ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

මෞර්ය රාජවංශයේ බිඳවැටීම හා ලම්බකර්ණ වංශය මතුවීම


වැව් බැඳි දනව්වේ සුවිසල් රජමැදුරක රාජාසනය මත ඔහු ගාම්භීරව බලාසිටියේය. ඔහු බැහැදැක්මට එන අමාත්‍යවරු ඔහුට ආචාර සමාචාර දැක්වූහ. මේ සිදුවීම්දාමය දෙස බලා සිටි දොරටුපාල හයියෙන් හූ තලමින් සිනාසුනේය. ඉන් කෝප ගැන්වූ මහරජ දොරටුපාලව මරා දැමීමට අණ කළේය. ඒ කාලයේ මන්තලාවෙන් වැසීගිය මෞර්ය රාජවංශයේ ඛේදනීය අවසානය විය.
එනම් පාලකයන්ගේ අදුරදර්ශී ක‍්‍රියා, භික්ෂූ ගැටුම් හා විහිළුකාරයන් අතට රාජ්‍ය බලයට පත්වීම මත රටේ පාලනයට ක‍්‍රමයෙන් පරිහාණියට ගියේය.
මේ ආකාරයට කලක් සශ්‍රීකව පැවති වැව් බැඳි පුරවරයේ පරිහානිය එසේ සනිටුහන් වුවද ඊට හේතු වූ කරුණු කාරණා රාශියක්ද විය.
ඒ නිසාම ඒ නිහඬ අතීතයේ නටඹුන් පිරික්සීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධකර ගත්තෙමු.
ලංකා ඉතිහාසයේ දේවානම් පියතිස්සගේ සිට යසලාලක තිස්ස දක්වා ආ රාජවංශය මෞර්ය රාජ්‍ය වංශය හැටියට හඳුන්වනවා. (ක‍්‍රි.පු 250- ක‍්‍රි.ව 59 දක්වා* මේ රාජ්‍ය කාලයේ ලංකාවේ සිංහාසනය දැරූ මෞර්ය රාජවංශික ශ්‍රේෂ්ඨ පාලකයෝ බොහෝ වුණා. ඒ අතර දේවානම් පියතිස්ස,  දුෂ්ට ගාමිණි, වළගම්භා ආදී ශ්‍රේෂ්ඨ නරපතීන් ප‍්‍රධාන වෙනවා.
මෙවැනි ශ්‍රේෂ්ඨ නරපතීන් බිහිකළ මෞර්ය රාජ්‍ය වංශය අනුරාධපුර රාජධානියේ අගභාගය වනවිට පිරිහීමට ලක්වෙනවා.
එනම් ලංකාවේ සිංහාසනය විහිළුවක් බවට පත්වුණා. ඒ නිසාම යසලාලක තිස්ස රාජ්‍ය සමයේදී විහිළුවෙන් රාජ්‍ය බලය ලබාගෙන විහිළුවෙන් පරිපාලන කටයුතු කර විහිළුවෙන් ලැබූ වින්දනය හේතුවෙන් මෙරට සිංහාසනය වෙනකකු අතට පත්වුණා. එනම් විහිළුවෙන් ලැබූ ආශ්වාදයත්, බලය පිළිබද වූ කෑදරකමත් නිසා රාජ්‍ය බලය පරිහානියට පත් වුණා.
ඊට ප‍්‍රධානම හේතුව වුණේ දේවානම් පියතිස්සගේ සිට යසලාලක තිස්ස රජු දක්වා රජවරු බිහිකරපු රාජවංශය ලොකු අභියෝගයට ලක්කරමින් ලම්භකර්ණ වංශය රාජ්‍යත්වයට පත්වීම.
මේ බල අරගලය මත ලංකා ඉතිහාසයේ පුදුම සිදුවීම් කීපයක් වුණා. එනම් අමණ්ඩ ගාමිණි රජුගෙන් පසු (ක‍්‍රි.ව 22-31) රජකමට උරුමකම් කීමට ශක්තිමත් පිරිමියකු නොසිටීම තවත් හේතුවක් වුණා. ඒ නිසා මේ කාලයට පෙරාතුව රජ බිසෝවරුන් පවා රාජ්‍ය බලයට පත්වුණා. ඇතැම් අවස්ථාවල රාජ්‍ය බලය කිළුටු වුණා. අන්තිමට එය විහිළුවක් බවට පත්වුණා.
