ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි.

Preview

ලංකා ඉතිහාසය



Powered by දහම් විල


Powered by දහම් විල


Powered by දහම් විල


Share this page
Powered by දහම් විල

රජගල තැන්නේ යටගියාව මතුවේ

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා  ඒකකය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාර රජගලතැන්න ආරණ්‍ය සේනාසනයේ කරන ලද කැණිම් වලදී පුරා අවුරුදු  2000 ක් ඉපැරුණි ශිලා ලිපියක් සොයා ගත් බව   ශී‍්‍ර ජයයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකයේ මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකය දැනට වසර එක හමාරකට පෙර රජගලතැන්න පුදබිමේ කැණීම් ආරම්භ කළේය.
එම කැණීම් වලදි හමුවු මෙම ශීලා ලිපිය ඉතා වැදගත් එකක් බව ද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.
දැනට රජගලතැන්න පුදබිමෙන් ශීලා ලිපි 80 ක් පමණ සොයා ගෙන  ඇත.  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ  එම ශීලා ලිපි අනුරාධපුර යුගයට අයත් බවයි. ඒ ශීලා ලේඛන අතර ලෙන් ලිපි, පුවරු ලිපි ,ගිරි ලිපි,ටැමි ලිපි,ද තිබිණි.
ශී‍්‍ර ජයවර්ධනපුර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ වලදී සොයාගත් මෙම ලෙන් ලිපිය එක අකුරක් අඩියක් පමණ වීශාල අතර මෙම ශීලා ලිපිය අඩි 15 ක් පමණ දිගට ඇත.මෙම ශිලා ලිපිය කිස්තු වර්ෂ පළමුවැනි සියවසේ ලියැවුණු ශිලා ලිපියක් බවද මහාචාර්යවරයා පැවසීය.
එම ශිලා ලිපිය
ගමික යසොපල පුත ගමික මල් බරිය
ගමික වස ක්‍ෂිත උපාසික අනුරධිය සගස
එම ශිලා ලිපියේ තේරුම
‘ගමික යසෝපාලගේ පුත‍්‍ර ගමික මලිගේ බිරිද වුද ගමික වසගේ දියණිය වු උපාසිකා අනුරාධාගේ ( ලෙන) මෙම ශිලා ලේඛනය පොළව මටිටමේ සිට අඩි 20 ක් උඩින්   ගල් කටාරමට පහලින් සටහන් කර තිබේ.
මෙම ගවේෂණ වලදී ගලක් උඩ ගල් පතුරු වලින් බිත්ති සකස් කර එහි උඩට ගල් ලෑලී තබා සකස් කරන ලද සුවිශේෂ ගෙයක්ද හමුව ඇත. මෙම කුටිය භාවනා සදහා යොදා ගන්නට ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පැවසීය.
මෙවැනි කුටි කීපයක් මෙම ස්ථානයේ තිබි ඇති අතර ඉන් කීපයක් කැඩී ගොස් එවායේ නටබුන් ඒ අවට තිබෙන බවද මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් මෙම ගවේෂණ ආරම්භ කිරීමෙන් පසුව අලූත් පුරාවිද්‍යා ස්ථාන 138 ක් සොයා ගෙන ඇත එම සොයා ගැනීමත් සමගම රජගලතැන්න පුදබිමේ පුරාවිද්‍යා ස්ථාන 700 සොයාගෙන ඇත.2019 වර්ෂය දක්වා මෙහි කැනීම් කටයුතු සිදුකරන බවද පැවසීය.
2014 මාර්තු මස 04  | . , වසන්ත චන්ද්‍රපාල