ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

ජාතික තොරතුරැ




පිරිසිදු ථෙරවාද බුදුදහම ප්‍රධාන ආගම වේ


මාඝධි අක්ෂර විකාෂණය


ජාතික ගීය



මුල් ජාතික ධජය



වත්මන් ජාතික ධජය



ජාතික ධජය ඇත අතීතයේ සිට පැවත එන්නක් වන අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස දක්වා විවිද වෙනස්කම් වලට භාජනයවී ඇත.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවත 1948 පෙබරවාරි 4 නිදහස ලැබීමත් සමග ලංකාවේ පළමු අගමැති වරයා බවට පත් වූ D.S.සේනානායක මැතිතුමා විසින් ජාතික ධජය නැවතත් සංස්කරණය කිරීමට නව කොමිටියක් පත් කරන ලදී.
එම කොමිටිය විසින් 1950 පෙබරවාරි මාසයේදී සංස්කරණය කරන ලද, අද අප බාවිතා කරන සිංහ ධජය ශ්‍රී ලංකාවේ ජාතික ධජය ලෙස සම්මත කරන ලදී.

ජාතික ධජයෙන් නිරුපනය වන සංකේත වල අර්ථය මෙසේය.
සිංහයා - ජාතිය නිරුපනය කරය්.
සිංහයා අත රැදී අසිපත - රටේ ස්වෛරීයභාවය නිරුපනය කරය්.
රැලි සහිත සිංහයාගේ කොණ්ඩය - ආගමික බැදීම,නුවණ සහ ධ්‍යානය.
සිංහයාගේ රැවුල - වචනය ස්ථිර බව ,පිරිසිදු බව
අසිපතෙහි මිට - ජලය,වාතය,ගින්දර සහ පොළවෙහි ඇති සංඝටක
සිංහයාගේ නාසය - බුද්ධිමත් බව
සිංහයාගේ ඉදිරි පද යුගලය - ධනය නිසිලෙස, පරිසිදු ලෙස පාලනය කිරීම
සිරස් තැබිලි පැහැ තීරුව - ද්‍රවිඩ ජාතින්
සිරස් කොළ පැහැ තීරුව - මුස්ලිම් ජාතින්
වටා ඇති කහ පාට තීරුව - අනෙත් සියලු ජාතින්
බෝ කොළ හතර - බුදු දහමේ ගුණාංග වන කරුණාව, තුෂ්ටිය ,මිතුරු බව සහ උපේක්ෂාව නිරුපනය කරය්.
මෙරූන් පාට පසුබිම - අනෙත් සියලු ආගම්
පළමු වරට මෙම ජාතික ධජය ඔසවනු ලැබුවේ 1950 මාර්තු 3 වන දිනය.


ජාතික පක්ෂියා - වලි කුකුළා

ශී‍්‍ර ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ආවේණික පක්ෂියෙකි. ඉන්දියා රතු බැදි කුකුළාට නෑකම් කියයි. සත්ත්ව විද්‍යාත්මකව ගාලූස් ලැෆායෙටී ලෙස හැඳින්වේ. සෙන්ටිමීටර 66 ත් 73 ත් අතර දිගය. වැලි කිකිළිය සෙන්ටිමීටර් 35 ක් පමණ දිගය. හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමල් මැද කහ පැහැති ලපයකි. රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිතය. වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී. කිකිළියගේ ශරීරය දුඹුරු පාටය. රාති‍්‍රය ගත කරනුයේ උස් ගස් මුදුනේය. පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක. වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි. දුර්වර්ණ බිත්තරය සුදුපැහැති තිත් වලින් යුක්තය. උඩවළව, යාල, වස්ගමුව, කුමන, රිටිගල, රන්දෙණිගල, කිතුල්ගල හා දෙනියාය වැනි ප‍්‍රදේශ වල දැකිය හැකි වලි කුකුළා මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.

වැලි කිකිළිය



Share this page