විසින් ගිවිසුම් පති‍්‍රකාව අත්සන් කරන ලදී.
මේ අවස්ථාවේ දී මහමළුව ඉදිරිපිට පෙළ ගස්වා තිබූ කාලතුවක්කු වලින් රාජකීය ආචාර වෙඩිමුර පවත්වන්නට යෙදුණි.
එහෙත් එදා විරාජමානව උඩරට ගිවිසුම අත්සන් කිරීමට මඟුල් මඩුවට පැමිණි මොණරවිල කැප්පෙටිපොළ හා මඩුගල්ලේ නිලමේ 1818 උඩරට කැරැුල්ලේ ප‍්‍රධාන චූදිතයන් වී ඔවුන් ඇතුළු උඩරට නායකයන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ ද, මෙම ගොඩනැගිල්ලේ දීය. උඩරට ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊට විරුද්ධවන උඩරට ප‍්‍රභූවරුන් ඝාතනය කරමින් එම ගිවිසුමේ ඇති ප‍්‍රධාන කොන්දේසියක් වූ බෞද්ධාගම ආරක්‍ෂා කරන බවට වූ කොන්දේසිය ද කඩ කරමින් ඉංගී‍්‍රසින් නොමිනිසුන් ලෙස හැසිරෙමින් ඓතිහාසික මඟුල් මණ්ඩපයේ කතෝලික පල්ලියක්ද ඉදි කළේය.
මෙමගින් උඩරට ජනතාව ඉංගී‍්‍රසීන් කෙරෙහි දැඩි කෝපයටත් කලකිරීමටත් පත්වූවත් ඉංගී‍්‍රසීන්ගෙන් ලාභ ප‍්‍රයෝජන ලැබූ එක්තරා ප‍්‍රභූ පැලැන්ති කිහිපයක් පමණක් ඉන් ප‍්‍රතිලාභ ලැබීය.
ඉංගී‍්‍රසීන්ට එරෙහිව නිදහස් සටන දියත් කිරීමේ දී සාංග‍්‍රාමික වශයෙන් උඩරට ප‍්‍රභූ පවුල් කිහිපයක් එකතු වුවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සබරගමුව ඌව හා මාතලේ ජනතාවයි. ඔවුන් බහුතරය ඉංගී‍්‍රසීන්ගේ නොමනා කි‍්‍රයා කලාපයට එරෙහිව සටන් වැදුණි.
කෙසේ නමුත් ඉංග‍්‍රීසීන් මෙම ගොඩනැගිල්ලේ ඔවුන්ගේ දේව මෙහෙයන් පැවැත්වීම සඳහා යොදාගෙන තිබී ඇත්තේ උඩරට රජවරුන් තානාපතිවරුන් හා වෙනත් විශේෂ අමුත්තන් හමුවීම සඳහා යොදා ගත් කොටසේයි.
මෙම කි‍්‍රයාවට උඩරැටියන්ගේ දැඩි විරෝධය එල්ලවීම නිසා ඉංගී‍්‍රසීන් දළදා මාළිගාවට මදක් ඈතින් පල්ලියක් ඉදිකිරීමට පියවර ගත්තේය. අද සාන්ත පාවුලූ දේවස්ථානය නමින් පත්තිනි දේවාලයත් නාථ දේවාලයත් අතර බිම් කඩක ඇති දේවස්ථානය එයයි.
අනතුරුව මඟුල් මඩුව නැවතත් අධිකරණ ශාලාවක් විය.
ගොඩනැගිල්ලේ දකුණු කෙළවරේ තරමක් උස් බිම් කඩක කොටුවක් ඇති ස්ථානයක් දැකිය හැකිය. එම ස්ථානය රජතුමාගේ සිංහාසනය තිබූ ස්ථානය වශයෙන් හැඳින්වෙන අතර, එහි සිට උඩරට රජවරුන් අධිකරණ කටයුතු රාජසභා පැවැත්වීම් ඇතුළු රටේ පරිපාලන කටයුතු කරගෙන ගොස් ඇත.
එදා අපගේ රජවරුන් පසුකලෙක ඉංගි‍්‍රසි පාලකයන් ශ්‍රී ලාංකික විනිසුරුවරුන් මුලූ මහත් දේශයටම වැදගත් වූ තීන්දු තීරණ ගත් මඟුල් මඩුව ඒ සියලූ මතකයන් විඳ දරාගෙන අදටත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස විරාජමානව නැගී සිටී.
2011 ඔක්තෝබර් මස 09  | ලංකාදීප කර්තෘ මණ්ඩලය





විල්පත්තුවේ කුවේණි මාලිගය

ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත‍්‍රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි.
තඹවැල්ල අදත් දිළිසෙමින් පවතී. විල නිසලය. තම්බපන්නිය සතුරන්ගෙන් මුදාගෙන ඇත. එදා මාතොට හා මග්ගන වරාය වෙනුවට වන ලැහැබින් සැරසුණු මෝදර ගං ආරු වෙරළ තීරයට ඔබ්බෙන් මහවන මැද කපු කිණිස්ස ගස් කාටදෝ අතවනනු සේ දිස්වේ. කපු නූලෙන් රෙදි වියන රාජිණිය එහි නැත. එහෙත් ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ඇගේ නමින් නැගී සිටින ගල්කණු පෙළ පණිවුඩයක් ගෙන දේ. ඒ ගරාවැටුණු කුවේණි-විජය පේ‍්‍රම මාලිගයේ ශෝකාන්තයදෝ හැගේ.
අක්කර තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වන විල්පත්තු වනෝද්‍යානයේ ඇති ස්මාරක අතර මේ එක පුවතක් පමණි. විල්පත්තුව යනුවෙන් අප සිතා සිටින දර්ශනයේ සිටිනුයේ වල් අලින්, මුව රංචු, විල් හා වියලි කලාපීය වෘක්‍ෂලතා පමණි. මෙතෙක් කල් අප මනසට දමා තිබූ ඒ සිතුවිලි බැම්ම කඩා අලූතින් දොරටු විවෘත කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව සැරසේ. ඒ අතර භෞතික වශයෙන් නොච්චියාගම දෙසින් ඇති ප‍්‍රදේශ දොරටුවට අමතරව තත්තිරිමලෙන්, විලච්චිය මන්නාරම් හන්දියෙන්, එළුවන්කුලමින් හා මන්නාරම -මොල්ලිකුලමින් පිවිසෙන දොරටු තැනීමට දෙපාර්තමේන්තුව වැඩ අරඹා ඇත. මනසට දොර ඇරියේ ඉකුත් සතියේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන් ද නාහිමියන් විසිනි.
”විල්පත්තුව යනු සත්ව විවිධත්වය හා ජෛව විවිධත්වය විතරක් පිරුණු තැනක් නොවේ. විල්පත්තුව පුරා තිබෙන්නේ බෞද්ධ ස්මාරක”යැයි කියමින් නාහිමියෝ ඊට ප‍්‍රවේශ වූහ. මීට වසර 40 කට පෙර ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස කාල පර්යේෂණ හා පුරාවිද්‍යා වාර්තා සමග වැඩම කර සිටින නාහිමියන්ට ගල්තලා ගල් ලෙන් හා ගොඩනැගිලි පාදම් හා ගැටීම එතරම් අසීරු නොවීය.
ඔච්චප්පු කල්ලූ ප‍්‍රදේශය තනිකරම පුරාවිද්‍යා නටබුන් බිමකි.    ”ඔච්චප්පු කල්ලූ” යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ. එය එසේම දක්නා ලැබේ. ඒ අවට ඇති ගල්ලෙන් රැසක්ම පිහිටි ගල් ලෙන්වලට වඩා ඔසවා අඩ තබා වහලයක් බවට පත්කර තැනූ ලෙන්ය.
ඇතැම් තැනක ”චතුදිග අගස...” ආදී වශයෙන් බ‍්‍රාහ්මණ අක්ෂරයෙන් ගල්ලෙන් කටාරම් අසල ශිලා ලේඛන මූර්තිමත්ය. ඉන් කියැවෙන්නේ සතර දිගින් වඩින භික්‍ෂූන් උදෙසා ඒවා පූජා කර ඇති අයුරුය. ඔච්චප්පු කල්ලූවේ ගල්ලෙන් මෙන්ම අගනා ස්තූප දෙකක නටබුන් ද හමුවෙයි. එවාහි ඝර්භය දිගින් දිගටම නිධන් හොරුන්ගෙන් විනාශව පවතී. ඒ දිගුකල් පැවැති යුද්ධයෙන් අතුරු ඵලයන්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට වසර හතළිහකට පමණ පෙර සංරක්‍ෂණය කළ වැලිවෙහෙර නටබුන් සංකීර්ණය ද නැවත නැවතත් හාරා විනාශ කර තිබේ. එය පිහිටා ඇත්තේ වනාන්තරයේ දකුණු දෙස පුත්තලම පැත්තට වන්නටය. වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන්නේ නිධන් හොරුන්ගේ ග‍්‍රහණයෙන් මේවා බේරා ගන්නටත් ඉතිහාසයෙ සැබෑ මුහුණුවර කියන්නටත් ඇති හොඳම මග ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මේවා නැරඹීමට සැලැස්මවීමටය.
”මෙම ස්මාරක, පොකුණු ආදිය ඉතා ආකර්ශනීය පෙනුමකින් සංරක්‍ෂණය කිරීම අපේ අරමුණ. ඒ සඳහා රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ද ලැබිලා තිබෙන්නේ. ”දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව එම ස්ථාන සකස් කර එම ප‍්‍රදර්ශනය නැරඹීමට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විල්පත්තුව හඳුන්වා දීමත් අපි බලාපොරොත්තුයි.” යනුවෙන් ගොවිජන සේවා හා වනජීවී කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළේය.
වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. වේරගම මහතා පවසන්නේ දැනට භාවිතයට ගැනෙන විල්පත්තුවේ අක්කර 150,000 ට අමතරව තවත් ලක්‍ෂයක්වත් සංචාරකයින් වෙනුවෙන් සකස් කරදීම තවත් අපේක්‍ෂාවක් බවයි. මනවිල, පනික්කවිල, තලවිල හා කොක්මොටේ ප‍්‍රදේශවල සංචාරක බංගලා හතරක් ඉදිකර තිබේ.  ඊට අමතරව තවත් බංගලා 5ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි.
ඔහුගේ අනෙකුත් සැලසුම් අතර වනයේ ඇති වැව් ප‍්‍රතිසංස්කරණය, ආහාර වනවගා සුපෝෂණය, දියවළවල් ඉදිකිරීම් හා විදුලි වැට ඉදිකර අලි මිනිස් ගැටුම වළක්වාලීම ද වේ.
මේ සියලූ සැලසුම් අවසානයේ වන සතුන් හා වන ගොමු නරඹන අයට මෙන්ම ඉතිහාසයට ඇළුම් කරන්නන්ට පුරාවිද්‍යා ස්ථාන සියයක් පමණ හඳුන්වාදිය හැකි බව පුරා විද්‍යාඥයෝ මෙන්ම වන නිලධරයෝ ද කියති. ශිලාවතුර, පොම්පරිප්පු, මෝදරගංආරු හා ඒ ආශ‍්‍රිතව අතීත ශ්‍රී ලංකාවේ සශ්‍රීකම නගරයක් වූ උරුවේල නගරය ඉතිහාස නටබුන් මතින් දැකීමට මෙයින් මග සැලසෙන බව මේධානන්ද නාහිමියෝ කියති.
නාහිමියන්ගේ සිහිනය මල්ඵල දරන්නට තව ඊට එක්විය යුතු ”අඩුමකුඩුම” බොහෝය. විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය, නීතිමය, ආරක්‍ෂකමය හා ප‍්‍රදේශමය සහයෝගය අනෙකුත් කරුණුය.
එමෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ලැබී ඇති සාධක ඔස්සේ ගැඹුරින් පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය යුතුව තිබේ. තවද ගමන ඉදිරියට යාමට සංචාරක ව්‍යාපාරයද කළමනාකරණය කර ගත යුතුව පවතී. එවිට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ 9 වැනි සියවස පමණ දක්වා ඇති විවිධ පුරා විද්‍යා සාධකවලින් මතුවූ දැවැන්ත ස්මාරක සමූහයක් ලොවට දායාද වනු ඇත.
කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිළ සංදේශයේ කවියා සිය ඳුතයාට,
”තම්මැන්නා අඩවිය දැකයන් නොසිට...” වශයෙන්  අමතයි.
කෝකිලයා එවිටත් කම්මැන්නාවේ සුන්දරත්වය දැකීමට තරම් මනරම් වූ තම්මැන්නා අඩවිය සැබැවින්ම මතු පරපුරට අලංකාරයෙන් දැකගත යුතුව ඇත්තේ නොවේද?
2011 ඔක්තෝබර් මස 02  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 අලංකාර පර්වත මුදුනක්
 පුරාණයේ මග්ගන වරාය ලෙස හැඳින් වූ මෝදර ගං ආරු ප‍්‍රදේශයේ දී
 ඔච්චප්පු කල්ලූ හි ලෙන් පරීක්‍ෂාව