ඒත් මේ කාලයට ප‍්‍රථම සමෘද්ධිමත් පාලකයකු වූ කූටකන්නතිස්ස රජුගේ රාජ්‍ය කාලය පිළිබදව කතාකළ යුතුයි. ඒ කියන්නේ එම වකවානුවේ රට වැසියා සෞභාග්‍යමත් ජීවිතයක් ගතකළා. මේ රජුගේ කාලයෙන් පසුවත් රජවරු හතර දෙනෙක් රජකම් කළා. එනම් කූටකන්නතිස්ස, භාතිකාභය, අභය, මහාදාටික මහාභය, අමණ්ඩගාමිණී වැනි රජවරු රට සාමයෙන් සෞභාග්‍යයෙන් ආඪ්‍යකළා. මේ රාජ්‍ය කාලයේ පරසතුරු උවදුරු ඇතිවූයේ නැහැ. ජනතාවට පිඩාකරන අභ්‍යන්තරික වියවුල් ඇතිවූයේ නැහැ. මේ නිසා බොහෝ වැසියෝ උත්සව පවත්වමින් සතුටින් කාලය ගතකළහ. මේ කාලයේ පැරණි විහාරාරාම ආරක්ෂා වුණා. ආහාර නිෂ්පාදනය වුණා. වැව් අමුණු සැදුවා. රටවැසියාට සුඛිත මුදිත ජීවිතයක් ලබලා දුන්නා. මේ කාලයේ රජවරු පිහිටුවූ සෙල්ලිපි බොහෝ ප‍්‍රමාණයක් විවිධ තැන්වලින් හමුවී තිබෙනවා. මේ කාලයේ අනුරාධපුරයේ පළාත්වගේම රුහුණේත් පැවති ක‍්‍රමික පාලනය පිළිබඳ සඳහන්වෙලා තියනවා. මේ කාලයේ රජවරු පෙනීසිටියේ රණශූරයෝ විදියට. මේ රජවරු රටවැසියන් තමන්ගේ දරුවන්කොට සැලකුවා. ඒ නිසාම රාජ්‍යයට පරසතුරු උවදුරු ආවේ නැහැ.
තමන් වෙනුවෙන් සුවිශාල ස්මාරක නිර්මාණය කළා. ඒ කාලයේ රටවැසියා සැනසිලිදායක හා ප‍්‍රීතිදායක ජිවිතයක් ගතකළ බව මහා වංශයේ සඳහන් වෙනවා.
ඒ වගේම අමණ්ඩ ගාමිණී රජතුමාගේ කාලයේ ප‍්‍රාණඝාතය තහනම් කර රාජාඥා නිකුත් කර තිබුණා. තිරිසන් සතුන්ට අභයදානය දී නිදහසේ ජිවත්වීමට සැලැස්වුවා.ඒ වගේම තමන්ගේ බිරිද, දරුවෝ, ස්වස්තික හස්තියා ශාසනයට පූජාකළ රජවරු හිටියා. මේ කාලය වූයේ මෞර්ය රාජවංශය විනාශවීම අවුරුදු 70 ට පමණ කළින්. මේ කාලයෙන් පසුව රජකළ අමණ්ඩගාමිණි රජුගේ, කණිටු සොහොයුරා වූ කණුරාජතිස්ස කුමරු (ක‍්‍රි.ව 29x32* අමණ්ඩ ගාමිණී රජු ඝාතනය කරනවා. පසුව කණුරාජතිස්ස රජබවට පත්වෙනවා. මේ කාලයේදී මිහින්තලේ සිටි සංඝයා වහන්සේලා අතර නොයෙකුත් බේද ඇතිවෙනවා. සමහර සංඝයා වහන්සේලා රාජ්‍යයට උපදෙස් දෙනවා වෙනුවට යුක්තිය හා සාධාරණය නොසලකා කටයුතු කරනවා. මෙය රාජ්‍යත්වයට අහිතකර ලෙස බලපෑවා.
