ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

සිංහරාජය

මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි. ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.
ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.
සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.
වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී
දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි.
සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.
ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.
මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි.
අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනා,  ඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12 න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි.
විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි.
අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.
ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත..
කලක් රාජ්‍ය අනු‍ග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.
2011 ජූලි මස 20 | සජිව විජේවීර
 මහ වන මැදින් ගලායන දිය පහරක්
 සිංහරාජ වනපෙත ඇතුලත දර්ශනයක්
 බීජයක් පැලවන ආකාරය
 බෝවිටියා වර්ගයේ ශාකයක්
 සිංහරාජ වනයේ ඇති මීවන ශාකයක පත‍්‍ර
 ශී‍්‍ර ලංකාවට ආවේණික කැහිබෙල්ලා නැමැති පක්ෂියා
 සිංහ රාජයේතුරු මත වසා සිටින පක්ෂියෙක්
 සිංහරාජයේ දිරාපත් වන ශාක කඳක් මත සෑදී ඇති විවිධ හතුවර්ග
 කුඩා දිය ඇල්ලක්
 මෝනිං සයිඩ් පෙදෙසේ දැකිය හැකි පර්නාංග වලින් ගැවසී ගත් ශාකයක්
 මහ වැසි ඇද හැලෙද්දී සිංහරාජ වනය ආසන්නයෙන් ගලායන දිය පහර මෙලෙස බොරපැහැ වී ඇත්තේ වනාන්තර විනාශය හේතුවෙන් පස සෝදා යන බැවින
 කටුසු විශේෂයක්
 වැසි වැටෙද්දී
 බාඳුරා මලක්
 සිංහරාජයේ තුරු ලතා