අංගං හරඹ

කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.
ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී.
හංවැල්ල ඇඔුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුල කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.
කඩුවකින් සහ පලිහකින් සන්නද්දව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳ දුමින් දෙවියන්, යකුන් පුදති.
ප‍්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප‍්‍රධාන ගුරුන්නාන්සේය. මෙහි සිදුවන්නේ කුමක් ද?
රූගත කිරීමක් හෝ රඟදඅක්වීමක් නොම සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?.
කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙලි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගම් හරඹ හැදෑරූ ශිල්පීන් අංගම් හා ඉලංගම් ශිල්පයේ එන ගුස්ති සටන්, රිටි සටන්, රිටිකැරකැවීම, පිනුම් හරඹ, කඩු පළිහ සටන්, ඉලංගක්කාර කඩු සටන්, හෙල්ල පලිහ සටන්, එතුණු කඩු කැරකැවීම, එතුණුු කඩු සටන, නිරායුද සටන හා තැරැුක්ක සෙල්ලම් කිහිපයක් මෙහිදී ප‍්‍රදර්ශනය විය. පැනුම් පිනුම් වලින් සමන්විතව කළ හරඹ මනා පුහුණුවකින් පසු ඉදිරිපත් කළ බව අපි දැක්කෙමු.
විශේෂයෙන් මෙහිදී දැඩි විනයත්, භාවනායෝගීබවත්, නිතර නිතර කළ අභ්‍යසවලින් ලත් මනා පුහුණුවත් ගුරු ගෞරවයත් අපි දුටුවෙමු.
මෙම සටන් අතර එතුණු කඩුකරකැවීම, එතුණුු කඩු සටන, ඉලංගක්කාර කඩු සටන් මහත් සංයමයකින් කළ යුතුය. අකුණු වේගයෙන් කරන කඩුකරකැවීම ඇස් අදහාගත නොහැකි තරම්ය. ඒ සඳහා මහත් පුහුණුවක් මෙන්ම සංයමයත් අත්‍යවශ්‍යය.
අජන්ත ගුරුන්නාන්සේ එතුණු කඩු කැරකැවීම ශිල්ප දැක්වූ ආකාරය ඉතා මනරම්ය. එදා හෙළයින් සතුව පැවති මේ උරුමය අපේ කාලයේ යෞවනයෙකු උරදරා සිටී.
මූන වසාගෙන පැමින ක්ෂණයකින් පහරදී අතුරුදන් වීම අංගම් හරඹ ශිල්පයේ තවත් එක් සටන් ක‍්‍රමයකි. මෙහිදී කළු රෙදි පටියකින් තම මුහුන් වසා සටන්කරයි. පහර දෙන්නේ කවුදැයි සිතීමටත් කලින් ක්ෂණයකින් ගස් ගල් උඩින් පැන පිනුම් ගසා පහරදීම මෙහිදී සිදුවේ.
එදා පරංගි සේනා කොළඹ බළකොටු බැඳ තිබූ අවදියේ ටිකිරි කුමරා සීතාවක පුරයේ සිට ගොස් දිනකට පරංගින් 50ක් පමණ පෙති ගසා එන්නේ අංගම් හරඹ ශිල්පය දක්ෂ ලෙස ප‍්‍රගුුණ කළ නිසාවෙනි.
ටිකිරි කුමරාගේ ලේ ඥාතීන් වන කොරතොට මහන්ත ආරච්චි පරපුරේ වර්තමාන ගුරුදෙවියා අජන්ත ගුරුන්නාන්සේ ද එදා ටිකිරි කුමරා සේ සවිබලය. එඩිතරය. තම ගේලයින් හා නිරායුද සටනකට පිවිසි අජන්ත ඒ බව මනාව ඔප්පු කෙළේය. පහරදීම්, පහරදීීම් වලකාලීම්, සමූහයක් සමඟ එකවර සටනට පිවිස විරුද්ධවාදියා පරාජය කිරීමේ ක‍්‍රම අපි දැක්කෙමු,
අංගම් ශාස්ත‍්‍රයේ තැරැුක්ක සෙල්ලම් යනුවෙන් කොටසක් ඇත. එහිදී සිදුවන්නේ සටන් ශිල්පියාගේ විවිධ දස්කම් ගෙනහැර පෑමය. මෙහිදී සටන් කරුවෙක් කිසිදු ආයුදයක් නොමැතිව පොල් ගෙඩියක් මිනිත්තු දෙක තුනකදී අතින් ලෙලි ගසයි.
ඇඟ කිලිපොළා යන සටන්ක‍්‍රම වලින් යුත් මෙම සටන් අපේ උරුමයයි. අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පෑමට ඇති ශක්තියයි. ලොවේ කිසිවකට නොදෙවෙනි අපේ අංගං හරඹ ශිල්පය රැුකගැනීමට මහන්ත ආරච්චි අජන්ත ග-ුරුන්නාන්සේ ඉදිරිපත් වී සිටීයි .
ඔහු තරුණයි. 28 වියෙහි පසුවන අජන්ත තම පරපුර පණමෙන් රැුකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැුකදීම සඳහා තම ජීවිත කාලයම කැපකරමින් සිටී.එය තමාගේ වගකීම බවත් තමා ඒ සඳහා දිව්රුම් දී ඇති බවත් ඹහු පවසයි.
මෙම කාර්යය පහසුකටයුත්තක් නොවන බවත් අංගං මඩුවක් තනා ගැනීමත් අද ඉතාමත් අපහසු කටයුත්තක් වී ඇති බව කියනූ ඹහු මේ සා විශාල අපේ උරුමය සඳහා මෙතෙක් කිසිම රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම අවාසනාවට කරුණක් බව කියයි .
අතීතයේ අප රට ජාතිය ආගම පරයින්ගෙන් රැුකගත්තෝ අංගං සටන් ශිල්පීහුය. අංගං ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමයකි. අවුරුදු 7දී අංගං සටන් ශිල්පයට පිවිසි අජන්ත, වත්තේ පොල් කැඩූ පසු තම සීයා විසින් සියළු පොල්ගෙඩි අතින් ලෙලි ගසන ලෙස දුන් උපදෙස් අංගං ශිල්පය මතු පරපුරට රැුකදීම සඳහා කළ උපක‍්‍රමයි. එසේම කැලේට ගොස් බෙහෙත් වර්ග බෙහෙත් පැලෑටි සොයාගෙන එන ලෙස උපදෙස් දුන්නේය. එසේ කළේ සටන් ශිල්පයට වෙදකමද ඇතුලත් වන බැවිනි.
එසේම කුඹුරු වැඩවලදී මී ගවයින් ඒ සඳහා යොදා නොගෙන පොල්කොට කරේ කියාගෙන තමන් ඒ කාර්ය කළ බවත් වී ගෝනි කරතබාගෙන දිව් බවත් තම ශක්කිමත් භාවයත් ධාරණ හැකියාවත් එයින ප‍්‍රගුණ කළ බවත් අපට පැවැසීය.
අතීතයේදී විදේශ ආක‍්‍රමණ හමුවේ අප මව්බිම රැුකගත්තෝ මෙම අංගං ශිල්පීහුය. මෙම සටන් ශිල්පය ඉගෙනීම සඳහා සිංහල බෞද්ධයකු වීම අනිවාර්ය ය. මෙම සටන් ක‍්‍රමයේ රහස් ක‍්‍රම රැුක ගැනීම සඳහා ඉවසීමේ ගුණයත්, සංයමයත්, භාවනා යෝග ීබවත් මෙම සටන් අනිවාර්ය අංග බැවිනි.
එසේම එක්වරම පැමිණ මෙම සටන් ශාස්ත‍්‍රය පුහුණුකළ නොහැකිය. ඒ සඳහා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල් තැනක් දෙයි. වේලාපත්කඩය බලා ආයුෂ ධාරණ, ශක්තිය, කුන්ඩලණි ශක්තිය, දරාගැනීමේ ශක්තිය, ග‍්‍රහ අපල දොස් බැලීමෙන් සුදුසු නම් පමණක් සටන් කලාව ප‍්‍රගුණකිරීමට තෝරාගැනෙයි. විවිධ අඩව් පුහුණුකළ යුතු වෙයි. එසේම අභ්‍යස, භාවනා, ජෝ‍යතිෂය, වෙදකම, නිල ශාස්ත‍්‍රය සියල්ල ආධුනිකයකු විසින් මනා ලෙස හැදෑරිය යුතුයි. ඒ මෙම ශාස්ත‍්‍රය සටන් ශිල්පයක් පමණක් නොවන බැවිනි. එය දේශීය වෙදකමේත්, යක්ෂ ගෝත5ිකයන් නිර්මාණය කළු සුවිශේෂී භාවනා ක‍්‍රමත්, මන්ත‍්‍රශාස්ත‍්‍ර, යෝග ක‍්‍රමඇතුලු සියළු ශාස්ත‍්‍රවල එකතුවකි. දේශීය නිල ශාස්ත‍්‍රය මත ස්නායු රෝග සුවකිරීමට ද  ඕනෑම තුවාලයක් සඳහා බෙහෙත් වර්ග ද, කැපුම් තුවාලයක් ක්ෂණකව සුව කිරීම හා වෙනත් දේශිය වෙදකමේ හාස්කම් ද අංගං ශිලපයේ පවතින බව අජන්ත ගුරුන්නාන්සේ අප සමඟ පැවැසීය.