ඒ නිසා රජතුමා මිහින්තලේ සිටි සංඝයා වහන්සේලාට දඬුවම් කළා. ඒ ආකාරයට රාජ්‍යත්වය ටිකෙන් ටික පරිහාණියට පත්වූ අතර එය මෞර්ය රාජවංශයේද පරිහානිය වූවා. කණුරාජතිස්ස රජුගේ කාලයෙන් පසු අමණ්ඩ ගාමිණි රජුගේ පුත් චූලාභය රාජ්‍යත්වයට පත්වුණා. ඔහුගේ ඇවෑමෙන් පසු ඔහුගේ සොයුරිය වූ සීවලි කුමරිය රාජ්‍යත්වයට පත්වුණා. මේ කාලයේ ශක්තිමත් පාලනයක් සඳහා අවශ්‍ය ශක්තිමත් පිරිමියකු සිටියේ නෑ. ඉන් අනතුරුව සීවලි රැුජින නෙරපාදමා අමණ්ඩ ගාමිණි රජුගේ සොයුරු ඉලනාග රජකමට පත්වුණා.
මේ ක‍්‍රි.පූ. 31 සිට 65 වනතෙක් අවුරුදු 29 ක කාලපරිච්ෙඡ්දයේ පුදුමසහගත සිදුනොවිය යුතු සිදුවීම් සමූහයක් සිදුවුණා.
එනම් මෞර්ය රාජවංශයෙන් හිටපු බලසම්පන්න රජකෙනෙක් ඉලනාග රජතුමා. ඒත් ඔහුට සිදුවුණා බලයට පොරකන තවත් රාජවංශයක් සමග සටන් වැදීමට. ඒ ලම්භකර්ණ වංශය. මේ නිසා ඉලගාන රජුට විරුද්ධව ඔවුන් විවිධ කූඨ උපාය යෙදුවා. ඉතිහාසයේ පළමුවතාවටයි ලම්භකර්ණ රාජවංශය පිළිබඳ ඉලනාග රජුගේ කාලයේ කතාකිරීම ආරම්භ වන්නේ.
මේ ලම්භකර්ණ වංශිකයෝ රජ මාළිගාවේ ලොකු තනතුරක් දරපු කුලයක්. ඔවුන් ඉන්දියාවේ සිට බුදු දහම ගෙනඒමේදී ආව අය.
ඔවුන් ලැමගී කියන නාමයෙන් (ලියන්නා) හැඳින්වූ ශ්‍රීමාබෝධියේ වාර්තා ලියූ කුලයක් ලෙස ඇතැම් ඉතිහාසඥයෝ හඳුන්වාදී තිබෙනවා.
මොවුන් උසස් පංතියක් ලෙස රාජ්‍ය බලයට සම්බන්ධ වුවත් ඔවුන්ට රාජ්‍යත්වයට හිමිකම් කියන්න බැරිවුණා. ඒත් මෞර්ය වංශික කාන්තාවන් හෝ දුර්වල රජවරු රටේ පාලනය ගෙනගිය අවස්ථාවන්වලදී රටේ පාලනය අතට ගැනීමට මොවුන් කටයුතු කළා.
මෙහි ඇති විශේෂම කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි. එනම් ඉලනාග රජුගේ අභිෂේකයෙන් පසු තිසාවැවේ ජලස්නානය සඳහා පිටත්වීම සිරිත් පරිදි කළා. ඒ අවස්ථාවට රාජ්‍යයේ සිටි සියලූම උසස් නිලධාරින් හා වැදගතුන් සම්බන්ධ වුණා. ඒත් ඉලනාග රජු තිසාවැවේ ජලස්නානය කර ආපසු එනවිට ලම්භකර්ණ වංශිකයන් එම අවස්ථාවට සම්බන්ධ වී නැතිබව දැනගෙන තදින් කිපුණා. එමනිසා ලම්භකර්ණ වංශිකයෝ නොපෙනීමට හේතුව විමසුවා. එහිදී ඔවුන් රජුට කළින් නගරයට ගිහින් හිටිබව දැනගන්න ලැබුණා.
