ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

ලෝකයේ අලංකාරම අකුරු සහිත භාෂාව සිංහල


පසුගියදා මැටඩෝර් නෙට්‌වර්ක්‌ නමැති විදේශීය වෙබ් අඩවිය මගින් ලොව පුරා භාවිත කරනු ලබන භාෂා වර්ග දහස්‌ ගණනක්‌ අතුරින් අලංකාරම අක්‍ෂර සහිත භාෂාවන් පහ නම් කරනු ලැබීය. එම ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂා වර්ග පහෙන් දෙවැන්න ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මවු භාෂාව වන සිංහල භාෂාවයි.

ශ්‍රී ලංකාවට පමණක්‌ සීමා වූ සිංහල භාෂාව ලොව අලංකාරතම භාෂාවක්‌ වශයෙන් නම් කිරීම එක්‌ අතකට අපට ආඩම්බර විය හැකි කරුණකි. ලොව දියුණු යෑයි සම්මත රටවල භාවිත කරනු ලබන සියලු ප්‍රධාන භාෂාවන් විශේෂයෙන්ම ජාත්‍යන්තර භාෂාව සේ සැලකෙන ඉංගී්‍රසි භාෂාව ද අභිබවාලමින් සිංහල භාෂාව ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂාව ලෙස මෙසේ නම් කරනු ලැබ ඇත.

මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය විසින් ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂාවන් පහ සේ නම් කරනු ලැබ ඇති භාෂාවන් වනුයේ පිළිවෙළින් මියන්මාරය හෙවත් බුරුමයේ භාවිත වන බුරුම භාෂාව, සිංහල භාෂාව, ජෝ(ර්)ජියාවේ භාවිත වන ජෝ(ර්)ජියානු භාෂාව, පිලිපීනයේ ටැගලොග් භාෂාව හා ඉන්දුනීසියාවේ හනකරකා භාෂාව යන භාෂාවන්ය.

මෙම ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂාවන් පිළිබඳව මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය මෙසේ සඳහන් කර සිටී.

1. බුරුම භාෂාව - මෙම භාෂාවට අයත් අක්‍ෂර මාලාව රවුම් හැඩැතිය. හින්දි හා ලතින් ලිඛිත භාෂාවන්ට වඩා බුරුම ලිඛිත භාෂාව ඉදිරියෙන් සිටී.

2. සිංහල භාෂාව - ලොව පවතින අතිශයින් දීර්ඝතම අක්‍ෂර මාලාව සහිත භාෂාව සිංහල භාෂාවයි. අක්‍ෂර 50 කට වඩා පැවැතිය ද සාම්ප්‍රදායානුකූල ලේඛනයේදී තවමත් නිරතුරුව භාවිත වනුයේ ඉන් අක්‍ෂර 38 කි. මෙම අක්‍ෂර මාලාව තවමත් බෞද්ධ පෙර පාසල් හා පාසල්වල උගන්වනු ලබයි. ශ්‍රීලංකාවේ මිලියන 21 ක්‌ වන ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි ජනගහනයකගේ මවු භාෂාව වන සිංහල භාෂාව වූ ශ්‍රී ලංකාවටම ආවේණිකව පවතින භාෂාවකි.

3. ජෝ(ර්)ජියානු භාෂාව - තුර්කිය හා රුසියාව අතර පිහිටි ජෝ(ර්)ජියා රාජ්‍යයේ භාවිත වන භාෂාවයි. පසුගිය සියවසක පමණ කාලය තුළදී රුසියානු මැදිහත් වීම මත ජෝර්ජියානු භාෂාව හා එහි අක්‍ෂර මාලාව තර්ජනයට ලක්‌ විය. අරාබි භාෂාව සිහි ගන්වන ජෝර්ජියානු අක්‍ෂර මාලාව ඉතා සරල වූ අක්‍ෂර මාලාවකි.

4. ටැගලොග් භාෂාව - (පිලිපීනය)
ඉන්දු - යුරෝපා ලේඛනවලින් පරිණාමය වූ අක්‍ෂර මාලාවක්‌ සහිත භාෂාවකි. වරක්‌ පහළ සිට ඉහළට ලිවීම සිදු කළ මෙහි අක්‍ෂර මාලාව වමෙහි සිට දකුණට ලිවිය හැකි අංශක 90 ක පරිමාණයෙන් නැවීමක්‌ සහිත අක්‍ෂර මාලාවකි. ස්‌පාඤ්ඤ භාෂාව පිලිපීනයේ නිල භාෂාව බවට පත්වූ පසු ටැගලොක්‌ භාෂාව අභාවයට යමින් පැවතිය ද එය සම්පූර්ණයෙන් අභාවයට ගොස්‌ නොමැත. තවමත් එම අක්‍ෂර මාලාව ලේඛනයෙහි භාවිත කෙරේ.

5. හනකරකා භාෂාව - ඉන්දුනීසියාව
ඉන්දුනීසියාවේ ජාවා දූපත ආශ්‍රිතව බිහිව ඇති ජාවා භාෂාවට අයත් හනකරකා භාෂාවෙහි ලේඛන අක්‍ෂර මාලාව අසල්වාසී දූපත්වලටද පැතිර ගොස්‌ පවතී. දෙවැනි ලෝක යුද සමයේ ජපන් ආක්‍රමණය හේතුවෙන් හනකරකා භාෂාව අභාවයට ගිය ද මේ වනවිටත් ඉන්දුනීසියාවේ මාර්ග සංඥවල ද එම භාෂාවෙහි අක්‍ෂර සඳහන් වන අතර රජයේ පාසල්වල එය තවමත් ළමුන්ට උගන්වනු ලබන අක්‍ෂර මාලාවකි. මෙම ලොව අලංකාරතම අක්‍ෂර මාලාවන් සහිත භාෂාවන් පහ ලේඛන භාෂාවේදී ආකර්ෂණීයම අක්‍ෂර මාලාවන් පවතින භාෂාවන් බවද මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ඒමන්ති මාරඹේ
අන්තර්ජාලය ඇසුරිනි