අංගං ශාස්ත‍්‍රය පරතෙරටම ගොස් සිටි ඔහුගේ මුතුන් මිත්තෝ තම ශිල්පය පණමෙන් රැුක ගත්හ. සෑම විටම මවුබිම ආරක්ෂාකිරීමේ වගකිම පැවරී තිබුණේ අංගං ශාස්ත‍්‍රයේ පරතෙරටම ප‍්‍රගුණකළ මුතුන් මිත්තන්ටය. එම පරපුරෙන් පැවත එන කොරතොට මහන්ත ආරච්චි පරම්පරාව මෙම සටන් ශිල්පය අනාගතයට රැුක දීමට විවිධ අපහසුකම් මධ්‍යයේ කටයුතු කරමින් සිටී.
අතීතයේ විවිධ අවස්ථාවලදී පරයින් හමුවේ අප මවුබිම ආරක්ෂාකළ සටන් ශිල්පය කිසිම වගකීමක් නොමැතිව ඇතැම් අය පරදේශක්කාරයින්ට ඉගැන්වීම කනගාටුදායක බවත් එයින් එම සටන් ශිල්පය විනාශමුඛයට ඇදී යනබවත් අජන්ත අප සමඟ පැවසීය.
එම නිසා තම පරපුර රහසේ කරගෙන ආ අංගං හරඹ සටන් ශිල්පය අළලා ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ රණකෙලි පූජාවක් පැවැත්වූ බව ඔහු කියයි . එමගින් අංගම් පොරනමින් බිහිවී ඇති ව්‍යජ සටන්ක‍්‍රමවලින් (කලරි, මලයාලම් වැනි ඉන්දීය සටන් ක‍්‍රම) පිරිසිදු අංගං හරඹ ශාස්ත‍්‍රය අනාගත පරපුරට උරුමකරදීමට අපේක්ෂා කරයි.
අංගං ශාස්ත‍්‍රය ඉතා ඈත ඉතිහාසයත් ඇති ශාස්ත‍්‍රයකි. එය රාවණයුගය දක්වා දිවයයි. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි.
රවීංශෛලාංත ගෙන් කොරතොට ආරච්චි පරම්පරාව පැවත එයි. කොරතොට ආරච්චි පරම්පරාවෙ ආරච්චිවරු 18 දෙනෙක් වූහ . ඒ අයගෙන් වැඩි දෙනෙක් අංගං ශිල්පයේ පරතෙරටම ගිය අයයි. මෙයින් මදුරප්පෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්ත ආරච්චි කියන පරම්පරා පමණයි අද ඉතුරුවී සිටින්නේ.
මහන්ත ආරච්චි යනු ප‍්‍රධානයාය ි. යුද්ධයට අවශ්‍ය අංගං සටන් පුහුණුකිරම, ඉගැන්වීම පැවරුණේ මහන්ත ආරච්චිටයි.
කඩුවෙල කොරතොට රජ මහා විහාරය ආශි‍්‍රතව අංගං මඩු තුනක් පිහිටා තිබීණි . කඩුවෙල රුක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව ඇදී ප‍්‍රදේශ වලින් හැඩි දැඩි ශක්තිමත් තරුණයෝ අංගං සටන් පුහුණුව ලදහ.
1505 දී පෘතුගසීහු ලංකාව ආක‍්‍රමණය කළහ. සිංහලයින්ට මහත් පීඩා විඳින්නට සිදුවිය. පරංගීහු රට වනසමින් සිටියහ. ස්තී‍්‍රන් දුෂණය කළහ. දේපොළ කොල්ල කෑහ. බෞද්ධ ආගම වෙනස්නොකරන ලද සිංහලයින් මරාදැමීමටත්, පන්සල්, දේවාල ගෙවල් දොරවල් ගිණිතැබිමටත් පෙළඹුණාහ. ආගම වෙනස් නොකළ සිංහලයින්ගේ දරුවන් උඩදමා කඩුව ඇල්ලිමට තරම් මිලේඡු විය. සිතාවක ටිකිරි කුමරු යටතේ සිංහල සේනාවෝ රහසේ සංවිධානය වූහ. රහසේ කොළොඹ ගොස් පරන්ගීන් මරා දමා ආපසු පැමිණියහ. එම ප‍්‍රහාර වේගවත් විය. පරන්ගීන්ට දරාගැනීමට නොහැකිවිය. පරංගීහු අංගං සටන්කාමින් මරාදමමින් අංගංමඩු පිටින්ම ගිනිි තැබූහ.
1559 දී පමණ සීතාවක මායාදුන්නේ රජුගේ පුත‍්‍රයා වූ ලාබාල ටිකිරි කුමරා පළමු රාජසිංහ නමින් රජ තනතුරට පත්වී සිටියේය. සීතාවක රාජසිංහ නමින්ද එතුමා හැදින්විූය.
සේනාධිපති හැටියට කටයුතු ාකළේ වික‍්‍රමසිංහ මුදලිතුමාය. මේ වෙනවිට මුල්ලේරියාව සටන් ආරම්භවී තිබුණි.
එම ඓතිහාසික සටන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි. එම මුල්ලේරියාව සටනේදී පරන්ගීන් සමපූර්ණයෙන් පරාජය කිරිමට ටිකිරි කුමරා ප‍්‍රමුඛ සිංහල හේවායෝ සමත්වූහ. එහිදී මියගිය පරන්ගි ගණන 1600 ට වැඩිබව ඉතිහාසය තුළ ලියවී ඇත. පෘතුගීසීන්ගේ නවින අවි ආයුද තුට්ටුවකට මායිම් නොකල සිංහල සේනාව අතිවිශිෂ්ට ජයක් ලැබීය. එම සටනෙන් පසුව මුල්ලේරියා වැව හා කුඹුරු යාය සම්පූර්ණයෙන් රත් පැහැ ගැන්වුණ් බව සඳහන් වෙයි.
මුල්ලේරියා සටන් පවතිත්දි ටිකිරිකුමරාගේ සේනාධිපති වික‍්‍රමසිංහ මුලිතුමා තුවාල ලැබීය. පසුව රජතුමා සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තව කොරතොට රජමහා විහාරයට පැමිණිය හ.
මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි.
මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.
කොරතොට ආශි‍්‍රත ප‍්‍රදේශය සටන් පැවති ප‍්‍රදේශයකි. කඩු හංගා තැබූ වෙල්යාය කඩුවෙලෙය. මුල්ලේරියා වැවේ කොටසක් අද ද දැකගත හැකිය. කොළොඹ හංවැල්ල මාර්ගයේ ගල්වාන ප‍්‍රදේශයේ ගල්වාන රාජමහා විහාරය භූමියේ ගිරි ශිඛරයෙන් පහත නිරීක්ෂණය කිරීමෙදී මෙම මුල්ලේරියා වැව දැකගත හැකිය.
පසුව සීතාවක රජතුමා මියගිය පසු අංගං සටන් ශිල්පීන්ට විවිධ වූ අඩම්තේට්ටම් කරදරවලට මුහුණ පෑමට සිදුවිය. සටන් කරුවකු මැරීමට පරංගි හමුදාව විශාල පිරිසක් ආහ. විහාර දේවාල බිමට සමතලා කළහ. කැලණිය රාජමහා විහාරයත් ඒ අතර විය. නවගමුව පත්තිනි දේවාලය අට වරක් බිමට සමතලා කළහ.
මෙසේ හෙයින් ඔවුනට පක්ෂපාත බවක් දැක්වීමට ආරච්චිවරු ද පෘතුගීසි නම් භාවිතාකර ඇත. ඒ නම් අතර පෙරේරා නම ද විය. කොරතොට මහන්ත ආරච්චිගේ අජන්ත පෙරේරා අද අංගම් ශිල්පය පණ මෙන් රැුකීමේ වගකීම භාරගෙන සිටයි අජන්ත මහන්ත ආරච්චි ට පෙරේරා නාමය එක්වූයේ එසේය.
ටිකිරි කුමරු යටතේ මෙන්ම පළමු වැනි විමලධර්මසූරිය රජු යටතේත් දෙවැනි රාජසිංහ රජු යටතේත් දන්තුරේ, බලන හා රන්දෙණිවල ප‍්‍රදේශවලදී ද ප‍්‍රතිකාලූන්ට අන්ත පරාජයක් අත්කරදෙමින් සිංහල හේවායන් ජය ගත්තේ අංගම් සටන් ශිල්පය උපයොගී කරගනිමිනි .