මේ පිළිබද කේන්තියට පත් රජු ලම්භකර්ණ වංශිකයන් ගෙන්වා රුවන්වැලි මහා සෑයට යන පාර සුද්ද කිරීමේ වැඩ කටයුතුවලට යෙදෙව්වා. ඒ අය පරීක්ෂාකිරීමට කුලයෙන් පහත් චංඩාලයන් පත්කළා. මේක ලම්භකර්ණයන්ට කළ අපහාසයක් ලෙස සැලකු ඔවුන් ඉලනාග රජු මාළිගාවේ සිරකළා. ඒ නිසා ඉලනාග රජුගේ බිළිඳු දරුවාද ලම්භකර්ණයන් මරාදමාවී යන බියෙන් ඔහුගේ බිරිද පසුවුණා. ඒ නිසාම රාජ්‍ය බිසව එම පුංචි කුමාරයාට විසිතුරු ඇඳුම් අන්දවා ලම්භකර්ණයන්ගෙන් මියයනවාට වඩා මගුල් ඇතාට පෑගී මියයාම යහපත් ලෙස සලකා ඇතා එන පාරේ සැතපුවා.
ඒත් ඉලනාග රජු සහ ඔහුගේ පුත්කුමරා වැටී සිටි කරදරය තේරුම්ගත් මඟුල් ඇතා බිළිඳා පිට උඩ නන්වාගෙන රජු සිරකර සිටි සිරකුටිය ළඟට ගියා. එහි බිත්තිය බිඳ රජු බේරාගෙන මහාතිත්ත නැමති නැව්තොටට ගෙනගියා. එහිදී රජු ඇතුළු පිරිස ඉන්දියාවට පිටත් වුණා. මේ ආකාරයට සිය ස්වාමියා බේරාගත් හස්ති රාජයා පසුව කඳුකර වනාන්තරයට ගියබව මහා වංශයේ සඳහන් වෙනවා.
මහාතිත්තයෙන් නැව්නැගි ඉලනාග රජු අවුරුදු තුනක් ඉන්දියාවේ වාසය කර පළමු වතාවට දකුණු ඉන්දියාවෙන් යුද උපකාර ලබාගෙන ලංකාවට එනවා. දේශපාලනය සඳහා වෙනත් රටකින් ලංකාවට ආධාර ලබාගත් පළමු අවස්ථාව මෙය වෙනවා. පිටරටක සෙබලූ යුද්ධයකට සම්බන්ධ කරගත් පළමු සිංහල රජුද මොහු වූවා.
ඊටපසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ඉලනාග රජු ඒ ඔස්සේ රුහුණට ගමන් කර ලාංකීය සෙබළුන් සේනාවට එකතුකර හමුදාවේ ශක්තිය වැඩිකර ගන්නවා.
රුහුණේ කාලයක් සිටි රජු ලම්භකර්ණයන් සමඟ හංකාරපිටිය කියන ස්ථානයේ සටන්කරනවා. එම සටනින් ජයගත් ඉලනාග රජු ඔහුට විරුද්ධ වූ ලම්භකර්ණයනට දඬුවම් පැමිණවූවා. පසුව ඔහුගේ මංගල රථය ජයශ‍්‍රීයෙන් ඇදගෙන යාමට ලම්භකරණයන් යෙදවූවා.
ඔවුන්ගේ නාස්, පා, ඇඟිලි කපාදැමූ බව මහා වංශයේ කියනවා. පසුව රාජධානියේ ප‍්‍රබෝධය වෙනුවෙන් කටයුතු කිරීම රජු ආරම්භ කළා.
ඉලනාග රජු ඒ ආකාරයට වසර හයක් රජකම්කර මියගිය අතර ඔහුගේ පුත් චන්දමුකශිව මීළඟට රාජ්‍ය බලයට පත්වුණා. ඒ ක‍්‍රි.ව 45-52 වනතෙක්. වසර හතක් රජකළ මොහුගේ බිරිද දමිළ කුමාරිකාවක්. චන්දමුකශිවට දමිළ කුමාරිකාවක් සරණපාවා ගැනීමට සිදුවුයේ ලම්බකර්ණයන්ට විරුද්ධව සටන්කිරීමට දකුණු ඉන්දියාවෙන් යුද ආධාර ගැනීම නිසා.