ඉ ංගී‍්‍රසිහු ද ඔවුන්ට එල්ලවන ප‍්‍රහාර හමුවේ අංගං ශිල්පය තහනම් කළහ. 1817 කැරැුල්ලෙන් පසුව ගැසට් නිවේදනයකින් අංගං ශිල්පය තහනම් කර එසේ නොනැවතී අංගං සටන් ශිල්පීන්ට දණ හිසෙන් පහළට වෙඩිතබා ජීවිතාන්තය දක්වා සිරකර තැබීමටත් සියලූම අංගං ආයුධ අත් අඩංගුවට ගෙන අංගං මඩු ගිනි තැබීමටත් නියොග කළහ. කඩු කිණිසි භාවිතය ද තහනම් කළහ එපමණක් නොව ශක්ති ජනක ඖෂධයක් බව කියන අබිං පවා තහනම් කළහ.
මේ අවස්ථාවේදී මහන්ත ආරච්ිචි පරපුර තම දිවි දෙවැනි කොට අංගං සටන් ශාස්ත‍්‍රය රහසිගතව රැුකගත්තේය. අංගං ශාස්ත‍්‍රය නැටුම් බවට හරවාගෙන සිංහ නැටුම්. කොටි නැටුම්, වලස් අඩිය ආදී නැටම් ශිල්ප ලෙස ඉතා රහසිගතව රැුකගෙන ආයේය.
ඒ අභීත පරපුරේ විරුවෝඅදත් එම ශිල්පය රැුකගනිතිී. මෙම ශාස්ත‍්‍රය රැුකගැනීම සඳහා අජන්ත ගුරුන්නාන්සේ තරුණයනට ද ආරාධනා කරයි. මේ සඳහා අංගං ශාස්ත‍්‍රයට ආදරය කිරීමත්, කැපවීමත්, විශ්වාසයත් ඇතිකරගත යුතුය.
අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. පරංගීන්ගේ කාලතුවක්කු මතට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් කළ මැතිරීම් මගින් කාලතුවක්කු පවා කි‍්‍රයාවිරහිත කරවූ බව සඳහන්ය.ශූර අංගං ශිල්පියකු වීමට මෙම අවස්ථා තුනම ප‍්‍රගුණ කළ යුතුය.
වෙල්ලක්කාර සටන් පරපුරේ මහන්ත ආරච්චි පරපුරෙන් පැවත එන ඉලංගම හතරවැදෑරුම්ය හතර ඉලංගම මෙසේය. කවිකාර ඉලංගමෙන් රජතුමාට ප‍්‍රශස්ති ගායනා ඉදිරිපත් කැරුණි කියා රාජකුමාරවරුනට කුමර සෙල්ලම් හෙවත් යුද පුහුණුව දුන්නේ වාහල ඉලංගමෙනි. නර්තන හා ඒ ආශ‍්‍රිත සිදුකළ දේ් නැටුම් ඉලංගමට අයිති විය. අංගං ශාස්ත‍්‍රය සිංහල මල්ලව පොර හෙවත් ගුස්ති ශාස්ත‍්‍රය ඉලංගං ශාස්ත‍්‍රය, පැනුම්, පිනුම් ශාස්ත‍්‍රය ආදී යුද්ධයට අවශ්‍ය සියළු සටන්ක‍්‍රම හරඹ ඉලංගමයි. මෙහි වර්තමාන හිමිකාරයා අජන්ත මහන්ත ආරච්චි ගුරුතුමාය.
අංගම් ශාස්ත‍්‍රයේදී අවි 21 ක පුහුණුව ලැබිය යුතුය. තම පරපුරෙ-හි මුතුන් මිත්තන් පරිහරණය කළ අවි ආයුද තමන් සතුව ඇතැයි අජන්ත පැවසීය. ඒ අතර කස්තාන, කලාකිරිඤ්ඤ, නයිපෙන කඩු, සිංහකඩු, සුදු කඩු, කිනිසි, කිරිච්චි ඒ අතර ප‍්‍රධාන වෙයි.
කස්තාන යනුවෙන් හදුන්වන කඩුව මිටෙහි කැටයමින් කළ සිංහ මුහුණු හයක් හෝ හතක් ඇත. මෙම කස්ථාන පෞරාණික කඩු වර්ගයකි. ගාම්භීර තේජවන්ත බව කස්තානයෙන් දිස්වෙයි. සුදු කඩුුව ද වශේෂ කඩු වර්ගයකි. එම කඩුව නිමකර ඇත්තේ සුදු වානේ වලිනි. එම සුදු වානේ ශී‍්‍ර ලංකාවෙන් දැනට සොයාගැනීම අපහසුය. එය ද පෞරාණික කඩු විශේෂයකි. එසේම ඇත්දළ කැටයමින් යුත් කඩු ද ඇත. කලාකිරිඤ්ඤ ගෝන අං, හරක් අං හා මුව අංවලින් නිමකර ඇත. මෙම අංවර්ග විෂ සහිතය.
අංගං ශිල්පය ඉතිහාසය වසර තිස්දහසක් පමණ දක්වා පැරණියැයි අපහට අදහස් දැක්වූ අජන්ත පැවසීය. යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන අංගං ශාස්ත‍්‍රය රණ කෙළි පූජාවක් නැරඹීමේ වරම අපට ලැබිණි. එය මහත් වාසනාවක් කොට අපි සලකමු.
රහසේ පවත්වාගෙන ආ ශාස්ත‍්‍රය පථම වරට රණකෙළි පූජා උත්සවයක් රාවණ නැකතින් ආරම්භකළේ ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයට අයත් කදු ශිඛරයේ ඇති ගල්තලාව මතය. ගලින් ගල අඩිය තබමිින් හිමිදිරියේ එම ගල්තලාවට ගියෙමු . එම ස්ථානයේ කිසියම් ගුප්ත බවක් ඇතැයි පළමු වරට එහි ගිය අපට දැනිණිි. මොහොතක් ගතවෙත්ම මනාකොට ඒබව අපට වැටහෙන්නට විය.
නියම හේවායන්ගේ විලාසයෙන් අප ගුරුන්නාන්සේ ප‍්‍රමුඛ අංගං ශිල්පීහු අපේ ප්‍රෞඩත්වය අපගේ ඇස් පනාපිටම පෙන්වූහ. සටන්කෙළි පැවති භූමියට සීමාපැනවිණි. අංගං ශිල්පින් නොවන අයට ඇතුල්වීම තහනම් විය. ඒ මෙම ස්ථානය පත්තිනිදෙවියන් තම දෝණිය හා පුතාට අංගං සටන් ඉගැනවූ භූමිය බව කියැවිණි ඒ වසර විසිදහසකට කලිනි.
පත්තිනි දේවිය පතිවත රැුකි කාන්තාවකි. පත්තිනි දෙවියන් මෙන් අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ තවත් කාන්තාවන් මෙම සටන් ඉතිහාසයේ සඳහන්වෙයි. ඒ අතර කුවේණිය ද වෙයි.
පසුකාලීනව සීතාවක රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ සේනාධිපතිනියක නවරත්න මැණිකේ ද අංගං සටන් ශිල්පය හොදින්ම ප‍්‍රගුණකර සිටි සටන්කාමී කාන්තාවකි.
මහනුවර යුගයේදී සෙනරත් රජු යටතේ ගලබොඩ කුමාරිහාමිද සේනාධිපති තනතුර ද පසුව ඒද`ඩුවාවේ දිසාපති තනතුරද දරා ඇත. එවන් වීර තරුණියෝ දෙදෙනෙක් ද අංගං ඉලංගං හරඹ පනික්කි රණකෙළි පූජාවේදි දුටිමු. තමා ලත් ශිල්පශාස්ත‍්‍රය කිසිවිටකත් අයුතු ප‍්‍රයොජන සඳහා යොදා නොගන්නාබව බුදුන්වහන්සේ ඉදිරියේ ද රාවණ දෙවියන් ඉදිරියේ ද, කතරගම මහසෙන් දෙවියන් ඉදිරියේ ද(කතරගම දෙවියන්*, පත්තිනි දෙවියන් ඉදිරියේ ද, රාසිං දෙවියන් ඉදිරියේ ද (ආරච්චි පරපුර සීතාවක රාජසිංහ රජු රාසිං දෙවියන් ලෙස අදහති* යක්ෂ ගෝත‍්‍රයේ මියගිය නෑ යක-ුන් ඉදිරියේ ද අංගං ශිල්පිහු දැඩිලෙස දිව්රුම් දී පොරොන්දු වෙති.
රාම රාවණ යුද්ධයත් ඉතිහාසයේ අංගං සටන් එළිදැක්වුණු අවස්්ථාකි. එමෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයත්, දුටුගැමුණු රජ සමයේ පතල ද්වන්ද සටනක් වූ ජයසේන හා ගෝඨයිම්බර අතර සටනත් අංගංහරඹ වලින් යුක්ත වී ඇත.
එසෙම පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජ සමයේදීත් අංගං සටන් එළිදැක්විණි.
2011 අගෝස්තු මස 24  | ලංකාදීප කර්තෘ මණ්ඩලය


කොරතොට අංගම් 1 / 2 / 3 / 4 /

මධ්‍යම කඳුකර ලෝක උරුමය

පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ.
ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි.
1833 වර්ෂයේ දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන්හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම්කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය, මැණික් තැන්න යන නම්වලින් හඳුන්වන ලදී. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගනිමින් 1988 මාර්තු මස 10 වැනි දින හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී.
ශී‍්‍ර ලංකාවේ ගිණිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයකි. නිරන්තරවම මිහිදුමින් වැසී පැවතීම හේතුවෙන්ම දුම්බරයැයි නම් ලද මෙම කඳුවැටියේ ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයක් පිහිටා ඇත. හෙක්ටයාර 28,000 ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස ද නම්කැර තිබේ.
මධ්‍යම හා සබරගමු පළාත් මායිම්වන ලෙසට පළාත් මායිම් අතරින් විහිදී යමින් මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ ගිරි ශිඛරය මෙරට පමණක් නොව සමස්ථ ලෝකයේම සියළුම ආගමිකයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ භූමි භාගයකි. එහි සංස්කෘතිකමය වටිනාකම කෙසේ වෙතත් සමනළ කන්ද වටා අක්කර 56,000 ක් පුරා පැතිරීගිය වන භූමිය පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් භූමි භාගයකි. 1940 ඔක්තෝබර් මස 25 වැනි දින නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් මෙම ප‍්‍රදේශය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ.
මෙම ස්වභාවික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් සැකසූ ව්‍යාපෘති වර්තාවක් සැළකිල්ලට ගනිමින් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකර ස්වභාවික පරිසරය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු මහත්මිය කියා සිටියාය.
මෙම නම්කිරීමට පෙර අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය ලෝක උරුම ලෙස නම්කැර තිබිණි. බ‍්‍රසීලියා සමුළුවේදී ගත් මෙම තීරණය අනුව ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන අතර අලුතෙන් එකතුවූ ලෝක උරුම තුනම ස්වභාවික ලෝක උරුම වීමද වැදගත් කරුණකි.
2011 අගෝස්තු මස 04 ලංකාදීප | සජිව විජේවීර

 නකල්ස් කඳුකරය
 නකල්ස් පිටවල පතන
 හෝර්ටන් තැන්න
 හෝර්ටන් තැන්න
සිරිපා කඳු මුදුන සහ වනාන්තරය
සිරිපා අඩවිය

මුහුදු කටුගෙය

ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය වසර හතර හමාරකට පසු යළි විවෘත විය. පැරැණි කොටු දොරකඩ ඕලන්ද බඩු ගබඩාවේ බිම් මහලේ පිහිටි මේ කටුගෙය සුනාමියට විනාශ විය. මුහුදු ජීවින් හා මුහුදු ආශ‍්‍රිත පරිසරය දැකගත හැකි එකම කටුගෙය මෙයයි.
2011 ජූලි මස 27 ලංකාදීප | සජිව විජේවීර

මුහුදු බෙල්ලෝ
 ශී‍්‍ර ලංකාවේ තැනූ නැවක ආකෘතියක්
 බිජුලන කැස්බෑවා
 මා දැල් අදින මිනිස්සු
 ධීවර කතක්
තල්මස් සැකිල්ල

නව සත්ත්ව විශේෂ අටක් ලංකාවෙන්

ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම පඳුරු මැඩියා ඇතුළු මෙරටට ආවේණික නව සත්ත්ව විශේෂ අටක් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ ආධාර ඇතිව ගාල්ල දිස්ති‍්‍රක්කයේ සිදුකරනු ලැබූ ජෛව විවිධත්ව අධ්‍යයනයකදී මෙම නව සත්ත්ව විශේෂ සොයාගෙන තිබේ.
සොයාගත් නව සතුන් අතර මිරිදිය මසුන් විශේෂ තුනක් හා පඳුරු මැඩියන් විශේෂ පහක් වෙති. එම මසුන් විශේෂ තුන අතරින් විශේෂ දෙකක් දෙවාරියෝ (Devario)නැමැති ඝනයට අයත් වේ. එම මසුන් දෙදෙනාගෙන් එක් විශේෂයක් සිංහරාජයේ දකුණු ප‍්‍රදේශයෙන් හා අනෙක් විශේෂය හියාරේ ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. අනෙක් මත්ස්‍ය විශේෂය ලෙපිඩොසෙෆලික්තියස් (Lepidocephalichthys) ඝනයට අයත්වන අතර එම මත්ස්‍යයා කොට්ටව වනාන්තරයෙන් හමුවී ඇත.
සොයාගත් පඳුරු මැඩියන් විශේෂ පහම පිලෝටස් (Philautus) ඝනයට අයත් වේ. ඒ අතරින් මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම මැඩියා ලෙස වාර්තා වී ඇති නවතම මැඩි විශේෂය හමුවී ඇත්තේ හියාරේ ඇතුළු කොට්ටව කෝඹල වනාන්තරයෙනි. එම මැඩි විශේෂයේ හොඳින් වැඩුණු සත්ත්වයකුගේ විශාලත්වය මිලි මීටර 14 ක් වැනි ඉතා කුඩා ප‍්‍රමාණයකි. අනෙක් පඳුරු මැඩි විශේෂ හතර හමුවී අතැතේ කන්නෙළිය රක්ෂිත වනාන්තරය, හියාරේ වනාන්තරය, කොට්ටව වනාන්තරය හා කොට්ටව කෝඹල වනාන්තරයෙනි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කියා සිටියේය.
ගාල්ල දිස්ති‍්‍රක්කය කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉතාමත්ම පොහොසත් දිස්ති‍්‍රක්කයක්. සිංහරාජය, කන්නෙළිය ඇතළු වානන්තර වගේම තැන තැන ඉතිරිව පවතින කුඩා තෙත් සදා හරිත වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් මේ දිස්ති‍්‍රක්කය තුළ පවතිනවා. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අනුග‍්‍රහයෙන් අපි මෙම දිස්ති‍්‍රක්කයේ ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කළා. ඒ අධ්‍යයනයේදී තමයි අපිට මේ නව සත්ත්ව විශේෂ අට සොයා ගැනීමට හැකියාව ලැබුණේ. දැනට මේ සතුන් මෙතෙක් ලෝකයේ හඳුනානොගත් සත්ත්ව විශේෂ අටක් බව අපි පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර පර්යේෂණ පති‍්‍රකා මගින් මේ නව සත්ත්ව විශේෂ විද්‍යාත්මකව නම් කර ලෝකයට හඳුන්වාදීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.
2011 ජූලි මස 27 ලංකාදීප | සජිව විජේවීර
 කොට්ටව වනාන්තරයෙන් හමුවූ ලෙපිඩොසෙෆලික්තියස් ඝනයට අයත් මත්ස්‍ය විශේෂය
 මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම පඳුරු මැඩියා හමුවන්නේ හියාරේ ඇතුළු කොට්ටව කෝඹල වනාන්තරයෙනි.
 මෙම පඳුරු මැඩියා හේකොක් කන්ද වනාන්තරය හෙවත් හිනිදුම් කන්ද ප‍්‍රදේශයෙන් හමුවී ඇත.
 මෙම මැඩියා හමුවී ඇත්තේ හියාරේ සංරක්ෂිත වනාන්තරයෙනි
 මෙම මැඩියා කොට්ටව වනාන්තරයෙන් හමුවී ඇත.
 සිංහරාජයේ දකුණු ප‍්‍රදේශයෙන් සොයාගත් දෙවාරියෝ නැමැති ඝනයේ මත්ස්‍යයා
හියාරේ සංරක්ෂිත වනාන්තරයෙන් හමුවූ දෙවාරියෝ ඝනයට අයත් මත්ස්‍යයා.