මේ රාජ්‍ය කාලයේදී මහා විහාරයේ ප‍්‍රධාන ස්ථවිර වහන්සේගේ ඇස් අන්ධවෙලා සිටිබව අටුවා කතාවේ සඳහන් වෙනවා. චන්දමුකශිව රජු සිය කැමැත්තෙන්ම යම්කිසි දෙයක් කරනවා. ඒ මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා පිඩුසිඟා වඩිද්දි සර්පයකුමෙන් ගොස් අර හිමිනමගේ කකුලෙන් ඇල්ලීම. ඒ වෙලාවේ තෙරුන් වහන්සේ ඒ කවරෙක්දැයි ප‍්‍රශ්න නගනවා. එහිදි රජු ‘‘ස්වාමිනි මම තිස්ස’’ ලෙස ප‍්‍රකාශ කරනවා. ඒ වෙලාවේදි ස්වාමීන් වහන්සේ,
‘‘මට රජකෙනෙක්ගේ අතේ සියුමැලි බව තේරෙනවා. ඒ නිසා මට සුගන්ද මාරුතයක් හමන්නාක් මෙන් දැනීගියා.’’ ලෙස පවසමින් රජුට ප‍්‍රසංශා කරනවා.
මේ වෙලාවේදි රාජ්‍යත්වයත් ශාසනයත් අතර තිබුණේ කෙබදු සබඳතාවයක්දැයි අපට පෙනීයනවා. මේ රජුගේ කාලයෙන් පසු රාජ්‍යයට පත්වන්නේ යසලාලක තිස්ස (ක‍්‍රි.ව 52-59). යසලාලක තිස්ස රජ සමය විහිළුකාරයන්ගේ රාජ්‍ය සමයක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. හේතුව ශාසනය හා රාජ්‍යත්වය යන දෙකම පරිහාණියට පත්වීම.මේ රජු මෞර්ය රාජ වංශයේ අන්තිම රජු බව මහා වංශයේ සඳහන් වෙනවා. ඔහු විහිළුවට කැමති රජකෙනෙක්. ඒ නිසා ප‍්‍රතාපවත් රජකෙනෙක් වීමට ඔහුට නොහැකිවුණා. සිංහාසනය හොබවන්නට සුදුසු දේ ටික ටික ගිලිහිලා ගියා.
යසලාලකතිස්ස රජුගේ රූපයට සමාන රූපයක් ඇති දොරටුපාල කෙනෙක් ඔහුට හිටියා. ඔහු විහිළුවට කැමති නිසා දොරටුපාලයා සමග විහිළුවක් කළා. එනම් ඇදුම් පැළදුම් මාරුකරගෙන රජු දොරටුපාල ලෙසත්, දොරටුපාල රජු ලෙසත් පෙනී සිටියා. මේ අවස්ථාවේ ඇමතිවරු රජු ලෙස සිතා දොරටුපාලට වඳින හා ආචාරකරන ආකාරය බලාසිට රජ විනෝදවීමට පුරුදු වුණා. මෙහිදී තමාගේ ඉල්ලීමකින් තොරව රාජ්‍යත්වයට පත් වී ගරුබුහුමන් ලැබීමට ලැබුණු මේ අවස්ථාව පිළිබඳ සබ්බ හෙවත් සුබ දොරටුපාලයා සතුටු වුණා. බලය පිළිබඳ ඇති ආශාව ඔහුටත් ඇතිවුණා.
ඒ අනුව දවසක දොරටුපාල රජු ලෙස වෙස්ගෙන සිංහාසනාරූඩ වී සිටින විට දණ්ඩ නමස්කාර කරන ඇමැතිවරුනට සිනාසෙන දොරටුපාල ලෙස සැරසී සිටි යසලාලක තිස්ස රජු මරණයට පත්කිරීමට නියෝග කළා. ඒ ආකාරයට රාජ්‍යත්වය විහිළුවට ගැනීම නිසා සැබෑ රජු මියගිය අතර රජු වෙස්ගත් දොරටුපාලයා වසර හතක කාලයක් රාජ්‍යත්වය දැරුවා (ක‍්‍රි.ව. 59-65).
මේ සිදුවීම නිසා මෞර්ය රාජවංශය ලංකා දේශපාලනයෙන් හමාරවුණා.
මේ ආකාරයට අනුරාධපුර රාජධානියේ හා මෞර්ය රාජවංශයට කණ කොකා හැඬීම සිදුවූ අතර රාජ්‍ය පාලනයේදී ඇති වගකීම පිළිබද අපූරු සමාලෝචනයක් එම රාජ්‍ය කාලයත් සමග එසේ ගැලපුණා.
2014 නොවැම්බර් මස 24 | ලංකාදීප කර්තෘ මණ්ඩලය