දහ අට සන්නිය

මහා කෝළ සන්නි යකාගේ පිරිවර අවතාර දහ අටකි. ඒ අවතාර දහ අට සන්නිය ලෙස හැඳින්වේ. සන්නි යනු රෝග විශේෂයකි. දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයේ දැක්වෙන මූලික සන්නි රෝග රගපෑමෙන් මූර්තිමත් කිරීම සඳහා සන්නි යක්ෂයින්ගේ අවතාර යොදාගෙන ඇත. මේ සන්නි යකුන්ට එක් එක් සන්නි රෝගයේ දැක්වෙන රෝග ලක්ෂණ ආරෝපණය කැර තිබේ.
කාලයක් පුරා නොයෙක් ඇදුරු පරපුරු වලින් දහ අට සන්නි යකුන් පවත්වාගෙන ඒමේදී ඒවායේ විවිධ වෙනස් කම් සිදුව ඇත. විවිධ ගුරු කුළ හා ප‍්‍රාදේශීය වශයෙන් නිරමාණය වූ දහ අට සන්නි එකිනෙක වෙනස් කම් වලින් යුක්ත වේ. පළාතෙන් පළාතට මේවායේ භාවිත නම් වල සුළු වෙනස් කම් දක්නට ඇත. එමෙන්ම එකම සන්නියට විවිධ නම් ලැබී තිබේ. ගිනි ජල් නමින් එන සන්නිය හා අග්නි සන්නිය යනු එකම සන්නියකි. එහෙත් ඇතැම් පළාත් වල මෙම නම් දෙකෙන් සන්නි නටනු දැක්නට ලැබේ.
සන්නි යක්ෂයින් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදා ගත් අයුරු සන්නි උපතේදී දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
මළ කඳ ඇතුලෙන් ඉපදුනකුමරෙකි
උණද සෙලෙස්මා වෙන් එකගොල්ලකි
වායු, පිතෙන් එහි හට ගත්සෙනගකි
අතුරු නහරයෙන් හටගත්සෙනගක


ඉසේ ලෙඩට පස් දෙනෙක් සදගති
කඳේ ලෙඩට අට දෙනෙක් සදාගති
සන්ධි වලට දහ අටට බෙදාගති
දවසට දහසක් මිනී මරාගති

සන්නි යකුන් ගෙන්වා ඔවුන්ට නියමිත දොළ පිදේනි ඇප කැප කර දීම දහ අට සන්නිය නැටීමෙන් අපෙක්ෂා කරන දෙයයි. එම සාර්ථකව ඉටුකළ විට දහ අටක් වූ සන්නි රෝග සුව වන බව ගැමියන්ගේ විශ්වාසය විය.
සන්නි යකුන් රග මඩලට පැමිණි විට සංවාදයේ යෙදෙයි. ඔවුන් බොහෝ විට පැමිණේනනේ බියකරු ස්වභාවයක් මවා පෙන්වමිනි. මළ, හත්තිලව්වයි, ආදී වචන කියමින් කෑ ගසයි. ඉතා ග‍්‍රාමීය වූ භාෂාවකින් සන්නි යකු සහ ඇදුරන් අතර සංවාදය සිදුවෙයි. බොහෝ වට එය සෘජුව වදන් නොකියා පද පෙරැුළි ඇතිව පැවසීම තුළින් හාස්‍ය දනවන්නක් වෙයි. වැරදි වචන නිවැරදි කරමින් ගුරුන්නාන්සේ සංවාදය ඉදිරයට කරගෙන යයි. යක්ෂයාගේ කුරිරු නපුරු අදහස්ද මේ සංවාදයේ ගැබ්ව තිබේ. ඇතැම් විට ජුගුප්සා ජනක හැ`ගීම් ද මතු කරයි. මේ සංවාදයන් සන්නි දහ අටේදීම මූලික වශයෙන් එකම ආකාරයක් ගනී.
අවසානයේ ආතුරයාටද සෙත් පතා යකා නික්ම යයි.

1 මරු සන්නි යකා

මහත් භයානක යක්ෂයකු වන මරු සන්නි යකා දැනට ඇතැම් ප‍්‍රදේශ වල සන්නි යකුමි ප‍්‍රථමයෙන් රග දක්වයි. මරු සන්නිය කාල වර්ණ පැහැ වෙයි. ඉසකේ සැඩපලූ ගෙතී ඇත. දිග රුදුරු දත් හා දළ වලින් යුතු මුවක් තිබේ. කොළ අතු වලින් යටිකය සරසා ගෙන දල්වන ලද දුනු පන්දමක් අතකින් ගෙන පැමිණේ. ඇතැම් පළාත්හි මෙම සන්නියට කළු වැදි සන්නිය යැයි ව්‍යවහාර කැරේ.
එන කල දුන්න ගෙන සුරතට දුන්නලෙසින්
වන කල සන්නියකු හට අතු කඩාදෙමින්
වන කල සියළු ලෙඩ පිරිපත දුරැරහරින්
ගිනිමරු සන්නි යකු මෙපුදට විගසවරෙන්

මේ යකාට කවි ගායනා සඳහා ආරාධනා ලැබේ. යකුගේ උපත දැක්වෙන යාදින්න සමග වෙනත් කවි කියද්දී මේ යකා සබයට එන්නේ හූ හඩ තලමින් අති භයංකර ආකාරයෙනි.

2 අමුක්කු සන්නි යකා

අමුක්කු සන්නිය යනු මුහුණ කට ඇදවීමෙන් සෑදෙන රෝගයකි. කථාව ගොළු වී, දෙ ඇස් ඇඳිරිවී, කටින් කෙළ වැගිරෙන මෙම රෝගයේදී අංශ භාගය නම් වාත රෝගය වැළදෙන බව පැවැසේ.
අමුක්කු සන්නි යකාගේ මුහුණ එම රෝගයේදී මෙන් එක පැත්තකට ඇදවී විරූපී වී තිබෙ. මුවේ දළ ඇත. දෙ ඇස් අඳුරු පැහැතිය. අතෙහි මුගුරක් වේ.
යෝගාරත්නාකරය නැමැති වෙද කම් ගැන සඳහන් වන පුරාණ ග‍්‍රන්ථයෙහි අමුක්කු සන්නිය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
බස්ගොළු ඇස් දෙක ඇඳිරිකරන්නේ
මුකයේ කෙළ කැටි ගලිටුකරන්නේ
සීනෙන් අගනන් තොස කරවන්නේ
අමුක්කු සන්නිය නමැයිකියන්නේ

3 වෙඩි සන්නි යකා

අතීතයේ මුගුරක් අතැතිව ආ වෙඩි සන්නි යකාගේ අතේ දැන් ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුවකි. එයට බෙහෙත් කොටන ආකාරය දක්වමින් හාස්‍ය උපදවන රංගනයක යෙදෙන වෙඩි සන්නි යකා ර`ග මඩලට ගෙන්වන්නේ මේ කවියෙනි.
තඩි අරගෙන තුන් මන්සලඉන්නේ
උල්කර මුගුරක් සුරතදරන්නේ
ගඩු නංවා ඇග සලිතකරන්නේ
වෙඩි සන්නිය පුද ඉල්ලාඑන්නේ

නපුරු ගතිය ඉස්මතු කරන ඇස් වලින් යුතු වෙඩි සන්නි යකාගේ මුහුණ කොළ පැහැතිය.
මුව රැඳුණු දත් කිහිපයක් ද වෙයි
කණ යට ගෙඩි කර සැරවයිඑන්නේ
මූණේ ගිනිජල් නිබඳකරන්නේ
දෑතේ දෙපයේ දාඩියඑන්නේ
වෙඩි සන්නිය කළ ලෙඩ දැනගන්නේ

වෙඩි සන්නියේ රෝග දැක්වෙන්වෙන්නේ ඒ ආකාරයෙනි.

4 කණ සන්නි යකා

සැරයටියක් අතින් ගෙන වේදිකාවට එන මේ යකාගේ දෑස් නොපෙනේ. අන්ධ සන්නිය ලෙස වෛද්‍ය ග‍්‍රන්ථවල දක්වා තිබෙන මෙම සන්නිය සඳහා පළඳවන වෙස් මුහුණ තරමක් පළල්ව සාදා ඇති අතර අන්ධ බව දැක්වීමට සුදු ඉංගිරියාව පුළුල්ව පෙන්වා තිබේ.
පළල් මුඛයේ දත් රැසක් ද වේ. කන් දෙකද විශාලය. ඇස් අන්ධ වූ විට වඩා හොඳින් ඇසෙන බව පෙන්වීමට විශාල කන් යොදා ගන්නට ඇත. නාසයද විශාලව සාදා තිබේ.
වන පිළිකා ඉසරද කකියන්නේ
තැන, තැන, ගොස් බිම ඇද පෙරළෙන්නේ
අනුහසයෙන් සෝබිත මුනිඳුන්නේ
කණ සන්නිය පුද ඉල්ලා එන්නේ

වණ, තුවාල, ඉසරදය ආදිය කණ සන්නියෙන් සෑදෙන රෝග වල ලකුණු බව මෙම කවියෙන් පැහැදිලි වේ.

5 බිහිරි සන්නි යකා

මහත් වේගයකින් වේදිකාවට පැමිණෙන බිහිරි සන්නි යකා උණ, කථාව, අධිකව පැවැතීම , බිහිරි බව , උඩට හුස්ම ගැනීම, වෙව්ලීම, සීතල, හිතේ තැවීම, කම්මුලේ ගෙඩි මතුවීම ආදිය මේ සන්නි යකාගෙන් සෑදෙන රෝග ලෙස දේශීය වෙදකමේ සඳහන් වන්නේ මෙලෙසිනි
ජ්වරද හැමකල් බිණිම දෙකන් බිහිරිවන්නේ
ඌර්ද ස්වාසය වෙව්ලූම් සීතද කම්පාවන්නේ
කම්මුල සී ගඩුවක් මෙන් එලෙසම පෙණෙමින්නේ
නපුරු කර්ණ සන්නිය නුවණැතියෙනි දැනගන්නේ

බිහිරි සන්නියේ මුහුණේ බියකරු දත් නැත. මුහුණ පියවී ඇත. දෙ ඇස් මනාව විවෘතව ඇත. කන් දෙකට පහතින් ඇති රේඛා දෙකකින් බිහිරි බව පෙන්නුම් කරයි. කන බිහිරි නිසා සංවාදයේදී නැවත නැවතත් කීමට සිදුවීම හාස්‍ය උත්පාදක අවස්ථාවකි.

6 ගොළු සන්නි යකා

කළු පැහැයෙන් සැරසුණු යකෙකුට භිය වීමෙන් ආතුරයා ගොළු බවට පත්කැරෙන මේ ආබාධය හේතුවෙන් නිදිමත ගතිය ඇතිවේ. ශරීරයේ උෂ්ණාධික ගතිය හා ආමාශයේ අර්බුද ඇති වේ
ගොළු සන්නියට පළඳින වෙස් මුහුණ දෙස බල විට එහි මුඛයේ ස්වරූපය වඩාත් කැපී පෙනෙන අයුරින් සකස් කොට ඇත. මුඛය වටා වූ රැළි වලින් ගොළු බව නිරූපනය වේ. දෙකන් විශාලය, නළල රැුළි තුනකින් යුතුය.
පෙර අකුසල් බලෙන් ගොළුව අතින් පයින් බස්අගවන
දිඩත සිත් නපුරු කමන් විසල් නුවර වැනසූපොරණ
දුරුකර ජනපත සෙත්කර දිවකුරු මුනි අනුහසයෙන
වර මෙරහට ඉසානයෙන් ගොළු සන්නිය දැකභෝජන

මේ ගොළු සන්නි යකා ර`ග මඩලට පැමිණි පසු සංවාදයේ යෙදෙන්නේ අතින් පයින් ආදී අභිනය විලාශයෙනි. එහෙත් දොළ පිදේනි කැප කළ පසු රෝගය දුරලන ගොළු සන්නි යකා අවසානයේ කථා කර විස්තර කියයි.

7 කොර සන්නි යකා

බෙල්ලෙන් උඩ කොර වීම, සන්ධිවල උෂ්ණාධික බව, රාතී‍්‍ර නිදිමත අධික බව, ඇතුළු ශරීරයේ අත පා කොරවීම, ආදී රෝග ඇති කරන කොර සන්නි යකා වේදිකාවට ගෙන්වීමේදී මෙම කවිය ගායනා කැරේ
දුර සිට බැල්මේ දිස්ටියහෙලමින
කොරකොට අත්පා ඔත්පොලකරවන
වෙරකොට ආතුර මරම් සිතාගෙන
කොර සන්නිය එයි පුද ඉල්ලාගෙන

කොර සන්නි යකාගේ මුහුණ කොර ගතිය විදහා පාන ආකාරයෙන් සකසා තිබේ. ඒ මුහුණ එක් පැත්තකට ඇලවී ඇත. මුහුණ නපුරු ගතියකින් යුතු වේ. කොළ පැහැතිය. පළල් රතු දෙතොලකි. දකුණතේ යමගුරකි. වමතට අතු කැටියකි.

8 මුර්තු සන්නි යකා

පැණි රස කෑ මට විරුද්ධවේයා
සෙම් පිත් නාඩිය පටලවතේයා
වාත නාඩි සීඝ‍්‍රව ගමනේයා
මුර්තු සන්නි කළ ලෙඩ අපතේයා

යන කවි ගායනය සමග මුර්තු සන්නි යකා වේදිකාවට පිවිසේ. මේ සන්නි යකාගෙන් ඇති වන්නේ මර්ජාව සමග වාතයෙන් හටගන්නා රෝගයකි. මෙම යකාගේ වෙස් මුහුණේ රෝගී භාවය නිරූපිතය. වෙනත් යක්ෂ මුහුණු වලට වඩා මේ මුහුණේ ඇස් වෙනස් කැර ඇත. ඒවා දිගටිය. මූඛය ද මද වශයෙන් දත් පෙනෙන ලෙස පියවී තිබේ.

9 ගුල්ම සන්නි යකා

ගුල්ම සන්නි යකාගෙන් වැළඳෙන මූලික රෝගය වන්නේ බඬේ අමාරුවයි. මෙය පණුවන්ට සම්බන්ධ රෝගයකි. වමනය, බඩරුජාව, කැවිලි නොකෑ, පිළිරස මිශ‍්‍ර පැණි රස කෑමට කැමැති වීම මෙහි රෝග ලක්ෂණ වේ.
බඩ හෝ ගාමින් වමනේඑන්නේ
රුජා ද ගනිමින් කැවිලිනොකන්නේ
පිළිමුසු පැණිරසමයි ඌකන්නේ
ගුල්ම සන්නි ලෙඩ ඉන් දැනගන්නෙ

මෙම සන්නි යකාගේ මුහුණ රවුම් හැඩයක් ගනී. ලා කහ වර්ණයෙන් යුක්ත එහි මුඛය කන් දෙක දෙසට දික්ව ඇත. මුව දෙපස දළ දෙකක්ද තිබේ. රෝගී ස්වභාවයක් පෙන්වන රවුම් ඇස් ද ඇත.

10 ජල සන්නි යකා

ජල සන්නිය යනු ප‍්‍රකට රෝගයකි. ඔක්කාරය, වමනය, ඇග පළු ගැන්වීම බඩපුරවා දමා යෑම යන රෝග ලක්ෂණ ඇති මෙම රෝග ලක්ෂණ ඇති කරන ජල සන්නි යකා රගමඩලට ගෙන්වන්නේ මෙය ගායනා කිරීමෙනි.
ඔක්කාරය සහ වමනයවන්නේ
තිස්පැය ඇගපළු නිබඳගැසෙන්නේ
උත්තිල බඩ ලෙඩයෙනි පණයන්නේ
ජල සන්නිය ලෙඩ ඉන් දැනගන්නේ

මෙම සන්නි යකාට ඇත්තේ එකිනෙක පූට්ටු වූ දත් දෙපළකි. මූණ දෙපසේ රැවුලකි. නළලේ නයි පෙනයකි.

11 අග්නි සන්නි යකා

ඇගපත වෙව්ලීම, කෑම බීම අරුචිය, කන් ලෙඩවීම, තද උණ ගැනීම ආදිය මෙම සන්නි රෝගයේ ලක්ෂණ වේ. මේ සන්නි යකු එන්නේ කොන්තායුධ ගනිමින් ගිනි සැර විහිදුවමිනි.
අග්නි සන්නි යකා විකෘති ලක්ෂණ වලින් යුතුය. රවුම් දෙනෙත, ඉතා දිග දත්, පළලට අරුණු මුඛය එහි දක්නට ඇත. මුඛයේ දිග දත් ගිණි දළු විලසින් දැක්වේ.
ගිනි සැර කොන්තා යුද අරගන්නේ
ඉසිවර දුන් කැද ගොටුදෙකදෙන්නේ
මක්කම සමනල අණ දැනගන්නේ
අග්නි සන්නි කළ ලෙඩ හැරයන්නේ

12 පිස්සු සන්නි යකා

උම්මත්ක බව හෙවත් පිස්සු ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි. උණ, බිණීම, නුවන අහිමි වීම ඉන්ද්‍රිය පාලනයකින් තොරවීම, ඇ`ග පලූ නැගීම, ආදී රෝග ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි.
පිස්සු සන්නි යකා වේදිකාවට පැමිණි විට තම පිස්සු ගතිය පෙන්වයි. විකට රසයෙන් යුතු සංවාදයේ යෙදේ. නපුරු ගතියක් පෙනෙන රවුම් ඇස් සහ තැන තැන කොට රැුවුල් ගස් ඇති මුහුණේ දළ රහිත රතු දත් පෙළකි. හිසකෙස් නොමැත.

13 වාත සන්නි යකා

වා, පිත්, සෙම් යන ති‍්‍රදෝෂයන් රෝගවලට හේතු වන්නේ වාත සන්නි යකුය.
වෙස් මුහුණ කොළ පැහැ ගැන්වී ඇත. එය නොයිවසිලි ස්වභාවයක් ගනී.
ඉදිමි බඩ ලෙඩ ඉසරද ගන්නේ
වැදූ ගෙයක් මෙන් බලා සිටින්නේ
වෙව්ලූම් ඇගගති තොර නොකරන්නේ
වාත සන්නි ලෙඩ ඉන් දැන ගන්නේ

14 බූත සන්නි යකා

මේ යකු වාසය කරන්නේ ඈත ගුවන් තලයේය. රාතී‍්‍ර කාලයේ පෘථිවි තලයට බැස හොල්මන් කරයි. රෝගියාගේ මිනිස් ගති ගුණ වෙනත් අතකට හැරවීම මෙම රෝගයෙන් දැක්වෙන නිසා විකාර කිරීම යන අර්ථය ඇතිව බූත සන්නි යකා ලෙස නම් තබා තිබේ.
ඉතා නපුරු ස්වභාවයක් ගන්නා වෙස් මුහුණකි. කොළ පැහැති වර්ණයෙන් යුතු වන අතර මුඛයේ එක් පැත්තකින් දිව මදක් එළියට පැමිණ ඇත. ඇස් දෙකට පහළින් රේඛා තුනක් දැක්වේ. සුදු පැහැති දත් දෙපළකි. නාසය විශාලය
පිත් නාඩිය හිරි වැටී සිටින්නේ
වාත නාඩි පෙරළි වැටෙමින්නේ
සෙම් නාඩිය සැංගි වැටෙමින්නේ
බූත සන්නි කළ ලෙඩ ඒ දන්නේ

15 පිත් සන්නි යකා

පිත අධික වීමෙන් හටගන්නා වූ බඩ ගිණි ගතිය ඇතිවීම, ?ට සිහිනෙන් භියවීම, ආදිය ඇතිවීම පිත් සන්නි යකා නිසා සිදුවේ. පිත කිපුණු කාලයේ ඔල්මාද ගතිය පවා ඇතිවේ.
තෙප් කොන්තය මෙන් කෙළ ඇවිදින්නේ
තිස්පැය සීනෙන් අනුවම එන්නේ
අග්නි මන්ද යන ලෙඩ කර වන්නේ
පිත් සන්නිය ලෙඩ ඉන් දැන ගන්නේ

මෙම මුහුණින් පෙනෙන්නේ මහත් වේදනාකාරී ස්වරූපයකි. රවුම් ඇස් සහ කළු කෙස් ඇත. මුහුණේ ඉදිමුණු ස්වරූපයකි. මුවේ උඩ දත් පේලිය පමණක් දැක්වේ.

16 අභූත සන්නි යකා

දෙකම්මුල් ඉදිමීම, ඇග සෙම් ගෙඩි හට ගැනීම, සන්ධිපත් රුජාව , ආදිය අභූත සන්නි යකාගෙන් සිදුවේ. දුටුවන් භිය පත් කරවන මේ සන්නි යකු ද ගුවනේ සිට බිමට බැස රෝග ඇති කරවයි.

17 දේව සන්නි යකා

ගම් රටවල් පාළු කරමින් ගම්වලට වැදී මිනිස් සිරුර ක්ෂය කර දමයි. ශරීර රුදා ඇති කරවයි. හත් දවසකින් මය යන රෝගයක් ඇති කරවයි. එය විසාල මහ නුවර ඇතිවූ අභිගාතක රෝගය යැයි විශ්වාස කැරේ.
දගගෙට වදිමින් මිනී මරන්
ගමකට බැල්මෙහි පාළු කරන්නේ
නේ
ඒ ගම ඇර ගිය කෙනෙකි දිනන්නේ
දේව සන්නි ලෙඩ ඉන් දැන ගන්නේ

මෙම සන්නි යකාගේ වෙස් මුහුණ අනෙක් සියලූ සන්නි යකුන්ගේ මුහුණු වලට වඩා වෙනස් ස්වභායක් ගනී. එහි හිසට ඔටුන්නකි. මුහුණ රන් පැහැතිය. මුහුණේ විකාර රූපී ස්වභාය අඩුය. ඒ හේතුවන් දුටු විට ගරු සරු බියක් ඇති කරවා තිබේ.
18 කෝල සන්නි යකා
සිහංල වෙදකමේ කෝළ දහ අටක් ගැන සඳහන් වේ. මේවා ඇතිකරන සන්නි යකා කෝල සන්නි යකා ලෙස හැඳින්වේ. උගුර දෙපැත්තේගෙඩි හට ගන්නා කථාව නැතිව රෝගී වන තත්ත්වයක් හටගනී. ආමාශගත අමාරුවව ද හටගනී.
උල්වූ තළල්ලක්, රුදුරු දෙනෙතක්, යටි තාළ නොමැතිව උල් දත් කිහිපයක් ඇති මුඛයක් මෙම සන්නි යකාගේ ස්වරූපය වෙයි.
කෝළ වෙලා උඩබිම බලමන්නේ
ලීල නොකර බඩ ලෙඩ කරවන්නේ
දෑල උගුරේ ගෙඩි දෙක හට ගන්නේ
කෝළ සන්නි පුද ඉල්ලා එන්නේ

මේ සන්නි දහ අට අවසානයේ දහ අටක් වූ සන්නි යක්ෂයන්ගේ නායකයා වන මහා කෝළ සන්නි යක්ෂයා එයි. ඔහුගේ හිසේ ගොක් ගොක්කොළ වලින් සෑදූ ඔටුන්නකි. එහි නයි පෙන පහක් ද දැක්වේ. යටි කයට කළු සුදු මුසු සේලයක් ද කාල වර්ණ ලොම් වලින්යුතු හැට්යක් උඩු කයටද ද හැඳ ඉන වටා කෙසෙල් හා ගොක් පතින් සෑදූ හතරැස් තට්ටුවක් ද පළඳී.
මෙම යකුට පැමිණීමට ආරාධනා කිරීමෙන් අනතුරුව සන්නි යකා පැමිණේ. යකා ආතුරයා දෙසට යන මග බාධාවකි. නාථ, සමන්, පත්තිනි දෙවි වරුනුගේ ආඥාව අනුව මුර සෙබළු මෝල් ගස් දෙකක් කතිර හැඩයට තබා අල්ලාගෙන යකාට යන්නට නොදෙති.
සැර පරුෂ කර බලෙන් යාමට උත්සාහ ගන්නා යකා පසුව කෙසෙල් හා කැවිළි වර්ග දෙන බව කියා යාමට අවසර ඉල්ලයි. අවසානයේ මේ කඩවත බුදුරදුගේ කඩවතක් බව මුර සෙබළු පවසති.
බුදු රදුන්ගේ සන්නසක් ගෙන ආවොත් යන්නට දෙන බව කියූ පසු යක්ෂයා තල්පතක් ගෙන කකුලේ ඇගිල්ල මත තබා එය දෙයි. එය පිළිගත නොහැකි බවත් ගරු සරු ඇතිව දිය යුතු බවත් මුර භටයෝ කියති. එවිට යකා දණහිස, උරහිස, නාසය මත තබා සන්නස භාර දී ඒ කිසි අයුරකට එකග නොවීම නිසා අවසානයේ හිස මත තබා භාර දෙයි. එවිට එහි ඇති දෙය කියවන ලෙස කියා සිටී. එවිට යක්ෂයා හඩන්නට පටන් ගනී. බුදුහිමි තමන්ට මිනිස් ලොවට යාමට අවසර දී ඇතත් නරබිලි ගැනීම තහනම් කැර ඇති බව යකා පවසයි. මනුලොව රෝගීන් වෙනුවෙන් දොළ පුදගෙන රෝග දුරු කිරීමට බුදුන් නියම කැර ඇතැයි ද කියයි. ඉන්පසු යක්ෂයාගේ නපුරු ස්වභාවය අඩුවේ. කඩදොරින් යන්නට දෙයි.
ආතුරයා වෙත යන යක්ෂයා. තමාට කැප කර දෙන දෙල පිදේනි සියල්ල ඉන බැඳි තටුවට අසුරාගෙන කුකුළෙකුද බිලි පුදට දුන් විට එයද රැගෙන ආතුරයාට සෙත් පතා යකා නික්මයයි.
එතැනින් දහ අට සන්නිය අවසන් වේ.
2011 ජූලි මස 22 ලංකාදීප | ජානක ගලප්පත්ති , සජීව විජේවීර